Sunday, April 13, 2014

=== අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි == හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි.. ==


.
අවුරුදු කනවාද ! අවුරුදු අපිව කනවාදැයි ! තෝරාගැනීමට බැරිය...
මහරගම නම් පයින් යන්නත් බැරි තරමට සෙනගය.. මිනිසුන් ලහි ලහියේ කඩ සාප්පු හිස් කරමින් සිටිති...!
මේ ගෙවෙන්නේ අවසන් දවස් කීපය විය යුතුය.. මෙයින් පසු සියලු කඩ සාප්පු වසා දමනු ඇත.
ඇඳුමට ඇඳුමක් ගැනීමට වත් කිසිදු කඩයක් ඉතිරි නොවනු ඇත...
එකෙනෙකා පරයමින් පෝලිම් වල සිට මුදල් අයකැමි වෙත ළගා වෙයි... ඊටත් දුරට නැවත මාරුකරගැනීමට පැමිණි පෝලිම දිගුය... මිලදී ගැනීමට කැමති අැඳම ඇඟලා බැලීමට නම් ඉඩක් නොමැත.. සමහරුන් ඒ ඒ රාක්ක පිටු පසට ගෙස් ඇගලා පයලා බලති...
අයකැමි අතින් මුදල් නෝට්ටු විසිවේ.. විනාඩි පහකට වතාවක් වෝකිටෝකියක් ඇතැති යමෙක් පැමින සෑම කවුන්ටරයකම ඇති මුදල් ප්‍රමාණයක් රැගෙන යයි !!
කවුන්ටර වල... වෙළඳ සේවක සේවිකාවන්ගේ මුහුණු වල කිසිදු තෙතමනයක් නැ..
දහස් ගණන් ඇදෙන මහජනයාගෙන් හෙම්බත්ව සිටින ඔවුහු පිළිම මෙන් බලා හිඳිති.. ඒ ඔවුනට අවුරුදු අහිමි කර පරණ අවුරුදු දවසේත් කඩ සාප්පු වෙත ඇදෙන නරුමයන්ට නියවමිනි..
ඇඳුම් ගැනීමට බහාගෙන යාමට වෙමම තල්ලු කල හැකි ට්‍රොලි සපයා ඇත.. බිල ගෙවු පසු වාහනය තෙක් ඒවා පැටවීමටද සේවකයන් සිටිති...
සැබැවින්ම අවුරුදුය.....
අවුරුද්දට හැඳිය යුතු වර්ණය වන සුදු පැහැති ඇඳුම් කිසිවෙකු අත නොවුනි.....
-මල්ලි මේක රතුනෙ... අවුරුද්දට අදින්න කියල තියෙන්නෙ සුදු නේද?
මා ඉදිරියෙන් පෝලිමේ සිටි එකේකුගෙන් ඇසීමි..
+ පිස්සුද අයියෙ සුදු අරන් කොහෙ පරිස්සම් කරන්නද? රතු ගත්තෙ වෙන කොහෙ හරි ක්ලාස් එකකට හරි බස්සන්න බැරියැ පස්සෙ දවසක.. අනික මේ තියෙන්නෙ සුදු පාට අකුරු වගයක් ඒ මදෑ...
..
වසරේම වැඩකටයුතු සඳහා ලබා දෙන දීමනාවක් ලෙස අවුරුදු බෝනස් ලබා ගත් බොහෝ දෙනා.. ඒවා අවුරුද්ද දිනටත් පෙරම අවසන් කරති..
මට මතක හැටියටනම් ඉස්සර අත්තම්මා ඒ අදාල වර්නයෙන් යුතු හැට්ටයක් පමණක් මිලට ගනී.. චීත්තය නම් අප්පචිගෙන්ය... ඒ හැරුන කොට මුළු අවුරුදු ලඟවන දින කිහිපයම ගෙවන්නේ ලිප ළගය...
මුලින්ම මැටි ගා ගේ සරසයි.. ඉන්පසුව මුලුතැන්ගෙයට ගොම ය... කොලපතක තබා තල්ලු කර කර එක කොණක සිට අනික් කොණට වතුර මිශ්‍රකර ගෑ හැටි තාමත් මතක  ඒ මාගේද විනෝද ජනකම ක්‍රියාව නිසාවෙනි... කිසිදිනක අතගෑමට නොලැබෙන ගොම මට්ටම් කිරීමට ඉඩ ලැබේනනේය.. වතුර කලයේද අලුතින් මැටි තට්ටුවක් ආලේප වෙයි...
පහුවදාට මුලු ගේම ගොම සුවඳය.... !!!
හැහ්.. ගැමියන් වන්නේ අපය... එවිටය..
කැවුම් හදන්න පටන් ගන්නෙ ඊට පසුය...
කොකිස් නම් බාර ගන්නෙ මමය ඒද ඉතා කැමැත්තෙනි...
අතිරහ - අලුවා - නාරං කැවුම් - මුං කැවුම් ආස්මි- ආදී බොහෝ කැවිලි අවුරුදු දා වන විට අත්තම්මා සාදා නිමකරයි.. අත් උදවු අම්මලාගෙනි..!
සෑම වසරකම කැවුම් සුඳට වශී වී මහ ගෙදර සේපාලිකා ගසේ අරක් ගන්නා කොහාට අත්තම්මා හා බැඳුනු නෑදෑ කමකක් ඇතියි මට විටෙක සිතේ.. එහෙත් ඒ ගුප්ත බැඳිම තේරුම් ගැනීමට මට අදටත් බැරිය..
අත්තම්මා බැලීමට ඒ කොහා සෑම අවුරුද්දකම පැමිණියේය...
දැන් ඉස්සර වගේ එරබදු නැත... රබන් නැත.. කිසිවෙක් මෙදාපාර අවුරුදු උත්සවයකට සල්ලි එකතු කරන්න පැමිණියේ නැත.. අවරුදු උත්සව යම් යම් සමාගම් විසින් බාර ගෙන ඇත.. ගමේ උන්ගෙන් එකතු කර පිරිසි කොප්ප - පිගන් - ඔරලෝසු තෑගි ගන්නවාට වඩා බයිසිකලයක් ටීවි එකක් කාර් එකක් තෑගි ගැනීමට ගම් වැසියන් තීරණය කර ඇත..
ජීවිත වෙනස් වන්නේ තාක්ෂණය වෙනස් වනවාටත් වඩා වේගයෙනි....
කැට ගැසූ එකෙක් අද නැත- ඔලිඳ ගැන නොදන්නේය - බට්ටෙක් පැණිමට එක පොඩි එකේක නැති - ඔන්චිල්ලාවක් එල්ලන්න ගහක් නැත.... -
----
- ඉතින් නංගි දැන් මොනවද හැදුවෙ කැවිලි.. අම්මට එහෙම උදවු වුනාද ?
+ කැවිලි හදන්න කොහද අනෙ වෛලාවක්, ගෙනාව ඇදුම් සේරොම ලොකුයි ඒව හදන්න ගියා අම්මත් එක්ක.. අනික අවුරුද්දට අපි ගෙදර නැතිවෙයි.. අපි යන්න හිතන් ඉන්නව ට්‍රිප් එකක්.. ඔය එවෙලෙට මේසෙට තිය්නන කැවුම් ජාති වගයකුයි ආස්මි ටිකකුයි අම්ම ගෙනෙයි කඩෙන්.. !
- එතකොට මිනිස්සුට කෑම පිගන් බෙද්නනෙ නැද්ද..
+ අපො නෑ මේ ගමේ උන් අපිත් එක්ක තරහයි... උන් අපි දියුනුවෙනවට ඉරිසියයි අයියෙ.. තාත්ත කිවුව එකෙක්ට කෑම දෙන්නෙ නෑකියල... අර දොස්තර මහත්තයලගෙ ගෙදරටයි පොලිසියෙ අංකල්ලටයි දෙනව ..ඒවත් ඉතින් ඒ අය ගේන ඒව මාරු කරලම දෙැතැකිනෙ..
- ඉතින් නංගි නරකද ඔය තරහ මරහ අමතක වෙන්න කියල කෑම ඔයාල බෙදුවොත්..
+ ඒ මොකටද අපේ ගෙදරට එන උන්ට විතරයි දෙන්නෙ අනික් උන් නිකා හිටිය දෙන්...
හම්...........
මගේ ගම වෙනස් නංගි... මම නං යනව කෑම බෙද්න්න උන් ආවත් එකයි නැතත් එකයි.. ඇන්ද සුදු කමිසෙ ඩෙනිම දාගත්ත පිගන් ටික අරන් ගියා.. කාල එන්න කිවුවොත් ඕන ගෙදරකින් කාල එනව අවුරුදු දවසෙ කන්න කිවුවාම බෑ කියන්න හොද නෑ..
- අනේ අපි යයි එක එකාලගෙ ගෙදරින් කන්න.. අයියට ඕන නම් යන්න .. අපිට නම් තත්වයක් කියල එකක් තියෙනව..
+ වෙන්න ඇති.. මම උපතින් තත්වයක් ගෙනාවෙ නෑ.. හැබැයි මට තත්වයක් දෙන්නෙ ඒ මිනිස්සු .. ඒ නිසා එතැනට මම යන්න ඕන..
----
විටෙක අවුරුදු නාවානම් හොඳය... බැලූ බැලූ අත හිත් රිදවීම්ය.. කලකිරීමය...
එක තකට අත්තමාමාවත් දැන් හිටියා නම් හොඳය.. මට එයත් එක්ක ඉස්සර වගේ  ගොම මැටි ගාල කැවුම් හදල බෙද්න්න තිබුන...
අත්තම්ම නැති එක වෙනදාටත් වඩා මට දැන් දැනේ...
මුලින් හිතටය.. එතැනින් පපුවටය - එතැනින් ඇහැටය.. !!!
--
මට ඕන වෙන්නෙ කිසිවෙකුවත් හඩවන්නට නොව - තනිව හැඬිමටය....
--
====
අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි..
ඒ වුනාට කියා දුන්න  කවි සී පද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්...
.
හාන මී හරක් එක්කර කෑම දී හුඟක්
බාන බාන එක් කරගෙන හාමු අපි කෙතක්
අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු අපි තාමත් රස විඳින්නෙ
.
කොකා වෙලේ හොද්ද ලිපේ - අමුකුඹරේ පිට්ටු ලිපේ
මොකැ පුතේ උඹේ කටේ - ඇයි මාමේ හකුරු කැටේ
අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු අපි තාමත් රස විඳින්නෙ
==========
--කුරුළු--


Friday, April 11, 2014

======බෝමුල් බෝපත් මට පෑ ගෙනවා===== සමාව දී මගේ සිත සන සනවා ======





.
ඔහු නිතරම සිටින්නේ කැලණි විහාරයේ වාහන නැවතුම් පල පැත්තේ පඩිපෙල පහල බිම සිට උඩට නගින විට වම් පැත්තේ පඩිය පාමුලය..
මා සමග කැලණිය වඳින්නෝ ඔහු හඳුනන්නෝය.. ඒ මා ඔහු ගැන ඔවුනට කියා දෙන බැවිනි...

කලුය.. ටිකක් මහතය.. දැන් දැන් තට්ටය පෑදෙමින් ඇත... කෙස් රොදකින් ඒ පිලිවෙලකට වසා ඇත..
ඔහු රැකියවකට කරනුයේ බෝධි පූජා පොත් විකිණීමයි.. !
ඔවු ඒ ඔහුගේ රැකියාවයි..!
මා ඔහුව පළමුව දුටු දිනයක් නම් මතකයේ නැත..
බාගදා මා කුඩා කල දහම් පාසල් යන විට පලමුව දකින්නට ඇත.. ඒ කෙසේ වෙතත් ඒ මුහුණ නම් කිසි දිනක මට අමතක වන්නෙ නැත..
වඩාබර දෑසේ කාන්සිය නිතරම සිනා රැදුනු මුවින් වසා ගන්නා ඔහු
මහා ගැඹුරු ස්වරයෙන් බෝධි පූජා වන්දනා ගාථා සහ නවග්‍රහ වන්දනා ගාථා කියන්නේය..
"රන්වන් පාටින් දළුලන                     බෝධිය
නිල්වන් පාටින් බැබලෙන                බෝධිය
ගෞතම මුනිඳුන් පිට දුන්                  බෝධිය
අපිත් වඳිමු ජයසිරි මහ                      බෝධිය
....
මම මේ මළුවට යනවා                        එනවා
බෝමුල් බෝපත් මට පෑ                  ගෙනවා
සමාව දී මගේ සිත සන                      සනවා
බෝරජුනේ මට අවසර                     දෙනවා "
මා .. ද එතැනින් යනෙන විට එම පද මුමුණමි.. එහෙත් කිසිදිනක බෝධිය පාමුලෙහි ඒවා ගයා නැත්තෙමි..! සැබැවින්ම මට ඒ කවි උගැන්වූයේද ඔහුය..
එතැනි යනෙන සෑම වාරයකම ඔහු එතන සිටීදැයි විමසිලිමත්ව බලමි...
බෝධි පූජා පොතක් රුපියල් අසූවකි.. !
මා රුපියල් සියයක් දෙන්නෙමි.. ඉතිරිය එහුටය...
මා පන්සල් යන සෑම දිනකම ‍නොවරදවා පොතක් මිලට ගනිමි.. එහෙත් කිසිදිනක ඒ බලා ගයා නැත...
පොත කෙලින්ම ගෙනවුත් මාගේ අම්මාට දෙමි...
එද කවුරුන්හෝ උපාසක අම්මා කෙනෙකුට දෙන අණ පරිදිය.. එසේ දුන් පොත් අපමණය..
දැන් ඔහුද මාද ලෙංගතුය...
මා ‍දකින විට සිනා සෙයි..! ඒ මා රුපියල් 20ක් වැඩියෙන් දී පොතක් ගන්නා බව දන්නා නිසා නොව මා සිතනා අකාරයට මා සිත ඔහු අදුනාගත් බැවිනි..!
මෙලෙස උදෑසන සිට රාත්‍රී දහය වන තුරු පඩිපෙල පාමුල බුදු ගුණ ගයමින් උගුර ලේ රහ කරමින් ජීවත් වන ‍මොහු කෙරෛහි දයානුකම්පාවක් ඇති වුණත් එහි සිටින අනෙක් සිඟනුන් හෝ වෙළන්දන් කෙරෙහි ඇති නොවුනි...!
.
"දිනක් ... දිවැස ‍යොමා බැලීමි... ! පුබ්බේනිවාසානුස්සතිය ය.....
අප මහ ගෞතම බුදුන් කල බමුණෙකුව ඉපිදැ මහා මාන්නකාරව දිවි ගෙවූවෙකි....
බුදුන්ට නොමනා වදනින් පරභව කොට ඇත.. එපමණක් නොව සංඝයා වහන්සේ තෙමේ පිඩු පිණිස වඩිනා කල .. උගුර කාරා කෙල ගසා... පරුෂ වදනින් බැන තෙපි සතුව ‍මිනිසුන් රවටනා රැවක් පැවැත්මක් මිස සීලයක් නැතැයි ! නින්දා කොට ඇත !...
.
මේ ආත්ම භවයේ ඔහු එම අතීත ජන්මයේදී සිදු කරන ලද පාප කර්මය ගෙවමින් සිටී...
මෙම භවයේදී ඔහු...
බුදුන් සිරිපා පහසින් පවිත්‍ර වූ විහාරස්ථානයේ පඩුපෙලෙහි පාමුල.. විහාරස්ථානය වන්දනා කිරීමට පැමිනෙන සියළු උවැසි උවැසියන්ට ඇසෙනු පිණිස බුදු ගුණ ගයමින් සිටින්නේය...
කවුරුවත් පොත් නොගන්නෝය.. එහෙත් ඔහු බුදු ගුණ සෑම දිනම ගායා කරනු ලබයි... කිසි දිනක උඩ මලුවේදි මේ ගායනාව නෑසෙනු ඇත.. ඒ වෙළඳුන්ට උඩ මලුව තහනම් බැවිනි...
ඔහුගේ පවු බරින් නිදහස් වී සුගතිය කරා යොමු කරවනු පිණිස හේතු වේවා යැයි සිතා සෑම දිනකම පොතක් මිලයට ගනිමි...
-- උපන්දා සිට කරපු පවු නැත ----
වරක් වත් කැලණි පුදන විට මා මේ කියූ තැනැත්තාගෙන් බෝධිපූජා පොතක් මිලයට ගන්නා මෙන් නුඹගෙන් ඉල්ලමි... !
ඒ.... නුඹද මමද ඔහුද මේ සසර ගමන එක්ව, එන නිසාවෙනි...!
සුපුරුදු පරිදි උදෑ සන සිට කවි ගායනා කොට ගොරෝසු වී තිබුණ හඩින් කොඳුරමින් කවි පොත් විකුණන ඔහු වෙත අදත් මා ගියෙමි...!
- ආ මහත්තයා.. අදත් පොත් ඕනද ?
+ ඔවු අදත් දෙන්න.. මොකෝ මාමෙ මේ උගුර ලේ රහ වෙලත් කෑ ගහ ගහ පොත් විකුණන්නෙ.. මැරෙන්නද හදන්නෙ... ඉක්මණටම !
- නෑ පුතේ තව ටික කලක් ජීවත් වෙන්න....!!!
----------------------- කුරුළු-----------------------

Thursday, April 10, 2014

====තාරකා මල් පිපි හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ==== පා නගා යමු ඈත ලොවකට නිවා ලතැවුල් ජීවිතේ..===




.
-හෙලෝ අයියෙ..
+ ඇයි !
- මොකො අනේ ගහගන්න වගේ !
+ නැ නැ කියන්න මම වැඩ..
- අයිය අවුරුද්දය ෂොපින් කලේ නැත්ද !
+අනේ නැ අප්ප හෙන සෙනගනෙ මොන ෂොපින්ද !
- අයියො පිස්සුනෙ.. සෙනග නැ ..
+ නෑ .. වෙන්න බෑනෙ.. හරි දැන් ඔයා ගත්තද.. අද ගි‍යානෙ..
- නෑ අප්ප මට හරියන ඒව තිබුනෙ නෑ..
+ මොකක් ! ඔච්චර ඇඳුම් තිබිලත් හරියන එකක් වත් තිබුනෙ නැත්ද ?
- නෑනෙ බලන්නෙකො නේද ඒකෙත් වැඩේ හැටි.. ! නැ අප්පප ඒක මෙහෙමයි.. මම සල්ලි අතේ තියන් එහෙ මෙහෙ ඇඳුම් ගන්නට ඇවිදිනකොට .. අනේ ඒ කඩවල් වල මට ගන්න ලස්සන ඇඳුම් නෑ.. හැබැයි මට සල්ලි නැති වෙලාවට මම පාරෙ යනකොට ලස්සන ඇඳුම් ඕන තරම්.. හරි අසාධරණයි නේ අයිය‍ෙ..!
+ හැ හැ හැ හැ ඔවු ඔවු ඕක සුලබ ලෙඩක්නෙ.. අපේ අම්මිටත් තියෙනව.. ඔකෙ තව කොටසක් තියෙනව ඒක ඔයාට තාම නැතිව ඇති එච්චර උත්සන්න නැතිව ඇති !
- ඒ මොක්කද..
+ ඇයි ඇඳුමක් ගෙනල්ල .. ආයෙ මාරු කරන්න ගෙනියන එක.. ඒක ගන්නෙත් දහ පාරක් විතර හිතල දෙපාරක් විතර ඇඳල ඇඳල ඒත් ගෙදර ගෙනාවම ඒක හරි නෑ.. ඉතින් දවස් හතක් ඇතුලත ආයෙ යන්නෝන මාරු කරන්න...
- ආ ඒක මටත් තියෙනවනේ...
+ ආහ් එක්ත තියෙනවද .. එහෙනම් හරියට හරි.... ඉතින් එකක්වත් ග්තතෙ නැද්ද ඔච්චර ඇවිදල..
- ම්..... දෙක තුනක් ගත්ත...
+ අහ් දෙක තුනයිද...
- ඉන්නකො කියන්න.. ඔයා ආස විදිහෙ ගවුමක් තිබුන ඒක ගත්ත.. ම්.. සෝක් ටී එකක් තිබුන රොස පාට ලොකු පැන්ඩෙක් අලවල අර ඔයාගෙ කාඩ් එකේ වගේ මම ඒකත් ගත්ත..
+ තව..?
- තව..... තව ගත්ත ෂෝටක්.. එහෙ මෙහෙ අදින්න .. ආහ් ත්‍රික්වාටර් එකකුත් ගත්ත වෙස්ක එකට මේ ලගට දන්සැල් යන්න අදින්න.. ලාබෙට ඩෙනිම් දාල තිුබන සේල ්එකක් ඒකෙන් දෙක්ක ගත්ත.. නිල් එකයි කලු එකයි..
+ තව ...
- තව ... තව මුකුත් නෑ අනේ.. ආ නැ නැ... තව ඩිංගෙන් අමතක වෙනව.. අවුරුද්ද සුද අදින්න ඕන නිසා.. මම ගත්ත ලස්සන සුදු බ්ලවුස් එකයි සායයි... අර අත්දිග ෂර්ට් වගේබ්ලවුස් වගේ එකකුත් ගත්ත මම හොය හොය හිටියෙ අන්න ඒකක්..
+ යකෝ මේක .. ලොරියක් අරන්නෙ.. දැන් ඉස්සෙල්ල කිවුව නේද ගන්න මුකුත් නැ කියල..
- අනේ නැ වැඩිය ගත්තෙ නෑ එච්චරයි ඔය ටික විතරයි..
+ ටික.. බුදු අම්මෝ මේ උඹ මාව බදින්නෙපා නංගියෙ.. මට තව ජොබ් දෙකක් වත් කරන්න වෙයි.. අනික මේ වගේ තව දෙක්ක හිටියොත් සේල් ඩබල් කරන්න වෙනව...
- අනේ නෑ අනේ බනි්නනෙපා ... මට ඕන එව නෙවේ ගත්තෙ.. ඒ ටික ගන්න අවුරදු පහු වෙලා යනව..
+පවු අප්ප අර මනුස්සය...
- කවුද..
+ තාත්ත.... ඔයාගෙ...
- මේ එව වැඩක් නැ බිඑම් අයි සි එච් එකේ තිබුන අයිය අදින ජාතියෙ ලස්සන ෂර්ට්.. මම එක්ක අරගන්ත් හදල ග්තතෙ නැ අයිය ගිහින් බලන්න...
+ හ්ම් ගිහින් බලන්නම් තව කල් තියෙනවනෙ...
- කල් තියෙනව..  පිස්සුද ඉරිද අවුරුදු....
+ මොන... ? මේ ඉරිද ???
- ඔවු මේ ඉරිද තමා...
+ මම හිතුවෙ ලබන සතියෙ කියලනෙ..
- අනේද කිය්නනෙ මෙහෙමත් මිනිස්සු.. මේ මම ඔයාව බදින එක කෙසේ වෙතත් ඔයා මාව බදින්නෙපා.. හනේ මේ හොදට ඉන්න කෙල්ලට යන කල දසාව මොකක්ද එත‍ෙකොට..
+ හරි හරි ඇඩියාව නවත්තල තියන්ඩ ෆොන් එක.. මාත් දුවනව මේක ඉවර කරල ෂොපින්..
-හරී... ටටා... කොහෙ ගියත් කමක් නෑ කාල යන්න හොදද කුලුල්ලො..
+ හරි නංගි බුදු සරණයි - ආදරෙන් ඉන්න..
- බුදුසරණයි.. !!
===============
තාරකා මල් පිපි හිනැහෙන ප්‍රේමයේ මල් මාවතේ
පා නගා යමු ඈත ලොවකට නිවා ලතැවුල් ජීවිතේ..
.
හිරු සඳුට හා ලොවට රහසින් සදා ගමු අපෙ පුංචි ලෝකය
දුකට කඳුලට පවුරු බඳිමින් පෙමින් සරසමු එවන් ලෝකය
.
ඔබේ දෙනයන කැලුම් ඇත මට එලිය වන්නට මගේ ලෝකය
ඔබේ සිහිලැල් සුවැති සෙවනින් නිවී සනහේ මගේ විජිතය.
.
.-- සුනිල් එදිරිසංහ මහතා සහ මාලනී බුලත්සිංහල මිය

http://www.youtube.com/watch?v=Q3V8LRLtlFM
==== ======
--කුරුළු--