දියත උයනට යනෙන කවුරුත්
උයනෙ වැව ලග නතර වී
වැව් දියට තම දුක කියන්නට
හෙළයි සුසුමින් කොණට වී
.
අනේ පුලුවන් වුනොත් ආයෙම
යන වෙලාවක දුක පිරී
වැවේ මහ ලොකු කාතාවක් ඇත
අසනු මැන වතුරට එබී..
.
මීට අවුරුදු නවයකට පෙර
තිබුණ දේ කණ පිට හැරී
ඉගිල ගිය හංසයෝ වෙනුවට
" ෆයිබ " උන් දිය මත ඉඳී
.
බැකෝ කට පතුලටම ඔබවා
අඳින ලද මහ ලොකු ඉරී..
මාලු , ඉස්ගෙඩි පැටවු මරමින්
උඩ බලන් සුසුමක් හරී..
.
මාලු මොකටද වැවට පොකුණට
කියා ඇතමෙක් හිරි අරී..
දියත උයනෙම ටැංකි වල හිඳ
උනුන් තාමත් හති අරී
.
වැවේ මැද ඇති දූපතේ හිඳ
පාලුවට හූ කියු නරී
තාම මට නම් ඇහෙනවා බං
කියනවා අප හට සොරී..
.
නුඹට දියවන්නාව පැත්තෙන්
තාම නො ඇසී මග හැරී
තිබෙනු ඇත මේ වගෙ කතා තව
ගොඩක් වැව මඩ තුල එරී
.
කැමති නම් නුඹ තවරගන්නට
වැවේ දුක් මඩ ඇඟ යලී
එන්න හවසට හෙටත් එතැනට
එක්ව අපි මියැදෙමු ගිලී
-කුරුළු-
පින්තුරය - අශාන් ගුණවර්ධන ( අන්තර්ජාලය )
මම මේ කවියට කැමතියි..
ReplyDeleteඅපෝ මේ කවියට විතරද බං
Deleteලස්සනයි කුලුළු...
ReplyDeleteහා අපූර්වී......
Delete/////නුඹට දියවන්නාව පැත්තෙන්
ReplyDeleteතාම නො ඇසී මග හැරී
තිබෙනු ඇත මේ වගෙ කතා තව
ගොඩක් වැව මඩ තුල එරී/////
අපොයි කප්පරක් කතා ඇති. අපිට ඕවා අහන්න අයිතියක් නැහැනේ..ඔවුන් අපගේ ස්වාමිවරුන්ය.
ස්වාමිවරු පවා - වහලුන්ය එක අතකට
Delete