Monday, January 12, 2015

== කෙදිනද කූඩු හදන්නට එන්නේ -කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ == සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ - කවදා තනිවන්නේ ===



.
- සුදු අයියේ ..!
+ ඔවු කියන්න..
- සුදු අයිය‍ේ.....
+ කියනව ඉතින්
- සුදු අයියේ... කෝ මේ සුදු අයියා..
+ කියනව වදේ නලවන්නෙ නැතිව
- හා හා කේන්ති ගන්නෙපා.. මෛත්‍රී වේවා මෛත්‍රි වේවා ..!
+ අනේ මේ යනව හලෝ යන්න..එනව මෙතන බයිට් කරන්න..
- නැ නැ බයිට් කරන්නෙ නැ අපි මෛත්‍රී කරන්නෙ
+ ආහා දැන් ඕකටද කතා කලේ..
- නැ නැ අ‍නේ අපි දෙන්නට මොකටද දේස පාලනේ නේද ? ඒවා ඒකලෙට අපි දෙන්න ගහ මරා ගමු පොඩ්ඩක් ජොලියට ත් එක්ක.. ඊට ප්සසෙ ඡන්දෙ දාල ඇවිල්ල නිවි සැනසිල්ලෙ ඡන්දෙ අහල.. ජොලියෙ ඉමු මෙයා..
+ හ්ම්
- පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා ඒන නෑනෙ අනේ මේ එක වහල යට ඉන්න හදන අපි දෙන්නට.. නැත්ද මං අහන්නෙ..
+ එක වහල යට ? හිතේ අති දැංම රිංගන්ට...
- ආහා හරි ඉතින් ඔයා එහෙනං මට සහයෝගෙ දෙන්ඩ කියල හරි ම‍ේග දෑත් ශක්තිමත් කරන්න කියල හරි අපේ ගෙදර බින්න බහින්ඩ කේස් එක ඉවරනේ සනා..!
+ සනා...! මේක දැන් බජාර් බාසාවත් ඉගෙන ගෙනනෙ කොහෙන්ද අප්ප ඕව ඉගෙන ගන්නෙ..
- එවුව රහස් හොදද ? මේ ඒක නෙවේ අයියෙ අපි ගෙයක් හදන්නෙ නැතිද ?
+ මම හදල තියේනනෙ පොඩි එකක් ඒකෙ තව වැඩ ටිකක් තියෙනව ඒ ඇතිනෙ අපි දෙන්නට ඉතින්.,

- හ්ම්.. දැන් මොනවද ඔය ගෙදර තියේනනෙ..
+ දැනට ඉිත්න එක කාමරයයි...
- එක කාමරක් ද තියේනනෙ එහෙනම් කිවුවෙ වැඩ ටිකයි කියල තියෙන්නෙ.. කියල තව
+ ඔවු අනේ පොඩ්ඩයි තව ඉතිරි . සාලෙ හදල වැරන්ඩා හදල, කාමර තව 4ක් තියෙනව එක් යි කුස්සියයි, තව බාත්රුම් එකකුයි , මැද මිදුලයි උඩ තට්ටුවයි විතරයි ඉතුරු ..
- මගේ දෙයියනේ..... එච්චර ද ඉතුරු !!! ඒක හොදයිනේ..
+ හොදයිනෙ නේද එකනෙ කොහොමද මගෙ ප්ලැන් එක !
- කියන්න බලන්න..දැන් සාලෙයි කිචන් එකයි වැ‍රන්ඩාවයි මැද මිදුලයි..ම් කාමර 4 යි බාත්රුම් දෙකයි ඇත ඇති..
+ එක්නෙ
- හැබැයි අයියෙ මට ආසයි උඩ තට්ටුවෙ පොඩි ටීවි රෑම් එකක් හදන්න ! එතකොට අපිට එකේ ටිවි බලන්න පුලුව්නනෙ සද්දෙට.. අයියට ඕන නම් පොඩි පුස්තකාලෙකුත් වෙනම හදමු පොත් කියවන්න.,!
+ නැ මම හිතන් ඉන්නෙ උඩ කොටසෙ පොඩි පිරමීඩ කාමරයක් හදන්න
- ඒ මොකටද
+ මට බාවනා කරන්න , ඒකෙ ඇතුලට වෙලා
- හ්ම් මම ආවට පස්සෙත් බාවනා කරනවද ඔයා.. කැමැත්තක් එහෙනම්.. මේ අපි පොඩියට චාමෙට හදමු.. බිමට සුදු ටයිල් අල්ලමු.. දුමුරු පාට බෝඩරක් එක්ක,,ම් නාන කාමරේට අපි උනු වතුර එකක් හයි කරමු.. මේ සුදු අයියෙ.,
+ ඇයි සුදු නංගි
- මට බාත් ටබ් එකකුත් හයි කරල දෙනවද ?
+ ඒ ඇයි..
- මට බැහැල නාන්නනෙ.. සුවිමිං පූල් වලට වියදංනෙ අප්ප.. පොඩි එක්ක හදල දැන්න ඈ..
+ අනේ මේ පල යන්න .. ඔන් නං වත්තෙ ලිදක් කපල දෙන්නං ඇදං නාන්න..
- ආ.. මේ ඔයාගෙ රෙදි හොදල දේනනෙ නැ හරිද මට ඕන දේවල් කලේ නැත්තං.ම් කිචන් එකට ලස්සන පැන්ට්‍රි කබඩ් සෙට් එකක් හදමු..ටීක් පාටට !! ලස්සනට හදපු කෑම කාමරේට අපි පොලවට ලෑලි අල්ලමු...ලී කැම මේසයක් තියමු..එතකොටයි ගති මම දැක්ක ටී වි එකේ..
+ පිස්සුද අනේ සල්ලි කොහෙන්ද ඔය ටිවි ඒකෙ යන බහු බූත කරන්න..
- ආ බූත නෙවේ ..සාලෙ තියේනනෙ සෙටි එක විතරයි ලස්නට නිදහස්ව තියන්න ඒන.. පින්තුරක් එල්ලල ඔයයි මායි ඉන්න හොදද? ආ.. නිදන කාමරේට කොම්පියුටර් තහනම් හොදේ ඒකකට වෙනම කාමරයක් හදන්න වෙනව..
+ මේං බලහල්ලකො මේකි.. යකො ්මට තව ඉඩමක් ගන්න වෙයි මේ විදියට හද්න්න.,
- මේ ඉතින් අහනවකො මැටිස් අපි දෙන්න අවුරුද්දට තීන්ත ගාමු ඇ මම ආසයි අනේ අපේ තාත්ත දෙන්නෙ නැනෙ.. ඔයාගෙ ගෙදර ආවම අපි දෙන්න එකතු වොල තීන්ත ගාමු හොදේ..
+ හ්ම් එහෙන්ම මාසෙකට විතර කිලන් පටන් ගන්න වෙයි.
- ඒ මොකෝ
+ මොකෝ අහන්නෙ ඊරියෙ ඔය කියන තරමම් ලොකු ගෙයක් හැදුවම කොච්චර තීන්ත ගාන්න වෙයිද ? දෙන්නෙක්ට ගාන්න මාසයක් වත් යයි
- හරි ඉතින් අපි චුට්ට චුට්ට ගාමු .. මොනවද ඩොන්ට් බි නෙගටිවු තින්ක් පොසිටිවු බබා..!
+ නැ නංගි මොනව කරන්නද ඒක අපේ ලේවලින් එන එකක් මගේ ලේ වර්ගෙ නෙගටිවුනෙ ..
- මේ අයියෙ ඒක නෙවේ අපි ඒ ගෙදර තව කාමරයක් හදමු !
+ ඒ කාටද
- ඔයාගෙ අම්මටයි අප්පච්චිටයි..
+ හානේ ඇත්තද ! අන්න අම්ම කතා කරනව තේ බොන්න යන්න .. අනේ මේ මම කිය්නනෙ නැ උඹට ..ඇඩ් දානව නේ මට
- අනේ නැ අප්ප ඇත්තමයි අම්ම කතා කලා මම යනව එහෙනම්..
+ හරි බුදු සරණයි එහෙනම්..ආදරෙන් ඉන්න හොදද !
- ආ මේ අයියෙ මේ මම කියපුව ලියල තියාගන්න ඇ
+ ඇයි ඒ..
- කවද හරි ගේ හදනකොට ඕන වෙයි.. හූ .. හූ..
+ පලයන් යන්න ගෙම්බි...
===========================
කෙදිනද කූඩු හදන්නට එන්නේ -කෙදිනද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ - කවදා තනිවන්නේ


බිඳුණු සෙනේ දළු ලියලා ලා ගිනි වනපෙත ඒකාලෝක කෙරේ මා ප්‍රිය හිමි ඔබ එයි විඩාවෙන් දුර එනතුරු දොරකඩ රැක ඉන්නට

සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ කවදා තනිවන්නේ

දෙපය දොවා පිණි දිය දෝරේ ගිය බිරිඳක වූ දා නේද අගේ මා හිස සිඹ දොඩනා කතන්දර රස මසවුලු සුව‍ඳෙහි තුඩ තබනට

සෞම්‍ය ප්‍රේම සඳ කිරනේ කවදා තනිවන්නේ

ගායනය - නිරංජලා සරෝජිනී
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
============
--- කුරුළු--
 
 ගී පැදුර බ්ලොගයට මගේ වි‍ශේෂ ස්තුතිය ( දැන් මම ගීත හොය්නනෙ ඒකෙ )
ගීතය මෙැතනින් අහන්න -
http://geepadura.blogspot.com/.../kedinada-koodu...
 

6 comments: