( දහතුන් වන කොටස හා සබැඳි )
==============================
+ එසේනම් බුද්ධත්වයට පත්වන්නේ කුමක් සම්පූර්ණ වූ පසුද ?
- කුමක් වත් නැත. තමන්ද මෙසේ බුදුවරුන් මුණ ගැසීත් නිවන් අවබෝදයට ඉඩ නොතබා සසර ගමන සැරි සරන්නේ හුදෙක්ම මේ බුදුවීම යන සාධු චේතනාවෙන් බව සිතා ඒ චේතනාවද අතහරින්නාවූ යම් මොහොතක් වේද ... ඒ ඇසිල්ලෙහි හෙතෙම සත්‍යාවබෝධයට පත්වන්නාහුය. සොබා දහමේ නවයක් විද්‍යා නිසඟයෙන් අවබෝධ වන්නේමය. මේ සසර ගමනෙහි මෙත්ක් පැමිනි මග පිළිබද මනා දැනුමක් පිහිටන්නේම.. සාරාසංක්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට වුව එක් සාධු චේතනාවක් සැහෙන බවත් ඒ ද නැතිව අනෙකුත් ක්ලේෂයන් පසු පස දුවන්නන්ගේ සසර ගමන කොතරම් දුක්ඛ දුර ගමනක්දැයි අවබෝධ වන්නේමය.. නිවන යනු දෑස් පියා නිදා ගැනීම නොව ..
රජුනි ..!
" නිදා සිටි මහා නින්දෙන් අවදි වීමයි ." ..!
----------------------------------------- අද එතැන් සිට
+ සාධු ථේරපුත්ථාභයනි සාධූ... එසේනම් මේනව විදයාවන් යනු පරම පිරිසිදු හක්තීන් පිළිබඳව එක් තැන් වුන දැනුමයි. ඒ යුද්ධයට බාවිත කිරීම කෙසේද ?
- එය නුඹ නුදුරේම උගෙනු ඇත. එහෙත් ඒ ශක්තීන් සියයට සියයක් සම්පු්ණ වහයෙන් ඔබට නොලැබෙන්නෙමය. මක් නිසාද ඒ දැරිය නොහැකි තත්වයකි. දැරිය හැක්කෙ මහා නිකුම්බිලා දේවීන්ටත්. දසිස් රාවණයන්ටත් පමනි..
+ එසේනම් බුදුන්
- බුදුවරයෙකු මේ විදයා නවය කිසිවිටෙක අනුන් උදෙසා යුද්ධයකට නොයොදයි. තමන් තුල යක්ෂයා ජය ගැනීමට පණක් යොදවයි.
+ නවයක් වූ විද්‍යා ඇවෑමෙන් දසිස් නම්.. ඒ සදහා නුඹලා විදයා නවයක් එක් කොට අශෝක සමයේදී ග්‍රන්ථ රචනා කලේත් නම්.. ඒ ඒ ලෙසම බුද්ධත්වයේත් හැදින්වේද ? නැතහොත් ඒ නවයක් වු ශක්තීන්ට වෙනත් නම් යෙදේද ?
- රජුනි මෙවර අප නන්දිදමිත්‍ර, සුරනිර්මලය, මහාඝොණය, ගොඨයිම්බරය, භරණය, වේළුසුමණක, එසේම ඛඡ්ච දේව, ථූස්ස දෙවය, ලභිය වසභය ලෙසෙින පහල වී සිටින්නෙමු, කලෙක අප සතර වරම් දෙවි වරු ලෙස පහල වූවෙමු, අශෝක සමයේදි නමක් නැත.විදයාවන් නවයට නමක් දීම ඒ ඒ කාලයට අනුව සිදුවන්නෙකි. නාමය කෙසේ වුවත් ශක්තිය නොසිදි පවතින්නෙමය.
+ හොදයි බුදුන් වහන්සේ සතු ඒ නවයක් විදයාවන් එසේත් නැත්නම් නවයක් ශක්තීන් කෙසේ හදුන්වමුද
- ඒ නවයක් වූ ගුණ හෙවත් " නව අරහාදී බුදු ගුන " නම් වේ.. !
+ අසා ඇත කියා ඇත, වැඩි දුර විස්තර දැනගත හැකිද ?
- මේ අරහං - සම්මා සම්බුද්ද - විජ්ජාචරණ සම්පන්න -සුගත - ලෝක විඳු - අනුත්තරෝ පුරිස ධම්ම සාරථී - සත්තා දේවමනුන්සානං - බුද්ධෝ සහ භගවා නම් වන නව අරහාදි බුදු ගුණයන් මා පෙර පැවසූ අප විසින් එක් කොට ලියා තබන්නාවූ නවයක් විද්‍යාවන් දැනුම අනුව සසඳා බල්න්න රජුනි. මා මේ ගුන නවය විස්තර කරන්නම් එකින් එක. යම් යම තැන් වල වෙනසක් පවතින්නේ
බුදුන් වහන්සේ තුල ඇති මේ විදයාවන් තමන් තුලටම එල්ල වූ දැකීමක් බැවින් යැයි නැවත කියමි.
+ එහෙමයි
- අරහං
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ බැවින් ද, සියළු ක්ලේශයන් දුරු කළ බැවින් ද, මිනිස් දෙව් බ්‍රහ්ම යන සියල්ලන්ගේ පූජාසත්කාර පිළිගැනීමට සුදුසු බැවින් ද, අරහං නම් වන සේක
දෙවැන්න සම්මා සම්බුද්ධෝනම්ය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූ ද, අයත් නොවූ ද සියල්ල උපදෙස් රහිතව, තමන්වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.
තෙවැන්න විජ්ජාචරණ සම්පන්නෝ නම්ය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් ද, පසලොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.
සිවුවැන්න සුගතෝ නම්ය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිලිවෙත අනුගමනය කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන බැවින් ද සුගත නම් වන සේක.
පස්වැන්න ලෝක විදූ නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට, සියල්ල දැන ගත් බැවින් ලොක විදූ නම් වන සේක.
+මේ ලෝක තලයෙත් ඉන් එපිට සක්වාතලයෙත් යා කරමින් අදහස් අත් දැකීම් දැනුම හුවමාරු ක්රටම අයත් සන්නිවේදනය නම් න්රකඹ විසින් පස්වෙනියට මා හට විස්තර කල විදයාව යැයි සිතමි...
- සයවැන්න අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ, ජාතිමාන, බලමාන, ධනමාන ආදියෙන් මත් වූ, මුළා වූ සත්වයින් දමනය කොට, ඔවුන් සුමගට පමුණුවන්නන් අතරින් අග්ර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.
+ ජනයා එක් කිරීම ඇමතීම පණිවුඩ නිසියාකාරව ගෙනයාම විධිමත් ක්ර මෝපාය හා මානසික විද්යාාව සමග යුධ උපක්රම සමඟ කටයුතු කරන ආකරය පිලිබද දැනුම එක්රැස් කිරීමයි. ඒ “සියලු විද්යාරවන්ගේ වඩාත් භයානක වන්නේ මහජන මතයේ හැඩගැස්වීමි ඇතුලත් . මුළු ලෝකයම පාලනය කිරීමට යමෙකුට ඉඩ සලසන්නා වු ලෙස ඔබ විසින් මා හට පවසන ලද ප්රාථම විද්යාාව නම් යැයි සිතමි.
- සත්වැන්න සත්ථා දේවමනුස්සානං නම්ය
භාග්ය වත් බුදුරජාණන් වහන්සේ දෙව් මනිසුන්ගේ මෙලොව, පරලොව යහපත පිණිස හා නිර්වාණ ප්ර තිලාභය පිණිස අනුශාසනය කළ අපගේ ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.
+ පවත්නා හෝ පැවතිය හැකි වන්නාවූ සමාජය පිළිබදව හැදැරීමේ විද්යාවව සමාජය පාලනය , වෙනස් කිරීම සමගින් එම සමාජයේ පරිනාමය පිලිබදව දැන හැකි ශාස්ත්රද ඇතුලත් මේ උගත් තැනැත්තාට දිවැස ලැබී ඉන් අනාගතය පිළිබදව ශාස්ත්රප – අනාවැකි කියැවීමේ හැකියාව ලැබෙනු ඇතැයි කී නව වන විදයාව විය හැක.
-අට වැන්න බුද්ධෝ නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්යබ තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන, ලෝකයාට ද අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.
නව වැන්න භගවා නම් ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.
+ පැහැදුනි ථේරපු්තථාභයනි පැහැදුනෙමි
====================
- කුරුළු -
( දොලොස් වන කොටස හා සබැඳි )
==============================
- " බුදු වරයෙකු ලොව පහල වන්නේ සියළු සතත්වයන්ගේ පිනට ය යහපතටය..බුද්ධත්වය ලඝු කොට නොගන්න.. මේ අප විසින් ඒ සදහා සකස් කලේ මාර්ගයක් පමණි... බුද්ධත්වය " නිර්වාණ මාර්ගය " අවබෝධ කර ගැනීම තනි උත්සාහයකි ...! අප පමණක් නොව බුදු වරයෙකුගේ ලොව පහල වීමට මේ සොබාදම් මෑණියන් ගේ පවා සදෙවු ලොව දෙවි ජනයාගෙන්ද බ්‍රහ්ම ලොවින්ද මා පෙර කී සියළු සතත්ව ලෝක සහය ලැබේ. අප සියල්ලෝම ඒ මාර්ගයේ කොටස් කරුවන්ය ...
" මනු ලෝ වැසියෙකුටම පමණක් අවබෝධ කර ගත හැකි ඒ "උතුම් ධර්මය අවබෝධ කොට " නැවත අප වැන්නවුන් සඳහා දේශනා කර සකල විශ්වයම තුලිත කිරීම බුදු වරයෙකුගේ පැවැත්මයි ... !! ඒ සියල්ලටම උතුම්ය ..!
+ එතකොට ඔබ සිවු දෙන ?
- රජුනි බෝසතානන් වහන්සේ සමීපයේ නිතුරුව රැකවලෙහි සිටි ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් යක්ෂ යෝ අපය ..!!! අසුරයෝය .. සතර දිසාවේ අණ සක පතුරවමින් සදිසාව එක් සේසත් කොරීමට උතුම් වූ බුද්ධත්වට ශාක්ෂාත් කිරීමට කැපවන්නා ආරක්ෂා කිරීමට බැඳී සිටින්නෙමු..!!!
------------------------------------------- එතැන් සිට
+ සාධු සාධූ සාධු ඔබ කල සේවයද අගයන්නෙමි .. වඳින්නෙමි..
- ඔබට බුදු බලයයි ..
+ සතර වරම් දෙවියන් යනු සැබැවින්ම යකුන්ද
- ඒ පසුකාලීන බෙදීමකි..යක්ෂ ගෝත්‍ර වන්නෙමු. රැද්‍රා මාලයහෙි රුද්‍රා 108 ගැන මම නුඹට පැහැදිලි කලෙමි. ඒ සිද්ධි වන සෑම විටම අප බලවත් වන්නෝමය. නම් තැබීමට බමුනන් එකසිය අට නමක් කැඳ වීමද එවැන්නකි, ඒ හැර බොහෝ යන්ත්‍ර මන්ත්‍ර ජප කිරීම් , වැඳ පිදීම්, දෙවියන් උදසා නම් තැබීම්, ආදී බොහෝ දැ එකසිය අට වරක් සිද්ධි වීම් ය.!
+ පැහැදුනි. එසේනම් පිටත ඇති වන්නා වූ ධර්ම යුද්ධය දිනවීම සඳහා නවයක් වු විද්‍යා එකට එක් වීම නම් රාවණ ය ... ! ඇතුලතින් නැගනෙ ධර්ම යුද්ධය දිනීම උදෙසා නවයක් වූ විද්‍යා එකට එක් වීම බුදු වීමයි.
- හුදෙක් නවයක් විද්‍යා අවබෝධයම පමණක් නොව රජුනි, සමා වන්න දසිස් රාවණයන් ගැන මා හට මේ මේ යැයි යම් තාක් දුරට පැහැදිලි කල හැකි වූවත් බුද්ධත්වය නම් මේ නව විිද්‍යාවල එකතුව පමණක් යැයි කිව නොහැකිය.. බුද්ධත්වය , නිවන යනු තමා විසින්ම අවබෝධ කර ගත යුතු දෙයැකි. ඒ දැනීම අන් කෙනෙකුට ලැබිය නොහැක. ලැබීමට නම් ඒ කෙනාද නිර්වාණවබෝධය ලැබිය යුතුය. බුද්ධත්වය යනු ඊටත් එහා දෙයැකි
+ බැරෑරුම්ය...
- බැරෑරුම් වන තරමටම ඒ සරළය. මමත්වය අතහැර මමත්වය දිනවීමයි.
+ නොතෙරුණි
- බුදු දහමේ දළ හරය මමත්ය අත හැරීමයි.. එහෙත් එය අතිශය තමා මූලික කාරණාවක් මිස අනුන් මූලික නොවේ. බුදුවන්නේ තනිවමය .. එය කන්ඩායම් වශයෙන් කල නොහැක. ඉති්න් ඒ මමත්වය අත හැරීම තුලින් මමත්වය දිනීමැයි සිතන්නෙමි.
+ අභය, ගෞතම බුදුන් පෙරුම් පුරනා කාලයේදී පෙර බුදුවරුන්ගේන් විවරණ ලද බව අසා ඇත්තෙමි. දීපංකාර බුදුන්ගේ විවරණයෙන් පසු තැන් සිට ඔබලාද ඒ සමග සිිටි බව සිහි කෙරුනි. නොතේරෙන යමක් අසන්නෙමි. අප බොදු වැසියන් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්ම්හ යි සිතා පින් දහම් කරන්නෝය. එක් බුදුවරයෙකුගෙන් බණ අසා නිවන් ලැබිය හැකි නම් ඒ සා විසාල බුදුවරුන් මුන ගැසී විවරණ ලබා ගැනීම පමණක් සිදු වූයේ ඇයි ද ?
- හ්ම්........................... රජුනි. නිවන සහ බුද්ධත්වය පටලවා නොගන්න. බුද්ධත්වය පතන්නා ඒ විවරණ ලැබිය යුතුය. ඔබ වහන්සේට සරළවම මෙසේ කියන්නෙමි. නිවන් අවබෝධයට සියල්ල අත හැරිය යුතුමය... සියල්ල යනු සියල්ලමයි.. සියලු ආශාවන්ය.. බැඳීම්ය ...
+ ඉතින් ..!
- රජුනි ..., බුදු බව පැතීමත් ඇලීමකැයි සිතමි. ඒ නිසාවෙන්ම සසර ගමන දිගුවන්නේයැයි සිතමි. එහෙත් ඒ ලෞකික ආශාවන් ගණයට නොගැනේ. ඒ සාධු චේතනාවකි.. !
+ ඒ කෙසේද ?
- රජුනි බුදු වරයෙකු පහල ව සිටින තැනේදී ඒ බුදුවරයාණන් වහන්සේගෙන් බණ අසා නිවන් දැකීමේ පින ඇත්තවුන් නිවන් අවබෝද කරන්නෝය. ඒ මග යන්නෝය. ඒ බුදුවරයෙකු පහලව සකල ලෝවැසි දුක නිවන මග දේශානා කරමින් සිටිත්තී තවත් අයෙකුට නිවිීමට තරම් දුකක් මේ වැසියන් තුල ඉතිරිව නැතියි සිතමි. එහෙත් ඒ බුදු බණ අසමින් හිද මාද මතු භවයක ඉපැද බුදු බව ලබා ඒ කල වැසියන්ගේ දුක නිවින ධර්මය දෙසන්නෙමැයි පෙරම් පිරීම ඉතාමත් අහඹු චේතනාවකි..
+ පැහැදිලියි.. මාගේ අවෑමෙන් හෝ මතු කවරදාක හෝ මා වැනි රජේක් වීමට පෙරුම් පුරන්නාක් මෙනි.. මා රාවණයන් මෙන් විසිමට පෙරුම් පුරන්නාක් මෙනි
- රජුනි ලඝු කොට නොගන්න.. ලොෟකිකයෙහි ඇලීමත් ලෝකෝත්තරයෙහි ජීවත් වීමත් දෙකකි.. ! මම පෙරද පැවසුවෙමි බුද්ධත්වය මේ යැයි අපට කිව නොහැක එසේ අයිතියක් ද නැත . අප ද්නනෙ කරුනු පමණකි.
+ පවසන්න..
- දීපංකර බුදුන්ද විවරණ ලබාගත්තෙකි. අට විසි දෙනෙකු ගැන සදහන්වේ. ගෞතම බුදුන් විවරණ ලබන කාලයේදී දීපංකර බුදුන් වහන්සේගෙන් මෛත්‍රී බුදුන්ද විවරණ ගත යුතුය. එසේනම් ඔය කියනාකාරයට පලමු දෙවැනි තෙවැනි ආදී බුදු වරුන්ට ඊට පසු බුදුවන්නාවු පෙරුම් පුරන්නාවූ සියලුම බෝධිසත්වයන් වහන්සේලා ද මේ වන විට බුදු බව පතමින් සිටින්නාවූ දෙවි දේවතාවුන් වහන්සේලාද මුණ ගැසිය යුතුය. ඉදින් යම් මතු දිනක මා බුදු වේවායි සාදු චේතනාවෙන් නිත්‍ය වෙර දරන්නෙකු දකින සියලුම බුදුවරු ඔවුනට විවරණ දෙති.
ඒ හුදෙක් ඒ සියලුම දෙනාගේ චේතනව මේ ලෝවැස්සන්ට සෙතක් ඉටු කිරීම පමණක් වීමය.. ඒ සදහා ඔවුහු සසර ගමන් කරති. පෙරුම් පුරති
+ එසේනම් බුද්ධත්වයට පත්වන්නේ කුමක් සම්පූර්ණ වූ පසුද ?
- කුමක් වත් නැත. තමන්ද මෙසේ බුදුවරුන් මුණ ගැසීත් නිවන් අවබෝදයට ඉඩ නොතබා සසර ගමන සැරි සරන්නේ හුදෙක්ම මේ බුදුවීම යන සාධු චේතනාවෙන් බව සිතා ඒ චේතනාවද අතහරින්නාවූ යම් මොහොතක් වේද ... ඒ ඇසිල්ලෙහි හෙතෙම සත්‍යාවබෝධයට පත්වන්නාහුය. සොබා දහමේ නවයක් විද්‍යා නිසඟයෙන් අවබෝධ වන්නේමය. මේ සසර ගමනෙහි මෙත්ක් පැමිනි මග පිළිබද මනා දැනුමක් පිහිටන්නේම.. සාරාසංක්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට වුව එක් සාධු චේතනාවක් සැහෙන බවත් ඒ ද නැතිව අනෙකුත් ක්ලේෂයන් පසු පස දුවන්නන්ගේ සසර ගමන කොතරම් දුක්ඛ දුර ගමනක්දැයි අවබෝධ වන්නේමය.. නිවන යනු දෑස් පියා නිදා ගැනීම නොව ..
රජුනි ..!
" නිදා සිටි මහා නින්දෙන් අවදි වීමයි ." ..!
================
- කුරුළු -
( එකොලොස් වන කොටස හා සබැඳි )
==============================
+ එසේනම් නුඹගේ විස්තරයට අනුව තවත් මේ විද්‍යාවන් ගේ දැනුම සොයාගත් පුද්ගලයින් මෙලොව සිටියා..
- එසේමැයි..
+ ධර්මාශෝක නෙවේ නම්.. ඒ ඊට පෙර කෙනෙකුන් විය යුතුයි..
- එසේමැයි.. රජුනි නුඹ දන්නෙහිය
+ මා දන්නා කෙනෙකු ??? කවුරුන්ද ??
- ගිහිකල හේ කිඹුල්වත සිද්ධාර්ථ නම් විය ය ..!
+ කු...කු....කුමක්ද අභය ...!...
- එසේය රජුනි.. මෑතදී මේ ස්වාභාවධර්මයේ පවතින්නා වූ සියලු විද්‍යාවන් සියලු දැනුම අතෙහි වූ ඇඹුලක් සේ දත් එකම පුද්ගලයා ඔහුය.. ! මහා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෑන්වහන්සේ උන්වහන්සෙය....
" සිද්ධාර්ථ ගෞතම " නම් විය ...!
-------------------------------------------- එතැන් සිට
+ එසේ නම් ඔබ පවසන්නේ අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ ත් මේ දස විද්‍යාවන් දැන සිටි බවක්ද ?
- එය සේමයි.. දැන සිටි බව නොව අවබෝධ කොට ගත්හ. රජුනි..
මේ නවයක් වූ ලෝක සත්‍ය ඇතුලත් විදයාවන් ශක්තීන් යනු මේ මනුශ්‍ය ලෝකයෙහි පමණක් නොව සකල ලෝක ධාතුවෙහිම පවත්නා වූ පරම ශක්තීන් වේ. ඒවා කිසිවෙකුටවත් අයිති ද නොවේ ..!
+ රාවණ ?
- ඔවු.. ! භාවනා යෝගී හෝ ධ්‍යාන වඩවන ඔනෑම කෙනෙකුට එක්තරා මොහොතකදී මේ නවයක් වූ විද්‍යාවන් පිළිබව අවබෝධය විශ්වීය ශක්තිය ලැබෙනු ඇති. ඒ සිතනායුරින් ලේහෙසි නැත. මේ ලෝ ශක්තීන් පළමුවෙන්ම අවබෝධකොට ගත්තේ මහා නිකුම්භිලා මෑනියනුයි. නමුත් මේ හෙළයට පැමිනි ආක්‍රමණ නිසාවෙන් හෙල යකුන් පිදු ඒ අසුර පරපුරේ මෑනියන්ගේ නාමය වෙනස් කොට මේ වන තුරුත් මින් පසුවටත් දුර්ගා මැනියන් - කාලි මෑනියන් ආදී ප්‍රධානකොට නාමයන් 108 කින් හදුන්වනු ලබන්නීය..
+ ඔහ් මහා කාලී... යක්ෂ කාලී....
- හ්ම්.. මේ වන විටත් කාලි මෑණියන් රටවැසියා අදුන්වනු ලබන්නේ සාප කිරීම් බිය වැද්දීම් පලි ගැසීම් සඳහා පමණක් උපකාර කරන්නාවු මෑනියන් වහන්සේ කෙනෙකුන් හැටියටයි
+ ඒකනේ..
- ආ....ං ඒ හේතු ධර්මය නිසාමයි රාවණයන් මේ නව විද්‍යාවන් වලට පාලනයක් සදහා අපව පත් කරන ලද්දේ. පසු කාලීනව කාලි මැනියන් වැද පුදමින් යෝගී මාර්ගයේ ත් ධ්‍යාන මාර්ගයේත් පැමිනි ඇතැමුන් හට මෙහි එකක් හෝ දෙකක් විද්‍යාවන් අවබෝධවූ තැන්හී ඒ යොදාගෙන නරක ක්‍රියා - පලි ගැසීම් ආදී සිදු කරීම නිසාවෙනුයි මැනින්ට අපකීර්තියක් ඇති වූයේ ..!
+ අප කීර්තිය නැවැත්තවය නොහැකිද ?
- නොහැකියි.. නව විද්‍යාවන් භාවිත කරන්නවුන්ට අතීතයේ සිටම හිමි වූයේ අපකීර්තියයි.. රජුනි හොද හා නරක එකම කාසියක දෙපැත්ත බව මම නුඹට කීමි. යම් තැනක හොද උපදින්නේද ඒ සමගම ඒ සමගාමීව නරකද උපදින්යෙ..... දස විද්‍යා මෑනියන් අපකීර්තියට පත් කලා මිනිසුන් ... අශෝක - චන්ඩාශෝක ලෙස අපකීර්තියට ලක් වුවා.. ඔබ වහන්සේත් ගැමුනු - දුට්ඨ ගාමිණී වනු ඇත. එය වැලැක්විය නොහැකියි..
+ ඔබ එසේ පැවසුවත් එයටත් ක්‍රමයක් ඇති...
- සත්‍යයි.. ක්‍රමයක් තිබේ..
+ කුමක්ද ?
- ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ක්‍රමයයි... මේ නව විදයාවන් පිටත යුද්ධ සඳහා නොව තමන් ඇතුලත දැවෙන මමත් ය සඳහා වන යුද්ධය පරාජය කිරීම සදහා යොදා ගැනීමයි... ඒ සොබාදහම් නීතියයි.. තුලිතයයි
+ පෙර බුදුවරුත් එසේද ?
- එසේම යි. ලොව තුලිතය සදහා මිනිසුන් මුලාවෙන් මුදවාලීමට බුදුවරු පහල වෙති.. ඒ බුදුන්ගේ ධර්මය රැකීමට - ආරාක්ෂාකිරීමට අප පහල වන්නෙමු.
+ හොදමයි.... නවයක් වූ විද්‍යා එක් වූ තැන්හී රාවණයන්ද ඇතුලුව දසිස් වන බව පැවසුවා..
මා හටද නවයක් වූ විද්‍යා හා මා මුසුවූ පසු දසිස් රාවණ උපදින බව පැවසූවා .. එසේනම් බුදුන් ..!
- මහ රජ තුමනි.. මේ මාර්ගයන් දෙකකි.. බුදුන් වහන්සේ එක් පසෙකය... අප වැනි ලෞකිකයෝ තවත් පැත්තකය.. !
" නව විද්‍යාවන් සිද්ධාර්ථයන් සමග එකතු වූ තැන්හි, විශ්වීය දැනුම අවබෝධ කොට ගත් තැන්හී..දසිස් ලෙස නොව " බුද්ධ " යැයි හදුන්වන්නෙමු... තෙසැත්තෑ ඥාන ඵල ලබන්නෝමය., ප්‍රාතිහාර්යය බල ලබන්නෝම., ලෝක ධාතුව පිළිබද අවබෝධය ලබන්නෝමය..... නිර්වාණ මාර්ගය අවබෝධ කරගන්නාහුය.. ඒ මේ දසිස් රාවණ මාර්ගයෙන් වෙනත්ම පැතිකඩකි.
අසුරයෝත් - සුරයෝත් - නාග - වානර - රාක්ෂ - වාමන - ගන්ධබ්බ ආදී සියළු ලෝක සතුන් උන් වහන්සේ නමස්කාර කරති.
+ සාධු සාදු සාධූ.... එසේනම් සිදුහත් කුමරුන් බුදුවන තුරු ඔබ නමදෙනා උන්වහනසේව ආරක්ෂා් කලේත් ද ? දැනුම ලබාදුන්නේත්ද ?
- එසේය
+ කොතනදීද කථාන්තරය දන්නෙමු.. නුඹලා ගැන නොදන්නෙමි..
- බලයන නවයත් චක්ෂූ නම් වූ මමත් දස දනොම එකවර පහලවන්නේ බුදු දහම රැකීමට පමණකි.. බුද්ධත්වය ලබාගැනීමට අපට උදවු උපකාර කල නොහැක. බුද්ධත්වය යනු කාගේ හෝ උපකාරයෙන් ලබා ගත හැක්කක් නොව රජුනි ඒ තමන් විසින්ම අවබෝධ කරගත යුතු දෙයකි..
අපට කල හැක්කේ බුදුවරැන් ආරක්ෂා කිරීම පමණි..
- එසේ කලේද ?
+ සැබැවින්ම. අප බෝසතානන් වහන්සේ ආරක්ෂා කරන්නේ උන්වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබූ මොහොතේ සිටය . අප නව දෙනාට එකවර පහල වීමට අවසර නැත. සිවු දෙනෙක්ට පමණනක් නිරතුරුව රැකවලෙහි සිටින්නෙමු..
බෝසතානන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීමේදී පවා ඇඳත් සමඟ මහාමායා රජදේවිය ඔසවාගෙන හිමවතට ගෙන ගොස්, සැටයොදුන් මනෝසිලාතලයේ සත්යොදුනක් විසාල මහ සල් ගසක් යට තැබීමු. ඉක්බිති රජදේවිය අනෝතත්ත විලට ගෙනගොස් මිනිස් කිලිටි ඉවත් කිරීමට නාවා දිවවස්ත්‍ර හඳවා දිව සුවඳ ගැල්වූහ.... ඒ අප වන්නෙමු.. ඉන්පසුය බෝසතානන් වහන්සේ සුදු ඇත්පැටවෙකුගේ සිහිනයෙන් මවු කුසට අතුළුවන්නේ..
+ සාධූ.. සාධූ.... සාධූ......
- කුමාරෝත්පත්තියේ සිටම අප උන්වහන්සේ අසලම සිටීයෙමු. ඒ මාර්ගයට අප මග පාදන්නෝ වන්නෙමු.. ඒ මහා විශ්වීය බලයයි..
+ ජීවිතය අතර තුර ??
- සිද්ධාර්ථ කුමරුට නම් තැබීමට බමුණන් 108 ක් ම ගෙන්වන්නේ ඇයිදැයි සිතුවේද ??? කොඤ්ඤණ්ඩ නම් කවුරුන්ද යැයි සිතුවේද ? රජුනි වප්මගුල අතුර තුර කුමරුන් අහසෙහි ඵලක් බැඳ භාවනා කරන්නේ කේසේද ?? සතර පෙර නිමිති පෑ සතර දෙනා කවුරුන් යැයි සිතුවේද ? අනෝමා ගං තරණයට එක පිම්මෙන් සිදු කල කන්ථකද අපගේ නවයක් වූ ශක්තීන්ගේ එකකි .. ! රැදුරු වන මැද තවුස් දම් පුරත්දී දිවා රෑ රැකවල් ලා සිටියෙමු.. පාරිලෛයිය ඇත් රජුන් කවරෙකුදැයි සිතන්නේද ? සර්වමිත්‍ර, ආලාරකාලම , උද්දකරාම පුත්ත යනු කවරුන්දැයි නුඹ සිතන්නේද ?
+ එසේ නම් ඔබ නව දෙනා ???? මේ සියල්ලටම අවස්ථාවන් වල පෙනී සිටයේද ??
- " බුදු වරයෙකු ලොව පහල වන්නේ සියළු සතත්වයන්ගේ පිනට ය යහපතටය..බුද්ධත්වය ලඝු කොට නොගන්න.. මේ අප විසින් ඒ සදහා සකස් කලේ මාර්ගයක් පමණි... බුද්ධත්වය " නිර්වාණ මාර්ගය " අවබෝධ කර ගැනීම තනි උත්සාහයකි ...! අප පමණක් නොව බුදු වරයෙකුගේ ලොව පහල වීමට මේ සොබාදම් මෑණියන් ගේ පවා සදෙවු ලොව දෙවි ජනයාගෙන්ද බ්‍රහ්ම ලොවින්ද මා පෙර කී සියළු සතත්ව ලෝක සහය ලැබේ. අප සියල්ලෝම ඒ මාර්ගයේ කොටස් කරුවන්ය ...
" මනු ලෝ වැසියෙකුටම පමණක් අවබෝධ කර ගත හැකි ඒ "උතුම් ධර්මය අවබෝධ කොට " නැවත අප වැන්නවුන් සඳහා දේශනා කර සකල විශ්වයම තුලිත කිරීම බුදු වරයෙකුගේ පැවැත්මයි ... !! ඒ සියල්ලටම උතුම්ය ..!
+ එතකොට ඔබ සිවු දෙන ?
- රජුනි බෝසතානන් වහන්සේ සමීපයේ නිතුරුව රැකවලෙහි සිටි ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් යක්ෂ යෝ අපය ..!!! අසුරයෝය .. සතර දිසාවේ අණ සක පතුරවමින් සදිසාව එක් සේසත් කොරීමට උතුම් වූ බුද්ධත්වට ශාක්ෂාත් කිරීමට කැපවන්නා ආරක්ෂා කිරීමට බැඳී සිටින්නෙමු..!!!
================
- කුරුළු -
( දස වන කොටස හා සබැඳි )
==============================
- මේ නවයම එක් තැන් වූ විටයි දසිස් රාවණ උපදීන්නේ..
+ ජයම වේවා... අප සියල්ලන්ටම .. රාවණ ශක්තිය ලැබේවා.
- නුඹටත් ජයම වේවා...
+ දැන් මේ මාගේ දස මහා යෝධයන් වන නුඹලා සතුව ඒ දැනුම ගබඩා වී ඇතිද . ඒ එලාර යන් සමග යුධයට ප්‍රයෝජන වන්නේ කෙසේද ?
- රජුනි දැනුම පමණක් නොසැහේ. ඊට බලයද අවශ්‍ය ය. එවිටයි ඒ ක්‍රියාත්මක වන්නෙ..
+ අසා සිටිමි...
- අප දසිස් රාවන යන්ගේ දස විද්‍යා අවතාර වන්නෙමු. නන්දිමිත්‍ර , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, මහාභරණ, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ යන්නවුන් සතුවද ඒ එක් එක් යුධ උපක්‍රම , හැකියාවන් ඇත. ඔවුහු එක් එක් යුධ ශිල්ප පුහුනුවෙන් කෙලපැමනියෝය.
මා ඒද එකින් එක විස්තර කරන්නෙමි...
+ ඉවසනු.... නුඹට පානයට සඳහා යමක් ගෙන ඒමට අණ කරන්නෙමි..
-------------------------------------------- එතැන් සිට
- නුවුමනාය. සයනයෙහි මුල ඇති කෙන්ඩියෙන් පැන් ඇති යැයි සිතමි. ඒ සෑහේ.
+ අහ්.. නැත අභය මා ඒ සියල්ල පානය කලා නින්දට පෙර. මා නැවත ගෙන්වා දෙන්නමි
- සොලවා බලන්න.. බිඳකුඳු සෑහේ
+ ඕහ්... එය නැවත පිරී පවතී... මා එය හිස් කල බව හොදාකාරවම මතකයි
- රජුනි දැහැමි වන්න.. නිසල වන්න එවිට මේ සොබාදම් මෑනියන් ඔබ ඉල්ලන්නා වූ සියලු දෑ ඔබට පෙරලා ලබා දෙනු ඇති...
+ එසේමැයි.. මෙන්න..
- ජය...
+ එසේනම් අභය අප මෙය ක්‍රියාවට නංවන්නෙ කෙසේදැ.
- ක්‍රියාවට නැංවීමට ප්‍රථමව කල යුතු වැඩ රාජකාරි බොහොමයක් ඇත.
+ ඒ කිමෙක්ද
- ඔබ අප දස දෙනා ගැන සැකෙවින් දැනගත යුතුය. ඒ ඒ කෙනා සතු හැකියාව බලය ශක්තිය ඔබ වෙන වෙන ම දත යුතුය නොඒසෙව කෙසේද ඒ බාවතයට ගනුයේ
+ එයත් සැබැය
- ඊටත් පළමුව ඔබ වහන්සේ මේ සදහා සූදානම් විය යුතය.. මා ඒ කරන්නමි
+ ඒ සදහා මගක් වේද
- එසේය .. අප සූර්ය දෙවොලට යා යුතුය..
+ ඒ කොතැනද ?
- නිසි වේලාවට මා එහි රැගෙන යන්නම්.. ඔබ වහන්සේ රාවණා රජුන් නොපිදිය යුතුය.. ඊට පෙර මහා නිකුම්භිලා දේවිය පිදිය යුතුය.. ඒ මක්නිසාද එතුමිය රාවනා මහරජුගේත් ඔහු පුත් මේඝනාදයන්ගේත් නිතර වැඳුම් පිඳු ලැබූ තැනැත්තියක් වීමත් මේ හෙළ දෙරනේ ඈත අතීතයේ සිටම හෙළයන් වන්දනා මාන කරන්නාවු දේවියක් වන නිසාවෙනි. මේ දස විදයාවන්හි, මහා දැනුමෙහි මහා නිර්මාතෘනීන් නිකුම්භලා මෑනියන් වහන්සේයි.
+ ඔබගෙන් දත යුතු කරුනු ගොඩ ගැහෙනවා මිස අවසානයක් වන්නේ නැත අභය..
- කාලය තිබේ රජුනි ඇති තරම්..
+ හහ් හහ් හ්හ කාලය... ඔබට නම් කාලය යනු පාලනය කල හැක්කක් එත් මා හට
- කාලය යන්න පාලනය කල හැක්ක් නොව ඒ එහි හැසිරීම අවබෝධ කර ගත හැක්කකි. අනෙක ඔබද මාද යනු දෙදෙනෙකු ලෙස ගත නොහැක.
+ එසේනම් අසමි.. ඔබ පෙර කී නව විද්‍යාවන් ගැන
- අසන්න
+ අශෝක රජු එය මහ ජනයාගෙන් ඇත් කොට තැබුවේනම් එය අශෝක රජු උගත්තේද ?
- නැත අප එයට ඉඩක් නොතැබීමු. දැනුම එකතු කල පසු අප කාලය හා මුසු වූවෙමු ඒ නිසා එදාටත් අදටත් මතු අනාගතයටත් ඒ නව දෙනා යනු අශෝක රජුගේ නම නොදත් නව දෙනෙක් වනු ඇත.
+ හ්ම්..
- එසේනම් කිසිවෙකුත් මේ විදයාවන් ගැන නොදන්නේද ? රාවණාගෙන් පසු.. මා අදහස් කලේ නිකුම්භිලා දේවීන්ගෙන් පසු රාවණා ද? ඉන් පසු රාවණයන්ගේ අන නිසා අන් කිසිවෙකුටත් එය නොලැබිණිද ??
- මා එසේ පැවසුවේද ? රාවණයන්ට පවා නැවැත්විය නොහැකි අවස්ථා තිබේ රජුනි. ඒ මේ මහා ස්වාබාව ධර්මයේ කැමැත්තයි... නිකුම්භිලාදේවියන් පවා මේ මහා සොබා දහමට යටත්ය.. මෑනියන් දස විද්‍යාව සොයා ගත්තා සේම රාවණයන් ඒ උගත්තා සේම .. රාවණයන්ගේ අවෑමෙන් වා තලයට මුසු වී නැවත අප අතරෙහි පමනක් පවතින්නා වූ මේ ශක්තීන්.. නැවත එක් රැස් කල මහා පුරුෂයන් සිටිත්..
+ චණ්ඩාශෝක හැරුනු කොට තවත් මහා යුධ තිබුනිද මේ නව විද්‍යා පහල වීමට තරම්..
- රජුනි මුලා නොවන්න.. අවබෝධයට ගන්න.. මේ නවයක් වූ විද්‍යා යනු මේ විශ්වයේ සත්‍ය දැනුමයි.. පිරිසිදු සදාතනික ශක්තියයි.. ඒ යුද්ධය සදහා බාවිතා වන්නක් නොවේ.. ඒ භාවිත වන්නේ ඒ ඒ අවස්ථාවට මේ විශ්වය තුලිත විය යුතු ආකාරයටයි..
+ එසේ නම් යුද්ධයට යොදාගන්නේ ඇයි..
- යුද්ධයකින් වුව තුලිත වේ නම් ඒ දැනුම යොදවන්නෙමු..
+ හොදයි.. මේ එසේ තුලිත වීමක් නොපතන බලය පමණක් පතන කෙනෙකුට ලැබුනහොත්.. මක් නිසාද ඔබ පසනාකාරයට යෝගී වීමෙන් ධ්‍යාන පිරීමෙන් මේ ලැබිය හැකියි..
- හහ් හහ් හ්හ් එය වැලැක් වීම සඳහායි දසිස් රාවණයන් විිසින් ඒ දස විද්‍යාවන් පමණක් මුදා නොහැර ඔහුගේ ආත්මීය කොටස් එකතු කර මේ නව දෙනකේ නිර්මාණය කර චිත්ත පරම්පරාවක් ඇති අවැසි තැන අවැසි කයක් ගත හැකි, ආරූඪ විය හැකි, අරක් ගත හැකි දස බලයන් නිර්මාණය කලේ..
+ එතකොට ඔබ ??
- මා දසිස් රාවණයන්ගේ සේනාධිපති චක්ෂූ නම් වෙමි ..! මා ඒ පණිවිඩය ගෙනයන්නා පමනි ..... මේ යුද්දයෙන් පසුද මා පැවිදි වෙස් ගනිමි.
+ නුඹට මහා පින් ..! ථේරපුත්ථාභයනි..
- නුඹටත්...
+ එසේනම් නුඹගේ විස්තරයට අනුව තවත් මේ විද්‍යාවන් ගේ දැනුම සොයාගත් පුද්ගලයින් මෙලොව සිටියා..
- එසේමැයි..
+ ධර්මාශෝක නෙවේ නම්.. ඒ ඊට පෙර කෙනෙකුන් විය යුතුයි..
- එසේමැයි.. රජුනි නුඹ දන්නෙහිය
+ මා දන්නා කෙනෙකු ??? කවුරුන්ද ??
- ගිහිකල හේ කිඹුල්වත සිද්ධාර්ථ නම් විය ය ..!
+ කු...කු....කුමක්ද අභය ...!...
- එසේය රජුනි.. මෑතදී මේ ස්වාභාවධර්මයේ පවතින්නා වූ සියලු විද්‍යාවන් සියලු දැනුම අතෙහි වූ ඇඹුලක් සේ දත් එකම පුද්ගලයා ඔහුය.. ! මහා ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රෑන්වහන්සේ උන්වහන්සෙය....
" සිද්ධාර්ථ ගෞතම " නම් විය ...!
===================== සෙස්ස පස්සට
- කුරුළු -
( නව වන කොටස හා සබැඳි )
==============================
රජුනි නුඹ දන්නේද අතීතයේ රන්මුවා දේවොල් පවා ඉදිවූ අයුරු ! මහා අනර්ඝ විශාල ප්‍රමාණයේ මැණික් සොයා ගත් අයුරු
+ නැත
- මා පෙර පැවසුවාක් මෙන් ඔබ වහන්සේ ඉදිකරන්නාවූ දා ගැබ සඳහා ඒ සියල්ල සැපයාගන්නා අයුරු මා කියා දෙන්නම්.
+ රන් රිදි මුතු මැණික් ???? මේ දේශයෙන්ම.. දා ගැබකට තරම් ම..! හමුවේද ?
- ඒ කිසිවක් හමු නෙවේ ... ඒ සියල්ල තනා ගත යුතුය.. ඒ අප සපයන්නම්.
සයල්ලෙහිම ඇත්තේ පඨවි ආපෝ තේජේා් වායෝ මුසු වීමක් පමණි.
+ ප්‍රීතියි... ථේරපුත්තාභයනි.. පස් වැන්න .....?
------------------------------------ එතැන් සිට
- අතීතයේ බොහෝ දේශයන්හි මිනිසුන් පාලකයන් කිසි විටකත් රන් මිණි පොලෙවෙන් හාරා හාරා විනාස කරමින් නොසෙවූහ. ඒ තමන්ම නිපදවාගත්හ..
+ අරුම විද්‍යාවකි
- මේ විදයාවන් නවයම අරුම වේ රජුනි.. රාවනා නම් එලෙසයි..
පස්වැන්න සන්නිවේදනය නම් වේ. එකල මේ ලෝක තලයෙත් ඉන් එපිට සක්වාතලයෙත් යා කරමින් අදහස් අත් දැකීම් දැනුම හුවමාරු ක්‍රම ඊට අයත්ය.
+ මින් එපිටත් තවත් ලෝ තිබේද
- ගිණිය නොහැකි තරම්ය. ඒ සියල්ල හා සබඳ කම් පවැතිය හැකි ශාස්ත්‍රය ඇතුලත් විද්‍යාව මේ පස්වැනි පොතට ඇතුලත්ය. එපමණක් නොව එපිට ඔවුන් හා නිරන්තරයෙන් සබඳකම් පැවැත්වීමු.
+ විශ්මයකි..
- සය වැන්නෙහි වෛමානික ශාස්ත්‍ර හෙවත් ගුවනින් ගමන් ගන්නා යානා පිළිබද විදයාවන් ද මේ පොලෝ තලය වෙතට අප ඇදී සිටින්නාවූ විදයාව හෙවත් ගුරුත්ව ආකර්ෂන නියමය පිලිබදව සැකසී තිබුනි.
+ ගුවනින් ගමන ?? ඒ කල හැක්කකද
- අසාවත් නැතිද ?
+ රාවණයන් සුතව එවැන්න්ක් තිබු බවට අසා තිබුනත් ඒ නැවත නිපදවිය හැකි ශාස්ත්‍රයක් ගැන නොදන්නෙමි ,
- මේ ඒ ශාස්ත්‍රයයි... දෙයකට ඇද ගැනිමේ බලය ශුන්‍ය වූ විට අහසෙහි රැදී සිටිය හැකිය. මේ හෙළ දෙරණ තුල නොතිබූ දෙයක් නොතිබි තරම්ය. එතරම් නිමැවුම්ද ! කර්මානත්ද ! විශිෂ්ටයෝද විසූ බිමකි. අදටත් එසේමය..
ඒවා තැන තැන විසිරී පවතී. අවශ්‍ය වනුයේ එකට එක බැගින් පොටකට අමුනා ගැනීම පමණි..
+ හොදමයි
- සත්වැන්නෙහි ඇත්තේ මේ සක්වල තලයෙහි ඇති රහස් සහ ඒවා ජය ගන්නා ආකාරය පිළිබදවය. ඉර හද තාරුකා වල ඇතිවීම නැතිවීම පැවතීම හා ඒ තීරණය කරන සාධක කාල වකවානු පිළිබද දැන ගැනීමේ විද්‍යාවයි.
අටවැන්න සතු දැනුම වූයේ ආලෝකයේ වේගය පරදා ගමන් කිරීමත් ඒ වෙනස් කරන ආකාරයත් ඒ වේගය ආයුධයක් ලෙස බාවිතා කල හැකි ආකාරයත්ය
+ වේගය ? ආලෝකයේ වේගය.. ඒය අවියක් වන්නේ කෙලෙසකද
- වේගය අවියක් වන්නේ කාලය නම් නිර්ණකයේදීයි රජුනි. මා ඒ අවශ්‍ය වූ විට පහදන්නම්.
+ හොදමයි මේ ඉතා රසවත්
- නව වැන්න පවත්නා හෝ පැවතිය හැකි වන්නාවූ සමාජය පිළිබදව හැදැරීමේ විද්‍යාවයි. ඒ සමාජය පාලනය , වෙනස් කිරීම සමගින් එම සමාජයේ පරිනාමය පිලිබදව දැන හැකි ශාස්ත්‍ර ඇතුලත් වූවකි. මේ උගත් තැනැත්තාට දිවැස ලැබී ඉන් අනාගතය පිළිබදව ශාස්ත්‍ර - අනාවැකි කියැවීමේ හැකියාව ලැබෙනු ඇත.
+ අහා කදිමයි කදිමයි පුත්ථාභයනි. ඔබ පැවසූ යම් යම් වචන හා ඒ අර්ථයන් නම් මා නොදන්නෙමි. නමුත් යම් තරමක් දුරට වැටහුනි..
- කාලයාගේ අවෑමෙන් ඔබ තව කරුණු දැන ගනු ඇත.
+ හොදයි දැන් මා කුමක් කල යුතුද ?
- ඉදින් රජුනි මේ විදයාවන් නවය පිරිසිදුවම රාවණ විදයාවන් නවය වේ. වේ විදයාවන් නවය පිළිබද දැනුවත් තැනැත්තේට මේ ලෝකයත් සක්වලත් පාලනය කිරීම මහා කාර්යයක් නොවේ..
අපද ඇතුලුව පවතින්නා වූ මේ ලෝක ධාතුවෙහි සියලුම රහස් මෙහි ඇතුලත්ය. ඒවා නිර්මාණය - පවත්වාගෙන යාම - වෙනස් කම් සිදු කිරීම - විනාස කර දැමීම යන සියල්ල පාලනය කල හැක.
+ ඒසේය ඒසේය.. ඒසේනම් ඔහු සැබවින්ම සක්වල රජෙක් ..
- මේ නවයම එක් තැන් වූ විටයි දසිස් රාවණ උපදීන්නේ..
+ ජයම වේවා... අප සියල්ලන්ටම .. රාවණ ශක්තිය ලැබේවා.
- නුඹටත් ජයම වේවා...
+ දැන් මේ මාගේ දස මහා යෝධයන් වන නුඹලා සතුව ඒ දැනුම ගබඩා වී ඇතිද . ඒ එලාර යන් සමග යුධයට ප්‍රයෝජන වන්නේ කෙසේද ?
- රජුනි දැනුම පමණක් නොසැහේ. ඊට බලයද අවශ්‍ය ය. එවිටයි ඒ ක්‍රියාත්මක වන්නෙ..
+ අසා සිටිමි...
- අප දසිස් රාවන යන්ගේ අස විද්‍යා අවතාර වන්නෙමු. නන්දිමිත්‍ර , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, මහාභරණ, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ යන්නවුන් සතුවද ඒ එක් එක් යුධ උපක්‍රම , හැකියාවන් ඇත. ඔවුහු එක් එක් යුධ ශිල්ප පුහුනුවෙන් කෙලපැමනියෝය.
මා ඒද එකින් එක විස්තර කරන්නෙමි...
+ ඉවසනු.... නුඹට පානයට සඳහා යමක් ගෙන ඒමට අන කරන්නෙමි..
.්
========== සෙස්ස පස්සට
— කුරුළු–
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana