Tuesday, September 15, 2015

====== කිසිවෙකු නොදකින නිහඬ පැයේ - තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ==


.
- පොතක් කරනවලු නේද
+ හ්ම්
- නම මොකක්ද ?
+ “කුරුළු කවි “
- කවදද තියෙන්නෙ..
+ තාම දවසක් නැ.....
- හා එහෙනම් දවසක් දාල ෆේස් බුක් එකේ පෝස්ට් එක්ක දාන්නකො මම බලල පුලුවන් වුනොත් එන්නම් .
+ මොනවද අනේ පිට කෙනෙක් වගේ විස්තර අහ්නනෙ..
- නැ ඉතින් අපිට සලකන්නෙත් පිට කෙනෙක්ට වගේනෙ ඒකයි.
+ මම ? කවදද එහෙම කලේ ඔයාට ?
- නෑ ඉතින් පහුගිය දවස් ටිකේ කතාවක් වත් කලේ නැනෙ.. අපිව ගණන් ගත්තෙත් නැනෙ
+ අනේ නැ මම ටිකක් බිසි වුනා සුදු නංගි
- හ්ම් බිසි වුනාම අපිව අමතක වෙනව නම් ආදරේ ගැන හිතා ගන්න පුලුවනි
+ අයියෝ මොනවද අනේ පොතේ වැඩ නිසානෙ
- හ්ම්... නිකං වත පොතේ නම මොකක්ද කියන්න අහල මට කෝල් කලාද ? මගෙන් ඇහුවනං කියනවනෙ හොද නමක් .. නිකාං බොරුවට අර පෝස්ට් දදා ඇහුවෙ එක එක්කෙනාගෙන්.. හුහ්.
+ ඉතින් ඒ අයත් කිවුවෙ අනේ. .ඔයාටත් තිබුනනෙ කොමෙනට් එකක් දාන්න
- අනේ මේ යනව යන්න දෙන්නෙ උඩින් යන්න. මම මොකටද එහෙම කියන්නෙ.. කෝ දැන් පොතේ පිට කවරෙ ඉවරද
+ ඔවු
- ඉතින් කාගෙ ප්තුරෙද දැම්මෙ
+ කාගෙවත් නැහැ
- ඇයි අනේ මගේ පින්තුරෙ දාන්න එපැයි මුලට .
+ අයියෝ මම පොත් ගහන්නෙ විකුණන්න හිතාගෙන අනේ. ඔයාව දැම්මොත් නිකං දුන්නත් ගන්නෙ නැනෙ
- අනේ මේ යනව යන්න හරිද .. අපිව දැක්ක ගමන් පොත නිකං සං සං විකිනෙයි. හුම්... මදැ.. මිනිහගෙවත් පොතේ කවරෙට ඉන්නං කියල හිතං හිටිය.. ඊ...... ඉබ්බා...
+ ඒක හදල ඉවරයිනේ ඉතින්
- හරි දැන් කවදද එලිදක්වන්නෙ ..
+ නැ මම හිතුවෙ බුක් ෆෙයා දාන්න.. ඒත් මට ප්රින්ට් කර ගන්න වෙලා මදි වෙයි මගේ නංගි .. අනේ මන්ද.. මම ගොඩාක් උත්සාහ කලා..
- කෝ.. මේ.. දැන් දුකින්ද ඔයා..
+ ටිකක් අවුල්..
- අයියෝ දුක් වෙන්න එපා සුදු අයියෙ.. ! මේ අහන්නකො ඔයාට ප්රින්ට් කරගන්න බැරි වුනොත් ඔයා බුක් ෆෙයා එකේදි හැන්ඩ් බිල් ටිකක් බෙදන්න. හොඳද පොඩියට හරි එලි දැක්වීමක් කරන්න. ඔයාගෙ යාලුවො ආස ඇතිනෙ ඔයාව දැකල ඊට පස්සෙ පොත ගන්න.
+ හ්ම්
- අපි ලස්සන උත්සවයක් ලැස්ති කරගමු. ඊට ප්සසෙ විකුණන්න ඔයා එලියෙ. හොඳඳ...
+ හා එහෙමවත් කරමු..
- අයියෝ ඔයා දුකින්නෙ ඉතින් මට බැ ඔයා දුකින් ඉන්නකොට මට දුකයි..
මේ මම ලැස්ති කරන්නද එලි දක්වන වැඩසටහන. හැබැයි මට නිකං පොතක් ඕන.
+ කාටවත් නිකං දේනනෙනැ. පොතක් රුපියල් 350.00 කැමතිනං ගන්නව.. පන්සියයක් දුන්නොත් පුස්තකාලෙට ඔයාගෙ නමින් පොතකුත් යවනව මං.
- නැ ඕන නැ තියාගන්නව මහ ලොකු පොත.. මම 150ක් දෙන්නං. ඒක මගේ නමින් නෙවේ ඔහේගෙ නමින් යනවන පුස්තකාලෙකට. තමන්ගෙ කෙල්ලටවත් පොතක් නොදන නිසා පිනක් වත් වෙයිනෙ.මට ඔයාගෙ පොත එපා.
+හා එහෙම කරමු..
- අපෝ තියෙන නපුරු කම...
+ හා දැන් ෆොන් එක තියන්න මට කෝල් එකක් එනව..
- ආ ඇත්තද කවුද කෝල කර්නනෙ මේ වෙලාවෙ. මම තිය්නනෙ නැ..යකෝ ඉඳල ඉඳල මම කෝල කරන වෙලාවටමනෙ වෙන අයත් කෝල් කරන්නෙ.. තියන්නෙම නැ. සුවර් එකටම කේලලෙක් වෙන්න ඇති.
+ මේ .. පිස්සුද ? පොතේ ප්රින්ට් කරන කෙනා අනේ
- ආ සොරි සොරි මම තියනව ඇ .. ටටා බායි. ආදරෙන් ඉන්න..
+ ආදරෙන් ඉන්න සුදු නංගි... !!!!
====================
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..
ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු.. යොදුන් ගෙවා..
දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..
=====================
---කුරුළු----

4 comments:

  1. අය්ය බිසී වෙලා සුදු නංගිව අමතක වෙලා.ඇත්තටම පොතක් එළිදක්වනවද ?කවද්ද? ..එහෙම එළිදක්වන දවසට බ්ලොගෙත් පොඩි විස්තරයක් දාන්නකො අනිවා ගන්නම් කුරුළු කතා ඇහුවට කවි කියවලම නෑ මට මතක හැටියටනම් ..කුරුළුටයි සුදු නංගිටයි ජය :)

    ReplyDelete
  2. සුදු නංගියි සුදු අයියයි සෝයි...

    ReplyDelete
  3. අඩේ පොතක් එළිදක්වනවද? නියමයි නේ...ජයවේවා කුරුළු !

    ReplyDelete
  4. පහු ගිය ටිකේ පොත් එලි දක්වන තැන කීපයකදීම කුරුළු ව දැක්කා.. එත් කතා කරන්න හැදුවට නතර වීමක් තිබුනේ නෑ.. උඹේ පොත එලියට දාන දවසේවත් පොඩ්ඩක් නතර වෙලා කතා කරමු. මම 'කල්‍යාණ මිත්‍ර' කියල කතා කරන්නම්..
    පොතේ වැඩේට සුභ පැතුම්!

    ReplyDelete