Saturday, January 17, 2015

--- හ්ම් -- ප්ලාස්ටික් !!! ---


.
පුංචි කාලෙ මට තිබුණ ෆාම් එකක්
---- ප්ලාස්ටික් !!!
හරක් 2න්නෙක්
බල්ලෙක් - අශ්වයෙක් - තාරාවෙක් - බැටලුවෙක්

ඊට පස්සෙ ගෙනත් දුන්න ගස් ටිකක් !
---- ප්ලාස්ටික්... !!
ලොකු ගහක් - පොඩි ගස් 3ක්
පඳුරු 4ක් - වැල් ජාතියක් ...

මගේ ලග තිබුණ පරණ බිල්ඩින් බ්ලොක්ස් ..
---- ප්ලාස්ටික් !!!
මම ඒකෙන් ගෙවල් හැදුව.. !
ලස්සනට ෆාම් එකක් හැදුව ..!

එත් අප්පච්චි ඊලගට මට ගෙනාවෙ ආමි සෙට් එකක්
--- ප්ලාස්ටික් !!
මම ඒ අයගෙන් යුද්ධයක් කලා..
දණ ගහන් හිටපු අය 2න්යි
හිටන් හිටි අය 10යි
බඩ ගාපු අය 5යි
ටැංකි 2යි - ජීප් 3යි....
එහා ගෙදර මල්ලිත් එක්ක එයාගෙ හමුදාවත් එක්ක
අපි යුද්ධ කලා..
පැරදුණාම එයා එයාගෙ හමුදාව මට දීල ගියා ...
මගේ හමුදාව ලොකු වුනා
කරන්න දෙයක් නැති නිසා මම වැඩි පුර හමුදාව
මගේ ෆාම් එකේ වැඩට දැම්ම... !!

ආයෙත් ‍මට ලැබුනෙ බැකෝ සෙට් එකක් !
-- ප්ලාස්ටික් !!!
ඉතින් මම ඒවයින් පොලව හැරුවා
වත්ත පුරාම මල් හිටවන්න.. බොරලු ඇද්දා
සේරම වැඩ කරන්න දැම්මෙ මගේ හමුදාව.

උපන්දිනේට අම්ම දුන්නෙ ට්‍රාන්ස්පෝර්ට් වාහන ටිකක්
-- ප්ලාස්ටික් !!!
ඒකෙ ප්ලෙන් 3ක් - හෙලිකොප්ටර් 2ක්
බස් 5ක් බෝට්ටු 3ක්
ඉතින් මම බස්හෝල්ට් - එයාර් පෝට් ස්ටේෂන් හැදුව
මට බයක් නැ මොකද මගේ ලග බැකෝ තිබුණ
හොද හමුදාවක් හිටිය වැඩ කරන්න...

අප්පච්චි අවුරුද්දට ගෙනාවෙ පුංචි කාර් සෙට් එකක්
-- ප්ලාස්ටික් !!!
ඒකෙ කාර් 24ක් තිබුණ. ලැම්බෝ- ඩුකාටි - අවුඩි - බෙන්ස්
පොඩි කාලෙ ඉදන්ම මම ඒවට ආසයි
අනික් සේරොම පැත්තක දාල මම කාර් පැද්ද...
එත් මට
 හරක් ටිකයි - ආමි එකයි - ප්ලේනුයි ගසුයි නිසා
කාර් පදින්න කාමරේ ඉඩ මදි වුනා
මම අනික් සේරොම එලියට දැම්ම..
‍මගේ ඇදුම් පෙට්ටියත් එක්කම..
මම තනියෙන් කාර් පැද්ද..
බර්ම්..... පිීක් පීක්.......

දවසක් මගේ හරකෙක් අප්පචිට පෑගුණා..
හවස එහා ගෙදර මල්ලිට එන්න කියල
ඒ සේරොම දීල..
මම දන්නෙ පස්සෙ..
මම ඇඩුව හුගක්... දැන් මට කාර් ටික විතරයි..!
-- ප්ලාස්ටික් !!!

-කුරුළු-

9 comments:

  1. හැම දාම හැම තැනම සිද්ධ වෙන්නෙ මේක තමයි කුරුළු!!! ඉවසමු :(

    ReplyDelete
  2. ප්ලාස්ටික්නේ..........................

    ReplyDelete
  3. හි හී මේ කතාව මරු .. ප්ලාස්ටික් .... :D :D

    ReplyDelete
  4. මට නම් මේකෙ වෙන මොකක්දෝ අදහසක් දැනෙනවා වගේ.. කොහොම නමුත් ෆාම් එක කරගෙන හිටියනම් ඔය තරම් හිතට අවුලක් වෙන්නෙ නෑනෙ..

    ReplyDelete