Wednesday, June 17, 2015

==== සීතල හිම කඳු... යායක පිය මැන - දෙව්ලිය සිහිනෙට වැඩියා... ==


.
+
සුදු නංගි.. සුදු නංගි..
-
හ්ම්.ම්.... හම්... හැ.... ඇ....
+
සුදු නංගි... නැගිටින්න කො
-
හම්.... හම්... ගුඩ් මෝනින්
+
මෝනින්.. මොනවද අනේ නිදාගන්නෙ මේ පස්සට එලිය වැටෙන කම්.
-
ඔයා හිතුවද මේ මගේ ඇගේ කොටස් වලට සැරින් සැරේ එලිය වැටෙනව කියල.. අනික තාම උදේ පාන්දරනෙ ..
+
ඉතින් මේං මං නැගිට්ට.. කෝ ඔ්‍යත් නැගිටින්න බබෝ..
-
සුදු අයියෙ මේ.. මම මේ දකින්නෙ හීනයක්ද ඇ..
+
නැ පැටියො
-
නැ මං මේ බැලුවෙ වෙනද උදේ නවය පහු වෙනකං නිදියන කෙනා අද ඇහැරිල ඊටත් හපන් මට මේ ගාන බටර් ටික ඇල්ලුවෙ නැ. කියනව මේ උදේම කොහෙද යන්නෙ කියල.. සුවර් එකට මට නොකියපු ගමනක් ඇති
+
නැ නැ ඕකනෙ ඉතින් ඔයාත් එක්ක බැරි.. මේ අන්න මම කිරි තේ හැදුව නැගිටල බොන්න..
-
නැ නැ එහෙම නෙවේ.. කෝ ඉස්සෙල්ල ගෙන්න කට සෝදන්න වතුර එක අනේ.
+
ආහ් ඉන්න මං ගෙන්නං..
-
සුදු අයිය උදේට කන්න හැදුවද
+
ඒව හරි මගේ පැටියෝ.. මම ඔයා ආසම විදියට පාන් වලට බටර් ගාල බිත්තර බාගෙට තම්බල තියෙන්නෙ. ආහ් අන්න මම උණු වතුර රත් කරල නිවල ඇති ඔයා නා ගන්න උදේම හොදද
-
මේ ඇත්තටම මම හිනයක්ද දෙය්යනේ දකින්නෙ... සුදු අයිය ගෙන් ඕව අහන්ඩ මම පින් කරල තිබුනනේ...
+
නැ ඉිතන් මම ආදරෙයිනේ..
-
සුදු අයියෙ මාව උස්සගෙන ගිහින් නාන කාමරෙන් තියන්නකො.. වතුර ටික බේසමට දාල දත් බේ්ත් බුරුසුවට දාල දෙන්නකෝ...ඊට පස්සෙ ඔයා යන්න එලියට. මම වොෂ් දාගෙන එන්නම් ..
+
ආහ් ඒ ඇතිද රත්තරන් ඇයි මම දත් මැදල දෙන්න එපාද ? නාවන්නම් මම ඔයාව සබන් ගාල හොදට.. තුවායෙන් පිහිදාල ඇදුම් අන්දවලා උදේට වැඩට යන්නබත් එකත් බැදල ඔන් නං ගෙනිහින් දාන්නම් වැඩපල ලගටම..
-
නැ එපා සුදු අයිය.. වැඩ පොල ළගටම ගෙනියන්නෙපා එතකොට ඔෆිස් එකේ කොල්ලො දකිනවනෙ ඔයා ටිකක් දුරින් දාල යන්න මාව හොදද..
+
මොකක්.. මේකිගෙ..... යකෝ නැගිටපිය.. බදින වයසෙ කෙල්ලෙක් වෙලත් උඩදාගෙන නිදි දැන් කියද වෙලාව හුහ් හිතේ ඇති මම සේරොම කරයි කියල..
-
අද නිවාඩු අප්ප මට ටිකක් නිදියන්න දෙනවකො.. කෝල් කරල ඇහැරවන්නෙ දුෂ්ටයා“... අනික අපේ තාත්ත කිය්නනෙ ගැනු ලමයි ගෙදරදි සැපට හැදෙන්න ඕන කියල බැන්දාම මහත්තයගෙ වැඩ කරන නිසා . අපි පවුනෙ..
+
ඕකනෙ බැරි. ඉන්ඩකො මම මාමන්ඩිට කියන්න..
-
එයා මට ආදරෙයිනෙ.. හුහ්.. මේහ් ඒක නෙවේ සුදු අයියෙ මම අද සැලොන් යනව හොදද..
+
ඇයි ඒ
-
මම ආයෙත් ඩොන්කි කට් එක කපන්න හිතුන ඉස්සර ටික ලස්සනට හදල ඒ කට් එක කපනව.
+
හැහ් හැහ් හැහ් හැහ් හැහ්
-
මොකෝ හැලයො හිනා වේනනෙ
+
නැ නැ කපන්න කපන්න ලස්සනට තියෙයි.. ඔයාගේ කොණ්ඩෙටයි මුණටයි ඔයාටයි ගැලපෙන නම. ඩොන්කි කට්..
-
අනේ මේ යනව යන්න රිලවා.. මම ඒක කපන්නෙ මම නිසා නෙවේ..
+
එහෙනං..
-
ඒ ඩොන්කි කට් එක කැපුවාම තමා මම සුදු අයියට ගැලපෙන්නෙ .. ඩොන්කි.
+
ආ ඒ කියනේනෙ මම ඩොන්කිද .. අහුවෙයංකො මට ලග දවසෙ..
-
හු හු.. පවු අනේ .. හා හා දරුවා උදේ පාන්දර කේන්ති ගන්නෙපා ... අහ් සුදු අයිය දැක්කද කොරියාවෙ උදුම්බරා මල් පිපිලා
+
හ්ම්
-
ඉතින් ඒ බුදු කෙනෙක් පහල වෙන්නලු නේද ? ඇත්ත අයියෙ ඒක
+
නැ මේ කල්පයේ නං වෙන එක්ක නැ ථේරවාදයට අනුව එත් මහායානයට අනුව නං කෝමද දන්නෙ නැ..
-
හ්ම් කෝම හරි බුදු කෙනෙක් පහල වුනොත් මට ඇති..
+
හ්ම් ඔවු එහෙම වුනොත් ලොකු සේවයක් වෙයි මේ ලෝකෙටම.. සුදු නංිග මොකද මේ එක පාරට ඒ ගැන හිතුවෙ උදේම..
-
නැ අනේ ඊයෙ රෑ දැක්කෙ නිවුස් එක මට නින්ද ගියෙත් නැ..
+
මම හිතුව ඔයා ඒ ගැන උනන්දු නැ කියල
-
ඇයි වදේ නැත්තෙ..මම කැම්පස් එකේදි කොරියන්ඉගෙන ගත්තනෙ..
+
ඉතිං
-
ඉතින් කියන්නෙ ඔය බුදු සාදු කොරියාවෙ ඉපදිලා බණ කිවුවතේ ඒ බණ ටික මෙහෙ අයට ට්‍රාන්ස්ලේට් කරල දිල මට කීයක් හරි හොයාගන්න බැරියැ.. මම ඔයාවත් ගන්නං ඇසිස්ටන් විදියට ඇ.
+
නෙද්දකිං විතරක් මෙහෙමත් අම්මණ්ඩිල.. බොල ඊරියෙ එක එකාට කියල දෙන්න කලින් ඒ ඉගෙන ගත්තු එකෙන් ප්‍රෙයා්ජනේ ගනින්.. නිවන් යන්න ට්‍රයි කරන්නෙ නැ ඒකෙනුත් ලාබ ගන්න හිත.. ඒ මිදිවට ඒවට මාවත් ගාවගෙන..
-
මට ඔයාව දාල නිවන් යන්න බැ සුදු මහත්තයෝ.. යනවනං දෙන්නම එකට යං..
+
හ්ම්.. එහෙනං ඒකත් ඉවරයි.. නිවනෙත්,නිවනක් නැති වෙන්න යන්නෙ මට. !
-
ඔන්නැ තරහයි මම තියනව... නපුරා..
===================================
ආදර මල් වල... පාට කියන්නද..
ඒ වගෙ ලස්සන.. තව නෑ//
මීදුම් පිනි පොද... දෑස වසන් කර..
සමනල් සිහිනය... පිපුනා...//
දේදුනු රැ..ක... දෑසම තවරා.....
තවමත් මල් සිත.... බලා සිටිනවා....
මීදුම් තවරා සුළඟට... ඈතක සඟවා තුන් සිත..
දෑස හොරෙන් ඈත.... සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ....

දේදුනු සායම.. දෑසින් බොඳකර...
මාලති යායක.... හැලිලා...
සීතල හිම කඳු... යායක පිය මැන..
දෙව්ලිය සිහිනෙට වැඩියා...//
==============
කසුන් කල්හාර
--
කුරුළු------

4 comments:

  1. 2009 ඉඳලා ලියන සුපිරි බ්ලොග් එකක් සෙට් උනා කිව්වොත් මම හරි .... මේක සම්පූර්ණයෙන් කියවලා තමා නවතින්නේ දැන් නම්

    ReplyDelete
  2. සංකල්පනා යටතේ තියෙන හැම ලිපියක්ම කියෙව්වා..
    පට්ට ආදරයක් කියලා කියන්න පුළුවන්
    මම දෙයක් අහන්නද? මෙච්චර මතක තියෙන්නෙ එයත් එක්ක කතා කරන හැම එකක් ම ඔයා කැප්චර් කර ගන්නවවත්ද?

    සංකල්පනාට අන්තිමේදි වුණේ මොකද්ද කියලා දැනගන්නකල් ඉවසිල්ලක් නැහැ


    කොහොම වුණත් වැඩේ එළ
    ජය!

    ReplyDelete
  3. ඔන්න එක හුස්මට කියවල ඉවර කලා සුප්පා සම්පුර්නයෙන්ම බ්ලොග බලලා ඉවර කරනව...අතරින් පතර කොමෙන්ට් කරන්නම් කො

    ReplyDelete