සඳරැස් ගලන විට වලකුල්
වලින් පෙරා
අමතුම සුන්දරකි මගෙ ගේ
බිත්ති පුරා
අතු ඉති නටයි සීතල මඳ
සුළග උරා
තනිකම දැනෙනවා මගෙ මුලු
හිතම අරා
බස්සෙක් හිදියි අත්තක
උඩ හොදට නිදී
ගෙම්බෙක් නිදිමතේ
කම්මැලි සුසුම් අදී
මීයෙක් හොරෙන්
මුලුතැන්ගෙය තුලට වැදී
මොන මොනවදෝ හොයමින්
බඩු මුට්ටු අදී
ලා සඳ තිබෙනවා පින්නක්
දෙකක් ඇත
සුළගත් සමග සීතක් අත්
බැඳන් ඇත
තනියට කවිය මිස නුඹවත්
ළගක නැත
හිත හිත ලියන එක හැර
අන් මගක් නැත
පැමිනෙන තුරා ඉර සේවෙට
කිරණ ඉස
නටනව සුරගනන් මෙතැනට
බිමට බැස
නින්දත් නොනින්දත් අතරක
මගේ ඇස
තිබුණත් මොනව කරමිද කවි
ලියනු මිස ?
---කුරුලු--
අනිවා
ReplyDelete(Y)
ReplyDeleteහැමදේටම වඩා තනිකම සැපයි මචෝ..
ReplyDeleteමට තියෙන්නෙ එයාව ඌන කම නෙවේ - එයාව ඕන කම !
Delete///නින්දත් නොනින්දත් අතරක මගේ ඇස
ReplyDeleteතිබුණත් මොනව කරමිද කවි ලියනු මිස ?////
කවි විතරමද ලියන්න හිතෙන්නේ.. :D
ආයෙත් අහල !
Delete