Monday, July 28, 2014

=========මං ආවේ බුදු සාදුගෙ මූණ දකින්නයි====== මූණ දැකලා හිතේ සතුට ඇති කර ගන්නයි========




.
පූජාව විෂ්ණු දෙවියන්ටය..
මාගේ බාරයක් නිසා කිසිදු පලතුරක් කෑමට මට අවසර නැත එබැවින් එලියේ පන්සලේ මලුවේ අවිදිමින් සිටි පිරිස වෙත පලතුරු වට්ටිය බෙදා දීම සදහා ගියෙමි..
ඇතැම් ආච්චි අම්මලා මා එනතුරු බලා සිටියාක් මෙන් පැමිණ ඇතැම් පලතුරු තෝර තෝරා ගත්හ..
- දෙන්නෙපා මල්ලි ඔය ආච්චිල තෝර තෝර ගන්නෙ කපල නැති පලතුරු ඕව ආයෙ විකුනනව..
එතැන දේවාලයේ අසල සිටි බැතිමතෙක් පැවසීය
+ විකුණල?
-සල්ලි අරගන්නව අරන් මුනුපුරන්ට කැම ගෙනියනව
+හරි ෂෝක්නෙ අයියෙ ! අද මගේ ගානෙ ඒ අයට කෑම කියල හිතා ගන්නමකො... අයිය ඔය කිවුවට පලතුරුත් ගිහින් දෙනව ඇති..
- උඹල වගේ උන් නිසා තමා මේ වගේ ආච්චිලව එලවගන්න බැරි.. උන් හැදෙන්නෙත් නැ උඹල හැදෙන්නෙත් නෑ
+ ඇයි අයියෙ මේ පූජාව දෙයියො කන්නෙ නැනෙ දෙයියොන්ගෙ කොටහ කපු මහත්තය ගත්ත.. අනික මට හැදෙන්න තමා අද පූජාව තිබ්බෙ ඒ නිසා මම හැදෙයි.. මම දෙන දෙවල් කාල හරි විකුණල හරි ආච්චි අම්මත් හැදෙයි.. !! එතකෙට අයිය තමා....
- ආ..හරි හරි...
තව දුරටත් එතැන රැදෙනු අපහසු නිසාවෙන් මළුවට පැමිණි පෙරපාසල් ළමයි පේලිය දිහාවට ඇවිද ගියේ ඔවුනට ඉතිරිය බෙදා දිමටය
+ ආ මල්ලි ල ගන්න ආස දේවල් තියෙනවනම්
වෙන පොඩි උන් වාගේ නොව පේලියට පැමිණි ඔවුහු ඉතිරිව තිබු දෑ එක එක අතට ගත්හ කිසිම කලබලයක් නැත.. ගුරුවරියක් ඇත්තේද මඳක් දුරිනි..
තවත් දරුවන් 8 දෙනෙක් පමණ ඉතිරිව උන්හ.. එහෙත් වට්ටියේ ඉතිරිව තිබුනේ කෙසෙල් ගෙඩි කිහිපයක් හා දොඩම් ගෙඩියක් පමණි..
මම මෙසේ කීමි..
+අ‍නේ දරුවො මදි වෙනව නේද ! මොකෝ අපි කරන්නෙ බෙදාගෙන කමුද ?
එවිටපේලියේ සිටි අන්තිම සිසුවා ඉදිරියට ආවේය.. ඔහු කතා කලේය..
- මේ දැන් පලතුරු ඉවරයි තව ටිකයි තියෙන්නෙ අපි බෙදාගෙන කමු නේද ? අනික් අය ගත්තු ඒව දැන් කනවනෙ ඒ අයගෙන් ඉල්ල එක හොද නැනෙ අපි බෙදාගෙන කමු නේද !
සියල්ලෝම හිස වැනුහ..
මට හිනාය.. මා නිහිඩවම බලා සිටියදී ඔහු එකින් එක දෙදෙනාට බැගින් දුන්නේය.. ඔවුන් කිසිවක් කතා නොකරම ගත්හ දෙදෙනා බැගින් පැත්තකට ගොස් කෙසෙල් ලෙලි ඉවත් කර දෙකට කඩා කෑහ..
අවසානයට ඉතිරි වූයේ දොඩම් ගෙඩිය පමණි.. එයද බෙදා දුන් පෙර කී පොඩ්ඩා සිනාසී මා දෙස බැලිය.. ‍ගොඩක් ස්තුතියි අයියෙ !
හරි මල්ලියො.. ඔයාටත් ගොඩක් ස්තුතියි ... මම යන්නම් එහෙනම්... යන්නට ආපසු හැරැනත් යමක් මතක් වී ආයෙමත් හැරුනෙමි !
+ අනේ මල්ලියො මල්ලියාට නෑ නේද ??
ඔහු සිනාසීය..
- මට ඔනැ නැ අයියෙ .. මේ අය කනවනෙ ඒ ඇති..
මට මං ගැනම දුක සිතුනත් පෙර පාසල් දරුවෙකුගෙන් මෙතරම් ආදරයක් මම බලා පොරොත්තු නොවුනෙමි.. මම ආදරෙන් හිස අතගා මෙසේ පැවසීමි..
+මට සමාවෙන්න මල්ලි.. මගේ ගාව පලතුරු නෑ..
-අයියට පින් අපේ පන්තියෙ අයට කන්න දුන්නට...
එවිටම දෙදෙනෙක් අප දෙසට ආහ..! ඒ කෙසෙල් ගෙඩියක් ගත් දෙදෙනෙකි ! කෙල්ලක් සහ කොල්ලෙකි .. තවම එය ලෙලි ගසා නැත..!
කතා කලේ පෙර කි පොඩ්ඩාය !
-ඇයි නංගියො..
කතා කලේ දෙදෙනාගෙන් කොලුවාය.!
* අයියෙ නංගිට කෙසෙල් කන්න බෑලු..
- ඉතින් මොකෝ කරන්නෙ අපි..
* දොඩම් කන්න ආසයිලු.. මම ගිහින් දොඩම් ගත්ත කෙනාගෙන් ඉල්ලව.. දෙන්න බැ කිවුව..
- හ්ම් හරි මම ගිහින් ඉල්ලන් එන්නම්.. ඔයාල ඉන්න..
‍පොඩ්ඩා ගියේ දොඩ්ම් ගෙඩිය ගත් දෙදෙනා පැත්තටය..
ඒ අවස්ථාවෙන් ප්‍ර‍ොය්ජන ගත් මා පෙර කි කෙල්ලත් කොල්ලත් ඇමතීමි..!
මල්ලියො කවුද ඒ.. ඇයි එයා විශේෂ.. ඇයි එයා කියන දේ අහ්නනෙ ඔයාල.. ඇයි ඔයාලට දෙන්නෙ නැති දොඩම් එයා දෙන්නෙ..! මම එක හුස්මට ඇසීමි..!
උත්තර දුන්නෙ කෙල්ලය..!
= එයා අපේ පංතියෙ නායකයා.. අපි හැමෝම එයා කියන දේ අහනව.. එයා ඉස්සර හරියට ගහ ගන්නව  රණ්ඩු කරනව.. ඉතින් ටීචර් එයාට පංති නායක කම දීල අපිව බලා ගන්න කිවුව.. දැන් එයා ඇරෙන්න අපි සේරොම දග කරනව.. එත් අපි හැමෝම එයාට බයයි .. අපි එයා කියන දේ අහනව.. එයා අපිට ආදරෙයි.. ‍ගොඩා...රියක් ආදරෙයි මට .. මම එයාගෙ නංගි වගේලු.. අයිය දන්නවද දෙයක්.,!
+ නැනෙ
= එයාගෙ තාත්ත නැලු.. අපේ අම්ම නම් කිය්නනෙ එයා එක්ක කතා කරන්න එපා කියල .. ඒත මමත් ආදරෙයි එයා මගේ අයිය වගේ.. මට‍නෙ දොඩම් ඕන කිවුවෙ අයිය ඉල්ලන් එයි.. අපි එතකොට මගේ කෙසෙල් කෑල්ල මම ඒ ලමයට දෙනව..
මම ගොලු වීමි..! ජීවිතයේ මා ගොලු වී ඇත්තේ අවස්ථා කිපයකදි පමණි.. ඒ සියල්ලක්ම මේ මිනිස්සුන්ගේ ආදරය දරා ගැනිමට නොහැකිවය.. මේ දරුවනුත් පාසලේ ගුරුතුමියත් මට අද බොහෝ දේ ඉගැන්වීය...දේවාලයේ පූජාවෙන් අද මම බොහෝ දැ උගතිමි..
ඇත්තය ‍නායක පොඩ්ඩා පැමිනියේ දොඩම් පලුවක්ද රැගෙනය..ඇවුත් මෙසේ කීය..
- නංගියෝ ඔයාගෙ කෙසෙල් කෑල්ල එයාට දෙන්න මම පොරොන්දු වුනා ඒක කඩල දෙන්න මම ඒක ගිහි්න දෙන්නම්..
පොඩි කෙල්ල හිනා වෙලා කෙසෙල් කෑල්ලක් කඩා දුන්නාය.. නායක පොඩ්ඩා එය රැගෙන ගියේ දොඩම් පලුවේ පෙර අයිති කරුට දීමටය.. ඒ අතර තුර කෙල්ල දොඩම් බික් පහකින් තුනක් ගලවා කමට පටන් ගති...
නායක පොඩ්ඩා ආ පසු.
= ආ අයියෙ ඔයා කෑවෙ නෑනෙ මම බලන් හිටයෙ මේ බික් දෙක කන්න ඔයා..
මට තවත් එ‍තැන සිටිය නොහැකිව දෑස බොද වෙනු දැනුනු නිසාවෙන් එතැනින් ඉවත් වීමට තීරණය කලෙමි.. මම මේ දරුවන් තරම් පොහොසත් නැත.
මල්ලිලා නංගියො මම ගිහින් එන්නම් පරක්කු වුනා..
- හා අයියෙ..
ඔවුහු දණ ගසා මට වැන්දහ.. පුදුමය නම් මේ කිසිවක් වන තුරුත් ගුරුතුමිය නොපැමිණිමය.. ඇය සියල්ලොම එකතු කරන් පන්සිල් දෙති.. මේ දරුවනුත් එදෙමට ඇදුනහ.. මම එතැනින් ඉවත්ව නැවත දෙවාලය තුලට පිය නැගුවෙමි...
එතැන තිබු ම‍ගේ බඩු බාහිරාදිය අස් කරගෙන නැවත පැමිණියෙමි..
එහෙත් මා දුටුවේ පෙර කී දැරිය කඳුළු පෙරාගෙන සිටිනුය.. ඇයගේ මව යැයි සිතිය හැකි ගැහැනු කෙනෙක් බනිනු දුටිමි... අතෙහි බෝධියට වත් කරන පැන් කලයෙකි
- ආයෙ එහෙම කන්නෙ නෑ ඕක දෙන ඒව.. මම කොච්චර නම් කියල තියෙනවද කතා කරන්න එපා කියල..මම බෝධිය නාවන්න ගිය ටිකත් ඇති..
ගැහැණිය එක දිගට අර දැරිවියට බනිනු ලබයි.. මම එදෙසට ගියෙමි.. දැරිය මා හදුනා ගත්තාය..
+ ඇයි අම්මෙ මෙයාට බනින්නෙ .. මේ පන්සලේ උඩ මලුවනෙ.. බලන්කො මෙයා ෂෝක් එකට ඉස්සරල හිනා වුනා දැන් අඩනව..
- නැ මල්ලි මම කියලතියෙනව එක එක්කෙනා දෙන ඒව කන්නෙපා කියල.. අහන්නෙ නැ මම බලනකොට දොඩම් කනව.. කවුද දුන්නෙ ඇහුවාව පන්තියෙ නායකයලු දුන්නෙ..
+ අනේ නෑ අම්මෙ මමයි දුන්නෙ.. මගේ පුජාව ඉවර වෙලා මම දුන්නෙ.. ඒ මල්ලියා කලේ මගේ වට්ටියෙන් අරන් දුන්නු එක විතරයි !
- අනේ සමාවෙන්නමම දැනන් හිටයෙ නැ.. ඒත් ඒකා අරන් දෙන්නෙ ඇයි ඔයාට අත නැද්ද ගන්න.. මම කියල තියෙනවනෙ තාත්ත නැති උන් එක්ක කතා ඔන් නෑ.. මොක්කුන්ගෙ දරු‍වොද කියල කවුද දන්නෙ.. චීචර්ලටත් උන් ලොකුයි අපේ එවුන් පැත්තට දාල කෙහෙවත් යන එකෙක් මොනිටර් කරල..
+තරහ වේනනෙපා අම්මෙ.. මම ඇහුවාම ඒ මල්ලිටත් නංගි කෙනෙක් ඉන්නව කිවුව ඒ නංගි මගේමලු මෙයා ඒ නිසයි එච්චර ආදරේ.. මේ නංගි විතරයි ‍නේද ඉන්නෙ එයාට අයියෙක් නැති එකේ .. ඒක කම්ක් නැනෙ.. අනික මේ නංගිත් ආදරෙයි‍..
- අපෝ ඕන නෑ මල්ලි.. අපේ අයට අයියල ඕන නැ මෙයාලට තාත්තල ඉන්නව ඒ ඇතිනෙ..අයියල මොකටද !
+ හ්ම්.. මට තේරෙනව.. හැබැයි දුකයි අම්මෙ.. මේ දරුවො දෙන්න අතරෙ තියෙන අදහස් ඔයාල ලග නැති එකට.. මම කතා කරන්න යන්නෙ නැ මේක ඔබ තුමියගෙ ප්‍රස්නයක් නිසා.. නංගි කෙනෙක් ඉන්න නිසා ඒ දරුවා ද්න්නව අයිය කෙනෙක් නැති නංගි කෙනෙක්ගෙ දුක..!
තාත්ත ඉන්න දන්න නිසා මේ නංගි දන්නව තාත්ත කෙනෙක් නැති දුක..
එත් මට දුක..
ඒ දුකවල් දෙකම වයසින් මොරපු ඔයාලට නොතේරෙන එක.. දවසක් ආවොත් අයිය කෙනෙක් නැති  මේ නංගිගෙ දුක ඔයාට දැනෙන - තාතතෙක් නැති ඒ මල්ලිගෙ දුක දැනෙන අන්න එදාට මේ නංගිටයි මල්ලිටයි ඉඩ දෙන්න එකට ඉඳගන්න..!
අම්මෙ! බෝධිය නාවන්නෙපා බෝධිය දැන් හොදට හේදිල තියේනනෙ.. අම්මගෙ හිත හේදෙන්න නා ගන්න.,!
===========
මං ආවේ බුදු සාදුගෙ මූණ දකින්නයි
මූණ දැකලා හිතේ සතුට ඇති කර ගන්නයි
.
දූවිල්ලෙන් සිවුර පිරිල මකුල දැලින් මුහුණ වැහිල
ගමේ අයගෙ හිත්වල හැටි - මේ ඩිංගෙදි මං දැක්කා..
.
මහා පොලව සේ නොසැලි ඉවසීමේ ගුණය කියල
දහම් පොතෙන් කියෙවුව හැටි - මේ ඩිගෙදි මං දැක්කා..
.
------------- හර්ෂණ දිසානායක
==================
----- කුරුළු-----

6 comments:

  1. ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete
  2. හපොයි...
    ඇන්න නේද රාජකීය ටොක්කක්...
    මේ වගේ ටොක් ඔළුව හිල් වෙන්න ඇන්නත් අපේ සම හරක් ට මොලේ පෑදෙන්නෙ නැනෙ...
    අපූරු සිතුවිල්ලක්...
    ජයවේවා

    ReplyDelete
  3. විශිෂ්ටය්. සදා ජය!!

    ReplyDelete
  4. හැමදාමත් වගේ සුප්පබ්....

    ReplyDelete