.
අවුරුදු කනවාද ! අවුරුදු අපිව කනවාදැයි
! තෝරාගැනීමට බැරිය...
මහරගම නම් පයින් යන්නත් බැරි තරමට
සෙනගය.. මිනිසුන් ලහි ලහියේ කඩ සාප්පු හිස් කරමින් සිටිති...!
මේ ගෙවෙන්නේ අවසන් දවස් කීපය විය
යුතුය.. මෙයින් පසු සියලු කඩ සාප්පු වසා දමනු ඇත.
ඇඳුමට ඇඳුමක් ගැනීමට වත් කිසිදු කඩයක්
ඉතිරි නොවනු ඇත...
එකෙනෙකා පරයමින් පෝලිම් වල සිට මුදල්
අයකැමි වෙත ළගා වෙයි... ඊටත් දුරට නැවත මාරුකරගැනීමට පැමිණි පෝලිම දිගුය... මිලදී
ගැනීමට කැමති අැඳම ඇඟලා බැලීමට නම් ඉඩක් නොමැත.. සමහරුන් ඒ ඒ රාක්ක පිටු පසට ගෙස්
ඇගලා පයලා බලති...
අයකැමි අතින් මුදල් නෝට්ටු විසිවේ..
විනාඩි පහකට වතාවක් වෝකිටෝකියක් ඇතැති යමෙක් පැමින සෑම කවුන්ටරයකම ඇති මුදල් ප්‍රමාණයක්
රැගෙන යයි !!
කවුන්ටර වල... වෙළඳ සේවක සේවිකාවන්ගේ
මුහුණු වල කිසිදු තෙතමනයක් නැ..
දහස් ගණන් ඇදෙන මහජනයාගෙන් හෙම්බත්ව
සිටින ඔවුහු පිළිම මෙන් බලා හිඳිති.. ඒ ඔවුනට අවුරුදු අහිමි කර පරණ අවුරුදු දවසේත්
කඩ සාප්පු වෙත ඇදෙන නරුමයන්ට නියවමිනි..
ඇඳුම් ගැනීමට බහාගෙන යාමට වෙමම තල්ලු
කල හැකි ට්‍රොලි සපයා ඇත.. බිල ගෙවු පසු වාහනය තෙක් ඒවා පැටවීමටද සේවකයන්
සිටිති...
සැබැවින්ම අවුරුදුය.....
අවුරුද්දට හැඳිය යුතු වර්ණය වන සුදු
පැහැති ඇඳුම් කිසිවෙකු අත නොවුනි.....
-මල්ලි මේක රතුනෙ... අවුරුද්දට අදින්න
කියල තියෙන්නෙ සුදු නේද?
මා ඉදිරියෙන් පෝලිමේ සිටි එකේකුගෙන්
ඇසීමි..
+ පිස්සුද අයියෙ සුදු අරන් කොහෙ
පරිස්සම් කරන්නද? රතු ගත්තෙ වෙන කොහෙ හරි ක්ලාස් එකකට හරි
බස්සන්න බැරියැ පස්සෙ දවසක.. අනික මේ තියෙන්නෙ සුදු පාට අකුරු වගයක් ඒ මදෑ...
..
වසරේම වැඩකටයුතු සඳහා ලබා දෙන දීමනාවක්
ලෙස අවුරුදු බෝනස් ලබා ගත් බොහෝ දෙනා.. ඒවා අවුරුද්ද දිනටත් පෙරම අවසන් කරති..
මට මතක හැටියටනම් ඉස්සර අත්තම්මා ඒ
අදාල වර්නයෙන් යුතු හැට්ටයක් පමණක් මිලට ගනී.. චීත්තය නම් අප්පචිගෙන්ය... ඒ හැරුන
කොට මුළු අවුරුදු ලඟවන දින කිහිපයම ගෙවන්නේ ලිප ළගය...
මුලින්ම මැටි ගා ගේ සරසයි.. ඉන්පසුව
මුලුතැන්ගෙයට ගොම ය... කොලපතක තබා තල්ලු කර කර එක කොණක සිට අනික් කොණට වතුර මිශ්‍රකර
ගෑ හැටි තාමත් මතක ඒ මාගේද විනෝද ජනකම ක්‍රියාව
නිසාවෙනි... කිසිදිනක අතගෑමට නොලැබෙන ගොම මට්ටම් කිරීමට ඉඩ ලැබේනනේය.. වතුර කලයේද
අලුතින් මැටි තට්ටුවක් ආලේප වෙයි...
පහුවදාට මුලු ගේම ගොම සුවඳය.... !!!
හැහ්.. ගැමියන් වන්නේ අපය... එවිටය..
කැවුම් හදන්න පටන් ගන්නෙ ඊට පසුය...
කොකිස් නම් බාර ගන්නෙ මමය ඒද ඉතා
කැමැත්තෙනි...
අතිරහ - අලුවා - නාරං කැවුම් - මුං
කැවුම් ආස්මි- ආදී බොහෝ කැවිලි අවුරුදු දා වන විට අත්තම්මා සාදා නිමකරයි.. අත්
උදවු අම්මලාගෙනි..!
සෑම වසරකම කැවුම් සුඳට වශී වී මහ ගෙදර
සේපාලිකා ගසේ අරක් ගන්නා කොහාට අත්තම්මා හා බැඳුනු නෑදෑ කමකක් ඇතියි මට විටෙක
සිතේ.. එහෙත් ඒ ගුප්ත බැඳිම තේරුම් ගැනීමට මට අදටත් බැරිය..
අත්තම්මා බැලීමට ඒ කොහා සෑම අවුරුද්දකම
පැමිණියේය...
දැන් ඉස්සර වගේ එරබදු නැත... රබන්
නැත.. කිසිවෙක් මෙදාපාර අවුරුදු උත්සවයකට සල්ලි එකතු කරන්න පැමිණියේ නැත.. අවරුදු
උත්සව යම් යම් සමාගම් විසින් බාර ගෙන ඇත.. ගමේ උන්ගෙන් එකතු කර පිරිසි කොප්ප -
පිගන් - ඔරලෝසු තෑගි ගන්නවාට වඩා බයිසිකලයක් ටීවි එකක් කාර් එකක් තෑගි ගැනීමට ගම්
වැසියන් තීරණය කර ඇත..
ජීවිත වෙනස් වන්නේ තාක්ෂණය වෙනස්
වනවාටත් වඩා වේගයෙනි....
කැට ගැසූ එකෙක් අද නැත- ඔලිඳ ගැන
නොදන්නේය - බට්ටෙක් පැණිමට එක පොඩි එකේක නැති - ඔන්චිල්ලාවක් එල්ලන්න ගහක් නැත....
-
----
- ඉතින් නංගි දැන් මොනවද හැදුවෙ
කැවිලි.. අම්මට එහෙම උදවු වුනාද ?
+ කැවිලි හදන්න කොහද අනෙ වෛලාවක්, ගෙනාව ඇදුම් සේරොම ලොකුයි ඒව හදන්න ගියා අම්මත් එක්ක.. අනික
අවුරුද්දට අපි ගෙදර නැතිවෙයි.. අපි යන්න හිතන් ඉන්නව ට්‍රිප් එකක්.. ඔය එවෙලෙට
මේසෙට තිය්නන කැවුම් ජාති වගයකුයි ආස්මි ටිකකුයි අම්ම ගෙනෙයි කඩෙන්.. !
- එතකොට මිනිස්සුට කෑම පිගන් බෙද්නනෙ
නැද්ද..
+ අපො නෑ මේ ගමේ උන් අපිත් එක්ක
තරහයි... උන් අපි දියුනුවෙනවට ඉරිසියයි අයියෙ.. තාත්ත කිවුව එකෙක්ට කෑම දෙන්නෙ
නෑකියල... අර දොස්තර මහත්තයලගෙ ගෙදරටයි පොලිසියෙ අංකල්ලටයි දෙනව ..ඒවත් ඉතින් ඒ අය
ගේන ඒව මාරු කරලම දෙැතැකිනෙ..
- ඉතින් නංගි නරකද ඔය තරහ මරහ අමතක
වෙන්න කියල කෑම ඔයාල බෙදුවොත්..
+ ඒ මොකටද අපේ ගෙදරට එන උන්ට විතරයි
දෙන්නෙ අනික් උන් නිකා හිටිය දෙන්...
හම්...........
මගේ ගම වෙනස් නංගි... මම නං යනව කෑම
බෙද්න්න උන් ආවත් එකයි නැතත් එකයි.. ඇන්ද සුදු කමිසෙ ඩෙනිම දාගත්ත පිගන් ටික අරන්
ගියා.. කාල එන්න කිවුවොත් ඕන ගෙදරකින් කාල එනව අවුරුදු දවසෙ කන්න කිවුවාම බෑ
කියන්න හොද නෑ..
- අනේ අපි යයි එක එකාලගෙ ගෙදරින්
කන්න.. අයියට ඕන නම් යන්න .. අපිට නම් තත්වයක් කියල එකක් තියෙනව..
+ වෙන්න ඇති.. මම උපතින් තත්වයක්
ගෙනාවෙ නෑ.. හැබැයි මට තත්වයක් දෙන්නෙ ඒ මිනිස්සු .. ඒ නිසා එතැනට මම යන්න ඕන..
----
විටෙක අවුරුදු නාවානම් හොඳය... බැලූ
බැලූ අත හිත් රිදවීම්ය.. කලකිරීමය...
එක තකට “ අත්තමාමාවත් “ දැන් හිටියා නම් හොඳය.. මට එයත් එක්ක ඉස්සර වගේ ගොම මැටි ගාල කැවුම් හදල බෙද්න්න තිබුන...
අත්තම්ම නැති එක වෙනදාටත් වඩා මට දැන්
දැනේ...
මුලින් හිතටය.. එතැනින් පපුවටය -
එතැනින් ඇහැටය.. !!!
--
මට ඕන වෙන්නෙ කිසිවෙකුවත් හඩවන්නට නොව
- තනිව හැඬිමටය....
--
====
අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති
පාටයි..
ඒ වුනාට කියා දුන්න කවි සී පද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්...
.
හාන මී හරක් එක්කර කෑම දී හුඟක්
බාන බාන එක් කරගෙන හාමු අපි කෙතක්
අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි
කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු අපි තාමත් රස
විඳින්නෙ
.
කොකා වෙලේ හොද්ද ලිපේ - අමුකුඹරේ
පිට්ටු ලිපේ
මොකැ පුතේ උඹේ කටේ - ඇයි මාමේ හකුරු
කැටේ
අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි
කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු අපි තාමත් රස
විඳින්නෙ
==========
--කුරුළු--
"අවුරුදු කනවාද ! අවුරුදු අපිව කනවාදැයි ! තෝරාගැනීමට බැරිය..." එකෙන්ම.... :D මේ පාර ගමේ ගියෙත් නැත :(
ReplyDeleteමරු
Deleteකාලේ වෙනස් වගේම කාලේට ගැලපෙන තාලෙත් වෙනස් දැන් . . හ්හ්ම්ම්ම්
ReplyDelete