Thursday, January 22, 2015

== සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම - නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව =




.
මාත් සුදු නංගිත් ගැන නුඹලා සිතන සිතිවිලි නිවැරදි නැති වීමටද පිලිවන.
නුඹලා මාත් සුදු නංගීත් පෙම් යුවලක් යැයි සිතතැයි මට විටක සිතේ
එහෙත්..
සුදු නංගීත් මාත් ඉතාම හොඳ මිතුරන් විය නොහැකිද ?
නොඑසේනම් , ආදරයකට අවසර නැති දෙදෙනෙක් විය නොහැකියැයි නුඹලා නොසිතන්නේද ?
අපට අප අයිතිය.ආදරය අහිමි විය හැකිය.
ඇයත් මාත් ‍ වෙන කිසිවෙකුට ප්‍රේම නොකරන්නට සිතා දෙපසට වී සිටින දෙදෙනෙකු විය නොහැකිද ?
අප දෙදෙනා දෙපසට වී අපගේ ලෝකය තතාගන්නන් නොවිය හැකිද ?
අප දොඩමළු වන්නෙමු - මුණ ගැහෙන්නෙමු , තුටින් සිටින්නෙමු.
පෙම්වතුන් මෙන් සිනහ නගන්නෙමු.. අයට දුක වෙලාවලදී මමත්, මම කලකිරුන වේලාවට ඇයත් සනසාගන්නෙමු. තුටු වීමද එසේමය..
ඇයටත් මටත් යහළු යෙහෙලියන් සිටිතත් කිසිවිකු හා පෙමින් නොබැදෙන දෙදෙනකු වෙමු.
අපට අප ම සෙවනැල්ල කරගෙන දැනට අවුරුදු ගනනාවක සිට ජීවත් වන්නෙමු.
අැයගේ සියලු විස්තර දන්නේ මා ය .. මාගේ ද එසේම ය.
මා හට ආදරයෙන් කතා කිරීමට අවශ්‍ය වුන විටක මා අැය අමතමි..
ඇයටද ආදරයෙන් හුරතල් වීමට අවැසි වූ විට නිතරම මා අමතන්නීය..
එසේ වීමෙන්ම අප දෙදෙනා තුලම ප්‍රේමයක් තිබිය යුතුයැයි නුඹලා සිතන්නෝද ?
මේ අප විසින් අපව රවටා ගනිමින් සිටිනවා විය නොහැකිද ?
මා ප්‍රිය කරන්නෙ ඇයගේ අතින් අල්ලාගෙන සිටීමටය.
ඇය ප්‍රිය කරන්නේ මාගේ උරහිසට හිස තබාගනෙ සිටීමටය..
එබැවින්ම අප පෙම්වතුන් විය යුතුමද ? අතින් අල්ලා ගැනීමටත් උරහිසක් ලබා දීමටත් පෙම්වතුන් විය යුතුමද ?
මහ මගදී  අහම්බයකින් හෝ ඇයත් මාත් දකින කෙනෙකු ට අප " පෙම්වතුන් " ලෙස වර්ග කල හැකිද ? කරනවානම් ඒ ඔහුගේ හෝ ඇයගේ සිතුවිල්ල මිසක අපගේ සිතුවිල්ල නොවේ..!
සුදු නංගිගේ සිත තුල සිටින දඟකාර චරිතය දරා ගත හැකි පිරිමියා මා විය හැක.
මා තුල සිටින මොකා හෝ වේවා ! සුදු නංගිගේ ආකාරායට නපුරු - දුෂ්ඨ - රළු - කැත - නරක පිරිමියා දරාගත හැක්කේ ඇයට විය හැක..
ඒ එසේ වීමෙන්ම අප පෙම්වතුන් විය යුතුමද ?
අප දෙදෙනා මිතුරන් විය නොහැකිද ??
වෙනසකට ඇත්තේ ඇයට මා හැර වෙනකෙකු නැති වීමත්  මටත් එලෙසින්ම වීමත් නොවිය හැකිද ..!
මූනු පොතින් වුවද කී දෙනෙක් නම් අප අවට සැරිසරත්ද එහෙත් වෙනසකට ඇත්තේ ඔවුන් අප සමග කතා කරන්නේ හෝ ළඟට පැමිනෙන්නේ ඔවුන්ට අප වුවමනා වූ වටි පමණක් වීමය.
සුදු නංගිත් මමත් අතර ඇති බැඳිම එයයි.! ඇයත් මාත් මාස ගණනාවක් වචනයක් වත් දොඩමලු නොවුවත් අපට අපමතක නොවීමයි !
කිසි දිනක අඩුවක් නොවන ඇයගේ හුරතලයට මම ප්‍රේම කරන්නෙමි .. ඒ මම ඇයගෙන් දුටු විශේෂත්වයි ... කිසි දිනක මැවිසිල්ලක් අසා නැත්තෙමි.. කන් කෙඳිරි ගාන්නේද හුරතලයෙනි.. !
මාගේ රළු ගතියටත් නපුරු ගතියටත් වානරයෙකු මෙන් රූපයටත් ඇය ප්‍රේම කරන්නීය'''
ඒ අපට ඇතිය ...!
අපට නුඹලා ප්‍රේමවන්ත ලේබලය ඇලෙවූවත් " සුදු නංගීටත් කමක් නැත " මටත් කමක් නැත.!
ඇයගෙන් " සුදු අයියා ගැන ඇසුවහොත් කාටවුන්ත් පිළිතුරු ලැබේනනේ - " එහෙම කෙනෙක් නෑ" කියාය..
මගෙන් ඇසුවහොත් මාද පවසන්නේ - එහෙම කෙනෙක් නැති බවය..
ඒ ප්‍රේමය මුල් කරගෙන විය හැක.... !
අප අතර ඇත්තේ බැඳීමකි .. සසර බැඳීමක් විය හැක්කෙද නොහැක්කේද නොවේ ..
අප දන්නේ මේ භවය තුල අප බැඳී ඇති බවක් පමණි ..!
ඊයේත් මා වාහනය පදවන විට ඇයගේ සුපුරුදු ඉදිරිපස අසුනේ දඟලමින් උන්නාය..
--
+ කෝ අත දෙන්න ... ( මා වඩාත් ආසා කරන්නේ වාහනය පදවන විට ඇයගේ අතකින් අල්ලාගෙන සිටීමටය.. - වාහනය ඔටෝ ගියර නිසා )
-  මට බෑ..
+ ඇයි බැරි
- බෑ කිවුවාම බෑ.. මම දැන් ගණං
+ ඉස්සර ලාබයිද ? අපිට තමා ඉතින් සේරොම ගනං
- අනේ යනව යන්න ඇයි හිතුවද මම එක එක්කෙනාගෙ කාර් වල නැගල යනව කියල.!
+ එහෙනම් අතින් අල්ල ගන්නව
- බෑ. මට හිතන්න ඕන..
+ මොනව ගැනද ?
- අපි ගැන.. සුදු අයිය ගැන .. සුදු අයියට ගොඩක් කෙල්ලො ආදරෙයි ..මට කවුරුත් ආදරේ නැ..
ඔයත් නපුරු කම් කරනව...
+ අහ් මම ආදරේ නැතිද ඔයාට.. එහෙමද හිතනේනෙ..!
- හිතෙන්න දෙයක් නැ.. එක් හැමෝම දන්නව..
+ මේ අල්ල ගන්නවද නැතිද , ( දෙවැනි වරත් ඈ වෙත අත දිගු කලෙමි )
- අපෝ නපුරා මට කැගහන්නෙපා මම ඔයාට බයයි.. කෝ දෙනව මෙහෙට මහ ලොකු අත.. බනින්නේපා අප්ප පොඩ්ඩ ඇත්තං..
+ හ්ම් අන්න එහෙම එනව..
එතැන් පටන් ඇය මගේ ඇගිලි කරකවන්ණීය.. නියපොතු හූරමින් රිද්දවන්නට උත්සාහ දරන්නීය..
- රිදේනනෙ නැතිද ඔයාට.
+ නෑ...
- ඔවු ඉතින් කබර හමක්නෙ තියෙන්නෙ කොහෙ රිදෙන්නද ... ආ මේ‍ෙ ම් මාව ඔය ඉස්සරහින් දානන් අද ගෙවල් ගාවට දාන්නෙපා .. අම්ම එනව කිවුව... මෙැතනින් දාන්න මම මෙතැන ඉදන් බස් එකේ යන්නම් එක හොල්ට් එකක්..!
+ හ්ම් හා එහෙනම් පරිස්සමට යන්න...
- කෝ කිස් එකක් දෙනව නලලට ! මම බහින්න හද්නනෙ
+ බෑ .. තව ඒ ගැන හිතන්නෝන..
- හිතා ගන්නව ගෙදර ගිහින් දැන් දෙනව.. යකො මෙයාගෙ ගෑස් හුහ්..
+ බෑ සුදු නංගි අද දෙන්නෙ නෑ...
- හරි එපා මම යනව ටටා..... !
ඇය බැස ගියාය.. මම දිරියටම ඇදුනෙමි... යනෙන අතර තුර කල්පනා කලේ ඇයගේ වෙනසයි.. වෙනදා මගේ අත බලෙන්ම අල්ලා ගන්නා ඇය අද වෙනස් වුන‍ේ ඇයි දැයි සිතුවෙමි.. ඇයගේ සිත වෙනස් කරලාවත්ද නැති නම් මට කිව නොහැකි දෙයක් ඇයගේ සිත තුල තිබෙනවා වත්ද ?
" පවු.. කිස් එකක් දෙන්න තිබුන. මොනව වුනත් මම ආදරෙයිනෙ "
---- කෙටි පණිවිඩයක් ලැබුනි.. !
 "" sudu ayiye narakai oya. mata kis ekak dune ne.tharaha wenepa mam athin aulwe ne kiyala ehema kale oyawa tharaha gassanna. kalekinne meet une :P . gemmage sera. ada nodunant akamk ne nxt dy 3k oni. mis una ekai edata dena ekai poloyai . parisamin drve karanawa matto Msg balnne nethuwa. hu hu.
--- SN --
==========================
සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම..
නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව..
දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන...
හමුවී වැලපෙමුද මෙලෙසින් හැමදාම..
'
නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම - දිළිසෙන්නේ ද පුර පස වී සඳපාන
ඒ හඳ ඇයි ද දියවක වී පුනු රෑක - දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව.....
'
ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ - සෝදා හල හැකි ද ගැරහුම් රල ගාව
කඩඉම ලඟ ඉඳන් වත් නුඹ හැමදාම - මට අත වනාපන් නළියන නළ සේම....
========== අසංක ප්‍රියමන්ත පීරිස් - මාලනී බුලත්සිංහල.
--- කුරුළු--

සින්දුව -

6 comments:

  1. //සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම..
    නුඹ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව..//

    හරිම හෘදයාංගමයි............

    ReplyDelete
  2. //දෑ කුල සිරිත් සිටි සඳ මග අවුරාන...// දා කුල සිරිත් කිව්වම මං කලින් හිතං හිටියෙ ජාති දෙකක් අතර විතරයි කියල.. කුරුළු ගෙ කතාවෙන් ප්‍රේමයේදිත් දෑ කුල සිරිත් (හෝ ඒ ආකාරයේ) වෙනස් වීම් තියෙන්න පුළුවන් කියල හිතන්න ගත්තා.. හරි ලස්සනයි ලියවිල්ල.. ජය ශ්‍රී!

    ReplyDelete
  3. මේ ලිපිය හරි ලස්සනයි ....සුදු නංගි හරි වාසනාවන්තයි. ඒ වගේම සුදු නංගිගෙ අය්යත් ....

    ReplyDelete
    Replies
    1. හ්ම් ඇයි නුඹලාත් වාසනාවන්තයි

      Delete