.
ඔහු නිතරම සිටින්නේ කැලණි විහාරයේ වාහන
නැවතුම් පල පැත්තේ පඩිපෙල පහල බිම සිට උඩට නගින විට වම් පැත්තේ පඩිය පාමුලය..
මා සමග කැලණිය වඳින්නෝ ඔහු හඳුනන්නෝය..
ඒ මා ඔහු ගැන ඔවුනට කියා දෙන බැවිනි...
කලුය.. ටිකක් මහතය.. දැන් දැන් තට්ටය
පෑදෙමින් ඇත... කෙස් රොදකින් ඒ පිලිවෙලකට වසා ඇත..
ඔහු රැකියවකට කරනුයේ බෝධි පූජා පොත්
විකිණීමයි.. !
ඔවු ඒ ඔහුගේ රැකියාවයි..!
මා ඔහුව පළමුව දුටු දිනයක් නම් මතකයේ
නැත..
බාගදා මා කුඩා කල දහම් පාසල් යන විට
පලමුව දකින්නට ඇත.. ඒ කෙසේ වෙතත් ඒ මුහුණ නම් කිසි දිනක මට අමතක වන්නෙ නැත..
වඩාබර දෑසේ කාන්සිය නිතරම සිනා රැදුනු
මුවින් වසා ගන්නා ඔහු
මහා ගැඹුරු ස්වරයෙන් බෝධි පූජා වන්දනා
ගාථා සහ නවග්‍රහ වන්දනා ගාථා කියන්නේය..
"රන්වන් පාටින් දළුලන බෝධිය
නිල්වන් පාටින් බැබලෙන බෝධිය
ගෞතම මුනිඳුන් පිට දුන් බෝධිය
අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය
....
මම මේ මළුවට යනවා එනවා
බෝමුල් බෝපත් මට පෑ ගෙනවා
සමාව දී මගේ සිත සන සනවා
බෝරජුනේ මට අවසර දෙනවා "
මා .. ද එතැනින් යනෙන විට එම පද
මුමුණමි.. එහෙත් කිසිදිනක බෝධිය පාමුලෙහි ඒවා ගයා නැත්තෙමි..! සැබැවින්ම මට ඒ කවි
උගැන්වූයේද ඔහුය..
එතැනි යනෙන සෑම වාරයකම ඔහු එතන
සිටීදැයි විමසිලිමත්ව බලමි...
බෝධි පූජා පොතක් රුපියල් අසූවකි.. !
මා රුපියල් සියයක් දෙන්නෙමි.. ඉතිරිය
එහුටය...
මා පන්සල් යන සෑම දිනකම නොවරදවා පොතක්
මිලට ගනිමි.. එහෙත් කිසිදිනක ඒ බලා ගයා නැත...
පොත කෙලින්ම ගෙනවුත් මාගේ අම්මාට
දෙමි...
එද කවුරුන්හෝ උපාසක අම්මා කෙනෙකුට දෙන
අණ පරිදිය.. එසේ දුන් පොත් අපමණය..
දැන් ඔහුද මාද ලෙංගතුය...
මා දකින විට සිනා සෙයි..! ඒ මා
රුපියල් 20ක් වැඩියෙන් දී පොතක් ගන්නා බව දන්නා
නිසා නොව මා සිතනා අකාරයට මා සිත ඔහු අදුනාගත් බැවිනි..!
මෙලෙස උදෑසන සිට රාත්‍රී දහය වන තුරු
පඩිපෙල පාමුල බුදු ගුණ ගයමින් උගුර ලේ රහ කරමින් ජීවත් වන මොහු කෙරෛහි
දයානුකම්පාවක් ඇති වුණත් එහි සිටින අනෙක් සිඟනුන් හෝ වෙළන්දන් කෙරෙහි ඇති
නොවුනි...!
.
"දිනක් ... දිවැස යොමා බැලීමි... !
පුබ්බේනිවාසානුස්සතිය ය.....
අප මහ ගෞතම බුදුන් කල බමුණෙකුව ඉපිදැ
මහා මාන්නකාරව දිවි ගෙවූවෙකි....
බුදුන්ට නොමනා වදනින් පරභව කොට ඇත..
එපමණක් නොව සංඝයා වහන්සේ තෙමේ පිඩු පිණිස වඩිනා කල .. උගුර කාරා කෙල ගසා... පරුෂ
වදනින් බැන තෙපි සතුව මිනිසුන් රවටනා රැවක් පැවැත්මක් මිස සීලයක් නැතැයි ! නින්දා
කොට ඇත !...
.
මේ ආත්ම භවයේ ඔහු එම අතීත ජන්මයේදී
සිදු කරන ලද පාප කර්මය ගෙවමින් සිටී...
මෙම භවයේදී ඔහු...
බුදුන් සිරිපා පහසින් පවිත්‍ර වූ
විහාරස්ථානයේ පඩුපෙලෙහි පාමුල.. විහාරස්ථානය වන්දනා කිරීමට පැමිනෙන සියළු උවැසි
උවැසියන්ට ඇසෙනු පිණිස බුදු ගුණ ගයමින් සිටින්නේය...
කවුරුවත් පොත් නොගන්නෝය.. එහෙත් ඔහු
බුදු ගුණ සෑම දිනම ගායා කරනු ලබයි... කිසි දිනක උඩ මලුවේදි මේ ගායනාව නෑසෙනු ඇත..
ඒ වෙළඳුන්ට උඩ මලුව තහනම් බැවිනි...
ඔහුගේ පවු බරින් නිදහස් වී සුගතිය කරා
යොමු කරවනු පිණිස හේතු වේවා යැයි සිතා සෑම දිනකම පොතක් මිලයට ගනිමි...
-- උපන්දා සිට කරපු පවු නැත ----
වරක් වත් කැලණි පුදන විට මා මේ කියූ
තැනැත්තාගෙන් බෝධිපූජා පොතක් මිලයට ගන්නා මෙන් නුඹගෙන් ඉල්ලමි... !
ඒ.... නුඹද මමද ඔහුද මේ සසර ගමන එක්ව,
එන නිසාවෙනි...!
සුපුරුදු පරිදි උදෑ සන සිට කවි ගායනා
කොට ගොරෝසු වී තිබුණ හඩින් කොඳුරමින් කවි පොත් විකුණන ඔහු වෙත අදත් මා ගියෙමි...!
- ආ මහත්තයා.. අදත් පොත් ඕනද ?
+ ඔවු අදත් දෙන්න.. මොකෝ මාමෙ මේ උගුර ලේ
රහ වෙලත් කෑ ගහ ගහ පොත් විකුණන්නෙ.. මැරෙන්නද හදන්නෙ... ඉක්මණටම !
- නෑ පුතේ තව ටික කලක් ජීවත්
වෙන්න....!!!
----------------------- කුරුළු-----------------------
\\මොකෝ මාමෙ මේ උගුර ලේ රහ වෙලත් කෑ ගහ ගහ පොත් විකුණන්නෙ.. මැරෙන්නද හදන්නෙ... ඉක්මණටම !
ReplyDelete- නෑ පුතේ තව ටික කලක් ජීවත් වෙන්න....!!!//
"නෑ පුතේ තව ටික කලක් ජීවත් වෙන්න..."
හිතට වැදුනුම තැන. කැළනියට ආවොත් ඔබවත් මේ පොත් විකුණන මාමාවත් අනිවාරෙන්ම මතක්වෙයි.
අනිවාරයෙන් ගන්න !!! පිං
Deleteඅනේ මං දැකලම නැහැ නේ? ආයේ එද්දි බලන්න ඕන අයියා :(
ReplyDeleteඅනිවාරයෙන් බලන්න
Delete