Tuesday, October 7, 2014

==== ළඟ දෙනෝදහක් හිටියත් මට තනිකමක් දැනේවි. ==


.
- හනේ හනේ මෙහෙමත් මිනිස්සු !
+ ඇයි !
- ඇයි අහන්නෙ ? දැන් කොච්චර කල් මට කතා කලේ නැද්ද
+ මතක නෑ..
- දැක්කද..... කියන හැටි විතරක් මතක ත් නෑ ලු.. ඔවු ඉතින් මතක තියෙන්නෙ කොහොමද සෑහෙන කාලයක්නෙ..
+ ඔවු වැඩ තිබුණ ..
- ඔයාට සේරොටම වෙලාව තියෙනව එත් මට එක මැසේජ් එකක් එවන්න තමයි වෙලාව නැත්තෙ..
+ ඔයාට විතරක් නෙවේ වෙන අයට මැසේජ් කරන්නත් වෙලාව නැ අප්ප..
- මොකක්ද කිවුවෙ.. කවුද වෙන අය.. ඔයා මට ඇයි මෙහෙම කරන්නෙ අයියා.. අයියා ඔයාගේ මේ වෙනස් කම් මට දරාගන්න බෑ අයියා. .මම දැන් මේ මිරිස් ගලෙන් ඔලුවට ගහගෙන මැරෙනවා අයියා.. සත්තයි අයියා..
+ මොකෝ.. පරණ චිත්‍රපටියක දෙබස්ද කියන්නෙ..මිරිස්ගල මොකෝ අතේ
- ඒ පොඩි වැඩක් අනේ.
+ ආ අම්මට උදවු කරනවද ඒක හොදයි නංගි !
- පිස්සුද අයියෝ.. මම මේ බර උස්සනව..
+ මොකක්ද ????? මිරිස් ගලෙන්..
- ඔවු අප්ප ඊට වඩා බර එක්ක මේ අහලකවත් නෑ ඉතින් මම මේ මිරිස් ගලේ අඹරන ගල තියේනනෙ අන්න ඒක උස්සනව
+ මොකෝ අලුත් පිස්සුවක්ද ?
- එක්නෙ.. එක්නෙ දන්නෙවත් නෑ.. පවු අප්ප මං.. මෙහෙමයි හරිද? දැන් මම අයියට කිවුව මහත් වෙන්න ටික්ක කියල..
+ ඔවු කිවුව තමා.
- ඉතින් ඔයා ගණකටවත් ගත්තෙ නෑ. තාම ඒ ගාණ මයි..
+ ඉතින්..
- ඉතින් මම මේ ගෙදරට වෙලා ඊරි වගේ කාල කාල නිකං මහත් වෙනව.
+ ඒක හරි !
- මොකක්ද ? මහත් වෙන එකද ?
+ නෑ ඊරි වගේ කිවුව එක..
- අනේ මේ ඔයානෙ ඌරා..ඉතින් මේ නංගි තීරණය කලා කෙට්ටු වෙන්න.. මම ඔයාට වඩා සයිස් වුනෝත බෑනෙ අප්ප ගාණට ඉන්නෙපැයි..මං ඉතින් එක්සයිස් කරනව දැන් හැමදාම..
+ මොනවද කරන්නෙ ?
- මම දුවනව වට 10ක්, මේ ගල උස්සනව, ම්.. නෙට් එකේ අර ප්ලාස්ටික් රවුම ඉන වටේ දාල කරකවනව..තව... බයිසිකල් පදිනව..බැඩ්මින්ටන් ගහනව.
+ දුවන්නෙ කොහෙද ඔයා..ගම වටේද ?
- අයියෝ නෑ අනේ. ගේ වටේ. අර ලිඳ ගාවින් නම් දුවන්න බෑ මම එතනින් ඇවිදන් යනව ඊට පස්සෙ දුවනව..
+ අර නෙට් එකේ රවුම මොකටද ?
- ඇයි අනේ ෂේප් එක ගන්න එපැයි..!
+ අනේ දරුවො ඉස්සර කාලෙ කලේ උකුලෙ තියන් ගිහින් ළදෙන් වතුර ඇඳන් නාල වුතර පුරවන් ගෙදර එන ටිකට ඔය එක්සයිස් ටික වෙනව නිකම්ම..
- මගේ අම්බෝ.. කලේ නම් අරන් යන්න බෑ.. රිදෙනවනෙ අප්ප ඉන..
+ එක් තමා.. කමක් නැ කැරකුවට කමක් නැ නෙට් එකේ රවුම කඩන්නෙපා රෑට ඉන්න වෙන්නෙ මදුරුවො එක්ක..! ඒක නෙවේ ඉතින් ඔයා කියන නිසාම මාත් ගියා ජිම් එකකට !
- ඇත්තමද...........උම්මා..ෂෝයි සුදු අයිය.. ඉතින් ඉතින්..
+ වැඩක් නැ දැන් මාස හතරක් විතර. බඩ විතරක් ආව අනේ එච්චරයි.
- අනේ ඒ මොකෝ අනේ..
+ මම ඇහුව ඉතින්.. ඉස්සෙල්ල බඩ එනවලු. පස්සෙ පපුවත් එයි කියල කිවුවෙ උන්.
- අනේ යනව යන්න මෙයාගෙ බොරු.. මේ ඔයා ඔයා යකඩ උස්සන්න ගිහින් නිකං ඇට කඩාගන්න ඕන නෑ.. හවසට ටිකක් දුවන්න. වෙලාවට කන්න. ඇග මහන්සි කරවන්න.
මට ඕන බොඩි බිල්ඩර් කෙනෙක් නෙවේ.මම කිවුවෙ ඔයා එකම තැන වාඩි වෙලා ඉන්න නිසයි.
+ හ්ම් හාකො.
- මේ සුදු අයියෙ මම තියෙනව දැන්.. එක අතකින් මේක උස්සල ඉවරයි අනික් දැන් මේ ෆොන් එක අල්ලන් ඉන්න අතින් උස්සන්න ඕන බායි ඈ..
+ ඉතින් ෆෝන එක අනික් අතට මාරු කරන්න..
- පිස්සු හැදෙයි එක් ඉස්සුවට ප්සසෙ ආයෙ ෆොන් එක තියා නිකං වත් අත උස්ස ගන්න බෑ මට බුදු අම්බෝ මම තියනව.ටටා.. කතා නොකලට කමක් නෑ ආදරෙයි හොදේ..
+හොදයි සුදු නංගි ආදරෙන් ඉන්නෙ..!
=====================
සඳ ඇවිත් මගේ මිදුලට සඳ එලිය අරන් සිහිලැල්
ඔබ ඉන්නවනම් මා ලඟ නොසලා ඇසිපිය නිලුපුල්
ඔබ ඉන්නවනම් මා ලඟ කොඳ මලින් සදා හසරැල්
.
දුර ඇත නිම්න කඳුවැටි සුදු මීදුමේ ගිලේවි
ළඟ දෙනෝදහක් හිටියත් මට තනිකමක් දැනේවි.
.
රෑ නින්ද බිඳී ඇහැරී පැණි කුරුල්ලන් හඬාවි
මගෙ සිහින හොරෙන් අරගෙන මේ සඳත් යන්න යාවි
.
================== අමරසිරි පීරිස් මහතා
--- කුරුළු---

11 comments:

  1. අගෙයි....... රචනා විලාශය වෙනස්... ඒ වගේ ම රසවත්... රසවින්දා....

    ReplyDelete
  2. ෂා ලස්සනයි!! ආ

    ReplyDelete
  3. අලුත් බ්ලොග් සින්ඩියක් හැදුවා.. අලුත්ම උණු උණුවෙම තාම.. කැමතිනම් සම්බන්ධ වෙන්න ආරාධනා කරනවා
    http://syndi.techona.com/

    (මේ කමෙන්ට් එක ඉවත් කරන්න.)

    ReplyDelete
  4. කාලය මැව් වෙනසක අරුමේ..

    ReplyDelete
  5. sinduwe link1k post karanna puluwanda?

    ReplyDelete