හංදියේ මහ සියඹලා ගහ
කවුරුදෝ බිම
පෙරලලා
අඬ අඬා ඇය බිම
බදා හිටි
අයුරු පෙනෙනව
සිහිවෙලා
නොදන්නා මුත්
කවුරුවත් අප
අතර තිබු පෙම
හැංගිලා
ඇත්තමයි නුඹ
නිසා වෙන්නැති
මගේ ඇස්දෙක
තෙත් වෙලා
නුඹගෙ කඳමත
ඉඳන් අතු ටික
රහින බංඩෙගෙ
පොඩි මලා
මැරුනෙ ඔය
අත්තකම නේ බං
පෝය දවසක
එල්ලිලා
දොල දුකට
සියඹලා දුන් හැටි
බංඩෙලට අමතක වෙලා
අම්ම වත්
කියනවා ඒගැන
හිටිය නං ජීවත්
වෙලා
පුංචි කාලෙදි
බිමට විසිකල
සියඹලා කෑවා
වුණත්
නමය වසරෙදි තාම
මතකයි
නැග්ග හැටි උඹේ
අතු වලත්
රෑට තනියම ගමන්
යනකොට
මාව බයකෙරුවත්
නැතත්
ආදරේ අඩු වුනේ
නෑ මගෙ
උඹට - මං
කැම්පස් ගියත්
හෙටින් පසුවට
යලිත් කිසි දින
නුඹේ රුව
හන්දියෙ නැතත්
සත්තමයි මට
දැනෙනවා නුඹ
තාම එහි ඉන්නා
බවක්
නුඹට කොහොමද
මිතුර නොදනිමි
දැනේදැයි මා
ගැන දුකක්
"දැනෙනවා
මට සුවඳ නුඹගේ
හදේ පතුලින් මහ
හුඟක් "
.
-කුරුළු-
.
-කුරුළු-
///නුඹගෙ කඳමත ඉඳන් අතු ටික
ReplyDeleteරහින බංඩෙගෙ පොඩි මලා
මැරුනෙ ඔය අත්තකම නේ බං
පෝය දවසක එල්ලිලා
දොල දුකට සියඹලා දුන් හැටි
බංඩෙලට අමතක වෙලා
අම්ම වත් කියනවා ඒගැන
හිටිය නං ජීවත් වෙලා///////
කුරුළු......මේ කොටසට මම හරිම කැමතියි. දිගටම ලියන්න.
හරි සහොදරයා මම ලියන්නම්... ස්තුතයි..!
Deleteපට්ටයි, වැඩිය භාවිතා වෙන්නේ නැති, කවි රසය මතු කරන්න මාරු වචන උණත් ගලපලා තියන විදිය නම් කියලා වැඩක් නෑ
ReplyDeleteහම්... ස්තුතයි යකෝ !
Deleteඒකට කියන්නෙ කුරුල්ලාගේ අනන්‍යතාවය කියලා.. මේ කවි ටිකයි වෙන කවි ටිකකුයි දුන්නම මේක කුරුලුගෙ කවියක් කියල කියන්න පුලුවන් ලාක්ශණික ගුණාංග මෙන්න මේවගේ අඩංගුයි.. :)
Deleteකවි බලනවා හැමදාම කමෙන්ට් කළේ නැතුවට මම...
බොහොම ස්තුතියි සමී... නුඹට...
Deleteබොහොම ලස්සනයි මචෝ...
ReplyDeleteස්තුතියි සහෝ
Delete