දැස් අඩවන් කරගතිමි,
ක්‍රමවත්ව සිදු කෙරෙන ආස්වාස ප්‍රාස්වාසයත්
ඉඳ හිට නැගෙන ගෙම්බකුගේ හඩත් හැර කිසිවක් නෑසේ. මවිසින්ම දැල්වූ සුවඳ කූරේ සගන්දය
මිස දුගන්ධයක් නැත. සාම්බ්‍රානි සුවඳ තවමත් කාමරය පුරා ඉතිරි වී ඇත. පහල නිවසේ
අම්මාගේ රේඩියෝවේ පිරිත් පටන් ගති.. නිතර උනන කෙළ පිඩු පමණක් දිවට දැනේ..ශරීරයට ඉඳ
හිට දැනෙන සියුම් සුලගක වෙනසක් විනා අන් කිසිවක් නොදැනේ..
සිතෙහි ගැඹුර මේ යැයි සිතීමට මෙනෙහෙි
කිරීමට පටන් ගතිමි.. පියාගත් දෑස් තුල වූ අන්ධකාරයේ නිල් පැහැති ආලෝකයක් සැරි
සරන්නට පටන් ගති. දෑස්වල ඉතිරි වූ ආලෝක පුංජයක් සේ සිතුවත් එය එහා මෙහා ගමන් කරනු
පැහැදිලිවම පෙනේනන්ට පටන් ගත්තෙන් ඒ කෙරෙහි සිත යොමු කලෙමි.
ගැඹුරු හුස්ම ගැනීමත් ම වලොවක් රඳවා
තබා ගැනීමත් පියවරානුකූලව පිට කිරීමත් අතර තුර මෛත්‍රිය වැඩීඹට පටන් ගතිමි. ඉඳ
සිටි තැනින් මඳක් සිරුර සැහැල්ලු වී ඉහලට එසවෙන්නාක් මෙන් දැනෙන්ට පටන් ගති. අතෙහි
වු ව්‍රජාවද ක්‍රමයෙක් බර වැඩි වන්නට විය...
සුපුරුදු පරිදි ගෙලෙහි වූ රුද්‍රාක්ෂයේ
ශක්ති ජනනයෙන් හදවත් ගැස්ම තුල සියුම් වෙනසක් දැනුනි.
දෙවියන් හා කතා කිරීමට හෝ දෙවියන්
දැකීඹ ලෙහෙසි නැත.
ඔවුනගේ සංඛා්‍යාතයට පත් වීම හෝ ඔවුන්ව
අපගේ තරංග සංඛ්‍යාතයට ගෙන්වා ගැනීම ඉතා අසීරු කාරයකි..
එහා මෙහා දිවූ නිස් ආලෝකය ක්‍රමයෙන්
පැහැදිලි වන්නට විය . මුහුණක් සිරුරක් හරි හැටි අදුනාගත නොහැකිවුවත් වමතෙහි වූ
වාලම්පුරි සලකුනින්ද දකුණතහෙහි වු වජ්‍රායුධයෙන්ද සෞම්‍ය වූ රැස් මාලාවෙන්ද
හඳුනාගතිමි. හෙතෙම විශ්ණුය.
+ නුඹට කෙසේද
- එය මා ඇසිය යුත්තකි.
+ බොහෝ කලකින් දැහැන් ගත වීමි.මනුශ්‍ය
ලෝකයත් දිව්‍යෙලා්කයත් හා සැරි සැරීම ලෙහෙසි නැත.
- පුත එකක ජීවත් වන්න. නුඹ මෙහි නොආ
යුතුයැයි සිතමි. අපට එහි ඒමට හැකිය.
+ භාවනාව මා මෙහි ගෙන එන්නේය. මාවිසින්
සිතා මතා නොඑන්නෙමි
- සසර පුරුදුය පුත.
+ ඇසිය යුත්තක් තිබේ. මා සිත තුලද ඊට
පිලිතුරක් ඇත. එහෙත් නුඹෙන්ම දැන ගනු කැමැත්තෙමි.
- ප්‍රශ්නයද දනිමි. ඊට නුඹ තුල ඇති
පිලිතුරද දනිමි. ඒ පිලිතුර දුන්නේ මා ය. එ් නුඹට පෙර සිතු ගැටලුව පැන නැගුනු
මොහොතේදීමය.
+ එසේනම් නුඹ මා සිතද කියවා ඇත. නමුදු
අසමි. මාගේ යම් හැකියාවන් පිය උරුමයකින් ලද දේද ? බොහෛා් විට සමාජයේ එය සේ යැයි දරුවන්ට පවසනු අසා ඇත්තෙමි.
- නුඹගේ බසින්ම පිලීතුරු දෙමි. දරුව නුඹ
අසන්නේ චිත්‍ර ශිල්පියෙකුගේ දරුවා අති දක්ෂ චිත්‍ර ශිල්පියකු වීඹද නර්ථන
ගුරුවරයෙකුගේ දරුවා අති දක්ෂ නර්ථන ශිල්පියෙකු වීමද අතර ඇති සබඳ තාවයි. එසේනම්
වෛද්‍යවරයෙකු ගේ දරුවා වෛද්‍ය වරයෙකු වේද ? ලී වැඩ කරන්නෙකුගේ දරුවා ඉංජිනේරු වරයෙකු විය නොහැකිද ?
+ එය යි මගේ ගැටලුව
- නැත පුත. කිසි විටෙක දරුවෙකුට පියාගේ
හැකියාවන් බල පාන්නේ නැත. පියාට යම් හැකියාවක් තිබු පමණින් දරුවාද ඒ ශාසත්‍රයම ප්‍රගුණ
කර ඉහලට යාම නිසා ඒ පියාගෙන් ලද දායාදයකයි කිව නොහැක. ඒ ඒසේ නොවේ.
දරුවාගේ හැකියාව සියයට සියයක්ම දරුවාගේ
හැකියාවයිත ඒ කාගෙන් වත් හුරුව්ක නොවත පෙර සසර පුරුද්දකින්ම ගෙන ආ හැකියවක්මැයි..
මේ සමාජයේ සිදුවන්නෙ මෙයයි.
සසර ගමනේදි භවයක නුඹ චිත්‍රශිල්පියෙකැයි
සිතන්න. ඒ භව අවසානයේදි නුඹ තුල වූ කුලතාවන් තවත් ප්‍රතිවිපාක දෙනු පිණිස ඒ සඳහා
සුදුසු කර්ම ළුලයක් ඇති මවු පිය සෙවනක නුඹ පිළිසිඳ ගනී. බොහෝ විට ඒ චිත්‍රශිල්පි
පියෙකු තුල විය හැක. වන්නේ, එහිදි නුඹගේ සසර පුරුදු වැඩි දියුනු කර
ගැනීමට කුඩා කල සිටම අවස්ථාව ලැබීම පමනි. නොඒසේව පියාගේ දක්ෂකමක් නුඹට නොලැඹේ.
එහෙත් තම පියාගෙ මග පෙන්වීම් ඉගැන් වීඹ් යටතේ නුඹ ඉහලට ගමන් කරනු ලබයි.
+ දෙමවුපියන්‍ෙගෙන් ලැබෙනුයේ කුමක්ද ?
- දරුව නුඹ නුඹගේ කුසලතා පිළිඹිබු කර ගත
හැකි කුසල ශක්තියක් හෙබි ස්ථානයට දාව ඉපදුන හොත් ඔවුන් කුඩා කල සිටම ඒ දියුනු කර
ගැනීමට නිතැතින්ම උපකාර කරති. ඒ හැරත් කුඩා කල පියා චිත්‍ර කරමයේ නියුතු වනු දැක
නුඹද ඒ හුරු වනු ඇත එවිට නුඹ නියම සසර මාර්ගයට අවතීර්ණ වි දස්කම් පානු ඇත.
+ එසේනම් වෙනත් කර්මාන්ත කරන අයෙකුගේ
දරුවෙක් චිත්‍රශිල්පියෙක් විය නොහැකිද ?
- මා පුත සසර තේරුම් ගනුව. බාගදා නුඹ
චිත්‍රශිල්පියේකුගේම දරුවකු වුවහොත් ඔහුගේ අත්දැකීම් අනුව ඔහු නුඹ චිත්‍රශිල්පියෙකු
වීම ප්‍රතික්ෂේප කරනු ඇත. එවැනි අවස්ථාවක නුඹ නුඹගේ කුසල ශක්තිය අනුව වඩු
කාර්මිකයෙකුගේ දරුවකු ව පිළසිඳ ඒ යටතේ හැදෙමින් චිත්‍රශිල්පය ප්‍රගුන කරනු ලබයි.
මේ සමාජයේ නුඹ දැක නැතිද හැකියාව ඇති මුත් දෙමාපියන්ගේ මග නොපෙන්වීම හෝ අකමැත්ත මත
තම කුසලතා යටපත් කර ගත් පිරිස් වයස් ගත වූ පසුව ඒ ඒ කුසලතා වලින් ඉදිරියට එන
ආකාරය..
+ එසේය දැක ඇත්තෙමි . සමහර ලෝ සුපතල චරිත
පවා එසේය..
- නුඹගේ ප්‍රහ්නයට පිළිතුර මෙයය.
දරුවකුගේ හැකියාව සියයට සියයක්ම දරුවාගේය . හෙතෙම කළ සසර කුසලයන් අනුව ඒ
පළිසන්දෙන්නෙය. මෙසේද වනු ඇත. නුඹ චිත්‍රශිල්පියෙකු වුවත් නුඹේ පියා චිත්‍රශිල්පියෙකු
නොවනු ඇත. එහෙත් නුඹ පරම්පරාවේ ඉතා ඈත චිත්‍රශිල්පියෙකු සිටින්න පිළිවන.. එසේම ඒ
අතීත ඇත්තා “ නුඹ “ ම වීමටද හැකියාවක් ඇත..
+ යම් පමණක් ආවබෝධ වුනි
- නුඹ තීරණ ගනුයේ මේ සමාජය දෙස බලා
සිතාය. එබැවින් නුඹට බොහෝ දේ මග හැරේ. නුඹට සමාජය ලෙස මට මේ සසර සමානය. බොහෝ
ඇත්තන් ඉපදෙනු මියෙනු දැක ඇත්තෙිමි. ඒ ඒ කුසලතා සමග ඉදිරියට එනු ඇත්තේමිත එක
භවයකිදී අසම්පුර්න කල දේ අනිකේදී සම්පූර්ණ කරනු දැක්කෙමි.
+ එසේය
- දරුව. බෞද්ධයාගේ අවසන නිවනයි. එබැවින්
නොපමාව කුසල් රැස් කරන්න. භවයෙන් භවය කුසලතා පුරවා ගන්නවා මෙන්නම කුසල්ද පුරවන්න..
නුඹද මෙලොවට කල යුතු අසම්පූර්න කාර්යයක් ඇත එය සොයාගන්න..
+ ඒ කිමෙක්ද ?
- එය සොයාගත්තේ නුඹමය. මෙලොව මිනිසෙකුට
වටිනා දින දෙකකි. ඒ පළමුවැන්න තමා උපන් දිනයයි. දෙවැන්න තමා උපන්නේ ඇයි දැයි සොයා
දැනගත් දිනයයි..
“අප්පමාදෝ අමතපදං – පමාදෝ මච්චුනෝ පදං,
අප්පමත්තා න මීයන්ති – යේ පමත්තා යථා මතා”
අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යන්නේය. අප්‍රමාදීව ධර්මයේ
හැසිරෙන්නා අමරණීය වන්නේය. ප්‍රමාද වූවන්
ජීවත් වූවත් මළකඳන් වැන්නෝමය.. “
+ සාධූ.. සාධූ .. සාධූ ..
ක්‍රමයෙන් දෑස් හැරීමි..තවමත් සුවඳ
දුමෙන් පිරුන කාමරය අඳුරේ තිබූ ගුප්ත බාවය වැඩි කලේය. දෙදණ දිග හැර හිඳ සිටි
තැනින් නැගී සිටීමට දෑතින් වාරු ගතිමි. දකුණු උරහිස ඇවිලීයන්නාක් මෙන් දැනුනි..
දැඩි වේදනාවකි. වජ්‍රාව තවත් එහි දරා සිටි නොහැකිය...
=======================================
--කුරුළු---
No comments:
Post a Comment