Wednesday, July 9, 2014
Sunday, July 6, 2014
** Super Star ***
මම
දැනන් හිටියෙ
සින්දු
කියන්න,
එයා
දැනන් හිටයෙ
නටන්න,
එයා
හැමදාම හැදුවෙ
මට
නැටුම් උගන්වන්න
මම
හැමදාම හැදුවෙ
එයාට
සින්දු උගන්වන්න
ඒත්,
මගෙ
සින්දුවට ගැලපෙන්න
නටන්නත්
එයාගෙ
නැටුමට ගැලපෙන්න
ගායනා
කරන්නත්
කවදාකවත්
බැරිවුණා..
අපි
දෙන්නම
"
සුපර්
ස්ටාර්ස්ල" වුණා..
අන්ත
දෙකක..!
--කුරුළු--
--කුරුළු--
-- එක ලග කවි දෙකක් ---
" ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ.. බෑ.. බෑ... "
මම එහෙම කිවුවෙ සුපර්ස්ටාර් වෙන්න හිතං..
මම ඔයාව ඊළඟ " වටයට" යවනව !
මට හැම දාම නොතේරුනේ - එතැන..
එතැන කවදාකවත් වටයක් තිබුනෙ නැ..
තිබුණෙ හතරැස් කොටුවක්..
එතැන තිබුනෙ ෆයිට් එකක් කරන්න..
අන්තිම දවසෙ මම පුටුවක් උස්සල ගැහුව..
මම තරගෙන් ඉවත් වුණා..
හේතුව -
මම තරඟය මගේ කර ගත්තු නිසාලු..
මට යන්නදීල.. එකෙක් හෙමීට මෙහෙම කිවුව..
මල්ලි උඹට ,
" ඇස් දෙක පියාන නිදාගන්න විතරක් නෙවෙයි
සින්දු කියන්නත් බෑ ..!!!
එදා මට තේරුණා..
ඊලග වටයට වටයට කියල
හැමදාම කරල තියේනනෙ..
මාව වටේ යවපු එක ...!!!!
අන්තිමේදි මම
" ඩ්‍රීම් " ස්ටාර් කෙනෙක් වුණා
--කුරුළු--
==== මිනිසුන් නැති හිස් තැනක් සොයා - තනි වී ඉන්නට සිත කීවා ==
.
ඒක මහා හිස් බැල්මක්..!
.
මම හිටියෙ දියත උයනෙ අර ලී වැට ලගින්ම
තියෙන තණකොල බිස්සෙ හිටගෙන ඈතින් පේන රාජගිරිය ටවුම දිහාත්.. ඈත පාලම හදන දිහාත්..
ඊට ටිකාක් මෙහායින් යන කලුම කලු දුම් වලලු දිහාත් බලාගෙන..
- ඔයා මොනවද කල්පනා කරන්නෙ කුරුළු
+ මුකුත් නෑ..
- මුකුත් නෑ ..! එහෙනම් ඔච්චර මූණ බර
ඇයි..!
+ නෑ අැයි මිනිහෙක්ට කිසිම හැගීමක් නැතිව
ඔහේ බලාගෙන ඉන්න බැරිද !
- පුලුවන් ! එත් ඔච්චරටම හිස් !
+ ඔවු .. මම දැන් හිටියෙ හැගීමක් නැතිව..
වට පිටාව එක්ක සම්බන්ධයක් නැතිව.. ඇත්තෙන්ම මට ඕන වුනේ භාවනාවක් කරන්න.. මම ඒක
කලා...
- හිටගෙන ?
+ ඇයි හිටගෙන භාවනා කරල නැතිද ! මිනිහෙක්
හිස්ම හිස් බැල්මකට පස්සෙ - හිස්ම හිත් මිනිත්තුවකට පස්සෙ කොච්චර අලුත් වෙනවද ?
කොච්චර වෙනස් වෙනවද ?? ඔයා අත්විඳල නැතිද ??....
( එවෙලෙ මම ලගට ආව කෙනෙක් මගෙන් එහෙම
ඇහුවනම් මම මේ කයපු විදියට මම උත්තර දෙනවමයි )
ඇත්තටම මම හිටයෙ හිස්ම හිස්
විදිහට.. මට ඕන වුනේ සැහැල්ලු වෙන්න..
අනික් අය පින්තුර ගනිද්දි ... කච කච ගගා කතා කරද්දි.. සෙල්ලම් කරද්දි.. අතින්
අල්ලගෙන යද්දි.. මට ඔන වුනේ තනි වෙන්න..
මෙච්චර මිනිස්සු ගොඩක් මැද තනි වෙන්න ?????
ඔවු එච්චර මිනිස්සු ගොඩක් මැද්දෙ තනි
වෙන ක්‍රමය දන්නෙ කිහිප දෙනයි.. හුග දෙනෙක්ට බෑ එහෙම තනි වෙන්න.. තනියෙම ජීවතේ
විඳින්න..
- ඒ කිය්නනෙ තිනියෙම ජීවතේ විදිනවද දැන්
ඔයා.. !
+ ඔවු..
- ඇයි..
+ අද මම " ගුටි කෑමට නියමිතයි බැලුව
" ටවර් එකේ.. ඒ නිසා..
- ඒ මොකෝ..
+ ඒක මට හිතන්න දෙයක් ඉතිරි කලා..
- ඒ කිවුවෙ..
+ ඒ කිවුවෙ ... මිනිසුන්ගෙ යහපත වෙනු
වෙන් ධර්මය කියා දුන්නු මනුස්සයෙක්ව කුරුසියකට තියල ඇණ ගහන වෙලාවෙ ඒ මිනිස්සු
හිටිය හැටි.. සොක්‍රටීස් වහ බොනකොට මිනිස්සු නිස්සද්දව හිටිය හැටි.. සෝලියස් කලයි
කියන දේ හරි පින්සල් විසික් කරල ගගේ පනින්නයි ඕන... රටේ බ්ලා බ්ලා බ්ලා වෙනකොට
සෝමාවතියෙ රැස් බලන්න දුවන හැටි.. බ්ලා බ්ලා බ්ලා බ්ලා වෙනකොට හයිවේ විවෘත කරන
හැටි වරායවල් විවෘත වන හැටි බලාගෙන ඉන්න හැටි මට කල්පනා කරන්න වෙනව.... මේ ව්‍යුහයේ
ජීවත් වෙනවද නැත්තං ඒක කඩාගෙන වෙනත් ව්‍යුහයක් නිර්මාණය කරගන්නවද කියල හිතන්න
වෙනව....
- මට මුකුතු තේරෙන්නෙ නැ කුරුළු
+ඇත්ත මටත් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ....
අපිට කරන්න දෙයක් නැ .. ඒ අය සියල්ල නිර්මාණය කරල ඉවරයි අපිට තියේනනෙ ඒ අනුව ජීව්ත වෙන්න ... මේ අපිට හදල දීල තියෙන
විදියට ඔහේ ජීවත් වෙලා මැරිල යනවද ? නැත්තං
වෙලාවට කලින් කලාවෙන් ඊට විරුද්දව නැගිටල කලින්ම මැරිල යනවද කියල ???
- අනේ මන්ද බං මං යනව උඹට පිස්සු...
+ ඔවු බං මට පිස්සු.. උඹ එන්නෙපා මෙතැනට
බෝ වෙයි..
( ඔහු තව දුරටත් මගෙන් එසේ ප්‍රශ්න කලා
නම් පිලිතුරු එසේ වනු ඇත.. )
.
මා මෙසේ සටහන් තියමි.... !!!
මම කලාකරුවෙක්මි.. ! ඒ කවි වැනිදේ ලියන
දේ නිසාවත් කතා වැනි දේ ලියන දේ නිසාවත් නොව.. මාගේ රාජකාරිමට්ටමින්ම මා
කලාකරුවෙක් බව මට හැගී ගොස් හමාර නිසාවෙනි..
.
කලාකරුවෙකුට ඇත්තේ මහජනයාට ආතල්
දීමය... ආතල් දීම මගේ ආතල් එක කරගෙන මම නුඹලාට ආතල් දෙමි.. නුඹලාට එය ආතල් වන තාක්
කල් මට මාව ආතල් වනු ඇත...
.
ඉදින් සදා ජය.. !
===================
මිනිසුන් නැති හිස් තැනක් සොයා
තනි වී ඉන්නට සිත කීවා
පාලුව තනිකම රැදෙන තුරා
තනි වී ඉන්නට සිත කීවා
.
ගහකොල මැලවුන හදවත් වියලුන
වැලෙපන මිනිසුන් හමුවූවා
තද හරු එලියෙන් නිලංකාර වු
දෑස් තෙමන්නට දිය සෙවුවා
.
සැනසුන පහනේ එලිය බලන්නට
නැවතත් මා ආපිට ආවා
තෙල් මද හන්දා පහන නිවුන බව
පෙරමග රැදි සලකුණු කීවා
=====ගුණදාස කපුගේ ශූරීන්
--කුරුළුhttp://www.youtube.com/watch?v=fjqQDsf1NU0
Wednesday, July 2, 2014
සම්මානයක් දිනීම මහා දෙයක් නොවේ !
සම්මානයක් දිනීම මහා දෙයක් නොවේ !
එය ඉතා සුලුම දෙයකි..!
එහෙත් සතර දිගින් සුභ පැතුම් ගලාගෙන ඒමත් සමගම එය මහබෙරක් බවට පත්වන්නට විය..
ඔලුව උදුම්මවා නොගැනීමට දෙයක් නොමැති බව හිතට කීවෙමි.. !
වී කරල් මෙන් පැහෙන්න පැහෙන්න බිමටම යලි නැමිය යුතුය...
බඩ ඉරිගුවක් මෙන් කෙලින් සිටීමට නොසිතුවෙමි..
බොහෝ දෙනා ලයික් කර කමෙන්ට් කර ඒ මදි වී මෝබයිලට අමතා සුභ පැතීමට තරම් කාරුනික වූහ..
සමහරු පාටි ඉල්ලුහ..
.... මට සම්මානය ගැන දෙවන වරට කල කීරීමක් ඇති විය..
පලමුව නම් නම යෝජනා වූ දවසේ ඇති වූ කල කිරීමය.. එ ගැන කලින් කියා ඇත්තෙමි.. මේ දෙකය..
.. මේ ප්ලාස්ටික් කැබැල්ල තැබීමටවත් මේසයක් මට නැත..
අම්මාත් අප්පච්චිත් පැවසුවේ නම් එය මාගේ කාමරයේ තබන ලෙසය නොඑසේවවී නම් අනිකුත් ඒවා මෙන් බිම වැටී කැඩි හෝ දූවිලි වැදී යනු ඇත....
අවසානයේදී මාගේ පරිගණකය ඉදිරි පිටින් තබා ගැනීමට සිදු විය..
( බොහො දෙනා දන්නා - දැක ඇති පරිදි )
මාගේ මේසයේ දිගටම මොනිටර ඇත්තේ එක වර රාජකාරි බොහොමයක් කිරීම සදහාය..
මේ සම්මානය තැබුවේ අන්තර්ජාලය සදහා වෙන්කෙරුන මොනිටරය ඉදියෙන්මය...
දැන් කල යුත්තේ කුමක් දැයි සිතමින් පුටුවේ ඇල වී සිටියෙමි....
දිගින් දිගටම නෝටිෆිකේෂන් ටන් ටන් ටන් හඩින් වැටෙන ඇසෙයි.. ඒ කොමෙන්ටුය.. සුභ පැතුම්ය...
මෙවේලෙහි කවියක්වත් සිතට නොඒ...
--- සහෝදර " විකි " මා අමතුවේ මෙවන් වෙලාවකය... ( සුභ පතන්නට විය හැකිය.. සුභ පැතීම් වලට ආසා නැතිවුනත් පවුලේම එකෙක් වගේ ඉන්න මුගේ සුභ පැතීම නම් ඉතාම අගනේය )
- හෙලෝ මල්ලි
+ ඔවු අයියෙ කියන්න..
- කොහොමද හොදින් ඉන්නවද ?
+ ඔවු අයියෙ වරදක්ම්ත නැ ඉතින්..
- එදා ගෙදර යනකොට රෑවුනා බං ( එදා යනු ගමයාගේ මගුල් දවසයි )
+ අප්පට සිරි එහෙමද මම නම් ඉතින් පැය බාගෙන් ගෙදර ඇ..
- අම්ම අප්පච්චි සනීපෙන්ද මල්ලි ?
+ ම්.. ඔවු අයියෙ අවුලක් නැ.. මල්ලිට නම් ටිකක් සනිප නැ රඹුටන් කාල !
- යකෝ ඉරිසියයි යකෝ.. අපිට රඹුටන් නැ මේ පාර ..
+ වරෙන් දෙන්නම් තෝ ඔහෙ හිටියට රඹුටන් දෙතැකියැ..
- හාකො හාකො.. මේ වෙලාවක වරෙන් තිරිකුණා මලේ කෝනේස්වරම් වැදල යන්න.. නිවාඩු පාඩුවෙ..
+ හා හරි අයියෙ.. එන්නම් එන්නම්...
- අනේ පල පචයා.. තෝ එනව කිවුවෙ දැන් අවුරුද්දක ඉදන් ආවයැ... හරි මල්ලි මම තියනව එහෙනම්... බුදු සරණයි.. හොදින්නද බලන්න ගත්තෙ..
+ අයියෙ..!
- ඇයි මල්ලි..
+ මට සම්මානයක් හම්මබුනා ( හිතේ හිර කරගෙන ඉදලා ඉදලා බැරිම තැන කියා දැමූවෙමි )
- ඉතින්
+ හොදම බ්ලොග් ලියන්නා විදියට
- ඉතින්..
+ ඉතින් කියන්නෙ තෝ සුභ පතන්නෙ නැතිද !
- සුභ පතන්න මම ! උඹට ! මොකටද ? අනේ නිකං පලයන් බං මල්ලි යන්න..! උඹ ලියන ඒව කියවනවට තෝ අපිට සුභ පතපිය... මම තියනව..
..............................
ඇසට කඳුලක් නැගුනි.. කිසි කලෙක බලාපොරොත්තු නොවූවකි.. අනෙක් සියලේලෝම සුභ පතත්දි මාගේ සහෝදරයා මට බැණ වැදුනි.. හේතුවක් නැතිව කිසි දිනක මෙවැන්නක් කියන්නේද නැත..
නැවත කල්පනා කලෙමි.. කලින්ට වඩා දැන් හිත බරය.... අන්තර්ජාලය මොනිටරය ඉදිරියේ ඇති සම්මානය විනිවිද චැට් බොක්ස් රාශියක් විවිරව ඇත. ඒ සියල්ල සුභ පැතීම්ය.. සම්මානය නිසා හරි හැටි ඒ වාද නොපෙනේ..
දැන් නම් මෙය හිතට වදයකි...
අහා.... මීට පෙර විකායාටද සම්මානයක් ලැබුනා මතකය.. ඊට අදාල වීඩියෝවද මම සුරැකිව බා ගත කර තබාගෙන හිදිමි.. නැවත එය බැලිය යුතුයැයි සුතුවෙමි...
..
එහි සම්මාන දෙකක් විය... පලමු එක ..
රාජ්‍ය සේවක සම්මාන 2013 හොදම ගීත රචනාව - සහෝදර රුවන් බන්ධුජීවයන්ටය ...
දෙවැන්න
රාජ්‍ය සේවක සම්මාන 2013 හොදම කෙටිකතාව - සහෝදර ලිලානාත් වික්‍රමසිංහයන්ටය..
දෙදෙනාම නිහඩව ගොස් සම්මාන ලබා නැවත අසුන් වල වාඩි වුහ.. විඩියෝවේ එපමනකි...
..
ඒ සම්මානය ලැබුනු දා විකියා මෙහි ආවේය... එහෙත් නැවත ගෙදර බලා පිටත් වීමට වාහනයට නගින තුරු ඒ ගැන කිසිවක් නොකීවේය..
- මල්ලි වරෙන් බඩුවක් පෙන්වන්න..
+ කෝ
- මේ ... අද මට හම්බුනා... හොදම කෙටි කතාවට මං මේ ඒකට ගිහින් එන ගම්න..
+ අඩේ කිවුවෙ නැනෙ බං කලින් දාමු පාටියක්..
- අනේ මේ.. අල්ල ල දාපං රෙද්ද.. ඩ්‍රයිවර් අයියෙ මෙන්න මේක දාන්න පිටි පස්සෙ සීට් එකට මැද සීට් එක හිස් තිය්න මට යනකොට නිිදියන්න ඔන... ( ඔහු සම්මානය පස්සෙම සීට් එකට විසි කලේය )
.....
රුවන් බන්ධුජීව ව මට හම්බුනේ දිනිතිගේ පොත එලි දක්වන වේලාවේදීය..
+ අම්මෝ.. බන්දු... දැකපු කල්..
- කෝමද කුරුලු හෙන කාලෙකින්නෙ
+ එක්නෙ .. මේ එක නෙවේ ලගදි සම්මානයක් ගත්ත නේද ..
- අනේ අල්ලල දාපං කුරුලු.. ඒක වැඩක් නැත..පෙඩි එකක් බං..
....
ඔවුන් පිලිතුරු දුන් හැටි තාම මතකය...
...
ඇත්ත, මේ සම්මානය මට මහ මෙරකි.ඒ එතරම් වටිනා නිසා නොව දැන් මේ සිතට ඒ මහමෙරක් තරම් බරය...
මේ මගුලේ සම්මානෙ නිසා හරියට මොනිටරයත් පේන්නෙ නැත.. ටයිප් කරන දේ බැලීමට වමෙන් දකුනෙන් බෙල්ල දදා බැලිය යුතුය..
මොන වදයක්ද ?
මෙයට සුදුස තැන මෙය නොවේ යැයි තීරණය කලෙමි...
.. හෙට උදෑසනම අම්මාට දෙමි.. ඇය කැමති තැනක තැබුවාදෙන්.. ( බොහෝ විට අම්මා යමක් අරන් තැබුවහොත් එය තැබු තැන කිසිවෙකුට සොයාගත නොහැකිය )
එය එසේම වේවායි පතමි..
නැවත දැකීමටවත් නොසිතමි..... !!!!
විකි උඹට පින් !!!
.
,
,
ප/ලි -
විකියා යලි මා ඇමතුවේය..
- මල්ලි තරහද ?
+ඇයි මං තරහ..
- නැ සුබ පතන්න තමා කතා කලේ එත් උඹේ වෙනසක් දැනුන කටහඩේ.. මල්ලි උඹට එක එකා සම්මාන දෙන්න ඕන නැ බං.. මේ උඹ වටේ ඉන්න මිනිස්සු බලහං.. ඒක තමා සම්මානෙ..! දිගටම ලියපං.. අපි බලං ඉන්නව ඒව කියවන්න...
+ හරි අයියෙ... අනිව ලියනව..!
- හරි.. බුදු සරණයි...

Sunday, June 29, 2014
====== සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන === === සුනිල දිය දහර වෙමු - එකම ගගකට වැටෙන ======
-- Social media day Colombo 2014 -- #SMDAYCMB
කවදාකවත්ම ගිහිල්ල නැති වුණාට මට ඒකට සහභාගී වෙන්න සිද්ද වුණා.. ඒ මට එන්න කියලත් - කුරුලුත් එක්ක ආදරෙන් - බ්ලොග් එක ජනප්‍රියම බ්ලොගයන් අතරට තේරීපත් වීමත් නිසාවෙන්.
ජීවතේ පලවෙනි වතාවට 300ක් විතර පිරිසකගෙන් 10ක් විතරක් අඳුරන එකෙක් බවට පත් වුනා.. මොකද එතැන බහුතරය twitter භාවිතා කරන අය.. මම අඳුරන එවුන්ට එතැන හිටියෙ Buzzරේඩියෝ කට්ටියයි - රස්ත මල්ලියි - රනුක මල්ලියි විතරයි.. බ්ලොග් ලියන මගේ මරණයයි - නලීන් අයියයි - සිකුරාජපති අයියයි - අටම්පහුරයිත් ආව.. ( වැඩිය කතා බහ කරගන්න බැරි වුනත් - බොහොම සතුටක් ආව ඒ අයව එතැන දැකීම ම )
පටන් ගත්ත වෙලේ ටිකක් වෙවුලුවෙ ඉංගිරිසි බැරි නිසා ! එත් අර “ සින්දු කියන කුරුල්ලො “ ආව වෙලේ දැනුන හිතට පුදුම සැහැල්ලුවක් !
අතර මැදදි අදහස් දක්වන්නයි ප්‍රශ්න අහන්නයි දුන්න.. ඇත්තටම මට ඒ දේශන ටිකට වඩා අහපු ප්‍රශ්න තේරුණේ නෑ.. ඒ තරම් වේගෙන් බොහොද පැහැදිලි ඉංගිරිසි කතා කලා ඒ ළමයි...
එතැන සුදු නෝන කෙනෙක්ට හිටියෙ “ ඇමන්ඩා මෙනවිය “ විතරයි .. එයත් අවුරුදු දොලහක් ම ලංකාවෙලු ආමාරුවෙන් මිරීස් ගල කියල කියාග්තතු නිසා එයාටත් සිංහල තේරෙනව ඇති කියල හිතුණ...
බැරි වෙලා හරි මගෙන් මොනව හරි ඇහුවනම් එවෙලෙ..
එතැන හිටිය අර එක සුදු නෝන ගැන නොහිත අනික් 299 දෙනා ගැනම හිතල මම සිංහලෙන් කතා කරනව කියල මම හිතා ගත්ත.. ! මගේ අවාසනාවට උන්ගෙ වාසනාවට ඇහුවෙ නෑ මුකුත්.. !!!
.
එතැන.
අරූගෙ අඩවිය - ලීශාන් මල්ලි - තිලකසිරි සහ මම තේරි තිබුණ ( මතක විදියට තව එකක් තිබුණ )
අන්තමේදි - ජනප්‍රියතම බ්ලෝග් ලියන්නා - විදිහට මට සම්මානයක් ලැබුණ -
ඒ තේරී පත් වෙලා තිබුණ බොලොග් අතරින් එතැන පැමිනිලා හිටියෙ ලිශාන්නුත් මමත් විතරයි..
--
සම්මානය කෙසේ වෙතත් මගේ හිතේ කලින් ඉදලම අකමැත්තක් තිබුන එක සිදුවීමක් නිසා.. මම මේ ගැන දැන ගත්තෙත් මල්ලි කෙනෙක් මාව ටැග් කලාට පස්සෙ.. මම ඒ ගැන මගේ වෝල එකේත් - බ්ලොග් එකෙත් සදහන් කලා.. කාට හරි ඡන්දයක් දෙන්න කියල
එවෙලේ අරූගෙ අඩවිය එතැන අදහසක් දක්වල තිබුණ..
“ කුරුළු.....මමත් ඕක දැක්කේ මගේ පෝස්ට් එකකට ඩිලාන් එවපු කමෙන්ට් එකකින්. මම ෆේස්බුක් නැහැ. මමත් ඒකේ ඉන්නවාලු. මමත් පෝස්ට් එකේ කමෙන්ට් එකක් දැම්මා...ඒ පස්දෙනාගෙන් කාට හරි දෙන්න කියලා. මම තාම ඒ විස්තර තියෙන පිටුවවත් දැක්කේ නැහැ. මට යාළුවෙක් කිව්වා පස් දෙනෙක් ඉන්නවා කියලා. මගේ කැමැත්ත කාටවත් දෙන්න විදිහක් නැහැ. මම ෆේස්බුක් නැති නිසා. උඹට ජයවේවා!!“
.
ඇත්තටම මම එවෙලෙ කඩන් වැටුන. අවාසනාවට මම එවෙලෙ ඒ ලින්කුවට ගිහින් මගේ නමට වෝට් කරල ඉවරයි ! නැත්තං මම ඒක අරූට දෙනව.. ඒ වෙන මොකුත් ලොකු කමකට නෙවෙයි අපි මේ ඉ්නනෙ බ්ලොග් එකක් ලියල අවසාන වටයටත් තේරිලා ඒකට තමන්ට ඡනදයක් ප්‍රකාශ කරගන්න බැරි - සෝෂල් මීඩියා එකක් තියෙන රටක නිසා --
.
ලිශාන්ව නම් මම හොදට අදුරනව ඒ බස් රේඩියෝ එකේ මමත් කාලයක් හිටය නිසාත් උත් හොඳ නිර්මාණ කාරයෙක් නිසාත්.. අනික අපි දෙන්න මුන ගැහෙන ගොඩක් වෙලාවට නිර්මාණ ගැන කතා කරන නිසාත්.. දවස ඉවරවෙලා ආපහු යනකොටත් ලිශාන් මට සුභ පැතුව.. එවෙලෙත් අපි කතා වුනා.. ලිශාන් කිවුව විදියට තිලකසිරි කියන බ්ලොගයත් මරුලු...
.
කොහොම වුණත් මේ සම්මානෙ “ ජනප්‍රියතම බ්ලොග් ලියන්නා මිසක් “ හොඳම බ්ලොග් ලියන්නා නෙවෙයි..!
ඇත්තටම නිර් - මාණ කියන්නෙ මානයකින් තොර දේවල්.. එතැනදි හොඳමයෙක් ඉන්න බෑ.. පහ වසරෙ විබාගෙදි වචන 250ක රචනාවක් ලියල පාස් වෙනව වගේ වැඩක් නෙවේ.. එක එකා ලියන්නෙ එක එකාගෙ මානයෙන් ඉතින් හොදමයෙක් මනින්න බෑ..
“ ජනප්‍රිය “ 2014 දි විතරයි 2015දි වෙන කෙනෙක් ජනප්‍රිය වෙයි..
මම හැම වෙලේම කියනව වගේ - බොහෝ දෙනාට අහසේ පියාසර කල හැක එහෙත් අහසේ රැදී සිටිය හැක්කේ කිහිප දෙනෙකුට පමණි -
.
අවසානෙදි මම මේක තොරාගත්තු හැටිය ඇහවුව සංවිධායකයන්ගෙන්...
මීට ටික කාලෙකට කලින් ඒ සංවිධාකයො අවස්ථාවක් දීල තියෙනව කැමතිම බ්ලොග් අඩවි යෝජනා කරන්න ඒ අතරින් වැඩිම ගණනක් යෝජනා වුන බ්ලොග් තමා මේ අවසාන වටයට අරන් තියෙන්නෙ.. එහෙම නැතිව මේ තේරී පත් වුන කිසිම කෙනෙක් කොහෙවත් ලියාපදිංචි වෙලා තරගයට ඉිදිරිපත් වුන අය නෙවෙයි... ( මට ඒ සංවිධායකයො කියපු විදියට )
(ලියා පදිංචියක් තිබුන - ඒ ඇතුල් වීමට එදා දොරෙන් )
.
මේකෙන් පස්සෙ මට නම් තඹ දොයිතුවක වත් වෙනසක් වෙන්නෙ නෑ.. මේ පොස්ටුව ලිය්නනෙත් පින්තුරය්ක දැම්මෙත් මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල සහෘදයන් ඒ ගැන විමසා සිටි නිසා..
මම කොහොමත් ලිවුව.. එදත් අදත් , හෙටත් ලියනව ! ඒ මේ සම්මාන වලට නෙවේ .. මට !
මම දන්නවිදියට අනික් සේරොම එහෙමයි.. ඒ නිසා කිසි එකෙක් වෙනස් වෙන එකක් නැ.. අපි ලිවුව ඒ අය තරගයට අපිව දැම්ම .. එකෙක් දින්න එච්චරයි...
- සින්දු කියන කුරුල්ලො - කිවුව වගේ අපි එදත් නොමිලේ අදත් නොමිලේ අපිට ඉ්නනෙ මේ මිනිස්සු විතරයි --
.
-------------මට මතක් වෙනව චන්දන අයිය කිවුව කතාවක් -----
“ මල්ලි උඹල අපි වගේ ඉගිල්ලෙන්න ආස උන් ඉගිල්ලෙන්න විදිහක් නැතිව ඉන්න කොට කවුරු හරි ඇවිල්ල තටු දෙකක් දෙයි.. අපිත් ඉගිල්ලෙන්න තියෙන ආසාව නිසා උඩ ඉගිල්ලෙයි.. අපේ කරණම් ගහ ගහ.. එතකොට අපිට ආදරේ කරන අය පහලට වෙලා බලාගෙන අත්පුඩි ගහයි.. සතුටු වෙයි.. එත් මතක තියාගනිං උඹ දන්නෙම නැතිව උඹට තටු දීපු මිනිස්සු අන්තිමට අර උඹ දිහා බලාගෙන සතුටු වෙන මිනිස්සුන්ගෙන් ටිකට් කඩයි. අන්න ඒක වෙන්න දෙන්න එපා “ Chandana Ellewala
.
අන්තිමට -
වැඩසටහන සංවිධානය කරපු හැමෝටම ස්තුතයි !
මට දිනන්න උදවු කරපු හැම සහෘදයටම ස්තුතියි.. !
======
සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු - එකම ගගකට වැටෙන..
.
වියලි ගිනි දැල් නොවමෙු වනය අවුලා තබන
සිසිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වහින
.
නපුරු හීනය නොවෙමු ළමුන් නිදිි සුව බිඳන
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන
--------------------- විශාරද ගුණදාම කපුගේ ශූරීන්
=======
--කුරුළු---
Subscribe to:
Posts (Atom)