( පස්වන කොටසින්)
– මා රජුනි. නුඹ අශෝක ඉතිහාසය නොදන්නේද ?
+ ධර්මාශෝක වූ චණ්ඩාශෝකද ??
– එසේයැ.
+ ඔහුත් සක්විති රජකම පතා රට එක්සේසත් කරමින් යුධ කල බව අසා ඇත්තේමි.
නුඹ පවසන්නේ ඒ යුධ කලේත් නුඹගේ සහයෝගයෙන් බවද ථේර පුත්ථාභයනි
– එහි කතාන්තරය වෙනස්ය …. චණ්ඩාශෝක ධර්මාශෝක වූ සැටි අසා නැතිද ?
+ එසේය, කලකිරීමකින් පසුවන විටක ගෞතම බුද්ධ සාසනයේ සාමණේර නමක් දැක දහම දැන ගත්තායන් පසු බව සැවොම දන්නා කරුණකි.
– හ්ම්… ඒ සාමනේරයන් කවුරුන් කියා සිතත්ද ?
+ ……………………..ඔහ්…. ඒ ඔබද ??? එසේනම්
– එසේය… ධර්මාශෝකයන්ගේ අභිරහස් නවය වූ දෙනා පිලිබදව නුඹ අසාතැතිද ???
+ නැත .. පවසනු මැනවි…
– අවසර…..
========== එතැන් සිට ………..
.
– අප දස දෙනාගේ මීට පෙර භවයන් ගැන නුඹ අසා සිටියා.
මේ දැන් භවයට පෙර ඉතා මෑතම වන අප ලොව පහල වීම අශෝක අධිරාජයාණන් ගේ කාලයෙදී සිදු වුනා
+ බුදු දහම රැකීමද ?
– එසේය. මහා මිනිස් ඝාතනයකට පසුව රටෙහි අස්ථීර භාවයක් පැන නගිමින් තිබුනා.
බුදු දහමෙහි පැවැත්මේ සමතුලිත බව බිඳී ගියා. ආශෝක රජු දිගින් දිගටම වැසියා පෙලමින් යුද්ධයම අනු දැන වදාළා.
යින් බුදුදහම විනාශවීමේ අවදානමක් පැන නැගුනා. පැහැදිලිවම බුදු දහම රැක ගැනීම පිණිසම අප දස දෙනා එකල මෙලොව සැරිසරන්නට වුනා.
+ ඒත් යුද්ධයෙන් පසු..
– එසේය.. එවර යුද්ධයට පසු… යුද්ධයට අපගේ අනුබලයක් තිබුනේ නැත.
යුධය අපට අයත් කාරණාවක් නොවුනි ඒ හුදෙක් බලය අල්ලා ගැනීම උදෙසාම පමණක් වූ යුද්ධයක් නිසාවෙන්.
නමුත් පෙර කීවාක් මෙන් යුද්ධයෙන් පසු ඇති වූ අවදානම නිසා අප එහි ගියා.
+ ඉදින් මෙවර යුද්ධයට පෙර ??
– ඒද එසේමය.. මේ හුදෙක් බලය අල්ලා ගැනීමක් නිසා නොව වසර ගණනාවක් මේ හෙල ද්වීපය තුල පවතින ගැටලුවකට පිලයම් වශයෙන් සිදු වන්නාවූ යුද්ක්ද නිසාවෙනි.
මෙයින්ද බුදු දහමට වන බලපෑම බොහෝයි..
+ නැවත අසමි අභය, යුධ නොකර මෙයින් දිනන මගක් නැත්තේද ?
– රජුනි වැනසීමක් උදෙසා යුද්ධ කිරීම එකකි, රැකීමක් සඳහා යුධ කිරීම තවෙකකි.. නුඹ රකින්නාගේ පාර්ශවයැයි දනිමි..
+ එසේනම් එලාර රජුත් එසේම නොවේදැ , තමන්ගේ පිරිස රැකීම උදේසා නොවේද ?
– නැත වෙනසක් තිබේ.. එලාර රජු දිනූහොත් මේ හෙලයටත්න් බුද දහමටත් ට යන කල දසාව කවරේද දැයි අප හොදින් දනිමු.
ගැමුණ රජු දිනූවොත් හෙලයන්ටත් බුදු දහමටත් සිදු වන දේත් දනිමු. නැවත කියමි අප පෙනී සිටින්නේ බුදු දහම උදෙසාම පමණි. ඒ රැකෙන්නේ කොතැනද අප ශක්තීන් ඒ හා ඒකාත්මික වන්නේමය.
+ බාගදා , ගැමුණු වන මාත් එලාරත් යන දෙදෙනා ගැන නුඹ පවසන කාරනා දෙපසට මාරු වී තිබුනේ නම්..
– එසේනම් අපේ සහය ඒකාතයෙන්ම එලාර රජුන්ටය. එහෙත් මේ සංසාර චක්රරයෙහි තවත් එක් භවයක් පමණි.
නුඹ රාවණ ලේ උරුමයක් ලෙසින්ම ලොව එලිය දකින්නේ එබැවිනි.
+ අපැහැදිලිය …
– එලාර රජුත් නුඹත් මේ සටන් පදින්නේ පලමු වරට යැයි නුඹ සිතත්ද රජුනි,
+ නොමැතිද ?
– හහ් හහ් හහ් මේ මීට අවුරුදු දහස් ගනනක සිටම නුඹලා සටන් වදින්නෝය. ඉදිරියටත් එසේමය..
+ මිදීමේ මගක් නැතිද ?
– මෙතේ බුදුන් වඩින තුරු ඉවසි යුතුය. බිය නොවන්න කනස්සලු නොවන්න අපද නුඹ සමගම බැඳී පවතින්නෙමු.
මෙලෙස මා මේ කරුණු පහදන පළමු අවස්ථාවද නොවේ රජුනි..
+ අභය.. මට මේ කියව.. යුද්ධය නිසාවෙන් අශෝක රජුන් – චණ්ඩාශෝක ලෙසින් හැදින්වුවා..
එහෙත් නුඹ පවසන පරිද්දෙන් නුඹලාගේ මැදිහත් වීමද ඇතිව පසු කලෙක ජන ප්රවසාදය දිනා ඔහු චණ්ඩාශෝක වෙනුවට ධර්මාශෝක නමින් වෙනස් වුවා…
එසේ නම් මා කෙරෛ් තතු කෙසේද ??
– ධර්මය පිණිස හෝ වේවා නොවේවා යුද්ධය නම් යුද්ධයමය.. දෙපාර්ශවයම පාඩු ලබන්නෝමය..
එහි මෙහෙය වන්නෝ එක් පසෙකින් ඇගයීමටත් අනෙක් පසින් ගැරහීමටත් ලක්වන්නෝමය …
+ අහෝ අභය… මාද ගැරහීමට ලක්වනේද ??
– සමාවුව මැනව.. එසේය මා රජුනි.. යුද්ධයෙන් පසු නුඹ “දුට්ඨ” ගාමිණි හෙවත් දුටු ගැමුණු ලෙසින් නම් ලබන්නෝය. එය වෙනස් කල නොහැක.
+ විපතකි.. චණ්ඩාශෝක … ධර්මාශෝක වූවා සේ මා දුෂ්ටත්වයෙන් මුදවන්නේ නැතිද ??
– සිදු වන්නට ඇති දේ සිදු වේ.. කාලය යනු එකම රේඛාවකි රජුනි. අනාගතය දැනටම ලියැවී අවසන්ය..
අතීතය ගෙවී අවසන්ය.කාල රේඛාවට බලපෑම් කිරීමට අපට අවසර නැත.වන්නේ නම් ඒ මහා රාවණ කැමැත්තේම සිදු විය යුත්තකි . චණ්ඩාශෝක යුද්ධයට පසු අප හමුවීමෙන් ධර්මාශෝකනම් විය…
+ ඉතින් මම ??
– අප නුඹ හා එක්වන්නේ යුද්ධයට පෙරාතුවය. . වෙනස එයයි..!
+ හ්ම් වන්නක්ම වේවා ..! බුදු දහමට සෙත් ක්ෂාන්තියක් වේ නම් මගේ ගැන කමක් නැත..
– ඒ දිවුරා කියමි.. කොපමණ කාලයක් මේ හෙල ද්වීපයේ බුදු සසුන මුල් බැස රැකෙන්නේද ඒ
තාක් කාලයම නුඹ වහන්සේගේ ශ්රී නාමයද ඒ හා බැඳීපවතින්නෝමය… අනාගත වැකියක් කියමි…
+ කිමෙක්ද ??
– යුද්දයෙන් පසු බුදු දහම උදෙසා නිමවෙන ලේ හෙල ද්වීපයේ මහා වැඳූම් පිදුම්
ලබන්නාවූ අසිරිමත්ම නිමැවුමක් වන චෛත්යේ රාජයාණන් වහන්සේ ඉදි කිරීම අරඹන්නෝ ඔබය.
+ ජය වේවා…. ! ඉදින් අශෝක සමයේ නුඹ තතු කෙසේද පවසනු ..
– මෙ වන විට ඔවුන් අප හදුන්වන්නේ නම නොදත් අභිරහස් නව දෙනා ලෙසිනුයි…. !
+ ඒ ඇයි………
——- කුරුළු—
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )
( සිවුවන කොටස හා සබැඳි )-
– දොරටුව !! නුඹ දොරටුව හැර අවසානයි රජුනි.. දැන් ඇත්තේ ඉන් ඇතුළු වීමටයි.. ජය ශ්‍රී …. !
ථෙරපුත්ථාභය එක්වරම අංශු බවට පත්ව වා තලයට මිදුනි.
ගැමුණු රජ දෑස් හැරියේය.. තමා සිට ඇත්තේ භාවනාවේය..
පද්මාසනයෙන් හිද අතෙහි වු වජ්රා ව දිලිසෙනු පෙනුනි..
සයනය අසල තවමත් නව යෝධයන් හිඳිති.
එසේ නම් මේ සියල්ල තමා දුටුවේ…… භාවනාවෙන්ද ??
එසේනම් ථේරපුත්ථාභය……..
ඔහු වාචාලිය යුතුය… ! මේ බ්රලහ්ම මුහුර්තියයි. රාජ සභාවේදි ඔහු විචාරමියි සිතීය..
ගැමුණු රජ සයනයෙන් බිමට දෙපා තැබුවා පමනි.. දොර අසල ඡායාවකි..
වහා තම අසිතපත අතට ගත් රජු..
+ කවුරුන්ද පිලිතුරු දෙව….
— රජුණි මා ථෙරපුත් අභය වෙමි. නුඹ මුණගැසීමට පැමිණියෙමි. භාවනාව අරඹයාය..
ගැමුණු රජු සෙමින් සයනයෙන් බැස කුටි දොරටුව වෙත පියමං කර එක් දොර පලුවක් මඳක් මෑත් කර බැලීය..
– අසිපත බිම දමන්න.. සැක හැරින්න මා මහා රාවණ අණ රැගෙන ආමි. නුඹට ජය වේවා …!
============== එතැන් සිට ………..
.
+ ඇතුලුවව ථේර පුත්ථාභයනි නුඹට අවසර.
– එසේය මහරජ
+ මා සයනෙහිම අසුන් ගන්න. මාගේ භාවනාව අරභයා පැමිණි බවක් සදහන් කලා මතකයි
– එසේය රජතුමනි
+ එසේනම් මා දුටු විඳි සියල්ල සත්යරක් !
– එසේය
+ විස්තර කිරීමක් කල හැකිද
– කිනම් කාරණා ගැනද ?
+ ථේරපුත්ථාභ මේ වනවිටත් එළාරයන් යුධ සේනාව රැස් කරන බව සැළයි. එහෙත් මා යුධ කල යුතුමද ?
– සැකයක්ද ?
+ දෙගිඩියාවකි.. යුධයෙන් තොරව මෙය විසදිය හැකි අයුරක් නැතිද ?
– නුඹ පියානන් අනුදැක්කේ ඒ මග නොවෙද ?
+ හ්ම්..
– රජුනි. නුඹ පියාණන්ට කොතෙක් බිනූවත් ඔහු බිය ගුල්ලකු නොව ඔහු ශ්රේ?ෂ්ටය වයසට යත්ම යුධ බලය මද බව දැන දැන හෙතම යුධයට නොගියෝය.
+ ඉතින් මා නොයැවූයේ…
– ඒ තරුණ මදය යැ. එදවස නුඹ යුධයට එළැබුනේනම් කිසිදු පෙර හුරුවක්, යුධ හුරුවක් , අණ හුරුවක් නැති නුඹ පරදිනු නිසැකයි. අනෙක් කාරණාව අපට සේවේ ඌනතාවක් පැවතුනි.
ඒ සදහා අවම වශයෙන් ලක් දෙරණ පහත කොටසත් එක අණකට ගෙන ආ යුතුය. ඒය නුඹ පියාණන් මැනවින් ඉටු කලේය.
+ එ කෙස්ද ?
– තමා සමග වෛරයෙන් සිටි කල්යාසණි නදිය ආශ්රිුතව හුන් කැලනි තිස්ස රජුගේ දුවණිය විහාර මහා දේවිය විවාහ පත් කර ගැනීම ම මදැ.
+ මෑණියන් වහන්සද ?
– හ්ම්. එසේය රජුනි. අදටත් නුඹ පිටිපස සිටින මහා වීර සෙවනැල්ල ඇයම බව දනිමි. නුඹ පියාණන්ටද එසේමය ඇය වීර කාන්තාවකි. මරණිනන් මතු දිව්ය ලෝක සම්පත්තියම ලබන්නීය.
+ හ්ම් එය එසේද ? එසේ වී නමුත් තවමත් දෙගිඩාවිනි.
– මහරජුනි. බිය නොවන්න
+ බියක් නැත ථේර පුත්ථාභයනි.. දුකක් ඇත. මහා මිනිස් ඝාතනයක් වනු ඇත එහි ලෙයින් මා දෑත් නැහැවෙනු ඇත. මිනිසුන් නසා ජයගන්නා රටක් කුමට !
– නුඹ එදවස සිටියේ යුධ කිරීමේ අභිප්රාතයෙනි. මාළිගයෙන් පැන ගියේද ඒ අටියෙනි. නමුත් දැන් කිම.
+ හහ් හහ්.. නුඹ කීවාක් හරිය. ඒ තරුණ මද ය ය. මේ කිරුලු හිස රදවා සිංහාසනාරෑඪ වූ පසුය එහි බර දැන්නෙනුයේ.
වගකීම දැනෙනුයේ. පියාණනන් හරිය. සිහිනය ගැන නැවත සිතන්නනෙමි. නුඹේ තීරණය කුමක්ද? රාවණ තීරණය කුමක් විය හැකිද ?
– රජුනි. අප පෙනි සිටිනුයේ මේ හෙළද්වීපය වෙනුවෙනුත් සම්බුද්ධ ශාසනය වෙනුවෙනුත් පමණි. ඉන් එහෙට අප දස දෙනාගේ කිසිදු මැදිහත් වීමක් නැත.
+ යුද්ධය නුඹේ කාරණා දෙකටම බලපෑමක් නැතිද ?
– නෙව්නම් අප මේ ලෙස මේ ලොව මෙ කාලයේ එකවර පහල නොවන්නෙමු .. මම නුඹට කියමි.. දැනටමත් යුද්ධය ඇරඹී අවසන්ය..
පෙරට තැබූ පය පසු පසට නොගන්න..
මහා රාවණ දසිස් ශක්තීන් නුඹ වෙනුවෙන් ය. යුද්ධය දිනන්නේමය මා ප්ර්තිඥාදෙමි.
+ නුඹට ජය වේවා ථේර පුත්ථාභයනි නුඹ දස දෙනාට මා කවදත් ලබැඳිය. නුඹ මින් පෙරත් මෙවැනිම අවස්ථාවක බුද්ධ ශාසනය රැක ඇතතේද ? නැතිනම් ……
– මා රජුනි. නුඹ අශෝක ඉතිහාසය නොදන්නේද ?
+ ධර්මාශෝක වූ චණ්ඩාශෝකද ??
– එසේයැ.
+ ඔහුත් සක්විති රජකම පතා රට එක්සේසත් කරමින් යුධ කල බව අසා ඇත්තේමි. නුඹ පවසන්නේ ඒ යුධ කලේත් නුඹගේ සහයෝගයෙන් බවද ථේර පුත්ථාභයනි
– එහි කතාන්තරය වෙනස්ය …. චණ්ඩාශෝක ධර්මාශෝක වූ සැටි අසා නැතිද ?
+ එසේය, කලකිරීමකින් පසුවන විටක ගෞතම බුද්ධ සාසනයේ සාමණේර නමක් දැක දහම දැන ගත්තායන් පසු බව ප්‍රසිද්ධ කරුණකි.
– හ්ම්… ඒ සාමනේරයන් කවුරුන් කියා සිතත්ද ?
+ ඔහ්…. ඒ ඔබද ??? එසේනම්
– එසේය… ධර්මාශෝකයන්ගේ නමනොදත් නවයක් වූ දෙනා පිලිබදව නුඹ අසාතැතිද ???
+ නැත .. පවසනු මැනවි…
– අවසර…..
——– කුරුළු ———
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )
( තෙවන කොටස හා සබැඳි )
—
+ මින් පෙරත් නුඹ දසබලයන් මෙහි පැමිණ ඇත්ද ??
– රජුනි අවශ්යන මොහතක දස බලයම මේ හෙලයට කැඳවීමේ වරම ඇත්තේ මා හටය.
ඒ නැතත් මොවුන් නව දෙන විටින් විට එක් අයකු දෙදෙනුකු ලෙස හෝ මෙහි ඉපිද ජීවත් වන්නෝය.
අනෙකුන් එක් එක් දෙවුලෝ බ්‍රහ්ම ලෝ තුල ඉපිද මෙ දෙස බලාසිටින්නාහ. මේ හෙලය ,
ගෝතම ධර්මය නැසීයාමට ප්රිථම එය රැක ගැනීමට දොලොස් වතාවක් මෙහි පහලවිය යුතුය..
+ දොලෙස් ??? එය නියමිතද ??
– එසේයැ. ඒද රාවණ අණයි.. නුඹ සතු රුද්රාව මාලාවෙහි රුද්රාත කීයක් වේද රජුනි.
+ සීයකුත් අටකි… ! …..
———— අද එතැන් සිට ———–
.
– එද රාවණ සිද්ධි යකි .. නමුත් නුඹට අමතක වුවේය එහි එකසිය නවයකි.
එකැසිය අටක් අවසන් වු තැන ඒ සියල්ල එක කරන අයුරින් වෙනම තවත් එක් රුද්රාධක්ෂයක් ඇත.
+ එසේය.. මට එය මගහැරුණි ඉන් කියවෙන්නේ කුමක්ද ථේරපුත්ථාභය
– මේ අප නව දෙනා දොලොස් වතාවක් මෙහි පහල විය යුතු බවයි. අංක නවය දහයකුත් දෙකකින් ගුණ කරන්න..
+ එකැසිය අටකි. නුඹ හරිය.
– මේ වන තුරුත් මින් ඉදිරියටත් නොයකුත් ගාථා සුත්රබ මන්ත්රා මේ ගණනින් සිද්ධි කරනු ඇත.
ඒ රාවණ අණට අනුව එය එසේ වන වාර ගනන වැඩි වන්නට වන්නට අප නව දෙන මෙ හෙලයට බැඳී පවතී.
අනෙකුත් එකැසිය නව වන රුද්රාතක්ෂ නම් මම ය.. ! මේ නව බලයන් එක් කරන්නාවු පුරුක වෙමි.
ඒ මාලය අත දරන්නා නුඹය. එනම් බලය දරන්නාය..
+ රුද්රාුක්ෂ මාලාවකට මෙතරම් බලයක් !!!
– හහ් හහ් හ්හ්…. යක්ෂයන්ය අප. හෙලය රකින යක්ෂයන් රකිනු ලබන්නකි.
වචනාර්ථයෙන් ගත්තත් රෞද්ර. යක්ඛ නම් රුද්රා ක්ෂ පැළ දීමත් වැඳීමත් වටනේය ….. නුඹද යක්ෂයන් හා බැඳෙන්නෙකි !!
+ මෑණියන්ගේ පාර්ෂවයෙන්ද?
– නුඹ කුඩා කල” මලය ” රටට පලා ගියේ ඇයි දැයි අසනු කැමැත්තමෙි..
+ ඒ මා පියාණන් මා හට යුධ කිරීමට ඉඩ නොදුන් බැවිණි. තරුණ මදය විය හැකිය ථෙර පුත්ථාභයනි.
– මලය රටට යන ලෙස නුඹට පැවසුවේ කවුරුන්ද ? නුඹ වෙනත් ඕනෑම තැනකට යා හැකි ව තිබුනි.
+ ඔහ්… ඒ මෑණියන්ය … ඇය තමා මා හට පෙරැත්ත කර සිටියේ මලය රටට යන ලෙසත් එහි වැසියන් සමග මුහු වී ජීවත් වන ලෙසත්.
මා සිත්න්නේ එසේ පැවසූයේ මා ගොවිතැන, කම්මල, බෙර , නර්තන , ආදිය ගැමියන්ගෙන්ම උගත යුතු යැයි මෑණියන් සිතු නිසාවෙන් බවයි.
නියමාර්ථයෙන්ම රජෙකු නැගී සිටිය යුත්තේ ජන ප්ර සාදය තුලින්ම යැයි මමද දැන් සිතමි. එවිට පාලනය වඩා පහසුය – යහපත්ය. එය එසේ නොවේද ??
– රජෙකු බිහි වීම සම්බන්ධව නම් එය සත්යදකි නමුත් ඔබ වහන්සේ එහි මයෑවීමට මෑණියන් පෙරුත්ත කරන්නේ වෙනත් කාණාවක් නිසාවෙනි.
+ ඒ කිමෙක්ද
– මලය …… ! මලය යනු යක්ෂ ගෝත්‍රය ජීවත් වූ තැනයි.
තව බොහෝ තැන් තිබුනත් මලය රට යක්ෂයන්ගේ පාරාදීසයක්. මාගේ විස්වාසය මහා රාවණා රජුන්ගේ සිරුර පවා එහි ඇති බවයි …
+ නුඹත් ඒ නිසැකයෙන්ම නොදන්නේද තේරපුත්ථාභයනි.
– රාවණ යන්ගේ අධිෂ්ඨාන ශක්තිය බිඳ ඒ දැන ගැනීමට තරම් මා තරම් නොවෙයි මහ රජ තුමනි.
මලය දේශයේදී ඔබ විසින් මුහු වූයේ නුඹේම යක් පරපුරටයි. ඇතැමුන් පවසන පරිද්දෙන් ගොවිතැන
පමණක්ම උගෙන ගොවි දරුවෙකු ලෙසින් නුඹ එහි සිටි බව සත්‍යක් නම් රාජ්ය පාලනය – පිරිස් පාලනය – යුධ කලාව නුඹ උගත්තේ කොහින්ද.?
මෙසා විසාල සේනාවක් පාලනය කිරීම යුද්ධයක් මෙහෙය වීම රටක් පාලනය කිරීමට ඒ ප්ර මාණවත්ද ?
+ හ්ම්… ථේරපුත්තාභයෙනි පසුවට මා නුඹට කියන්නම් එහිදී මා ගෙවූ රහස් ජීවිතය ගැන,
මා උගත් ශිල්ප පිළිබඳව – ශාස්ත්‍ර පිළිබඳව – යුධ ශිල්ප ආයුධ පිළිබඳව . එහෙත් මා ඒ සියල්ල වසන් කර ගොවිතැන් කල ගොවි දරුවෙකු ලෙසින් පෙනී සිටියා.
රට වැසියන්ට එසේ සිතීමට ඉඩ සැලැස්වූවා.
– නුඹ එසේ කිරීමෙන් මලය රට ඉදිරියටත් රැකේවි. නැතහෝත් ඒ ශක්තීන් – ශිල්ප – පුහුණුව ට ලෝභී පිරිස් ගොස් එය වනසා දමාවි.. !
+ එයයි මගෙත් දැක්ම .. මා සතු රුද්රා ක්ෂය ලැබුනේත් වජ්රා යුධය තැනුනේත් එහිදි.
– රජුනි, නොදැනීම එහිදී නුඹ වෙත යම් යම් ශක්තීන් ආරෝපණය වූවා.
රජුනි එහිදි උගත් සියලු දැනුම යක්ෂයන්ගේ දැනුමයි. නුඹ එහිදී එකතු කර ගත්තේ හෙල යක්ෂ පරපුරයි..
ඔවුන් ස්ව කැමැත්තෙන් එකතු වන්නේ මහා හෙල යකෙකු හා පමණයි.. මේ ගෙවෙන වකවානුවේදී ඒ නුඹයි…
+ එසේනම් මෑණියන් මේ සියල්ල දැන සිටියා මුල සිටම ??
– එසේය. ඒ නිසාවෙන්මයි අප එතුමියව පුදන්නේ. ඉදිරියට ඇයගෙන් තවත් උපකාර ලැබේවී.නිරතුරුව මෑණියන් රකින්න.
ඇය හෙලයේ පිනට පහල වූ වීර කාන්තාවක්.
+ ජය වේවා ! මා සිතුවා හරිය.. නුඹට පින් රාවණ නිරිඳුනි.
මේ හෙළයටත් ගෝතම ධර්මයටත් නුඹෙන් මහත් සේවයක් වන්නේමය. මා නුඹ වඳිමි…. !
– එසේනම් රජුනි නුඹ සිත පැහැදුනියැයි සිතමි.
+ එසේය එසේය පුත්ථාභය නුඹටත් පින් ලැබේවා… දැන් මා කල යුත්තේ කුමක්ද ?
– ඉක්මන් විය යුතු නැත. ඒ හෙටය.. දැන් මා යමි. නුඹත් සුවසේ නිදන්න..
+ හොඳමයි .. ! නුඹට දොරටුව හැර දෙන්නම් ද?
– දොරටුව !! නුඹ දොරටුව හැර අවසානයි රජුනි.. දැන් ඇත්තේ ඉන් ඇතුළු වීමටයි.. ජය ශ්රීඹ …. !
ථෙරපුත්ථාභය එක්වරම අංශු බවට පත්ව වා තලයට මිදුනි.
ගැමුණු රජ දෑස් හැරියේය.. තමා සිට ඇත්තේ භාවනාවේය.. සිහිනයද භාවනාවේම කොටසකි.
පද්මාසනයෙන් හිද අතෙහි වු වජ්රා ව දිලිසෙනු පෙනුනි..
සයනය අසල තවමත් නව යෝධයන් හිඳිති.
එසේ නම් මේ සියල්ල තමා දුටුවේ…… භාවනාවෙන්ද ??
එසේනම් ථේරපුත්ථාභය……..
ඔහු වාචාලිය යුතුය… ! මේ බ්‍රහ්ම මුහුර්ති හෝරාවයි . රාජ සභාවේදි ඔහු විචාරමියි සිතීය..
ගැමුණු රජ සයනයෙන් බිමට දෙපා තැබුවා පමනි.. දොර අසල ඡායාවකි..
වහා තම අසිතපත අතට ගත් රජු..
+ කවුරුන්ද පිලිතුරු දෙව….
— රජුණි මා අභය වෙමි. නුඹ මුණගැසීමට පැමිණියෙමි. භාවනාව අරඹයාය..
ගැමුණු රජු සෙමින් සයනයෙන් බැස කුටි දොරටුව වෙත පියමං කර එක් දොර පලුවක් මඳක් මෑත් කර බැලීය..
– අසිපත බිම දමන්න.. සැක හැරින්න මා මහා රාවණ අණ රැගෙන ආමි. නුඹට ජය වේවා …!
=======
— කුරුළු–
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )
( දෙවන කොටස හා සබැඳි )
.
– දස වැන්න රාවණය ! ඔහු තමන් තුල එය ගබඩා කරන ලදී. හෙතෙම අවසන තම සිරුරින් මිදී සරන්නට පටන් ගති.
+ ඒ කියන්නෙ මහා රාවණ තාම ඉන්නවා
– හැමදාටම ….. !
+ මට හමුවන්නට පුලුවන්ද ?
– මා නුඹට කියමි.. බ්‍රහ්ම මවයි, විෂ්ණු පවත්වයි ශිව විනාසකර දමයි.මා බ්‍රහ්ම ගේ කොටසේය.
එහෙත් රාවණ යුධයට පෙර බ්‍රහ්ම ලොව සිට මා කැඳවන ලදී. එතැන් පටන් මා රාවණ සේනාවේ සෙන්පති චක්ෂු නම් විය.
රාවණ රජුන් තම ශක්තීන් නවය විසිරුවා හැරීමට ප්‍රථම රාත්‍රියේදී මා වෙත දුන් උපදෛස් පිලිපදිමින් සිටින්නෙමි.
රාවණ රජුන් නුඹට නිසැකවම හමුවිය හැකිය වේලාව එළැඹි කල්හි මා එය පවසන්නම්.
+ ඒ කිමෙක්ද ?
– මේ ශක්තීන් නවය හෙළයත් ගෝතමයන්ගේ ධර්මයත් පවතින තුරාවට මෙ ලක සැරිසරන්නේය.
එසේ සැරි සරද්දී එක් එක් අවස්ථාවල හෙලයටත් ගෝතම ධර්මයටත් කැලැල් – අසීරැකාල වකවානු එනු
නියත බැවින් ඒ ඒ කාල වල මේ නවය එක් තැන් වන්නේමය.
නමුත් ඒ එක් තැන් වීමට රාවණ තුල ඉතිරි වූ දස වැන්න අවශ්‍යහ.
ඒ බලය අවැසි තැනැත්තාට දීම මගේ රාජකාරිය වන්නේය. රජුනි මා, නුඹ හදුනන ථේරපුත්ථාභය ඒ පණිවුඩ කරුය.
එකල චක්ෂු නම් විය.
පවත්නා යුද්ධය නිමා කර රට එක්සේසත් කිරීමට නුඹ හට දසිස්ගේ සේවාව ලබා දීමට මහා රාවණයන් කැමත්තෙන් සිටී.
ඒය තීරණය වන්නේ නුඹ උපන් වේලාවේ සිටමය.
නන්දිමිත්රන , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, මහාභරණ, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව,
ලභියවසභ යනු නව බලයන්ය. ඔවුහු මනුශ්‍ය වෙසින් පැමිණි රාවණ අවතාර ලෙස නුඹට දැකිය හැක.
නුඹ අබිප්‍රායක් වේ නම් දස වැන්න නුඹට දෙමි. එවිට දසිස් ශක්තීන්ගෙන් සේවය ලැබෙනු ඇත.
+ චක්ෂු. මා මෙයින් පසු එනමින් ඔබ අමතන්නද රාවණ රජුගේ සමීපතමයෙකු හට එසේ ඇමතීම මට මහත් ගෞරවයකි..
– එය මටද සතුටකි..
+ ඔබ පවසන දස බලය, එය දැරිය හැකිද ?
– බිය නොවන්න , මා ද සිටිමි.. දැරිය නොහැක්කෙකුට රාවණ නිරිඳු කිසි විටක බලය නොදෙන්නේමය.
නුඹ ඔහුගෙන් බිඳි ආ භව පරපුරකැයි සිතන්න. නුඹ තුල ශක්තිය ඇත.
+ එසේ පරපුරක් ගොඩ නැගෙත්ද ?
– එසේය … නුඹ සිත්නනේ නුඹගේ කිසිදු බැඳීමක් හෙල යක් පරපුර හා නැති බවද ?
+ නොදන්නෙමි..
– ඒ නුඹ මෑණියන් වහන්සේය. ධීර වීර කාන්තාව ඇයය. උප්පත්තිය කලයාණ පුරයේය.
යක් පරපුරේ ඇයිට නාගයන් හා විසීම නොහැකිය. තෙල් කටාරමෙහි වූ සිදුවීමත්
එයින් පසු නිකුම්භිලා දේවියගේ අභිප්රා යෙන් සයුර ගොඩ ගැලීමත් මවුතුමිය නැව් නැගීමත් ඒ නැව මේ රෝහණ පුරයට ලඟාවීමත් අහඹු යැයි නොසිතන්න.
+ ඒ සියල්ල සැලසුම් ව සිදු වූදේද ?
– ඒසේය.. බොහෝ කලකට පෙර වූ සැලසුම්ය.. සැබෑව නම් මෙලොව පෙර සැලසුමකට අනුව සිදු නොවන දේ නැති තරම ය.
නමුත් ඒ අනාගත සැලසුම සෑදැය හැක්කේ වත්මන අපටය.
+ මින් පෙරත් නුඹ දසබලයන් මෙහි පැමිණ ඇත්ද ??
– රජුනි අවශ්‍ය මොහතක දස බලයම මේ හෙලයට කැඳවීමේ වරම ඇත්තේ මා හටය.
ඒ නැතත් මොවුන් නව දෙන විටින් විට එක් අයකු දෙදෙනුකු ලෙස හෝ මෙහි ඉපිද ජීවත් වන්නෝය.
අනෙකුන් එක් එක් දෙවුලෝ බ්රලහ්ම ලෝ තුල ඉපිද මෙ දෙස බලාසිටින්නාහ.
මේ හෙලය , කස්සප බුදුන් – ගෝතම ධර්මය – මෛත්‍රී ධර්මය නැසීයාමට ප්‍රථම එය රැක ගැනීමට දොලොස් වතාවක් මෙහි පහලවිය යුතුය..
+ දොලෙස් ??? එය නියමිතද ??
– එසේයැ. ඒද රාවණ අණයි.. නුඹ සතු රැද්‍රා මාලාවෙහි. කීයක් වේද රජුනි.
+ සීයකුත් අටකි… !
– එද රාවණ සිද්ධි යකි .. නමුත් නුඹට අමතක වුවේය එහි එකසිය නවයකි.
එකැසිය අටක් අවසන් වු තැන ඒ සියල්ල එක කරන අයුරින් වෙනම තවත් එක් රුද්‍රාවක්ද ඇත.
+ එසේය.. මට එය මගහැරුණි
==========
— කුරුළු–
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )
( පළමු කොටස හා සබැඳි )
==============================
නිදි සයනයෙන් එක් වරම අවදිවුන ගැමුණු රජ තමන් මේ රැයේ දුටුවේ සිහිනයක්ද නැතිනම් සැබෑවක්ද කල්පනා කරන්නට විය..
මුළු ගතම දහදියෙන් තෙත් වී තිබෙනු දැණින.
ගැමුණු සයනයෙහිම හිද භාවනා කල යුතු යැයි ද ඒ භාවනාවේදී තමා දුටු සිහිනය ගැන මෙනෙහි කල යුතු යැයි ද සිතීය…
පද්මාසනයෙන් හිඳ වජ්රභය සුරතට ගත් ගැමුණු හාත්පස ගිල ගත් අඳුර අතරින් තම කුටිය පිරක්සන්නට විය.
නන්දිමිත්ර් , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, මහාභරණ, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ
යන නව මහා යෝධයන් තව රැකවල් පිණිස සයනය වට කොට නිදා ඇත. නැත්තේ ථෙරපුත්තාභය පමණි ඒ ඔහු මහණ වීමට අවසර ගෙන සිටි නිසාවෙන් වෙනත් කුටියක භාවනා පුරන බැවිනි.
මඳ වේලාවකි….
කුටි දොර අසල කිසිවෙකුත් ඇතියි ඡායාවක් සෙලවුනෙන් සයනය මත තිබූ අසිපතට අත යැවීය.
– රජුණි මා ථෙරපුත් අභය වෙමි..
+ හ්ම්.. හිමියනි රාත්රිසයෙහි කිමද ?
– සිහිනය පිළිබඳවය…
+ සිහිනය ??… නුඹ කෛස්ද ඒ දන්නේ…..
– ඇතුලට ඒමට අවසරද ??
+ අගුළු ලා නැත.. !
ථෙරපුත්තාභය දොරටුව විවර නොකරම ඒ හරහා එනු දුටු ගැමුණු තැති ගති.. නිදා සිටි අනෙකුත් යෝධ රැකවලුන් ට මදක් ඉහලින් අහසින් පාවෙමින් තම සයනය අසලට එනු දුටු රජු,
+ නවතිනු ..! තා ථෙරපුත්තාභය නොව – තව නොඑව !!..
– රජුනි මා ථෙරපුත්තාභය වෙම්.. බිය නොවන්න.
+ නන්දි , නිමල , වේළු අවදිවවු …..
– රජුනි නුඹට කියමි බිය නොවන්න මා ථෙරපුත්තාභය මය නමුත් ඊයේ හුන් ථෙරපුත්තාභය නොවෙමි… අනෙකුන් අවධිනොකරන්න ඔවුහු සිහින දකිමින් සිටිති…
+ එසේනම් සනාථ කරව..
– අතේහි ඇති වජ්‍රායුධය බලන්න.. මැදැති දියමන්තිය දිලිසෙන්නේය. එසේනම් දැන් මා ගෙලහි මාලය බලන්න. එයැද එසේමය.. නුඹ යමක් අවබෝධ කරගත යුතුය..
+ ඒ… ඒ.. එෙස්නම් සිහිනය සත්යැයක්.. ඒ කියන්නේ… රාවණ……
– එසේය මහරජ.. මා පැමිනියේ නුඹ සිහිනයෙන් මිදෙනු දැනයි. අවසරනම් මා සමග එය විසදාගත හැකියි.
+ හොදයි සයනයෙහි හිදගන්න.
ථෙරපුත්තාභය ද ගැමුණු රජුගේ සයනයෙහිම පද්මාසනයෙන් හිඳගත්තේය.
– රජුනි මා සුරත ගන්න දෑස් පියා ගන්න. ඇසිය යුතු ප්ර ශ්නය සිතින් සිතන්න. පිළිතුරු ලැබේවි.
ථෙරපුත්තාභයගේ දකුණතින් අල්වා ගත් ගැමුණු රජ තමා දුටු සිහිනය ගැන විමසන්නට විනි.
– එසේය රජුනි….
අප දස බලධාරීන් වන්නමු. නමුත් මා ඊට අයිති නැත. මා පෙරුම් පුරන්නෙකි. අවශ්ය තන්හි අවශ්යව වේශය ගනිමි. ඒඅනුව හැසිරෙමි.
+ මේහි ආරම්භය ..!
– ආරම්භය නම් දිතා දීර්ඝය මා සෙමින් දිනෙන් දින විත්ර කරන්නම්.
+ දැනට …
– දැනට…., හොදයි.. මහා බලැති රාවණ නිරිඳුන් ගේ පිලිමයක් නුඹ මාළිගයේ ඇති බව දනිමි. ඒ ඇයි
+ ඒද සිහිනයකට අනුවය..
– හ්ම්… නැත නුඹ එක් භවයකි. රාවණ දසිස් ගැන දැනුම කුමක්ද
+ විද්යාි දහයකි..
– එය එසේද කිව හැකිය.. නුමුත් රාවණ යනු දසබලධාරී, දස අවතාර , දසිස් , දස විද්යා ඇත්තෙකි. තමන්ව
පාවාදීම දැනගත් අනතුරුව මහා පූජාවක් පවත්වා රාවණ නිරිඳුන් තමන්ගේ දසිස් හෙවත් දස බලයන් ගෙනවා ඒ නවයක් ගෙන අනාගතයේ මේ හෙළ දේශයට වින කරන ඕනෑම වේලාවක ඒ ඒ පාලකයන්ට සහය පිණිස යලි එක් තැන් වන ලෙස දන්වා විසිරුවා හැරීය.
+ නවයක් පමණද ?
– එසේය රජුනි
+ දස වැන්න ?
– දස වැන්න රාවණය ! ඔහු තමන් තුල එය ගබඩා කරන ලදී. හෙතෙම අවසන තම සිරුරින් මිදී සරන්නට පටන් ගති.
+ ඒ කියන්නෙ මහා රාවණ තාම ඉන්නවා
– හැමදාටම ….. !
--------------------------------- සෙස්ස පස්සට
— කුරුළු–
(2016)
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )