Thursday, June 27, 2013

ජීවිතේ සුන්දරද මෙතරම් !!



සිද්ධිය වුනේ මටයි අප්පච්චීටයි ය.... වෙසක් කිට්ටු දවසකය..
අපි දෙදෙනා ගෙදර ඉදිරි පස ගේට්ටුව ලග පස් ටික මට්ටම් කරමින් සිටියෙමු...
එක්වරම අප්පච්චි..
" ඒ අර බලනව අර පොඩි උන් දෙන්න ..
-කෝ අම්මා... උන් දෙන්න මොනවද ඒ අර අරන් එන්නෙ... උන බට නේද..
( අපෙ පාර ඈතින් පෙනෙන නොපෙනෙන මානයේ කොලු පැටවු ඡායාවන් දෙකකි.. උණ් බැරි බැරි ගාතෙන් උන බට මිටි බිම දිගෙ ඇදන් එති )
= ඔවු උණ බට නේනනම්.. අප්පෝ මොකටද අප්ප මෙච්චර ගොඩක්....
- මුන්ට පිස්සු මේ මහ දවල් .. දෙන්නම කොට කලිසම විතරයි.. පවු අප්පච්චි උන් පිච්චෙනව ඇති...
== හහ හහ් හහ් එහෙම තමයි පුතේ ඔය වයසට ඔය ඉතින් වෙසක් කූඩු හදන්නනෙ.. දෙන්නත් එක්ක.. පුංචි කාලෙ හරි සුන්දරයි.. මතකනෙ ඔයත් ඉස්සර.. දැන්නෙ මේ වෙලාවක් නැත්තෙ..
- වෙසක් කූඩු හදන්න මෙච්චර ගොඩක් ?? අනෙ ්මන්ද මුන් කූඩු කීයක් හදන්නද කියල...
= අපො හදයි.. බලන්නකො අර කලිසමත් උස්ස උස්ස ඇදන් එන හැටි ඇද ඇද පවු නේ...
- බලන්නකො අර කඩේ ලග ඉදන් ලයිට් කනුව ගාවට එනකොට උන් දෙපාරක් නතර වුනා .. අන්න අන්න එකෙක් බනිනව අනිකට මරු ඈ...
= හොදයි අපි මෙතනින් යනකොට අහල බලමු...
( උන බට ඇදගෙන අප සිටි ස්ථානට උන්ට ලගා වෙන්නට විනාඩි පහක් පමණ කාලයක් ගත වුනේ දුර වැඩි කම නිසා නොව ඒ බට ටික උන්ට ගෙන යාමට පුලුවන් බරක් නොවීම නිසයි... උන් පස් පාරකට වඩා බිම තැබූහ.. එසේ උන් අප ලගටම එනකම් වෙසක් වල අසිරියත් බට වලින් කූඩු තනන ආකාරයත් අටපට්ටම දහඅටපට්ටම උල්පට්ටම ගැන කතා කර කර සිටියෙන් උන්ගෙන් විස්තර අහන්නටත් අමතක විනි... උන් අප ලගටම පැමිණියහ... )
එකෙක් එක්වරම...
" මාමෙ උන බටයක් ගන්නකො වෙසක් කූඩු හදන්න ඒකක රුපියල් 30කට දෙන්නම්... "
මට ඉබේම අප්පච්චිගේ මුහුණ දිහා බැලුණි...
මුහුණ අදුරු වෙන හැටි මට පැහැදිලිව පෙනුනි..
පොඩි එකාගෙ ඔලුව අත ගෑ අප්ච්චි ගෙට ගියේ සල්ලි ගෙන ඒමටය..
මම තාප්පෙට හේත්තු වී.. අහස දිහා බලා ගත්තේ... ඇහැට වැටුනු රොඩ්ඩ නිසා පිටවන කඳුලු කම්මුල දිගේ රෑටා වැටෙන එක නැවැත් වීමටය.........................................
--කුරුළු--

No comments:

Post a Comment