Sunday, October 12, 2014

නිදි නැති සිත





ත්‍රිකෝණයකට හිඳ භාවනා කිරීම ගැන මම නුඹලාට දිනක් පැවසූවෙමි. සැබවින්ම එය පුදුම උපදවන සුළුය එය ත්‍රිකොණයට වඩා පිරමීඩ හැඩයකට සමාණය. පසුවට එය පින්තුර සහිතවම නුඹලාට ලියා දක්වන්නෙමි. එදා ඒ පැවසු අයුරින් හිඳ ගත් විට ශක්තිය ජනනය වන්නේ නම් ලම්භක රේඛාව දිගේමය..! හරියටම පිරමීඩයක් - චෛත්‍යක හැඩයකටමය ----
ඒ ලම්භක වීමත් සමගම විශව ශක්තියත් හා සම්බන්ධ වීමටත් යම් යම් විශ්ව ශක්ති දැනුම කරුණු නිර්මාණ සමග සහ සම්න්ධ වීමටත් නුඹට අවස්ථාව ලැබේ
.
අතීතය බො‍ොහ් දෙනෙක්ට විවිධාකාරයෙන් ගැටලු පැන නැගී ඇත. ඒ අතරින් බැලු වි පොදු ගැටලු ප්‍රමානයක්ද දැකිය හැක.
පිරඹීඩ තාක්ෂණය ගැන ගැටලුව තවම විසඳගැනීමට අප අපොහොසත්ව ඇත. එනම් ඒවා ඉදිකරන ලද තාක්ෂණය අදටත් අභිරහසක් වීමයි. එපමණක් නොව අතීතයේ සිදු කර ඇති ඇතැම් විශ්මිත නිර්මාණ ගැන තමත් හෙලි නොවූ රහස් අනන්ත අප්‍රමාණව අප ඉදිරියේ ඇත.
ලෝකයේ තැන් තැන් වල විවිධාකාර විෂයන් අනුවද මේ පුදුම දනවන දැනුම හා නිෂ්පාදන ඇතුලත් නිර්මාණ ඉදිවී ඇත.
ඒ අතුරින් අප රටේ සීගිරි ගලේ ජලය ඉහලට රැගෙන ගිය ආකාරයද ඉතා විශ්මය ජනක බවද ඒ තාක්ෂණය ගැන එතෙක් කිසිම සඳහනක් සොයාගෙන නොමැති බවද මම කුඩා කාලයේදි කියෙවුමෙි.
මේ ඇතුම් විට ඉදිකිරීමක් විය හැක. නැති නම් යම් විද්‍යාත්මක පරීක්ෂයක් විය හැක. නැත්නම් අතීතයේ තිබු විශ්මය උපදවන අද වන විට නැතිවි ඇති තාක්ෂණයක් විය හැක නැතිනම් අද්භුත සොයාගැනීමක් විය හැක.
මා සිතනා ආකාරයට මේවා කවුරුන් විසින් කෙසේ සිදු කරන ලද්දේදැයි තවමත් අප පර්යේෂණ කරමින් සිටින්නෙමු.
එහෙත් තව නොබෝ කලකින් අපට එ් සියල්ලටම පිළිතුරු ලැබෙනු ඇත. එනම්. මේ ගමන් කරන්නවු විද්‍යාවේ ගමන් මග අනුව මිනිසා විසින් කාල තරණය සොයාගනු ඇත. කාලය හරහා ඉදිරියටත් පසුපසටත් ගමන් කිරිමේ ක්‍රමවේදයක් සොයා ගන්නවා ඇත.
මේ ගැන මා මීට පෙරත් ලිවෙමි.
ඒ ශරීරයක් ඇතිව හෝ නැතිව සිත පමණක් ගමන් කර වීමක් විය හැක. නැතහොත් ශරීරය සමගම ගමන් කරවීම විය හැක. එක්කෝ අධ්‍යාත්මික සමවැදීමක් මගින් අතීත වර්ථමාන අනාගත යන ස්ථාන 3 ම එකක් වන ඇත. ඒ අතීත - වර්ථමාන අනාගත ලෙස බෙදෙනේනෙ කාලය අපට ගණනයක් වන තුරු පමනි.
සත්‍ය හෝ අසත්‍යව නිර්න්තරයෙන් අතීතයේ පටන් ලෝකයේ තැන් තැන් වලින් කාල තරණයන් පිළිබඳව අපට කතාන්තර අසන්නට ලැබේ.
තවත් අවුරුදු සියයක් ඇතුලත කාලය තරණය කිරීම මිනිසා සොයාගත්තා යැයි අප නිකමට සිතමු. එසේ නම් අනිවාරයෙන්ම මිනිසුන් වන අප උත්සාහ කරන්නේ අනාගතයට වඩා අතීතයට ගමන් කර යම් යම් දෑ වෙනස් කිරීමටයි.
බොහෝ විට ,
මිසර තාක්ෂණයේ පටන් අපට මේ දැන් ලැබී ඇති තාක්ෂණය දක්වා පවා අනාගතයේ අප විසින්ම පැමිණ ලබා දුන් දැනුම විමට ඉඩ ඇත.
එනම් 2114 දී කෙනෙක්ට 2014 ට පැමිණ එදාට අදාල දේවල් නව නිර්මාණ කියාදී නව සොයාගැනීම් වලට යම් යම් දත්ත පමණක් සපයා නැවතත් යාමට පුලුවන.
එලෙසම එතැනින්න ආ පස්සටත් යාමට පුලුවන.
මා පෙර පැවසු පරිදි.
ශරීරයක් නොමැතිව චිත්තයක් හෝ නොපෙනන ශක්තියක් පමණක් ගමන් කලහොත් වත්මන ජීවත් වන අපට එ් දැනුම ලබා දිය හැකි වන්නේ යම් යම් සංඥා මගිනි. බාගදා අප ඒ අනාගතයෙන් එන අයව පිටසක්වලයන් ලෙස හෝ දෙවියන් ලෙස වුවද වරදවා වටහා ගැනීමටද පුලුවන.!!!
---------------------
---කුරුළු----

4 comments:

  1. // බාගදා අප ඒ අනාගතයෙන් එන අයව පිටසක්වලයන් ලෙස හෝ දෙවියන් ලෙස වුවද වරදවා වටහා ගැනීමටද පුලුවන.!!! //
    බොහොම ආකර්ෂණීය අදහසක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි - දැනට කරන්‍නෙත් ඒක වේනන පුලුවනි

      Delete
  2. ඔව් ඔව් වෙන්න බැරිත් නැහැ මේ වෙන දේවල් එක්ක බලනකොට.

    ReplyDelete
    Replies
    1. ඒක වෙනව යාලුවා හැබැයි උඹයි මමයි ජීවත් වෙන එකක් නෑ

      Delete