සැබබැවින්ම ගමත් කොළඹත් අතර වෙනස තවමත් මහ විසාලය..
ගමේ ටවුමට තරමක් කොළඹ ආභාෂය ලැබී තිබුණත් අපේ ගම නම් තාම ගම මය...
ගමෙන් ගියෙ මුදල් සෙවීමටය..
සබැවින්ම කොළඹදී මුදල් සෙවූයෙමි..
මුලදී උපයන සියන්න එදිනෙදා වියද් වලටත් මදි වූයෙන් වැඩියෙන් වැඩ කරනන්ට සිදුවිනි..
එහෙත් කල් යත්ම මට මගේ ඉල්ල සියල්ලම සපුරාගත හැකි විණි...
සැලකිය යුතු පඩියක් සමග රැකියාවක්.. ගෙයක් .. වාහනයක්... ආදි සියල්ල මට මතක් විණ..
මෙතෙක් ලියම් හා දුරකතන මගින් පමණක් සබඳකම පැවැත්වූ මගේ අම්මා සහ අප්පච්චි බැලීමට මම මෙවර නිවාඩුව වෙන් කලෙමි..
ටවුම අවන්ව කෙමින් පරිසරය කොළ පැහැයට හැරෙද්දී වෙනදා නොදැනුන අමුතු සිසිලසක් නෙතටත් ගතටත් දැනෙන්නට විය...
වාහනයේ වායුසමීකරණය නවතා දැමුවෙමි.. ජනෙල් මදක් පහත් කර වෙල් යාය පිස හමන සුළගේ සිහිල වින්දෙමි...
කුඩා කල කොයි තරම් මේවායේ සෙල්ලම් කරන්නට ඇත්ද..
සැබෑ ලෙසින්ම මට ගම මගහැරුනි...කොළඹ යන්ත්‍රයක් මෙන් ගෙවන දිවිය හා මයෙ සැසඳු කල අප්පච්චීට උදවු කරගෙන කුඹරු වැඩ කළා නම් හොඳයැයි මට දැන් සිතේ...
තාර පාර කෙලවර වන තැන තිබෙන කඩයේ නවත් වා මොනවා හො අරගෙන යා යුතුය... ඒ මල්ලීගේ පොඩි උන්ටය ... කොළඹ ඉඳන් ආවත් හැම දෙයක්ම සිහිවෙන්නෙ මෙැතනටම ආපුසය..
වාහනය අයිනට කර නවතා.. එතැන තිබූ වෙළඳ සැල වෙත පිය මැන්නෙමි..
කඩේ සිටි කිසිවෙකුත් හඳුනා ගන්නට තරම් මට හැකියාවක් නැත...
ඒ තරම් මා ගමෙන් ඈත්ව ගොසිනි.....
මා අවශ්‍ය භාණ්ඩ මිලයට ගෙන... මුදල් ගෙවීමට කවුන්ටරයට ගියෙමි...
- ඒයි මේ කුරුළු නේද... .!!!
මම හැරී බැලුවෙමි....කාර්යාල ලිපිකරුවෙක් මෙන් අත්දිග කමීසයක් සහ දිග කලිසමක් හැඳ පැලද කොණ්ඩය පැත්තට සීරුවට බෙදා පීරා බොහොම පිරිසිදුවට වැදගත් පෙනුමකින් යුතු තරුණයෙක් විය..
+ ඔවු...
- හ්ම්මේ ඇති යන්තං අපිව මතක් වෙලා තියේනනෙ.... දැන් මේ එන ගමන්ද ?
+ ඔවු ...... ඒත ඔයා කවුද අනේ සමාවෙන්න මට මතක නෑනෙ...
- හනේ හනේ කුරුල්ලො අපිව අමතකයි නේද .. හම් කමක් නෑ කමක් නෑ දැන් සෑහෙන කාලයක්නෙ... මම චතුර..!
+ හම්මට සිරි චතුරය.. අදුරන්නත් බෑනෙ බං ඉතින් ඉතින්....
- ඒකනෙ අපිටනම් ඉතින් අදුරතෑකි...මට මතකයිනෙ බං උමේ ඔය අතේ කැපුම් පාර.. ඇයි බං අපි දෙන්න අර බයිසිකල් රිම් පදිද්දි කපල ගියෙ.. මේ සල්ලි දෙනකොට මම දැක්ක..
+ හප්පා මට එක් අමතක වුනා.. ඉතින් චතුර මොකෝ කරන්නෙ රස්සාවක් කරනවද..
- ඔවු මම දැන් කෘෂිකර්මෙ.. එකවුන්ට් එකේ..
+ නෑහ් මරුන ඈ....නියමයි නියමයි...
- ඉතින් ඉතින අපිනම් කුරුළුව දකිනව නිතරම පත්තරේ එහෙම කවි යනවනෙ..
+ අහ් ඒව කියවනවද ! ස්තුතයි ඈ..
- අනේ දාපං බං ස්තුතයි බල්ලට.. අපි නැතිව කවුද බං කියවන්නෙ.. මතකනෙ ඉස්සරත් උඹ කතා කාරයි.. අපි ඉතින් වට වෙලා කතා අහන එකනෙ කරන්නෙ...
+ හ්ම්....දැන් නම් මට කතා කරනන්වත් එකෙක් නෑ බං....
මේ ඉතින් ඒක නෙවේ.. යමුකො මාත් එක්ක කාර් එකේ මම ගෙදරට ඇරලවන්නම්... කාර් එකේ යතෑකි..
- අඩ්ඩඩා මේ කිරි ටොයිස් බාන්ඩේ උමේද සන්තොසයි බං ගමකට.. කවදාකවත් ගිහිල්ල නෑ බං මේකක
+ හරි බං යමන් ඉතින්..
- අනේ බෑ බං.. මම යාලුවෙක්ට එන්න කිවුවනෙ... ආ උඹ දන්නව ඇති අර අපේ නිමල ය.. මම ඌට කෝල කලානෙ මම ආව කියල.. දැන් ඌ එනව ඇති බං මග.. යාලුවනෙ බං අතරමං කරන්න හොද නෑ... ආ මේ එන්නෙ කියනකොටම..
.
මමද හැරී බැලුවෙමි.... අපේ සීයාට තිබුනා වාගේම හීරෝ ෆුට්බයිසිකලයක් කඩයේ පිලට හේතුතලේ නිමල්ය..
* අඩේ මේ කුරුල්ල නේද.. හෙන කාලෙකින්නෙ...
+ ඔවු නිමල් සෑහෙන කාලෙකින්..
* මේ චතුරය ඉකමන් කරපන් උඹ කිවුව නිසා දුවල ආව.. ඉක්මනට නැගපන් යන්නොන.. අද ගොයම් කපනවනෙ බං..
- ආ හරි හරි යමන් යමන්.. කුරුල්ලො අපි යනව බං.. ගහින් එන්නම්.. මේ වෙලාවක් තිබුනොත් වරෙන් අපේ ගෙවල් පැත්තෙ... අඹ තියෙනව උඹේ ආසම කෑම..
+ හරි බං අනිවා එනවා ඈ....
ඔවුන් පිටත්ව ගියහ... මමද බඩු ටිකත් වාහනයට පුරවා හෙමින් හෙමින් අප්පච්චිගේ නිවස බලා පැදවීමි...
යනෙන අතර තර බොහෝ දෑ කල් පනා කලෙමි......
මට අඩන්නට තරම් දුක්ක සිතුනි...
" මම ඌට කතා කලේ කාරඑකේ යෑමටය.. මම මෙතෙක් හම්බකල දෑ ඌට පෙන්වන්නත් ආසාවක් තිබුනි.. උත් කවදාකවත් ගිහින් නැලු.. මම න්ම හිතුවෙ එහෙ උන් වගේ කියන්නත් කලින් රිංගයි කියාය.. පුදුමය..
නිමලේට එන්න කියා කියූ නිසාත්... හැමදාම ඌ වෙනුවෙන් හිට එකා රස්තියාදු වෙන නිසාත් ඌ කාරය අමතක කර පුස්සයිකලේට නැංගේය..
ඇත්තය.. මට බොහෝ දේ මගහැරී ඇත...
කාර් එකක් හම්බකරාට මට මිතුරන් මග හැරී ඇත...
මම වාහනයේ තනිව යද්දී... නිමලුත් චතුරත් හති දමමින් .. කඳු ගැට වල තල්ලු කරමින්.. හූ තියමින්.. සිනහ වෙමින් බයිසිකලය පදිනු ඇත...
අනේ මටත් බයිසිකලයක් තිබුණ නම්...
---- කුරුළු--
ආපහු බයිසිකල් ගැන හිතන්න එපා බන්.
ReplyDeleteඋඹ ඉන්න තැන සන්තෝෂ වෙයන්.
නිමල්ල ඉන්නෙත් උන්ගෙ ලෝකේ සතුටින් නොවැ.
හ්ම්... මම මගේ ලෝකෙ සතුටින් හිටියම හරිද එතකොට !
Deleteගන්නයි තියෙන්නේ එකක් ඔන්න ඕන එකක් වෙන්න කියලා.. හැබැයි ඉතිං බයිසිකලේ අර පරණ කෙනාම පදින්න ඕන..
ReplyDeleteආන්න ඒකයි වැඩේ එතකොට මට හිතෙයිද දන්නෙ නෑ ආයෙ කාර් ගන්න..!
Deleteහැල්මේ දුවයි
ReplyDeleteසිත මුදලයි ලුහු බැන්දේ
හති වැටුණු පසුවයි පසු පස බැලුනේ
සිටියේ කොතනද ඉන්නේ කොතනද සිත නොම දන්නේ
මා කවුරුද යන වග විහිනුයි අමතක කෙරුවේ...........
ඔවු දෙවියන් මැරීම කියල කවි පන්තියකුත් තියෙනව එකෙත් කිය්නනෙ මේකමයි
Delete