Thursday, May 30, 2013

== සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට අඩන මමද ලිහිනියෙකු වෙමි කැඩුන තටු පිරි මදින == == අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින සිඳි ගිය ගග දෑල හැර දැමූවෙ කවුද ==


.අවසාන කොටස

අයිය දන්නෙ නෑ මේ නංගි ඊට පස්සෙ වින්ද දුක් කන්දරාව.
පවුලෙම බර තිබුනෙ මට.. පොඩි නංගියි මල්ලියි ඉස්කොල් යවන්න ගෙදර කන්න බොන්න...
සේරොම කලේ මම... මට අම්මට බරක් දෙන්න බෑනෙ..
අම්ම ඒ අතරතුරේ මට බඳින්න එක එක්කෙනා හෙවුව.. එත් හැමෝම දන්නව මම බදින්න හිටයෙ කියල කාඩ් පවා බෙදුව... ගොඩ දෙනේක බලන්න ආවම ගමේ අය එ ්කාතව කියනව ඉතින ්ආයෙ ගියා.... අයියට හිතා ගන්න පුලුවන්ද නංගි හිටිය දුක...
--මම මේ කිසි දෙයක් දන්නෙ නෑනෙ නංගි...ඇයි මට නිකං වත් කිවුවෙ නැත්තෙ..,
මම මුලින්ම හිතුවෙ අයියට කියන්න.. එත් අයිය මාත් එක්කතරහ වෙලා ඇති කියල මම කිවුවෙ නෑ.. අනික මට හයියක් තිබුනෙ නෑ ආයෙ අයිය ඉස්සරහට එන්න.. මම අයියව හැම තැනම හෙවුව.. අයියගෙ කවි හැමදාම කියෙවුව.. අයිය ලියන කතා හැමදාම කියෙවුව.. වෙනද වගේ සංකල්පනා කියවල මම ගොඩාක් ඇඩුව.... මට සමා‍ වෙන්න අයියෙ..
--ඔයාගෙ වැරැද්දක් නෑ නංගි... අපරාදෙ ඔයා මට කිවුවෙ නැත්තෙ..
කමක් නෑ අයියෙ.. ඔයා සතුටෙන් ඉන්න බව දකල මම සතුටු වුනා මට ඒ ඇති.. මම ඔයාට දුන්නු දුක ඇති.. ආයෙ මම ඔයාගෙ වෙලා දුක් දෙන්න මට ඕන වුනේ නෑ....
--මමත් ඔයාව කොච්චර හෙවුවද නංගි ඒත මට දැන ගන්න ලැබු‍නෙ නෑ...
(අවුරුදු ගණනාවකට පසුව පෙර පුරුද ුපරිදි ලෙංගතිව ඈ තුරුල් කර ඇගේ ඉස සිප ගතිමි.. මා මෙතරම් ආදරය කරද්දී ඒ ආදරය මා සොයද්දී ඒ අදරයට මා ලගට එන්න මඟක් නැති වීම කොතරම් දුකක්ද ඒ නැත්ත ඒ බව පසුව ඒ ආදරය කල කෙනාගෙන්ම දැන ගැනීම කොතරම් දුකක්ද )
දුම්රිය ටිකෙන් ටික ඇගෙ ගමනාන්තයට ලගා විය.. ඇය හිස ‍එසෙවුවාය...
අයිය මම හැමදාම ඔයාව හෙවුව.. මම හැමදාම පංසලේ සාදුගෙනුයි දෙයියන්ගෙනුයි ඉල්ලුවේ මගේ අයියව මට එක පාරක් හරි දැක ගන්න ඉඩ දෙන්න කියල.. අයියට මගේ කතාව කියන්න වෙලාවක් දෙන්න කියල අයියට එක තත්පරයක් තුරුල් වෙලා ඉන්න දෙන්න කියල... මේ කෙල්ලගෙ දුක දැකපු දෙයියො ඒ ක අනිත්ම මොහොතෙ හරි ඉස්ට කලා .... මට දැන් ටිකක් හරි සතුටුයි....
--අන්තිම පාරට කිවුවෙ ? ඉස්සෙල්ලත් ඔයා එක් කිවුව....
ඔවු අයියෙ අනිත්ම පාරට.. ආයෙ මයෙ අයියට මේ කෙල්ලව දකින්න වෙන්නෙ නෑ කවදාකවත්ම .. දැක්කත් කතා කරන්න වෙන්නෙ නෑ...මම හෙට බඳිනව....! රෙජිස්ටර් වෙනව...!
--මොනව ?
ඔවු අයිය අම්මල කෙනෙක්ව හොයල... එයා කැමති නෑ මම කොළඹ ඉන්නවටත්.. ඒ නිසයි මම සේරෝම දාල යන්නෙ... අම්මලගෙ සතුට වෙනුවෙන්... මට අයිය නැති වුනාට කමක් නෑ අයිය සතුටෙන් ඉන්න...
(පිරිමියෙක් වුනත් කොයිතරම් අසරණවෙන වේලාවල් ජීවතය තුලදී මුහුන දෙනවාදැයි මම මෙතෙක් නොසිතුවෙමි.. අප ආදරය කරද්දි ආදරය පටන් ගනිත්දී මේ කිසිවක් නොසිතුවෝ වෙමු... පාසැල් ප්‍රේමය-බස් වල ප්‍රෙමය- ගාලු මුව දොර ප්‍රේමය -සිනමාහල් තුල ප්‍රේමය දකින මා ඒ ගැන ඉරිසියා කලෙමි.. එහෙත් ඔවුන්ටද ගැටලු ඇති. ඒ අමතක කර ඔවුහු සැනසෙති.. දැන් මම ඔවුනට ඉත සිතින් සුබ පතමි....)
ඇය ඇයගේ බඩු බාහිරාදිය ලෑස්ති කර ගත්තාය.... අප පසු කර ගිය වඩේ වෙලෙන්දා ඊලග පෙට්ටියට මාරු වූ පසු ඇය වට පිට බලා එක් වරම මා ඉදිරියේ දණ ගැසුවාය..
මගේ සුදු අයියෙ මගේ අතින් වරදක් වුනානම් සමා වෙන්න... මේ කෙල්ල කවදාකවත් අයියට රිද්දන්න් හිතුවෙ නෑ... මට සමාවෙන්න...
--නෑ මගේ නංගි ඔයා කවදාකවත් මට වරදක් කරල නෑ.." අපි කරපු එකම වරද ආදරේ කරපු එක විතරයි"
අයිය මගේ අන්තිම ඉල්ලීම - පුලුවනි නම් හෙට ...... කන්තොරුවට එන්න.. මම කැමතියි ඔයා මගේ විවාහයෙ සාක්ෂි කාරයෙක් විදියට අත්සන් කරනවට.. අනේ ප්ලීස්.. ඒ ක මේ මං වෙනුවෙන් කරන්න....
(දුම්රිය, මහ හූහඩක් දීගෙන නැවතින....)
මම යනව සුදු අයියෙ...
--- බුදු සරණයි නංගි මම එන්නම් හෙට.. අනිවාර්යයෙන්ම.. වෙච්ච දේවල් එච්චර හිතන්නෙ නැතිව ඉන්න..අනාගතේට මූන දෙන්න.. හොදද මගේ හොද නංගිනෙ...
( ඇය පිටව ගියාය.. දුම්රිය නැවත පණ අදින්නේය.. මගේ නැවතුම තව දුම්රිය ස්ථාන දෙකකිනි.. වෙනදා නොදැනෙන මහා පාලුවකින් මා වෙලී ගියෙමි.. මුලු ලෝකයෙන්ම මා තනි වී ඇති යැයි සිතුනි... කෑ ගසා හඩන්නට සිතේ... කර කියා ගත නොහැකි වූ තැන උන් තැනින්න නැගිට. පා පුවරුවේ වාඩි හුනෙමි.. දැන් මට පිටුපස දුම්රිය පෙට්ටිත් පසුපස පෙට්ටිත් හොදින් පෙනේ මම ඉඳ ඇත්තතේ හරි මැදය.... අප පසු කර ආ දුම්රිය මාර්ගයද කදු අතර වංගු ගසමින් මීදුමින් වැසී යති..
කෙසේ හෝ හෙට යා යුතුය.. ඇයට මා සුබ පැතිය යුතුය ඒවෙලෛහි මා ඉටා ගතිමි....
ඇය පැවසූ දේ සියල්ල දැන් මට මතක නැතත් ඇයව මනසේ දෝංකාර දෙයි...
.
"  අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
.. සිඳි ගිය ගග දෑල හැර දැමූවෙ කවුද ...
.. සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
.. බාල වයසින් මැරුන ප්‍රේමයකි තරු එලිය...
.. කටුක දුක් විරහ මැද අතර මං වී ගියද
.. අපි තවම පෙම් කරමු අපේ ජීවත වලට...
.. කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
.. නිදහසේ තටු ලැබුන කුරුල්ලන් වී දිනෙක... "

" අපි කරපු එකම වරද ආදරේ කරපු එක විතරයි" මම නැවත මටම කොඳුරා ගතිමි...... !!!!
---කුරුළු---

== සේද සිහින සුදු දුන්හිද ඔබ - උස සීත නමුණුකුල ගිරිහිස මම == == මූණ බලාගෙන මේ විදියට - මතු ජාති ජාතියෙත් උපදින්නද ==


2.කොටස
.
මඳ වේලාවක් නිස්සදව සිටි ඈ තම කටහඩ අවදි කලාය..
අයිය.. ඔයා හිතනවාද ඇත්තටම ඔයාව මම අමතක කලා කියල ..
නෑ.. මම කවදාකවත් එහෙම හිතුවෙ නෑ නංගි..
ඒ ඇති අයිය මට.. ඔයා මට එක දවසක් හරි ආදරේ කලාද කියන්න..
ඒක ඔයා අහන්න ඔන් ප්‍රස්නයක් නෙවේනෙ නංගි...
( අද දිනයේදී ගමන් මාධ්‍ය සදහා දුම්රිය තොරා ගැනීම ගැන මම මටම දොස් නගමි.. ඒ පරණ තුවාල පෑරෙන නිසාවෙනි.. අපට බෙහෙත් කල නොහැකි නම් අඩු තරමේ තුවාල පාරානොගත යුතුය)
ඇත්තටම අයියෙ මම එහෙම කලේ අ‍පේ අම්මල නිසා.. අයිය නොදන්නව ඇති අපේ අප්පච්චිට ලෙඩක් තිබුන.. ඒක නිසා ඒකට සල්ලි ඕන වුනා බෙහෙත් කරන්න.. අප්පච්චිට සල්ලි නෑනෙ අයිය.. ඒ අයට තිබුන බලාපොරොත්තුව මම.. අයියට තේරෙනවද ??
(මොකෝ මට නො‍තේරේනේ මම බබෙක්යැ.. අම්මල සල්ලි කාරයෙකුට ඔයාව විකිනුව.. මගේ ආදරෙත් එක්කම... යැයි කියන්න ආවත් ඉවසා සිටියෙමි.. ඇත්තය ඒ දවසවල මම හිගන්නෙකුටත් අන්තය අතේ සතේ නැත.. සන්තකේටම තිබුනේ ඇයගේ ආදරය පමණි... ජීවත්වෙන්න අනාගතයක් ගැන සිතීමට පවා බිය වීමි...
"තමන්ගෙ වියදමවත් හොයගන්න බැරි එවුන් කොහෙද පවුල් කන්නෙ පවුලට කන්න දෙන්නෙ.." ඇගේ මවගේ ඒ වචන ටික මෙවේලේත් මගේ කන් ගුල් තුල දොංකාර දෙයි.. ඒ දවස්වල ඇය වෙනුවෙන් මා හට හඩක් නැගීමට නොහැකි විය.... )
ඔවු නංගි මට තේරෙනව...
එක්වරම ඇය නැගිට මගේ මුහුන දිහා කෙලින් බැලුවාය...
අයිය කියන්න මේ සුදු නංගීට සමාව දෙනව නේද ඔයාව දාල ගියාට.. කියන්න.. මා එක්ක තරහ නෑ නේද....
(දුම්රියේ සෙනගක් නැත්තේ හොද වෙලාවටය නැතිනම් මෙය ඉතා දුෂ්රකර වනු ඇත මට)
නෑ නංගි මම එදත් තරහ නෑ අදත් තරහා නෑ ඔයා එක්ක...
අයිය දන්නවද එයා මාව බැන්දෙ නෑ අයියෙ... !
මොකක්... ඒ මොකෝ..
අනේ මන්ද එයා බඳින්න කලින් රට ගියා මගුල්ගෙදර ඔක්කොම ලෑස්ති කරල... ඒත් ආයෙ ආවෙ නෑ පස්සෙ ආරංචි වුනා පිට රටදි කාවද බැඳල කියල...
(ඇය කියාගනෙ කියාගනෙ ගියාය...මා ටිකෙන් ටික රත්වෙනවා සේ දැනුනි.. එහෙත් එක් වරම මාගේ කමීසයේ උරහිස තෙත් වෙනු දැනුන නිසා නිවුනෙමි.. පවු කෙල්ල අඩනවා විය යුතුය... )
හ්ම්.. එහෙම තමයි නංගි සමහරුන්ට ජීවතේ තෙරරෙන්නෙ නෑ.......
ඉතින් ඊට පස්සෙ මොකෝ වුනේ.....
මගේ අප්පච්චි මැරුණ අයිය... (ඈ මගේ අත තද කර උරහිසට මූණ තද කර ගත්තාය)
අප්පච්චිට ඒක දරා ගන්න බැරි වුනා .. එයා නැති වුනා.....
අයියෝ නංගි..... ( එවේලේනම් මට ඇඩුනේය..මගේ ආදරේ හොරකම් කර ගත්තා වුනත් අප්පච්චි වෙනුවෙන් නම් මම හඩමි ඒ ඔහු මනුස්සයෙක් බව දන්නා නිසාවෙනි......)
මිනිසුන්ගේ ජීවිත මොන තරම් කටුකදැයි මම මෙතරම් නොසිතුවෙමි... මා දන්නා අයගේ මෙසේ නම් නොදන්නවුනේගේ කෙසේ විය හැකිද.... !
නුවරට දුම්රිය ලගා වීමට තව පැයක් හමාරක් තිබේ....
එහෙත් ඇය කිසිත් නොදොඩා හඩමින් පසුවන්නීය...
ඇයව සැනසීමට දැන ්මට නොහැකිය.. හැඩීම නැවැත්වීමටද නොහැකිය... ඇය සමග එක් වී හැඩීමටද නොහැකිය....
කලයුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකිව.. දුරින් පෙනෙන අහස සිඹින කදුද - කඳු සිඹින කලු වලාකුලු දෙසද බලා සිටියෙමි....
************ කාතවෙ ඉතරු ටික වෙනම ලියන්නම් දෙවන කොටස ඉවරයි ********
---කුරුලු---

=තියා අතීතය මා ලඟ - පියාඹා ගියාවද උඹ පුරවි කිරිල්ලී ==හිනා අමතකව ගිය මට - හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී =



.1 කොටස
.
මට එක් වරම ඇයව හදුනාගැනීමටත් අපහසු විය..
ඉස්සරට වඩා තරමක් කලුය.. ඈදී ගොසිනි.. වෙනදා නොතිබුන දුකක් සාංකාවක් ඇගේ මුහුනේ කැටයම්ව පෙනුනි..
" පලවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය මහනුවර බලා පිටත් වෙයි......... සිට සෑම දුම්රිය ස්ථානයකම එය නවත්වනවා ඇත.."
ඒ කොටුව දුම්රිය ස්ථානයයි.. නිරන්ත‍රයෙන් දුම්රියෙ ගමන් නොකලත් ඉඳහිට හෝ ගමේ යන දවසක එහි ගමන් කිරීමට මා කැමැත්තෙමි...
ඒ පාඩි වී පැය ගනන් හිත හිතා යෑමට පුලුවන් නිසාවෙනි නැතහොත් පොල්ගහවෙලින් ‍එයට ගොඩවන කුරුට්ටෙකුගෙන් පරණ වුන තම්බපු කඩල ගොට්ටක ආස්වාදය විදීමටය,එද නැතිනම් එයට ගොඩවෙන පිටවෙන විවිධාකාරයේ මිනිසුන් මුණ ගැසීමටය.. කඳු බෑවුම් අසලින් යද්දී පා පුවරුවේ ඉඳගෙන තනියම කවියක් ගෙතීමටය.. කෙසේ වෙතත් මා මේවාට ඇලුම් කරමි...
දුම්රියේ ගමනින් නුඹලාට වැඩක් නැත... ඇය ගැන නම් කිව යුතුය..
ඇයගේ නම නොකියමි..
ඇයත් මාත් පෙම්වතුන් වූහ ඒ බොහෝ කලකට ඉහතදීය.. සැබැවින්ම මා ඇයට පණ දෙවැනි කොට ආදරය කලෙමි..
ඇය සුන්දරය සුදුය මුදුය පැහැපැත්ය ලගන්නීය.. කිසිදු කලබලයක් නැත. ජීවිතය තේරුම් බේරුම් කර ගතහැකි තැනැත්තියකි..වැඩි විලාසිතාත් නැත.. නෝන්ජලුත් නැත.. චාම්ය.. සතුටද දුකද නිහතමානීව විදදරා ගන්නීය.. මා උදෙසාම බිහිවුවා වැනිය....
එහෙත් ඇයගේ දෙමාපියන්ගේ මැදිහත් වීමේන ඇය මා හැර ගියාය..
ඇය දෙමාපියන්ගේ පැත්තටම හිටි නිසා ඉන් එහාට කිසිත් නොකියමි....
දුම්රියපොලේදී ඇයව දුටුත් හදුනාගත්තමුත් ඇය හා දොඩමලුවීමට පසුබට වුනෙමි.. ඒ පරණ මතක අවදි වී නැවත සිත තලා ගැනීම මටවත් ඇයටවත් නුසුදුසු නිසාවෙනි..!
හීන් සීරුවෙ ළගම තිබුන දුම්රිය පෙට්ටියට නැග අසුන් ගතිමි...
මේ...කුරුළු..අයිය නේද.... !
තිගැස්සුනෙමි.. සුපුරුදු කටහඩය.. හැරීබැලුවෙමි..
ආ ........නංගි ඔවු ඔවු අනේ මම දැක්කෙත් නෑ ලගට එනකම්...
අයියට කමක් නැතිනම්.. මම මෙතැනින් වාඩි වෙන්නද....
හා කම්ක් නෑ වාඩි වෙන්න.... ඕක මොකක්ද..... වෙවුලන හඩින් පැවසූවෙමි...
අප අතර විනාඩි කිහිපයක නිශ්ෂබ්දතාවයකි...
ඇයට මටත් - මට ඇයටත් කීමට දෙයක් නොතබුනි ..!
ඇය සතුව විශාල ප්‍රමාණයේ මලු දෙකක් තිබුනෙන් මම එතැනින් කතාව ඇරඹීමට සිතුවෙමි...
නංගි මොකෝ මේ ගම රට දාල යනව වගේ..
හ්ම්.. ඔවු අයියෙ මම නුවර යනව... ආයෙ කොළඹ එන්නෙ නෑ..
ඒ මොකෝ.. ආයෙ එන්නෙ නැත්තෙ.. රස්සාව?
රස්සාවෙන් මම අයින් වුනා අයියෙ... (මෝනාලීසා වගේය අඩනවාද සිනාසෙනවාද සිතාගත නොහැකිය)
අපරාදෙනෙ ඇයි ඒ...
මම ඒක අයියට කියන්නම් පස්සෙ.....
ඉතින් අයියට කොහොමද දැන්.....
වැරද්දක් නෑ... මම හොදන් ඉන්නව නංගි මගේ වැඩ කරගෙන...
අයිය තාමත් කවි එහෙම ලියනවද...?
(ලියන කවි බොහොමයක ඇයද තාමත් සිටින බව පැවසීමට මට සිතුනත් මගේ වචන ඒ තරම් හයිය නැත)
ඔවු සමහර වෙලාවට ලියනව....
අයිය මම ඔයාව ස්ටේසමේදි දැක්ක .. ඒ නිසයි මම අයියව බලන්න මේ පෙට්ටියටම නැග්ගෙ.. අයිය ගාවින් වාඩි වෙලායන්න ආස හිතුන... අයිය එක්ක කතා කරන්න ආස හිතුන... ඉස්සර නම් අයිය මගේ මම අහන්නෙ නෑ මොකවත් .. ඒත් දැන් එහෙම බෑනෙ.... මට අයියව ආයෙ හම්බෙන එකක් නෑ .. මේ හම්බුනෙත් අවුරුදු කීයකට පස්සෙද... ආයෙ හම්බුනත් මට කතා කරන්න වෙන්නෙ නෑ.. ආයෙ ලගින් ඉදගන්න වෙන්නෙ නෑ.. මේ අන්තිම පාර...
මොකක්... අන්තිම පාර.. ඔයාට පිස්සුද ?
( ඇයත් මාත් අතර පෙර තිබු ප්‍රේම සබඳ තාව දැන් නැතියි මට අමතක විය )
සමාවෙන්න මට නංගි ඇයි එහෙම කිවුවෙ...
හ්ම්.... ඒක අයිය දැනගනිවි..... අයිය තරහ නැතිනම් මම දෙයක් ඇහන්නද ?
(ඇය තවම ඇගේ ප්‍රස්නපත්තර කතා විලාසය ඇත් කරගෙන නැත)
හා..
අයියට දැන ්කෙල්ලෙක් ඉන්නව... මම ඇහුවෙ යාලුවෙලා..
(දිග හුස්මක් පිට කලෙමි )
නෑ නංගි.. මට දැන් ඉස්සර වගේ ආදරේ ගැන විස්වාසයක් නෑ....
කුරුලු අයිය.. ප්ලිස් එහෙනම් ‍මේ නංගි එක ටිකක් දුර උරහිසට ඔලුව තියාගෙන යන්නද ඉස්සර වගේ.....
(කරකියාගත නොහැකි වූ තැන බිම බලා ගතිමි.. මා නොදැනුවත්වම මගේ දෑස් මටම චපල වී ඇත... මේ වැඩිහිට සමාජය අපිට අප අහිමි කර ඇත..... )
හ්ම්..... - එපමණක් කීමි...
පෙර පුරුදු පරිදි කිසත් නොකියාම මාගේ උරහිසට ඔලුව හේත්තු කර ගත් ඈ.. මාගේ අතක් ඇගේ අත් දෙකින්ම අල්ලා ගත්තාය....
දුම්රිය තවම ගමනේය...................................................

" පෙරම් පුරාගෙන ආ සංසාරෙ - පැතුමද සුනුවිසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ - දුම්රිය මොහොතක් නතර වුනේ ,
************** කාතවෙ ඉතරු ටික වෙනම ලියන්නම් පළමු කොටස ඉවරයි ********
---කුරුලු---

Sunday, May 26, 2013

=== මගේ අන්තීම කැමති පත්‍රය ===



එය මෙසේ සිදු විය හැක....
වෙ න කෙදිනකවත් නොමැති වූ ලජ්ජාවකින් හා නුහුරු නුපුරුදු බවකින් මා සිත වෙලෙන්නට පටන් ගෙන තිබේ...
නිතර නිතර ඇදුම දෙස බලන්නෙමි...
හුරු නැති සපත්තුත් ඔෆිස් අදින වර්ගයේ කලිසමත් අත් දෙක දිගට කර දමා ඇති කමීසයේ බොත්තමත් හැමදාම කොතැනත් එලියේ දමාගෙන සිටින මාගේ මාල ටික වසා ගෙල සිර කැ ඇති ටයි පටියත් ටිකින් ටික වාතයක් වේගෙන එනු ‍දැ‍නේ...
ඒ මදිවාට දාඩිය ගලයි.. මේවැනි ඇදුමකට මම පීරණ කොණ්ඩය ගැලපෙන්නේම නැත. අම්මාට කොතෙක් කීවද මේ ඇදුම අන්දවා ග්තතේ ඇයයි...
මම ඇතුලින් කසන මේස් කකුල අඹරවමින් කමීසයේ බැගී වැටී ඇද්දැයි බැලීමි..
කමීසය වෙනදා මෙන් ඉරි හෝ කොටු හෝ නොව අද අම්මා ප්‍රිය කරන තනි ලා පාටය ඊටම ගැලපෙන කලිසමකි මට හුරු ඩෙනිමද නැත..
සාමාන්‍යප්‍රමාණයට වඩා දිගින් වැඩි මගේ පර්සය එලියට පැන ඇත.. ජංගමය නිසා එක සාක්කුවක් ඉස්සී ඇත.. අනිකේ ලෙන්සුවක්ය..
මටම මා විකාරයක් වී ඇත...
මූණට උදේ අම්මා ගෑ ක්‍රීම් ජාතිය දියවෙන්නට පටන් ඇති බවක් පෙනේ...
හීන් සීරුවේ ලේන්සුව ගෙන පිහදාගතිමි. ඒ පස්වෙනි  වතාවටය..
අම්මාටත් අප්පච්චීටත් කිසිම ගානක් නැත.. ඇලී ගත් කතාවේම පසුවෙයි... ඔවුනේ මුව පුරා සිනාය මට නම් නැගිටින්නේ කොයි වෙලේදැයි බල බල සිටිමි...
බයකටද මන්දා මඩද පෙරලෙයි..
හීන් සීරුවේ මට ඉදිරිපස වාඩිවී සිටින මල්ලි දෙස බැලීමි..
අපතයෙකි ! මෙතෙක් වෙලා මා දෙස බලා සිට ඇත.. දිව දික් කර සිනාසෙයි !
දැන් නාට්ටියේ හොදම හරියයි..
පුතා මොකද කරන්නෙ..
අහ් මම මගේම කම්පැනියෙ ඉන්නෙ...
හොදයිනෙ එහෙමද.. පුතා මොනවද ඉගෙන ගත්තෙ..
(ඉස්කෝලෙ උගන්වන ඒව තමා කියන්නට කටට ආවත් ගිල ගතිමි)
කොමස් නේ අංකල්....
හොදයි හොදයි.. මොකෝ නිකං බය වෙලා වගේ..
නෙද්දකින් විස්කිඹුලා , මමනෙ දන්නෙ මේකෙ ර‍‍ගේ..
වේලාව හරිය.. දැන් ආ කාරය පටන් ගති...
දොර රෙද්ද මෑත් විණ... මුලින්ම වළලු දැමූ අතක්ද ඉන්පසු කෙමින් ගෑනු පරාණයක්ද මතුවිය..
ලා රෝස පාට සාරියකින් හැඩ වුණ ඈ කොන්ඩය තනි ගෙඩියක් සේ පස්සට බැද තිබුනි...
ඇස් දෙක දිගැටිය හීන්ය.. කෙස් නම් කලුම කලුය.. හීනි කෙන්දක් වැනි රත්තරන් මාලයක් බෙල්ලේ රුවාගෙන සිටියාය.. බුලත් හෙප්පුවක්ද  සමග සෙමින් සෙමින් ඈ අප දෙසට ඇදෙන්නීය...
මා දියෙන් ගොඩ දැමූ මාලුවෙකු සේ වෙවුලනු දැනේ...
ඉදිරියට විත් ඈ- මා අසප නතර වූවාය...
කර කියා ගත නොහැක.... මම මොකෝ කරන්නනෙ.. මේකි මේ කන්ඩ වගේ බුලත් හෙප්පුව මට දික්කරන්නෙ මොකෝ..... රෙද්ද
"පුතා ගන්න බුලත්.." ඒ අම්මාය
මම සිනාසී බුලත් කොලයක් ගතිමි...
අම්මට සිරි වෙයි ! ඇගේ මුහුන දැක්කේ දැන්ය... පොලව පලාගෙන යන්න සිතුනි... මේ ඇයය..!
සැබැවින්ම ඇය ය ! මට නෙත් අදහා ගන්නත් බැරි විනි...
ඇය කිසිත් නොදන්නා සේම නැවත හැරී ගියාය..
අන්කලයා මා දෙස හිනාවී කන්න වාගේ බලමින් හිදී.....
මලමගුලකි හැමෝම බලන්නෙ මා දෙසය... කවරදාකවත් අපහසුවක් දැක නැත...
ලජ්ජාව පසෙක ලා කටහඩ අවදි කලෙමි.... කෙලින්ම අන්කලයාව ඇමතුවෙමි.
අන්කල් මට එයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද දැන් !...
සිය්ලලොම බක බක බක ගාති.. මම උඩ බිම බලමි..
හොදයි හොදයි....දුව.... මේ කුරුළුට කතා කරන්න ඕනලු...
එහෙනම් දෙන්න කතා කරපු දෙන් අපි යමු තේ බොන්න ඇතුලට....
ඇය ඇඹරෙමින් ඉදිරියට ආවාය.. මම එලියට ගොස් වත්තේ බංකුවේ වාඩි වුනෙමි... ඇයි ලගින් හිට ගත්තාය....
*කේ ගෙඩිද වාඩිවෙන්න බැරිද ? අසන්නට සිතුනත්...
සමා වෙන්න ! මට මේ ඇදුම් එච්චර හරියන්නෙ නෑ.. මේ මගේ හරි විදිහ නෙවේ.. මම ආස ඩෙනිමටයි ටීෂර්ට් එකටයි...
ඇත්තද ! මාත් මේ සාරියට කැමතිනෑ අම්මනෙ ඇන්දුවෙ.. එ ්නිසා කමක් නෑ..
වැඩේ ගොඩය.......
දුවේ ඉතින්.. ඔයා හරි කැමති නේද රොස පාටට !
දුවේ... ! මගේ නම දුවේ නෙවේ හොදේ මගේ නම ***** .
මම හිතුව දුවේ කියල... ඉතින් *** ඔයා ආසයි නේද රෝස පාටට..
ඔයා දන්නෙ කෝමද !
අයියෝ සිම්පල්නෙ ඔන් කෙල්ලෙක් ආස ඒ පාටටනෙ " කියන්නට සිතූවත්.. ගිල්ලෙමි..
මට කෙලින් කියන්න ඔයාට ආදරවන්තයෙක් ඉන්නවද !
ඇයි උඩ බිම බලුවාය.. ඔයාට පිස්සුද අප්ප..
හා හරි එහෙන්ම් කමක් නෑ... මම විහිලුවට ඇහුවෙ.. ඔයාට මාව ඇත්තටම මතක නැද්ද..
ඇය නැවතත් බිරාන්ත විනි.. නෑ මම ! යාව දන්නෙ නෑනෙ මීට කලින් !
හ්ම්... ඒකත් එහෙමද ! ඇයි ඔයාට මතක නැද්ද ගිය අවුරුද්දෙ කඩවත මහර වෙසක් කලාපෙ 2013 දි අපි හම්බුනා..
අප්පෝ... මට මතක නෑ එදා සෙනගනෙ...
ඒකනෙ මට මතකයිනෙ.. ඔයා එදා ඇදල හිටයෙත් රොස පාට ටී එකයි කලු ඩෙනිමයි.. ඒකට මාර මැචින් ආ... මම ඉ්සසෙල්ලාම දැක්කෙ පාරෙදි එත් මම හිතුවෙ නෑ ඔයා මට ආයෙ හමුබුවෙයි කියල ඒත් ඇතුලෙදිත් බාගයක් දුරට යනකම් ඔයා මගේ ලගින්මයි ගියේ වෙස්ක් කූඩු බලබල..අර නංගි කෙනෙක් හිටයෙ ඔයාගෙ අතේ එල්ලිගෙන.. අම්ම නැතිව හෙවුවෙ අනේ... මමත් එතැන බොරුවට නැවතිලා ඔයා දිහා බැලුවෙ අනෙ මතක නැද්ද අර... අර..අන්නාසි කාරය ලග.... ඔයා හිනාවුනෙ...
ආ............ අම්මෝ එ ඔයාද අර බකමූනෙක් මුලු පපුව පුරාම තිබුන ටීෂර්ට් එකක් ඇදල බේල්ලෙ ප්‍රොසෙසර් එකකුයි තව මොකක්ද ගෙඩියකුයි එල්ලන් හිටියෙ..
ඔය මතක තියෙන්නෙ.... එදා මම ඔයාව කොච්චර හෙවුවාද....මම හිතුව ඔයාව ආයෙකොයි වෙලේ හරි මට එහෙදි හම්බෙයි කියල.. මම හැම තැනම බැලුව එ විතරක් නෙවේ අපි වෙසක් බලන්න ගිය හැම තැනම බැලුව.. මම ගොඩාක් පසුතැවිලි වුනා එදා ඔයාට නොම්බරයක් වත් නොදීපු එකට..
හිහ්.. දුන්න නම් අපි ගනියි..! අපිට වෙන වැඩනෑනෙ වෙසක් බල්න්න එන කොල්ලො දෙන නොම්බර ගන්න..
හ්ම්... ඒකත් ඇත්ත එදා මම එහෙම දුන්න නම් අපි දෙන්නම වැරදි වැටහීම් ඇති කර ගන්නව... එක් මම හිතනව ඔයා දෙන දෙන නොම්බරෙ ගන්නව කියල අනික ඔයා හිතනව මම දකින දකින කෙනාට නොමබර දෙනව කියල... ඒක එහෙම නොවුන එකත් හොදයි...
ඉතින්.. මොනවද මා එක්ක කතා කරන්න ඕන කිවුවෙ.. ඉක්මනට යන්න ඕන තේ මේසේ ලෑස්තියිනෙ...
නෑ.. මුකුත් නෑ...... මම කැමතියි ඔයාව බඳින්න... මම ඇත්තටම කෙලින්මයි කිවුවෙ...
ආහ් ඒකද... හරි මම එහෙමනම් යන්නම්....
කිසිවක් නොපැවසූ ඇය හැරී යන්නට ගියාය.. මම ඇය යන දිහාව බලන් සිටියෙමි.. ඒ පැත්තත් කැතක් නැත...
"මේ ඉතින් ඔයා උත්තරයක් දුනනෙ නෑනෙ... "ඉවසා වදාරා බැරිම තැන උස් හඩින් වැමෑරුවෙමි..
දොර ලග නතරවුන ඈ... නැවත හැරී..
" මම අකමැතිනම් අද එන්න කිය්නනෙ නෑ.." පවසමින් ගෙට දිවුවාය.....
------------------------------------------------------------------------------------
මේ මාගේ අන්තීම කැමති පත්‍රයයි! මෙහි යට කී කාරණා පමණක් සත්‍ය ලෙසම සිදු වු අතර ඉහත කී කාරනා සිදුවීම් පෙල මෙසේ සිදුවනවා දකින්නට මම අන්තීම කැමැත්තෙමි !
-----කුරුළු-----

Saturday, May 25, 2013

සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා


මෙම අදහස මා සිත තුල ලැගුම් ගත්තෙ වෙසක් පුන් පොහෝ දිනයෙ වුවත් එය ලිවීම මඳකට පමා කලෙමි... ඒ වෙසක් විඳීමට තව තවත් ඉඩ ලබා දීමටය...!
මා අපූරු සිදුවීමක් දුටිමි... ඒ මුසල්මානුවන්ගේ දන්සලයි..
එහි වියදම ලක්ෂ ගාණකි..! හිතේ මහත් වූ බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගියෙමි..
සහෝදර සියල්ලම එකතු වී දන්සල් දී දන් පින රැස් කරති.. විවෘත කිරීම සඳහා පැමිණියේ ද රටේ මුල් පුරවැසියා ලු !...
ඒ කතාව මාධ්‍ය හරහා දැන ගන්නට ලැබිණි.. ඒ නුඹ දන්නා කතාවය.. !
දැන් මට ගැටලුවකි...
මා ඉන්නෙ වෙසක් මාසයේ නොව අවුරුදු මාසයේ අවුරද්දට කලින් යැයි සිතමි... ඒ නිසා මෙසේ ලියමි....
+++++
මුසල්මානු සහොදරයින් කිසිවක් ඔහේ ආවාට ගියාට පිලියෙල කරන්නෙ නැති..
එසේ පිලියෙල කිරීමට ද්නනෙ නැත.. ඔවුන් එය සිදු කරනුයේ ඔවුගේ ම ක්‍රමයටය...
ඒ නම් හළාල් ක්‍රමයටය.. ඔවුන් හළාල් නැති භාන්ඩ මිලදී නොගනිති.. තම ධර්මය අකුරටම පිළිපදින ඔවුන් මෙහිදීද එය අකුරටම ඉටු කලේ යැයි සිතමි.. එසේ නම් දන්සැල් බත හළාල් ය.. !
(‍යොදන අමුද්‍රව්‍ය හා උයනා පිලිවෙල අනුව )
මා එසේ කිය්නනෙ මින් පෙරදි අප මිලදී ගත් සෑම පැකට්ටුවකම තිබු හාලාල් ලකුණ තිබියදී එය ආහාරයට නොගන්නා බව ත් එය අයින් කරීමට කටයුතු කිරීම නිසාත්ය...
මා සතුටට එක් කාරණයක් ‍හේතු විය..
දන්සලක් විවෘත කිරීම යනු නිකම් රිබන් කෑපිමක් නොව පලමු දන්සල් බත අනුභව කිරීමය..
විවෘත කිරීම් බත අනික්වාටද වඩා සුවිහේෂය ඒ මුද්සරස් පලම් කුරුදු සහ කහ බත් ආදී විශේෂාංග එක් වීමය...
එසේ නම් මුල් පුරවැසි ද හළාල් අනුභව කර තිබේ...
++ මෙවේලේ මට තවත් දෙයක් සිහිපත් වේ.. ඒ නම් අයිපී එල් ය....
ඇයි බං මේ ජය ලලිතා කෑ ගහද්දිත් අපේ උන් අයිපීඑල් ගියේ..මම විමසුවෙමි..
නෑ බං.. උන් චෙන්නයි යන්නෙ නෑලු අනික චෙන්නයි කිය්නනෙ ඉන්දියාව නෙවේනෙ බං.. රටවල් දෙකේ එකමුතුවට මේක බලපානව අපේ උන්ට එන්න කිවුවෙ ඉන්දියාව මිස්ක් චෙන්යි නෙවේ.. චෙන්නයි වල ජය ලලිත කෑ ගැහුවට ඉන්දියාව කිය්නනෙ චෙන්නයි නෙවේ...++
ඒ කාරණය නැවත් මට මෙයට ආදේශ වේ...
අර හලාල් වලට කෑගැහුවේ රටේ හැමෝම නොවේ සුලු පිරිසකි.. ඒ නම් රටේ බහුතර මතය වෙනකකි කොටින්ම ප්‍රධානියාගේ මතයද අනෙකකි......
---------
දැන් මේ කියැවූ නුඹලා මෙසේද කියනු ඇත... !,
දැන් හලාල් නැත එ ්සියල්ල අයින් කර ඇත... ඉතින් මොනව දාල ඉවුවත් ඒ හලාල් නොවේ...
අනික රටේ ප්‍රධානියෙක් විදිහට එ‍සේ ‍නොකර බැරිය...
මම නුඹට මෙසේ කියම.....,
ඉවත් කර ඇත්තේ හලාල් ලකුණ පමණි...
අවුරුද්දට කලින් රටේම ඇතිවූ සේනා සංවිධානයක් යමක් - හලාල් - නිසා රට ගඳ ගහන බව කියා කෑ ගැසූහ... ගහ මරා ගැනීම් ඇණ කොටා ගැනීම් පවා සිදු විය.. ඒ මේ ගඳ නිසාවෙනි... ටිකෙන් ටික ඒ ගඳ රට පුරා ව්‍යාප්ත වන බවක් පෙනුනි... ! එනම් හළාල් ගඳය ...
ඒ දැක ගඳ නැති කිරී‍මේ ව්‍යාපරයක් දියත්විය.. එහෙත් එය කල නොහැක්කක් බව පාලකයන්ට වැටහුනි.... එහෙත් ඔවුන් ක්‍රියාමාරගයක් ගෙනාහ..
-- " ඒ කෑ ගසන්නවුන්ගේ නහය මිරිකීමයි " ----
අහා දැන් ගඳ නැත...නැත නැත ගඳ ඇත දැනෙන්නේ නැත...!
දැන් අප නාස් පුඩු මිරිකා ගඳ නැතියි සිතමින් සිටින්නෙමු... ගඳ තිබේදැයි නැත්දැයි දැන ගැනීමට වත් අපට නැවත නාස් පුඩු විවර කල නොහැක.. එතරම් තදින් මිරිකී ඇත...
දයාබර සිංහලයනි----
මා දන්නා කරුණක් ඇත.. ඒ ඕනෑවට වඩා නහය මිරිකා සිටීමේන් " හුස්ම ගැනීමට නොහැකිව මිය යන බවය " ... මම නුඹලාට ආදරය කරමි...
හුස්ම ගැනීමට නොහැකිව මිය යන්නට මත්තෙන් පිළියම් කරන්න....

අප සැමට එකට සිටිය හැක - මේ මුසල්මානු සහෝදරයනේ දන්සලෙන්ද ! කඩවත වෙසක් කලා‍පයේ ඇති "ශුද්ධවූ කන්‍යා රාමය විසින් " ඉදිරි පත් කර ඇති කූඩුවෙන්ද, ඊයේ කැලණියේ වෙසක් කලාපය නැරඹීමට පැමිනි කන්‍යාරාම සොහොයුරියන්ගෙන්ද, හන්දියේ ට්‍රැෆික් එක නැති කිරීමට පොලීසිය නැති බව දැන ඒ සඳහා මුල් තැන ගත් මුස්ලිම් සොහොයුරන්ගෙන්ද, තොටලග තොරණ ලග බිම හිද වෙස් මූනු නලා වෙසක් කාඩ් විකුනූ දෙමළ සොයුරාගෙන්ද  ඒ බව දැක ගත්තෙමි..
නුඹලා පමාද නැත..... බොහෝ දෙනාට නැත්තේ ශක්තිය නොව අධිෂ්ඨානයයි !!
----- කුරුලු---