.
මීට බොහොම කාලයකට පෙරදී මට උවමනා වුනේ
කූඩුවක් සෑදීමටය..
එය තනිව කල නොහැක්කකි..
ර්‍ඒ නිසා උදවුවට කැමති කෙනෙකුන් සොයා
දසත සැරි සරූවෙමි..
අහම්බයකින් මට - නුඹ මුණ ගැසුනි...
මම නුඹට ඒ අදහස පැවසූවෙමි..
මුලදී අකමැති වූවත්.. තෙමාසයක් ඇතුලත
මම නුඹව කැමති කරවා ගතිමි....
ලොවට හොරා කූඩු ව තැනීම ඇගේ අදහසකි...
කෙසේ වෙතත් අවසානයේදි සියලු දෙනා හට
කිව යුතු බව දන්නා නිසා මම ඇගේ අදහසට එකග වුනෙමි..
ඇගේ නිවසේ කූඩුවක් ැතනිය නොහැක.. ඒ ඇගේ
දෙමවු පියන් එ ්තරමටම සැපරුෂ වූ නිසාය..
ඉදින් අප දෙදෙන දෙමවුපියන්ටත් හොරෙන්
කූඩුව සෑදීම ඇරඹුවෙමු...
ස්ථානය මගේ කාමරය ය..
බොහෝ අමාරුවෙන් ඇයත් මමත් අවුරුදු
ගණනාවක් මහන්සි වී බට පතුරු කැපූවෙමු..
කූඩුවේ සැකිල්ල මගේ නිර්මාණයකි.. එය
අටපට්ටමක් විය...
අප දෙදෙන එක් වී නිම කරන කූඩුවෙන්
සමාජයට ලෝ දහම මැනවින් විදහා දැක් විය යුතු යැයි මගේ අදහස විය..
නුඹද එයට එකග විය...
හතරැස් කොටු බැදීම සහ ඒවා එකලස් කිරීම
ඇයගේ උදවුවෙන් සිදුවුනි...
මේ කූඩුවට පැටියෙක් දෙන්නෙක් එක් කිරීම
ඇගේ අදහස විය..
එහෙත් මම මදකට පසු බෑවෙමි..
ඒ සාදන ලද මේ කූඩුව සැරසිලි කිරීමට පවා
මා අත මුදල් නැත. ඒ ඉල්ලා ගත යුත්තේද අප්පච්චිගෙනි...
තවත් පැටවු එක් කලහොත් තත්වය බරපතල වන
බව මම ඇයට පහදා දුනිමි..
කෙසේ හෝ පෙරෙත්ත කිරීමෙන් කූඩුව ප්‍රදර්ශනය
කල පසු පැටවු එකතු කිරීමට මම එකග වුනෙමි..
කූඩුව සැරසිලි කල යුතු කාලය එලැඹුනි..
අප්පච්චිට නොකියාම බැරිය..
මෙතෙක් කල් කාමරයේ හංගාගෙන හිටි අපේ
කූඩුව ගැන අප්පච්චිටත් අම්මාටත් කීවෙමු.,
ඇයත් ඇගේ දෙමාපියන්ට පැවසුවාය.. ඔවුන්ද
කූඩුව බැලීමට අපේ ගෙදරට පැමිණ මගේ අප්පච්චි එක්ක මොනවදෝ කියනු දුටිමි...
අප්පච්චි කාමරයට විත් මගේත් ඇගේත්
මුහුනු දෙස බලා කූඩුව දෙසත් බලා සිනා සුනා මිස කිසිත් නොකීය...
එසේ වෙතත් දෙමාපිය ආශිර්වාදය මැද කූඩුව
ඇරසීමට අපට හැකියාව ලැබුණි...
දෙදෙනාගේම හිත්තුලට මහා නිදහසක්
දැනුනි... ඒ සමාජයට පෙන්වීමට කලින් දෙමාපියන්ගේ අවසරය ලැබුනු නිසාවෙනි...
කූඩුවේ වැඩ බොහෝ දුරට නිම වුනි...
එය ප්‍රදර්ශනය කිරීමට තිබෙන්නේ තව මාස
කිහිපයකි.. අවුරුදු 5ක පමණ අප දෙදෙනාගේ වෙහෙස මහන්සිය ආදරය මත ඉදිූ
කූඩුව නුඹලාට පෙන් වීමට තිබුනේ තව සුලු කාලයකි....
තව දුරටත් කාමරය තුල සැරසිලි කිරීමට ඉඩ
නොතිබුනෙන් කූඩුව සාලයට ගෙනඒමට සැරසුනෙමු...
අවාසනාවකි.....
අප නොපතනා දෙයක්ම සිදුවිණි
කාමරයේ දොර කුඩාය... අප දෙදෙන මෙතෙක්
කල් කාමරය තුලට වී සැදූ කුඩුවේ පරිමාණය ඉතා විශාල වී තිබුනි ...
අප දෙදෙන දෙපැත්තට වී හැඩූ වෙමු....
සති ගනන් මාස ගනන් හැඩුවෙමු...
කල හැක්කක් නැත.. නිසි පිළියමක් ද
නැත.. ඇත්තේ කූඩුව කඩා දැමීම පමණි..
දෙමාපියන්ද කිසිත් නෙකීවෝය..
අවසනදී සියල්ලනගේම යෝජනාව වූයේ කූඩුව
කඩා දැමීමටය...
ඇයත් මාත් හඩමින් අප ආදරයෙන් තැනූ
කූඩුව කැබලි කර දැමූවෙමු...
දැන්..
නැවත ඇයටත් - මටත් කූඩුවක් තැනීමට
දෙමාපියන්ගෙන් අවසර නැත....
ඇය පිටත්ව ගියාය..... මම තවම කාමරය තුල
ගුලිවී ඉතිරි වූ සවුකොල තෙත් කරමින් හඩන්නෙමි...
කෙසේ වෙතත් මාගේ අදහස පිලිගෙන කූඩුවක්
තැනීමට ඇගේ මුලු කාලයම අවුරුදු 5ක් කැප කල ඇයට මම ස්තුති කරමි....
නුඹට හැකි නම් නුඹේ අදහස අනුව මගේ
සැකිල්ල මතකයේ තබාගෙන වෙන කෙනෙකුන් හා එක්ව කූඩුවක් තනන් - පැටවුනුත් සමග !!
එය ලොවට පෙන්වන දාට මමත් එන්නම්...
සුභ පතන්න.....!!!
== මා නිසා ඔබ නොපිරූ පිරුම් - මා නිසා ඔබ නොපැතු
පැතුම්
ඒ සිනා මැද ඉටු වේවිනම් - ආයෙ නාවත්
කම් නෑ ඉතින් ...==
.
කෝ එදා ඔබ අත පැලැන්දු මුදුව කෝ කොයිදෝ
නෑ මගේ සිත අන් කෙනෙකු ගැන කීවදෝ
නැතිදෝ.....!!
.
මාලිගාවක රජ කෙනෙක්වත් යනවදෝ කැඳවා
වාසනාවන් එම සැදෑවට මා ඇවිත් යනවා
.
-කුරුළු--
කුරුලු මම මේක කොපි කර ගන්නද? කොහේවත් පල කරන්න නෙමේ..මේ මම ගැන ලියලා තියෙන්නේ...
ReplyDeleteහා හොදයි ඇනෝ
Deleteඅනේ මන්ද කුරුළු අයියේ......
ReplyDeleteඅනේ මන්දද තමා මේ ජීවතේ ලැබෙන දේවල්
Deleteකියන්න දෙයක් හිතාගන්නම බෑරියෝ...
ReplyDeleteකූඩු හදමු ඊලග වෙසක් එකට එල්ලන්න
Deleteමොකක්ද කුරුළු වෝ අන්තිමට වුනේ බං ... >> මගේ අප්පච්චි එක්ක මොනවදෝ කියනු දුටිමි... << මේ ටික කියවද්දී නම් ලොකු සිද්ධියක් වෙන බව හිතුන .....
ReplyDeleteමේ ටිකටත් මම ආසයි ...>> ලොවට හොරා කූඩු ව තැනීම ඇගේ අදහසකි... <<
ඇය කූඩුවක් හැදුව කියල ආරංචියි !
Delete