Saturday, December 6, 2014

නමක් නැති ලිපි





භාවනාව එක දිගටම කරගෙන යාමට නොහැක වූවත් ක්‍රමවත්ව පවත්වාගෙන යෑමෙන් සිත පමණක් නොව ගතද නිරොගීමත් වන බව අත් විඳින්නෙමි.!
ඒ මා දන්නා පරිදි හිසේ අමාරුවක් හැරුණු කොට අනික් කිසි බෝ වෙන රොගී තත්වයක් මා හට නොවැළදෙන නිසාය. ඒ මීට අවුරුදු 4ක පමණ පෙර සිටය. සාමාන්‍ය රෝග උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග සඳහා බෙහෙතක් නොගන්නෙමි. ඉඳ හිට පැය බාගයකට හෝ උපරිම දවස් බාගයකට පමණ අසණිප වුව්ත මේ අවුරුදු 4 ටම ඒ දෙවරක් හෝ තෙවරකි.
එහෙත් තදින් හි‍සේ රුදාවක් නම් තිබේ. බොහෝ දෙනා පවස්නනේ කල්පනා කරන නිසාවෙන් බවය. ඇතැමෙක් අනික් ලෙඩ රොග් සියල්ලද පිට දාන්නනේ ඒ හරහා යැයි පවසති. කෙසේ වෙත්ත ඒ සඳහාද ප්‍රතිකර්මයක් මවිසින්ම සොයාගත යුතුයැයි සිතා නැවත භාවනාව ඇරඹීමි....
...
සිත සුවපත් වන තුරු කිසි දිනක ගත සුවපත් නොවේ. සාංකාව ද එවැනි රොගී තත්වයකි. කුඩා දරුවන්ට තම පියා නොදක මව නොදැක ටික කාලයක් සිටන විට මේ තත්වය ඇති වීමත් නැවත ඔවුන් හමු වීමෙන් ඒ රොගි තත්ව බැහැර වීමත් දක්නට හැකිය. ඒ කුඩු දරුවන්ට නොව බෙහෝ සෙයින් ආදරෙන් බැ‍දෙන පෙම්වතුන් දෙදෙනෙකු අතර හො අඹුසැමි යුවලක් අතර හෝ බැඳීම අල්ලා ගැනීම වැඩිපුරම ඇති තැන්වල දැකිය හැකි තත්වයකි. මේ රොගි තත්වය සුරතල් සතුන් තුලද දක්නට ඇත. ඒ නුඹද දැක ඇතිවාට නිසැකය.
ඒ එකක් පමණය..
තවත් සත සුවපත් වීමක් මා සිහියට නැගේ.
ඒ නම් කොය තරම් බෙහෙත් ශාලා රොහල් වලින් බෙහෙත් ගත්තත් තමන්ගේ දොස්තර නොඒසේනම් තමන්ට හුරුපුරුදු තැනින් බෙහෙත් ගන්නා තුරු සමහර ලෙඩ සුව නොවීමයි. දොස්තර දැක්කත් ඇති යැයි සමහරු සිතති. මා දන්නා ඇතැමෙක්ට අසනීප තත්වයක් පවතින්නේ බෙහෙත්ක් ගෙනෙන තුරු පමණි එය පාවිච්චි නොකලත් ලෙස සුවපත් වනු මම දැක ඇත්තෙමි..
ඒ තමන්ගේ ඇඳ නොමැතිනම් නින්ද ‍නොයන - තමන්ගේ කෝප්පය - පිඟාන නැතිනම් නොකැවෙන - වැසිකිලි නොයන වාගේ ලෙඩ රොගය.
සියල්ල ඇත්තේ සිතේමය..
..
තව දුරටත් සිතා බැලුවෙමි..
තුවාලයක් සෑදුන පසු එතැනම තුවාලය වේලී කබොල්ල්ක් සෑදෙනු දැක ඇත්තෙමි. සැරව පිරුනොත් සෝදා පිරිසිදු කල පසු තුවලය සුව වේ. අවශය වන්නෙ පිටතින් විෂබීජ ඇතුල් වීම වැලැක් වීම පමණි..මාගේ සීයා ගේ පුරුද්දට අනුව කුඹුරේදි ඇති වන සියලු තුවාල කැපීම් වලට බෙහෙත "තමාගේම කෙල ය" එවේලෙට තුවාලය සෝදා කෙල ටිකක් ගා ගන්නා ඔහු නැවත වැඩ කරයි. තුවාලය සුව වේ.
අපගේ සිරුරට අවශ්‍ය බෙහෙත් සිරුර තුලම නිප වේ සිරුර පවත්වාගැනීමට බොහෝ වෙහෙසක් මේ අවයව සිදු කරයි. ඒ නිසා ඇති වන ආපදා වලදී උපරීම ලෙස සිරුර ආරක්සා කර ගැනීමට වෙහෙසීම සිරුරෙ කාර්යයි. අප කල යුතුව ඇත්තේ සිතද ඒ හා සම්බන්ධ කිරීමයි. නැි නම් සිත එතැනින් ඉවත් කිරීමයි.
සිරුරට උණ ගන්නේත් - ක්ලාන්ත වී ඇද වැටෙන්නේත් - හරි රියවුවකින් නිදා නොසිටින විට ගැස්සි අවදි ව්නනේත් මේ හේතු නිසාමය. සිරුර තමාව ආරක්ෂා කරගනීමට නිතර වෙහෙසෙයි.
..
තව තවත් කැණ බැලීමි..
කුඩා කාලයේදී අතක පයක තුවල හට ගත් විට බෙරිහන් දී කෑ ගසයි. එවිට සුලු ප්‍රථමාධාරයක් ලබා දෙනු ලබයි. සරලව සිතුවහොත් අතක් කෑපීමකට ලක් වු විට එතැන ප්ලාස්ටරයක් හෝ අදාල යම් බෙහෙතක් තවරන ලබයි. ඒ නවසේදීනම්ය. එහෙත් ක්‍රීඩා පිටියකදී නම් අප කරන්නේත් හොදා පිරිසිදු කර ගැනීම හෝ කුමන හෝ ගස් කොල වර්ගයක් කඩා තබා ගැනීමය. ඒ නැතත් අයිස් කැටයක් තබා පසුව පිරිසිදු රෙදි කැබැල්ලකින් බඳ ගැනීමෙන්ද සෑහීමකට පත්වන්නෙමු.
අරුමය නම් මුලින් වේදනා දුන් තුවාලය ක්‍රමයෙන් අපටම අමතක වී යාමයි. ටික වේලවකින් හෝ පසු දවසක නැවත තුවාලය පෑරෙන තුරුම එය අමතක වී යා හැක. බාගදා ඒ වන විට එය සුව වී තිබෙන්නටත් පුලුවන.. කිසිම බෙහෙතක් නොගල්වාම..
..
එතැන ඇත්තේද සිත හා බැඳීමකි. එනම් මා දන්නා ආකාරයට තුවලක් වු විගස මොලයට පනිවිඩය ගෙන යන ස්නායු හරහා නිරන්තරයෙන් එම තුවාලය හා ගනු දෙනු කරනු ලබයි
ඒහෙත් අප යම් සුලු පිලියමක් කල විට ( රෙදි කැබැල්ල්කින් හො බැදි පසු ) ඒ තුවාලය හා මොලයේ ස්නායු අතර තිබුනු සබඳතාවට චිත්තය හෙවත් සිත එකතු වීම ත් එ ්ගැන සංවේදනයක් අඩුවේ..
තුවාලය එතැනම තිබුනත් ඒ හා අප සිත තුල තිබුන බැඳිම නැති වි යයි. කොයි මොහොතක හෝ තුවාලය අලුත් වන වුවහොත් නැවත්ත් අපට වේදානවක් දැනේ.
එනිසා සුවපත් කල යුත්තේ පුහුනු කල යුත්තේ සිතයැයි සිතුවෙිම..
මා මීට කලෙක සිට අත්හදා බලන ක්‍රමයක් ඇත එනම් මාගේඅත පයක් කකුලක ඇගිල්ලක් හිස හෝ ඔනැම තැනක් කොහේ හරි තදින් හැප්පනු විටම මා මෙසේ සිතමි !
" මේ මම කලින් භවයක කරපු දෙයක් කාට හරි පයින් වත් ගහන්න ඇති, දැන් ඒක ඉවරයි, මමයි අහක බලන් ආවෙ වැරැද්ද මගේ"
-- අත්දුටුවෙන්ම පවසන්නෙමි වේදනාව එවෙලෙහිම අවසන් වේ. මා සිතනා ආකාරයටම ඒ වේදනාව හා සම්බන්ධ චිත්ත පරම්පරාව හෙවත් රිදෙන සිත එතැනින් ගැලවීමි.
--
මෙසේ සිතා බනව විට අපට ඕනෑම රෝගී තත්වයකට මේ සිත පුහුණු කිරීම එහෙත් නැති නම් සිතට වෙනත් සංඥා ලබා දීම - ( රොගී බව වෙනුවට), රොගී තත්ව ඉක්මනින් සුවපත් වීමට හොඳ ඔසුවකැයි සොයාගතිමි. මේ සිරුර ඇතුලත හෝ පිටත ගැටලුවක් නැත ඒ පමණක් නොව තව දුරටත් පුහුනු කරන ලද සිතකින් - සැබැවින්ම බුදුන් වහන්සේ දේශනා කල පරිදි සිත තුල ඇති වන රෝගී තත්වයන් පවා - දුක කම්පාව වෛරය ලෝභය ආදීද නැති කර දැමීමට හැකි වනු ඇතැයි සිතමි.
කෙසෛ් වෙතත් මම මෙසේ ලියමි.
රොගී තත්ව හෝ තුවාල සිදු වුන අවස්ථාවල ඒ ගැන ම නොසිතා වෙනත් දේ ගැන සිත්න්න බොහෝ විට තමන් වැඩියෙන්ම සතුටු වෙන අවස්ථා ගැන මෙනෙහෙි කරන්න. රොගී තත්වවය නොසලකා බෙහෙත් නොගෙන ඉ්නන යැයි නෙවෙයි බෙහෙත් ගත්තද ලෙඩ සුව වීමට නම් සිතද අවශ්‍ය බව තේරුම් ගන්න...
අප රොගී තත්ව ගැන සැලකිලිමත් විය යුතු වන්නේ නිරොගීව සිටින විටය.
--- කුරුලු--

2 comments:

  1. ශරීරය දිහා ආයතන හයක් විදියට බලල මගේ නොවේ කියල මෙනෙහි කරල චිත්ත ශක්තියෙන් ලොකු වේදනාවක් වුනත් යටපත් කරගන්න පුලුවන් කියල මම අහල තියෙනවා.

    ReplyDelete