Saturday, March 12, 2016

අපි ජීවිතේ වරදුනාද වරද්ද ගත්තාද

* මගේ ජීවතේම කඩා වැඩුන වගේ දැනෙනව අයියෙ. මම හිතන්නෙ මට වැරදුනා වගේ
+ ඇයි නංගි එහෙම හිතන්නෙ
* නැ මට එහෙම හිතෙනව අනේ මන්ද මගේ අාදරේ මාව දාල ගියා අයියෙ බාගදා මමත් වැරදි වෙන් ඇති කොහොම හරි මට සේරොම නැති වුන එකයි අන්තිමට වුනේ
+ ඉවසමුද ටිකක්.....අපි ඉවසලා බලමුද
* ඉවසලා ඇති අයියෙ දැන් . මම ගොඩක් ඉවසුවා. හැමදාම අඩනව ගෙදර ඇවිල්ල වැඩට යන ටිකේදි විතරයි ටිකක් හිනා වෙලා ඉන්නෙ
+ ඉතින් හවසටත් ගෙදරදි වැඩ කරන්න 
* බැ අයියෙ මතක් වෙනව මට 
+ හ්ම් නංගි කැමති නම් මම දෙයක් කියන්නම් අහන්න පුලුවන් නං
* හරි අයියෙ
+ නංගි මෙහෙමයි. ගැහැනු ගොඩක් ඉවසනව. ඒ වගේම පිරිමි අපි තේරුම් නොගන්න එක තැනක් තියෙනව ඒ තමා ගෑනුන්ගෙ පීක් පොයින්ට් එක එහෙමත් නැත්තං ඉවසීමේ කැපවීමේ උපරිමය.
* හ්ම්
+ ඕනම ගැහැනු කෙනෙක් තමන්ගෙ උපරිමයටම ඉසවසන කල් බලනව. හැබැයි ඒ උපරිමය කෙනාගෙන කෙනාට වෙනස් වෙනව. පිරිමි අපි දැනගන්නොන තමන් ආශ්‍රය කරන ඒ කෙනාගෙ ඉවසීමේ උපරිමය , කැපවීමේ උපරිමය කොතැනද කියල. මොකද ඒ තැන හරියට දැන නොගත්හම ප්‍රශ්න ඇතිවෙනව. හරියටම මෙන්න මේ වගේ උදාහරණයක්, 
කොල්ලෙක් කෙල්ලෙක් පස්සෙන් කොච්චර එනවද එත් කෙල්ලො එක පාරටම කැමති වෙන්නෙ නැ සමහරු සතියක් දෙකක් මාසයක් අවුරුද්දක් අවුරුදු දෙක තුනක් ඒ කොල්ලට තමන් වෙනුවෙන් බලන් ඉන්න සිද්ද කරනව එත් එක සීමාවක් තියෙනව නංගි ඒ කෙල්ලට අර කොල්ලව දරන්න බැරි අන්න ඒ අවස්ථාවට ආවම අර කෙල්ල කැමති වෙනව කොල්ලට එහෙම නැත්තං ආදරේ කරන්න පටන් ගන්නව. මතක තියාගන්න අර ගැනු ළමය ආදරේ කරන්න පටන් ගත්ත තත්පරය වෙනස් වෙන්න තීරණය කරපු මොහොතෙ ඉඳන් අර පිරිමි ළමය අවුදුරු කීයක් ආදරේ කලාද ඊට වඩා දහස් ගුණයකින් ආදරේ කරන්න පටන් ගන්නව. ඒ වෙනුවෙන් ජීවතේම කැපකරන්න පටන් ගන්නව. හැබැයි කොල්ල ගැනු ළමය ගේ උපරිමය නොදැන අතරමැද දාල ගියානම් කවදාකවත් එයාව ලැබේන්නෙ නැ. 
* හ්ම්
+ ඒ වගේම තවත් දෙයක් තියෙනව. හිතන්නකො ආදරේ කරල කාලයක් ගියාට ප්සසෙ එක කඑ ප්‍රශ්න ඇති වෙලා දුර දිග ගිහින් ගැනු ළමය පිරිමි ළමයගෙ පස්සෙන් එන්න පටන් ගන්නව කියල. සමහර විට අඩාගෙන වැටීගෙන පස්සෙන් එනව. වැඩ කරන තැන් වලට හොයාගෙන යනව එහෙම නැත්ත එපා වෙනකං කොල් කරනව ගෙවල් වලට කතා කරනව. කකුලෙ එල්ලීගෙන බදාගෙන ප්සසෙන් එයි, හැබැයි නංගි එක මොහොතක් එනව ඒ ගැනු දරුවා තමන්ගේ උපරිමයට එන අන්න ඒ වලොවට එයා අනික් පැත්ත හැරෙනව, එයා ඒ මොහොතෙ තීරණය කරනව ආයෙ අර පිරිමි ළමයගේ පස්සෙන් යන්නෙ නැහැ එයා දිහා බල්නනෙත් නැ ආදරේ කරන්නෙත් නැහැ කියල අන්න ඒ මොහොතෙ ඉදන් වෙන්නස් වෙන්න පටන් ගන්නව එදායින් පස්සෙ අර පිරිමි ලමය ආයෙ කොච්චර කරදර කලත් වැටි වැටී පස්සෙන් ආවත් ගැහැනු ලමය හැරිලවත් බලන්නෙ නැ.. ඒ නිසා පිරිමි ගොඩ්ක වරද්දගන්න තැන තමයි අර කැපකරන ඉවසන සීමාව නොදන්න එක.
* ඔයා හරි අයියෙ
+ ඉතින් නංගි මම මේක කිවුවෙ ඔයාට ඔයාට දැන් නැති වුනානම් ආදරේ එයාට එපානම් ඔයා වුනත් දුක් විඳල තෙරුමක් නැනෙ. ඉතින් ඔයා කැමතිනම් අද එලි වෙනකම් හරි අඬල ඔයාගෙ උපරිමයට යන්න. කොයි හරි වෙලාවක ඔයාට හිතේවි දැන් අැති තවත් අඩල වැඩක් නැ කියල අන්න එවෙලෙට ඔයාට සහනයක් දැනෙයි. නිදහසක් දැනෙයි. 
* හ්ම් ඔවු අයියෙ මාත් කල්පනා කලා
+ මේක ආදරේට විතරක් අදාල නැ නංගි. මුළු ජීවිතේටම අදාලයි. ගැනු දරුවෙක් තමන්ගෙ ගෙදරටම විරුදධ වෙලා රණඩු කරල කොල්ලෙක්ට ආදරේ කරන්න ඕනමයි කින තීරනේ ගන්නෙත් එහෙමයි ඒ වෙලාවට එයා ලැස්තියි ඕන කෙනෙක් එක්ක සටන් කරන්න ඒ වෙනුවෙන්. සමහර වෙලාවට කියනව පිරිමි ආදරේදි ඕන දෙයක් කරනව කියල එත් මම හිත්නනෙ අර උපරිමත්වයට පත් වෙල ගැහැනියෙක් ගන්න තීරණයක් ඊට වඩා බලවත්. කෙනෙක් වෙනුවෙන් කැපවෙන්න හිතාගෙන ඒ කෙනාවම විවාහ කරගන්නා ගැහැණියක් ගෙදර පන්සිල් අරගෙන සිල්වත්ව හැදුණ කෙනෙක් වුනත් තමන් විවාහ වුන මනුස්සයා කසිප්පු පෙරන කෙනෙක් නම් දෙන්නගෙ පවුල රැක ගන්න කියල හිතල ඊලග දවසෙ බූලිය අතට අරන් එලයට බහින්න පුළුවන්. මනුස්සය එක් තැන් වුනාම, ගෙවල් සින්න වේගෙන යනකොට දරුවන්ට කන්න බොන්න දෙන්න නැති වෙනකොට තමන්ගෙ ඇඟ විකුණල හරි පවුල රකිනව කියල තීරනයකට එන්නෙත් අර උපරිම අවස්තාව තමයි. 
* හ්ම්
+ අවසානවට ගැහැනු මිනිස්සු දන්නෙ නැ තමන්ගෙ උපරිම අගය කීයද කියල පිරිමින්ට ඒක තේරුම් ගන්න උවමනාවකුත් නැ. හැමෝම තේරුම් ගන්නෙ සියල්ල සිදු වුනායින් පස්සෙ. ඒ නිසා කිසිම දෙයකට ඉක්මන් වෙන්නත් එපා පරක්කු වෙන්නත් එපා. මම හිතන්නෙ මම කියන දේ තේරුන්න ඇති ඔය දරුවට
* ඔවු අයියෙ පිං. මට තේරුණා මම හිත හදාගන්නම්.
+ හදාගෙන මදි නංගි ! හදාගන්න හිත හොඳට බලාගන්න..බුදු සරණයි ආදරෙන් ඉන්න !!
-කුරුළු-

3 comments:

  1. ඔව් ඔව් මටත් ඔය ඉවසිමෙ උපරිමය ගැන අත් දැකිමක් තියෙනවා

    ReplyDelete
  2. ඔව් ඔව් මටත් ඔය ඉවසිමෙ උපරිමය ගැන අත් දැකිමක් තියෙනවා

    ReplyDelete