.
- ඒ ෂ්.. නලුවා..
+ක...කවුද ?
- නලුව අනේ නලුව එළුව නෙව් නලුවා..
+ කවුද නළුවා
- කවුද දන්නැ අප්ප.. වෙඩින් වලට ගිහින්
පින්තුර දාන්නෙ . හක හක හක හක.. පවු අනේ අර කෙල්ලො ටිකත් ලයික් කරනව මැරීගෙන .
මෙයාට ඉතින් හරි ජොලී නේ..
+ ඔවු ඉතින් ඒ අය මාව ඇත්තට දැකල නැනේ
ඒ නිසානෙ
- ඒක තමාමාත් මේ කියන් ලැහැස්ති වුනේ..
අර කමෙන්ට්ස් දැම්මාම “ ලස්සනයි “ ෂා මරු “ කියල..මිස්ට කුරුලු ඕවා එච්චර
හිතන්නෙපා අනේ හොඳද. ඒ අය විහිළුවට වෙන්න ඇති කියන්නෙ ඔයා ඒවා එච්චර සීරියස් ගන්පො
හොඳෙ..
+ හ්ම් හාකො..
- අප්පේ පවු කොල්ල .. කෝ බලන්න මූණ...
මේ ඒක නෙවේ මොකෝ මිනිහෝ අර තඩි බඩ ගෙඩියක් පේන්නෙ
+ රෙද්ද !
- රෙද්දක් නෙවේ තරහ ගන්නෙපා ඒකෙ ලොකු
බඩක් පේනවනෙ..
+ නැ නැ මම කිවුවෙ ඒ වේට්ටියෙ රෙද්ද
අනේ.. අනික ඉතින් මම ඇග හදා ගන්න ජිම් එකකටත් ගියානෙ..
- ඉතින්
+ ඉතින් මුල් සති ටික ගියාම බඩ ආවනේ..
- ඒ කෝමද අනේ එහෙම වෙන්නෙ පපුව නේ එන්න
ඕන
+ ඒකනෙ මමත් ඇහුව ඒ කියල දුන්න
අයියගෙන්. මිනිහ කිවුව ඉස්සල බඩ එයි පස්සෙ හෙමීට පපුව එයි කියල... මම නතර වුනා..
- හහ හහ හහ හහ හහ හහ හොඳ වැඩේ... මේ ඒක
නෙවේ කේ ඩාන්ස් එක මට බලන්න දුන්නෙ නැනෙ. .හොඳට නැටුවද ?
+ ඔවු.. ඇයි මම ෆේස් බුක් එකේ දැ්මමේ
- අඩේ මම දැක්කෙ නැනෙ.. ඔහොම ලයින් එකේ
ඉන්ඩ මම මේ බලන ගම්න් හොදද..කෝ බලන්ඩ... අපේ සුදු අයියගෙ නැටිල්ල..
+ එපා බලන්ඩ.. ඒක දැම්මෙ අරුන්ගෙ
ඉල්ලිමට.. ඒක කැතයි හොදද බල්නනෙපා..
- කෝ ඔයා නටන්නෙ නැනෙ පිටි පස්සෙනෙ
ඉන්නෙ..
+ ඉදහං කෙල්ලෙ පස්සෙ එනව මැද හරියෙදි..
- ෂ් ෂ් කැ ගහ්නනෙපා අන්න එනව
එනවා....හහ... හක.. හක.. හිකස් හක හක හක හක හක හක හක බුදු අම්මෝ මට බැරියෝ.. හක හක
හක හක හක... මෙයාගෙ නැටිල්ල දැකල මගෙ බඩ දනවෝ..
+ අඩේ මේ විහිලු එපා හරිද මම ද්නනෙ නැ
නටන්න දන්න විදියට නැටුවෙ..
- මොනවද අනේ රූකඩ වගේ.. හිනා වෙලා
නටවකො ටිකක්. අර මනමාලිනම් අඹරනව හොදට.. කවුද නූල් අල්ලන් හිටියෙ ඔයාලගෙ ?
+ ඔන් නැ මම තියනව ෆෝන් එක .. ඔයා හිනා
වෙනවනෙ අප්ප
- අපෝ නැ නැ හරි හරි... මෙයාට තරහ
යනවෙනෙ.. අම්මද බෝල මේකෙ ෂෙයාස් පුහ් කමේන්ට්ස් ලයික්ස් වැහි වැහැල.. “ මම හිත්නනෙ වෙඩින් එකක නටන්න ඕන නැති විදිහ “ කියල වෙන්න ඇති ෂෙයා කරන්නෙ.. එහෙම නැත්ත “
මෙන්න තවත් ෆන් ඩාන්ස් එකක් “ කියල වෙන්න ඇති.
+ හරි මං තියනව බායි..
- ආ.. හරි හරි සොරි සොරි.. ඉවරයි ඒක
සොරි හොදේ..!
+ හ්ම්
- සුදු අයියෙ මේ මම ඔයාට කියන්නමයි
හිටියෙ..
+ මොකක්ද ?
- ඔයා ආයෙ ලියන්නෙපා.. “ සුදු නංගි “ කතා
+ ඇයි ඒ..
- මම දැක්ක ඔයා වගේ ලියන අය බෝ වෙලා
ෆේස්බුක් එකේ. එක්කෙනකේ ඔයා වගේ - කුරුළු - කියලත් නම දාගන්නව යටින්.. සමහරු ලියල
ඔයා වගේ සින්දුවකුත් දානව..
+ ඉතින් ඇයි මම ලිය්නනෙ නැත්තෙ..
- එපා අයියෙ මට දුකයි.. කොපි කරනවනෙ ඒ
අය ඔයාව.. ඔයා දැන් අලුත් විදියක් පටන් ගන්න ඒක ඒ අයට දෙන්න.. ඒ ළමයින්ට අලුත්
විදියක් නැති නිසානෙ ඔයාව අල්ලගෙන තියේනනෙ.
+ හ්ම්.... කල්පනා කරල බලමු.
- හ්ම කල්පනා කරල බලල ලියන්නකො.ඔයාට
තේරෙනවනෙ හොද දේ.. හ්ම්.. නැ මට දුක හිතුන. කුරුළු ල වැහි වැහැල නිසා අවුරුදු
ගාණකට කලින් ඔයා විතරයි හිටියෙ.. මට මගේ කුරුළු ඕන ඒකයි.
+ හ්ම්
- මොකෝ බස්සෙක් වගේ හ්ම් හ්ම්
ගාන්නෙ..උලමො..මේ ඒක නෙවේ දැන් මට මොනවද 14 වෙනිදට දේනනෙ !
+ මොන දාහතර වෙනිදටද? දා හතර දැන් පහු වුනානෙ
- උරෝ පෙබරවාරි 14 අනේ වැලන්ටයින් දවසට
මතක නැද්ද
+ ආ මට ඉතින් වැලන්ටයින් නැනෙ..
- ආ.. හරි වැඩක් ඇයි ඒ....
+ ඉතින් මමනෙ වැලන්ටයින් ..
- ඔවු ඔවු හුහ් මම දැක්ක ඒකත් දාල
තියෙනව. හැමෝගෙම වැලන්ටයින් කියල. මේ මල්ලි ගිය පාරවගේ සේප් වෙන්න බැ හරිද . මට
දෙන්න අමතක නොවෙන දෙයක්
+ හොඳ කම්මුල් පාරක් දෙන්නද ?
- අනේ මේ තියාගන්නව ඔහෙගේ පාර.. මම යනව
දැන් ඔහෙගෙ තැග්ග හදන්න..
+ අහ් එහෙමද ? ඔයා දැන්මම ලැහැස්ති වෙනවද ?
- නැතිව ඉතින් . මේකනෙ මෙයො අපිට ඉතින්
වෙන වැඩ නැනෙ මේ කොහෙවත් යන පිස්සු කොල්ලොන්ට තෑගි හදනව ඇරෙන්න... ටටා හොදේ බායි..
+ මේ රුපියල් 5000 අඩු තැගි අපි
බාරගන්නෙ නැ හෙදේ .. ටටා. බායි.. ආදරෙන් ඉන්න සුදු නංගි
- ආ ඇත්තද බලාගමුකො...
.===========================
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ ////
දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු //
හදවත් ගැහෙනා රිද්මය අතරේ
සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු
කවුරුන්ද ඔබ මගේ…
ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ //
ජීවිතයට හුරු පැරදුම හමුවේ
නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු
සංගීතය: රෝහණ වීරසිංහ - පද රචනය: සමන්
අතාවුදහෙට්ටි
=====================
- කුරුළු--
song -
කුරුළු අය්ය ලියන විදිහ කුරුළු අය්යටම ආවේණිකයි එක කාටවත් කොපි කරන්න බෑ ...
ReplyDeleteහ්ම් එහෙමද
Delete