Wednesday, June 19, 2013

=== ගම්මානෙ පුරා කල එලි කරවා - මම හත් දා මගුල් කනවා=== ==========මේ පිං නුඹට පිහිටනවා.... ""========


.
ඒ මාගේ විවහ වන දිනය ලගම දිනයකි..
මගේ හොදම මිතුරා මෝටර් සයිලයක් මිලට ගත්තේ ඒ කාල වකවානුවේදීමය...
ඔහු ඍට පනමෙන් ආසා කලේය... ඔහුට පෙම්වතියක නොසිටියත් ඔහුගේ එකල පෙම්වතිය මෙම බයිසිකලයම විය..!
එය පුදුම බැඳීමකි...
එය එසේ වන්නටද බොමෝ හේතු කාරණා විය..
මගේ මිතුරන් සමූහය අතුරින් මුදල් අතින් දුප්පත්ම මිතුරා ඔහුය,
මේ බයිසිකලය වනාහි වසර කිහිපයක මහන්සියෙන් ඔහු උපයා රැක ගත් මුදලය..
ඒ දිනවලදී බයිසිකලය ගැනීමට මදි වී අතමාරුවක් ඉල්ලූවද මා හට එය ඉටු කර දීමට නොහැකි වුනේ මාගේ විවාහ දිනය ලග නිසාවෙනි..
මා මිතුරා බයිසියකලට පමණ මෙන් ආදරය කරනවා සේම මිතුරෙකුගේ ඕනෑම ගමණක් රැගෙන යාමට දෙවරක් සිත්නේ නැත..
"කොහෙද යන්න ඒන මචං .. යමු මම බයික් එක අරන් එන්නම් ඒකෙ යමු"
ඒ ඔහුගේ වදන්ය..
මා පෙර කීවා මෙන් මාගේ විවාහ දිනය ලංවී නිසා මා ද තරමක් මුදල් අග හිග තාවයකට මුහුන පෑවෙමි..
මා විසින් වෙන් කර ගන්නා ලද ශාලාවට ගෙවා නිම කිරීමට තවත් රුපියල් ලක්ෂ දෙක්ක පමණ මට අවශ්‍ය වී තිබුණි.. එය මාගේ හොදම මිතුරා වුන්ත් බයිසිකලය ගත් මිතුරාගෙන් ඉල්ලා පලක් නැත... ඒ ඔහු අත මේ වන විට තඹයක්වත් නැති බව මා දන්නා නිසාවෙනි...
අවසානයේදී මම තීරණය කලේ මුදල් යහමින් ඇති මාගේ වෙනත් පෝසත් මිතුරෙකුගෙන් අතමාරුවක් කර ගැනීමටය...
මම ඒ බව මගේ මිතුරාට පැවසූවෙමි..
" ඇයි බං උඹ මගෙන් ඉල්ලුවෙ නැත්තෙ ඔය එක එකාලග සල්ලි ඉල්ලගෙන යනවට මම ආස නෑ උඹ "
-- නෑ බං උඹ බයික් එක ගත්තු නිසා උඹේ අතේ නෑනෙ මේ වෙලාවෙ ( මම සමාව අයදිමින් කියා සිටියෙමි..)
== හරි කවදද යන්නෝන මම බයික් එකේ එන්නම් දෙන්නම යමු..
****************************************************
නියමිත දිනයේ ඔහු මාවත් පටවාගෙව පෙර කී මිතුරා මුණගැසීමට ගියේය..
පොහොසත් මිතුරා හමුවී මම පැමිනි කාරණය කියා සිටියෙමි..
** හ්ම් උඹට කීයක්ද ඕන...
-- මට ලක්ෂ දෙක්ක බං ඕන..
** මේ වෙලේ මගේ අතේ නම් සල්ලි නෑ බං හරි අමාරුයි බිස්නස්..
-- එහෙමද .. මම මේ කල්පනා කරල කරල කරන්නම දෙයක් නැති තැනයි ආවෙ..
** උඹ ඉතින් තියපු විස්වාසෙ කඩන්නත් බෑනෙ හරි මම දෙන්නම් ලක්ෂ දෙකක් හැබැයි පොලියට.. මගේ අතේ සල්ලි නෑ මම වෙන කෙනෙක්ගෙන් ඉල්ල දෙන්නම්..
සයිකල් මිතුරා ඊට හරස් විය...
මා පොලියට මුදල් ලබා ගන්නවාට ඔහු කිසි සේත්ම කැමති නැත..
ඊටත් මගුලෙන් පසු ඒ පොලිය ගෙවන්නට සිදු වන විට ඇති වන දුෂ්කරතාද මට පහදා දුන්නේය...
කල්පනා කර බැලූවිට ඒක ඇත්තය.. එතරම් පොලියක් ගෙවීමට මාහට නොහැකිය..
පෝසත් මිතුරාට ස්තූතිකර නැවත නිවසට පැමිනියෙමු...
-- මගේ ඔලුව රිදෙනවා වගේ බං මේ ප්‍රශ්නත් එක්ක මම ටිකක් නිදියනව.. ( නිවසට පැමිණි ගමන් මම මිතුරාට කීවෙමි)
== අයියෝ එච්චර හිත්නෙපා බං ප්‍රස්න ගැන ඕව ප්‍රස්නද..
-- එත් බං මම කෝමද හෝටලේට බදින්නෙ.. කාටවත් කියන්නත්  බෑ කල් දාන්නත් බෑ.. අනේ මංද බං...
== හරි හරි උඹ අඩන්නෙ නැතිව නිදාගනින් .. මමත් යනව එහෙනම්.. පරක්කු වුනා පොඩි වැඩ වගයක් තියෙනව කරන්න..
****************************************************
ඒ ඔලුවෙ කැක්කුම පසුදින දහවල් වන තුරුත් සුව නොවිනි.. පැනඩෝල පෙති ගිලමින් මම නිදි ඇදේම පසුවිනි...
== ඒයි අඩෝ නැගිටපන් මේ.... මො‍කෝ තවම හොද නැද්ද
-- ආ කියහන් බං ... මේ ටිකක් එක දිගට ඇල්ලුවා..
== හරි හරි කතා කර කර ඉන්න විදියක් නෑ බං මට පරකකු වෙනව වැඩට යන්න මම උඹට මේක දීල යන්න ආවෙ..
-- මට ? මොනවද ..
== ආ මෙන්න උඹ හොයපු ලක්ෂ දෙක.. මේකෙන් වැඩේ කර ගනින්...
-- මොනව උමට කොහෙන්ද බං සල්ලි උම මට ගන්න එපා කියල පොලියට ග්ත්තද මොඩයිනෙ බං..
=== ඒව වැඩක් නෑනෙ බං... මේ අම්මට කියපං තේ හදන්නෙපා කියල මම යනව පරක්කු වෙනව... දැන් බස් එකට වෙලාව හරි
-- ඉදහංකො බං දුව්නනෙ උඹ නං දෙයියෙක් බං මේ වෙලාවෙ මට කලේ ලොකු උදවුවක්..
== අපෝ හරි හරි බං යාලුවො ඉන්නෙ ඕකනෙ බං.. හරි අපි ගියා නැත්තං බස් එක මිස්වුනොත් ඉවරයි..
-- බස් එක ඇයි බයික් එක... මො‍කෝ අවුලක්ද.. ගැරේජ් ද ?
== ඒක වැඩක් නෑ අපි ගියා..
( ඔහු ඉදගෙන සිටි ඇදෙන් නැගිට දොර රෙද්ද ඈත් කර කාමරයෙන් එලියට යන්නට සැරසුනි )
-- මචං මෙ තව උදවුවක් ඕනි
== කියපන්
-- හවසට ආවම බයික් එක අරන් එනවද මේ පැත්තෙ.. හෝටලේට සල්ලි බදින්න යන්න..
== අනේ පුතේ ඒකනම් කරන්න බෑ...
-- ඇයි උඹ වැඩක්ද බං එහෙනම් අවුලක් නෑ
== අයියො නෑ බං බයික් එක නෑ...
-- ඇයි බයික් එකට මොකෝ වුනේ..
== මම හන්දියෙ මුදලාලිට බයික් එක උකස් තිබ්බ බං.. ඒ සල්ලි තමා ඔය දුන්නෙ..
-- උ..උඹ..උඹට පිස්සද බං...
== නෑ බං .. මට බයික් එකක් නං ආයෙ ගතෑකි ඒත් උඹට ආයෙ බඳින්න බෑනෙ..මම හෙමීට මාසෙ ගානෙ ගෙවල ඒක බේර ගන්නම්.. උඹ උඹේ වැඩේ කර ගනින් හවසට ත්‍රීවීල් එකක ගිහින්.. මම යනව මට ලේට්..
දොර රෙද්ද පසුකර ඔහු කියාගෙන ගියේය...
මම නිරුත්තර වීමි... ඇ‍‍දේ හිටි වනම හිට්ටේය... ඔලුව කැරකෙනවා සේ දැනුනනි..
පවු ඌ - ඌ කොච්චර ආදරෙ කාලද බයික් එකට... මම මටම කියාගතිමි... !!!
වැඩි වේලාවක් මට සෙනෙහස සිර කර ගත නොහැකි විය.. මම හඩන්නට වීමි...
මතක හැටියට මම ‍ඒ හවස් වරුමව ඔහු වෙනුවෙන් ඔහුගේ බයිසිකලය වෙනුවෙන් හැඩුවෙමි.... අදද හඩමි.....

"" දෙවුරේ දිලෙනා සොද මුතු මාල පලදන්නා..
දෙකනේ ලෙලෙනා ‍රන් මිනි තෝඩු දවටන්නා
හඳයෝ හැමදා නුඹ පණසේම රැක ගන්නා

සමනොල මලුවේ රන් වැලි වෙහෙරේ මුදුනත සේම මට දැනෙනා
සොබනිගෙ සෙනෙහේ ගෙපැලට වඩනා සුබ හෝරාව ලංවෙනවා
යමු රජුනේ පමා වෙනවා..
හදයෝ හැමදා නුඹ පණ සේම රැක ගන්නා...

ගොම මැටි ඇතිරෑ තනිකඩ ගෙ‍පැලේ සිරිලිය සේම ඈ හිදුවා
ගම්මානෙ පුරා කල එලි කරවා මම හත්දා මගුල් කනවා
මේ පිං නුඹට පිහිටනවා.... ""

මම බියක් සැකක් නැතිව කියමි...
" ඔහු මා සතු පොහොසත්ම මිතුරාය !!!! "
---කුරුළු---

3 comments: