Friday, September 26, 2014

== මේ තරම් හිත පාරවන්නේ - මගෙන් වරදක් වුනිද මන්දා == .






- සුදු අයියා................. සුදු අයියා.............
+ අපෝ මොකෝ මේ උදේ පාන්දර කෑ ගහන්නෙ..
- ගුඩ් මෝනින් අප්පා..
+ මොනින්..
- කෝ ගුඩ් කෑල්ල.,!
+ ගුඩ් කෑල්ල ඔයානෙ ඉතින් මගෙ..!
- අනේ යනව යන්න. මේ ඔයා හෙන පේමස් නේද ඈ දැන් .. ඩිගිරි ඩිගාං
+ මම ෆේමස් අනේ නෑ දරුවො..
- නැත්තෙ මොකෝ ලයික් වැටෙනවනෙ හෝ ගාල කවි වලට පෝස්ට් වලට
+ අනේ සුදු නංගි මම කියල තියෙනවනෙ ලියික් වලින් ගුණාත්මක බව මනින්න බෑ කියල.
බලන්න මම කොච්චර කැත වුනත් මේ යාලුවො මගේ පින්තුර වලටත් ලයික් කරනවනෙ
- හ්ම මම දැක්ක ඈ.. ඉරිසියයි යකෝ.. උඹ ගැන..
+ යකෝ ? උඹ.. ?
- ආදරේට අනේ කිවුවෙ . එහෙම කිවුවෙ නැත්තං වැඩක් නෑනෙ...නේද මෙයා.. මටවත් එහෙම කිය්නන බැරි නං.
+ හ්ම්.. පුරුද්දකට ගන්නෙපා දෙනව පුරුක් ඇද වෙන්නම !
-ආ එක්කෙනකේ උදේ පාන්දරම චන්ඩි වෙලා.. මේ තාම නිදි යන් නේද ඉන්නෙ නැගිටිනව අන්න අරහෙ කොම්පැනියෙ මිනිස්සු ඇවිල්ල දොරට ගහනව..
+ හා හා මම බලා ගන්නම් ඒක.
- සුදු අයියෙ මට ඔයාට කියන්න දෙයක් තියෙනව.
+ කියන්න..
- හැබැයි තරහ ගන්න බෑ ‍හොදද ?
+ කියන්නකො බලන්න ඊට ප්සසෙ බලමු
- බැ බැ ඔයා තරහ අරන් දැන්මම
+ නැ අනේ කියන්නකො..
- තරහ ගන්න බෑ ප්‍රොමිස් !
+ යකෝ දැන් කිවුව නේද කියපිය වනන්නෙ නැතිව හුහ්..
- හු හු.. මෙයාට තරා ගිහින් උදේ පාන්දර තරහ ගන්නපො අයියො..
+ හා කියන්නකො.
- මම ඔයාට කොච්චර කිවුවද මට කවියක් ලියල දෙන්න කියල. ඔයා ලියල දුන්නෙ නෑනෙ
+ ඉතින්
- මගේ එකවුන්ට් එකේ ඉ්නන යාලුවෙක් මට ලියල දුන්න ලස්සන කවියක් මට හුහු
+ අහ්.. හොදයි එහෙනම් තියාගන්න.. පරිස්සම් කරල.. මට වෙලාවක් නෑ කෙල්ලොන්ට කවි ලිය ලිය දෙන්න.. පොදුවෙ ලියනව ඇරෙන්න මට දන්නෙ නෑ එක එකාට ලියල දෙන්න..
- එක එකාටයෑ මටනෙ.
+ සුදු නංගියො ඔයා වුණත් එහෙම කවියක් ලියන්න මට දන්නෙ නෑ..
- අපෝ හරි හරි ලෝබය. ඒ අයිය මට ලියල විතරක් නෙවේ ලස්සනට මගේ පින්තුරෙකුත් දාල ඒ කවියට මට එවල..
+ මොකක් ?? මොකක්ද කිවුවෙ ?
- ඔවු ම‍ගේ ප්‍රොෆයිල් පික් එක්ක අරන් එ්කට දාල එවල..
+ කරුණාකරල අයින් කරනව ඒක හොදද.. ඒ වගේම ඒ මහත්තයට කියන්න ආයෙ ඒ වැඩේ කරන්න එපා කියල.. ඔයා ඒ පින්තුරෙ රිපෝට් කරන්න..
- හරි වැඩක්නෙ අප්ප. ඒ අයිය කැමැත්තෙන්මයි ලියල තියේනනෙ..
+ මේ අහනව , කවි ලියන එක කමක් නෑ එත් පින්තුර දාන්නෙ අහවල් රෙද්දටද ? තමුසෙ දැකල තියෙනවද මම ඔය එකියකගෙවත් පින්තුර දානව මට දවසකට කීයක් එනවද එහෙම ඉල්ලගෙන..
අනික ඔච්චර කෙල්ලො ඉන්දැද්දි ඔයගෙ පින්තුරෙ මොකටද
- තමුසේ කිවුවා................මට.. අඩනව මං..
+ අඩන්න බැරි නං ඕන මගුලක්.. මම නැගිටින්න කලින් ඕක ඉවරයක් කරන්න හරිද ? යකො මුන්ට මාර අමාරුවනෙ තියේනනෙ.. කවියක් ලියනවනං ලියපිය . බොරුවට කෙල්ලෝන්ගෙ පින්තුර දාල පැණියො වෙන්නෙ.. ලිය්ක ගන්නද ! ඔයා හිතනවද ඕක ඔයාගෙ පින්තුරෙ විතරයි දාන්නෙ කියල . ඉන්න හැම එකාගෙම ඒව දානව. ඒ විතරක් නෙවේ ඒව හැම තැනම දානව. කවියට බැරි නම් පින්තුරෙට හරි ලයික් ගන්න.. නංගි සින්දු වලට රූප රචනා එන්න කලින් ගොඩක් හොද සින්දු තිබුණ.. එත් දැන් රූප රචනා විතරයි හොඳ සින්දු නිකං ම නිකං සින්දු.. කාත තුරකින් හරි හොඳ සින්දු එනවනං රූප රචනාව එන්නෙ දෙවෙනියට.
- පවු අනේ ඔයා තරම් බැරි වුනාට අලුතෙන් ලියන අයනෙ.
+ මම තරම් කියල දෙයක් නැ.. අනික එක එකාට සේල දාන්න තමුසෙ බ*** ක්ද ? කරුණා කරල දන්ම කතා කරල කියනව හොදද ?
- ඔයාට තරහ ගිහි්න මට බනිනව මම තරහයි...
+ ඕන මගුලක් කර ගන්නව එහෙනම්.. ඔයා උන් එක්ක. ආය‍ෙ මට කතා කරන්න ඕන නෑ. මම ආස නෑ නංගි කාගෙත් සුන්දරීලට.. ටටා බායි..!
********************* ටරීං ටරීං.. ට්රීං......
+ ඇයි මොකද ආයෙත්..
- තරහද අයිය බබෝ..
+ මම කිවුවනෙ කතා කරන්න එපා කියල. ඔයාට එහෙම උවමනාවක් තියෙනවනම්. මට දෙන්න බැ කියල හිතෙන ඒව දෙන්න කවුරු හරි ඉන්නවනම් මම අල්ලගෙන නෑ ඔයාව යන එකයි ඇත්තේ.
- තරා වෙන්න එපා ඉතින් සුදු නංගි. මම හොදයිනෙ.. මම බොරුවට කිවුවෙ..
+ මොකක් !!! $%^&*())
- ඔවු අයිය කෙනෙක් මගෙන් ඇහුව ඒහෙම කරන්නද කියල.. මම කිවුව එපා කුරුළු අයිය ලියන කවි ටික තියෙනව එයා ඒ සේරොම ලියන්නෙ මට ඔයා කරදර වෙන්න ඕන නෑ කියල..
+ මොන මගුලටද එහෙනම් මගේ ලේ පිච්චුවෙ..
- අ‍නේ මේ නැගිටින්න අනේ.. පුච්චන්න ලේ තියෙන කෙනානෙ... මම තියෙනව අම්ම තේ එක හදල කතා කලා මට. ටටා බායි බායි..
=================================
නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුලු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා
.
ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්ඳා
එපා දුක ගෙන එන්න කැන්දා
.
ඔබේ රුව රසඳුනක් වූවත්
කමක් නැ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිති වෙනු බෑ දරාගන්නට.
.
======= කරුණාරත්න දිවුල්ගනේ මහතා
---කුරුළු--


song -
https://www.youtube.com/watch?v=4ETZQ-qV-OA

9 comments:

  1. කුරුළු අයියගෙ කතාවල ආදරේ බේරෙනව. හරිම ලස්සනයි.

    ReplyDelete
  2. මට මගේ ආදර කතාව ඇතුලෙ වෙන පුංචි පුංචි සණ්ඩු කෑලි මතක් වෙනව. හරි සුන්දරව ලියල තියෙනව.

    ReplyDelete
  3. යකෝ මේ වගේ ගොං පාට් ලියන එකෙක් දැක්කමයි. ඉස්සෙල්ලම අර උඹ ගෝල්ෆේස් එකේ හිටවල පුකට පිහියකින් ඇනල වගේ අරන් තියෙන් තොගේ මුනත්තහඩුව බොලොග් කටුවෙන් අයින් කරපන්. ඊට පස්සේ බොලඳ දෙබස් කෑලි ලියන උඹ, පොරක් කියල උඹට බටර් ගාන ගොන් හැත්තට දැනෙන්න දෙයක් ලියන්න බලහං.

    ReplyDelete
    Replies
    1. me oi...kata piyan inna bari nam meka kiyavanne nathuva hituko...tho kiyevve na kiyala blog ekata paadu nane...udata yaddi kakulen adinne nathuva hitapan modayo!!

      Delete
    2. ඇනෝ නැතිව වරෙන් යාලු ! අපි කතා කරමු !

      Delete
  4. මේ දෙබස් වලත් පොඩි ලල් එකක් තියනවා... :D

    ReplyDelete