Friday, September 19, 2014

==== ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එකම සතුටයි === .


- උසාවිය නිස්සද වන්න
+ මේ මොන විගඩමක්ද ?
- යුෂ්මතාට විරුද්ධව පැමිණිල්ලක් තියෙනව.
+ ආහ් කවුද පැමිණිලි කරු.
- පැමිණිලි කාරියක් ඇත්තටම ඇගේ නම සුදු නංගි.
+ අහ් කියන්න බලන්න පැමිණිල්ල
- ඊයේ සවස සිට යුෂ්මතා ඇය ගැන සොයා බලා නෑ. කිසිම ආකාරයකින් අඩුම තරමේ මැ‍සේජ් එකක් කෝල එකක් තියා රින්ග් කට් එකක් වත් ලබා දීල නෑ.
+ ඉතින්
- ඉතින් ඇය මේ වන විට සිටි්නනේ ඉතා අසාධ්‍ය තත්වයක..ඇයි එහෙම කලේ හේුත දක්වන්න පුළුවන්ද ?
+ බෑ.
- ඇයි බැරි. හොදයි යුෂ්මතා මේ කාරණාව සම්බන්ධයෙන් වැරදි කරුද නිවැරදි කරුද ?
+ ස්වාමිනිි මම කිහිලි කරු.
- උසාවියට අපහාස කරන්නෙපා හරිද
+ සමාවෙන්න මම නිවැරිදි කරු ස්වාමිනි
- හොදයි හේතු දක්වන්න අවස්ථාක් දෙනවා
+ ස්වාමිනි ඊයෙ මම වැඩ අධිකව රාජකාරි වල යෙදිලයි හිටියෙ ඉතින් උදේ සහ දවල් කෑම වේල මගහැරුණා සවස් වන විට මට හිසේ කැක්කුමක් ඇති වුනා ඒ නිාස නිවසට පැමිණි වහා මම නිදා ගත්තා. එච්චරයි
- එහෙත් තමාට යුතුකමක් තියෙනවා නේද සුදු නංගි නම් තැනැත්තියට ඒ බව දැනුම් දෙන්න.
+ ඒ වෙලාවෙ මා හට ආසාධ්‍ය නිසා මට ඇයව අමතක වුනා
- මොකාක්.. සුදු නංගිව අමතක වුනා නුඹට. එයට කිසිදු සමාවක් නෑ.. මාස හයක සිර දඩුවමක් නියම කරමි.
+ අනේ අනේ ස්වාමීනි දඩුවම ලිහිල් කරන්නබරිද.
- හම්... සුදු නංගිගේ පාර්ෂවයෙන් මේ ගැන සලකා බලා දඩුවම ලිහිල් කරන්නම්..
+ ස්වාමිනි මම අවහ්‍යනම් සාක්ෂිකරු විදියට බෙහෙත් ගත්තු දොස්තර මහතාව කැදවන්නම්
- එපා.. අවශ්‍යතවයක් නැ.. දඩුවම ලිහිල කරන්න ජූරිය එකග වුනා. ඒ නිසා අද ඉදන් දවස් දහයක යනතුරු උ‍දේට ගුඩ් මෝනින්ද ? රෑට ගුඩ් නයිට් ලෙස මැසේජ් සහ ඊට අමතරව දවසට පැයක කාලයක් සුදු නංගි හා කතා කල යුතු බවට මම නියොග කරනව. යුෂ්මතා එයට එකඟයිද ?
+ එකඟයි. වෙන කරන්න දෙයක් න‍ැනෙ..
- හරි එහෙනම්.. ඩොං..ඩෙං..ඩෙං... නඩුව මෙැතනින් අවසානයි සියල්ලෝම විසිරි යත්වා..
+ අප්පහ්තත ඉවරද දැන් කෝලම !
- කෝළම හුහ්. අපිදැන්නැ මතකනෙ නඩු තීන්දුව ඉෂ්ට කරන එකයි ඇත්තෙ.. මේ අයියෙ මට හරි මහන්සියි අනේ නඩු අහල.
+මටත් මහන්සියි මේ " නඩුවක් බලවල "
- ඒ කිවුවෙ
+ඒ වචනෙ අනික් පැත්ත හරවල බලන්න..
-ම්..නඩුවක් බලවල.. බ...
 ඊයා.... ඌරා.. කිය්නනෙපා මට ඕව.. මිරිකනව කණ..
+ හරි එහෙන්ම දැන් හරිනෙ..
- හ්ම් දැන් සනීපද අයියෙ..
+ ඔවු දැන් අඩුයි
- මේ එහෙනම් ඔයාට දැන් මාත් ක්කරවුම් ගහන් වෙනව.. අපි යං රට වටේ.. හැම තැනම යුමු..
+ එක පාරටම මොකෝ
- ඇයි අනේ පැට්රෝල් අඩු කලානෙ.. අපි යුමු හැම තැනම . පොඩි කාලෙනෙ. ඡන්දනේ පස්ස‍ෙ ආයෙ වැඩි වෙනව. ඊට කලින් යමු..
+ හ්ම්.. රුපියල් 3නෙ
- මේ ඔයාගෙකාර් එක ලාම්පුතේල් වලින් ය්නනෙ නැතිද්
+ ම් නැ. එහෙම යන ජාතියක් තියෙනව.. අර නිල් පාට ස්ටිකර් එක්ක ගහල තියේනනෙ ඩිපිඑල් කියල
- ඇත්තද.... ඒව ලාම්පුතේල් වලින් යනවද ?
+ නැතිව. ඩි පි ල් කිය්නනෙ - ඩිසල් පැට්රල් ලාම්පුතෙල්.. තුනෙන්ම යනව
- අනේ යනව මැට්ටො යන්න.. අපි යනව බායි.. මේමතකනෙ නඩු තීන්දුව..
+ හරි හරි ආදරෙන් ඉන්න..!
================
මධු මල ලෙස මුදු ම‍ේග ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එකම සතුටයි
.
අපමණ සිතුවිලි බිහිවී තෙරපි එකිනකෙ පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරවි රැජිනයේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම ම ආදරෙයි
.
.හිත වෙවුලලනවා හදවත ගැස්සෙනවා
ලිපියේ කොලයට මුහුන යොමන විට නෙත් දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරවි රැජිනයේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි
ඔබට තවම ම ආදරෙයි
.
====== මිල්ටන් මල්ලවආරාච්චි
--කුරුළු--

song - https://www.youtube.com/watch?v=3DGW7LBcbmc

7 comments:

  1. කුරුලුට ලස්සන සුදු නංගියෙක් ඉන්න පාටයි.එකනෙ මෙච්චර ලස්සන ලස්සන සිංදු හොයල කතා ගෙතෙන්නෙ......මොනව උනත් කුරුලුගේ සංගීත රසාස්වාදය නම් ගොඩක් ඉහලයි ....

    ReplyDelete
    Replies
    1. ඔවු ඉන්නව හංසි හැබැයි හිතේ විතරයි !

      Delete
  2. හිහික්....
    හලිම මාන්දමිකයි කුලුලුවො...
    වෙලාවට මේ වගේ මාන්දමික උසාවි නොතිබ්බෙ... නැත්තං කොල්ලො ටික වදවෙලා ගිහින්

    ReplyDelete
    Replies
    1. මනෝ ලෝකෙක ජීවත් විමත් සුන්දරයිනෙ

      Delete
  3. මරු කුළුලු...ඔය විදියට නඩු කිව්වොත් අපිලගේ කස්ටියට දෙන්ඩ තීන්නේ ලොකු දඬුවම්
    ලියන වීඩිය හරිම රසවත් :)

    ReplyDelete
    Replies
    1. වීඩිය
      නොව
      විදිය ලෙස නිවැරදි විය යුතුය.

      Delete