සීය මොකෝ මේ ගේට්ටුව ලඟ..
අහ් දන්නැද්ද පුතේ මේ නිකං බලං ඉන්නව ගම දිහා..
ගම දිහා ? ( එතැනට පෙනෙන දර්ශනය දිහා මමම වටයක් කැරකී බලුවෙමි.. ඒහෙත් ඒ සිටි ස්ථානයට පෙනෙනුයේ ගමේ ඉතා කුඩා කොටසකි ! එද ඉස්සරහා ගෙවල් කිහිපය පමණි )
මේ මුකුත් පෙන්නෙ නෑනෙ සීයෙ.. !
අනේ අනේ දරුවො ඇයි නැත්තෙ... මට නම් පේනව...
අනේ මන්ද සීයෙ සීය කියන දේවල් මට නම් තේරෙන්නෙ නෑ
ඇයි දරුවො කෝ මෙතැන්ට වරෙන්.. දැන් නිස්සද්දව අහන් ඉදහන්... මොනවද ඇහෙන්නෙ..
ම් මුකුත් නෑනෙ සීයෙ..
තොගෙ වයස කීයද කන් ඇහෙන්නෙ නැති වෙන්න.. එක අතකට අද වැරැද්දත් ඒක තමා උඹලට මෙවුව ඇහෙන්නෙ නැති එක.. මට මෙැතන ඉදන් ගම පේනවා..
අහපන් පංසලේ පීකරේ එන කවි බණ සද්දෙ... මට පේනව සුදු ඇදපු මිනිස්සු පන්සලේ පිිල මල් අරන් තෙල් අරන් එහා මෙහා යන හැටි තව සමහරු වදින හැටි... ඒතකොට ටිකක් වම් පැත්තට වෙන්න උඹට ඇහේනනෙ නැද්ද මොහිදින් බෙග් මහත්තයගෙ බුදුනේ සින්දුව. ඒ එකත් එකටම හන්දියෙ දන්සලේ.. ඕක පටන් ගත්තෙ අපි උඹලටත් වඩා පුංචි කාලෙ.. ඒ දවස්වල වගේ ඇති අදත් සෙනග පොර කනව ඇති.. මට ඇහුන ඩෝං සද්දෙ පටන්ගත්තු... එකෙක් පොලිම් හදනව ඇති.. තව උන් බත් බෙදනව ඇති.. එතැන එකම යුද්ධයක්නෙ තියෙන්නෙ වෙසක් පෝයට...
තව දැන් ටිකකට කලින් කොල්ලො දෙන්නෙක් මෙැතනින් බට පතුරු වගයක් උස්සන් ගියා එකත් එකටම ඒ කූඩු හදන්න.. මාත් එහෙමයි බං පොඩි කාලෙ අන්තිම මොහොතෙ තමා වෙසක් කූඩු හදන්නෙ අප්පච්චිගෙන් බැනුම් අහල ඉවරයක් නෑ අන්තිම මොහොතෙ බදාගෙන... එක දවසක් මම කූඩුවක් හදල හැමෝටම හොරෙන් ගෙයින් එලියට ගන්න බෑ දොරට වඩා ලොකුයි...හරි සුන්දරයි කොලුවෙ ඒ කාලෙ...
උඹට පේනවද අර ගස් වලට උඩින පේන බෞද්ධ කොඩිය..
ආ ඔවු ඔවු
ඒ තබා මං හන්දියෙ තොරණ.... වෙනදටනම් ඉතින් අපි ඒක ලගමයි.. යමරෙට වැඩ.. මට මතකයි මම්ත ඕකෙ බල්බ් හයි කලා මේ පාර සාන්තිවාදි ජාතකයලු තියේනනෙ.. මට කොල්ලෙක් කිවුව..
මට මේ වගේ මුලු ගමේම දේවල් කියතැකි...
ඇත්තටම මා හට විසාල දුකකුත් පුදුමයකුත් ඇති වුනි.. ඒ මේ දේවල් දැකීමට තරම් මා පොහොසතෙකු නොවීමත් මෙතරම් වියපත් වීත් මනසින් ඒවා දැක සතුටු වීමට තරම් හයියක් සීයා තුල තිබීමත්ය..
සීයා මාරයිනෙ මුලු ගමම දකින කිවුවෙ එහෙමයි එකොට..
ඔවු පුතේ දැන් මට ඉස්සර වගේ ගම වටේ යන්න බෑනේ කාගෙ හරි වාරුවක් ඕන...
ඇයි සීයෙ සීයගෙ පුතාල කෝ.. මම දැක්කනෙ මාමල ඊයෙත් ඉන්නව කෝ මාමගෙ පුතා එහෙම..
උන්ට වැඩ පුතේ... උදේම පිටත් වුනා ට්‍රිප් එකක් යනව කියල අතරමග දන්සල් වැඳගෙනම..
ආහ් මම හිතුව දන්සල පැත්තෙ ඇති කියල..
කොහෙද බං උන්ට ඒවයෙ වටිනාකම්ක් .. ගමේ දන්සලට උදව් වෙන්න යන්නෙ ණෑ.. උන් ගමේ නැති නිසා කොළඹ පදිංචි නිසා ගමේ උන්ව අදුරන්නෙ නෑලු..ඒ නිසා බෑ කිවුවෙ.. හැබයි බං දන්සලකට උදවු කන්න එහෙම දැනගන්නම ඕන නෑ...
එතකොට සීයෙ අර දන්සලේ අය ආවෙ නැද්ද සීයව එක්කන් යන්න සීයලනෙ පරණ අය ඒක කරපු..
පුතා මේ පළාතට අලුත්ද ?
ඔවු මම ඇවිල්ල මාල 6ක් ඇති..
ඒක තමා..අනේ නෑබං අපි දැන් වයසයි.. විවෘත කරීම් දෙකට විතර එන්න කිවුව ඒ ගොඩක් කලින් අවුරුදු වල දැන් අපිට එන්න කිය්නනෙ නෑ බං දැන් එන්නෙ මන්තිරිල.. අනික එතැන ඉන්න උන ්අපිව දන්නෙ නෑ..පෝලිම් වල ඉන්න අමාරුයි බං දැන් අපිට..
ඉතින් දන්සල් බත් එකක් එවැන්න එපැයි ගෙදරට
හැමෝටම වැඩනෙ පුතේ... ! හා ඒක නෙවේ යමුද කහට එකක් බොන්න ඇතුලට..
හාකො යමු සීයෙ.....
ගේ ඇතුලට යනකොටම වයසක ආච්චිඅම්මා කෙනෙක් අතේ තේ දෙකක් රැගෙන පැමිණියාය...
මම මේ එලියෙ කතා කර කර ඉන්න නිසා ඇතුලට එන්න කියන්න හැදුවෙ...
මේ මොකෝ සීයෙ මේ.. සාලෙ පුරා සවුකොල... කුවද කූඩු හදන්නෙ දැන් කවුරුත් නෑ කිවුව නේද ගේ..
ඔවු පුතේ මමයි හදන්නෙ.. පුතාලටයි උන්ගෙ පුතාලටයි කූඩුවක් හදන්න වෙලාවක් නෑ..
එත් හවහට ගේ හිස් කරල තියන්න බෑනෙ.. මම මේ ගමේ කුරුට්ටෙක් අල්ලන් හැදුව පොඩි කූඩු දෙකක්..ඒක අලවන්න පාප්ප හදන්න පාං පිටි නෑ.. පොඩි එකාව යැවුව කඩේට ඒ යවල තමා මේ ගේට්ටුව ලග හිටියෙ....
එවේලෙහිම පොඩි එකෙක් රිම් එකක නැගී බ්රූම් ගා ගේ ඉදිරි පිට නැවැත්තුවේය.. පාන්පිට ඔතා තිබු කඩදාසිය විසිකර පොල්කට්ටකට පාප්ප සාදා ගත් ඌ මා ැන කිසිම ගාණකට නොගෙව සීයා ලගින් වාඩි වී කූඩුව අලවන්නට විය...
කොලුලො උඹත් කහට එකක් බොනවද ?
එපා සීයෙ මම කඩේ ගාව දන්සලෙන් සරුවත් එකක් බිවුව..!
මද වේලාවක් කල්පනාවේ නිග්ම මා තුල හටග් ප්‍රස්න සදහා පිලිතුරු සෙවීමට උත්සාහ ගතිමි...
පුතා මේ කොහේ යන ගමන්ද එතකොට..
මම මේ යන්න කියල අද .... පන්සලේ පොඩි වැඩක් කරනවා අපි කට්ටිය එකතු වෙලා අපි ඉස්සර හිටයෙ එහෙ පදිංචි වෙලා ඉතින් අදුරන අය ඉන්නෙ එහෙ...
අනේ හොදයි.... පුතා කූඩු හැදුවද...?
මට ඉස්මොල්ලේ පැන්නේය... ඔ..ඔවු සීයෙ...
ආන් හොදයි......
හරි එහෙනම් සීයෙ මම යනව මට ටික් පරක්කු වුනා.. දඩිබිඩි ගා හුස්මට කහට උගුරු බී මම පැවසුවෙමි
හදිසියෙම හාකො හාකො දැන අදුන ගත්තට සතුටුයි ආයෙ දැක්කොත් කතා නොකර යන්නෙපා ..
අනේ නෑ සීයෙ මම අප්පච්චිටත් කියන්නම්කො සීය එක්ක කතා කරන්න කියල..
අප්පච්චි.. ? පුතාල කොහෙද... !
අපි නුවර..
හ්ම් ඒක තමා මම මේ බැලුවෙ මාත් එක්ක නතර වෙලා කතා කරන්න තඑම් වෙලාවක් තිබුනෙ කෝමද කියල !
සීයටත් ආච්චිටත් සමුදුන් මම ගේට්ටව දක්වා පැමිණියෙමි.. යා යුතු වන්නේ පාර පැත්තට වුණත් දෙවරක් නොහිතම ආපසු නිවෙස දිසාවට හැරුනෙමි....
මා අපේ නිවසේ ගේටුටව හැර හොරෛක් මෙන් එබී දොර හරහා සාලය දෙස බැලීමි..
හිතුවා හරිය .... ! අප්පච්චී තනියම සාලයේ මැද ඉද කූඩු අලවයි.....
මම බිම බලා ගතිමි......!!!
==========
පලංචියේ වැඩ ඉඳගෙන මහ සෑයේ හුණු තවරණ පියාණෙනී
හුණු බදාම ඔසවා දෙන නුඹෙ අත් දෙක රිදෙනවාද - පුතණුවනේ..
.
සිල් ගත් මහ රජ මහ වෙහෙරට
මල් පුදනා මහ වෙහෙරට
පියාණනේ නුඹ නොපෙනෙනවා
.
ඇල්මෙන් අකුරට යන විට
මල්ලිලාට නංගිලාට
පුතුනේ නුඹ මුල් පොත වෙනවා.....
.
රන් ඉනිමග තියා උසට
නුඹ වඩවා මහ පොළවට
අපි සිරසට රන් කොත වෙනවා
.
සල් මල් පෙති පරවීගිය
මල් ආසනයේ පාමුල
නුඹෙ දාඩිය සුවඳ තියෙනවා....
-- ගුණදාස කපුගේ ශූරීන්..
http://www.youtube.com/watch?v=kzAUwGYFlqI
================
---කුරුළු---
//සිල් ගත් මහ රජ මහ වෙහෙරට
ReplyDeleteමල් පුදනා මහ වෙහෙරට//
සිල් ගත් රජමහ වෙහෙරට
මල් පුදනා මහ සෙනගට
තිසර මට සමාවෙන්න මගේ අතින් ඒක වැරදිලා..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහිතුවා හරිය .... ! අම්මා තනියම සාලයේ මැද ඉද කූඩු අලවයි.....
ReplyDeleteමම බිම බලා ගතිමි......!!!
අම්මා ??
Delete