Saturday, February 9, 2019

==== දසිස් 45 =====



( හතලිස් හතරවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ ඒසේද ?
- ඒසේය.. දෙදෙනාටම ඒකම අාකාරයේ ශක්තින් පිළිබිඹු කරති, කුණ්ඩලිනි ශක්තිය අැත්තවුන්ය, " සොන් වූ කොන්ග් " වානර රජු බුදු දහමේ රැකවලෙකි, හනුමාන් ගේ අායුධය යගධාවකි , " සොන් " රජුගේ අායුධය යෂ්ටියකි, විටක ඒය තම කෙසක් තරමට කුඩා කර කනෙහි සගවා ගත හැක, විටෙක ඒ් විශාලනය කොට පහර දී මහ සයුර දෙබැ කල හැක..
+ ඉතා රසවත්ය අභය.. මේ ඉතිහාස කරුණු ඒකිනෙක ඒකට බැදි පවතින අයුරැ....
—————————————– අද එතැන් සිට
- රසවත් වන්නේ පමණක්ද නොව එය සත්ය කරුණු වලින් පිරි ඇත‍.
රජුනි සොන් වුකොන්ග් වානර රජුද හනුමාන් යනු ද එකම වානර ගෝත්රික රජෙකු යයි මා කියමි..
+ ඔහ් ඒ කෙසේද අභය...! ඔබ ඒ ගැන නිසැකයෙන්ම දත්තේතද ?
- රජුනි මා දන්නේ හනුමාන් ගැන පමනි සොන් වු කොන්ග් යනු ඈත අතීතයේ ජීවත් වුනෙකියි අසා තිබේ. එහෙත් මේ දෙදෙනාගේම මහා සමානකම් මා මේ කාල ගමනය තුල දකිමි..
+ ඉතින් අභය ඔබට හැකියි නේ කාල තරණය හරහා ගමන් කොට මේ ගැන සොයා බලන්නට
- හහ් හහ් එයින් ඇති ප්රරෝජනය කුමක්ද රජුනි.. අනෙක එය වැදගත් වුනුයේ කාටද ? ඒය බුදු දහම අරභයා නම් පමණක් මා සිදු කරන්නෙමි..
+ එයත් සැබැවකි.. කම් නැත ඔබ දන්නා තොරතුරු පමණක් පවසනු ඒ මා හට වටනේය.
- රජුනි සොන් වු කොන්ග් වානර රජු මකර අධිරාජයේ හිමාලය කදු ආශ්රිතව ජීවත් වූවෙකි, ඔහුගේ මව හෝ පියා පිළිබද සදහනක් නැතත් වායුවට අධිපති දෙවමාතාව ඔහුට ජීවය ලබා දුන් බව පවසති.
අප දන්නා මහා හනුමාන්ද එසේමය, ඔහු ජීවත් වන්නේ ද හිමාලය කදු පන්තියේය. ඔහුත් වායුනම් දේව මාතාවගෙන් ආශිර්වාද ලැබුවෙකි. හනුමාන් ගැන නම් මවත් පියාත් ගැන සදහනක් ඇත ඔවුහුද දෙවිවරුය. හිමාලය කදු පන්තිය මේ අධිරාජ්යන් දෙකටම අයත් සීමාවේ පිහිටා ඇත. එක් අධිරාජ්යක පිරිස මොහු හනුමාන් ලෙසත් අනෙකුන් සොන් වු කොන්ග් ලෙසත් හැදින් වුවා විය හැකිය. දෙදෙනාම වානර පෙනුමැති ගෝත්රික යන්ය. දෙ‍‍දෙනාටම අහසින් ගමන් කල හැක ඒ පෙර කි වායු දෙවගනගෙන් ලද ආශිර්වාදය නිසාය. මේ දෙදෙනාම දෙවියන් හා නිතර අඩ දඹර ඇති කර ගැනිමටත් ඔවුනගේ දේවත්වය අභියෝගයට ලක් කිරීමටත් පෙරැත්තයෝය.සොන් වු ‍‍කොන්ග් බුදු දහම වැළද ගත්තෙකි.
+ අහ් අන්න එතැන නම් නුඹ වැරදි නේද අභය.. හනුමාන් කවදාකවත් බුදු දහම වැළදගත්තේ නැනේ..
- රජුනි ඒ ඔබ දන්නා හනුමාන්ය.. හොදමයි ඔබ හනුමාන් ගැන අසා ඇත්තේ කොතැනකදීද ?
+ රාවණ කතා පුවතේදී පමනි.. සුග්රීවන හා රාමයන් මිත්රකරවීමේ ගෞරවය ඔහුටය.. ඒ හැරත් රාවණ හා යුධ වැදි අවස්තාවේද සෑහෙන ලෙසින් ලංකා පුරයට අලාභානි කලේය.. තම වල්ගයට ගිනි තැබු අවස්තාවේ ලංකා පුරය ම ඒ ගින්නෙන් ඇවිලු බවයි මා අසා ඇත්තේ.
- මා රජුනි...වීර හනුමාන් ගේ අතිතය ඉන් එයාට දිව යයි. මහාභාරතය නම් ඉතිහාස ග්රන්ථයේද ඉන් එපිටද ඔහු ගැන සදහන්ය. හේ සාමකාමිය. නමුත් යුධයට වන් තැන්හි රණකාමීය. හිමාල කදුවැටියේ කල් බවුන් වඩමින් කල් ගෙවයි. රාම හා රාවණ යුද්ධයෙන් පසුද රාමත් ලක්ෂමණත් සුග්රිවයනුත් නැවත රාජයපාලනයට යොමු වුවත් හනුමාන් නැවත හිමාල කදුවැටියටම ගොස් බවුන් වඩමින් සිටින බවයි සදහන්.
+ එසේද ? එසේනම් අමරණියයිද ඔහු
- එසේය සොන් වු කොන්ග් සහ හනුමානුත් අමරණිය බවයි පැවසෙන්නේ. ලංකාපුරය ගැන කල ගිනි තැබිම ඔබ වහන්සේ සදහන් කල නිසාවෙන් මා පවසන්නම්.සොන් වූ ‍‍කොන්ග් එක් වරක් ජේඩ් අධිරාජ්යාෙග් උ්ත්වසවයකට බලෙන් ඇතුල් වනවා ඔහුට උවමනා දිව්යෙලා්කය වෙත එහෙත් නැත්නම් නිර්වාණය නැතිනම් සදාකාලික සතුට ලබා ගැනීඹට... එහිදි අදිරාජ්යාෙග්න ඒ ඊට කාලය නොවන නිසා ඔහු ප්රතික්ෂේප වෙනවා.. ඉන් පසුව ඒ උත්සව භුමිය අවුල් ජාලාවක් කරන්නට සොන් වු කොන්ග් කටයුතු කරනවා.. පිලියෙල කර තිබු ආහාර බදුන් උඩින් ඇවිදිමන් ඒ විමානයේ තුබු පලතුරු ගස් වල නගිමින් ඒ ගෙඩි කඩා දමමින් ඒවායින් අධිරාජ්යන්ට දමා ගසමින් කලබගැනි කරනවා.. එවිට සොන් වු කොන් ගේ බලය සීමා කොට ජේඩ් අධිරාජ්ය්යා නැවත පොලවට එවනවා...
ඒ කතාන්තරයත් ඔබ වහන්සේ පැවසු හනුමාගේ ලංකාපුර ගමනත් ගැන සලකා බලනු මැනවි. ඒ හැරත් හනුමාන් කුඩා කල ඉන්ද්ර දෙවියන්ට අභියෝග කරනවා ඒ අවස්ථාවේදි තමාට කරදර කල නිසා ඉන්ද්ර වජ්රායුධයෙන් හනුමාට පහර දෙනවා.. වානර ගොත්රික හනුමාන්ට ඒ අකුනු සැර වැදීමෙන් සුලුකාලයක් නොවයෙි රජුනි ශත වර්ණ ගනනාවක්ම තම බලය අහිමිව තිබුුනු බවයි සදහන්.
අමතක නොකරන්න රජුනි පසු කලෙක අප රාවණ රජු පුත් මේඝනාද කුමරු ජය ගන්නේ මේ සදහන් කල ඉන්ද්ර නම් දෙවියාවයි, ඒ නිසාවෙනුයි මේඝනාද කුමරුන්ට ඉන්ද්රජිත් හෙත් ඉන්ද්රයන් දිනු තැනැනත්තා ලෙසින් මහාබ්රහ්ම විසින් නම් කරන්නේ.
+ මේඝනාද ... හහ් හහහ්.. මට මැවී පෙනෙනෙවා අභය වළාකුළු මැදින් වජ්රා අකුණු සරය සහිතව යුධය මැදට පණින කුමරුවන්...
- මා ප්රිය රජුනි මා ඒ දැ සියැසින් දුටු අයෙක්මි... යුගයන් කෙතෙරම් වෙනස් වී ඇත්ද,මේ මහ පොලව කොතරම් ඉතිහාසයක් උසුලාගෙන සිටින්නීද ???
+ ලංකාපුරයට ජය වේවා අභය.... ජයම වේවා....
- මා පෙර පැවසුවාක් මෙන් සොන් වු කොන්ග් වානර රජුටත් හනුමාන් ටත් තම ශරීරය මහ ඇතෙකුටත් වඩා විශාලනය කල හැක ඒ වගේම මැස්සෙකු තරමටම කුඩා කර ගත හැක... එමෙන්ම මහා මේරුව තරම් බරැති විය හැකි අතර පිහාටුවක් මෙන් සැහැල්ලු විය හැකිය.
සුළගේ වේගයෙන් ගමන් කල හැකිය, එක විට දස තැනක පෙනී සිටිය හැකිය, තම සිරුර වෙනත් වේශයන් දෙසැත්තැවකට පෙරලිය හැකිය... !
+ ඒ නම් හෙල විද්යාවක් අප කුවේණිය අශ්ව වේෂය ගත්තාක් මෙන්.
- එසේය රජුනි සොබා දහම් ශක්තීන් හෙළයට කියා අයිතියක් නැත සොබාදහම අයිති එයටය.. එකල හෙලය විහිදී පැවතුනා පමනි. අප කුවේනිය සතුව තිබුනේ සෘධිබල කිහිපයක් පමනි. ඇය එතැනින එහාට ගමන් කලේ නැත.
+ ඔබ පැවසුවා වානර රජුගේ යෂ්ටියක් ගැන.. එය විශේෂයක් තිබෙන බවකුත්.
- එසේය සොන්වු කොන්ග් රජු සතුව මායා යෂ්ටියක් තිබේ. ඔහු තම මායා බලයෙන් එය කෙස් ගසක් තරමටම කුඩා කොට තම කණ තුල රදවාගෙන සිටියි. අවශ්ය වූ විට එය අහල පොලව යා කරන තරමට වුවද විශාල කල හැක..
+ එසේනම් හනුමාන් සතුව..
- මහා හනුමාන් සතුව ඇත්තේද යගධාවකි.. එහිද එම බලයන් සතුවේ. ඒ හැරත් රජුනි මේ වානර රජුන් දෙදෙනාම තම යෂ්ටිය හෝ යගධාව අතැර යුධ නොකරති. වෙනත් ආයුධයක් තම අතට නොගනිති. මේසෛාන් වු කොන්ග් රජුගේ යෂ්ටියත් හනුමාන්ගේ යගදාවත් හැසිරවිය හැක්කේ ඔවුන්ටම පමනකි. ඒ ඔවු්න් ලද දායාදයකි.. ඒ හැර තවත් දෙක් ඇත.. මේ වන විටත් සොන් වු කොන් රජුගේ යෂ්ටිය ඔබ වහන්සේ දැක ඇතිවාට සැකයක් නැත.
+ මොනවා....... ඒ කොහිද ?????
- ඵුස්සදේවයන්ගේ උරහිසෙහි රාජාලියා මෙන් තවත් පච්ච කෙටීමක් නුඹට සිහියට නොනැගේද ?
+ අභය අප යෝධයන් දස දෙනාගේම එසේ රූපයන් ඇත. මා ඒ ගැන උනන්දු වුයේ ඔබ ඒ හෙලි කලාටත් පසුය.
- සිහිකැදවන්න රජුනි, “ වසභ පිළිබදව..!! අමතක විය නොහැක. ඔහුට ගොරිල්ලකු ගේමෙන් මහා කයක්ද හිමියෙකි..
+ ඔහ් අප වසභයන්ගේ පිටෙහි මොන පච්ච හණ තැබීමක්ද අභය.. ඔහුගේ ඇගෙන් බාගයකටත් වඩා ලෝමයෙන් වැසි පවතින්නේය.
- ඉතින් රජුනි ඔහු වානර ගොත්රික උරුමක්කාරයාය. අනෙකුන්ට වඩා ලෝම තිබිම ස්වාභාවිකය.. සැබැවින්ම ඔබ ඔහුගේ සලකුනක් දැක නැතිද ?
+ නැත
- හොදමයි එසේනම් ඊලගට එලැබෙන මොහොතේදීම බලන්න ඔහුගේ පිට පැත්තෙහි ඇති ලෝම දෙස එහි මේ යෂ්ටියේ හැඩය මනාව සටහන්ව ඇත.....
+ මොනවා....... ! අභය එසේනම් අප වසභ යන් ප්රාතීර්භුත කරනුයේ මකර අධිරාජ්යෙය් වෙසෙන අමරණිය වන සොන් වු කොන්ග් නම් වානර රජුද ?????
- රජුනි එයින් මෙහා තව කොතරම් වානර සෙන්පතියන් සිටිත්දැයි ඔබ නොදනිත්. අවැසි වේලාවට අවැසි ලෙසින් නියමිත සෙන්පතියන් ඔහු කැදවනු ඇත... ඒ හැර අප ලභිය වසභගේ තවත් ඔබ දැනගත යුතු රහසක් ඇත...
+ ඒ කිමෙක්ද ?
- මා අප ඵුස්සදේවයන් ගැන කල සදහනේදි පැවසු මහා බල ඇති බ්රහ්මයාගේ හී සරය නුඹට මතකද ?
+ එසේය බ්රහ්මසරයයි..
- එයිනුදු අප වසභට හානියක් පැමිණවිය නොහැකිියි..
+ අමරණිය නිසාද ?
- ඊටත් වඩා මුහුණු හතරක රුද්රාවේ හිමිකරු නිසාය.. චතුර්මුඛි රුද්රාව බලගන්වන්නේ මහාබ්රහ්මයා විසින්මයි ....!!!!
+ අහෝ අභය මේ ශක්තීන්.. නොමනා මනුශ්යන් අතට පත් වුවහොත් කුමක් සිදුවේදැයි සිතාගත නොහැකියි..
- කම්පා නොවන්න රජුනි, රාවණ අණින් අප මේ භද්ර කල්පාන්තය වන තුරු සිටින්නෙමු.
+ නුඹලාටත් මහා රාවණයන්ටත් ස්තුති වේවා ..!!
- රජුනි සියල්ලන්ටම තුලිතයක් අවශ්යය.. බිය නොවන්න සොබාදහම් මැණියන් ඒ සිදුකරනවා ඇති...
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්


දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/


- ජංගම දුරකථනයෙන් කියවන්න Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

==== දසිස් 44 =====


( හතලිස් තෙවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ ඉතින් කල යුත්තේ කුමක්ද ?
- කල යුත්තේ සිරුර නිරෝගි කිරීමයි, සිත සුවපත් කිරීමයි.. මිනිසුන් වඩ වඩාත් ධ්‍යානය කෙරෙහි යොමු කිරීමයි...
+ හ්ම්
- මා පෙර පැවසුවාක් මේ බුදු දහමේ ඉගැන්වෙන්නේද මෙය මයි, සිතන්න රජුනි ගතත් සිතත් නිරෝගි මිනිසුන් වෙසෙන්නා වු රාජ්‍යයක කොතරම් නම් නව සිතුවිලි නව නිර්මාණ පහල වේද කියා..
+ ඒසේය ඒ් සියල්ලම යහපත් දෑ විය යුතුමය..!
- රජුනි සමබර තාව රැකිය යුතුය... නිරෝගී වීම යනු සමබර තාවයෙන් සිටීම මය ..!
—————————————– අද එතැන් සිට
+ හ්ම් සමබර තාවය .. ඒයය සෑම දෙයකටම අවශ්‍ය ඒසේ නේද අභය..
- ඒසේමැයි.. යින්ග් සහ යැන්ග් යනුවෙන් හදුන්වන්නේද ඒයමයි. කුණඩලීනිය - චී ශක්තිය - සෘද්ධීන් - විශ්ව ශක්තිය අාදී කුමන නාමයකින් හැදින්වුවත් ඒසේ හදුන් වන්නේ මෙ තුලිතය අැති කරන්නා වු ශක්තියයි.
+ හොදමයි ඔබ විසින් සදහන් කලා වූ මකර අධිරාජ්‍යයේ ෂා ඔලින් නම් විහාරයේ භික්ෂුන් ද මේ චී නම් ශක්තියෙන් පිරි බව මතකයි.
- ඒසේයි ඒ් පමණක්ම නොව රජුනි ෂා ඔලින් පමණක්ම නොවෙයි ඔවුන්ගේ පාරම්පරික සටන් ක්‍රම අාරක්සා කරගත් තවත් බොහෝ පරම්පරාවන් අධිරාජය තුල ජීවත් වුනා. වූ ඩෑන් නම් කදුකරය අාශ්‍රිතව ෂාඔලින් අාරාමය හා සමානව ඔවුන් සටන් කලාව පුහුනු වුනා.
+ ඔවුන් ද සතත්ව ලෝක හා සම්බන්ධව මේ කලාවන් පුහුනු කලේ නම් ඒ් හා බැදියාවක් අප අද මහා යෝධයන්ටත් තිබිය යුතුයි නේද ?
- ඒසේය සත්තව ලෝක හා ගනු දෙනුව සේම ඔබ වහන්සේ අසා නැතිවා අැති ' බෝධි ධර්ම " නම් භික්ෂුවක් පිළිබදව.
+ නැත. ඒ් ඔබ කවරුන්ද ?
- රජුනි , අපගේ වෑයම වනුයේ බුදු දහම රෑකීම බව මා ඔබ වහන්සේට පවසා සිටියා. ඉදින් ඒ් කුමන රාජ්‍යකදී හෝ වේවා සිදු කිරීමයි අපගේ යුතුකම..
+ ඔහු ඒ් නම් බෝධි ධර්ම යනු ඔබ කවරුන්ද ? ඔබද ?
- හහ් හහ් හහ් රජුනි.... ගෞතම බුදු රජාණන් වහන්සේගේ පරිණිර්වාණයෙන් පසු ව අපගේ බුදුන් රැකබලා ගැනීමේ වගකීමෙන් නිදහස්ව දහම රැකීමට පිටත් වුනෙමු. නොබෝ කලකින් අප මේ ලංකාපුරයට ඒ්මට ප්‍රථමයෙන් දඹදිව සිට මකර අධිරාජයට වැඩම කලා. ඒ් පෙර පැවසුවාක් මෙන්ම ඒ් කාලයේදී බෞද්ධ භික්ෂුන්ට සිදු වූ මංකොල්ලා කෑම් පහර දීම් පීඩනයට පත් කිරීම් ඉතා උච්චව තිබුන කාලයකයි. අප සංහ අධිරාජ්‍ය මෙන්ම අාවණ රජු කාලයේදි බොහෝමත්ම අාඩ්්‍යව පැවති රාජ්‍ය්‍යකි ඒය. බොහෝ විස්කම් පැ හැකි අධාත්මක මනුශ්‍යයෝද විද්‍යා ශාස්ත්‍ර, දත්තෝද ඒහි වූහ. ඉතින් අප නැ කම බොහෝ දුර දිව යන්නකි.
+ ඔබ නව දෙනාම නැ දස දෙනාම ??
- නැත. රජුනි අප සය දෙනෙකු පමණකි..
+ ඔහ් ඒසේනම් ඒයින්ද ඒ් අධිරාජ්‍යයේත් සතත්ව ලෝක හා මුසුවූ ප්‍රධානම සටන් කම පහ බිහිවුයෙත්..
- ඒසේයි බෝධි නම් මා ය... ඔබ වහන්සේට කෙදිනක හෝ ඒ් අධිරාජයයේ බෝධි ධර්ම භික්ෂුන් විසින් සිදු කරන ලද මූලික ඉගැන්වීම් ගැන අසන්නට ලැබුනහොත් විස්මයට පත් වනු අැතිවාක් මෙන්න ඒ් අප ම බව ත් සාක්ෂාත් වනු අැති
+ ඒ් කෙෙස්ද ?
- රජුනි අප ඒහිදි ධර්මයට මූලික කරගත්තේ අන් කිසිවක් නොව " ලංකාවතාර" සූත්‍රයයි ..!
+ ඔහ් හෝ අභය.. ඔබ නම්........ ! මා දන්නා තරමින් ඒම දේශනාව අැත්තේ රාවණ නම් රජකු අරඹායය..
- අප රාවණය රජුනි...
+ හොදමයි අභය ඒ් කතාන්තරය අසා සිටියදි මා සිතට නැගි කරුනක් නම් අප අදටත් ඉතිරිව පවතින් ඒ් මකර අධිරාජ්‍ය යේ සටන් ක්‍රම අප සෙබලුන්ටත් උගන්වීමට හැකිවක් නැතිද ? ඒ් ඒළැඹී තිබෙන යුද්ධයට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේවි නොවේද ?
- ඒ් අමුතු අායාසයකින් උගන්විය යුතු නැත. රජුනි අප දසදෙනාගෙන් පස් දෙනෙකුම ඒහි සටන් ක්‍රමයන් දන්නා අතර ඒ් හා මේ අතර වෙනසක් නැත සෑම තැනම අැත්තේ ඒකම කලාවය ඒකම ශිල්පය මය. අායුධ හා ඒ් සැරසීම අනුතවත් ඒ්ඒ් රාජයන්ගේ මනුශ්‍ය සිරුරේ හැඩය අනුව පමණක් සටන් ක්‍රමය තුල යම් වෙනස් කම් පවති. ඒ් හැරත් අප " වසභ " යෝධයා ඒ් කෙල පැමිණියෙකි..
+ මේ අප ලභිය වසභ
- ඒසේය වසභ යන් චතුර්මුක්හි රුද්‍රාක්ෂය දරන්නාය. වානර ගෝත්‍ර ලෝකය හා සම්බන්ධ කමක් පවත්වන්නාය. අශෝක රජු දවස රස විද්‍යාව නොහොත් ලෝහවල විදයාව හා පරිවර්තය පිළබඳව, පඨවි ආපෝ තේජේා් වායෝ වලට යත් සියළුම දෑ යම් යම් අවස්ථාවන් වලදී වෙනම හැසිරීම පිළිබදව ඒවා ක්රිමවත්ව සකස් කිරීම රිසි පරිදි බාවිත කිරීම යන රහස් දැනම අැතුලත් ග්‍රන්ථය පිලියෙල කල යෝධයාය.
+ ඔහ් පඨවි ආපෝ තේජේා් වායෝවල හැසිරීම නම් ඒසේනම් පෙර කී චී ශක්තිය පාලනය නෙවේද ? ඒසේ නම් වසභට ඒ් අමුතුවෙන් ලියා ඒක් කල යුතු නැත. වානර ගෝත්‍රය සබදකම් පවත්වන්නේ වානර ලෝ වාසින් පාතීර්බුත කල හැක්කේද " වසභ" ට ම විය යුතුය.
- ඒසේය රජුනි ඉතා අෑත
" අතීතයේදී මකර අධිරාජයයේ ජීවත් වූ අමරණියයැයි කියන්නාවූත් , සත්‍යයේ අැස නමින් විරුදාවලිය ලත්තා වූත් දෙසැත්තැ රූපයන් අයුරින් තම සිරුර වෙනස් කර මවා පෑ හැකියා ව තිබුනාවූත් , හස්තියෙකු මෙන් ශරීරය විශාල කර හැක්කාවුත් , මී මැස්සෙකු මෙන් කුඩා විය හැක්කා වූත් , පර්වතයක් මෙන් බර විය හැකි වුත් , පිහාටුවක් මෙන් සැහැල්ලු විය හැක්කා වූත් " සොන් වූ කොන්ග් " නම් වානර රජුන් පිළිබවත් ඔබ අසා නැතිවා අැති.
+ අභය ඔබ පවසනා විස්තර අසනා විට මා හට මැවුනේ නම් මා දන්නා මහා බල අැත හනුමාන් නම් වානර සෙන්පතියා පමනි..
- ඒසේය රජුනි වානර ගෝත්‍රය තුල ඒවැනි ශක්‍යවන්තයෝ බොහොය. වානර ලොව රජු ලෙසින් හදුන්වන්නා වු මකර අධිරාජ්‍යේ ජීවත් වූ අමරණීය " සොන් වූ කොන්ග් " රජුත් මහා හනුමාන් අතරත් බොහෝ සමානකම් දැකිය හැකිය..
+ ඒසේද ?
- ඒසේය.. දෙදෙනාටම ඒකම අාකාරයේ ශක්තින් පිළිබිඹු කරති, කුණ්ඩලිනි ශක්තිය අැත්තවුන්ය, " සොන් වූ කොන්ග් " වානර රජු බුදු දහමේ රැකවලෙකි, හනුමාන් ගේ අායුධය යගධාවකි , " සොන් " රජුගේ අායුධය යෂ්ටියකි, විටක ඒය තම කෙසක් තරමට කුඩා කර කනෙහි සගවා ගත හැක, විටෙක ඒ් විශාලනය කොට පහර දී මහ සයුර දෙබැ කල හැක..
+ ඉතා රසවත්ය අභය.. මේ ඉතිහාස කරුණු ඒකිනෙක ඒකට බැදි පවතින අයුරැ.......
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ – ගැමුණු රජු – දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්‍ය විදයා / ඉන්ද්‍රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව ” දසිස් ” නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්

දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/

- ජංගම දුරකථනයෙන් කියවන්න Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

==== දසිස් 43 =====



( හතලිස්  දෙවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ ඒ් අවයව මොනවාද ?
- පෙනහල්ල , හදවත , හෘදයාංශය, උරහි සිට අතැගිලි දක්වා වු බාහුව, කුඩා බඩවැල, මහා බඩවැල,ප්ලීහාව,වෘක්ක, අක්මාව, පිත්තාශය, මුත්රාශය, හා උදරය නම් ය.
+ සත්යක් නොවේනම් ... ඒ් වා රෝගාතුර වීම යනු ඉතා බරපතල රෝගාබාධ අැතිවිය හැකි නෙවේද ?? අප හෙල වෙද කමේත් මේ සියල්ලටම ඔෟෂධ තිබේ..
- ඒෙස්ය රජුනි... අප වෙදකමේ දි ඔවුන් මෙන් සිරුර සිදුර කරන්නේ නැත. පටතින් හෝ අැතුලතින් සුවපත් කරන්නෙමු.. සිරුර කැපීමෙන් විදීමෙන් පවා අප සිරුරේ අැති "බ්රහ්මප්රභාව" ට හානියක් වන නිසාවෙනි.
—————————————– අද එතැන් සිට
+ මේ සියල්ල සිදු කරනුයේ අප බ්රහ්ම ප්රභාව ශක්තිමත් කර ගැනීම උදෙසා නෙව්ද අභය
- ඒසේය යන්ත්ර මන්ත්ර තන්ත්ර පමණක් නොව කුණ්ඩලීනිය පවා ඒයටය. චී " ශක්තියද ඒ් වෙනුවෙන්ය. සියල්ලෙන්ම සිරුර නිරෝගීව තබා ගැනීම සිදු කරයි. මානසිකවත් ශාරීරිකවත්.
+ ඒසේය ඒෙස්ය
- මේ ශරීරාංග හා ලෙඩ රෝග මුසු වී පවතින බවට ඔබ වහන්සේත් දැනුවත්.
+ ඒසේයි
- ඔබ වහන්සේ සිතනවාද මේ ශරීරාංග රෝග වීමත් අප සිත රෝගාතුර වීමත් අතර සම්බන්ධයක් අැති බවට, නැතහොත් අප සිත රෝගාතුර වු විට අභ්යන්තර අවයවද රෝගතුර වන බව සිතුවාද ?
+ නැත.. මා සිතනුයේ අභ්යන්තර අවයව රෝගාතුර වූ විට ඒ්වායින් නැගෙන රිදුම් හා වේදනාවන් නිසා සිතද මනසද රෝගාතුර වන බවයි.
- රජුනි ඒය අනුලෝමවත් ප්රතිලෝමවත් යෙදේ?
+ කෙසේද ?
- අප සතුව දෙවැනි මොලයක්ද අැත, අප හිස තුල අැති මොළය නැමති කොටසින් සිදු වනුයේ අපගේ අවයව හා ක්රියාකාරකම් නිසි ලෙස පාලනය කිරීමයි. අප දැනුවත්වත් නොදැනුවත්වත් සිදු කරන ක්රියාවලි ගනනාවක් සිරුර තුල තිබේ.
+ ඒසේය අප ශිල්ප දැක්වීම් දැන කරන ක්රියා ලෙස දකිිමි අාහාර දිරවීම වැනි සිරුර තුල ක්රියාකාරකම් අප නොදැනුවත්ව සිදු කරන ක්රියාවලි ලෙස දකිමි.
- ඒසේය ගැමුනු රජුනි, අප ට බොහෝ වට පාලනය කල හැක්කේ දැන කරන ක්රියාවන්ය, නොදැන කරන ක්රියාවන් ඒසේ පාලනය කල නොහැක. ඒහෙත් අප හැගීම් උපද්දවනුයේ ඒ්වා ගබඩා කරනු ලබන්නේ කොහිද ?
+ මනසේ ද ?
- නැත රජුනි, ඒ් අප සිරුර තුල වූ මේ අවයවයන් තුලමය..
+ හහ් හහ් හහ් හහ් අභය ඒය විය නොහැක්කකි.. අවයවයන් තුල හැගීම් හට ගනුයේ කෙසේද ?
- රජුනි අසනු මැනව, අපහට අාදරය අැතිවනුයේ කුමන අවයවයින්ද ?
+ හදවතිනි ..
- රජුනි සිතා පිලිතුරු දෙන්න , හදවත යනු අවයවයකි, හදවතින්ද නැතිනම් වෙනත් තැනකින්ද ?
+ දන්නා තරමින් අාදරය අැත්තේ හදවතෙහිය.. ඒසේ බැලුකල නම් ඒ් අවයවකින් හට ගන්නකි
- සැබෑවකි රජුනි , අාදරය හට ගන්නේ හදවත නැමති ඒෙන්ද්රය තුලයි, ඒපමණක් නොව කරුණාවද ඒහිය, නුමුත් චීන යින්ග් සහ යෑනග් හි මෙන් හොද හා නරක දෙකම ද මෙහි වේ, ඒනම් අාදරය සේම විරහවද, වෙෙරයද හට ගන්නේ හදවත තුලයි,
" මනුශ්යයින් හදවතින් අාදරය කරන අතරම හදවතින් වෙෙර කරයි."
+ සැබෑවකි අප ජනවහරේද යෙදී අැත්තේ ඒලෙසනි අභය
- ඒසේය රජුනි ඔබ වහන්සේ අාහාර දිරවීම ගැන කතා කල නිසාවෙන් ඒයම මා කරණකොට ගන්නමි. අාහාර දිරවීමට බොහෝ අවයවයන් වල සහයෝගය අවැසිය. ඒය ඉතා දීර්ග හා සංකීර්ණ ක්රියාවලියකි. ඒ් වෙග්ම ප්රධානතම ක්රියාවලියකි.
+ ඒසේයි
- ඒහිදී අක්මාව තුල තරහව හා ඊර්ෂ්යාව, ඉච්චඡාභංගත්වය තැන්පත් වේ, වකුගඩු තුල භය තැන්පත් වීම අාදි වශයෙන් බෙදී පවති.
+ විශ්වාස කල නොහැකිය
- රජුනි යින්ග් සහ යැන්ග් තුල අඩුංගි වන්නේ සමතුලිතයයි, මේ දැක්ෙවන්නේද ඒ් තුලිතයයි, අප විසින් මේ සියල්ල තුලිත කල යුතුය. යමෙකු මේ හැගීම්වලින් අන්තගාමී වන්නේද ඔහු ඒ් තුලම ගිලි පවතිනු අැත්තා සේම ලෙඩ රෝගද බහුලය.
+ හ්ම්
- සිතන්න නිතරම දුකින් සිටිනා පුද්ගලයෙකුගේ හදවත ක්රියාකිරී වීම අඩුය, මානසික අාතතයි හො ්නිතරම කල්පනා කරමින් ගැටලු වලම සිටින්නෙකුගේ උදරයතුල වායු නිපද වේ ඒ් භය නැමැති හැගීම වැඩිවීමෙන් අැති වකුගඩු ක්රියාකාරීත්වය අඩු වීම නිසාවෙනි. ඒවිට අාහාර දිරවීම නිසි අාකාරයෙන් සිදු නොවේ, ඊර්ෂ්යාව හෝ බලාපොරෝත්තු බිද කණස්සල්ලෙන් නිතරම ක්රියා කරන්නෙකුගේ අක්මාවේ ක්රියාකාරීත්වය අවම වේ .. මේ සියල්ලෙන් බිදි යන්නේ අාහාර දිරවීම හා ලේ ගමනා ගමනයයි. ඉදින් මොළය රෝගාතුර වීම අාරම්භ වේ ඉන් පසු අප අරමුණු අැතුලට ගන්නා වූ පංචේන්දුයන් දුර්වල වන්නට පටන් ගනී, ඒයින් පසු සිත හා මනසද දුර්වල වීම නැවතිය නොහැක..
+ ඒසේනම් ඔබ පවසන අයුරින් තුලිත කර ගත යුත්තේ අප හැගීම් නෙවේද ?
- ඉතින් රජුනි අප ගෞතම බුදු දහමේ ඉගන් වීමත් ඒයම නොවේද ??
සම බර කල යුතුය, හැගීම යටපත් කල යුතුය ඒවිට සියළු අවයව නිසිඅයුරින් ක්රියාත්මක වීම අාරම්භ වේ.. ක්රමයෙන් පංචේන්ද්රයත් සිතත් මනසත් ක්රමානුකූල වේ , ක්රණ්ඩලීනි ශක්තිය ද ඉන් පසු තවත් පාලනය කිරීමෙන් නිර්වාණයත් ලබා ගත හැක.
+ පැහැදිලි අභය, ඒ් නිසාවෙන් විය යුතුයි අත්ථකිලමතානුවත් කාම සුඛල්ලිකානුවත් අතැර මධ්යම ප්රතිපදාව අනු දැක අැත්තේ
- ඒෙස්ය රජුනි , මධ්යම ප්රතිපදාව යනු තුලිත කිරීමය. නැතනම් හරි මැද සිට ගැනීමයි...
+ අභය හැගීම් පිලිබදව ඒසේනම් , සිතුවිලි යනු මොනවාද ඒ්වා උපදිනුයේ කොහිද ?
- රජුනි ඒ් මනස හා සිත සම්බන්ධය, අවයව අප සිරුර තුල අැත්තා සේම සිත , මනස අප හිසට මදක් ඉහලින් තිබෙනු අැති.
+ ඒ්ද පිලිගත නොහැකියි..
- ඒසේය රජුනි ධ්යානය හා අධ්යනයේ අැති වෙනස මෙයයි ඔබ වහන්සේට ධ්යානය තුලින්ම මේ අවබෝධ කර ගත හැකි වනු අැත.
+ හ්ම්
- අපට සිතුවිලි පැමිනෙනුයේ කොහි සිටද ඒ්වා යේ අාරම්භය කොතැනකදැයි අපට මතකයක් නැත. මෙසෙ ්සිතන්න ඔබ වහන්සේ යම් කිසි දෙයක් ගැන සිතිමට පටන් ගන්නේ ඒ් ගැන අල්ප මාත්ර සිතුවිල්ලක් හෝ සිත තුලට කා වැදුන පසුය, මා කතා කරනුයේ ඒ් අල්ප මාත්ර සිතුවිල්ල ගැනය. ඒ් අා තැනක් හෝ ඒන ගැන ඔබ වහන්සේට කිව හැකිද ?
+ නැත ..
- රජුනි , ඒයයි වෙනස, මනුෂ්ය සිරුර තුල සිතුවිලි ගබඩා කොට අැති මල්ලක් හෝ අවයවයක් නැත. ඒ්වා අැති වෙනවා සේම නැති වී යති. යම් යම සිතුවිලි කුමන සිතුවිලි ද වත් අපට අවබෝධ වීමටත් ප්රථම ඒ් අමතකව ගොස්ය.
+ හහ් හහ් හ්හ ඒය නම් සත්යකි. නැවත කොතරම් සිතුවත් ඒ් සිතුවිල්ල නොඒ්.
- ඒසේය ඒ් සිතුවිලි පැමිනෙන්නේ මේ විශ්වය තුලින් ය. ඒය අප සිරුර තුලම වුවානම් අප වෙෙද්යවරුන් මේ වන විටත් ඔසු මගින් සිතුවිලි බලෙන් හෝ උපද්දවා නිර්මාණ සිදු කරනු අැති.. ඒවැනි යන්ත්රයක් සාදා ගතහොත් සාහිත්යමය නිර්මාණ පමණක් නොව සෑම අංශයකම නිර්මාණ ශීලීත්වය මීටත් වඩා දෙගුණ තෙගුන වනු අැත. ඒහෙත් ඒය ඒසේ නොවේ..
+ ඒසේනම් අභය අපට අවශ්ය වන්නේ කුමක්ද ඒ් ගැන ඔසු මගින් සිතුවිලිල්ක් පහල කරවා නව නිර්මාණ අවැසි තරම් බිහි කල හැකියි.. ඒසෙ නෙෙව්ද ?
- ඒසේය. ඒහෙත් ඒ් අයිති වන්නේ සිරුරින් බැහැර දෙයකටයි රජුනි. අප හට මේ විශ්වය තුල සිට පැමිනෙන සිතුවිලි ග්රහණය කරගන්නා ග්රාහකයක් හිසට ඉහලින් පිහිටා අැත.
+ නොපෙනේ ?
- ඒය අදෘශ්යමානය, ඒයින් ග්රහණය කරගන්නා සිතුවිලි අප හිස තුල අැති මොලය නම් ඒෙන්ද්රියට ලබා දෙයි. ඒහි තුල අැති ගබඩා කර ගැනීමේ කුටීරය හා විශ්ලේෂය කරන්නාවු කුටීරය මගින් ලැබුනා වූ සිතුවිල්ල වර්ධනයට හෝ මර්ධනයට පෙළැබේ. නැතහොත් අප මතක ගබඩාවට ඒය ගෙනගොස් හාරා අවුස්සා අඩු වැඩි සකසා නව නිර්මාණයක් ලෙසින් අපට ලබා දෙයි. නැතිම් ඒෙන්ද්රියන් මගින් නිපද වන හැගීම් හා මුසු කර දමයි.
+ ඒසේනම් අභය මේ සියළු සිතුවිල නව නිර්මාණ නව සිතුවිලි වර්ධනයට කුමක් කල යුතුද ?
- රජුනි ඒකක් කියා නොමැති. විශ්වය තුල අනන්ත සිතුවිලි විසිර පවති. අලුත් සිතුවිල්ලක් යනු අනාගත ලෙස මා දකිමි.
ඒනම් ඒ්ය යමෙකු අනාගතයෙන් සොරා ගන්නා ලද දෙයකි. මක් නිසාද නිර්මාණකරුවා ඒ් ඉදිරිපත් කල පසු ඒතැන් පටන් ඉදිරිය නිර්මාණය වන්නේ ඒ් නව නිර්මාණය මත වීමය.
රජුනි සරලවම ඔබ අැතැති මුදුව ගැන සිතන්න, ඒ් සිදු කල රන් කරුවා හට මේ මෝස්තරය ගැන සිතුවිල්ල පැමිනියේ කොහෙන්ද ?
+ විශ්වයෙන්ද ?
- ඒසේයි, ඔහු හට මුල්ම සිතුවිල්ල පැමිනෙනුයේ අනාගතයෙනි. ඔහු මේ නිර්මාණ සිදුකල කාලය වර්තමානය ලෙස සිතන්න. සිදු කිරීමට පෙර අතීතය ලෙස ගනින්. ඒසේනම් මේ දැන් ඔබ වහන්සේ පැලද සිටින කාලය ඒ් හා බැලු කල අනාගතය නෙෙව්ද ??? 
+ පැහැදිලියි සක් සුදට ! ඒසේනම් රන් කරුවා මා මෙය පැළද සිටිනු අනාගතයෙන් ලද පනිවඩයකින් මේ නිර්මාණය කලා.. ෂාහ්....
- මා රජුනි , සෑම මනුශ්යකුටම පෙර කියු ග්රාහකයක් පිහිටයි නමුත් ඒක් ඒක් සිරුර තුල පවත්නා මා පෙර කි හැගීම් හා ශරීර ශක්තීන් හා ශරීර ප්රමාණ, කුණ්ඩලිනී ශක්තීන් , අාහාරපාන අාදිය නිසා වෙන් සිතුවිලි ග්රහනය කර ගැනීමේ විවිධ මට්ටම් පවතී. ඒ් නිසාවෙන්මයි ඒක් ඒක් මනුශ්යයන් ඒක් ඒක් පැති හරහා ඉදිරියට පසුපසටත් ගමන් කරනුයේ.
+ ඉතින් කල යුත්තේ කුමක්ද ?
- කල යුත්තේ සිරුර නිරෝගි කිරීමයි, සිත සුවපත් කිරීමයි.. මිනිසුන් වඩ වඩාත් ධ්යානය කෙරෙහි යොමු කිරීමයි...
+ හ්ම්
- මා පෙර පැවසුවාක් මේ බුදු දහමේ ඉගැන්වෙන්නේද මෙය මයි, සිතන්න රජුනි ගතත් සිතත් නිරෝගි මිනිසුන් වෙසෙන්නා වු රාජ්යයක කොතරම් නම් නව සිතුවිලි නව නිර්මාණ පහල වේද කියා..
+ ඒසේය ඒ් සියල්ලම යහපත් දෑ විය යුතුමය..!
- රජුනි සමබර තාව රැකිය යුතුය... නිරෝගී වීම යනු සමබර තාවයෙන් සිටීම මය ..!
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්