Friday, September 26, 2014

දුක සහ දුකට හේතුව

 
 
 
 
බඳින දවසට
නිකං බොරුවට
තුනට හතරට - නැවි නැවී
.
‍පොටෝ හින්දම
වඳින දෙන්නෙක්
දුටුව මම  - හුණුපිටියෙදී
.
එකදු ගාථා
දහම් පදයක්
නොමුණනා යුවතී පතී
.
දෙස බලා
මදහස හෙලූ බුදු
හිමි තවම එතැනම ඇතී..
.

--කුරුළු--

4 comments:

  1. දැන් මට මෙ කවිය ගන්ගාරාමයෙ පොටො එකක් දැකමත් මතක් වෙනවා

    ReplyDelete
  2. එකෙක් ජීවත්වීම හා තවෙකෙකු පෙන්වීම..

    ReplyDelete