පංසලේ මුර ගලට සැගවුන
විඩාබර පොඩි සිගිති ...මූණක්
විටින් විට තම සිරසෙ
රැදවුන විඩා ගෙන දෙන දැල්වු ....පානක්
අතෙහි තැන්පත් කර
තිබුනු කිරි බතක් කන කලු කපුටු ...රෑනක්
ඉවසගෙන වැඩ වදාරන එක
මුර ගලට දැන් නෑනෙ ...ගානක්
.
පුදන මල් ටික බැරල්
කර ගොස් හලන එක කාටත්ම.. රහසක්
නතර නොකරම හලන පැන්
කල දරා සිටි බෝ අතුම.. දහසක්
නැගෙන සුවඳින් පිරුණු
දුමකින් කඳුළු හලනා විසල් .. අහසක්
දුටුව දෙවිවරු සාධු
හඬ දෙති තුසිතයේ විතරක්ම .. සහසක්
-කුරුළු-
පමණට වැඩි ආමිසය.. = මෝහය
ReplyDeleteහ්ම් ඉන්දික ගුණ වර්ධන අයියගෙත් පමණට වැඩි ආමිසය ගැන ලස්සන කවියක් තිබේ සහෝ..
Deleteසුපිරියි සහෝ.. අදයි මේක දැක්කෙ..
ReplyDeleteස්තුතියි අසහෝ මම මේ බ්ලාග් එක හැදුවෙ නම් 2009දි එත් එලියට දැම්මෙ නෑ..
Deleteපට්ටයි ඕං ඈ..
ReplyDeleteඅනෙක් අයගේ බ්ලොග් වලටත් ගොඩ වැදිලා මිතුරු සමාජයක් ගොඩ නගා ගන්න..
නැත්නම් උඹ වගේ උන් හිට්ස් නෑ කියලා වහලා ගියාම අපිටයි පාඩු..
මේ වගේ උන් නැති වෙනවා එතකොට..
හරි මාතලන් අයියො උම දීපු සහයට පින් කෝමත් මම දැන් තමා මේ අනික්වා බලන්නෙ.. මම මේ බ්ලොග් ගැන දන්නෙ නැ වැඩිය
Deleteපට්ටයි කියලා තමයි අදත් කියන්න තියන්නේ. හිතා ගන්නවත් බැරි තරමට පද ගැලපිලා
ReplyDeleteඋමට ඉතින ්මොනව කියන්නද පින් යකෝ !
Deleteපංසල් එක්කම තමා උඹට සිතිවිලි පහල වෙන්නෙ.
ReplyDeleteමහන වෙලාවත් හිටියද බං කුරුළු...?
නෑ අයියෙ මහන වෙන්න හිතල තියෙන්නෙ..! හැබැයි පන්සල මට ගොඩක් ලෙංගතුයි !
Deleteමරු කතාව කෙන්ජයියා
Delete