Thursday, November 20, 2014

== හිත නොහොද නෝක්කඩු කරදරද ගොන්නක් .. යහනේ නැ නින්දක් === රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත් .. මේ තනිකම මහ ගින්නක්====


.
+ හෙලෝ.. ඇයි මේ උදේ පාන්දර..
- ගර්......
+ හෙලෝ..
- ගර්..... බර්..... ග්ර්රෝ.....
+ මො මෝකෝ ගොරවන්නෙ..
- ගොරවනව නෙවේ අනේ බය කරනව.. ගර්... බර්.. බ්වුවාා්්්්හ්්්......
+ මේ තාම උදේ 6.00යි මොකෝ දැන් ගොරවන්නෙ කියනව මට නිදාගන්න දෙන්නෙත් නැතිව
- අයියෝ බය වෙන්නකො මම ‍බය කරනව එයාව .
+ ඔයා තාම දන්නෙ නැත්ද අනේ ඔයාට මම බය නැ කියල..
- හ්ම්.. වැඩක් නැ අප්ප ඔයා දන්නවද අද කවදද කියල..
+ නෑනෙ ..
- අද හොලෝවීන් ඩේ අනේ...
+ අහ්..
- ආහ් නෙවේ අද අපේ කට්ටයත් පාටියක් දානව හොල්මන් විදියටම ඇදගෙන.. අද එක එක්කෙනා බය කරන දවස අනේ..
+ ඉතින් ඔයාට නම් අවුලක් නැ.. ඔය විදිහටම මූණ හොද්නනෙ නැතිව ඉන්න රෑට පාටියට යන්න.. එතකොට කස්ටිය නිකම්ම බය වෙයි..
- අනේ මේ යනව යන්න .. මදැයි මම උදේම එක්කෙනෙක් බය කරන්න හැදුව.. චැහ් අසාර්ථකයි අප්ප මට බය කරන්න බැරි වුනානෙ..!
+ හ්ම්.. ඉතින් මේ පාන්දර ඇහැරගෙන මොකෝ.
- ආ අද අපේ අම්මල ගියා අර මම කිවුව අපේ මාමලගෙ ගෙදර ඒ අයිය රට යන නිසා එයාපෝට් යන්න..මම යි ආච්චි අම්මයි විතරයි තනියෙම.. අද ඉතින් මම තමා ලොක්කා ගෙදරට.. දවල් වෙනකම්
+ ආහ් ඇත්තද එහෙනම් හොදයි... මේ සුදු නංගි ඒක නෙවේ අද කවදද..
- දන්නැ එත් අද හොල්මන් දවස..
+ ආහ් ඒක තමා.. මම අහල තියෙනව හොල්මන් වැඩි පුරම එන්නෙ උදේට කියල හරියටම පාන්දර 3යි 6යි අතරලු...
- ඉතින්
+ ඔ්යා් දන්නවද කලු කුමාරයා
- ඔවු ඔවු අනේ කලු කුමාරයා ඉතින් ඔයානෙ..
+ නැ මැට්ටි එයා එන්නෙ ගැනු ලමයි තනියෙන් ඉන්න තැන්වලටලු... අද වගේ දවස් වලට එයා විසේසෙන් ගැනු ලමයින් ඉන්න කාමර වලට එනවලු ජනේලෙන්..
- අනේ අයියෙ නවත්වන්න මම තනියෙන් ඉ්නනෙ අනේ මෙතැන..
+ ඔයා බයවේනනෙපා ආච්චි ඉන්නවනෙ
- නෑ අනේ ආච්චි ඉස්සර හ මම කාමරේ
+ ආ එහෙමද.. හරි හරි හැබැයි කලු කුමාරය කලු වුනාට කැමති සුදු කෙල්ලන්ටලු.. ඔය අවුදුරු විසි ගනන් වල පොඩි කෙල්ලො ඉන්න ැතන් වලට එනවලු නිකං බඩු මුට්ටු පෙරලනව දොර රෙදි හොලවනව වගේ දේවල් කරල බය කරනවලු...
- අනේ නවත්වන්නකෝ... මම බය වෙයි අනේ..
+ මේ ඔ්යා්ගෙ අල්මාරිය කොහෙද
- තියෙනව මෙතැන
+ එ්කෙ දොරේ කණ්ඩියක් තියෙනවද ?
- ඔවු
+ එහෙනම් එක දිහා බලන්නෙපා හොදද එයා එකෙන් තමාලු බලන් ඉන්නෙ..
- බුදු අම්ම‍ෝ මට බැරියෝ... ආච්චිී......
+ කෑගහන්නෙපා අනේ.. නිකං මිනිස්සු බය වෙයි.... ‍මේ සුදු නංගි ..
- නැ නැ මම සුදු නැ මම කලුයි............අනේ සුදු නංගි කිය්නනෙපා.. බයයි
+ හරි හරි මේ නංගි.. පොඩ්ඩක් කැ ගහන්නෙ නැතිව ඉන්න..
- ඇයි
+ මට සද්යක් ඇහුන නිකං මොනවද පෙරලෙනව වගේ ඔයාගෙ පැත්තෙන්.. පොඩ්ඩක් කැ නොගහ ඉන්න.. ඔ්ය  ඔය ආයෙ ඇහුණා..
- අ‍නේ අයියෙ නවත්තවන්නකො මාව වෙවුලනව වගේ අනේ ප්ල්ිස්.. මම බය වෙලා ඉ්නනෙ...
+ බය වෙන්නෙපා අනේ ම ඉන්නවනෙ..
- බැ බැ බැ අනේ බැ මම යනව දැන් ආච්චි ලගට මට බයයි... ඔයා මාව ඇඩේවුවවා මාව වෙවුලනව දැන්..
+ හ්ම හරි මම තියන්නම්..
- අනේ එපා  එපා එපා තියන්න එපා ඔහොම ලයින් එකේ ඉන්න මම ආච්චි ලගට යනකම් .. මම දොර ලොක් කරල අනේ ඉන්න ඉන්න තියන්න නම් එපා හොදේ..
+ බැ බැ.. මම තියනව මට නිදි මතයි... හුහ් ආව මෙැතන මාව බය කරන්න.. බවුවා....හ් බුවා...හ්.... හම්................හ්ම........... ඕං......
- අනේ.. එපා දෙයියනේ මගෙ පපවුත් හරිවෙනව..
+ හරි හරි යනව යනව ලයින් එකේ ඉන්නම මම ..දුවල යනව ඉස්සරහට මහ ලොකු චන්ඩි.. අනේ මන්ද ‍මේකලව බැඳ ගතත්තොත් අපට තනි රකින්න වෙයි..
- ආ එතකොට අවුලක් නැ.. කලු කුමාරයො දෙන්නෙක් ඉන්නෙ නෑනෙ..
+ අම්මට සිරි කට මේකිගෙ මම තියනව.. දුවපිය...
...
==========
හිත නොහොද නෝක්කඩු කරදරද ගොන්නක් .. යහනේ නැ නින්දක්
රෑ තුන් තිස් පැය නැති සේ කවදාවත් .. මේ තනිකම මහ ගින්නක්
.
කල දවස වේල අහ දැනගෙන එනවා
නැති බැරිකම් නෑගම්
හිත පිරුණ සෙනේ පුසුඹත් අහවර නම්..
මම කාට කියන්නද මේ අවනඩුවත්
.
බත ඉදෙන තුරාවට නොවදෝ ගෙපැලේ
මේ හැටි විරසක කම්
හඳ පාන ගෙනෙනෙන්නම් අමාවකෙත් මං
හොඳ බිසවු වගේ මනාපයෙන් ඒනම්
.
===========
-- කුරුළු--

6 comments:

  1. හිතට දැනෙන්න ලියන අයියගෙ කතා නම් මාර ලස්සනයි.

    ReplyDelete
  2. අදත් ලස්සන කතාවක් :)

    ReplyDelete