Wednesday, October 16, 2013

අපෙ ගුරු තුමා යයි තාමත් ඉස්කෝලේ




තුන්වෙනි කාලපරිච්ජේදය අවසන් වී මා කාර්යාලය පැත්තට ගියේ වතුර උගුරක් බී උගුර තෙමා ගැනීමටය..උදේ සිට එක දිගට ළමුන්ට ආර්යඅෂ්ටාංගිම මාර්ගය හා ත්‍රිලක්ෂණය උගන්වා හොද හැටි හෙම්බත් වී සිටියෙමි..
කාර්යාලයට ඇතුලු වන විටම විදුහල්පති හිමියන් ඉදිරිපිටම චෝදනා එල්ල කරන පියෙකි..
දරුවා 5වසරේය..
-- වැඩක් නෑ හාමුදුරුවනේ කියල, කියන දෙයක් අහන්නෙවත් නෑ.. පාඩම් කරන්නෙත් නෑ.. සෙල්ලමමයි... කොයි වෙලෙත් සරුංගලයක් අරන් දුවනව කොල්ලෝත එක්ක වේල්ලට.. උදේට දහම් පාසලට වුණත් බලෙන් වගේ තමා ඇදගෙන එන්නෙ.....
** හරි මහත්තයො මමත් අවවාද කරන්නම් තාත්ත යන්න දැන් මේ දරුවවත් අරන්..
පොඩි එකා අඩනවාට වඩා බයෙන් ගුලි වී පැමිණ හාමුදුරුවන්ට වැන්දේය..
මේ දෙදෙනා උදෙසා යමක් කිව යුතු යැයි සිතුනෙන් හාමුදරුවන් විචාලෙමි..
++හාමුදරුවනේ මම මේ තාත්ත එකක් ටිකක් කතා කරන්නද ! කමක් නැද්ද
** හරි මයුර අයිය කතා කරන්න එහෙනම් පොඩ්ඩක් බලල ළමයටත් අවවාද කරන්‍නකො.
++හොදයි හාමුදරුවනේ .. තාත් එන්නකො එලියට අපි එලියෙ කතා කරමු...
පුතා ටිකක් එහායින් අර පන්තිය ළග ඉන්න මම තාත්ත එක්ක කතා කරනකම්..
(පොඩි එකා සෙමින් සෙමින් පන්ති බෑගය රැගෙන පිටවිය..
++තාත්තෙ වාඩි වෙන්න... මොකක්ද ප්‍රස්නෙ..
--වැඩක් නෑ සර් මේ ලමය කියන දෙයක් අහන්නෙවත් නෑ.. පාඩම් කරන්නෙත් නෑ..සරුංගලයක් අරන් දුවනව කොල්ලෝත් එක්ක
++තාත්ත සතුටු වෙන්න තාත්තෙ .. මමත් ඔහොමයි ඒ කාලෙ.. පාඩමක් කලේම නෑ දුවනව පනනිව විතරයි කලේ.. තාත්තගෙ දරුව හොද නිරෝගිව එහෙ මෙහෙ දුවන පනින එකට සතුටු වෙන්න... දරුවො දගයි තමා.. කවුද තාත්තට කිවුවෙ දරුවො කීකරුයි කියල....
තාත්ත දන්නව ඇති.. සිදුහත් කුමාරය. ඒයත් තාත්තට අකීකරු වුනා.. තාත්තට ඕන වුනේ සක්විති රජ කරන්න. ඒත් කුමාරය යන්න ගියා තාත්ත කියන දේ අහන්නෙ නැතිව.. බැරිවෙලා හරි සිදුහත් තාත්ත කියන දේ ඇහුවනම් අද අපිටඉගෙන ගන්න බුද්ධාගමක් නෑ.. යේසුස් තුමත් එහෙමයි.. හරි දගයි පොඩි කාලෙ.. තාත්ත කියන දේ අහ අහ හිටියෙ නෑ එයාටත් ඕන වුනේ නිදහස් හොයන්න...
--ඇත්තටම සර්, සර් කියනකම් කලපනා වුනෙ ්නෑනෙ.. සිදුහත් නවත්තන්න මොන තරම් දේවල් නම් කලාද තාත්ත...
++හැබැයි මෙහෙම දෙයක් තියෙනව... හොදයි මම තාත්ත සරුංගල් ගැන කිවුවව නිසා සරුංගල්ම උදාහරණෙට ගන්නම්.... මේ දරුවො සරුංගල් වගේ තාත්තෙ..
බට කපල රැහැල අපි තමා සංරුංගලේ හදන්නේ. අම්මයි තාත්තයි එකතු වෙලා තටු දෙක සමබර කරනව මොකද ඒක සමබර නැතිනම් සරුංගලේ උඩ යන්නෙ නැති නිසා.. ඊට ප්සසෙ ඒ දනේනයි ගුරුවරුයි එකුතු වෙලා සරුංගලේ හැඩ වැඩ දාල අලවනව මේ ‍සේරොම කරන්නෙ ගේ ඇතුලෙ තියන් ඉතින් සරුංගලේට කිසිම හානියක් නෑ පරිස්සං...
හැබැයි තාත්තෙ අපිට ගේ ඇතුලෙ සරුංගල් යවන්න බෑ... අපි ඒක එලියට අරන් යන්නම වෙනව. ඒ තමයි සමාජෙ. අපිට අපි හැඩ ැවඩ කරපු දරුවව සමාජෙට දාන්නම වෙනව.... ඒ වගේ ම තමා ඒ සමාජෙ වවුලො, කොම්බුවො, මොනරු, කවුඩො,ඉස්සො වගේ එක එක ජාතියෙ සරුංගලුත් තියෙනව එක වගේ ඒව තිබුනට ඒව එක එක විදිහට අලවලත් තියෙනව ඒ වගෙ ්තමා ලමයි.. ඒ ඒදෙමවු පියො කැමති විදියට ළමයින්ව හදනව.. හැබැයි හැමෝම උඩ යවන්න අරන් එන්නෙ එකම අහසකට...
ඉතින් තාත්තෙ එහෙම අපි දරුවව අතෑරල නිකන් ඉන්නෙ නෑනෙ තාත්ත දන්නවනෙ සරුංගල් යවන හැටි.. අනික් සරුංගල් එක්ක පැටලිලි නොවී අපි මුල ටික යවන්න ඕන... උඩ හුලගට ඇල්ලුවාට ප්සසෙ දරුවාට හොද නරක තේරෙයි එතකොට සරුංගලේ තව තවත් උඩ යන්න හදනව... තාත්තෙ අපිට තියෙන්නෙ නුල් දිදි බලන් ඉන්න විතරයි... අනික් සරුංගල් එක්ක පැටලෙන්න හදනවනම් හරි අපේ සරුංගලේ ඇදයක් නම් බිම බාල ඇදේ ඇරල හරි රැල් දෙක තුනක් කඩල හරි ආමෙ යවනව මිස්ක් අපි සරුංගලේ කඩන්නෙ නෑනෙ... ඒ වගේමයි පැටලුනොත් ඒ අදාල කෙනෙත් එක්ක කතා කරල පැටලුම බේරගන්නනෝන නැතිව කඩන් යන්න ඉඩ දෙන්න හොද නෑ.. හැබැයි..
තාත්ත කොයි වෙලාවෙ හරි සරුංගලේ අතෑරුනෝත උඩු හුලං පාරට සරුංගලේ කොහෙ යයිද දන්නෙ නෑ.. ළමයව සමාජෙන් අල්ලන් ඉන්න නූල තමා තාත්තයි අම්මයි අතේ. නූල අතාරියෝත හරි කැඩෙන්න දුන්නොත් දරුව නොමග යයි එතකොට තාත්තට ආයෙ ඒක හොයාගන්න බැරි තරම් දර ගිහින් අනුන්ගෙ වතු වලට වැටෙයි... එතකොටත් දුක අපිටමයි තාත්තෙ...
ඉතින් අවුරුදු 5ක් තාත්තයි අම්මයි දරුවව හදල දැන් සමාජෙට අතාරින කාලෙ.. ඔන්න ඔහෙ ගිය දෙන් ටිකක් සෙල්ලම් කරන්න වැඩිපුර.. හැබැයි තාත්තයි අම්මයි සෝදිසියෙන් ඉන්න ඒ බත් එයාට අඟවන්න ... ඒ ඇති.. හැබැයි නූල අතෑරුනා කියල එයා දැනගත්තොත් නොමග යයි.. ඒවගේමයි ඒන මහ හුලගට නූල කැඩෙන්න නොදී බලා ගන්නත් ඕන......
මට කියන්න තියේනනෙ එච්චරයි .. මට දැන් ඊලග පන්තියට යන්න ඕන...
---තේරුණා සර්.. ‍තේරුණා.. ඇත්තමයි මට හොදටම තේරුණා... ඔය වගේ තේරුම් කරන්න කාටවත් බැරිවුනානෙ මෙච්චර කල්....සර් උගන්වන්නෙ කීය පන්තියටද ?
+++ 10 සහ 11
--සර් මගේ පුතා ලොකු වෙලා සර්ගෙ පන්තියට එනකම් මේ දහම් පාසලේම ඉන්න ස්ර්ගෙ ගෝලයෙක් කරන්න ඕන පුතාව මට..
++ගරුවරු කිය්නනෙ තාත්තෙ අම්බලම් වල ජීවත් වෙන අය.. අපිට ස්ථිර නවාතැන් නෑ.. තැන් තැන් වල දැනුම බෙදීමයි අපේ රාජකාරිය...
--සර් සර්ගෙ නම?
++ මම මයුර (කුරුළු)....
--හරි සර්... ගොඩක් පින් මට කියල දුන්නට...
මාගේ අතකින් අල්ලාගෙන සිටි ඔහු මා සමගම දරුවා සිටින පැත්තට පියමං කලා..
--පුතේ සර්ට වදින්න පුතේ.. අපි ගිහින් එන්නම් කියන්න..
++හොදයි බුදු සරණයි...පුතේ හොදට ඉගෙන ගන්න ඕන හොදද තාත්ත කියන දේ අහල...
එහෙනම් තාත්තෙ මම යනව බුදු සරණයි !
--බුද සරණයි සර්..!!
-----------කුරුළු-------

2 comments:

  1. අද උදේ ටීවී එක වැඩසටහනකත් මේ වගෙම දෙයක් කිව්වා ... දෙමව්පියො දරුවන්ව රකින්න ඕනි හැබැයි හිරකරන්න හොද නෑ .... සහතික ඇත්ත .... ^_^

    ReplyDelete
    Replies
    1. ඒක ඕෂෝ ලස්සනට කියනව... එයාගෙ දේශන වල

      Delete