Saturday, February 9, 2019

==== දසිස් 27 =====



( විසිහයවන කොටස හා සබැඳි )
+ ඉතින් මේ සිහගිරියේ වූයේද කුරුලු ගෝත්‍රයට අනුව නිර්මාණය කරන ලද්දා වූ මාලිගයකි. එහි වුයේ කුරුලු පිලිරුවකි. ඔබ වහන්සේ ද මාද එහි යන්නාවු දවසක මා මේ කියන්න සිහියේ තබා ගන්න..
සිහ පාද ද කුරුලු පාද ද යැයි අනුමාන කරන්න, මා දන්න තරමින් ඒ පාද කුරුලු පාද ලෙස මේ මනු ලොව කුරුල්ලන් හා පාද සමාන කිරීම අසීරුය මක් නිසාද මේ ඉතිහාස ගත කුරුලු රජු හා සබැදි නිසාවෙනි..
හොදම සැස දීම නම් ලෝක ආම්භයේදී සිට වදවී ගිය ඩයනෝසර නමින් හදුන්වන්නා වු යුගයේ සතත්ව පාද හා මේ සිහගිරි පාද සන්සදනය කිරීමය.
ඒ කවුරුහුද ?
+ හහ් හහ් හහ් එය කල නොහැකකි , මේ ඊට අයත් යුගය නොව මේ ගැමුනු යුගයයි. එහිදී එවන්නක් එලි වන බවට අනාගත සාක්ෂි නැත.. එයෙහින් අප අපට මේ යුගයේ අයිති කාර්යය පමනක් කරමු රජුනි..
එසේය එකඟය, සියල්ල බදා ගතහොත් මාගේ මූලික වෑයමෙන් පිටට පනිනු ඇත .!
—————————————– අද එතැන් සිට
+ අභය දවී මුකී රුද්‍රාව කුරුලු ගෝත්‍රයට අයිති බව නුඹ පැවසුවා ඒසේම මේ රුද්‍රාව පාලනය කරනු ලබන්නේ චන්ද්‍රයා බවද කීවා . චන්ද්‍රයාගේ පාලනය කෙසේද ?
- රජුනි මෙය මහා දීර්ඝ විස්තරයක් වනු ඇත. ඒක් මුකී රුද්‍රාව සූර්යයා පාලනය විසින් පාලනය කරනවා සේම ද්වී මුකී රුද්‍රාව චන්ද්‍රයා පාලනය කරනු ලබන්න සත්‍යකි. එසේම ඒය හෙල නීතියයි
+ ඒ කිමෙක්ද ?
- ඉර හද පවතින තුරු හෙලයද රැකෙන්නේමය. සූර්යයාගේ ශක්තියත් චන්ද්‍රයාගේ ශක්තියත් නිබඳවම හෙල ජාතියට ලබෙනේනේය.
+ අනෙකුත් ග්‍රහයන්ට වඩා මේ ප්‍රභල වනුයේ ඇයි අභය.
- කෙටියනේම කිවහොත් මේ යනු ලෝපාලක ධර්මතා දෙකකි
+ ඒ නම්
- ඒ නම් මේය. චන්ද්‍රයා යනු මේ අපට ලගම අහසහෙි සිටිනා වස්තුවයි. සත්තවයකුගේ සාමාන්‍ය දින චර්යයාව සූර්යයා විසින් පාලනය කරනු ලබන අතර චන්ද්‍රයා විසින් එසේ නොවන අසාමාන්‍ය දින චර්යයාවන් පාලනය කරනු ලබයි.
+ ඒ කෙසේද ?
- රජුනි අප සිටන මේ පොලෝ තලයේ සිදුවන සියලුම වෙනස් කම් වලට මේ හිරු සහ සඳු දෙදෙන සෘජුව බලපාන ලබයි. ඒ නිසාම ඇත අතීතයේ සිටම දේවත්වයෙන් ගෙන පුද සත්කාර සිදු කරනු ලබයි. හෙලයන් විසින් අවුරුද්දක කාලයක් ගනිනු ලබන්නේ සූර්යයාගේ ගමනය අනුව වන අතරම මසක කාලයක් ගනිනුයේ චන්ද්‍රයාගේ කාලය අනුවය. ඒ බුදුන් වහන්සේ හා ද බැඳී පවතින්නකි.
+ ඔහ් ඉපදීම බුදු වීම පිරිනිවන පමණක් නොව අනෙකුත් විශේෂ කාර්යයන්ද සිදු කර ඇත්තේ චන්ද්‍රයා පූර්ණ වන දින වලදීය.
- ඒය බුදු දහමේ නොව මනු ලොව බොහෝ අගම් වල හැටිය. චන්ද්‍රයාට සුවීශේෂී ස්ථානයක් ආගම් වල හිමිව තිබේ.
+ හ්ම්
- ඔබ වහන්සේ සිතනාකාරයට මෙලොව සදාකල් පැවැත්ම අදුරද එලියද ?
+ ඒ කිමෙක්ද
- මේ විශ්වය තුල සදාතනික පැවැත්ම ඇත්තේ අදුරද ? ආලෝකයද ?
+ එහ් මෙතෙක් නොසිතු ගැටලුවකි....
- අඳුරය රජුනි අඳුරය ..! ලොව සදාතනික සත්‍ය එසේත් නැතිනම් මුලු විශ්මයම නිතරම පවතින්නේ අඳුරකය. ඒ අඳුර පලවා හරින්නට තැන් තැන් වල ඇති කුඩා පන්දම් වැනි සූර්යයන් බොහෝ සිටිති . අප සූර්යයාද එකකි. අඳුරෙහි ශක්තියක් නැත .. වරදවා නොගන්න. ශක්තියක් යොදවා අඳරු කල යුතු නැත ඒ නිබදවම පවතී..
එහෙත් එලියක් ලබාදීමට ශක්තියක් උවමනාය.. සූර්යයාද ශක්ති ජනනයකි. ඒ ශක්තිය අපටද ලැබේ එයින් අප ජීවත් වන්නෙමු. මේ පොලෝ තලයේ වන්නා වු භ්‍රමණයක් නිසා අපට හිරු නැග ඒමත් බැස ඒමත් දැනේ .. එහෙත් එසේ කිසිවක් නැත සිදු වන්නේ අප භ්‍රමනය වෙමින් ගමන් කිරීම පමනි. එසේ සූර්යයා අපට මුවාවක් වන විට චන්ද්‍රයාගේ සහය ලැබේ. එනම් සූර්යයාගේ චන්ද්‍රයා මතට වැටෙන ආලෝකයේ පරාවර්තනයක් නිසා විශ්වයේ පවතින සදාතනික ඝන අදුරුන් අප වැසේන්නේ නැත.
+ එසේ නම් අමාවක ?
- රජුනි ඔබ දන්නේදැයි නොදැන්නෙදැයි නොදන්නෙමි. එහෙත් අමාවක , ඉරරාහු ගිලීම - සඳු රාහු ගිලීම ලෙසින් හදුන්වන මේ පොලවට පතිත වන සූර්යය ශක්තිය ගිලිහී යන්නා වූ රැයක් නොව ඉතා කුඩා මොහොතක හෝ පවා තුන් ලොව තුල බිහිසිසු සිදුවීම් සිදුව්නනේමය. බොහෝ විට නපුරු බලවේග , දුුෂ්ට ආත්මයන්, සක්වල යුද්ධ , අවධිවීම් , ආරම්භ වීම් - බලවත්වීම් වන්නේ මේ මොහොතයන් වලදීය.
+ අමාවක දිනට එතරම් භයංකාර නැත .. ඔබ පවසන අන්දමට මහා බියකුරු විශ්වීය අදුරක් නොදැනේ.
- හහ් හහ් හ්හ හ්හ රජුනි ඔබ තවම එය දැක නැත. ඒ ගැන සිතාවත් නැත.
+ කුමක්ද ?
- ඔබට පුලුවනිද මවා ගැනුමට ඔබ සිටිනා ස්ථානයෙන් එහා මෙහා තියා ඔගේ මහපටැගිල්ලක් වත් අතැගිල්ලක් වත් ඔබට නොපෙනෙන කලුවරක්. අදුරේ කෑ ගසන මැඩියෙකු, රැහැයියකෙු නොහඩන හෝරාවක් . හිවලෙකුද හූ නොතියන බල්ලෙකුද උඩු නුබුරන රැයක්, රජුනි කෑ ගැසූවත් පිලිතුරු දීමට කිසිවෙක් නොමැති ගසක කොලයකුදු නොසෙල්වන හූම් හඩක් වත් නැති මොහොතක්....
+ නැත
- අදුර යනු එයයි රජුනි. විශ්වීය අදුර යනු එයයි. ඔනෑම බල සම්පන්නයෙකු - වීර සම්පන්නයෙකු ඒ මහා මූසල අදුරට බියයි රජුනි.. ඔබ වහන්සේටත් කිසිදු දිනයක එවැනි රැයක් උදා නොවේවායි මාගේ පැතුමයි
+ රැය අමාවක වුද මාලිගයෙහි විලක්කු, පන්දම් හෝ මේ කාමරයෙහි ඇති පහන නිසාවෙන් හෝ අදුර ගැන එතරම් බියක් දැනි නැත.
- එසේය ඒ සියල්ලම ශක්තීන්ය.. ඒ අදුර නැසීමටය.. රජුනි නැවත පවසමි ලොව නිබඳවම පවතින සදාතනික සත්‍ය අඳුරය ! එය නැසීමට නම් ශක්තියක් අවැසිමය... ! බිය නොවන්න අප තුලද ඒ ශක්තිය ඇත.!
+ එසේද ?
- එසේය මා පැවසුවාක් මෙන් මේ ලෝ තලයම නිතරම අදුරින් වැසි පවති, ඒ දෑසට පෙනන ආලොකය ලෙසින් වත් දිවා රෑ ලෙසින් වත් නොගන්න, ගුණ හා නුගුන - හොද හා නරක - ශිෂ්ට හා අශිෂ්ට ලෙසින් ලෝ වැස්සක් කෙරෙහි දකින්න.. ආන්න එවිට ඔබ වහන්සේට මේ ලොවහි වැඩි පුරම ඇත්තේ ගුණ ද නුගුදැයි දැක ගත හැකිය. අප කෙසේ සිතුවත් සම විටම සෘනාත්මකය මේ ලොව වසා ගෙන සිිටියි, අප සිත වසාගෙන සිටියි...
එනම් ,
නපුර - නුගුන - අශිෂ්ට - අධරෛ්ය- අධර්මික - උදාසීනය - තණ්හාව ආදී දේය...!
එ් නසා දමා මේ ලොව එලිය කිරීමට නම් ශක්තියක් අවශ්‍ය වන්නේමය , ඒ අදුර එලවා දමා සූර්යයා නැග එන්නා සේය.
මේ ලෝකයෙහි පවත්නා අදර නැති කිරීමේ ශක්තිය අප තුල ද ඇත ඔබ තුලද ඇත සෑම මනුශ්‍යකු තුලද අනෙකුත් ලෝ වැස්සවුන් තුලද ඇත .. අවශ්‍ය වන්නේ ශක්තියක් පමණි....
මේ සියල්ල ඉන් ඒකාලෝක කර මුදවා ගත හැකිය...
සෑම මනුශ්‍යයෙක් තුලම දෙවියෙකු හා යක්ෂයෙකු ඇතැයි පිරුලක් පවතියි ඒ මා මේ කියන්නවු අදුර සහ ආලෝකයයි..! ඔබ තෝරාගන්නේ අදුරද ආලෝකයද යන්න ඔබට බාරයි.. එහෙත් අදුර නසා ආලෝකමත් කිරීම මෙලොවටත් එලොවටත් වැඩදායීවෙයි.
+ එයේය අභය එසේය පිළිගනිමි
--------------------------- කුරුළු--

Thursday, July 5, 2018

===== දසිස් 26 =====

( විසි පස්වන කොටස හා සබැඳි )
==============================
– එහි මේ වනවිටත් ඉතිව ඇත්තේ පාද දෙකක් පමනි. ඉතිය රාම රාවන යුධයේදීම කඩා බිද දැමුනි. පාද දෙකත් ඒ මැදින් ඉහල ගමන් කරන්නාවු සෝපානයත් පමනක් ක්‍රියාත්මය. මාලිගය හා අන් සියල්ල නටබුන්ය. රාවණ යුගයෙන් පසු එය භාවිතා කල අයෙක් වීනම් ගෞතම බුදුන් ගේ රෑපයටම සමාන රුවක් තිබුනා වූ කාෂ්‍යප නම් රහතන් වහන්සේ පමණි..
උන් වහන්සේ බොහෝ කාලයක් ගම් නියම් ගම් වලින් ඇත්ව වනගතව බවුන් වැඩුයේ බුදුන් වහන්සේයැයි සිතා තමන් වහන්සෙට දන් පිලිගැන්වීමෙන් මග හැරීමටය. එහිදී රාවණයන්ගේ මේ නටබුන් වූ මාලිගය භාවිතා කලේය.
+ මහ කැලයේ තනිවම ?
– පලතුරුද ආහාරයට ඕනැ තරම් දේවල් කැලය තුලමද තිබේ. අදටත් මතුවටත් ක්‍රියාත්මක එය ගල මුදුනටම ජලය ගෙන යන ගල මුහුනේ පොකුනු පරවන රාවණ තාක්ෂනයෙන් නිපදවූ ජල උමගක් ද තිබේ. ඒ හැර තනියක් නැත. අප නව දෙනාගෙන් කෙනෙකුද එකල්හි එහි නිතර රැකවලෙහි පසුවීමු
+ සිහ ගිරිය ලෙස වරදවා නම් කරන බව පැවසුයේ මන්ද
– අහ් .. එය සිදු කරනුයේ හුදෙක් සිංහ පාද ලෙස ගිරියෙහි ඇති දෙපා අනුමානයෙන්ය. එහෙත් සැබැවින්ම ඇත්තෙ කුරුලු පාද දෙකකි ! කොටින්ම කියතොත් රාවණයන්ගේ දඩු මොනරය තිබුනේ එහිය.. ! කුරුලු ගෝත්‍රයේ බොහෝ දෙනෙකු ආගිය තැනකි ඒ සිහ ගිරිය ..!
—————————————– අද එතැන් සිට
+ එසේ නම් ඇයි අප එය සොයා නොයා යුත්තේ එය මහා රාවණයන් හා සම්බන්ධ මහා ස්ථානයක් ලෙස පෙනේ
- එසේය එසේය සොයා යා යුතු නැත. මක් නිසාද ඒ අප විසින් දන්නා නිසාවෙනි. මා විසින්ම ඔබ වහන්සේව රැගෙන යන්නම් පෙරදි මා විසින් සදහන් කරන ලද සූර්යය වන්දනාවට සුදුසුම මහා නිකුම්බිලා දේවීනේගේ මේඝ නාද කුමරුන් වන්දනා කරන ලද මහා සූර්යය දෙවොල අදටත් ඒ තුල වෙයිත එහි තවමත් නොනිවි පවතින රාවන පහනක්ද වෙයි.
+ හොදයි ඇයි එය සිහ ගිරියක් නොවන බවට ඔබ පවසන්නේ
- මේ වන විටත් ඉතිරිව පවත්නේ නටබුන් වු දෙපා පමනි . රජුනි මේ අපට අයත් ගැටලුවක් නොවේ. අනාගතයේදී යම් යම් පිරිස් විසින් එය නිවරදි කර සතය සොයා ගන්නවා ඇති. සිංහ පාදයකුත් - කුරුලු පාදයකුත් හොදින් විමසා බැලුවහොත් එය විසදාගැනීමට ලැබේවි. එහෙත් ඊටත් එහා ගිය දෙයක් මා පවසන්න්ම්
+ එසේයි
- දඩු මොනරය ගබඩා කල ස්තානය එය බව මා පැවසුවා. තවද සිහ ගිරිය රාවණාගේ කාලයත් එහා දිවෙන්නක් . ඒ කියනුයේ මෙතැන් සිට වසර හාරදහසකටත් එපිට. කුරුලු ගෝත්‍ර යෙහි අය වලුන් ගැන මා සදහනක් කලා මතකැති.
- එසේයි
+ මහා දේව විශ්නු සිටින්නේ ගුරුලා හෙවත් ගරුඩා පිටයි, ඒ තවත් එක් දඩු මොනරයකැයි සිතන්න, මේ දෙවියන් චිත්‍රශිල්පීන් නිර්මාණ ය කරත්තී , ඇද දක්වත්දී ඒ මනං කල්පත යැයි ඔබ වහන්සේද සිතා සිටියේද ?
- එසේය අභය, දදඹදිව බොහෝ දෙවියන් මා දැක ඇත්තෙමි පිලිම වල, හස්තියෙකු එසවිය හැකි මීයෙකු සිටීද ? මනුෂ්‍ය ශරීරයක් කුරුල්ලෙකුට එසවිය හැකිද ?
- එසේ නොසිතන්න, එසේනම් විසින් ඇත් කඳ ලිහිණියා යැයි කෙනෙකු අසා නැතිද ? ඔවුහු ඇතුන් තම දෙකකුලින් ඔසවා ගෙන පියාඹති.
+ චිත්‍ර වලින් පමණක් දැක ඇත්තමෙි.
- ඒ හුදු මනංකල්ප නොව සත්‍යයි, පෙර රාවණ කාලයේදී මේ අප හා බැදි පැවති ලෝක තල වල සිටි සතත්යනය. ඔවුහු නිතර මෙහි ආහ ගියහ. ඒ නිසා මිනිස්න් ඒ සිතුවම් කලහ නෙලූහ. රාවණයන් මේ සියළම ගෝත්‍ර හා සාමකාමිව මිත්‍රව විසීය. ඒ නිසාවෙන්ම මනු ලොව ගෝත්‍ර පවා ඒ ඒ නම් වලින් ආරම්බ කලහ. සිංහයෙකු හා සහවාසයේ යෙදීමෙන් මනුෂයන් හටග්නනෙ යැයි සිත්නනේද ? ඒ සිංහ ගෝත්‍රයයි, එසේම මේ නාග - කුරුලු - සුර - අසුර -රාක්ෂ - වානර වැනි ගෝත්‍ර වලද ආර්ම්බය එසේ යැයි නොසිතන්නෙ මන්ද ?
+ ඔහ්
- එසේමය. වෙනත් දේශයකින් මෙහි පැමින කාන්තාවන් හා විවාහව ඒඒ ජාතින් මෙහි ඇති වෙනවා සේම ඒ ඒ ලෝකවල පිරිස් මෙහි පැමින බොහෝ කල් විසුහ. එහෙත් රාවණයන්ගේ ඇවැමෙන් ඒ ලෝක සතත්වයන් මෙහි නතර වී සිටී නතර වු අතර මනු ලොව පිහිටියා වු ගෝත්‍ර පමණක් දිගින් දිගටම පැවත එන්නට විය. එහිදි අප නව දෙනා ද ? එසේ ගෝත්‍ර වල යම් යම ශක්තිය ඇත්තවුන්ද හරහා අපට තමත් ඒ ලෝක හා ගනු දෙනු කල හැකිය.
+ ඉතිහාසය මා සිතුවාටත් වඩා රසවත්ය, සංකීර්ණය
- රජුනි බොහෝ අය සිතන්නේද තම දැනුමේ ප්‍රමාණයෙන් පමණි. ඉන් එහාට වු දෙයක් පිලි ගැනීමට තියා සිතීමටවත් බිය වෙති.
+ හ්හ හහ් එය නම් සැබැවකි
- අප හා සෘජු සබදතා මේ වන විට නැතත් තුන් ලෝකයේ මනු ලොව හැරුන ුවිට අනෙකුත් ලෝක අතර ඔවුනොවුන් සහ සම්බන්ධකම් පවත්වති. මනු ලොවට පැමිනියත් නොපැමිනියත් ඒ දෙස බලා කියාගෙන ඒ රැක ගනිමින් සිටිති
+ ඒ රැක ගන්නෙ ්ඇයිද ?
- ඒ අප ගෞතම බුදුන් වහන්සේ ඇතුලු අනේකුත් බුදුන් වහන්සේලා විසි අට දෙනාට කරන ගෞරවයක් විසිනි. මෛත්‍රි බුදුක් පහල වන්නේද මෙහිම බැවැනි.
+ සාධූ සාධූ සාධූ..
- ඉතින් මා කියමින් සිටියේ විශ්නු දේවයන්ගේ ගුරුලා ගැනය, රුහුණ කාජරග්‍රාාමයේහි දෙවියන් සිටින්නේ මොණරෙකු පිටය, ඒද දඩු මොනරුකැයි සිතන්න. දඩු මොනරය යනු යන්ත්‍රයකටත් එහා වූ මහා කුරුලු ගෝත්‍රයේ නායකයකුගේ හැඩය ගත් ඔවුන් විසිම ඇදගෙන යන්නා වූ යානයකි. එහෙත් සාමන්‍ය මනු ලොව වැසියන්ට ඒ මහා රාජයා නොපනෛ්. නා ලොව විශ්නු දේව ගේ ශේෂනාග නම් නාර රජු, ශිවගේ වාසුකී නම් නා රජු,! මුචලින්ද නාග රාජු වැනි ප්‍රභලයන් සේම කුරුලු ලොවද මා පෙර පැවසු ලෙසම ගුරුලා , ගරුඩ , භේරුණ්ඩ , ඇත් කඳ ලිහිණි , දඩු මොණර, අන්සු , ෆීනික්ස් , බෙනූයනු ප්‍රභල කුරුලු රජුන්ය .. !
- ඔහ් එය එසේද දැන් පැහැදිලිය.
+ ඉතින් මේ සිහගිරියේ වූයේද කුරුලු ගෝත්‍රයට අනුව නිර්මාණය කරන ලද්දා වූ මාලිගයකි. එහි වුයේ කුරුලු පිලිරුවකි. ඔබ වහන්සේ ද මාද එහි යන්නාවු දවසක මා මේ කියන්න සිහියේ තබා ගන්න..
සිහ පාද ද කුරුලු පාද ද යැයි අනුමාන කරන්න, මා දන්න තරමින් ඒ පාද කුරුලු පාද ලෙස මේ මනු ලොව කුරුල්ලන් හා පාද සමාන කිරීම අසීරුය මක් නිසාද මේ ඉතිහාස ගත කුරුලු රජු හා සබැදි නිසාවෙනි..
හොදම සැස දීම නම් ලෝක ආම්භයේදී සිට වදවී ගිය " ඩයනෝසර " නමින් හදුන්වන්නා වු යුගයේ සතත්ව පාද හා මේ සිහගිරි පාද සන්සදනය කිරීමය.
- ඒ කවුරුහුද ?
+ හහ් හහ් හහ් එය කල නොහැකකි , මේ ඊට අයත් යුගය නොව මේ ගැමුනු යුගයයි. එහිදී එවන්නක් එලි වන බවට අනාගත සාක්ෂි නැත.. එයෙහින් අප අපට මේ යුගයේ අයිති කාර්යය පමනක් කරමු රජුනි..
- එසේය එකඟය, සියල්ල බදා ගතහොත් මාගේ මූලික වෑයමෙන් පිටට පනිනු ඇත .!
------------------------------------ සෙස්ස පස්සට
———— කුරුළු ———-

===== දසිස් 25 =====



.
( විසි හතර කොටස හා සබැඳි )
==============================
– එසේය ඒ නිසාමයි පසු කලෙක ඒ ප්‍රතික්ෂේප වුයේ. එහෙත් යම් ගෝත්‍ර නිති හා සම්ප්‍රදායන් ඒ ඒ ගෝත්‍ර හා තදින් බැදි පවතිනවා රජුනි. ඒ සරතලා ඝාතනයෙන් අනතරුව ක්‍රම ක්‍රමයෙන් අදුනේ ශක්තිය වැඩි දියුනු කිරීමට උපාය මාර්ග භාවිතා කලා. ඔවුන්ව යුද්දයට යොදවා යුද්ධයේදි හෝ පුහුනුවේදි තම මිත්‍රයා මිය යන අයුරු පෙන්වා ඒමගින් තවත් අදුන බලවත් කලා. ඉන් නොනවති නෑදෑයන් නොඒසේම් තම ලේ නැයන් ඝාතනයෙන් ඒ දැකිමෙන් ඇතිවන්නා වු කම්පනයෙන් අදුන වඩා බලවත් වන බවයි ඔවුන්ගේ ඉගැන්වීම..
+ අහෝ
– මේ මෝහන අදුනේ වඩා බලවත්ම අදුනේ ශක්තිය හිමි කරු වීමට නම් සිදු කල යුතු දෙයැක් තිබේ. එහිදි කම්පනයට පත් ළුීමෙන් අවදි වන්නා වූ මෝහන අදුන එම ගෝත්‍රයේම වුවත් අන් කිසිවෙකුටවත් පරාජය කල නොහැකි ය..
+ ඒ කුමක්ද ?
– රජුනි ඒ තම ලේ නැ සහෝදරයෙක් ඝාතන සැලසුමයි…එහිදී ඔබත් දන්නා ඉතිහාස කතාවක් තිබේ යක්ෂ සහෝදරයෙක් නාසාලුව ..,!!!
+ යකුනේ……… විභිසණ ………!
—————————————– අද එතැන් සිට
– එසේයි .. විභීෂණ යන් භිෂණ ය පතුරන්නෙ ඒ අදහසිනුයි. ඔහු රාවණයන් මේ විද්‍යාවන් දහය බෙදන්නටත් ප්‍රථමව නාග ලෝකය හා බැදී මහාභරණ මෙන් , මෝහන අදුන හිමි ව සිටි අයෙක්. දස විද්‍යාවම නැතත් යම යම විද්‍යාවන් ඔහු ත් සතුව තිබුනා.
+ හ්ම්
– එයින් මෝහන අඳුන බලවත් කිරීමේ අවසන් උත්සහය ලෙස සහෝදරයෙකුගේ පරණය ඔහු සලසුම් කලා.
+ හේතුව
– රජුනි, බලය යනු ඉතා ප්‍රවේසමෙන් පාලනය කල යුත්තක් ඒ හැරත් මෝහන අඳුන ඉතා සෘජුවම අපගේ මනස හා බැඳී පවතිනව කෲරත්වයෙන් එය ප්‍රගුන කල අයෙකුට නොමග යා හැකි, උමතු විය හැකි ක්‍රම අනන්තයි.
+ ඉතා බයානක තත්වයක් නෙවේද අභය
– රජුනි , මත් වීම නොකල යුතුය..
+ මත් වීම
– ඒසෙය මත් වීම යනු සුරාවෙන් මත් වීම පමණක් නොව.. කිසිවකින් මත් නොවිය යුතුමය. බුද්ධියෙන් මත් වූ විට බුද්ධිමත් ය – නින්දෙන් මත් වීම නිදිමතය – කුසගින්නෙන් මත් වීම හාමත ය – වැඩි පුර ආහර ගත් විට බුදි මතය – රූපයෙන් මත් වීම රූමත්ය එසේම බලවත් පොහොසත් මන්මත් වල්මත් ආදී කී නොකී සියලු මත් වීම් අහිතකරය.
+ අසා ඇත්තෙමි අභය
– කොයිආකාරයේන් වුව මත් වීම අයනු අනත්ගාමී විම යයි සිතමි. එහිදී එකාන්තයක් පමණක් පෙනෙන අතර අනෙක් පස සම්පුරනයනේම නොපනි යයි. සිටි යුත්තේ මධ්‍යස්ථවය.
+ එසේය
– පාලනයදෙීද එසේමය. ඔබ වහන්සේට වුව සදාකල් රජු වී සිිටිය නොහැක ඒ පතන්නේ නම් ඒ අනුවණ ක්‍රියාවකි. කල හැක්කේ ලැබෙන කාලය තුල යහපත් ක්‍රියාවන්හී යෙදීම පමණකි
+ එය එසේමය. මේ රාජ්‍යත්වය තුල උවද දිගින් දිගටම රැදීමට මාගේ කැමත්ත්ක් නැත. මා හට අවශ්‍ය රට එක්සේසත් කිරීම පමණි
– අප එය දන්නෙමු. හොදයි එසේනම් මහාභරණ ගැන එපමනක් ඇතිය
+ හ්ම් හහ් හහ් මහාභරන ගැන නොව ඒක මුකී රුද්‍රාව ගැන එපමණක් ඇතිය.
– එසේය , ඒ සූර්යයා මූලික කර ගත් රුද්‍රාවයි සූර්යය වන්දනාවට එය දරන්නා මූලිකත්වයක් ලබා දෙයි. එලෙසින්ම නාගයන් හා බැදී පවතින ප්‍රධානතම රුද්‍රාවයි. ඒ නාග ගෝත්‍රික සංකේතයක්ද කිව හැකිය.
+ හොදයි එසේනම් දෙවැන්න .. නොඑසේව නම් ද්වී මුකී , මුහුනු දෙකක රුද්‍රාව ගැන කෙසේද අභය.
– එය බොහෝ සෙයින් අප වෙරළු ගෙඩියක ඇටය හැටය ගනී. එකිනෙක ඇලි පියලි දෙකක් පමණක් නිසා ද්වී මුක්හි ලෙස හදුන්වනු ලැබෙයි. ඒක් මුක්හි සූර්යයා විසින් පාලනය කරනවා සේම මේ ද්වී මුක්හී රුද්‍රාව පාලනය කරනු ලබන්නේ චන්ද්‍රයා විසිනි . එනම් ද්වි මුක්හි රුද්‍රාව සතු වන්නේ චන්ද්‍ර ශක්තියයි.
+ එය තවත් රසවත් කතාන්තර ගොඩක එකතුවක් විය හැක
– එසේය රජුනි සූර්යයා මෙන්ද චන්ද්‍රයාද අප මනු ලොව පාලනයට ප්‍රධාන තැනක් ගනිති. මේ මුහුනු දෙකක රුද්‍රාව පාලන දෙවියන් ලෙස ශිව සහ පාර්වතී දෙදෙනාම ඈඳති. එනම් සමබරව ජීවිතය කල්පවතින සබද තා ශක්තිමත් කර ගැනීම අටලෝ දහම සමබරව විදීම ආදී නොයෙකුත් ශක්තින් මේ මගින් දරන්නාට ලබා දෙයි. අප නව දෙනාගෙන් ඒ දරන්නේ ඵුස්ස දේවයි..
+ ඔහ් හෝ ඵුස්ස දේව ! මාගේ දක්ෂතම දුනුවායා.!
– එසේය එයටද හේතු ඇත රජුනි. මේ මුහුනු දෙකේ රුද්‍රාව හා බැඳී පවතින සතත්ව ගෝත්‍රය කුරුලු ගෝත්‍රයයි. එයිනුත් විශ්ණු මහා දේව ගේ ගුරුලා ගේ ප්‍රධානත්වයෙන් අනේක් සියළු පක්ෂීන් එ් ඒ අවස්තා අනුව බලාත්මක කල හැකිය. නොඒ සේනම් ඵුස්ස දේවට ඒ ඒ අවස්ථාව අනුව කුරුලු ලෝක යේ වෙසේන ඕනෑම අයකේව පාතීර්භුත කිරීමේ ශක්තිය ඇත.
+ කුරුලු ලෝකය ! ඒ අප දකිනා ලෝකයද
– දකිනා ලෝකය යනු මනු ලොව කුරුලු වර්ගයි එහෙත් රජුනි මා පැවසු පරිදි නා ලොව මෙන්ම පවත්නා තවත් එක් ලෝකයකි මේ කුරුලු ගෝත්‍රය ය වෙසෙන ලෝකය.
ගුරුලා , ගරුඩ , භේරුණ්ඩ , ඇත් කඳ ලිහිණි , දඩු මොණර, අන්සු , ෆීනික්ස් , බෙනූ ආදී විවිධ ජන ගෝත්‍ර විවිද ඉපැරණි නම් වලින් හදුන් වනු ලැබූ සතත්වයන් ජීවත් වනවා
+ ෂාහ්…. මා සිතා සිටියේ ඔවුන් මනංකල්පිතයන් කියායි
– ඒ ඒ යුග වල පැවති ඇතැම් තාක්ෂණ විද්‍යා පවා තවත් යුගයකදී මනං කල්පිත ලෙස බැහැරවනවා රජුනි. ඔබ වහන්සේ අසා ඇති හෝරස් හා ප්‍රොමිතියස් නම් වූ දෙවිවරුන් ගැන ඔවුන් දඹදිවින් එපිට වෙනත් ද්වීපික පුදනු ලැබි දෙවි වරුන්.
+ එසේය මා ගමදී උගත්තමෙි
– එසේනම් මිසරයේ පාරාවෝ රජුන් ගැන අසා ඇති
+ එසේය ඒ ද ස්වල්පයකි කවදා හෝ වැඩි දුර තොරතුරු සොයගන්නමෙි
– රජුනි ඔවුනගේ ඉතා කිට්ටු ඥාතීත් වයක් අපට තිබේ. ඒ රාවණයන්ටය. අපව හදුන්වනු ලැබුවේ එකල සිංහ මිනිසුන් ලෙසිනි. මහා කාලයක් පවත්නා වූ පරමීඩ නම් අප චෛත්‍ය හා සමාන වූ එකම විදයාවකට අනුව ඉදි කිරිම් ගැනද අසා ඇති.
+ එසේය එසේය
– රජුනි ලොව පවතින්නේ එකම ධර්මයකි එකම විද්‍යාවකි. එකා වන්ව නැගී සිටීමෙන්ම පමණක් මේ මනු ලොව රැකේ. සක්විති රජුකුගේ අවශ්‍යතාව එයයි. රජුනි තවද ඒ පාරාවෝ ගේ පිරමීඩ තුල ඇති සිතුවම් වල පවා නාග ගෝත්‍රිකයින්ද කුරුලු ගෝත්‍රිකයින්ද සිතුවම් කර ඇත
+ සැබැවක්ද ?
– එසේය එයිනුත් ඒ මිසර පාරාවෝ යුගයේදී ” කුරුලු ගෝත්‍රය ” ට මුල් තැනක් ලැබුනු බවක් අසා ඇත්තෙමි. ගෝත්‍රය පිළිබිඹු වීමට, බලය පෙන්වීමට , ධනය පෙන්වීමට ආඩ්‍යත්වය පෙන්වීමට ඔවුහු කුරුලු හිසක් හැඩැති වෙස් මුහුනු පැලැන්දහ. ඒ ඔබ වහන්සේ ඔටුන්නක් පලදිනවා සේම ඔවුහු රනින් කර වූ මැනික් එබ්බ වූ වෙස් මුහුනු පැලැන්දහ. කුරුලු ගෝත්‍රිකයන් රාවණා කාලයේදී්ත් ඉන් එපිටදීත් මෙහි ද ජීවත් වූහ.
+ ඔහ් හෝ ඔවුන් මෙහෙිත් සිටියාද ? එහෙත් කුරුලු යැයි ගෝත්‍රයක් අසා නැත්තේමි.
– රජුනි රහසක් පවසමි… ඒ සිහ ගිරිය ගැනය
+ ඒ කුමක්ද ?
– ඒ නම් රාවණ රජුන්ගේ මාලිගයකි. මේයින් ලකෙහි ගිනිකොන පෙදෙසෙට වන්නට ඇති ඉතා විශාල මාලිගයකි. ඒකල රාවණ රජුත් මේඝ නාදකුමරුත් වැඩි කාලයක් වාසය කල ස්ථානයය. පෙර නොවු විරූ තාක්ෂණයක් එහි සැගව පවතී. ඒ මිසර තාක්ෂණයට සමානය.
+ ඉදින් වහාම අප එය සොයා ගමු, අභය
– රජුනි මේ ඊට කාල නොවේ. ඔබට අයත් කාර්යයක්ද නොවේ. නිසි කලෙට ඒ සිදු වනු ඇත. එහෙත් එය වරදවා සිහ ගිරිය යැයි නම් කරනු ලැබෙනු ඇත. ඒ එගලෙහි මුදුනෙහි සිංහයෙකුගේ හිසක් තිබෙන්නට ඇතැයි අනුමානක් අනුවය.
+ ඇයි අනුමානයක්
– එහි මේ වනවිටත් ඉතිව ඇත්තේ පාද දෙකක් පමනි. ඉතිය රාම රාවන යුධයේදීම කඩා බිද දැමුනි. පාද දෙකත් ඒ මැදින් ඉහල ගමන් කරන්නාවු සෝපානයත් පමනක් ක්‍රියාත්මය. මාලිගය හා අන් සියල්ල නටබුන්ය. රාවණ යුගයෙන් පසු එය භාවිතා කල අයෙක් වීනම් ගෞතම බුදුන් ගේ රෑපයටම සමාන රුවක් තිබුනා වූ කාෂ්‍යප නම් රහතන් වහන්සේ පමණි..
උන් වහන්සේ බොහෝ කාලයක් ගම් නියම් ගම් වලින් ඇත්ව වනගතව බවුන් වැඩුයේ බුදුන් වහන්සේයැයි සිතා තමන් වහන්සෙට දන් පිලිගැන්වීමෙන් මග හැරීමටය. එහිදී රාවණයන්ගේ මේ නටබුන් වූ මාලගය භාවතා කලේය.
+ මහ කැලයේ තනිවම ?
– පලතුරුද ආහාරයට ඕනැ තරම් දේවල් කැලය තුලමද තිබේ. අදටත් මතුවටත් ක්‍රියාත්මක එය ගල මුදුනටම ජලය ගෙන යන ගල මුහුනේ පොකුනු පරවන රාවණ තාක්ෂනයෙන් නිපදවූ ජල උමගක් ද තිබේ. ඒ හැර තනියක් නැත. අප නව දෙනාගෙන් කෙනෙකුද එකල්හි එහි නිතර රැකවලෙහි පසුවීමු
+ සිහ ගිරිය ලෙස වරදවා නම් කරන බව පැවසුයේ මන්ද
– අහ් .. එය සිදු කරනුයේ හුදෙක් සිංහ පාද ලෙස ගිරියෙහි ඇති දෙපා අනුමානයෙන්ය. එහෙත් සැබැවින්ම ඇත්තෙ කුරුලු පාද දෙකකි ! කොටින්ම කියතොත් රාවණයන්ගේ දඩු මොනරය තිබුනේ එහිය.. ! කුරුලු ගෝත්‍රයේ බොහෝ දෙනෙකු ආගිය තැනකි ඒ සිහ ගිරිය ..!
————— කුරුළු ———-
======================
දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/07/02/dasis-25/
.
- කුරුළු Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 24 =====

( විසි තුන්වන කොටස හා සබැඳි )
==============================
+ අහෝ නාගයන්ගේ ශක්තිය…
– මේ දැසේ ශක්තිය පමණකි.එයට ” මෝහන” ශක්තිය යැයි කියනු ලැබේ. ඔබ නිද්‍රාගතව පසු වනු අනෙකුන් දුටුවත් මනසින් ලෝකය විඳිමින් සිටිනු ඇත.
නාගයන් හා ගෝත්‍රිකයන් සුලු කොට නොතකන්නැයි පැවසුවේ එහෙයනි. ඔබ තුලද මැණියන් සතුව ඇති යම් යම් නාග ගෝත්‍රික ලේධාතූන් ශක්තිය මිශ්‍ර වී ඇතැයි සිතමි. ඒ උලුප්පා එලියට ගැනීඹ මහාභරණ සිදු කරනු ඇත.
+ ස්තුති වේවා… මෝ මෝහන අඳුනට අල්ලා ගැනීමට දෑසට දෑසක් කොතරම් වේලාවක් අසුවිය යුතුද ?
– අඳුන ප්‍රගුන කලෙකුට නම් ඇසිපිල්ලත් ඇතිය. !
—————————————– අද එතැන් සිට
+ ඇස්පිල්ලම් ගසනා කාලයක් තුල මාගේ දෑස් ඇතුලට රිංගා මාගේ මනස තුල විවිධ රෑපකයන් මවා එ ්තුල මනෝමය ලෝකයක අතරමං කල හැකි බවද ඔබගේ මතය
- එය සත්‍යක්. එසේ සිදු කිරීමට හැකි නාග ගෝත්‍රිකයන් මා දැක තිබෙනවා රජුනි. එපමණක් නොව තවද මහාභරණ එක් මුහුණැති රුද්‍රාව දරන්නා නිසාවෙන් එම බලය තවත් වැඩි වි තිබෙනවා. නමුත් මේ මෝහන අඳුන සදහා ලේ ධාතුන් පරම්පරාව බොහෝ සෙයින් බලපාන බව යි ලියැවී ඇත්තෙ
+ ඒ කිමෙක්ද
- මේ හැකියාව උපතින්ම කෙනෛකුට පිහිටනු ලබනවා ඒ තම පිය පරම්පරාවෙන්. එසේත් නැතිනම් ලේ ධාතු නෑකමින්. නමුත් මේ ශක්තිය අවධි කර ගැනීමක් සිදු කල යුතුයි. අවධි වන තුරු සිටිය යුතුයි. නොඑසේනම් ඒ ශක්තිය තිබෙන බවක් පවා නොදැනම අවදි කර ගැනීමකින් තොරවම කෙනෙකුට ජීවිතය ගෙවා දැමිය හැකියි.
+ කෙසේද අවදි කර ගත හැක්කේ , අමාරු කාර්යය්කද ?
- ඒ ගෝත්‍රයෙන් පිට හෝ ලේ ධාතුවෙන් පිට කෙනෙක්ට කිසි සේත්ම මෝහන අඳුන අවදි කර ගත නොහැකියි. එමේන්ම ගෝත්‍රය තුල වුනත් අවධි කර ගැනීම ඉතා අසී කරුණක් එ ්නැති නම් පුහුනු කල යුතු දෙයක් ඒ දෙයාකාරයෙන්ම නොමැති නම් ඉබේම සිදුවන්නා වූ අවස්ථවනුත් තිබෙනවා
+ හොදයි මාත් ගෝත්‍රයට අයත් යැයි ඔබම පැවසු නිසාවෙන් දැන ගැනීමට කැමතියි
- මටත් වඩා සවිස්තරාත්මකව මහාභරණයන් ඔබ වහන්සේව පුහුනු කරාවි කරුණු වශයෙන් පමනක් මා කියන්නම්.
+ හොදමයි
- නමුත් මේ මා පවසන වදන් නුහුරු වූවත් ඒ වචනාර්ථයෙන් පමණක් හෝ අසා මතක තබා ගන්න. මක් නිසාද රජුනි මා මේ පවසන වදන් මේ යුගයට පමණක්ම අයත් දෑ නොව අතීතයත් අනාගතයක් වර්තමානයත් හා සබැදි වදන් හා විස්තරයි. තව පැහැදිලිව කිවහෝත් මේ ඔබ වහන්සේගේ රාජ්‍ය පාලන යුගයේදී පවත්නා තත්වයට වඩා හාත් පසින්ම වෙනස් දස දහස් ගුනයකින් දියුනු වදයාවන් රාවණ යුගයේදී පැවතුනා ඉදින් එකාලයේ භාවිතා කල වචන හා උපකරන ඒවා හදුන්නාවු නාමයන් මේ වන විට නැති ළුී ගිහින්. ඒ වගේම මෙයින් මතුවට තව වසර ගනනාවකින් සොයාගන්නාවු තාක්ෂය සමග සම්බන්ද වන වචන පවා අද භාවිතා වන්නාවු වදන් වලට හාත්පසින්ම වෙනස් වනවා
+ පැහැදිලියි
- හොදමයි.. මේ ශක්තිය සෘජුවම බලපවත්නේ අපගේ දෑසත් සමගයි.. දෑසේ දැකීම හෙවත් සංවේදනය දනවන්නා වූ අප හිස තුල ඇති මොලයේ කොටස ඒ දැක්මට අයත් ස්ථානය සංවේදනය වීමෙන් හා ඒ පාලනය කිරීමෙන් මේ මගින් සිදු වෙනවා. ඔබ අප සිරුර තුල නාඩි නම් දෙයක්ගැන අසා ඇති .
+ ඔවු වෙදැදුරන් ඒ බාවිත කරනවා දනිමි
- ඒ නාඩි හරහා ගමන් ගන්නාවුත් සිරුරේ බොහොමයක් ශක්තීන් පලනය කරන්නාවුත් ප්‍රභවය ' චක්‍ර " නමින් වෙනවා ඒ චක්‍ර දියුනු කිරීමෙන් තමා මා පෙර පැවසු කුන්ඩලීනි ශක්තිය පවා අවධි කර ගත හැක්කේ ඒ එක්තරා පිලිවෙලකට රටාවකට කල යුත්තක්.
+ හ්ම්
- මේ චක්‍ර එක් කිරීම ගබඩා කරිම භාවිතා කරීම මැනවින් ප්‍රගුන කල යුතුයි. මෝහන අඳුන අවදි වීමේදී මේ චක්‍ර මගින් අවදි වීම එක ක්‍රමයකි. එනම් නිසි අයුරින් මේ චක්‍ර පාලනය සිදු කොට මනසෙහි අදාල ස්ථානය සංවෙදනය මගින් තමන්ගේ දෑස හරහා අනෙකාගේ දෑස් තුලට තමා විසින් ඒ මොලයෙහි සෑදූ රෑපය පෙන්වීමට සැලැස්වීමයි.
+ එය බැරැරුම්ය සරල කල නොහැකිද ?
- හොදයි මෙසේ සිතන්න. අප පෙනෙනවා යැයි පවසන්නේ යම් ආලෝකයක් වස්තුවකට පතිත වී නැවත හැරී එන ඒ ආලොකයම අපගේ ඇස තුල ගබඩා වුන විටයි. මේ සිදු වීමට ගත වන්නේ තත්රයෙනුත් දස දහසෙන් පංගුවක් තරම් කාලයක් . ඔබ වහන්සේ කැඩපතකින් තමන් දෙසම බලන්නේත් කැඩපත මත වැටෙන ඔබ වහන්සේගේම ඡායාව මත වැඩෙන ආලෝක කදම්බ නැවත ඇසු තුලට ඒමෙන් .. එහෙත් විනිවිද පෙනෙන ජලය හෝ වීදුරු වැනි වස්තුන් හරහා ආලෝකය ගමන් කරන නිසා ඇතැම් දේ ඔබ වහනසෙටෙ නොපෙනි යා ද හැකියි. එපමණක් නොව වෙදැදුරන් බාවිත කරන පලිගු වැනි කාච තම ඇසට ඉදිරියෙන් රැඳ වීමෙන් අප දෑසේ පෙනීම වැඩි දියුනු කර ගැනීමටත් කුඩා දේ විශාල කර බැලීමටත් විශාල දේ කුඩා කර බැලීමටත් වඩාත් පැහැලිව බැලීමටත් හැකියි.
+ පැහැදිලියි.
- හොදමයි මා හට පැවසීමට අවශ්‍ය වුයේ අපෙගේ දෑසේ ක්‍රියාකාරීවය කෙබදුද යන්නයි. එනම යම් වස්තුවක වැදි නැවත අප වෙත එන ආලෝකය පමනක් දෑස අදුනා ගනි . නොඑසෙව ඒ විනිවද යන විට එම වස්තුවම නොපෙනි යයි . එනනම් අපට යමක් දර්ශනය වීමට නම් ආලෝකය ඒ මත වැදී අප ඇස වෙත නැවත පැමිනිය යුතුමය
+ එසේයි
- දැන් එසේ නම් මා " මොහන අඳුන " දන්නා පුද්ගලයා යැයි සිතන්න මා මගේ චක්‍ර අවදියෙන් මාගේ මනසෙයි යම් රෑපයක් හෝ රෑප රැසක් හෝ ඔබ වහන්සේට පෙන්වීමට අවශ්‍ය දේ මවා ගන්නවා මුලින්ම.
+ හොදයි
- ඊලගට ඔබ වහන්සේගේ දැස දෙස එක එල්ලයේ බලනවා එවිට සාමාන්‍යයෙන් ඔබ වහන්සේටත් මාගේ දෑ්ස පමනක් පෙනිය යුතුයි . ඇයි මගෙ දැස මත වදින ආලොකය නුඹ වහන්සේගේ ඇස මත පතිත වන නිසා.
+ ඔවු
- එහෙත් මොහන අදුන මගින් මාගේ දැස ඔබ වහන්සේට නොපෙනි යනවා ඒ වෙනුවට මා විසින් පෙර සුදානම්ව මගේ මනසෙහි මවා ගත් ඒ රෑප පෙල එසේතු නොමැතිනම් ඔබ වහන්සේ දැකිය යුතු යැයි සිතා මා මනසින් නිර්මානය කල දැ ටික පමනක් දකිනවා . එහෙත් ඔබ දකින්නේ සතය රෑප වත් සිද්ධීන් වත් නොව මාගේ මනසින් නිපද වු සිතුවිලි ම පමණකි.
+ පැහැදිලි පැහැදිලියි නිසියාකාරයෙන්ම ...
- මේ කී චක්‍ර කුමයෙන් හැර තවත් එක් ක්‍රමයක් තිබේ.
+ ඒ කුමක්ද ?
- ඒ ලේ ධාතු පරම්පරාව හිමි අයෙකුගේ මොළය වෙත ලැබෙන ඉතාම අධි සංවේදීම සංඥාවිකින්..
+ කොයි ආකාරයකින්ද
- රජුනි, අප සිතට නැගෙන බලවත් දරාගත නොහැකි අයුරෛ් දුකක්, වේදනවාක් කණගාටුවකදී මේ මොලයේ මොහන අදුන අවධි වීමක් සිදු වනවා. නමුත් දුකකදි පමණක් නොව ඉතාමත් ප්‍රීමත් වන අවස්ථාවක දී වුවත් නැති න්ම වෛරී අවස්ථාවක දී වුනත් මෙය සිදු වෙන්න පුලුවන්. දන්නා ඉතිහාසයට අනුව ඒ බැදී පවතින්නේ අතිශය සියුම් උත්තේජ්න සහිත සිතුවිලි හා බැඳීමෙන්...
+ හොදයි වඩා පහසු කොයි විදිහද..
- ඇත අතිතයේ නම් මේ ක්‍රම දෙකම සිදු කලා එකක් බාවනාව මගින් අනික දැන් පැවසු පරිදි සියම් සංවේදන සිතුවිලි මගින් ...
+ සිතුවිලි මගින් ඇති කිරීම ප්‍රායෝගිකව කල හැකිද
- හැකියි නමුත් ඒ තරමක් දරුනු පිලිවෙතක්. ඒ නිසාම ඇතැමුන් ඒ පුහුණු වීම ප්‍රතික්ෂපෙ කලා. ඔවුන් ඒ සහා බහුලවම භාවිතා කල සංවේදනය තමා දුක හා වෛරය ..!
+ ඔහ්..
- එසේයි.. කුඩා කාලයේදී සුරතලයට ඇති කරගන්නා සතත්වයා ඝාතනය කිරීමට සලස්වා ඒ ඇතිවන කම්පණය මගින් මෝහන අදුන අවදි කරන්නට යෙදුනා.
+ ඒ සාපරාදිනේ
- එසේය ඒ නිසාමයි පසු කලෙක ඒ ප්‍රතික්ෂේප වුයේ. එහෙත් යම් ගෝත්‍ර නිති හා සම්ප්‍රදායන් ඒ ඒ ගෝත්‍ර හා තදින් බැදි පවතිනවා රජුනි. ඒ සරතලා ඝාතනයෙන් අනතරුව ක්‍රම ක්‍රමයෙන් අදුනේ ශක්තිය වැඩි දියුනු කිරීමට උපාය මාර්ග භාවිතා කලා. ඔවුන්ව යුද්දයට යොදවා යුද්ධයේදි හෝ පුහුනුවේදි තම මිත්‍රයා මිය යන අයුරු පෙන්වා ඒමගින් තවත් අදුන බලවත් කලා. ඉන් නොනවති නෑදෑයන් නොඒසේම් තම ලේ නැයන් ඝාතනයෙන් ඒ දැකිමෙන් ඇතිවන්නා වු කම්පනයෙන් අදුන වඩා බලවත් වන බවයි ඔවුන්ගේ ඉගැන්වීම..
+ අහෝ
- මේ මෝහන අදුනේ වඩා බලවත්ම අදුනේ ශක්තිය හිමි කරු වීමට නම් සිදු කල යුතු දෙයැක් තිබේ. එහිදි කම්පනයට පත් ළුීමෙන් අවදි වන්නා වූ මෝහන අදුන එම ගෝත්‍රයේම වුවත් අන් කිසිවෙකුටවත් පරාජය කල නොහැකි ය..
+ ඒ කුමක්ද ?
- රජුනි ඒ තම ලේ නැ සහෝදරයෙක් ඝාතන සැලසුමයි...එහිදී ඔබත් දන්නා ඉතිහාස කතාවක් තිබේ යක්ෂ සහෝදරයෙක් නාසාලුව ..,!!!
+ යකුනේ......... විභිසණ .........!
------------------------------------------------ සේසස පස්සට !
------- කුරුළු -------
======================
දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/06/17/dasis-24/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 23 =====

( විසිදෙවන කොටස හා සබැඳි )
==============================
+ඔහ් මා උදෙසාද කුමනත්‍රණයක්ද ?
– නැත ඔබ වහන්සේ ඒ හා ඇලෙන්නෝය.. ! පෙර නා ලොව විසූ ඔබ වහන්සේගේ ජන්මයෙහි පුරුද්දකි, ඔබ වහන්සේ එයින් චුතව මෙහි නාග ගෝත්‍රික විහාර දේවින්ට දාව ඉපදුනද එහි ඔබ හා විසූ වන් ඔබ බැහැ දැකීමට තව නෙබෝ කලකින් රට එක්සෙසත් කොට බුදු දහම පිහිටවූ පසු මේ හෙලයට බසින්නෝය.. ඔවුන් හා නොඇලෙන්න..
+ හොදමයි මා එය සිහියේ තබා ගන්නම්. ඒ ඇරත් ඒ කලටත් මා සිහියේ පිහිටු වීමට අභය සිටිනවානේ
– නැත ඒ කල්හි අප නැත. අපගේ කාර්යය ස්වර්ණමාලී නම් මහා චෛත්‍යය ඇරඹුනු පසු අවසන්ය.
+ අහෝ… ඔබ කොහි යන්නහුද
– අවසර මා පැවිදි වෙස් ගනිමි.. තේරපුත්තාභය නම් වෙමි.
+ පැවිදිව මෙහි අවටම විසිය නොහැකිද ? මා රාජාන්‍රගහයෙන් අරමක්ද ඉදි කරන්නම්
– රජුනි ! අනුග්‍රහය අගයමි.. ඇලීමෙහි , නොඇලෙමි.
+ හ්ම්…
—————————————– අද එතැන් සිට
+ හ්ම් . එසේනම් මා නොඇලී පසුවන්නමි. වෛරද නොකරන්නෙමි.
– හැකිනම් එක එල්ලයේ ඔවුන් දෙස නොබලා සිටින්න.
+ ඒ කිම
– ඒ ද ඇලීමය..
+ ඇලීම යන මුසු වීමය. කතා බස් කිරීමය. එක්ව වැඩ කිරීමය. අල්ලාප සල්ලාපයෙ ්යෙදීමය හිතවත් වීමය ෛවර කිරීමය..
– නාගයන් සම්බන්ධව එපමනක් නෙවේ රජුනි. මහාභරණ යෝධයා ගැන සඳහන් කරන විට මා ඒ ශක්තිය ගැන බොහො කරුණුද ඇතිව පහදන්නම්.
+ නාගයන් සම්බන්ධව වෙනස් වනුයෙ කෙසේදැයි නොතරේ අභය
– රජුනි නාගයන් නාගයන් හා නාගගෝත්‍රික සම්භවයන් ඇත්තවන් හා විශේෂ හැකියවන් ඇත. ඉන් එකක් නම් ඔවුන් සතු ” ඉව ” යි. නුඹ ඔවුන් දෙස එක එල්ලයේ ඔවුන් දෙස බැලිය යුතු ම නෙවේ. කොහේ කොතැනක හෝ ඔවුන් පෙනෙන මානයක සිට ඔබ ඔවුන් දෙස බලා සිටින්නේනම් ඒ බව නාගගෝත්‍රිකයන් හට දැනීමේ ඉවක් ඇත.
+ මුහුනට මුහුන නැතත්
– එසේය පිටුපසින් වුවද දැනේ ඔබ පිටුපසින් වන ලංවීමේදී එකෂණිකවම ඔබ දෙස බලනු නිසැකය. ඔබ ඔවුන්ට පහර දීමට ආපදාවක් කිරීඹට සිතන්නේ නම් ඔබගේ දෑසින් ඔවුන් දෙස නොබලා එක් වරම පහර දෙන්න. අඩපණ වූ පසු හෝ කල බල වූ පසු පෙර කී ඉව ක්‍රියාත්මක වන්නේ නැ.
+ ම්… ඔය නාගයන් කෙරෙහිද මනුෂ්‍යන් කෙරෙහිද
– නාගයන් හා නාග ගෝත්‍ර්ක මනුෂ්‍යන් කෙරෙහිය. ඔබට නාග ගෝත්‍රිකයෙකු හදුනා ගැනීඹට අවැසි නම් මද වේලාවක් ඔවුන් දෙස බලා සිටින්න ඒඇසිල්ලක් තරම් වන කාලයක් විය හැක. නමුත් ඒ කාලය තුල ඔහු හෝ ඇය නැවත ඔබ දෙස බලනු ඇත. එසේ ක්ෂණයකින් ඔබ දෙස හැරී බලන්නෝ නාග ගෝත්‍රිකයෝය. ඒ ඔවුන් ඔවුනගේ “ඉව ” හා උපතින් බැදුනු ප්‍රතික්‍රියා දැක්වීමකි.
+ ඔහ්හෝ… යම් යම අය ගැන සිදුවීම් මතක ඇතත් ඒ ඔයාකාරයයැ නොසිතුනි. මෑණියන් සම්බන්ධවනම් මතකයට නැගේ
– ඒ කුමක්ද
+ හහ් හහ් හහ් කිසිදිනක ඇයට නොදැනි පිටුපසින් ගොස් වැලද ගැනීමට නොහැක.. ඇසිල්ලකට පෙර හෝ හැරෙන්නීය නැතහොත් නම අඩගසන්නිය.
– හහ් හහ් හහ් ඒ මැණියන් කෙනෙකුගේ ලබැදියාවයි රජුනි.
+ හොදයි ඒ පහර දීමකදී නම් නේ අභය. ඒ හැර ඇලීම ගැන කෙසේද?
– රජුනි.. පෙර කීවාක් ලෙස ඔවුන් ෙදස එක එල්ලයේ නොබලන්න.
+ ඒ කිම
– බඩාත් භයානක වනුයේ ඔවුනගේ දෑස් දෙස එක එල්ලයේ බැලීමය.
+ එවිට
– එවිට… ? එවිට ඔවුන් ඔබව වසගයට ගනු ඇත..
+ හහ් හහ් හහ් හහ් ඒ ස්ත්‍රීන් පමණක්මය අභය..
– සුලු කොට නොතකන්න රජුනි.. ” ඒ ” අඳුනය” . අඳුනෙහි ශක්තිය ඔබවත් මා වත් තවම නිසිආකාරයෙන් විඳ නැත. මා දන්නේද සදහන් කරුණු පමනි.
+ අභය ඔබ පවසන්නේම එය බැරෑරැම් කොටය.
– එසේය. ඔබ නාගයන්ගේ දෑස දැක නැතිද. ඒ ප්‍රිය උපදවන සුළුය ඇද බැද ගන්නා සුලුය. ස්ත්‍රියකගේ දෑස වෙන කවර සතත්වයෙකුට උපමාකලත් නාග ගෝත්‍රික ස්ත්‍රිතන් හා මනුෂ්‍යන් ට ඇත්තේ නාගයන්ගේ දෑස්ය. නාග ගෝත්‍රික ඒ බලය සහිත ලේ ධාතු පරම්පරාව හා බැදි කෙනකුගේ දෑස දෙස නිකමටවත් එක එල්ලේ නොබලන්න රජුනි. ගැටලු රාශියකට ඒ මුලය. !
+ ඒ ගැන සිතා නැත. පළමුව අප වශීවන්නේ දෑසටය . ඒ ස්ත්‍රීන් කෙරෙහි පමණක්ය යැයි සිතුවත් දැන් ඒ පිරිමින් කෙරේද එසේ විය හැකි බව දැනේ.
– ඔවුහු ඒ ඇසට ඇස ගැටෙනා තත්පරයට නුඹ මනස තුලට එබෙන්නෝය. එය මායාවකි. එයිනුත් පසුව නුඹ ක්‍රියා කරනුයේ ඒ පුද්ගලයාගේ සිතැගි අනුව මිස ඔබට කල හැක්කක් නොවේ.
+ මලය දේශයේදී ගැහැනු මායම් හා ඒ මගින් රවටා පිරිමින් ඇද බැද වැඩ ගන්නා කතාවක් අසා තිබුනි. මේ ඒ ශාස්ත්‍රයද ?
– සමාජයේ ඇතැමුන් මේ පහත් කොට සරදමකට ලක් කෙරුවත් සත්‍යය එයයි. ඒ දෑසේ අඳුන කෙරෙහි බැදීම , බැදීමක් යැයි නොසිතෙන අයුරන් ම ඒ හා බැදේ. ඉන් පසු අන් කිසිවෙකුගේ අණ නොතක අතර විනාශය කරාම ලගාවන්නේමය.
+ ඔහ්..
– තවද , එසේ අදුනකට ගොදුරැ නොකොට ගෙන ඔබ මනස තුලට රිංගා ඔබට වෙනම මනංකල්පිත ලෝකයක අතරමං කර ආ හැකිය. එවිට ඔබ සිරුර නිසලව භෞතික ලෝකයේ ගල් වී තිබෙත්දී , මනසින් ඔබ ජීවිතය විඳිමින් සිටිනු ඇත. ඔබ අඳුනට අසුවු නාග ඇස් වල උවමනාව අනුව ඒ සුවය ඇති මනෝ ලෝකයක් හෝ අවීචි මහා නරකාදිය තරම් මානසික පීඩාකාරී අඳුනක් වුද මවා පෙන්විය හැකිය.. කෙසේ වුවත් සිදුවන්නේ සිරුරට ආහාර පාන නැතිව කෘෂ වී මිය යාමයි. එතෙක් මානසිකව විඳවන්නෝය..
+ අහෝ නාගයන්ගේ ශක්තිය…
– මේ දැසේ ශක්තිය පමණකි.එයට ” මෝහන” ශක්තිය යැයි කියනු ලැබේ. ඔබ නිද්‍රාගතව පසු වනු අනෙකුන් දුටුවත් මනසින් ලෝකය විඳිමින් සිටිනු ඇත.
නාගයන් හා ගෝත්‍රිකයන් සුලු කොට නොතකන්නැයි පැවසුවේ එහෙයනි. ඔබ තුලද මැණියන් සතුව ඇති යම් යම් නාග ගෝත්‍රික ලේධාතූන් ශක්තිය මිශ්‍ර වී ඇතැයි සිතමි. ඒ උලුප්පා එලියට ගැනීඹ මහාභරණ සිදු කරනු ඇත.
+ ස්තුති වේවා… මෝ මෝහන අඳුනට අල්ලා ගැනීමට දෑසට දෑසක් කොතරම් වේලාවක් අසුවිය යුතුද ?
– අඳුන ප්‍රගුන කලෙකුට නම් ඇසිපිල්ලත් ඇතිය. !
——– කුරුළු —
======================
දසිස් සියල්ලම විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/06/09/dasis-23/
.
- Android App එක දාගන්න.. -
දසිස් විඳින්න වෙබ් එකට යන පාර -pps/details?id=io.kurulu.app