Tuesday, April 2, 2019

==== දසිස් 50 =====




( හතලිස් නවවන කොටස හා සබැඳි )
මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
.
- මිනටෝර් පෙනි සිටින්නේ ඔහුගේ සාමාණ්‍ය ස්වරෑපයෙන් එහෙත් සටන සංකීර්ණ වත්ම ඔහු ඔහුගේ සැබෑ ස්වරූපය ආරූඩ කර ගන්නවා එවිට මෙලොව කිසිවෙකුටත් මෙල්ල කල නොහැකියි. ශිව නන්දි ඔහු හා බැදී සිටිනවා..
+ ඉතින් ඔබව අප දේවයන්ට කියාදුන්නා මෙල්ල කරනා හැටි..
- මා නම් කියා දුන්නා එහෙත් ඔහු මුලි්න් ඒ ගැන තැකුවේ නැහැ. මනුශ්‍ය භව යේ ස්වාභාවය අනුව තම ශක්තිය පිළිබදව ඒනැවටත් වඩා මදයින් උන්මාදව පසුවුවා....
+ ඉිතින්..
- ඉන් ලැබුන ත්‍යාගය තමා ඔය කකුලක කොරය..... !
+ හහ් හහ් හහ් හහ් හහ්... අනේ මගේ කච්ච දේව... ඔබ හරිම බලවතෙක් නොවැ.
—————————————– අද එතැන් සිට
- බලවතෙක් නං තමා රජුනි ඔහු මෙල්ල කිරීම මට ඉතාමත් අපහසු වුනා කුළු හරකෙකු වගේ කොයි වේලාවෙත් කුල්පුපවකිනුයි සිටියේ. 
+ ඉතින් නුඹ ඔහුව හික්මවා ගත්තෙ කෙසේද 
- මා පෙර පැවසුවාක් මෙන් මනසේ පාලනයකින් තොර ශරීර ශක්තිය අත්තටු තිබුනද දෙපා නොමැතිවාක් මෙනි. ඇති තරම් පියාසර කල හැක එහෙත් පොලවට ගෙඩබෑම සිදු කල නොහැක එක්කෝ මැරී වැටෙන තුරු පියෑඹිය යුතුය නැතහොත් වන දෙයක් වන්නට පොලවට ආ යුතුය. 
+ හහ් හහ් හහ් හහ් කදිම උදාහරණයකි
- පියාපත් තිබුන පමණන් අප සම්පුර්ණ නොවේ දෙපාද තිබිය යුතුය. එමෙන්ම ශරීර ශක්තිය පමනක් තිබීම විනාශයට මුලය ඒ හික්මවන මනසේ ශක්තියද තිබිය යුතුය. මා රජුනි දැන ගන්න ඔබට පහසුවෙන් මෙල්ල කල හැ්කකේ තම ශරීර ශක්තියෙන් ඔබව යටපත් කරන්න ට එන තැනැත්තන්ය. මක්නිසාද ඔවුන් සියයට සියයයක් විශ්වාසය තබන්නෙ ශරීර ශක්තිය මතය මනසේ කල්පනාවක් ඔවුනට නැත.
+ සැබෑවකි
- දේව එදායින් පසු ඒ කකුලක කොරය නිසාවෙන් කච්ච දේව ලෙසින් ප්‍රසිද්ධ වුවා . මිනිසුන් ඔහු මිනටෝර් ලෙසින් එකල හැදින්වුන ගවරාව මෙල්ල කරනු දුටුවා ඒ නිසා ඔහු ඉතා ශක්තිවන්ත එඩිතර අයෙකු ලෙසින් පිලිගැනුනා. 
+ සතුටුයි 
- එයින් පසු ම විසින් කච්ච දේව අප පුහුනු කදවුරටත් සූර්ය දෙවොලටත් කැදවාගනෙ ගියා . කරුණු පහදා දුන්නා ..ඔහු මනසේ බලයත් සිරුරේ බලයත් තුලිත කල විට ප්‍රඥාවේ බලය ඇති නිසි පැහැදිලි මනසක් ඇති කීර්තිය උදාකරන්නාවු බලගතුම " කහ පුෂ්පරාගය" ඔහු සතු වුවා. එවිට ඔහුගේ බලයද සම්පුර්ණ වුවා . රාවණ බලය පිහිටුවුවා.
+ එසේනම් ඒ මානික්‍ය විය යුතුයි ඔහුගේ ආයුධයෙහිත් ඔබ්බවා තිබෙන්නේ
- එසේය රජුනි ඔබ දැක ඇති නිතරම උර දෙපතේ රුවාගෙන ඇති සම් පටි කතිරයේ ඔහුගේ පිට පැත්තට වන්නට ඇති රැදවුමේ ඔබා තිබෙන , එදා සටනෙන් පසු මිනටෝර් නම් ගවරා ත්‍යාග කල ඒ ආයුධය.
+ එයෙ දැක ඇත්තමෙි එය ගලවා පසෙකින් තබන්නේ රැයෙහි සැතපෙන විට පමණක් ම විය යුතුය ඒ හැර අන් සෑම අවස්ථාවේම ඒ සම් කොපුවේ බහා පිටේ රුවාගෙන සිටිනු දැක ඇත්තෙමි
- එසේය ඒ එය එතරම් බලගතු නිසාවෙනි අනෙක එම දෙපැත්තම තියුනු මුවහත් තලය ඇති වෙත් කිසිදු කගකින් කැපි නොයන මිටකින් සවිවුන පොරොව යනු ඔහුගේ කුඩා කල සිට රැකගෙන ආ කීර්තියේ සලකුනයි ඔහු ඒ දිවි හිමියෙන් රකියි. ඒ තල දෙක මැද ඇති මිට කොටසේ බලගතු කහ පුෂ්පරාග මැනික ඔබා ඇත්තේ දෙපසටම පෙනෙනා ලෙසය.
+ හ්ම්... කිසිදු කගකින් නොකැපී යන ලෙසින් ඔබ අදහස් කලේ කුමක්ද අභය
- රජුනි පොරෝ මිට නිම වන්නේ ගසක කදකිනි එහෙත් මේ එසේ නැම වුවක් නොවේ
+ එසේනම් ?
- මේ මිට යනු මිනටොර් ගවරා විසින් පරාජය කරන ලද ඔහුට පෙර සිටි මහිෂ ගෝත්‍රයේ බලගතුම ගවරාගේ අඟයි...ඔහු සතුව තිබු ඒ අඟ යුගලයෙන් එකක් මිනටෝර් මෙසේ තම ආයුධයේ යෂ්ටියට යොදා ගෙන ඇත ඒ ද එදින ඔවුන් දෙදෙනා අතර වු යුධයේදි මිනටෝර්ගේ ආයුධය කැබලි වලට කැඩී ගිය නිසාවෙනි. 
+ ඉතින් කිසිම කගකින් යැයි කීවේ .
- මහා විෂ්ණුගේ නන්දකා කගටවත් කපා හෙලිය නොහැක්කකි , හැක්කේ ඉන් ලැබෙන පහර වැැලක්වීම පමණි. 
+ එතරම් බලගතුදැ
- එසේය ඒ වසභයන්ගේ යෂ්ටිය තරම්ම සවිමත්ය .. මායා බලයන්ගෙන්ද පිරුනකි
+ මායාබලයන් මොනවාද එහි ඇති
- රජුනි ඒ මිටෙහි ඇති සියුම් කැටයම් පිරික්සා බලන්න දිනක . කච්ච දේව යුධය සදහා ආයුධය එසවූවහොත් ඒ බව එය දැනගනී එසේම ඒ කැටයම් කච්ච දේවගේ අත දිගේ ගමන් කර ආයුධත් දකුණ අතත් රැහැනකින් වෙලා දැමුවාක් මෙන් තදින් ගැටගසනු ලබයි.
+ පොරෝ තලය යුධයේදී අතින් ගිලිහී නොයැමටද 
- එසේය රජුනි. එවිට දකුනතත් පොරාවත් දෙකක් නොව එකක් වේ. එපමණක් නොව ඊට කහ පුෂ්පරාගයේ බලයද එක් වේ. පහර දිය යුතුම නොමේ කච්ච දේවයන් එයට මතුරා එක් වරක් හෝ පොරෝ මිට යුධ භුමියේ කිදා බැස යන අයුරින් ගැසුවහෝත් එතැන් සිට ඇසින් දැකිය හැකි මානයේ පොලෝ තලය දෙදදා යයි. සතුරන්ගේන් වට වී ඇති අවස්ථාවක පමණක් ඒ දහයක් - දහසක් හො ්දසදහසක් දෙනා එකවර නැසීමට පමණක් ඔහු ඒ යොදා ගනු ඇත. 
+ ෂා............හ් ඉතා බලවත් නේ
- එසේය බලය දස දහස් ගුණ වන්නේ ඔහු මහිෂ ගෝත්‍රිකයන් මෙහි ප්‍රාතීර්භුත කල පසුය..... කච්ච දේව යම් හෙයකි්න් යුධපිටියේදි මිනටෝර් ගවරාව ප්‍රාතිර්භුත කලහොත් මා රජුනි ඔහුගේ ආයුධයද ඒ සමානව විශල වී ගවරාගේ නියම පැවතිය යුතු ආයුධය බවට පත්වන්නෙය
+ අභය ඔය කියන්නාවා වු මිනටෝර් ගවරා කොතරම් විශාලද ?
- හහ් හහ් හහ් රජුනි කොතරම් දැයි සින්නේද ?
+ මා ගවරා දකින්නෙ අනෙකුත් ගවන් හා සසදා ඊට විශාල සතෙකු ලෙසය
- මා රජුනි ප්‍රාතිර්භුත වන්නාවූ මිනටෝර් පමණක් නොව අන් සෑම ගෝත්‍රයක්ම ඔබ කණ්ඩුලයානන් තරමටම විශාලය .. මිනටෝර් ගවරා දෙපයින් සිටගත් තැනේදි කණ්ඩුලට ත් වඩා උසය.
+ දෙයියනේ එතරම් විශාලද මොවුන්... එසේ නම් ඔවුන් ඉතා බලවන්ත වියයුතයි..
- එසේය රජුනි එහෙත් තවෙකක් තිබේ. මේ අප ශරීර ප්‍රමාණය කුඩාවන්නා වු හැකිලෙන්නාවු යුගයයි එහෙත් මින් පෙර මනුශ්‍ය ශරීරය මොවුන් හා සසදන්නාව කල්හි අප දැන් දක්නා ගවරැන් තරම්ම මොවුන්ද කුඩාය.. 
+ ඔහු... අසා ඇත්තමෙි මහා ශරීර හිමි ඉතා උසක් හිමි මනුශ්‍ය යුගයක් ගැන
- එසේය... රජුනි උපදෙසක් දෙන්නෙමි
+ පවසව
- යම් හෙයකින් අප කච්ච දේවයන් යුධ බිමේදි මිනටෝර් ගවරා ප්‍රාර්තිර්භුත කලහොත් 
+ ඔවු අභය, කලහොත්
- ඔබ වහනසේ සේනාවත් රැගෙන නොපෙනනා මානයක් දක්වා පසුබසින්න... 
+ ඒ කිමද ?
- ඒ මිනටෝර් ඇසට පෙනෙනා මානයේ ඇති සියල්ල සුනු විසිනු කර දමන්නාවු බැවිනි. 
--------------------------------- සෙස්ස පස්සට 
--- කුරුළු -- 
( රාවණ – ගැමුණු රජු – දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව ” දසිස් ” නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්

Saturday, March 30, 2019

==== දසිස් 49 =====



( හතලිස් අටවන කොටස හා සබැඳි )
මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
.
+ අහ් කච්ච දේව... දේව නේද ඔහුගේ උපන් නාමය
- එසේය කච්ච යැයි එකතු වුවේත් ඔහුගේ පාදයක කොරය නිසාවෙනුයි.
+ ගවරෙකු මෙල්ල කිරීමට ගොස් කුඩා කාලයේදි ඇති වු කොරයක් බව ඔහු පැවසුවා මතකයි...
- හහ් හහ් හහ් එසේයි කුඩා කාලයේදි නම් සැබැවක්. ආන්න ඒ ගවරා ම තමා මම ඔබවහන්සේටත් මෙල්ල කරන්න යැයි ආරාධනා කලේ..
+ ඒ කිය්නනේ කච්ච දේව ඒ ප්‍රාතීර්භුත කල ගවරා මෙල්ල කරන ලද්දේ කුඩා කලදීද ??????
—————————————– අද එතැන් සිට
- එසේය රජුනි කච්ච දේවයන් තරුණ වියට පැමිනෙන විටත් ඔහු ඉතා කාය ශක්තියක් පෙන්වා සිටියා. ඔහුගේ නකුල නාග ග්‍රාම ප්‍රෙද්ශයට ගවරුන් මෙල්ල කිරීමට ඔහුට වඩා හපනෙකු සිටියේ ම නැහැ.
+ හ්ම් ඔහු ගැන ඉතිහාස පුවත් අසා ඇත්තෙමි ඔහු පමණක් නොවේ මේ දස දෙනා ගැනම මම යම් තරමක් දනිමි. මා පියාණන් විසින් මේ යෝධයන් රැස් කර තිබෙන්නෙම මා වෙනුවෙනුයි හැගේ
- එසේයි ඔබ පියාණනන්ට ඒ සදහා ආරාධනා කලේ මායි
+ මොනවා අභය ඔබ පවසන්නේ මා ගැනත් මේ රාවණ දස බලයන් ගැනත් දස මහා යෝධයන් ගැනත් කාවන්තිස්ස රජුන් දැන සිටිය බවද ?
- එසේයි යම් තාක් දුරට දැන සිටියා. මා ඒ බව පැවසුවා .
+ එසේ නම් මා හට යුද්ධ කිරීමට නොදී සිටියේ ඇයිද ?
- නිසි කාලය එළැබෙන තුරුයි. කාවන්තිස්ස රජුන් ඔබ වෙනුවෙන් සියල්ල සම්පාදනය කලා . ඔබ යුද්ධ කරන බව ඔහු හොදින් දැන සිටියා ඉදින් ඔහුගේ ඇවෑමෙන් ඔබට යුධ කිරීමට අවශ්‍ය සියලු දේ සම්පාදනය කලා. ලකෙහි බොහොමයක් ප්‍රෙද්හ තමන් සමග මිත්‍ර කර ගත්තා. සේනාව සංවිධාන කලා . සේනාවන් බදවා ගත්තා ඒ අතරතුර ඔබ මැණියන්ගේ උදවු ඇතිව ඔබ වහන්සේව මාගමට යවා ලැබිය යුත යුධ පුහුනුව මෙන්ම රජෙකු විසින් පුහුනු කල යුතු දැන ගත යුතු කරුනු විදයාවන් ඔබට ඉගැනුනවා
+ ඒ සේ නම් පිය රජතුමන් මා දිහා බලාගෙන හිටියා මා මාගම සිටිනා විටත්
- ඔවු කිසිවිටකත් නොබලා සිටියේ නැ ගැමුනු රජුනි. ඔහුගේ සිහිනය වුයේ ඔබ වහන්සේ මේ රට එක්සේසත් කරනවා දැකීමයි. මා ඊට මග පෙන්වුවා දස බලයන් එකතු කරමින්.
+ මට මතකයි අභය මා රැගෙන යාමට කණ්ඩුල සමග මාගමට නුඹ ඇතුලු පිරිස පැමිනි දිනය යෝධයන් කිහිප දෙනෙකුත් සමග.
- එසේය රජුනි ඒ වනවිටිත් අනෙක් යෝධයන් ඔබ වහන්සේ සමග ජීවත් වීමට මාගමට මා යවා තිබුනේ. එහිදි ඔබ වහන්සේ ඔවුන් සමගම පුහුනු වනවා අප දැන සිටියා.
+ හහ හහ් හහ් හහ් මා තනිවි සැගවී සිටියා යැයි සිතා උන්නෙමි අභය
- නමුත් ඒ ග්‍රාමයේ නුඹ වහන්සේ ගැන දැන සිටියේ නුඹට විද්‍යාවන් කියා දුන් තැනැත්තා පමණයි ඔහු නිතර ඔබ ගැන සෝදිසියෙන් හා රැකවලේන් සිටියා.
+ හ්ම් ඔහු සැබැ දක්ෂයෙක් අභය.
- ඔහු ගැන දිනයක මම ඔහු ඉදිරියේම පවසන්නම් රජුනි..
+ හොදමයි.. ඉදින් කච්ච දේව ගවරෙකු වලගෙන් අල්ලා ඔසවා පොලවේ ගසනා බව අසා ඇත්තෙමි.
- එසේයි එසා ශක්තියක් ඔහු සතු වුනා එහෙත් දැන් ඔහු ඒ සිදු කරන්නෙ නැහැ.
+ ඒ ඇයි.
- හහ් හ්හ් ඒ රජුනි ඔහු දැන් ගවරුන්ගේ පාලකයා නිසා. මේ ලොව වසන්නා වූ මහිෂ කුලයේ පාලකයා නිසා ..දැන් ඔහුගේ එකායන බලාපෙරොත්තුව ගව ගෝත්‍රය රැකබලා ගැනීමයි.
+ එසේ නම් මුලදී පොලවේ ගැසුවේ ඇයිද
- රජුනි රාවණ දස බලයන් උපති්ත් රැගෙනාවත් ඒඒ භවයන් අනුව මතක ස්මරණය වෙනස් වනවා. මනුශ්‍ය භවයකදි පසුගිය භවයන් තුල පවතින්නා වූ කාය ශක්තීන් හැකියාවල් එලෙසින්ම මේ භවයට ගෙන ආ හැකි වෙනවා වාගේම ඒ ශාරීරික හැකියාවල් කුඩා කල සිටම පවතිනවා නමුත් මතකය - දැනුම - අබෝදය - විදයාවන් වැනි මානසික දැ සිහියේ පවති්නනේ ඉතා අඩුවේන.
+ හ්ම් එසේද
- එසේයි කුඩා කල ම සිවු අවුරුදු පමණ වන තුරු මනස තුල ඒවා ක්‍රියාත්මක වුවුත් මේ භව උත්පත්තිය අනුව කෙමෙන් ඒ මැකි යනවා. රජුනි මනා පාලනයකින් තොරවු වු ශක්තීන් ඉතා විනාශකාරීයි. දේව යන් හට නකුල ග්‍රාමයේදී සිදු වුයේ එයයි. තමා උගත් දැනුම හා විදයාවන් වලින් තොරව ඔහුගේ ශක්තිය පාලනය කල නොහැකිය. එය මහා ඊෂ්වරයන් විසින් ලබා දෙන ශක්තියක් නිසා පිටත කිසිවෙකුටත් ඔහුව පාලනය කල නොහැකියි.ස්වයං පාලනයකට ලක් විය යුතුයි.
+ හ්ම් ..
- රජුනි මා මේ සිදු කරන්නේද ඔබ වහන්සේට ශාරිරිකව ශක්තින් ලබා දීමට ප්‍රරථම මානසික ශක්තින් ලබා දිමට දැනුවත් කිරීමයි.
අපට මොන තරම් ශක්තික් හිමි වුවත් ඒ පාලනයකින් තොරයි නම් ඒ ශක්තිය මේ විශ්වයටම විනාශකාරී විය හැකිය.
මහා ශක්තීන් පාලනයට මහා විදයාවන් දැන සිටිය යුතුමයි. නැති නම්ස්වාභාවික ශක්තියක් ම අවදි වී ඒ නාසලනවා ලොව තුලිත කරීමට.
+ හ්ම් ඉතින් කච්ච දේව අරඹයා කුමක්ද ?
- දේව යන් කුඩා කල සිටම අසීමිත ශක්තියකින් යුක්ත වුවා ඔබ වහන්සේ පැවසුවාක් මෙන් ගවරුන් වලගයෙන් අල්ලා පොලවේ ගැසීම ඔහුගේ විනෝදාංශයක් ම වුවා. තමාට මෙල්ල කල නොහැකි හෝ ඔහුගේ වචනයට මෙල්ල නොවන ඕනැම ගවරෙකු ඔහු පොලවේ ගැසුවා.
+ අහෝ..
- එවිට ස්වාභාව දහමේ ශක්තිය ඉදිරියට පැමිනියා. ඔහු නොැදැනුවත්වම මහිෂ ගෝතත්‍රෙය් සිටිනා බලගතුම ගවරා ප්‍රාතීත්භුත වූවා ඔහු නසා ලීමට.
+ ඉතින් ඉතින් අභය
- රජුනි ඔහුට ඒ ගවරා නුදුරු ගම්මාන වලට වැදි වගා පාලු කරමින් ගෙවල් බිද දමනින් යන බව සැල වූ වහාම එහි ගොස් ගවරා මෙල්ල කිරීමට පිටත් වුවා. නමුත් එදින ඔහු තම පාලනයකින් තොරව දැනුමක් නොමැතිම ශක්තියෙන් පමණක් ප්‍රාතීර්භුත වූ ගවයා මෙල්ල කිරීමට සැරසුනේ නම් ඒ කාත්නයෙන්ම “ කච්ච දේව “ ගේ වීරත්තවය එතැනින් අවසන් වනව.
+ එසේ නොවුනේ .. ?
- එසේ යන අතර මගදි මා ඔහුව මුණ ගැසුනා රජුනි
+ අහෝ අභය ඔබ නම්.....
- මා පෙර දින භාවනාවෙන් ඒ දැක සිටියා ඉතින් මා පිටත් වුනා හිමිදිරියේම ඔහුව වලක්වන්න.
+ එසේ නම් කච්ච දේවයන්ගේ දිවි රකුයේ නුඹයි. නුඹ දස දෙනා ගැනම එසේ බලා සිටියාද
- එසේයි රජුින මුලින්ම ලක පහල වන්නේ මායි ඉන්පසුවයි අනෙකුත් නව දෙනා පහල වන්නේ ඔවුන් සිටින්නේ කොතැනකද කරන්නේ මොනවාදැයි මා හොදින් දැන සිටියා සැබවින් ම කියනවා නම් ඔවුන් උඵද්ද වන්නේ පාතිර්භුත කරන්වන්නේ මමයි.
+ මා මිත්‍ර ථෙරපත්ථාභයනි නුඹට ස්තුති වේවා....
- එදිනත් අතර මගදි මා දේව යන් මුන ගැසි ඔහුට ඔහු ගැන පවසා අවබෝධ කරදුන්නා. එදිනමයි මා ඔහුට ඔහුගේ පස්වැනි රුද්‍රාව ලබා දුන්නේ.
+ හොදිය එදින ප්‍රාතීර්භුත වුයේ කවුද
- ඉතිහාසගතව පවසන්නේනම් ඔබ වහන්සේ අසා නැතිව ඇති ග්‍රීක නම් වැසියන් විසින් අදහනු ලැබුවා “ මිනටෝර් “ නම් මේ ගවරාව. ගවයෙකුගේ විශාල කුලුහරකෙකුගේ උඩු කයක්ද මින්සෙකු මෙන් දෙපා හිමි එහෙත් ඒද ගව කුර සේ පිහිටියාවුද දෙපැත්තෙහිම ඉතා තියුනු තල ඇති දෙපැත්ත කැපෙන පොරෝ තලයක් සහිත ඔහුටම විශේෂ වුන ආයුධයක් ඇති අයෙක්.
+ ඉතින්
- මිනටෝර් පෙනි සිටින්නේ ඔහුගේ සාමාණ්‍ය ස්වරෑපයෙන් එහෙත් සටන සංකීර්ණ වත්ම ඔහු ඔහුගේ සැබෑ ස්වරූපය ආරූඩ කර ගන්නවා එවිට මෙලොව කිසිවෙකුටත් මෙල්ල කල නොහැකියි. ශිව නන්දි ඔහු හා බැදී සිටිනවා..
+ ඉතින් ඔබව අප දේවයන්ට කියාදුන්නා මෙල්ල කරනා හැටි..
- මා නම් කියා දුන්නා එහෙත් ඔහු මුලි්න් ඒ ගැන තැකුවේ නැහැ. මනුශ්‍ය භව යේ ස්වාභාවය අනුව තම ශක්තිය පිළිබදව ඒනැවටත් වඩා මදයින් උන්මාදව පසුවුවා....
+ ඉිතින්..
- ඉන් ලැබුන ත්‍යාගය තමා ඔය කකුලක කොරය..... !
+ හහ් හහ් හහ් හහ් හහ්... අනේ මගේ කච්ච දේව... ඔබ හරිම බලවතෙක් නොවැ.
--------------------------------- සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ – ගැමුණු රජු – දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව ” දසිස් ” නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්