Saturday, June 8, 2013

=== ජාතක කතා පොත == කථාංග 01

.
පෙර එක් භවයකදී අප මෙසේ වූහ.....
.
කන්ද උඩරට ගරා වැටුණු පන්සලක් විය.. එහි වෙසෙන වයෝවෘද්ධ හිමි නමකි.. වයස මුත් පෙනුමෙන් තරුන වූහ.. පින් වත්ය .. පින් බරය... මේ පන්සලට නිතර එක් රැස් වෙන පිරිසක් වූහ.. ඒ වික්‍රමආරච්චි මහතාය... රජයේ රාජකාරි අවසන් කොට විශාමික දිවියක් ගත කරන හෙතෙම නිතර නිතර පන්සල ආශ්‍රිතව ජීවත් වෙයි... තමාගේ අවසන් කාලයේදී පින් දහම් කිරීමටත් පන්සලේ වැඩ හිදින හාමුදුරුවන්ගේන් දහම් කරුණු අසා ගැනීමත්  දෛනික ජීවතයේ කටයුතුය... වයසින් හාමුදුරුවන්ට මාස කිහිපයකින් අඩු වණත් උන්වහන්සේ වික්‍රමආරච්චි මහතාව හදුන්වන්නේ "අයියා " ලෙසිනි... වික්‍රමආරච්චි මහතාත් ඔහුගේ බිරිඳ ගෝතමීත් මේ පන්සල ගොඩ නැගීමට උර දුන්නෝ වෙති.. ‍කරදඩු උස්මහත් වූ පස් ළමෝ දුර බැහැර පදිංචි වී ඇති නිසා.. කොළඹ ජීවිතය අතැර මේ දුෂ්කර පන්සල ආශ්‍රයට පැමිණ ඇත්තේ තරුණ වියේදී මේ හාමුදුරුවන් හා තිබුණු බැඳීම නිසාවෙනි.. එකලද මොවහු මෙහිමියන් සමඟ බොහෝ කල්‍යාණ මිත්‍රයන් ව විසූහ..
*******
තම තරුණ කාලයේදී රටින් පිට විදසේ රටක සේවය කල දීපිකා වලිසිංහ උපාසිකා මාතාවද මේ පන්සල ළඟම එහා පැත්තේ ජීවත් වන තවත් පිනැත්තියෙකි.. තරුණ වියේදීම තමන්ගේ හෙදියක ලෙස ලැබූ චිත්ත සන්තානය හා චිත්ත සමාධිය නිසාවෙන් ද මේ හාමුදුරුවන් කෙරෙහි උපන් දයානුකම්පාවෙන්ද ඇයද මෙසේ මේ විහාරස්ථානයට නිතරම යන එන තැනැත්තියකි... උපතින් ඇයද මේ හාමුදුරුවන්ගේම වයසේ වුණත් මඳක් බාලය... කාව්‍ය කරණයේ හා නිර්මාණකරණයේ තරණ වියේදී නියැලී සිටියද ලෞකික සැප ගැන එතරම් නොසිතන ඈ දැන් දැන් මේ සසර කෙටි කරන හැටි ගැන කරුණු හාමුදරුවන්ගේන් අසා වැඩි දියුණු කර පත්තරවලට ලියන්නීය... විමූ නම් මහතෙකු හා විවාව වූ අතර ඔහු ගැන නම් මා වැඩිමනත් විස්තර කීමට තවම නොදනිමි...
නිවාඩු හැම වේලාවේම පන්සලට පියනගන ඇය පන්සල සුද්ධ පවිත්‍ර කරන්නීය.. කාගෙන්වත් ඇසීමක් නැත.. තමන්ගේ වාගේ පිරිසිදු කරන්නීය.. දරුමල්ලන් සිටිතත් මැයටද ඇත්තේ කලින් කී වික්‍රමආරච්චි මහතාට ඇති හාමුදරුවන් කෙරෙහි ඇල්ම මය.... එනිසා ඕ ද මෙහිම රැ‍‍දෙන්නීය
********
මේ පන්සලට නිතර එන අනෙක් තැනැත්තා වන්නේ ගමගේ මහතායි.. පිටරටක සේවය කරන තරුණ කාලයේදී මේ තිදෙන හා කුලුපගව මිතුරු වී ඇති මොහුද සාහත්‍ය හා රසවින්දනයෙන් ඉතා උසස් ගතිගුණ හෙබි අයෙකි.. වයසට ගියත් අතමිට සරු හෙතෙම හාමුදරුවන්ට නිතර පොත් පත් තෑගි කරයි ඒ පමණක් නොව ඒ ඒ කරුනු ගැන තරුණ කාලයේදී මෙන්ම තර්ක විතර්ක ඉදිරිපත් කරයි... කොණ්ඩයේ කලු පැහැ මඳක් හෝ ඉතිරිව ඇත්තේ මොහුගේ පමණි.. ගෞකික හා ලෝකෝත්තර ලෝක දෙ අතර සමව පවතින මොහු නිතර ජාතික ඇඳුම අදින්නට ප්‍රිය කරයි...
*********
හාමුදරුවන් ගැන නොකියාම බැරිය... උන්වහන්සේ මේ පුරුක් එකතු කරන දම්වැලය.. කව්‍ය නිර්මාණයේ හා ලේඛනයේ දස්කම් ඇත්තෙකි. මාද උන්වහන්සේගේ ලියමන් කිහිපයක්ම කියවා පැහැදුනෙමි.. තරුණ කාලෙයේ දී පවා නිහඩ චරිතයකි... තරුණ වියේදීම පිනට ලැදිය.. විවාහ වීමේ බලාපොරොත්තුව තරුණ වියේදීම අතහැර ධර්මය පිළිබඳ අවබෝධයකින්ම සසුන් ගත වූවෙකි... එදවස පටන්ම ‍වැඩි මහත නැති සරීරයට හිටිකම් කී ඔහු එය නඩත්තු කිරීමට වඩා මනස නඩත්තුව ගැන වෙහෙසුනෙකි.. මේ ඇතිය
********
කතාව මෙසේය.. සසර බැඳීමිකි.. තරුණ වියේදී  එකල බො සෙයින් ජනප්‍රිය වූ ෆේස්බුක් හි මොවුන් සිවු දෙන මිතුර වූහ.. නිතර නිතර කාතා බස් කලහ .. මූණු නොදැක්කත් සහෘද වූහ... කිසි දිනක අරේවක් ඇති කරගෙන නැත.. නිර්මාන රස විදීම හා නව නිර්මාණ උපැද්දවීම ගැනම කතා කරළහ.. සමාජයට හයපතක්ම උදා කරන අයුරු දිවැසින් මෙන් දුටුහ....
එකල හාමරුදුවන් සසුන් ගත වී නොසිටියත්.. බොහෝ විට දහම් කරුණු මේ අය සාක්ච්ඡා කලහ.. ඒද පෙර භවයේ බැඳිමකි....
*********
පුර පසලොස්වක පොහෝ දිනවල පන්සලට පැමිණෙන උවැසි උවැසියන්ට මෙම සිවුදෙනගේ සංවාදයක් අනාවාරයෙන්ම දැකිය හැක... පන්සල විහාර ගෙයි ඉදිරියේ කොරවක් ගල ලග ඉඳගන්නා හාමුරුදුවන් ට පහලින් පඩිපෙලවන් වල අනෙත් තිදෙන අසුන් ගැනීම ගමම ගනී... මේ තිදෙන හා දොඩමලු වෙන ගමන් අනික් ගමේ අය හා සිනා සී හෝ බැලීමටද හාමුදරුවන් අමතක නොකලේය.. ඒ උන්නාන්සේගේ හැටිය....
වික්‍රමආරච්චි මහතා තමා තරුණ කාලෙය් රජයේ සේවය ගැන කියන අතර ඒවායින් ලබා ගත් අත්දැකීම් විස්තර කරයි.. අනෙක් දෙදෙනාත් එසේමය.. වලිසංහ උපාසිකාව නම් කොහෙන් හෝ තමාට ලැබෙන නිර්මාණයක් ගෙන තවමත් ඒ ගැන විචාරන්නීය.. හාමුදරුවන් බොහෝ විට නිහඩව සොම්නමින් මොවුන් තිදෙන දෙස බලා සතුටු වෙයි...
**********
මේ සිවුදෙන බොහෝවිට දැන් කතා කරනුයේ නිර්මාණ ගැනවත් කවි ගැනවත් රජය ගැනවත් අනුන් ගැන නොව "තමා ගැනය".. ධර්මාවබෝධය ගැනය... මෙසේ බොහෝ කල් සසර එකට පැමිණ ඇති බව මොවන් අවබෝධ කර ඇත.. ලබන්නාවූ භවයේත් මෙසේම මේ සිවු දෙන එකට හිදිනු ඇත.. සිවු දෙනගෙන් කෙනෙක් නිර්වාණය සාක්ෂාත් කර ගත් දාට අනික් අයට නිවන් දොරටු හැර ගනු ඇත...
සත්ත්ය මේ සැබැවින්ම සසර බැඳීමකි....
**********
මෙකල වික්‍රමආරච්චි මහතා එකල Leelanath Wickrama Arachchi මෙකල දීපිකා වලිසිංහ උපාසිකාව එකල දිනිති දීපිකා මෙකල ගමගේ මහතා එකල Jayamal Shamintha ය... මෙකල හාමුරුදරුවෝ එකල Kurulu Niskalanka ය
==========================================
පළමු වෙළුම නිමි ...
--කුරුළු--

No comments:

Post a Comment