Showing posts with label ප්‍රභන්ධ. Show all posts
Showing posts with label ප්‍රභන්ධ. Show all posts

Friday, May 6, 2016

===== සිත නිවන සිත ======= .




ලිපිය නොලියා සිටීමටත් අනේක වාරයක් සිතීමි.
එනමුත් සිතට දැනෙනා අනෙකුත් සියල්ල ලියා තබන අතර තුර මේ දැ ද නොලියා අතහැරීම අඩුපාඩුවකැයි වරෙක සිතීමි.

ලැබෙන නිවාඩුවක නින්දට පෙර භාවනාවකට හිත යොමු කිරීමත් ඒ හරහා යම් යම් දේ මෙනෙහි කිරීමත් කලකට පෙර සිටම හුරු කලෙමි.
ආස්වාස ප්‍රාස්වාසයෙන් ඇරඹි කුණ්ඩලීනියත් ඕම්කාරයෙන් ඇරඹි නාඩි පිරිසිදු කිරීමත් ක්‍රමයෙන් සිරුරේ රිද්මයට හුරුකලෙමි.
මුලදී උදරය මූලිකව හුස්ම පිරවීමත් සිත ඒ හා එක් කොට හුස්ම නාස් පුඩු හරහා පිට කිරීමත් සිදු කරමින් ක්‍රමක්‍රමයෙන් උදරෙය් සිට පපුව , ගෙල, නාසය, නළල් තලයෙහි මධ්‍ය දක්වා සුසුම සමග සිත ගෙන ආවෙමි. දැන් සිරුර නිසලය.
ආස්වාස ප්‍රාස්වාසයද මනාය, සිත ද නළලත මැද දෑසට ඉහලින් මදක් බරව දැනේ.... කලුවරකි.......
විදුලි කෙටීම්, මනෝභ්‍රාන්තික රෑ, ශබ්ද, සිතිවිලි මතක ඇදෙන්නෙ මෙවිටය, ඒ මද වේලාවකට, සියල්ල අනතුරුව නිහඩවෙයි....
සුදුය... මුදුය... නැවත නිසලය... නුඹ මනස ශක්තිය වෙත විවරවන වෙලාවය.විශ්වීය දැනුමට ඉඩ දුනහොත් සියල්ල නුඹ වෙත ගලා එනු නිසැකය......
නිර්වාණය ගැන සිතීමි..
නිවන් මගට පිලිපන්නෙකු බැදීම් අත් හල යුතුය, ලෝභ වශයෙනුත් ද්වේශ වශයෙනුත් අල්වා නොගත යුතුය.මේ හොදය ඒ නරකය යැයි නොසිය යුතුය. දුටු දෑ දුටු පමණින්ද , ඇසූ දෑ ඇසූපමණින්ද , රස බැලු දෑ රස බැලුපමණින්ද , ස්පර්ශ වූ දෑ ස්පර්ශ වූ පමණින්ද , කියවූ දෑ කියවූ පමණින්ද නතර විය යතුය. සරළවම පවසන්නේනම් ඒ ඒ පංචේන්ද්‍රියන් ගෙන් ලැබෙනා අරමුණු වලට සිත එකතු නොකල යුතුය.
ඇස කන නාසය දිව ශරීරය හරහා සිතට ලැබෙන සංඥා නැවතීම කල නොහැක්කකි, කල යුතු වන්නේ නොලැබුනා සේ පැවතීම පමනි.
අපත් රහතන් වහන්සේ කෙනකුත් වෙනස් වන්නේ එතැනනි.
අප කැමරාවක මෙමරි චිපය වැනිය.. දකිනා සියල්ලම පාහේ ගබඩා කර ගන්නෙමු. ඒ නිසාවෙන් කොයි යම් මොහාතක නැවත ක්ෂණිකව උඩට මතුවී අපට කරදර කරනු ඇත.
රහතන් වහන්සේ කෙනකු කැමරාවක කාචය බදුය සියල්ල දකිනා මුත් ග්‍රහණය කර ගැනීමක් නැත. 'සේවු' ( මතක )කර ගැනීමක් නැත.
මුලදී කීවාක් මෙන් නිව්න් මගට පිලිපන් තැනැත්තා කෙමින් කෙමින් අත් හැරීම පුරුදු කරනු ලබයි. දුටු දැ දුටු පමණින් - ඇසු දැ ඇසු පමනින් - කියවු දැ කියවු පමණින් ආදි ලෙස නවතා දමයි එනම් ඔහු වර්තමානයේ ජීවත් වන්නට පටන් ගනී. උදාහරණයක් ලෙස උදෑසන ආහාරයට ගත් දෙය ඒ ආහාරය අවසන් වන විට ඔහු මතක තබා නොගනී. ඔහුට එය තවත් එක් ආහාරයක් වනු ඇත. එලෙස එතැනින් මතක තබා ගැනීමක් නොමැති නිසා මතකයක් නැත. එනම් අතීතයක් ඔහු තුල නැත.
එදිනෙදා ජීවිතයේද සරළව ජීවත් වන පුද්ගලයෙකු අපට දැකිය හැක. ආහාර ගන්නා විට ආහාර ගනී ඉන් එහාට ඔහු තුල දෙයක් නැත, ඇවිදින විට ඇවිදියි.. සරළ වෙයි... වර්තමානයේ ජීවත් වීම යනු එයයි..
කෙමන් කෙමෙන් ඔහු භාවනා යෝගී වන්නට පටන් ගනු ඇත. මේ අවධියේදී බාගදා සමාජය තුල ජීවත් වීම ඔහුට අසීරු වනු ඇත. ඒ පෙර කී මතක තබා නොගැනීම නිසාත් සරළ දිවි පැවැත්ම නිසාත් සමාජය ඔහුට හිරිහරයක් විය හැක.
--
භාවනා යෝගී වීමෙන් ඔහුගේ පැවතුම් තවත් සංවර වනු ඇත. එදිනෙදා ජීවිතයේදී භාවනාවක නියෙලන අපට වඩාත්ම කරදරකාරීදෙයනම් අපෙග් ' මතකය'යි. අප දෑස් අඩවන්ව භාවනාකරන විට සිහියට එන්නේත් සිත එහෙ මෙහෙ ගෙනයන්නෙත් තර්ක කරනු ලබන්නෙත් අපෙග් පෙර උගත් දැනුමෙනි.
එහෙත්, මතක තබාගනීමකින් තොරව කිසිවක් හා නොඇලී සිටින්නොකුට දැනුමක් වුවද තිබිය නොහැක ඒ කියවන දකින අහන දෑ එතැනින් නතර කරන නිසාවෙනි. ( වරදවා තේරුම් නොගන්න , දැනුම එකකි - අවබෝධය වෙනනමම එකකි. 
දැනුම නොව අවබෝධය යි වැදගත්. දැනුම කොතෙක් තිබුණද අවබෝධය නොමැතිව පලක් නැත.) 
පෙරකී භාවනායොගියාගේ මනස බොහෝ සෙයින් හිස්ය ඒ මතකය - දැනුම ගබඩාවක් නැතිව ඒවා හා නොඇලී ඔහු බොහෝ කලක් ගෙවා ඇති හෙයිනි.
තර්කනය අඩු මනසක් ඉක්මනින් නිසල වනු ඇත.
--
දැන් මෙසේ ලියමි, නිවන ඇත්තේ කොහිද ?
විවිධාකාරයින් විවිධාකාරයට නුඹට පවසාවි. එය නුඹ තුලම ඇති බවටත් පවසාවි. ඇත්තය එය ඇත්තේ නුඹ තුලය. නමුත් එතැනට ලගා වන්නේ කෙසේද ? 
මා මෙසේ ලියමි ,
නුඹ කවුරු සමග හෝ කෝප වන්නේ නම් එයට යම් යම් ප්‍රමාණ ඇත. සිනහ වන්නේ නම් එයටද ප්‍රමාණ ඇත. ඒ අප සිත තුල නැගෙන හැගීම්ය. අප ඒවාට ප්‍රමාණ නියම කරගෙන පාලනයක් කරන්නෙමු. එපමණක් නොව අපට අවශ්‍ය විට අවශ්‍ය අයුරින් ඒ හැගීම පිට කිරීමටත් නවත්වාගැනීමත් සිදුකරන්නෙමු. අනෙක්කුත් හැගීමුත් එසේමය.සිතා බලන්න මනුශ්‍යන් වන අප මේ ගත කරන සෑම තත්පරයක්ම ගෙවන්නේ අපගේ සිත මත නැගෙන හැගීම් මතය. එහෙත් එයින් වෙනස් වන හැගීමක් ඇත. 
ඒ ' ආදරය 'යි.... අප යමෙකුට ආදරේයැයි පවසන්නේ යම් ප්‍රමාණයකට නොව මුලු සිතින්මය. අදටත් මනුශ්‍ය සත්වයන්ට ආදරය පාලනය කරගත නොහැක. පාලනයට යටත් කරගත හැක්කේ යම් මට්ටමකට වුවත් අප ආදරේ නම් ඒ මුළු හදවතින්මය !
මා දැන් නුඹට මෙසේ කියමි.. 
මාගේ අත්තා ජීවත්ව සිටිනා කාලයේදී කුඹරු වැඩ අවසන්ව නිවසට පැමිණ පිලේ හිද ගන්නේ ' හම්මේ .. නිවන් ගියා වගේ" යැයි පවසමිනි...
අද කාර්යාල වලත් නොසෑහෙන්න වෙහස වූ ඇතැමෙක් විරාමයක් ලද විටෙක ' නොසිතාම ' නිවන් ගියා වගේ ' යැයි පවසනු අසා ඇත්තෙමි.
ඒ ඇයි ????????? 
ඒ වෙන කිසිවක් නිසා නොව නිවන යනු අමුතු දිව්‍ය තලයක්වත් බ්‍රහ්ම තලයක්වත් නොව අප සිත තුල ඇතිවන උතුම් හැගීමක් නිසාවෙනි.
නිවන යනු ආදරයටත් එහා සිතෙහි වූ සියලුව ලෞකික සිතුවිලි වලින් එහා අල්ලා ගැනීම් වලින් වූ වෙහෙස තුරන් වූ පසු දැනෙන නිහඩ - නිසල - මහා නිස්සද්ද තාවයේ හැගීමයි.. !
------ ඒ හැගීමට පත් වීමට සියළු දැ අත් හැරිය යුතුය , සියලු බැදීම්, මතකයන් , දැනුම, අතහැර මහා නිශ්ෂබ්දතාවයට පත්විය යුතුය.අල්ලාගැනීම් අංශුමාත්‍රයක් හෝ වේනම් නිවන යන හැගීම අපට නොදැනේ. 
----- නුඹලාට මට තේරෙන බොහෝ දෙනා විදවන ආදරය සිතට ඇතුලු වීමටත් කොතරම් කල් ගත වනවාද ඒ වගේම එය ඉවත් කර ගන්නත් කොතෙක් කල් ගත වෙනවාද ? එසෙ ්වුනත් එය සම්පූර්ණයෙන් ඉවත් වෙනවාද ?
----- ඉදින් සියළු බැදීම් අත් හැර - ද්වේශයත් ලෝභයත් මුදා හැර ලබා ගන්නා නිවන නම් ඒ හැගීම තුල නැවත හැරීමක් නැත. නැත ලෞකික ජීවතයට නැවත අල්ලා ගැනීමට ඒමක් නැත. එක වරක් ඒ හැගීම සිතට ඇතුලු වූ පසු දුක කෙලවර වෙයි....... !
------විස්වාස කරන්න මට අනුව , නිවන කියන්නෙ උතුම් හැගීමක් !
දැනුම නොව අවබෝධයි වැදගත් !
( මේ ඉහත සදහන් සියල්ල මාගේ ම අදහස් වන අතර කියවන නුඹලා ඉන් නිදහස්ය )
----- කුරුළු-----
( විශේෂ ස්තුතිය Chandana Ellewala අයියාට , නිවන කියන්නෙ හැගීමක්ය කියල හිතන්න පෙළඹුවාට 

Sunday, January 24, 2016

නමක් නැති ! 01



== අවසන එය ලිවීම ඇරඹීමි. මෙයින් මතු මා කොයිබට දිවේදැයි නොදනිමි. නමුත් අවබෝධ වූ දෑ ලිවිය යුතු යැයි සිතමි ====
.
දෑස් අඩවන්ව පද්මාසනයෙන්  හිඳගත් අයුරින්ම හෙතෙම පසුවිය.
ගෙවෙන්නා වූ  මිනිස් ලොව පැය පිළිබඳව අවබෝධයක් නොවුනත් ගතකරන කාලය තුල ම ජීවත් වන්නා සේ දැනුනි.
මෙතෙක් රැස් කරගත් වෙර වීරියෙනුත් පාරමිතා ශක්තියෙනුත් ධ්‍යාන බලයෙනුත් ක්‍රමයෙන් සසර මග විමසන්නට පටන් ගති.
සසර ගමන ප්‍රථම වතාවට පැහැදිලි ව දැනේනනට පටන් ගති.
සතත්වයා ක්ලේෂයන් නිසා වරින් වර ඉපැදීමත් ඉපැදීම කරණ කොට ගෙන ජරාවට පත් වීම ව්‍යාධිය ද ඉන් පසු මරණයට ගොදුරු වීමද ඒ ඒ සිදු කරන කුසල් අකුසල් පෙර දැරිව වඩාත් සුදුසු ස්ථානයක නැවත ඉපැදීම සිදු වන බවත් පැහැදිලි විය.
සසර ගමනේදී සතත්වයාට කුසල් ය අකුසල්ය ලෙස ගුදම් දෙකක් ලැබේ. ඉන් තමා විසින් කුසල් ගුදම පුරවන්නේද අකුසල් ගුදම පුරවන්නේද යන්න සතත්වයාගෙ කාර්යයකි. පෙර විසූ බුදුවරු මුණ ගැසී සසර පුරුදු ඇත්තවුන් කුසල් යනු කවරේද යන්න අවබෝධයෙන් ඒ සඳහා වෙහෙසෙන බවත් පෙනෙන්නට විය.
තමාද ඒ තණ්හංකර , මේධංකර, සරණංකර ,දීපංකර, කොණ්ඩඤ්ඤ, මංගල, සුමන, රේවත, සෝභිත, අනෝමදස්සී, පදුම, නාරද, පදුමුත්තර, සුමේධ, සුජත, පියදස්සි, අත්ථදස්සි, ධම්මදස්සි, සිද්ධත්ථ, තිස්ස,
ඵුස්ස, විපස්සි,සිඛි, වෙස්සභු, කකුසන්ධ, කොනගමන, කස්සප විසි හතක් බුදුවරුන්ගෙන් බණ අසා විවරණ ගෙන පෙරුම් පුරණා බෝසතුන් වහන්සේ කෙනෙකු බවත් කෙලෙසුන්ගෙන් මිදීම ඉතාම ආසන්න බවත් අවබෝධ වන්නට පටන් ගති.
සියළු සතත්වයන් පෙරුම් පුරන්නෝය යම් දවසක නිර්වාණාවබෝධය ලබති. යම්කිසි පෙරුම්පරන්නෙකු තම කුසල් ගුදම සම්පුරණයෙන් පුරවාගත් පසු ඔවු නිර්වාණාවබෝධය ලැබුවා නම් වනු ඇත. ඒ එලෙස කුසලයන්ගෙන් පුරවා ගැනීම ඒ තරම්ම අසීරු කටයුත්තක් වන බැවිනි. තමාද සාරාසංඛෙයිය කල්ප ලක්ෂයකටත් ඉක්මවූ කාලයක් පෙරුම් පුරමින් මේ සසර ගමන කුසල් ගුදම පුරවා ගෙන ඇති බව හෙතෙම අවබෝධකරගත්තේය.
සියළු සතත්වයෝ ලෝභයෙන් අල්වාගැනීමත් ද්වේශයෙන් බැහැර කිරීමත් නිසාම මේ සසර ගමන දිග් කරගන්නෝ වෙති. සිත නම් ඓන්ද්‍රිය මනාව නොහික්මවී ම මෙයට හේතු වන බව පැහැදිලි වන්නට විය. මෙය මිනිස් ලොව සියළු සතත්වයන්ට පැහැදිලි කල යුතුය ඒ සඳහා අවශ්‍ය බුද්ධත්වය තමා ලැබූ වේ තම සිත තුල හෝ වේවා සසර තුල හෝ වේවා වූ කුසල් ගුදම පුරවා ගත්නිසාවෙන් බව හෙතෙම අවබෝධකොට ගති.
මෙයින් මතු උපතක් නැත. සියළු කෙලෙසුන් ප්‍රහීන කලෙක්මි නමුත් සතත්වයන්ගේ සිත සුව පිණිස නැවත පෙනී සිටිය යුතුය දහම වැපිරිය යුතුය සත්‍යගවේශනයේ අවසන මේ මහා ධර්මය සතත්වයා හමුවේ දේශනා කල යුතුය. එයෙහින් නැවතත් උපතක් සිදුවිය යුතුය. එය හුදෙක්ම කුසල් පිරීමක් නොව වීර්යයයෙන් හා ධෛර්යයයෙන් යුතු පරමාදර්ශීව බුද්ධතත්වය කරා යන ගමනක්ම විය යුතුය. එය කියවා බලා දේශනා කරන්නාවූ දහම අවබෝධයෙන් බොහොමයක් සතත්වයන් නිර්වාණාවබෝධය ලබනු ඇත. සසර ගමන එකට සිටි සියල්ලන්ගේද අවසාන උත්පත්තිය එය වනු ඇත.
හෙටින් පසු සියල්ල සැලසුම් කල යුතුය. අධිෂ්ඨානය එය විය යුතුය. එය සප්ත ලොවටම ශාන්තියක් වේවා... !!!!
.............. හෙතෙම සෙමෙන් දෑස් හැරියේය. මනු ලොවින් පිටවූ වෙලාවක් නොදැනින. තුසිතයේ ඇස් හැරීය. බුදු මඟ සැළසුම් කිරීමට කදිම ස්ථානයකැයි සිතුණි. තුසිතයේ ආයු කාලය දිව්‍ය වර්ෂ හාරදහසකි නැතහොත් එක් දිනක් යනු මනුශ්‍ය වර්ෂ හාරසියයකි. ඒ අනුව බැලු කල මනු ලොවට දිගු කාලයකි.
දිව්‍ය සැප විඳීමේ කැමැත්තක් නැත නිර්වාණ මාර්ගය තිබේ. සියල්ල සැලසුම් කල පසු මෙයින් නික්ම යා යුතුය. උපත සඳහා කාලය දීපය දේශය කුලය සහ මව , නිමිති බැලිය යුත්තේ ඒ උපත හුදෙක් සකල සතත්වයා කෙරෙහි නිර්වාණාවබෝධ මාර්ගය හෙලි පෙහෙලි කරනු පිණිස වන උපතක්ම වන හෙයිනි.
සදෙවු ලොව වැසියන්ද මෙලාව වැසියන්ද කැඳවිය යුතුය, විශ්ණු, මුරුගන් , ගණේෂ , විභිසණ, මහා බ්‍රහ්ම, ආදී සියල්ලන්ද රාවණයන්ද කැඳවිය යුතුය.
බුදුවීම අවබෝධ කරන්නාවූ මාර්ගය සැකසිය යුතුය. තුසිතයේදී ශවේත කේතු නාමය වූවත් මතු උත්පත්තියේදී සිද්ධාර්ථ නාමය ම විය යුතු බවට හෙතෙම තිර අධිෂ්ධානයක් කලේය......... !!
--කුරුළු-

( මෙය හුදෙක් කොටස් වශයෙන් ලියන්නට වෙර දරන ප්‍රභන්ධයක් , මනංකල්පිතයක් වන අතර කිසිදු අකාරයේ නිග්‍රහ කිරීමක උත්සාහයක් නොවේ )

Monday, February 9, 2015

නමක් නැති ලිපි 04




දැස් අඩවන් කරගතිමි,
ක්‍රමවත්ව සිදු කෙරෙන ආස්වාස ප්‍රාස්වාසයත් ඉඳ හිට නැගෙන ගෙම්බකුගේ හඩත් හැර කිසිවක් නෑසේ. මවිසින්ම දැල්වූ සුවඳ කූරේ සගන්දය මිස දුගන්ධයක් නැත. සාම්බ්‍රානි සුවඳ තවමත් කාමරය පුරා ඉතිරි වී ඇත. පහල නිවසේ අම්මාගේ රේඩියෝවේ පිරිත් පටන් ගති.. නිතර උනන කෙළ පිඩු පමණක් දිවට දැනේ..ශරීරයට ඉඳ හිට දැනෙන සියුම් සුලගක වෙනසක් විනා අන් කිසිවක් නොදැනේ..
සිතෙහි ගැඹුර මේ යැයි සිතීමට මෙනෙහෙි කිරීමට පටන් ගතිමි.. පියාගත් දෑස් තුල වූ අන්ධකාරයේ නිල් පැහැති ආලෝකයක් සැරි සරන්නට පටන් ගති. දෑස්වල ඉතිරි වූ ආලෝක පුංජයක් සේ සිතුවත් එය එහා මෙහා ගමන් කරනු පැහැදිලිවම පෙනේනන්ට පටන් ගත්තෙන් ඒ කෙරෙහි සිත යොමු කලෙමි.
ගැඹුරු හුස්ම ගැනීමත් ම වලොවක් රඳවා තබා ගැනීමත් පියවරානුකූලව පිට කිරීමත් අතර තුර මෛත්‍රිය වැඩීඹට පටන් ගතිමි. ඉඳ සිටි තැනින් මඳක් සිරුර සැහැල්ලු වී ඉහලට එසවෙන්නාක් මෙන් දැනෙන්ට පටන් ගති. අතෙහි වු ව්‍රජාවද ක්‍රමයෙක් බර වැඩි වන්නට විය...
සුපුරුදු පරිදි ගෙලෙහි වූ රුද්‍රාක්ෂයේ ශක්ති ජනනයෙන් හදවත් ගැස්ම තුල සියුම් වෙනසක් දැනුනි.
දෙවියන් හා කතා කිරීමට හෝ දෙවියන් දැකීඹ ලෙහෙසි නැත.
ඔවුනගේ සංඛා්‍යාතයට පත් වීම හෝ ඔවුන්ව අපගේ තරංග සංඛ්‍යාතයට ගෙන්වා ගැනීම ඉතා අසීරු කාරයකි..
එහා මෙහා දිවූ නිස් ආලෝකය ක්‍රමයෙන් පැහැදිලි වන්නට විය . මුහුණක් සිරුරක් හරි හැටි අදුනාගත නොහැකිවුවත් වමතෙහි වූ වාලම්පුරි සලකුනින්ද දකුණතහෙහි වු වජ්‍රායුධයෙන්ද සෞම්‍ය වූ රැස් මාලාවෙන්ද හඳුනාගතිමි. හෙතෙම විශ්ණුය.
+ නුඹට කෙසේද
- එය මා ඇසිය යුත්තකි.
+ බොහෝ කලකින් දැහැන් ගත වීමි.මනුශ්‍ය ලෝකයත් දිව්‍යෙලා්කයත් හා සැරි සැරීම ලෙහෙසි නැත.
- පුත එකක ජීවත් වන්න. නුඹ මෙහි නොආ යුතුයැයි සිතමි. අපට එහි ඒමට හැකිය.
+ භාවනාව මා මෙහි ගෙන එන්නේය. මාවිසින් සිතා මතා නොඑන්නෙමි
- සසර පුරුදුය පුත.
+ ඇසිය යුත්තක් තිබේ. මා සිත තුලද ඊට පිලිතුරක් ඇත. එහෙත් නුඹෙන්ම දැන ගනු කැමැත්තෙමි.
- ප්‍රශ්නයද දනිමි. ඊට නුඹ තුල ඇති පිලිතුරද දනිමි. ඒ පිලිතුර දුන්නේ මා ය. එ් නුඹට පෙර සිතු ගැටලුව පැන නැගුනු මොහොතේදීමය.
+ එසේනම් නුඹ මා සිතද කියවා ඇත. නමුදු අසමි. මාගේ යම් හැකියාවන් පිය උරුමයකින් ලද දේද ? බොහෛා් විට සමාජයේ එය සේ යැයි දරුවන්ට පවසනු අසා ඇත්තෙමි.
- නුඹගේ බසින්ම පිලීතුරු දෙමි. දරුව නුඹ අසන්නේ චිත්‍ර ශිල්පියෙකුගේ දරුවා අති දක්ෂ චිත්‍ර ශිල්පියකු වීඹද නර්ථන ගුරුවරයෙකුගේ දරුවා අති දක්ෂ නර්ථන ශිල්පියෙකු වීමද අතර ඇති සබඳ තාවයි. එසේනම් වෛද්‍යවරයෙකු ගේ දරුවා වෛද්‍ය වරයෙකු වේද ? ලී වැඩ කරන්නෙකුගේ දරුවා ඉංජිනේරු වරයෙකු විය නොහැකිද ?
+ එය යි මගේ ගැටලුව
- නැත පුත. කිසි විටෙක දරුවෙකුට පියාගේ හැකියාවන් බල පාන්නේ නැත. පියාට යම් හැකියාවක් තිබු පමණින් දරුවාද ඒ ශාසත්‍රයම ප්‍රගුණ කර ඉහලට යාම නිසා ඒ පියාගෙන් ලද දායාදයකයි කිව නොහැක. ඒ ඒසේ නොවේ.
දරුවාගේ හැකියාව සියයට සියයක්ම දරුවාගේ හැකියාවයිත ඒ කාගෙන් වත් හුරුව්ක නොවත පෙර සසර පුරුද්දකින්ම ගෙන ආ හැකියවක්මැයි.. මේ සමාජයේ සිදුවන්නෙ මෙයයි.
සසර ගමනේදි භවයක නුඹ චිත්‍රශිල්පියෙකැයි සිතන්න. ඒ භව අවසානයේදි නුඹ තුල වූ කුලතාවන් තවත් ප්‍රතිවිපාක දෙනු පිණිස ඒ සඳහා සුදුසු කර්ම ළුලයක් ඇති මවු පිය සෙවනක නුඹ පිළිසිඳ ගනී. බොහෝ විට ඒ චිත්‍රශිල්පි පියෙකු තුල විය හැක. වන්නේ, එහිදි නුඹගේ සසර පුරුදු වැඩි දියුනු කර ගැනීමට කුඩා කල සිටම අවස්ථාව ලැබීම පමනි. නොඒසේව පියාගේ දක්ෂකමක් නුඹට නොලැඹේ. එහෙත් තම පියාගෙ මග පෙන්වීම් ඉගැන් වීඹ් යටතේ නුඹ ඉහලට ගමන් කරනු ලබයි.
+ දෙමවුපියන්‍ෙගෙන් ලැබෙනුයේ කුමක්ද ?
- දරුව නුඹ නුඹගේ කුසලතා පිළිඹිබු කර ගත හැකි කුසල ශක්තියක් හෙබි ස්ථානයට දාව ඉපදුන හොත් ඔවුන් කුඩා කල සිටම ඒ දියුනු කර ගැනීමට නිතැතින්ම උපකාර කරති. ඒ හැරත් කුඩා කල පියා චිත්‍ර කරමයේ නියුතු වනු දැක නුඹද ඒ හුරු වනු ඇත එවිට නුඹ නියම සසර මාර්ගයට අවතීර්ණ වි දස්කම් පානු ඇත.
+ එසේනම් වෙනත් කර්මාන්ත කරන අයෙකුගේ දරුවෙක් චිත්‍රශිල්පියෙක් විය නොහැකිද ?
- මා පුත සසර තේරුම් ගනුව. බාගදා නුඹ චිත්‍රශිල්පියේකුගේම දරුවකු වුවහොත් ඔහුගේ අත්දැකීම් අනුව ඔහු නුඹ චිත්‍රශිල්පියෙකු වීම ප්‍රතික්ෂේප කරනු ඇත. එවැනි අවස්ථාවක නුඹ නුඹගේ කුසල ශක්තිය අනුව වඩු කාර්මිකයෙකුගේ දරුවකු ව පිළසිඳ ඒ යටතේ හැදෙමින් චිත්‍රශිල්පය ප්‍රගුන කරනු ලබයි. මේ සමාජයේ නුඹ දැක නැතිද හැකියාව ඇති මුත් දෙමාපියන්ගේ මග නොපෙන්වීම හෝ අකමැත්ත මත තම කුසලතා යටපත් කර ගත් පිරිස් වයස් ගත වූ පසුව ඒ ඒ කුසලතා වලින් ඉදිරියට එන ආකාරය..
+ එසේය දැක ඇත්තෙමි . සමහර ලෝ සුපතල චරිත පවා එසේය..
- නුඹගේ ප්‍රහ්නයට පිළිතුර මෙයය. දරුවකුගේ හැකියාව සියයට සියයක්ම දරුවාගේය . හෙතෙම කළ සසර කුසලයන් අනුව ඒ පළිසන්දෙන්නෙය. මෙසේද වනු ඇත. නුඹ චිත්‍රශිල්පියෙකු වුවත් නුඹේ පියා චිත්‍රශිල්පියෙකු නොවනු ඇත. එහෙත් නුඹ පරම්පරාවේ ඉතා ඈත චිත්‍රශිල්පියෙකු සිටින්න පිළිවන.. එසේම ඒ අතීත ඇත්තා නුඹ ම වීමටද හැකියාවක් ඇත..
+ යම් පමණක් ආවබෝධ වුනි
- නුඹ තීරණ ගනුයේ මේ සමාජය දෙස බලා සිතාය. එබැවින් නුඹට බොහෝ දේ මග හැරේ. නුඹට සමාජය ලෙස මට මේ සසර සමානය. බොහෝ ඇත්තන් ඉපදෙනු මියෙනු දැක ඇත්තෙිමි. ඒ ඒ කුසලතා සමග ඉදිරියට එනු ඇත්තේමිත එක භවයකිදී අසම්පුර්න කල දේ අනිකේදී සම්පූර්ණ කරනු දැක්කෙමි.
+ එසේය
- දරුව. බෞද්ධයාගේ අවසන නිවනයි. එබැවින් නොපමාව කුසල් රැස් කරන්න. භවයෙන් භවය කුසලතා පුරවා ගන්නවා මෙන්නම කුසල්ද පුරවන්න.. නුඹද මෙලොවට කල යුතු අසම්පූර්න කාර්යයක් ඇත එය සොයාගන්න..
+ ඒ කිමෙක්ද ?
- එය සොයාගත්තේ නුඹමය. මෙලොව මිනිසෙකුට වටිනා දින දෙකකි. ඒ පළමුවැන්න තමා උපන් දිනයයි. දෙවැන්න තමා උපන්නේ ඇයි දැයි සොයා දැනගත් දිනයයි..
අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං,
අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා
අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යන්නේය. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නා  අමරණීය වන්නේය. ප්‍රමාද වූවන් ජීවත් වූවත් මළකඳන් වැන්නෝමය..
+ සාධූ.. සාධූ .. සාධූ ..
ක්‍රමයෙන් දෑස් හැරීමි..තවමත් සුවඳ දුමෙන් පිරුන කාමරය අඳුරේ තිබූ ගුප්ත බාවය වැඩි කලේය. දෙදණ දිග හැර හිඳ සිටි තැනින් නැගී සිටීමට දෑතින් වාරු ගතිමි. දකුණු උරහිස ඇවිලීයන්නාක් මෙන් දැනුනි.. දැඩි වේදනාවකි. වජ්‍රාව තවත් එහි දරා සිටි නොහැකිය...
=======================================
--කුරුළු---

Saturday, December 6, 2014

නමක් නැති ලිපි





භාවනාව එක දිගටම කරගෙන යාමට නොහැක වූවත් ක්‍රමවත්ව පවත්වාගෙන යෑමෙන් සිත පමණක් නොව ගතද නිරොගීමත් වන බව අත් විඳින්නෙමි.!
ඒ මා දන්නා පරිදි හිසේ අමාරුවක් හැරුණු කොට අනික් කිසි බෝ වෙන රොගී තත්වයක් මා හට නොවැළදෙන නිසාය. ඒ මීට අවුරුදු 4ක පමණ පෙර සිටය. සාමාන්‍ය රෝග උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සඳහා බෙහෙතක් නොගන්නෙමි. ඉඳ හිට පැය බාගයකට හෝ උපරිම දවස් බාගයකට පමණ අසණිප වුව්ත මේ අවුරුදු 4 ටම ඒ දෙවරක් හෝ තෙවරකි.
එහෙත් තදින් හි‍සේ රුදාවක් නම් තිබේ. බොහෝ දෙනා පවස්නනේ කල්පනා කරන නිසාවෙන් බවය. ඇතැමෙක් අනික් ලෙඩ රොග් සියල්ලද පිට දාන්නනේ ඒ හරහා යැයි පවසති. කෙසේ වෙත්ත ඒ සඳහාද ප්‍රතිකර්මයක් මවිසින්ම සොයාගත යුතුයැයි සිතා නැවත භාවනාව ඇරඹීමි....
...
සිත සුවපත් වන තුරු කිසි දිනක ගත සුවපත් නොවේ. සාංකාව ද එවැනි රොගී තත්වයකි. කුඩා දරුවන්ට තම පියා නොදක මව නොදැක ටික කාලයක් සිටන විට මේ තත්වය ඇති වීමත් නැවත ඔවුන් හමු වීමෙන් ඒ රොගි තත්ව බැහැර වීමත් දක්නට හැකිය. ඒ කුඩු දරුවන්ට නොව බෙහෝ සෙයින් ආදරෙන් බැ‍දෙන පෙම්වතුන් දෙදෙනෙකු අතර හො අඹුසැමි යුවලක් අතර හෝ බැඳීම අල්ලා ගැනීම වැඩිපුරම ඇති තැන්වල දැකිය හැකි තත්වයකි. මේ රොගි තත්වය සුරතල් සතුන් තුලද දක්නට ඇත. ඒ නුඹද දැක ඇතිවාට නිසැකය.
ඒ එකක් පමණය..
තවත් සත සුවපත් වීමක් මා සිහියට නැගේ.
ඒ නම් කොය තරම් බෙහෙත් ශාලා රොහල් වලින් බෙහෙත් ගත්තත් තමන්ගේ දොස්තර නොඒසේනම් තමන්ට හුරුපුරුදු තැනින් බෙහෙත් ගන්නා තුරු සමහර ලෙඩ සුව නොවීමයි. දොස්තර දැක්කත් ඇති යැයි සමහරු සිතති. මා දන්නා ඇතැමෙක්ට අසනීප තත්වයක් පවතින්නේ බෙහෙත්ක් ගෙනෙන තුරු පමණි එය පාවිච්චි නොකලත් ලෙස සුවපත් වනු මම දැක ඇත්තෙමි..
ඒ තමන්ගේ ඇඳ නොමැතිනම් නින්ද ‍නොයන - තමන්ගේ කෝප්පය - පිඟාන නැතිනම් නොකැවෙන - වැසිකිලි නොයන වාගේ ලෙඩ රොගය.
සියල්ල ඇත්තේ සිතේමය..
..
තව දුරටත් සිතා බැලුවෙමි..
තුවාලයක් සෑදුන පසු එතැනම තුවාලය වේලී කබොල්ල්ක් සෑදෙනු දැක ඇත්තෙමි. සැරව පිරුනොත් සෝදා පිරිසිදු කල පසු තුවලය සුව වේ. අවශය වන්නෙ පිටතින් විෂබීජ ඇතුල් වීම වැලැක් වීම පමණි..මාගේ සීයා ගේ පුරුද්දට අනුව කුඹුරේදි ඇති වන සියලු තුවාල කැපීම් වලට බෙහෙත "තමාගේම කෙල ය" එවේලෙට තුවාලය සෝදා කෙල ටිකක් ගා ගන්නා ඔහු නැවත වැඩ කරයි. තුවාලය සුව වේ.
අපගේ සිරුරට අවශ්‍ය බෙහෙත් සිරුර තුලම නිප වේ සිරුර පවත්වාගැනීමට බොහෝ වෙහෙසක් මේ අවයව සිදු කරයි. ඒ නිසා ඇති වන ආපදා වලදී උපරීම ලෙස සිරුර ආරක්සා කර ගැනීමට වෙහෙසීම සිරුරෙ කාර්යයි. අප කල යුතුව ඇත්තේ සිතද ඒ හා සම්බන්ධ කිරීමයි. නැි නම් සිත එතැනින් ඉවත් කිරීමයි.
සිරුරට උණ ගන්නේත් - ක්ලාන්ත වී ඇද වැටෙන්නේත් - හරි රියවුවකින් නිදා නොසිටින විට ගැස්සි අවදි ව්නනේත් මේ හේතු නිසාමය. සිරුර තමාව ආරක්ෂා කරගනීමට නිතර වෙහෙසෙයි.
..
තව තවත් කැණ බැලීමි..
කුඩා කාලයේදී අතක පයක තුවල හට ගත් විට බෙරිහන් දී කෑ ගසයි. එවිට සුලු ප්‍රථමාධාරයක් ලබා දෙනු ලබයි. සරලව සිතුවහොත් අතක් කෑපීමකට ලක් වු විට එතැන ප්ලාස්ටරයක් හෝ අදාල යම් බෙහෙතක් තවරන ලබයි. ඒ නවසේදීනම්ය. එහෙත් ක්‍රීඩා පිටියකදී නම් අප කරන්නේත් හොදා පිරිසිදු කර ගැනීම හෝ කුමන හෝ ගස් කොල වර්ගයක් කඩා තබා ගැනීමය. ඒ නැතත් අයිස් කැටයක් තබා පසුව පිරිසිදු රෙදි කැබැල්ලකින් බඳ ගැනීමෙන්ද සෑහීමකට පත්වන්නෙමු.
අරුමය නම් මුලින් වේදනා දුන් තුවාලය ක්‍රමයෙන් අපටම අමතක වී යාමයි. ටික වේලවකින් හෝ පසු දවසක නැවත තුවාලය පෑරෙන තුරුම එය අමතක වී යා හැක. බාගදා ඒ වන විට එය සුව වී තිබෙන්නටත් පුලුවන.. කිසිම බෙහෙතක් නොගල්වාම..
..
එතැන ඇත්තේද සිත හා බැඳීමකි. එනම් මා දන්නා ආකාරයට තුවලක් වු විගස මොලයට පනිවිඩය ගෙන යන ස්නායු හරහා නිරන්තරයෙන් එම තුවාලය හා ගනු දෙනු කරනු ලබයි
ඒහෙත් අප යම් සුලු පිලියමක් කල විට ( රෙදි කැබැල්ල්කින් හො බැදි පසු ) ඒ තුවාලය හා මොලයේ ස්නායු අතර තිබුනු සබඳතාවට චිත්තය හෙවත් සිත එකතු වීම ත් එ ්ගැන සංවේදනයක් අඩුවේ..
තුවාලය එතැනම තිබුනත් ඒ හා අප සිත තුල තිබුන බැඳිම නැති වි යයි. කොයි මොහොතක හෝ තුවාලය අලුත් වන වුවහොත් නැවත්ත් අපට වේදානවක් දැනේ.
එනිසා සුවපත් කල යුත්තේ පුහුනු කල යුත්තේ සිතයැයි සිතුවෙිම..
මා මීට කලෙක සිට අත්හදා බලන ක්‍රමයක් ඇත එනම් මාගේඅත පයක් කකුලක ඇගිල්ලක් හිස හෝ ඔනැම තැනක් කොහේ හරි තදින් හැප්පනු විටම මා මෙසේ සිතමි !
" මේ මම කලින් භවයක කරපු දෙයක් කාට හරි පයින් වත් ගහන්න ඇති, දැන් ඒක ඉවරයි, මමයි අහක බලන් ආවෙ වැරැද්ද මගේ"
-- අත්දුටුවෙන්ම පවසන්නෙමි වේදනාව එවෙලෙහිම අවසන් වේ. මා සිතනා ආකාරයටම ඒ වේදනාව හා සම්බන්ධ චිත්ත පරම්පරාව හෙවත් රිදෙන සිත එතැනින් ගැලවීමි.
--
මෙසේ සිතා බනව විට අපට ඕනෑම රෝගී තත්වයකට මේ සිත පුහුණු කිරීම එහෙත් නැති නම් සිතට වෙනත් සංඥා ලබා දීම - ( රොගී බව වෙනුවට), රොගී තත්ව ඉක්මනින් සුවපත් වීමට හොඳ ඔසුවකැයි සොයාගතිමි. මේ සිරුර ඇතුලත හෝ පිටත ගැටලුවක් නැත ඒ පමණක් නොව තව දුරටත් පුහුනු කරන ලද සිතකින් - සැබැවින්ම බුදුන් වහන්සේ දේශනා කල පරිදි සිත තුල ඇති වන රෝගී තත්වයන් පවා - දුක කම්පාව වෛරය ලෝභය ආදීද නැති කර දැමීමට හැකි වනු ඇතැයි සිතමි.
කෙසෛ් වෙතත් මම මෙසේ ලියමි.
රොගී තත්ව හෝ තුවාල සිදු වුන අවස්ථාවල ඒ ගැන ම නොසිතා වෙනත් දේ ගැන සිත්න්න බොහෝ විට තමන් වැඩියෙන්ම සතුටු වෙන අවස්ථා ගැන මෙනෙහෙි කරන්න. රොගී තත්වවය නොසලකා බෙහෙත් නොගෙන ඉ්නන යැයි නෙවෙයි බෙහෙත් ගත්තද ලෙඩ සුව වීමට නම් සිතද අවශ්‍ය බව තේරුම් ගන්න...
අප රොගී තත්ව ගැන සැලකිලිමත් විය යුතු වන්නේ නිරොගීව සිටින විටය.
--- කුරුලු--