( දස වන කොටස හා සබැඳි )
==============================
- මේ නවයම එක් තැන් වූ විටයි දසිස් රාවණ උපදීන්නේ..
+ ජයම වේවා... අප සියල්ලන්ටම .. රාවණ ශක්තිය ලැබේවා.
- නුඹටත් ජයම වේවා...
+ දැන් මේ මාගේ දස මහා යෝධයන් වන නුඹලා සතුව ඒ දැනුම ගබඩා වී ඇතිද . ඒ එලාර යන් සමග යුධයට ප්‍රයෝජන වන්නේ කෙසේද ?
- රජුනි දැනුම පමණක් නොසැහේ. ඊට බලයද අවශ්‍ය ය. එවිටයි ඒ ක්‍රියාත්මක වන්නෙ..
+ අසා සිටිමි...
- අප දසිස් රාවන යන්ගේ දස විද්‍යා අවතාර වන්නෙමු. නන්දිමිත්‍ර , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, මහාභරණ, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ යන්නවුන් සතුවද ඒ එක් එක් යුධ උපක්‍රම , හැකියාවන් ඇත. ඔවුහු එක් එක් යුධ ශිල්ප පුහුනුවෙන් කෙලපැමනියෝය.
මා ඒද එකින් එක විස්තර කරන්නෙමි...
+ ඉවසනු.... නුඹට පානයට සඳහා යමක් ගෙන ඒමට අණ කරන්නෙමි..
-------------------------------------------- එතැන් සිට
- නුවුමනාය. සයනයෙහි මුල ඇති කෙන්ඩියෙන් පැන් ඇති යැයි සිතමි. ඒ සෑහේ.
+ අහ්.. නැත අභය මා ඒ සියල්ල පානය කලා නින්දට පෙර. මා නැවත ගෙන්වා දෙන්නමි
- සොලවා බලන්න.. බිඳකුඳු සෑහේ
+ ඕහ්... එය නැවත පිරී පවතී... මා එය හිස් කල බව හොදාකාරවම මතකයි
- රජුනි දැහැමි වන්න.. නිසල වන්න එවිට මේ සොබාදම් මෑනියන් ඔබ ඉල්ලන්නා වූ සියලු දෑ ඔබට පෙරලා ලබා දෙනු ඇති...
+ එසේමැයි.. මෙන්න..
- ජය...
+ එසේනම් අභය අප මෙය ක්‍රියාවට නංවන්නෙ කෙසේදැ.
- ක්‍රියාවට නැංවීමට ප්‍රථමව කල යුතු වැඩ රාජකාරි බොහොමයක් ඇත.
+ ඒ කිමෙක්ද
- ඔබ අප දස දෙනා ගැන සැකෙවින් දැනගත යුතුය. ඒ ඒ කෙනා සතු හැකියාව බලය ශක්තිය ඔබ වෙන වෙන ම දත යුතුය නොඒසෙව කෙසේද ඒ බාවතයට ගනුයේ
+ එයත් සැබැය
- ඊටත් පළමුව ඔබ වහන්සේ මේ සදහා සූදානම් විය යුතය.. මා ඒ කරන්නමි
+ ඒ සදහා මගක් වේද
- එසේය .. අප සූර්ය දෙවොලට යා යුතුය..
+ ඒ කොතැනද ?
- නිසි වේලාවට මා එහි රැගෙන යන්නම්.. ඔබ වහන්සේ රාවණා රජුන් නොපිදිය යුතුය.. ඊට පෙර මහා නිකුම්භිලා දේවිය පිදිය යුතුය.. ඒ මක්නිසාද එතුමිය රාවනා මහරජුගේත් ඔහු පුත් මේඝනාදයන්ගේත් නිතර වැඳුම් පිඳු ලැබූ තැනැත්තියක් වීමත් මේ හෙළ දෙරනේ ඈත අතීතයේ සිටම හෙළයන් වන්දනා මාන කරන්නාවු දේවියක් වන නිසාවෙනි. මේ දස විදයාවන්හි, මහා දැනුමෙහි මහා නිර්මාතෘනීන් නිකුම්භලා මෑනියන් වහන්සේයි.
+ ඔබගෙන් දත යුතු කරුනු ගොඩ ගැහෙනවා මිස අවසානයක් වන්නේ නැත අභය..
- කාලය තිබේ රජුනි ඇති තරම්..
+ හහ් හහ් හ්හ කාලය... ඔබට නම් කාලය යනු පාලනය කල හැක්කක් එත් මා හට
- කාලය යන්න පාලනය කල හැක්ක් නොව ඒ එහි හැසිරීම අවබෝධ කර ගත හැක්කකි. අනෙක ඔබද මාද යනු දෙදෙනෙකු ලෙස ගත නොහැක.
+ එසේනම් අසමි.. ඔබ පෙර කී නව විද්‍යාවන් ගැන
- අසන්න
+ අශෝක රජු එය මහ ජනයාගෙන් ඇත් කොට තැබුවේනම් එය අශෝක රජු උගත්තේද ?
- නැත අප එයට ඉඩක් නොතැබීමු. දැනුම එකතු කල පසු අප කාලය හා මුසු වූවෙමු ඒ නිසා එදාටත් අදටත් මතු අනාගතයටත් ඒ නව දෙනා යනු අශෝක රජුගේ නම නොදත් නව දෙනෙක් වනු ඇත.
+ හ්ම්..
- එසේනම් කිසිවෙකුත් මේ විදයාවන් ගැන නොදන්නේද ? රාවණාගෙන් පසු.. මා අදහස් කලේ නිකුම්භිලා දේවීන්ගෙන් පසු රාවණා ද? ඉන් පසු රාවණයන්ගේ අන නිසා අන් කිසිවෙකුටත් එය නොලැබිණිද ??
- මා එසේ පැවසුවේද ? රාවණයන්ට පවා නැවැත්විය නොහැකි අවස්ථා තිබේ රජුනි. ඒ මේ මහා ස්වාබාව ධර්මයේ කැමැත්තයි... නිකුම්භිලාදේවියන් පවා මේ මහා සොබා දහමට යටත්ය.. මෑනියන් දස විද්‍යාව සොයා ගත්තා සේම රාවණයන් ඒ උගත්තා සේම .. රාවණයන්ගේ අවෑමෙන් වා තලයට මුසු වී නැවත අප අතරෙහි පමනක් පවතින්නා වූ මේ ශක්තීන්.. නැවත එක් රැස් කල මහා පුරුෂයන් සිටිත්..
+ චණ්ඩාශෝක හැරුනු කොට තවත් මහා යුධ තිබුනිද මේ නව විද්‍යා පහල වීමට තරම්..
- රජුනි මුලා නොවන්න.. අවබෝධයට ගන්න.. මේ නවයක් වූ විද්‍යා යනු මේ විශ්වයේ සත්‍ය දැනුමයි.. පිරිසිදු සදාතනික ශක්තියයි.. ඒ යුද්ධය සදහා බාවිතා වන්නක් නොවේ.. ඒ භාවිත වන්නේ ඒ ඒ අවස්ථාවට මේ විශ්වය තුලිත විය යුතු ආකාරයටයි..
+ එසේ නම් යුද්ධයට යොදාගන්නේ ඇයි..
- යුද්ධයකින් වුව තුලිත වේ නම් ඒ දැනුම යොදවන්නෙමු..
+ හොදයි.. මේ එසේ තුලිත වීමක් නොපතන බලය පමණක් පතන කෙනෙකුට ලැබුනහොත්.. මක් නිසාද ඔබ පසනාකාරයට යෝගී වීමෙන් ධ්‍යාන පිරීමෙන් මේ ලැබිය හැකියි..
- හහ් හහ් හ්හ් එය වැලැක් වීම සඳහායි දසිස් රාවණයන් විිසින් ඒ දස විද්‍යාවන් පමණක් මුදා නොහැර ඔහුගේ ආත්මීය කොටස් එකතු කර මේ නව දෙනකේ නිර්මාණය කර චිත්ත පරම්පරාවක් ඇති අවැසි තැන අවැසි කයක් ගත හැකි, ආරූඪ විය හැකි, අරක් ගත හැකි දස බලයන් නිර්මාණය කලේ..
+ එතකොට ඔබ ??
- මා දසිස් රාවණයන්ගේ සේනාධිපති චක්ෂූ නම් වෙමි ..! මා ඒ පණිවිඩය ගෙනයන්නා පමනි ..... මේ යුද්දයෙන් පසුද මා පැවිදි වෙස් ගනිමි.
+ නුඹට මහා පින් ..! ථේරපුත්ථාභයනි..
- නුඹටත්...
+ එසේනම් නුඹගේ විස්තරයට අනුව තවත් මේ විද්‍යාවන් ගේ දැනුම සොයාගත් පුද්ගලයින් මෙලොව සිටියා..
- එසේමැයි..
+ ධර්මාශෝක නෙවේ නම්.. ඒ ඊට පෙර කෙනෙකුන් විය යුතුයි..
- එසේමැයි.. රජුනි නුඹ දන්නෙහිය
+ මා දන්නා කෙනෙකු ??? කවුරුන්ද ??
- ගිහිකල හේ කිඹුල්වත සිද්ධාර්ථ නම් විය ය ..!
+ කු...කු....කුමක්ද අභය ...!...
- එසේය රජුනි.. මෑතදී මේ ස්වාභාවධර්මයේ පවතින්නා වූ සියලු විද්‍යාවන් සියලු දැනුම අතෙහි වූ ඇඹුලක් සේ දත් එකම පුද්ගලයා ඔහුය.. ! මහා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෑන්වහන්සේ උන්වහන්සෙය....
" සිද්ධාර්ථ ගෞතම " නම් විය ...!
===================== සෙස්ස පස්සට
- කුරුළු -
( නව වන කොටස හා සබැඳි )
==============================
රජුනි නුඹ දන්නේද අතීතයේ රන්මුවා දේවොල් පවා ඉදිවූ අයුරු ! මහා අනර්ඝ විශාල ප්‍රමාණයේ මැණික් සොයා ගත් අයුරු
+ නැත
- මා පෙර පැවසුවාක් මෙන් ඔබ වහන්සේ ඉදිකරන්නාවූ දා ගැබ සඳහා ඒ සියල්ල සැපයාගන්නා අයුරු මා කියා දෙන්නම්.
+ රන් රිදි මුතු මැණික් ???? මේ දේශයෙන්ම.. දා ගැබකට තරම් ම..! හමුවේද ?
- ඒ කිසිවක් හමු නෙවේ ... ඒ සියල්ල තනා ගත යුතුය.. ඒ අප සපයන්නම්.
සයල්ලෙහිම ඇත්තේ පඨවි ආපෝ තේජේා් වායෝ මුසු වීමක් පමණි.
+ ප්‍රීතියි... ථේරපුත්තාභයනි.. පස් වැන්න .....?
------------------------------------ එතැන් සිට
- අතීතයේ බොහෝ දේශයන්හි මිනිසුන් පාලකයන් කිසි විටකත් රන් මිණි පොලෙවෙන් හාරා හාරා විනාස කරමින් නොසෙවූහ. ඒ තමන්ම නිපදවාගත්හ..
+ අරුම විද්‍යාවකි
- මේ විදයාවන් නවයම අරුම වේ රජුනි.. රාවනා නම් එලෙසයි..
පස්වැන්න සන්නිවේදනය නම් වේ. එකල මේ ලෝක තලයෙත් ඉන් එපිට සක්වාතලයෙත් යා කරමින් අදහස් අත් දැකීම් දැනුම හුවමාරු ක්‍රම ඊට අයත්ය.
+ මින් එපිටත් තවත් ලෝ තිබේද
- ගිණිය නොහැකි තරම්ය. ඒ සියල්ල හා සබඳ කම් පවැතිය හැකි ශාස්ත්‍රය ඇතුලත් විද්‍යාව මේ පස්වැනි පොතට ඇතුලත්ය. එපමණක් නොව එපිට ඔවුන් හා නිරන්තරයෙන් සබඳකම් පැවැත්වීමු.
+ විශ්මයකි..
- සය වැන්නෙහි වෛමානික ශාස්ත්‍ර හෙවත් ගුවනින් ගමන් ගන්නා යානා පිළිබද විදයාවන් ද මේ පොලෝ තලය වෙතට අප ඇදී සිටින්නාවූ විදයාව හෙවත් ගුරුත්ව ආකර්ෂන නියමය පිලිබදව සැකසී තිබුනි.
+ ගුවනින් ගමන ?? ඒ කල හැක්කකද
- අසාවත් නැතිද ?
+ රාවණයන් සුතව එවැන්න්ක් තිබු බවට අසා තිබුනත් ඒ නැවත නිපදවිය හැකි ශාස්ත්‍රයක් ගැන නොදන්නෙමි ,
- මේ ඒ ශාස්ත්‍රයයි... දෙයකට ඇද ගැනිමේ බලය ශුන්‍ය වූ විට අහසෙහි රැදී සිටිය හැකිය. මේ හෙළ දෙරණ තුල නොතිබූ දෙයක් නොතිබි තරම්ය. එතරම් නිමැවුම්ද ! කර්මානත්ද ! විශිෂ්ටයෝද විසූ බිමකි. අදටත් එසේමය..
ඒවා තැන තැන විසිරී පවතී. අවශ්‍ය වනුයේ එකට එක බැගින් පොටකට අමුනා ගැනීම පමණි..
+ හොදමයි
- සත්වැන්නෙහි ඇත්තේ මේ සක්වල තලයෙහි ඇති රහස් සහ ඒවා ජය ගන්නා ආකාරය පිළිබදවය. ඉර හද තාරුකා වල ඇතිවීම නැතිවීම පැවතීම හා ඒ තීරණය කරන සාධක කාල වකවානු පිළිබද දැන ගැනීමේ විද්‍යාවයි.
අටවැන්න සතු දැනුම වූයේ ආලෝකයේ වේගය පරදා ගමන් කිරීමත් ඒ වෙනස් කරන ආකාරයත් ඒ වේගය ආයුධයක් ලෙස බාවිතා කල හැකි ආකාරයත්ය
+ වේගය ? ආලෝකයේ වේගය.. ඒය අවියක් වන්නේ කෙලෙසකද
- වේගය අවියක් වන්නේ කාලය නම් නිර්ණකයේදීයි රජුනි. මා ඒ අවශ්‍ය වූ විට පහදන්නම්.
+ හොදමයි මේ ඉතා රසවත්
- නව වැන්න පවත්නා හෝ පැවතිය හැකි වන්නාවූ සමාජය පිළිබදව හැදැරීමේ විද්‍යාවයි. ඒ සමාජය පාලනය , වෙනස් කිරීම සමගින් එම සමාජයේ පරිනාමය පිලිබදව දැන හැකි ශාස්ත්‍ර ඇතුලත් වූවකි. මේ උගත් තැනැත්තාට දිවැස ලැබී ඉන් අනාගතය පිළිබදව ශාස්ත්‍ර - අනාවැකි කියැවීමේ හැකියාව ලැබෙනු ඇත.
+ අහා කදිමයි කදිමයි පුත්ථාභයනි. ඔබ පැවසූ යම් යම් වචන හා ඒ අර්ථයන් නම් මා නොදන්නෙමි. නමුත් යම් තරමක් දුරට වැටහුනි..
- කාලයාගේ අවෑමෙන් ඔබ තව කරුණු දැන ගනු ඇත.
+ හොදයි දැන් මා කුමක් කල යුතුද ?
- ඉදින් රජුනි මේ විදයාවන් නවය පිරිසිදුවම රාවණ විදයාවන් නවය වේ. වේ විදයාවන් නවය පිළිබද දැනුවත් තැනැත්තේට මේ ලෝකයත් සක්වලත් පාලනය කිරීම මහා කාර්යයක් නොවේ..
අපද ඇතුලුව පවතින්නා වූ මේ ලෝක ධාතුවෙහි සියලුම රහස් මෙහි ඇතුලත්ය. ඒවා නිර්මාණය - පවත්වාගෙන යාම - වෙනස් කම් සිදු කිරීම - විනාස කර දැමීම යන සියල්ල පාලනය කල හැක.
+ ඒසේය ඒසේය.. ඒසේනම් ඔහු සැබවින්ම සක්වල රජෙක් ..
- මේ නවයම එක් තැන් වූ විටයි දසිස් රාවණ උපදීන්නේ..
+ ජයම වේවා... අප සියල්ලන්ටම .. රාවණ ශක්තිය ලැබේවා.
- නුඹටත් ජයම වේවා...
+ දැන් මේ මාගේ දස මහා යෝධයන් වන නුඹලා සතුව ඒ දැනුම ගබඩා වී ඇතිද . ඒ එලාර යන් සමග යුධයට ප්‍රයෝජන වන්නේ කෙසේද ?
- රජුනි දැනුම පමණක් නොසැහේ. ඊට බලයද අවශ්‍ය ය. එවිටයි ඒ ක්‍රියාත්මක වන්නෙ..
+ අසා සිටිමි...
- අප දසිස් රාවන යන්ගේ අස විද්‍යා අවතාර වන්නෙමු. නන්දිමිත්‍ර , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, මහාභරණ, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ යන්නවුන් සතුවද ඒ එක් එක් යුධ උපක්‍රම , හැකියාවන් ඇත. ඔවුහු එක් එක් යුධ ශිල්ප පුහුනුවෙන් කෙලපැමනියෝය.
මා ඒද එකින් එක විස්තර කරන්නෙමි...
+ ඉවසනු.... නුඹට පානයට සඳහා යමක් ගෙන ඒමට අන කරන්නෙමි..
.්
========== සෙස්ස පස්සට
— කුරුළු–
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( අටවන කොටස හා සබැඳි )
==============================
+ එසේ නම් අශෝක ගිවිසුම බින්ඳා..
– මුල් කාලයේදී ඔහු ඉතා මත්ම ඔනැ කමින් විසිරී තිබු බුදු දහම එක් රැස් කොට ඒ ස්ථම්භ වශයෙන් ස්ථාපනය සිදු කලා . ගෝතම ධර්මයට මුල් තැනක් මුලු රාජ්‍ය තුලම ලබා දුන්නා. එහෙත් කල් ගත වත්ම අපගේ රාවණ විද්‍යාවන් වල වාර්තා දක්ත්ම පර්ශීලනය කරත්ම පෙර සිටි චණ්ඩාශෝක එලි බැස්සා.
+ නොවැටහිනි
– අශෝකයන් ධර්ම ප්‍රචාරය කරන ලද්දේ ඒ ඒ රාජ්‍යන්ද තමන් පාලනයට නතු කර ගැනීමටයි. ඒක ධර්ම යුදධයක් ..
+ ඔහ් මා සිතුවා හරි.. අහෝ තිස්ස රජුන්.
– හ්ම්.. ඔහු ධාර්මික පාලකයෙක් බුදු දහම නිති අනුගමනය කර ධර්මයෙන්ම පාලනය කරන ලද්දෙක්..
+ ඉන් එහාටත් පවසව ථේරප්ත්තභායනි ඉවසුම් නැත….
– ඉවසුව මැනවි රජුනි…..
——————————– එතැන් සිට
– ඉවසුව මැනවි රජුනි යම් යම් කාරනා ඔබ දැන නොගත යුතුයි යැයි ද සිතමි.
+ ඒ ඇයිද
– ඒ නම් යම් කාරනා ඉතිහාසයට එක්වී අවසන් නිසාවෙනි. අපට අතීතය වෙනස් කල නොහැක. නමුත් ඉන් පාඉමක් උගෙන වර්තමානය හැඩගස්වා ගැනීමෙන් අනාගතය වැඩදායී කර ගත හැකිය.
+ පිලිගිනිමි. එසේනම් නමක් නැති නව දෙනා පිලිබදව ? ඔවුනගේ කාර්යයන් පිලිබදව
– එසේය ඒ පවසමි. එකල අප නව දෙනා හට පැවරුනේ මේ ලොව තුල වූ ශක්තීන් , විද්‍යාවන් නවයක් පිලිබදව කරුනු සම්පාදනය කිරීමටය. ඒ හුදෙක් අප විසින් තැන තැන විසිරුනු රාවණ නිරිඳුන්ගේ විද්‍යාවන් දැනුම නැවත එක් රැස් කිරීමය. ලඝු කොට කිව හොත් නව විද්‍යාවන් යනු අපමය… ! අප ඒ දැනුම යුගයෙන් යුගයට නැවත එක් රැස් කොට අලුත් කරන්නෙමු .
+ හොදයි ථේර පුත්ථාභයනි ඒ විද්‍යාවන් මා දැන ගතු යුතුයි නම් පමණක් පවසව ඒ නොඒසේවනම් කම් නැත.
– නැත දැනට මා නාම මාත්‍රිකව පවසන්නමි පසුව විස්තර ක්රන්නෙමි. ඒ හැරත් කල් යත්ම නව විද්‍යාවන් යනු මේ සිටින්නා වූ නන්දිමිත්‍ර , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, මහාභරණ, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ යන්නවුන්ය. ඔවන්ගේ යුධ බලය හැර විද්‍යාවන් ගෙනහැර බලන්න.
+ හොදමයි
– පළමු වැන්න ජනයා එක් කිරීම ඇමතීම පණිවුඩ නිසියාකාරව ගෙනයාම විධිමත් ක්‍රමෝපාය හා මානසික විද්‍යාව සමග යුධ උපක්රම සමඟ කටයුතු කරන ආකරය පිලිබද දැනුම එක්රැස් කිරීමයි. ඒ “සියලු විද්‍යාවන්ගේ වඩාත් භයානක වන්නේ මහජන මතයේ හැඩගැස්වීමයි. මන්ද යත්, මුළු ලෝකයම පාලනය කිරීමට යමෙකු ඉඩ සලසන බැවිනි.
දෙවැන්න කායික විදයාව / මරනීය ස්පර්ෂය නම්ය, පුද්ගලයෙකු විසින් තවකෙකුව ස්පර්ශ කිරීම මගින් පමණක් පුද්ගලයෙකු මරා දැමිය හැකි ආකාරය විස්තර කරයි, සරලවම ස්නායු ආවේගයක් දැනීමක් සංඥාවක් නවැත්වීම හරවා යැවීම විකෘති කිරීම ආදී කායික විදයාවට අයිති සියල්ලය.
+ මඳකට…. යම් යම් තැන් වචනාර්ථ පැහැදිලි නැත.
– එසේය ඒ ඒ විද්‍යාවන් සියලුම යුග වලට අයිතිය ඒ ගැන දැන ගැනීමට එක්කෝත් විද්‍යාවන් උගත යතුය නැතිනම් යුග තුල ජීවත් විය යුතුය.
+ එසේනම් මා උගත යුතුද. නැතිනම් යුගු තුල ජීවත් විය යුතුද
– යුතු තුල ජීවත් විය නොහැකිය. ඒද රාවනා සතු බලයකි නුඹ වහන්සේට හැක්කේ සිටින්නා වූ යුගය තුල ගෙවීම පමණි.
+ එසේනම් ඔබ ??
– මා මේ වන විටත් ආනාගත දැක ඇත්තෙමි. එසේ දුටු නිසාම මෙසේ පැමිණ ඔබ හා එකතු වන්නෙමි.
+ ඔබට කාලය තුල ගමන් කල හැකිද ?
-කාලය යනු සියුම් රැවටුමකි. සිත දියුනු වූ තැනත්තේට කාලය හා ගැටුමක් නැත.
+ ඔබ කොතෙක් දුරට එහි ගොස් ඇතිද ? අවසන කුමක් වේද ථේරපුත්තාභයනි
– හහ් හහ් හ් හහ් හහ් … මා වැන්නවුන්ට වුවද යා හැකි උපරිම දුරක් තිබේ රජුනි. ඒ කෙසෛ් වෙතත් මා නුඹට කියමි..
” වළල්ලක කොනක් නොසයන්න ”
+ හ්ම් එසේ නම් මා උගත යුතුයි …
– ඒ ද නැත දසිස් බලයන් ඇත්තේ භාවිතා කිරීමට පමණි. උගත හැක්කේ යම් ඒ ඒ බලයන් භාවිතා කල හැකි ආකරය වන සීමාව වන තුරු පමණි. එ් නිසාවෙනි නාමමාත්‍රව පමණක් දැන ගනීම ප්‍රමාණවත් වන බව මා පැවසූයේ
+ හොදමයි තෙවැන්න
– තෙවැන්න ක්ෂුද්‍ර ජීවි හෙවත් අප ඇසට නොපෙනෙන තරම් කුඩා වූ හා ජෛව තාක්ෂණය හෙවත් වෙසනේනාවූ සියලුම ජීවින්ගේ බෝවීම – පැවතීම – නැතිවීම පිළිබඳ අවධානය යොමු කරන ලද්දකි.
සිවුවැන්න – රස විද්‍යාව නොහොත් ලෝහවල විදයාව හා පරිවර්තය පිළබඳව ය . පඨවි ආපෝ තේජේා් වායෝ වලට යත් සියළුම දෑ යම් යම් අවස්ථාවන් වලදී වෙනම හැසිරීම පිළිබදව ඒවා ක්‍රමවත්ව සකස් කිරීම රිසි පරිදි බාවිත කිරීම මෙයට අයත්ය…
රජුනි නුඹ දන්නේද අතීතයේ රන්මුවා දේවොල් පවා ඉදිවූ අයුරු ! මහා අනර්ඝ විශාල ප්‍රමාණයේ මැණික් සොයා ගත් අයුරු
+ නැත
– මා පෙර පැවසුවාක් මෙන් ඔබ වහන්සේ ඉදිකරන්නාවූ දා ගැබ සඳහා ඒ සියල්ල සැපයාගන්නා අයුරු මා කියා දෙන්නම්.
+ රන් රිදි මුතු මැණික් ???? මේ දේශයෙන්ම.. දා ගැබකට තරම් ම..! හමුවේද ?
– ඒ කිසිවක් හමු නෙවේ … ඒ සියල්ල තනා ගත යුතුය.. ඒ අප සපයන්නම්.
සයල්ලෙහිම ඇත්තේ පඨවි ආපෝ තේජේා් වායෝ මුසු වීමක් පමණි.
+ ප්‍රීතීයි… ථේරපුත්තාභයනි.. පස් වැන්න …..?
=======
— කුරුළු–
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න )
( සත්වන කොටස හා සබැඳි )
==============================
+ දිගු ධර්ම දේශනාවක්ද ?
– නැත, ධම්ම පද ගාථාවකි..
“අප්ප මාදෝ අමත පදං – පමාදෝ මච්චුනෝ පදං
අප්ප මත්තා නමීයන්තී – යේප මත්තා යථා මතා”
+ අර්ථය
– මහරජ… පමා නොවූ අය අමෘත පදය ලබන්නේය. පමා වූ තැනැත්තා ඉක්මනින් මරු කරා යයි.
නොමියන අය නම් අප්‍රමාදව පින්කම් කරන අයයි. පමාවූ අය ජීවත් වුවත් මැරුණාක් මෙනි…!
+ සාධු සාධු සාධු
– බල කාමයෙන් මද කාමයෙන් මත් වී හෙම්බත් වී සිටි අශෝක රජු තුල වූ ඡණ්ඩය යටපත් කොට ධර්මය ඉස්මතු කරගැනීමට හැකිවිය.
+ තේරපුත්ථාභයනි නුඹ පවසන්නේ ඒ එක ගාථාවකින් අශෝක රජුන් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වෙත පැහැදුනු බව ද ??
– එසේය ගැමුනු රජුනි.. ” හොඳ අශ්වයෙකුට කසයේ හෙවනැල්ලත් ඇති.. හේ නිසි මග යන්නෝ ම ය.. !!
+ ඉන් පසුව… !
==============================
- ඉන් පසුව අශෝක රජ තමන් තුල පැවති පසුතැවිල්ලත් සිත තුල ඇති කණස්සලු බාවයත් මුල සිට අගට සිද්දීන් ගලපමින් කියා සිටියේය. එපමණක්ද නොව රට නගා සිටවීමටත් තමන්ට ත් රට වැසියන්ටත් අස්වැසිල්ලක් ගෙන එන්නාවූ යමක් වේනම් ඒ ක්‍රියාත්මක කිරීමට කැමති බවද එක හෙලාම කියා සිටියේය. ඉතින් මා මාගෙ කාර්යය ඉටු කරන ලදි.
+ කෙසේද
- දස බලයන් ගැන පහදා දී ඒ කැඳවීමි. එතැන් පටන් අප දස දෙනා අපට නියමිත කාර්යයන් ඉටු කලෙමු.
+ එහෙත් මා දන්නා පරිදි නුඹ ගැන ඒ පළමු හමුෙවන් පසු සඳහන්ව නැත. අශෝකයන් එ සියල්ල සිදු කලේ රහතන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් බවයි සදහන
- සත්‍යකි. මා නුඹට කියමි . මාගේ අණ වන්නේ බුදු දහම රැක ගැනීම පමණි එබැවින් මා ඒ සදහා ඔහුව යොමු කලෙමි. එහෙත් අප අතර වු ගිවිස ගැනීම එලෙසම පැවතිනි. දස බලයන් පහල වී ඒ වන විටත් විනාශ වෙමින් තිබුන සියලු ශිල්ප ශාස්ත්‍ර, විද්‍යා, ගුප්ත රහස් , අංක විද්‍යා , රස විද්‍යා ආදී සියල්ලම එකතු කරන්නට වීමු.
+ කිමද
- රජුනි ඒ , ඒ වන විටත් ඒවා මනුශ්‍යන්ගෙන් ඇත් වෙමින් තිබුන බැවිනුත් මේ ලොව පැවැත්මට ඒ දැනුම අතිශ්‍ය වැදගත් නිසාවෙනුත්ය. අනෙක් කරුන නම් ඒ සියල්ල රාවණයන්ගේය. නමුත් මේ සියල්ල සිදු වූයේ රහසිනි.
+ ඒ දස බලයන් පිලිබදව රටවැසියන් දැන ගන්නා නිසාවෙන්ද
- නැත. අප විසින් ඒ එක් රස් කරන්නා වූ දැනුම ලොවට බෙදා දෙන ලද්දේ රාවණයන් විසිනි. ඒ විනාශයට පත් කල අන්දම නුඹ වහන්සේ දනිතැයි සිතමි.
+ රාමායණය ද ?
- දන්නා පමණින් එසේයැයි කියමු. එයින් පසු හෙලය විනාශ කිරීමේ අරමුනිනින් මනු ලොව යම් යම් ස්ථාන වල විසිරුවා හැර යටපත් කර ඇති රාවණ ශිල්ප, දැනුම එක් රැස් කිරීම අපට භාරය. අශෝක රජුත් අපත් අතර ගිවිසුම එයයි. ඔහු අප පෙන්වු මගෙහි අප උදවු ඇතිව බුදු දහම නැවත නගා සිටුවීය. අප ඔහුගේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව රාවණ විද්‍යාවන් එකතු කරගතිමු.
+ ඉදින් ඒ සඳහා නුඹලාට රාජ්‍ය බලයක් අව්‍ශ්‍ය මද ?
- මා රජුණි පවත්නා ලොවට රටාවක් ඇත, මේ දේශයෙහි අප දස දෙන පැමිණ නුඹටත් ඉහලින් යමක් කෙරෙත් නම් පලමුව සටන් ඇරඹෙන්නේ නුඹ සහ අප අතර නොවේද ? ඒ හැරත් රාජ ධර්මයට ගරු කිරීම රාවණ පිලිවෙතයි.
+ පිලිගනිමි. නුඹලාගේ කාර්යය සම්පූර්ණ කලේද
- එසේයැ. අප නවයක් වූ දෙනා විසින් සොයා එකතු කල දැනුම ග්‍රන්ථ නවයක් සම්පාදනය කලෙමු.
+ නවයක් යනු දස බලයෙන් නුඹ හැරද ?
- එසේය මා අයිති නැත මා පණිවුඩ කරුවෙකු පමණි. අවශ්‍ය සියලු කාරණ දහයම එක් වු විට රාවණ බිහිවෙයි. එහෙත් එවර එවැන්නක් අවැසි නොවීය.
+ දැන් ඒ ග්‍රන්ථ කොහි වේද
- කිව නොහැකිය. ඒවා මනුශ්‍ය පරිහරණයෙන් ඇත් කර තැබීමට අප කටයුතු කලෙමු. ඒ කිසිකෙනෙකුන් වත් නොකියවිය යුතු දැන නොගත කරුනු ලෙස අප , අප තුලම තබා ගතිමු.
+ එහෙත් නුඹ පෙරදී පැවසූවේ ඒවා රාවණ විද්‍යාවන් බවත් ඒ මනු ලොව වැසියන්ට වටිනා දැනුම බවත්ය
- එසේය ඒ එකලය. නමුත් අධර්මිෂ්ටයන් අතට එවන් දැනුමක් ලැබීම තරම් භයානක කමක් තවත් නැත්තේය.
+ ඒසේ නම් ඒ ධර්මාශෝක රජුන්ට ලබා දුන්නාද
- නැත. ආරම්භයේදී අප පැතුම වූයේද බුදු දහම මෙන්ම මේ දැනුමද ලොව පුරා එකෙස් බෙදා දීමය
+ ඉදින් නොකලේ ??
- චණ්ඩාශෝක කිකලෙකවත් ධර්මාශෝක නොවුනි. ඔහු චණ්ඩාශෝකමය..
+ ඔහ්.... කුමක්ද ?? ඔහු ධර්ම ප්‍රචාරය කලේ ය මා දන්නා පමණින් ඉතාමත් වටනා සේවාවන් රැසක්ම ගෝතම සසුන රැක ගැනීමට සිදු කලේය.
- ඒ නුඹ දන්නා තරමය. සියල්ල අනෙක් පිට හැරවූයේ ධර්ම ප්‍රචාරණය ඇරඹිමත් සමගය.
+ එසේ නම් අශෝක ගිවිසුම බින්ඳා..
- මුල් කාලයේදී ඔහු ඉතා මත්ම ඔනැ කමින් විසිරී තිබු බුදු දහම එක් රැස් කොට ඒ ස්ථම්භ වශයෙන් ස්ථාපනය සිදු කලා . ගෝතම ධර්මයට මුල් තැනක් මුලු රාජ්‍ය තුලම ලබා දුන්නා. එහෙත් කල් ගත වත්ම අපගේ රාවණ විද්‍යාවන් වල වාර්තා දක්ත්ම පර්ශීලනය කරත්ම පෙර සිටි චණ්ඩාශෝක එලි බැස්සා.
+ නොවැටහිනි
- අශෝකයන් ධර්ම ප්‍රචාරය කරන ලද්දේ ඒ ඒ රාජ්‍යන්ද තමන් පාලනයට නතු කර ගැනීමටයි. ඒක ධර්ම යුදධයක් ..
+ ඔහ් මා සිතුවා හරි.. අහෝ තිස්ස රජුන්.
- හ්ම්.. ඔහු ධාර්මික පාලකයෙක් බුදු දහම නිති අනුගමනය කර ධර්මයෙන්ම පාලනය කරන ලද්දෙක්..
+ ඉන් එහාටත් පවසව ථේරප්ත්තභායනි ඉවසුම් නැත....
- ඉවසුව මැනවි රජුනි.....
————————– සෙස්ස පස්සට
—කුරුළු—
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )
( සයවන කොටස හා සබැඳි )
==============================
+ හ්ම් වන්නක්ම වේවා ..! බුදු දහමට සෙත් ක්ෂාන්තියක් වේ නම් මගේ ගැන කමක් නැත..
– ඒ දිවුරා කියමි.. කොපමණ කාලයක් මේ හෙල ද්වීපයේ බුදු සසුන මුල් බැස රැකෙන්නේද
ඒ තාක් කාලයම නුඹ වහන්සේගේ ශ්‍රී නාමයද ඒ හා බැඳීපවතින්නෝමය… අනාගත වැකියක් කියමි…
+ කිමෙක්ද ??
– යුද්දයෙන් පසු බුදු දහම උදෙසා නිමවෙන ලේ හෙල ද්වීපයේ මහා වැඳූම් පිදුම් ලබන්නාවූ අසිරිමත්ම නිමැවුමක් වන චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කිරීම අරඹන්නෝ ඔබය.
+ ජය වේවා…. ! ඉදින් අශෝක සමයේ නුඹ තතු කෙසේද පවසනු ..
– මෙ වන විට ඔවුන් අප හදුන්වන්නේ නම නොදත් අභිරහස් නව දෙනා ලෙසිනුයි…. !
+ ඒ ඇයි………
======================= එතැන් සිට
– ඒ හැටිය. යුද්ධයෙන් පසු එක් වූ නිසාවෙනි. බාගදා අප යුද්ධයට හවුල් වූවානම් අපගේ නාමයන්ද ඉසිහාස ගත වනු ඇති.
+ එසේනම් මේ යුද්ධයෙන් පසු ?
– නුඹගේ නාමය පවතින තාක් කල් අප නාමයද පවතිනු ඇත. ඒ ඒකාන්තයි
+ නම නොදත් නව දෙනා … හ්ම් ….
– එසේයි.. මහා යුද්ධයකින් පසුව රටක් තුල පැන නගින ගැටළු බොහෝයි.
+ ඒ කිමෙක්ද
– පවසමි. නුඹද ඒ දැන සිටීම වටනේය රජුනි.
+ එසේය
– යුද්ධය පවතින කාලයේදීනම් වැසියා ඒ ඉවසා සිටිනු ඇති , තමන් සතු ශ්‍රමය , ධනය , බලය කැප කරමින් වෙහෙස වෙමින් උදවු උපකාර කරන්නෝය.
නමුත් යුද්ධය නිමා වු පසු දින සිට ඔවුන් තමන්ට වු අලාභ ගැන බලති, යුද්ධයෙන් පසු තමාන්ට ලැබුනේ කුමක්දැයි සොයති,
එයින් පසු හේවායන්ව සිටියවුන් ගම් වැදී කර්මාන්ත ආරම්බ කරන්නට සිදුවේ.
+ හ්ම්
– ටික කාලයක් යත්ම තම තමන්ට ඒ එ වෘත්තීන් මගින් ජීවතිය අසීරු වූ තැන්හී අතරමැදදි මංකොල්ලා කෑම්, පැහැර ගැනීම් , කලකෝලාහල ඇති වීම සිදුවේ.
+ අහෝ.. යුද්ධය…
– දේශාන්තර යුද්ධයකට වඩා මේ වැසියා තුල නැගෙන යුද්ධය භයානකය. එවිට අහිමි වන ජීවිතද , පිරිහෙන සෞඛ්‍ය,
ආරක්ෂාව, අධ්‍යාපනය, ධන ධාන්‍ය, ආගම ආදී විවිද පැති කඩ ඔස්සේ දිවෙයි. පාලනය අසීරුය. වැසියා යුද්ධයෙන් පසු , තම රජුගෙන් ඉන් එහාට වූ යැපීමද බලාපොරොත්තු වේ.
චණ්ඩාශෝක රජු මුහුණ දුන්නේ එයටය.
+ අවාසනාවක් මය… මේ යුද්ධය
– අවාසනාව එය නොවේ රජුනි.. යුද්ධයෙන් රජෙකු හට තම සිත තුලම ඇති වන්නා වූ කල කිරීමයි
+ ඒ ඇයිද, දිනීමක් නම් සුතුටු විය හැකිය.
– අශෝක රජු යුධයෙන් නැසුවේ තම සොයුරන් අනූ නව දෙනාවය. ඉතිරි කලේ තම සොහොයුරු පමණකි
+ චණ්ඩාශෝක …………. බල කාමය……
– එසේ විය හැකිය. කාමයෙහි වරදවා නොහැසිරිය යුතුය රජුනි.. බල කාමය, රෑප කාමය, මද කාමය, ධන කාමය, රති කාමය ආදී කී නොකී සියළු දැ කාමයන්මය…
එහි වරදවා නොහැසිරිය යුතුය.
+ හ්ම් දනිමි… සිතමි..
– යුද්ධයක් දිනූවත් තම සොහොයුරන් ගේ මල කඳන් මතින් නැගෙන මතකයන් නිතර නිතර කියැවෙන ඔවුන්ගේ නාමයන්,
රාත්‍රියට සිහිනයෙන් පෙනෙනා නිරන්තර පෙනී නොපෙනී යන ඔවුනගේ පලි ගන්නා ආත්මභාවයන් වෙළාගෙනද අනතේ අතින්
රට තුල ඇති අස්ථිර භාවයද දිනාගත් කිරුල කවුරුන් හෝ ඩැහැ ගනීවීයැයි බියයෙන්ද චණ්ඩාශෝක රජු කර කියා ගන නොහැකිව වල්මත්ව සිටියෝය.
+ බලය උදෙසා වූ යුද්ධයක් නම් අවැසි නැතියි මට සිතී බොහෝ කල්ය. එහෙත් මේ රට රැකිය යුතුය දහම රැකිය යුතුය..
– අශෝක රජුගේ අවස් මහා යුද්ධ වූයේ කාලිංගය යටත් කර ගැනීමයි. එහිදී ගිණිය නොහැකි තරමේ තරමක් දෙනා මිය ගියහ ,
ආබාධිත වූහ, රෝගාතුර වූහ, අවතැන් වූහ…. දිනෙන් දින රජුගේ කල කිරීම වැඩි වත්ම
ගෝතම බුදු දහමද පිරිහෙන්නට පටන් ගැනුනි. එවැනි වූ අවධියකය අප දස දෙනා එහි පෙනී සිටියේ…
+ එය සිදු වූ සැටියෙන්ම පවසන්න .. රසවත් යැයි දනිමි.
– එය කල නිග්‍රෝධ නම් වීමි….සාමණේර අවිධියේ පසුවීමි..ඇතුලු නුවරත් පිඩුසිගා වැඩීමි..
මාලිගය ආසන්නයේ දී දානය පිරිනැමුයේ එහි මුළුතැන් ගෙයිනි. ඒ සිරිතකි. කෂාය වස්ත්‍ර ධාරීන් / පූජකයන් සඳහා මාලිග මුළුතැන් ගෙයින් පිඩු ලැබේ.
+ හ්ම්
– සත්වෙනි දින අශෝක රජු ඉහල මාලයක සිට නිග්‍රෝධ සාමණේරයන් දැක දානය පිරි නැමීම උදෙසා මාලිග ඇතුලට කැඳවන ලදී.. එහි ගියමෙි.
රජු සාමණේරයන් වහන්සේ වැඳ පිළිගෙන රාජ සභාව තුල ඇති තමන්ට සුදුසු අස්නක හඳගනු මැනවැයි ආරාධනා කලේය.
ඒ එලැඹියේ ගණින ලද සුභ ලකුණුද , රාශී චක්‍රයද ගැලපෙන මුහුර්තයයි.. ගෝතම අනුගාමිකයන්වහන්සේ කෙනෙකුට තරම් ලෙස එහි වූහේ සිංහාසනය පමණි… එහි හිඳගතිමි…. !!
+ එවිට අශෝක රජු..
– රජුනි…! සුභ ලකුනු , රාශී, තත් කාලය අනුව බලා පිඹිමකින් ඇතෙකු වුවද දණ නැම්මවිය හැකිය..
ඒ ඊට සුදුසම වේලාවයි.. අශෝක රජුගේ ජීවිතකාලයේ ලියැවී තිබු ස්වර්ණමය මොහොතයි….
නීග්‍රෝධ වූ මා එය ප්‍රයෝජනයට ගතිමි. රජු ඒ අසලින්ම බිමින් හිඳගති..
+ පසුව..
– දානය පිළිගන්වා, දානාවසානයේදී ධර්ම කරුනු විචාරන්නට විය..
+ දිගු ධර්ම දේශනාවක්ද ?
– නැත, ධම්ම පද ගාථාවකි..
“අප්ප මාදෝ අමත පදං – පමාදෝ මච්චුනෝ පදං
අප්ප මත්තා නමීයන්තී – යේප මත්තා යථා මතා”
+ අර්ථය
– මහරජ… පමා නොවූ අය අමෘත පදය ලබන්නේය. පමා වූ තැනැත්තා ඉක්මනින් මරු කරා යයි.
නොමියන අය නම් අප්‍රමාදව පින්කම් කරන අයයි. පමාවූ අය ජීවත් වුවත් මැරුණාක් මෙනි…!
+ සාධු සාධු සාධු
– බල කාමයෙන් මද කාමයෙන් මත් වී හෙම්බත් වී සිටි අශෝක රජු තුල වූ ඡණ්ඩය යටපත් කොට ධර්මය ඉස්මතු කරගැනීමට හැකිවිය.
+ තේරපුත්ථාභයනි නුඹ පවසන්නේ ඒ එක ගාථාවකින් අශෝක රජුන් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වෙත පැහැදුනු බව ද ??
– එසේය ගැමුනු රජුනි.. ” හොඳ අශ්වයෙකුට කසයේ හෙවනැල්ලත් ඇති.. හේ නිසි මග යන්නෝ ම ය.. !!
+ ඉන් පසුව… !
————————– සෙස්ස පස්සට
—කුරුළු—
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )