අයිය දන්නෙ නෑ මේ නංගි ඊට පස්සෙ වින්ද දුක් කන්දරාව.
පවුලෙම බර තිබුනෙ මට.. පොඩි නංගියි මල්ලියි ඉස්කොල් යවන්න ගෙදර කන්න බොන්න...
සේරොම කලේ මම... මට අම්මට බරක් දෙන්න බෑනෙ..
අම්ම ඒ අතරතුරේ මට බඳින්න එක එක්කෙනා හෙවුව.. එත් හැමෝම දන්නව මම බදින්න හිටයෙ කියල කාඩ් පවා බෙදුව... ගොඩ දෙනේක බලන්න ආවම ගමේ අය එ ්කාතව කියනව ඉතින ්ආයෙ ගියා.... අයියට හිතා ගන්න පුලුවන්ද නංගි හිටිය දුක...
--මම මේ කිසි දෙයක් දන්නෙ නෑනෙ නංගි...ඇයි මට නිකං වත් කිවුවෙ නැත්තෙ..,
මම මුලින්ම හිතුවෙ අයියට කියන්න.. එත් අයිය මාත් එක්කතරහ වෙලා ඇති කියල මම කිවුවෙ නෑ.. අනික මට හයියක් තිබුනෙ නෑ ආයෙ අයිය ඉස්සරහට එන්න.. මම අයියව හැම තැනම හෙවුව.. අයියගෙ කවි හැමදාම කියෙවුව.. අයිය ලියන කතා හැමදාම කියෙවුව.. වෙනද වගේ සංකල්පනා කියවල මම ගොඩාක් ඇඩුව.... මට සමා වෙන්න අයියෙ..
--ඔයාගෙ වැරැද්දක් නෑ නංගි... අපරාදෙ ඔයා මට කිවුවෙ නැත්තෙ..
කමක් නෑ අයියෙ.. ඔයා සතුටෙන් ඉන්න බව දකල මම සතුටු වුනා මට ඒ ඇති.. මම ඔයාට දුන්නු දුක ඇති.. ආයෙ මම ඔයාගෙ වෙලා දුක් දෙන්න මට ඕන වුනේ නෑ....
--මමත් ඔයාව කොච්චර හෙවුවද නංගි ඒත මට දැන ගන්න ලැබුනෙ නෑ...
(අවුරුදු ගණනාවකට පසුව පෙර පුරුද ුපරිදි ලෙංගතිව ඈ තුරුල් කර ඇගේ ඉස සිප ගතිමි.. මා මෙතරම් ආදරය කරද්දී ඒ ආදරය මා සොයද්දී ඒ අදරයට මා ලගට එන්න මඟක් නැති වීම කොතරම් දුකක්ද ඒ නැත්ත ඒ බව පසුව ඒ ආදරය කල කෙනාගෙන්ම දැන ගැනීම කොතරම් දුකක්ද )
දුම්රිය ටිකෙන් ටික ඇගෙ ගමනාන්තයට ලගා විය.. ඇය හිස එසෙවුවාය...
අයිය මම හැමදාම ඔයාව හෙවුව.. මම හැමදාම පංසලේ සාදුගෙනුයි දෙයියන්ගෙනුයි ඉල්ලුවේ මගේ අයියව මට එක පාරක් හරි දැක ගන්න ඉඩ දෙන්න කියල.. අයියට මගේ කතාව කියන්න වෙලාවක් දෙන්න කියල අයියට එක තත්පරයක් තුරුල් වෙලා ඉන්න දෙන්න කියල... මේ කෙල්ලගෙ දුක දැකපු දෙයියො ඒ ක අනිත්ම මොහොතෙ හරි ඉස්ට කලා .... මට දැන් ටිකක් හරි සතුටුයි....
--අන්තිම පාරට කිවුවෙ ? ඉස්සෙල්ලත් ඔයා එක් කිවුව....
ඔවු අයියෙ අනිත්ම පාරට.. ආයෙ මයෙ අයියට මේ කෙල්ලව දකින්න වෙන්නෙ නෑ කවදාකවත්ම .. දැක්කත් කතා කරන්න වෙන්නෙ නෑ...මම හෙට බඳිනව....! රෙජිස්ටර් වෙනව...!
--මොනව ?
ඔවු අයිය අම්මල කෙනෙක්ව හොයල... එයා කැමති නෑ මම කොළඹ ඉන්නවටත්.. ඒ නිසයි මම සේරෝම දාල යන්නෙ... අම්මලගෙ සතුට වෙනුවෙන්... මට අයිය නැති වුනාට කමක් නෑ අයිය සතුටෙන් ඉන්න...
(පිරිමියෙක් වුනත් කොයිතරම් අසරණවෙන වේලාවල් ජීවතය තුලදී මුහුන දෙනවාදැයි මම මෙතෙක් නොසිතුවෙමි.. අප ආදරය කරද්දි ආදරය පටන් ගනිත්දී මේ කිසිවක් නොසිතුවෝ වෙමු... පාසැල් ප්‍රේමය-බස් වල ප්‍රෙමය- ගාලු මුව දොර ප්‍රේමය -සිනමාහල් තුල ප්‍රේමය දකින මා ඒ ගැන ඉරිසියා කලෙමි.. එහෙත් ඔවුන්ටද ගැටලු ඇති. ඒ අමතක කර ඔවුහු සැනසෙති.. දැන් මම ඔවුනට ඉත සිතින් සුබ පතමි....)
ඇය ඇයගේ බඩු බාහිරාදිය ලෑස්ති කර ගත්තාය.... අප පසු කර ගිය වඩේ වෙලෙන්දා ඊලග පෙට්ටියට මාරු වූ පසු ඇය වට පිට බලා එක් වරම මා ඉදිරියේ දණ ගැසුවාය..
මගේ සුදු අයියෙ මගේ අතින් වරදක් වුනානම් සමා වෙන්න... මේ කෙල්ල කවදාකවත් අයියට රිද්දන්න් හිතුවෙ නෑ... මට සමාවෙන්න...
--නෑ මගේ නංගි ඔයා කවදාකවත් මට වරදක් කරල නෑ.." අපි කරපු එකම වරද ආදරේ කරපු එක විතරයි"
අයිය මගේ අන්තිම ඉල්ලීම - පුලුවනි නම් හෙට ...... කන්තොරුවට එන්න.. මම කැමතියි ඔයා මගේ විවාහයෙ සාක්ෂි කාරයෙක් විදියට අත්සන් කරනවට.. අනේ ප්ලීස්.. ඒ ක මේ මං වෙනුවෙන් කරන්න....
(දුම්රිය, මහ හූහඩක් දීගෙන නැවතින....)
මම යනව සුදු අයියෙ...
--- බුදු සරණයි නංගි මම එන්නම් හෙට.. අනිවාර්යයෙන්ම.. වෙච්ච දේවල් එච්චර හිතන්නෙ නැතිව ඉන්න..අනාගතේට මූන දෙන්න.. හොදද මගේ හොද නංගිනෙ...
( ඇය පිටව ගියාය.. දුම්රිය නැවත පණ අදින්නේය.. මගේ නැවතුම තව දුම්රිය ස්ථාන දෙකකිනි.. වෙනදා නොදැනෙන මහා පාලුවකින් මා වෙලී ගියෙමි.. මුලු ලෝකයෙන්ම මා තනි වී ඇති යැයි සිතුනි... කෑ ගසා හඩන්නට සිතේ... කර කියා ගත නොහැකි වූ තැන උන් තැනින්න නැගිට. පා පුවරුවේ වාඩි හුනෙමි.. දැන් මට පිටුපස දුම්රිය පෙට්ටිත් පසුපස පෙට්ටිත් හොදින් පෙනේ මම ඉඳ ඇත්තතේ හරි මැදය.... අප පසු කර ආ දුම්රිය මාර්ගයද කදු අතර වංගු ගසමින් මීදුමින් වැසී යති..
කෙසේ හෝ හෙට යා යුතුය.. ඇයට මා සුබ පැතිය යුතුය ඒවෙලෛහි මා ඉටා ගතිමි....
ඇය පැවසූ දේ සියල්ල දැන් මට මතක නැතත් ඇයව මනසේ දෝංකාර දෙයි...
.
" අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
.. සිඳි ගිය ගග දෑල හැර දැමූවෙ කවුද ...
.. සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
.. බාල වයසින් මැරුන ප්‍රේමයකි තරු එලිය...
.. කටුක දුක් විරහ මැද අතර මං වී ගියද
.. අපි තවම පෙම් කරමු අපේ ජීවත වලට...
.. කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
.. නිදහසේ තටු ලැබුන කුරුල්ලන් වී දිනෙක... "
" අපි කරපු එකම වරද ආදරේ කරපු එක විතරයි" මම නැවත මටම කොඳුරා ගතිමි...... !!!!
---කුරුළු---
dukaiiiiii.... :'(
ReplyDeleteහ්ම් දුකය තමා
Deletemeka aththa kathawakda??? PlZ reply??
ReplyDeleteහම්බ බාගයක් ඇත්ත
Delete