Tuesday, June 2, 2015

නමක් නැති ලිපි




උඩු සිත හා යටි සිත ලෙස සිත් දෙකක් ඇති බව දත්තෙමි..
නිවන් අවබෝධ කර ගැනීමටනම් දමනය කල යුත්තේ යටි සිත බව සිතමි.
මා හට සිතෙනා ආකාරයට,
යටි සිත යනු භවයෙන් භවයට ගෙන එන සිතයි මේ ලබාගත් භවය තුල ජීවත් වීමට අදාල දේවල් ගබඩා වන්නේ උඩු සිත තුලයි නැතහොත් මේ ජීවිතයේ දී ජීවත් වීම පහසු කරවන්නට එදිනෙදා කටයුතු සිදු කරගන්නට අපට ලැබෙන්නේ සිත උඩු සිතයි.
උඩු සිත හැම විටම තර්ක කරයි.. අප මේ දකින්නා වු “ චින්තනය “ අයිති වන්නේ උඩු සිතට යැයි සිතිමි.
තර්ක කිරීම සැසදීම පසුබට වීම කල්පනා කිරීම උඩු සිතේ ස්වාභාවයයි සිතිමි.
අපට යම් කෙනෙකුගේ මූහුනටම දෙය්ක කිමට උවමනා වුවත් ඒ නොකියා ඉවසා වෙනකක් කීම සිදුව්නනෙ උඩු සිතට අනුවයි සිතමි.
යටි සිත මිල්ලේච්ඡ ගති පැවතුම් ඇත්තෙකි. දෙවරක් නොසිතයි තර්ක නොකරයි නිවැරදි යැයි සිතුන දේට එවේලෙහිම ප්‍රතික්‍රියා කරයි
නිවන සඳහා දමනය කල යුත්ත‍ේ යටි සිත බව සිතෙයි.. එහෙත් ඒ පහසු නැත.
බැන්නොත් බනින ගැහුවොත් ගහන මැරුවොත් මරන මිල්ලේච්ඡ ගති යටි සිතේ හැටියි. යම් කෙනෙකු උඩු සිත පරයා යටි සිත ඉස්මතු කලොත් ඔහු මිල්ලෙච්ඡයෙකු වනු ඇත. එවටි ඔහු මේ සමාජය තුල නොසිට වන ගත හෝ හුදෙකලා විය යුතයි. නැති නම් මේ උඩු සිත් මගින් ක්‍රියා කරන අනික් මිනිසුන් තුල යටි සිත දමනය කර ගත නොහැකිව අයාලෙ යනු ඇත.
යටි සිතේ මහත් ධාරණ ශක්තියක් හා අවබෝධ ශක්තියක් ඇත.
අපට බොහෝ සංවේදී දැ පමණක් යටි සිතේ තැන් පත් වේ. ඇතැමුන් පවසන පරිදි අපට සිහින පෙනෙන්නෙ යටි සිත අවදි වුන වේලාවට හෝ ඒ පෙනෙනේනේ යටි සිතේ ඇති දෑය.
එයින් දැන්නේනෙ නින්දේදි අපේ යටි සිත අවදි විය හැකි බවකි.
මා දන්නා තරමි ධනාත්මක චින්තන දේශකයන් භාවිත කරන්නේද මේ ක්‍රමයයි.
 ඔවු මට පුලුවන් යැයි දහස් වරක් කියවා හෝ නිතර නිතර පෙනෙනන්නට සලස්වා යටි සිතට විධානයක් දීමට හැකි වුවහොත් යටි සිත එ් ධාරණයය කර ගෙන අදාල පුද්ගලයාව නියමිත මාර්ගයට රැගෙන යනු ලබයි.
මෝහන විද්‍යාවේද  උඩු සිත තාවකාලිකව නවත් වා යටි සිත අවදි කර ඒ පුහුනු කර පෙර භවයන් වලට පවා ගමන් කරනවා දැක ඇත්තෙමි. තවද පෙර සිදු වූ වැරදි අමතක කරවීමද අහිතකර පුරුදු නැවැත්වීමට විධාන දීමද භය - වෛරය - අස්ථාන ගත දුක - වැනි ලෙඩ රෝග සඳහා පිලියම් කිරීමටද මෝහන විද්‍යාව මෙම යටි සිත භාවිත කරනු ලබයි.
ඒ අනුව ,
යටි සිතේ අප පෙර භවයන් තැන් පත් ව තිබිය හැක ඒ ඉස්මතු නොවන්නේ උඩු සිත නිසාවෙනි.
නොඑසේව කවුරුන් හෝ තරයේ යටි සිතට බලපැමක් කල හෝත් ඒ තැනැත්තාට ඒ දෙන ලද විධානය හෝ අධිෂ්ඨානය ඉටු කර ගැනීමට කිසිදු බාධාවක් නැත.
මා සිතනාකාරයට සුජාතාවගේ කිරිපිඩු දානයෙන් පසු “ බුදු වී මිසි මෙතැනින් නොනැගිටිමි “ යන අධිෂ්ඨානය බලවත් වන්නේ ඒ යටි සිත අරමුණු වීම නිසාවෙනි. බුදු විය යුතුය යන්න යටි සිතට විධාන ලෙස ලැබුන පසු ඒ , ඒ අනුව කට යුතු කරනු ලබයි.
..
බොහෝ විට කේන්දර බලන පුද්ගලයින් අපට නිරතුරුව අපල ලෙස යම් යම් දේ ප්‍රකාශ කරති. හදිසි අනතුරු - මරණ - ලෙඩ රෝග - අලාභ වැනි දේ..
අපට සංවේදි දැ යටි සිතේ තැන් පත් වන බව මම නුඹලාට කිවෙමි. මෙතැනදිද ඒ ඒඅයුරින්ම සිදුවෙයි. නුඹට රෝගයක් ඇති බව වෛද්‍යවරයෙකු දැනුම් දුන් විට ඇත වන භිතියම මෙහිදීද නොදැනුවත්වම ඇතිවෙයි.
සමහර වෙලාවට උඩු සිත විසින් ඒ සියල්ල ප්‍රතික්ෂේප කලද යටි සිතේ ධාරණය වී ඇති නිසා ඒ ඒ දේවල් ම සිදු වෙනවායැයි අප සිතන්නෙමු.
උදාරහණයක් ලෙස ,
හදහනට අනුව කකුලක් කැඩෙන බව පැවසුවහොත් නුඹ ඒ ගැන විමසිල්ලෙන් සිටි. ඒ වෙනුවෙන් පින් දහම් හෝ බාර හාරද කරනු ලබයි. යම් දවසක කකුල සුලු තුවාලයක් වුනත් - අම්මෝ ඇති මෙයින් ගියා මේ අර බාර නිසා පින් නිසා යන්තං බේරුනා යැයි පෙර අපේ හදහනේ කි දේට ආදේශ කරගනු ලබයි.
නමුත් වන්නේ , නුඹ ඒ දේ වන තුරු සිතෙන් බලා හිදිම පමනි.
...
යලි යටි සිත ගැන කතා කරමි..
යටි සිතට අරමුණක් දුන් පසු වසර ගනනාවක් ගත වී හෝ අරුම පුදුම ලෙස ඒ ප්‍රතිළුල ලැබුන ආකාරය ධනාත්මක චින්තන පොත් වල සිය දහස් ගනන් ලියැවී ඇත.
නිවන ගැනද එසේයැයි සිතමි..
දුක සහ දුකට හේතුව උඩු සිතට අයත් කාර්යයන් යැයි සිතමි. ඒ තර්කනයට අයත් දේවල් නිසාවෙනි එහෙත් දුක නැතිකිරිමේ මාර්ගයත් දුක නැති කිරීමත් අයත් වන්නේ යටි සිතටය.
ලජ්ජා සහ බය ලෝක පාලන ධර්ම දෙක ලෙස හදුන්වති.
සැබැවින්ම ලජ්ජා කුමටද බය කුමටද ?? ලජ්ජාව හට ගන්නේ අප නිසාවෙන් නොව අනුන් නිසාවෙනි. මිනිසුන් පවු කරන්න බය නැත - බය දඩුවමටය.
නිරුවතින් මහ මග යත්දී ලජ්ජාවක් දැනෙන්නේ අන් අය දකින් නිසාවෙන් විනා තමන් තමන්ව දකින නිසා වෙන් නොවේ.. සොරකමක් කර භය උපදින්නේ එය අහුවෙතැයිද එසේ වුවහෝත ඇති විය හැකි ප්‍රතිපලය ගැන සිතිමෙන් විනා හොරකම් කිරීමට කිසිදු පැකලීමක් නැත.
අහුනොවුනෝත කිසිවෙකුටත් නොකියා සිටින්නේද අපමය.
එය සොරකමක් වන්නේ අනුන්ටය ලජ්ජාවක් ව්නනේ අනුන්ටය.. අප ගැන අපට බල පාන්නේ නැත. අන්න ඒ නිසාවෙන් සමාජයක් තුල ජීවත් වීමේදී මේ ලජ්ජාව සහ බය ඒ සමාජය පාලනය කරනු ලබයි. ඒ උඩු සිතේ තීරණ හා තර්ක උඩ මේ ලජ්ජාව හා බය හටගන්නා නිසාවෙනි.
කවුරුන් හෝ උඩු සිත නතරකරගතහොත් මේ ලජ්ජාව හා බයද ඔහුගෙන් ගිලිහී යනු ඇත. එවිට මම පෙර කී අන්දමට යටි සිතද මිල්ලේච්ඡ ගති පැවතුම්ද ඉස්මතු වනු ඇත..ඒ අපගේ නියම ස්වාභාවයයි. එනම් සත්ත්ව ස්වාභාවයයි.
අවශ්‍ය වන්නේ එය හික්මවීමයි.. ඒ සඳහා භාවනායෝගී වීම ඉතා වැදගත් වනු ඇත.ඒලෙසින්ම හුදෙකලා වීම අත්‍යාවශ්‍යකාරණයකි.
.......
මෝහන විද්‍යාව ගැනද නුඹට කීවෙමි. බුදුන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්යය යනු මේ විය හැකිය. අතෙහි ඇති මුද්‍රාද මෙහි අංග විය හැක. අදටත් වෙන කිසිම සිහියකින් තොරව රූපවාහිනිය නරඹන පුද්ගලයින් සිටිත්.. හාමුදුරුව්නගේ මුහුනට වශීවී බණ අහන අත්තම්මලා ඕනැ තරම් දැක ඇත්තෙමි,
මේ දේශනාවය..
එක වචනයකින් මෝහනය වූ පසු උඩු සිත තාවකාලිකව ඉවත් වේ.. ඉන් පසු බුදුන් දේශනා කරන සියලුම ධර්මයන් කාවදින්නෙ බණ අසන පුද්ගලයන්ගේ යටි සිතටය.. අවැසි නම් බුදුන් වහන්සේට ඒ ඒ පුද්ගලයාගේ යටි සිත තුලට කිදා බැස පෙර කරන ලද කුසලයක් වුවද ඉස්මතු කර දී තැබැයි හැක. ධර්මානුශාසනාව අවසානයේදී යලිත් උඩු සිත සම්බන්ධ වේ.. එවිට බණ ඇසුවන්ට නැවුම් ව මතකයේ ඇත්තේ පිරිසිදු දහම් කරුනු හා බුද්ධ දේශනාවම පමණි. නැතහොත් පෙර කරන ලද කුසලයන් පමණි.. ඉදින් ඔවුන් නිවන් අවබෝධ කර ගත්හ. නැති නම් කුසල් පමනින් ඒ ඒ සම්පත්තීන් ලගා කර ගත්හ.
..
මෙසේ කියමි..
සිතට කල නොහැක්කක් නොමැත.. උඩු සිත ඉවත් කරන්නත ඒ අමාරු ක්‍රියාවකි. ඒ ස්වාභාවිකම සිදුවන අවස්ථාද තිබේ. ඒද මා දැක ඇත..
ව්‍යාපාර පාඩු වූ විට - විවාහය හෝ ආදරය දෙදරා ගිය විට හෝ බලවත් මානසික ගැටලු වලින් පීඩිනයකට ලක් වු විට සියදිවි හානි කරගන්නවා වෙනුවට,
 “ නහයෙට උඩින් අගලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි “ මම මේ කටින්ම ගොඩ එනවා හොදයි අපි බලමු දැන් මට වේනන තියෙන දේවල් සේරොම වෙලා ඉවරයි !!!!
වගේ සිතැතුලින්ම එන අධිෂ්ඨාන අපව අරමුණ කරා රැගෙන යනව..
මඳක් ලොව බලවතුන් දෙස බලන්න ධනවතුන් දෙස බලන්න ප්‍රසිදධ පුද්ගලයන් දෙස බලන්න ඒ සියල්ලනම් යටි සිතට අරමුණක් දුන් අය.
කිසිදු බලවේගයකට නුඹව නැවැත්විය නොහැක.. හැකි නම් ඒ නුඹ තුලම ඇති උඩු සිතට පමනි.
හොඳ හුස්මක් ගන්න.. යටි සිතට අරමුණක් දෙන්න..
හැම අසීරු අවස්ථාවකම මෙසේ මුමුණන්න “ මීට වඩා අමාරු දේවල් මම විඳල තියෙනව - මේක මොකක්ද ??? “
අරමුණක් දෙන්න බැරිනම් අඩු ගානේ ඇක්ෂන් ෆිල්ම් එක්ක බලන්න සුපර් මැන් වුනත් බැට් මැන් වුනත් ස්පයිඩ්ර් මැන් වුනත් මැරෙන්න වැටිල ඉන්න වෙලාවෙ තමන් නැගි සිටිය යුතුයි කියල  “ යටි සිතට “ දෙන විධානය මතක් කර ගන්න....
--------- වීරිය කල යුත්තේ තොප විසින්මය - බුදුහු මග පමණක් කියන්නාහුය --
--කුරුළු--

No comments:

Post a Comment