Monday, June 3, 2013

===මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී===


.
මේ අයිය ඇහුනද මම ආස නෑ ඔයා ලියන ඒවට...
(ඈ බොහෝ දිනවල බොහෝවිට මට චෝදනා කරන්නීය )
ඇයි ඒ.. ඔයා එහෙම කිය්නනෙ.. මොකෝ කෙල්ලො කැමති නිසාද !
අපෝ නෑ..
එහෙනං..
මම ආස ඔයා අර පුතෙක් හදන විදිහ කිවුවෙ !අන්න ඒකට..
ආහ් ඒමද.. හැබැයි මම ඒ කිවුවෙ ඔයාට නෙවේ..
ඔවු ඒක මං දන්නව අයිය ලිය්නන‍ෙ මට නෙවේ වෙන අයට කියල.. ඒත් මම ආස අයිය ලියන සමහර ඒවට විතරයි... !
හ්ම්.... මම දන්නව නංගි.. ඉතින් ම මොකද කරන්න ඕන අනික්ව ලියන එක නවත්වන්නද නැතිනම් ඔයා කැමති ඒව විතරක් ලියන්නද.. ඉතින ්මම කෝමද දන්නෙ මම ලියන ඒවයින් ඔයා කැමති ඒව.. එතකොට මට හැම එකක්ම ඔයාට ඉස්සෙල්ල පෙන්නල ඉන්න වෙනව...
ඔන්න ඔන්න ඒකනෙ පණ්ඩිතයිනෙ මෙයා... ! එහෙම නෙවේ ඉතින්.. අනේ මන්ද.. මම කිවුවෙ මම ආස එක.... මට හිතුණ එක...
මෙහෙමනෙ සුදු නංගි... ඔයා දැකල තියෙනවද දේදුණු..
ඔවු.. මම හරි ආසයි..
ඉතින් ඔයා හිතන්න මේ අයියත් දේදුන්නක් කියල.. දේ දුන්නට පාට හතයි...
ඒව එකින් එකට බැඳල තියෙන්නෙ... ඒ පාට එකට තියෙන නිසා තමා දේදුන්න ලස්සන.. ඒ පාට වෙන වෙනමම තිබුනාම ඒක දේදුන්නක් වෙන්නෙත් නෑ මිනිස්සු ආසත් නෑ..
අයියත් දේදුන්නක් කියල හිතන්න නංගි... අයිය ගාවත් එක එක දේවල් තියෙනව.. එක එක විදිහෙ..
සමහර විට මිනිස්සු දේදුන්නෙ සමහර පාට වලට ආස නැතිව ඇති.. සමහරු පාට දෙකකට නැතිනම් තුනකට විතරක් කැමති ඇති.. ඒත මොනව කරන්නද දේදුන්න කිය්නනෙ පාට 7ක එකතුවක් නෙ නංගි... එක පාටක් වත් අයින් කරන්න බෑ..
මේ අයියත් එහෙමයි .. අයියගෙ අකමැති දේවල් ඇති ඔයා .. වගේම වෙන මිනිස්සුත්.. ඒ වගේම මට ඒ එ ්අකමැති දේවල් අයින කරන්නත් බෑ මොකද මහරු එුවට කැමතියි...
අපො හරි හරි හෙනම මෙවුවයි මෙයා දැන් පණ්ඩිතය...
අනික මම දන්නවනෙ ඔයාගෙ තේරීම් ගැන..
ඇයි ඇයි මොකෝ මම තෝරණ ඒව වැරදි ද !
අපි ඒ ගැන කතා නොකර ඉමු නේද මගේ නංගියො...
මේ එන්නෙපා හොදේ ..! ඔයත් මගේ තේරීමක් තමයි හරිද.. වැඩිය කෑ ගැහුවොත් පුම්බල උඩ අරිනව...
( පුම්බන්නේ කෙසේ දැයි ඇසීමට සිතක් පහල වූ වත් ඒ ගිල ගතිමි )
ආ ඇති ඇති.. ඔයා අකමැති මම ලියන ඒවට මිසක් මට නෙවේනෙ.. ඒකට කමක් නෑ..
අන්න අනන් ඒක හොද පොයින්ට් එකක් මට..
ඒ ඇයි..දැන් බලන්නකො ඔයා හැමදාම මේ ෆේස්බුක් එකේ කෙල්ලො ගැන මට කියවනව... ඒ අය ආස මගේ කවි වලට ! මගේ කතා වලට මිසක් ! මට නෙවේ.. ඔයා එහෙම නෑනෙ ඔයා කැමති මට....
ආ ඇත්තද.... ! එහෙනම් මොකෝ දන්නෑ එයාල ඔයාගෙ පින්තූර වලට ලයික් දාන්නෙ..
දාන්නෙ.. දාන‍නෙ නේද.. ම්..... සමහර විට එයාලට මාව අර දෙමළ නළුව "ධනුෂ්" වගේ පේනවද දන්නෙ නෑ.. මොකද ඒ කවුරුවත් මාව ඇත්තට දැකල නෑනෙ...
අඩ්ඩඩ්...ඩා.... මේන් අයිය ගිය දුර.. හිතේ ඇති .. නලුවවගේ කියල හුහ්... කැලේ හිටිය වානරයව යංතං මනුස්සයෙක් කලේ මං.........

 == කුමරියක පා සළඹ සැලුනා
වසා සිටි නෙතු පියන් ඇරුනා
කුමරි බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුණා==

........ හ්ම් ඒක ඇත්ත නංගි.. කැලේ වානරයෙක් වගේ ඔහේ හිටිය මාව මනුස්සයෙක් කලෙ ඔයා.. හැබැයි ඒ මනුස්සයව ඇයි දෙයියනේ මේ තරම් පිස්සෙක් කලේ ....!!!
-කුරුළු---

No comments:

Post a Comment