.
- කුරුළු අයියෙ.. කුරුළු අයියෙ..
+ කියන්න සුදු නංගි ඇයි හොරෙන් වගේ කතා
කරන්නෙ
- මම මේ පන්සලේ ඉන්නෙ
+ ඉතින් හොරෙන් කතා කරන්නෙ ඇයි
- මම මේ සිල් අරන් ඉ්නනෙ
+ අනේ උඹේ සිල් ! සිල් ගන්න යනකොට ෆෝන්
එක අරන් ගියේමොකෝ..
- මට ඔයාට කියන්න බැරි වුනානෙ . ඉතින්
එයා මාව හෙවුවොත් පවුනෙ ඒ නිසා මම අරන් ආව..
+ ඇයි ඔයා මට දවස් දෙකකට කලින් කිවුවෙ .
සිල් ගන්න යනව කියල ආච්චි එක්ක. මට මතකයි
- ආහ්.. මතකයිද ? ඔයා වැඩකනෙ හිටියෙ. මම හිතුව මතක නැතිව ඇති කයල
+ පිස්සු හැදෙයි . මට ඔයා කියන හැම
දෙයක්ම හොඳට මතකයි හොඳද මම කොච්චර වැඩ වල හිටියත් මට ඒව මතකයි ඇ..
- මේ මාර වැඩක් වුනානෙ.. සිල් දෙනකොට
කියන ගාථා ටික හාමුදුරුවොත් එක්කම මටත් කියවුනානෙ
+ ඉතින්
- ඉතින් ඒක පවුද ?
+ දැන් ඕක අහන්නද ගත්තෙ. අයියෝ සුදු
නංගියො සිල් තියෙන්නෙ ඔයා ගාව. ඒ වචන කිවුව කියල හිත හිත ඉ්නනෙ නැතිව එතැනින්න්
පස්සෙ ජීවත් වෙන්න . ඒක අමතක කරල දාන්න. හ්ම් හා දැන් ෆෝන් එක තියන්න. ඕෆ් කරන්න
ඕක. ඊට පස්සෙ භවනා කරන්න. හිත එක තැනකට ගෙන්න ..
- හ්ම් හා..
+ මෙහෙම තේරුම් ගන්න.. සිතට සිතුවිලි එ
එක අපිට නවත්වන්න බෑ එත් ඒවා එක්ක බැඳෙන එක නවත්වන්න සිතිවිලි වලට එන්න දෙන්න ඒ
වගේම යන්න දෙන්න.. ඔයාට ඇහෙන දේ ඇහුන පමණින්ද - කාපු දේ කාපු පමනින්ද - බීපු දේ
බීපු පමණින්ද - දැක්ක දේ දැක්ක පමණින්ද - අවබෝධ වූ දේ අවබෝධ වූ පමණින්ද - කියවු දේ
කියවු පමණින්ද - දැනුන දේ දැනුන පමණින්ද නවත් වන්න රාග වශයෙන් ලෝභ වශයෙන් ද්වේශ
වයෙන්වත් ඒවා එක්ක ආයෙත් නොහිතන්න නොබැදෙන්න එතකොට ඔයා ආයෙ කවදාකවත් ඒ දෙවල් එක්ක
උපදින්නෙ නෑ.. සසර කෙටි වෙනව
- හ්ම්.. එතකොට අයිය ගැනත් හිතන්න එපාද !
+ මාවත් මේ සසර ගමනට ඔයාට බැඳිමක් නංගි
පුලුවනිනම් මාවත් අමතක කරන්න.
- අනේ බැ බැ ඔයාව අමතක කරන්න බෑ අනික්වා
අමතක කරන්නම් . එහෙම කිය්නනෙපා මට දුක හිතෙනව..
+ හ්ම්.. ඒකනෙ සුදු නංගි අපිට මේ නිවන
දුර.. මිත්‍රත්වයත් බන්ධනයක් කියලයි බුදු හාමුදරුවො කිවුවෙ.
- මේ අයියෙ ඔයාට මාව වදයක්ද ? බැඳීමක්ද ??
+ බැඳීමක් නම් තමයි. එත් මේ මම නිවන්
දකින භවය නෙවේ.. ඔයා යසෝධරා වගේ ඒ භවය වෙනකම් එන්න මාත් එක්ක එකට.. මාව තේරුම්
ගන්න හොදද
- හා අන්න වැඩේ අපි දෙන්නම එකට නිවන්
දකිමු !
+ දරුවො .. බුදු දහමේ අත් හැරීම කිය්නනෙ
තනි වීමක්. ඉතින් තනියෙන් නැතිව ජෝඩු දාල නිවන් අවබෝධ කරන්න බෑ.. එක් ඔයාට තේරෙයි
හෙමීට හෙමීට..
- මේ සුදු අයියෙ තව දෙයක් තියෙනව.. අර “‘දූරං ගමං ඒක චරං “ ගාථාව අද සාදු කියල දුන්න ..
+ ඉතින්..
- සාදු කිවුවෙ දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි
පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ.
පුද්ගලයා විසින් කරන කියන සෑම දෙයකටම මුල්වන සිත පුද්ගලයාගේ දුක - සැප තීරණය කරන
බලවේගයක් කියල.. එත් ඔයා දවසක් මට කිවුව ඒක වෙනස් දෙයක් කියල..
+ ආහ් ඒක මගේ අදහසක් නංගි . සාදු කිවුවදේ
හරි ඇති..ඔයා දැන් බණ අහන්න
- අනේ අනේ අනේ හොද අයියනෙ කියන්නකො හොද
අයිය බබානෙ..!
+ හ්ම්.. මෙහෙමයි මට නම් හිතෙන්නෙ ඕක
ගිහියෝ වෙච්ච අපිට කියපු ගාථාවක් නෙවේ. ඕක රහතන් වහන්සේලාට හරි සිත දියුනු කරපු
අයට අදාල වෙන ගාථාවක්.
- ඒ කොහොමද ?
+ දැන් බලන්නකො.. දුර ගමන් යන තනිව
හැසිරෙන කිවුවාම... එතැන වැරුද්දක් පේනව..අපේ හිතට බැ සුසු නංගි දුර යන්න. තනිව
හැසිරෙන්න්ත බැ
- නැනෙ මට කියල දුන්නෙ අපිට හිතෙන් ඕනම
තැනකට යන්න පුලුවන් කියල..
+ හම් .. එක් තමා අවුල.. ඔ්‍යාට මම දැන්
හිතෙන් කැලණි පන්සලට යන්න කියනව..
- හරි මම ගියා
+ හරි.. දැන් ඔයාට කැලනි පන්ලේ සේරොම පෙනෙයි
.. හැබැයි ඒ දැන් තත්වය නෙවයි නේද. ඒ එක්කො ඔයා අන්තිමට ගිය වතාවෙ දැක්කවිදිය
නැතිනම් ඔයාට හොදටම මතක විදිය..
- ඔවුනේ... මට මතක් වුනේ රෑ වෙලාවක් එදා
පෙරහැර දවසෙ ගිය එකනෙ.. ඒත දැන් දවල්නෙ..
+ ඒක තාම නංගි අපි වගෙ ගිිහයොන්ගෙ සිත
ගමන් කරන්නෙ අපේ තුලටමයි.. අපිට සිතෙන් වෙන කොහෙවත් යන්න බැ අපේ සිත ඇතුලටම
හැරෙන්න.. අපි යන්නෙ අපේ මතකයන් තුලට. එත මේ ගාථාවෙ විදියට අපි යායායුත්තේ අදාල
ස්ථානයට ඒ පවතින කාලයටම
- හ්ම ඒකනෙ.
+ හැබැයි ඒක රහතන් වහන්සේලාට වෙනස්.
උන්නාන්සේලාට පුලුවන්ලු භාවනායෝගීව ඉන්න ගන් සිතෙන් වෙන තැනකට ගමන් කරල එතැන තියෙන
දේ බලන්න සහ එක්කො එතැන පෙනි හිටින්න. ඉතින් ඒ වගේ අවසතාවක සිත නොමග ගියොත් හෝ වෙන
යම් දෙයක් සමග ඇලුනොත් නැවත සිත ගෙන්වා ගැනීඹ අමාරු වෙනව. අන්න එතකොට නොමග
යනව..ඉතින් අපි සිත පිහිටවා ගත යුතුයි.. එහෙම බැලුවාම රහතන් වහන්සේලාට ගෙඩාක්
අදාලයි මේ ගාථාව..
- හරි ඇ ගොඩක් ස්තුතියි.. නැ නැ පින් ඇ..
අයියට කියල දුන්නට මට..
+ හරි දැන් තියන්න.. භාවනා කරන්න..
- දැන් බෑ.. දැන් බෙලි මල් බෙදන වෙලාව මම
ඒක බීලම ඉන්නව..
+ හහ් හහ් හහ් හහ් හහ්.. බෙලි මල් හොදයි
ඇග නිවනව.. බීලම ඉන්න.. බුදු සරණයි සුදු
නංගි.. ආදරෙන් ඉන්න..
- බුදු සරණයි...
====================
පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා...
ගවුම් පොඩියක් මටත් අන්දා..
කොණ්ඩ කරලක් හිස පලන්දා..
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන්න
මටම ඔබ අයියණ්ඩියක වීලා
ජාති ජාතිත් සංසාරේ...
ළමා විය ඉක්මවා දවසක
පංච කල්‍යාණියක වී මම
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ..
පූර්ව ආත්මෙක සංසාරේ...
ගායනය : නීලා වික්‍රමසිංහ පද රචනය :
අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක
====================
- කුරුළු--
ඔබට ම අාවේණික ලියැවිල්ලක්... රහයි...........
ReplyDeleteස්තුතියි
Delete