Monday, June 8, 2015

==== හවසක මා නුඹ දැක මං මුලාවී - නිරුදක කතරේ තනිවූදා == තනි තරුවක් නිවැරදි පාර කීවා =====


.
- ෂ් මේහ්...
+ ඇයි
- ගුඩ් මෝනින් කිවුවා..
+ ආහ් කිවුවද ? එහෙනම් හොදයි
- කෝ මටත් කියනවකො ලෝබයෝ
+ ගුඩ් මෝනින්.. සුදු නංගි
- හරි අන්න එහෙම එන්ට.. මේහ් මම අර කඩේ කරන්න හිතපු එක නැවැත්තුව අනේ.
+ ඇයි ඒ. අනේ මම වළලු කතාව කිවුවෙ විහිලුවට ඔයා කරන්න මම උදවු කරන්නම්..
- නැ ඒක නිසා නෙවේ.. අපි මෙහෙම කරමු. ඔයා මට ඔයාගෙ වැඩපොලේ ජොබ් එකක් දෙන්න. මම එතැන වැඩ කරන්නම්.
+ ආහ්.. කොයි වගේ එකක්ද දන්නැ ඕන..
- දැන් මෙහෙමයි. මම ඔයාගෙ සුදු නංගිනෙ. ඉතින් වැඩිය බර වැඩ දෙන්න හොද නැනෙ.
+ නැ නැ ගල් උස්සන සිමෙන්ත්ති අනන කොන්ක්‍රීට් දාන වැඩ කෝමත් නැ.
- ඒ බර වැඩ නෙවේ මැට්ටෝ. අනික මේ මගේ පුංචි වයසට කොයි වැඩේ වුනත් බර වැඩක් තමා.. මම නම් වැඩියෙන්ම ආස ඔහේ සෙටි එකට වෙලා පොප් කෝන් එකක් හප හප ටීවි එක බල බල ඉන්න
+ එහෙනම් ගෙදර ඉන්නකො වැඩට එන්නෙ මොකෝ
- ඉතින් වදේ ගෙදර හිටියට කීයක් වත් ලැබෙනවයැ. අම්ම බනිනව විතරයිනෙ.
+ ආහ් පඩිත් ඕනද එහෙම ඉන්නවට.
- ආ මේං වැඩක්.. නිකං ඉන්නව කියන එකත් අමාරුයි තමා හරිද .
+ ඔවු තින් ගල් වලින් බේරෙන්නත් එපැයි.
- මොකක්ද කිවුවෙ. කට වැඩියි ඇ ඔහොමද පුංචි මල් වගේ ළමයින්ට කතා කරන්නෙ.. දැන් ඉතින් කියන්නකො මට ජොබ් එකක් දෙනවද ?
+ ම් මෙහෙමයි එහෙම ඉන්න නම් ජොබ් නැ හැබයි ලේසි දෙයක් තියෙනව ඒ ජොබ් එක දෙන්නම්
- හරේ... මල්ලී.. කියන්න ටාං ගාල.. වැඩේ හොදයි නං හෙට ඉදන් වැඩට එනව කෙල්ලඅ ැ.
+ මෙහෙමයි . උදේම එන්න ඕන. මල් කඩල පහන තියන්නෝන.. බුදුන් වැදල වටේටම දුම් අල්ලන්න ඕන..
- මෙහ් ඕක වැඩපොලක්ද දේවාලයක්ද ?
+ පන්ඩිත නොවි අහනවකො. ඊට ප්සසෙ වැඩක් නැ මම පුටුවක් තියල දෙනව ගේට්ටුව ලග
- ඒ මොකෝ
+ වැඩට එන ළමයින්ටයි මටයි ගුඩ් මෝනින් කිල හිනා වෙන්න ඕන. ගේට්ටුව අරින්නයි වහන්නයි ඕන..
- හනේ මේ මට එන්න කියන්නෙ සිකුරිටි වැඩටද
+ නැ නැ පිලිගැනිමේ නිලධාරී අනේ
- ඉතින් පිලිගැනීමේ කෙනා ඉන්නෙ ඇතුලෙනෙ.
+ ඒ වෙන කම්පැනි වල මේකෙ ඉන්නෙ ගෙට්ටුවෙ..
- හ්ම් දැන් පඩි කීයක් දෙනවද ?
+ ම්... මේක වැඩ කරන රස්සාවක් නෙවේ මේක වැඩහිඳින රස්සාවක් නිසා දරුවාගේ වයස් තත්වයත් සලකා බලා අපි දෙන්ව අගනා පඩියක් වාඩිවෙලා ඉන්න..
- ඒ කිවුවෙ.. ගල් පඩියක්ද ? අනේ මේ තියාගන්නව හුහ්.. මට ඕන 50000 ට එහා වැටුපක්
+ අමම්ද බොල?
- හ්ම් ඔවු මාසෙට දෙපාරක් පඩි ඕන මට. දීමනා වෙනම ඕන . ඔයාගෙ සුදු නංගි නිසා මට යන්න එන්න බයික් එකක්වත් ඕන. කෑම බීම වැඩපලෙන් ඕන..
+ මගේ රත්තරනේ ඊට වඩා හොද නැද්ද මම ඔයාලගෙ අම්මත් එක්ක කතා කරල අර ගෙදර ටීවි බල බල ඉන්න ඉඩ සලස්වන්නම්.ඔන් නම් මාසෙකට කියක් හරි ගෙදරටත් එවන්නම් ඒක ලාබයි..
- අනේ බෑ.. බෑ.. බෑ... මට ජොබ් එකක් කරන්නම ඕන... ඔයා ගාව.
+ බෑ බෑ. බදින ගැනිව කෝමත් බිස්නස් වලට සම්බන්ධ කරගන්නෙ නැ එතකටෙ ප්‍රශ්න.
- ආ මෙන්න වැඩක්. බඳින්න හොදයි අනික් වැඩ වලටත් සම්බන්ධ කරගන්න හොදයි. බිස්නස් වලට තමා නරක
+ එහෙමයි පොතේ තියෙන්නෙ දරුවා..... හරි මම දැන් වැඩට යන්නෝන. මම තියනව බුදු සරණයි.
- හ්ම් හා.. එහෙනම් මාව වැඩට ගන්නෙ නැනෙ. නපුරා.. මමත් යනව අද එලියට රවුමක් ගහන්න. ඔය කඩවල් වල තියෙන බෝඩ් කැලි බල බල යනව වෙළඳ සහායිකාවන් අවශ්‍යයි කියල තියෙන්නෙ. හිතුනොත් ඇප්ලිකේෂන් එකක් දානව.
+ අනේ මේ මැට්ටි. උළුඳු වඩේ එකක් විකුනන්න වුනත් ලස්සන මූනක් ඕන. ඔයා කොහෙ කරන්නද ?
- ඇයි................... මම කැතද ? හුහ්... කතා කරන්නෙ නැ ආයෙ.. තරහයි.. කැත අය එක්ක කතා ඕන නැනෙ... මම තියනව.. බුදු සරණයි..
+ ආදරෙන් ඉන්න....
==============================
හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා....

සකුරා පිපිලා පිරුවට සදලා
ආ මඟ සැරසුවා...
විද සුන් වඩනා සිතකුත් නැතුවා..
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා....

අවරට නොයෙනා හිරුදැක හඬනා
හිරු රැස් සැඟවූවා..
ඉන්නද කියල කදුළුත් ඇහුවා..
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා..

හවසක මා නුඹ දැක මං මුලාවී..
නිරුදක කතරේ තනිවූදා..
තනි තරුවක් නිවැරදි පාර කීවා..
කතරින් එන මඟ මට කීවා..හවසක මා....//

ගායනය : ලහිරු පෙරේරා (La Signore), අභිශේකා
පද රචනය : මනුරංග විජේසේකර
සංගීතය : Music Owen Crew
රූපාන්තර (2014)“ චිත්‍රපටයේ ගීතයක්
=======================

---කුරුළු---

2 comments:

  1. මේ සින්දුව.....
    අහපු පලවෙනි දවසෙම කටපාඩම් උනා. ඕනෙම වෙලාවක මාව 'ටොයින් ටොයින් ' කරන්න සමත්....

    ReplyDelete