Monday, November 18, 2013

=====සියල්ල ඉදිරි ගරා වැටුන දා - ඇයතින් නොමැරුන ඇගේ මිනිස්කම==== ====දැන ගදුනාගත් තනිකම නුඹටත් - මා හැර යන්නට සිදුවෙයි නැවතත්..=====



.
වෙනදා මෙන් නොව දැන් දැන් මා හට කොළය සහ පෑන නුහුරුය..
ඒ වෙනුව යුතුරුපුවරුව හුරුව ඇත්තේ ඉතා පුදුම සහගත ලෙසිනි..
මොනවා හෝ ලියනවානම් හෝ සිතනවානම් ඒ මේ ඩිජිටල් අකුරතරය..
පෑනකින් සටහන් කරද්දි මේ මගේ අතකුරුදැයි මටම සිතේ..
සමහර වෙලාවට සිතන අකුර නොලියැවේ..
අකුරක් ලියන්න දෙවරක් සිතන වාරද ඇත...
මා හට දැන් ජංගමයෙන් කෙටි පණිවිඩ සටහන් කරනවාට වාඩා ඉක්මනට වෙනතක බලාගෙන වුවද යුතරු පුවරුව හැසිරවිය හැක..
.
පුරුදු පරිදි ඇයගෙන් ලැබීමට තිබුන ඇමතුම පමාවූයෙන් යතුරු පුවරුව ඉදිරිපිට හිඳගතිමි...
ලියන්නට කිසිත් කල්පනාවක් නොවෙයි..
මා කවියක් ලියුවත් එය ආදරය ගැනය.. කතාවක් ලීවද එසේමය..
ඒ වෙන කාගේවත් නොම මගේය - ඇගේය..
උනුන් ඒවා උන්ගේ කර ගනිති... ඒ නිසා මම උන්ට ආදරය කරමි
.
කාගේදෝ කවියක අදහසක් මතක් වෙයි...
- මට රුධිරය ඕනැ වුනාම නුඹ වරින් වර මට ලේ දුනි..
දැන් මගේ ඇගේ මගේ ලේ නැත..
ඇත්තේ නුඹේම රුධිරය පමණි..
- එනිසා නුඹට තරම් මා වෙන කාටත් අයිති නැත..
මා කෙරේද එසෙමය..
අප්පච්චි යන සුන්දර ආමන්ත්‍රණයෙන් අමතා මා දිනෙන් දින ඈ තව තවත් ආදරබර කරන්නීය..
එකල මා ආදරයක් නැති හිස් මිනිසෙකි..
ඈ දිනෙන් දින බිඳෙන් බිඳ ආදරය පිරවීය...
ඒ කලේ කෙසේදැයි මා නොදැනිමි මට නම් එය අදටත් බැරිය..
දැන් මා පිරී ඇත්තේ ඇගේ ආදරයෙනි..
මා දන්න තරමට මා සම්පූර්න වන්නෙ ආදරය පැත්තෙන් පමණි..
එහෙත්,
“අප්පච්චි නම් ආදරේ කරන්න දන්නෙම නෑ හරි නපුරුයි....“
ඈ නිතර පවසන්නීය..
ඇත්තය මට “ ඈ “ ට තරම් ආදරේ බැරිය..
.
සිතිවිලි දාමයන් ගොඩනගද්දි ෆේස්බුක් මිතුරන් ගෙන් එකිනෙකා මා අමතති..
ඔවුනගේ ප්‍රස්න විවිධාකාරය.. හැකි හෑම විටම පිලිතුරක් ලබා දිය යුතුවෙයි..
ඔවුන්ද බොහෝ විට විමසන්නේ ඇයවය...
මම නැවත ඇයව සිහිකරමි...
.
මාගේ කාරය ඇයට සෙල්ලම් ගෙයකි.. කුඩා දරුවෙකු වැනිය..එක විදිහකට හිදගෙන සිටීමට කොහොමටවත් බැරිය.. ඉන්දවූ පසුත් මා විසින්ම ආසනපටි පවා පැලදිවා දිය යුතුය.. දෑත් බැද බලා සිටිනනේ එය මාගේ රාජකාරියක් ලෙසය..
මා හටත් එය හුරු වී ඇත..
එහෙත් ඊලග මොහොතේ ඉදිරි පස අසුනෙ සිටම පිටිපස අසුන තෙක් ඇදෙන්නීය.. ඇගේ බෑගයේ නැති දෙයක් නැත... පැනඩෝල් පෙත්තේ සිට දිවා ආහාරය දක්වා සියලු කලමනා ඒ තුල වෙයි.. එකින් එක ගෙන මා හට විස්තර කිරීම ඇගේ ප්‍රියතම කාර්යයයි..
අලුත් භාන්ඩ වුවද පරණ විස්තර කල ඒවා වුවද ඇයට ගැටලුවක් නැත.. අවශ්‍ය වන්නේ එදින අලුතින් විස්තර කර දීමයි..
කලාතුරකින් එකක් හෝ මග හැරුනහොත් එය විමසීමට තරම් ඒ බඩු භාන්ඩ ගැන මමද දැනුවත්ය..
අත් දිග සෙල්ලම් බෝනික්කෙක් යෙදු කී ටැග් එක ඇගේ විස්තර කිරීමේ ප්‍රියතම අයිතමයයි..
පුදුමය නම් මට කිසි දිනක මේ ගැන තරහවක් හෝ එපා වීමක් නැති කමය..
මුල් දිනයකදී නම් මම ඇයට බැන වැදුනි.. ඒ..
බීමට ගත් පෙප්සි කෝප්පයේ බට එතුලට දමා උඩින් ඇගිල්ලකින් තද කර ඔසවා බටයට එන බීම ටික පමණක් ඔලුව උඩට හරවා කට ඇර තද කරගෙන සිටි ඇගිල්ල ලිහිල් කර බීම ටික කටට හලා ගත් අවස්ථාවේදීය..
“ පෙරේත වැඩ කරන්නෙපා අම්ම... ලස්සනට බොනවකො..“
මා කීවේ එපමණකි.. සත්තම සත්තය ඇගේ සියලු වැඩ සඳහා දොස් කී එකම අවස්ථාවය..
එහෙත් ඈ අදද ඒ මතක් කර මට බනින්නීය..
“ අප්පච්චි නරකයි නපුරුයි.. මට බැන්න එදා බීම බොනකොට..“
මේ සියල්ල මා විඳ ගන්නේ ඉතා සුන්දරවය..
ඇගේ සියල්ලටම මම ලෝබ කරමි... ආසා කරමි...
ඇය වාහනයේ හිද ගන්නෙද ඉදිරිය බලාගෙන නොව පැත්තට හැරී මා දෙස බලා ගෙනය.. මා වාහනය පදවන සෑම තත්පරයකම ඈ පැත්තකින් හිද මා දෙස බලාගෙන කියවයි..
ජීවිතය සුන්දරයි මටම සිතේ..
-- සඳ හොරෛන් හොරෙන් හොරෙන් බලා
වලා  රොදක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා.. --

ඈ වෙනුවෙන්ම මා යොදා ඇති නාද රටාවයි....
.
මා මෙතෙක් බලා සිටි ඇමතුමයි.....
... =======
සියල්ල ඉදිරි ගරා වැටුන දා
ඇයතින් නොමැරුන ඇගේ මිනිස්කම
දැන ගදුනාගත් තනිකම නුඹටත්
මා හැර යන්නට සිදුවෙයි නැවතත්..
.
ප්‍රේම තායෙන් පර මල් යහනට
තවත් ලදක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැක ගත් තනිකම
මා නුඹ එලවන්නද කෙලෙසේ
.
ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ලඳක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා.....
=====
---කුරුළු--

1 comment:

  1. සියල්ල ඉදිරි ගරා වැටුන දා
    ඇයතින් නොමැරුන ඇගේ මිනිස්කම

    ReplyDelete