Saturday, February 9, 2019

==== දසිස් 40 =====



( තිස් නවවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
මෙලෙසෙ ශරීරයේ ඕනෑම තැනක් කෙරෙහි දක්වන වැඩි අවධානය හරහා අන් අයට වඩා වැටි දෙයක් එම අවයවයෙන් කළ හැකි වෙයි. කුණ්ඩලීනි චක්රය කෙරෙහි වැඩි අවධානය යොමු කරන්නාටද හිමිවන ප්රතිලා්භය එයයි. අන් අයට කළ නොහැකි මූලක කාර්ය හතක් කිරීමේ සරල අවස්ථාව ඔහුනට උදාවෙයි.
( කුන්ඩලීනි යෝගා පිළිබද සටහන් " කුණ්ඩලීනි හෙල යෝගා වෙබ් අඩවියෙනි )
+ හොදයි මේ සදහා මා මූලික භාවනා ක්රම අනුගමනය කලා ඒ් මලය රට දී ලද පුහුණුවෙන්. තව දුරටත් විස්තර සහිතව ඒ ගැනත් කිව හැකිද ?
—————————————– අද එතැන් සිට
- රජුනි භාවනා ක්රම ගැන පසුවට විස්තර අැතිවම පවසන්නම්. ඒ්ඒ ඔබ වහන්හෙසේට ඒ් සිදුකරනාකාරය ගැනම පැහැදිලි කරමින්ම. කුණ්ඩලීනිය අවදි කරගැනීමට අැති ඒකම ක්රමය භාවනා මගින් පමණක් නොවේ
+ ඒසේනම් අභය
- දේව වන්දනාවෙන්, යෝගාසන මගින් , ඔෟෂධ මගින්, මැණික් මගින්, යන්ත්ර මගින්, මන්ත්ර මගින්, ශක්තිය චලනය වන උද්ගමනය වන ශාරීරික අභාස මගින් වැනි ක්රම මගිනුත් කුණ්ඩලීනිය අවධිකරගත හැකියි.
+ බාවනාව අවශම නැතිද ?
- යම් යම් චක්ර අවධිකර ගත හැකියි, කොටස් වශයෙන් නැතිනම් ඒක් ඒක් අවධිවශයෙන් ශක්තිය ලබා ගත හැක. ඒහිදී අපට ලැබෙන විශ්ව ශක්තියද වෙනස් වේ.
+ හොදමයි විශ්ව ශක්තිය ලැබීමත් සමගම කුණ්ඩලීණිය ලැබීඹත් සමගම ඔබ පමසනාකාරයට කල හැකි අසාමාන්ය කි්රියාකාකම් මොනවද ? චක්ර ගැන සදහන් කිරීමේදි ඔබ ඒ් ගැනත් කෙටියෙන් පැවසුවා මතකයි.
- ඒසේය රජුනි කුණ්ඩලිනි බාවනාව මගින් චක්ර අවධි කර ගැනීමමෙන් සාමාන්ය මනුශ්යයෙකුට සිදු කල නොහැකි අන්දමේ විශේෂ සිද්දින් " අනිමා, මහිමා,ලඝිමා,ඝරිමා,ප්රාප්ති, ප්රකාම්ය, වශිත්වම්, ඉෂිත්වම් " ලෙසින් අටවැදෑරුම් වෙනවා..
ඒ් තවත් ලිහිල් කොට පැවසුවහොත් ,
" අනිමා " යනු ශරීරය ඉතා සියුම්, ඉතා කුඩා ස්වභාවයට පත් කිරීම යි,
" මහිමා " යනු ශරීරය ඉතා විශාල කරගැනීම යි,
" ලඝිමා" යනු ශරීරය ඉතා සැහැල්ලු කිරීම යි,
" ඝරිමා" යනු ශරීරය අධික බරක් සහිත කරගැනීමයි,
" ප්රාප්ති " යනු පොලවේ සිට ඉර හඳ ස්පර්ශ කිරීම, සියලු භාෂා වැටහීම ,රෝග සුවපත් කිරීම,
" ප්රකාම්ය" යනු ශරීරයෙන් මනස වෙන් කිරීම, වෙනත් ශරීර තුලට ඇතුළුවීම ,අදෘශ්යමාන වීම,
" වශිත්වම්" යනු මිනිසුන් සතුන් මෝහනය කිරීම යි,
" ඉෂිත්වම්" යනු දිව්යමය ස්වභාවයට පත් වීම, මරණය පාලනය කිරීම, මරණින් මතු කැමති උපතක් ලැබීම යන්නයි.
( කුණ්ඩලීනි යෝග යම් යම් කරුණු උපුටනය "අධිමානසික" පිටුව )
+ අභය ඔය ඔබ පවසන අැතැම් ශක්තීන් තිබුනාවූත් , තිබෙනවා වූත් පුද්ගලයන් ගැන මා කතාන්තර ඔ්නා තරම් අසා තිබෙනවා.
- ඒසේය රජුනි ඉතිහාසෙය්ත් ඒවැනි ශක්තින් තිබු බවට උදාහණ නොමදිව් තිබෙනු අැති
+ ඒසේයි ඔබ පවසන විටම මා සිහියට නැගුනේ රාවණ මහ නිරිදුන් හැරුණු කොට ඔය කියනාකාරයේ දස්කැම් පැ බවට සදහන් වන " හනුමා " නම් වානර සෙන්පතියා වයි.
- හහ් හහ් හහ් හ් ඒසේයි රජුනි " හනුමාන් සෙනවි " කුණ්ඩලිනී ශක්තිය නොමදව තිබුන අයෙක්.. ඔබ වහන්සේට මතක නම් සතුන් මෝහනය කර ඔවුන් මගින් තමන්ගේ පෙනීම ලබාගන්නා සහ තමන්ට රිසි පරිදි සේවාව ලබාගන්නෙකු ගැන කියා සිටියා.
+ අප මහා යෝධ වේළු සුමන නෙවේද ඒ්... තෙවැනි රුද්රාව දරන්නා , අශ්ව කුලයේ අයිතිකරුවා...
- ඒසේයි රජුනි. ඒ් ඔහුයි. මේ සෘද්ධින් අටටත් අමතරව තවත් සෘද්ධීන් ලැබෙනවා
+ ඒ් මෙනාවාද ?
- කුසගින්න පාලනය කිරීම,
අධික උණුසුම, සිසිල දරා ගැනීම,
දුර තිබෙන දේ දැකීම හා ඇසීම,
කාම රූප හෙවත් කැමති රුපයක් මවාගත හැකි වීම,
යතා සංකල්ප හෙවත් කැමති දේ ඉටු වීම,
ත්රිකාල ඥාණ හෙවත් තුන් කල් දක්නා නුවන ,
මුලද්රව්ය පරමාණු වෙනස් කල හැකි වීම ,
වෙනත් ලෝහ රත්තරන් බවට පත් කිරීම
දර්ධුරි සිද්ධි හෙවත්සඳ මතදී ඇවිදින විට මෙන් එක අඩියක් තියා බොහෝ උසට පනිමින් ගමන් කිරීම
තමන්ගේ හා අනුන්ගේ අතීත අනාගත ආත්ම දැකීම
කාමචාරී හෙවත් එක තැනකින් අතුරුදහන් වී කැමති ස්ථානයක පහල වීම
අහසින් ගමන් කිරීම ඉන් සමහරක් ..
+ විශ්මයජනකයි අභය ඉතාමත් විශ්මයජනකයි.. අැතැම් යෝගීන්වරුන් දිනගනන් අාහාර නොගන්නා බවත් මා අසා අැත්තා මෙන්ම අධික උනුසුම හා සිසිලස දරාගැනීම පිළිබදව නම් මා හටත් අත් දැකීම් තිබෙනව, ඒ් වගේම අහසින් යෑම රහතන් වහන්සේලා සිදුු කල බව අසා තිබෙනවා, ඒ් හැරත් ඔව විසින් අප කතාව අාරම්භදී මා හට මහා සෑයක් සෑදීමට රන් හා මුතු මැණික් නිපදවා දෙන බවක් පැවසුවා ඒ්ද මේ කුණ්ඩලිනිය මගින් යැයි සිතන්නෙමි..
- ඒසේය රජුනි ඒ්ලෙසින්ම අනෙක් සෘද්දින් ද මෙ වෙනවිටත් අප දසමහායෝධයන් සතුයි..
+ ඔහ් ඒසේද ?
- ඒසේ නෙවෙන්නම් මා ඔබ වහන්සේට තවමත් ඉතා කෙටියෙන් හෝ පැහැදිලිකලේ අප යෝධයින් තිදෙනෙකු ගැන පමණයි ඔවුන් සතුවත් මා නොකී දැ බොහොමයි...
+ මා මිත්ර යෝධයන් පිළිබදව කාතාන්තර දැන ගැනීමට මා ඉතාමත් අාශාවකින් පසුවනවා අභය..
- මා රජුනි, පිලිවෙලින් සියල්ල පැවසිය යුතුයි ඔබ වහන්සේගේ පෙරැත්තය නිසාම කුන්ඩලිනිය යෝගා ගැන මෙතරම් ඉක්මනින් පැවසූවත් ඒ් තව පමා කල යුතුව තිබෙ ්යැයි මා සිත කියනවා
+ ඒ් කිමද අභය..
- රජුනි මා අවසානයට මේ කුන්ඩලිනිය විස්තර කෙල්නම් මේ මුලු කතාන්තරය තුලම තිබෙන්නා වූ ශක්තීන් නුඹ වහන්සේට ඒකිනෙක පැහැදිලිව වෙන් කර හදුනා ගත හැකි වෙනවා... ඒ් හැරත් ඒය අත් හදා බැලීමෙන් අත් විදීමෙන්ම අවබෝධයක් අැති වෙනවා.. " රජුනි , "දැනුම නොව අවබෝධය ම යි වැදගත් "
+ ඒය නම් සැබැවක්මයි ථේරපුත්තාභයනි..
" සිය වරක් අැසීමට වඩා ඒක් වරක් දැකීම සැපයි " ....
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු --
දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk


- ජංගම දුරකථනයෙන් කියවන්න Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

==== දසිස් 39 =====



( තිස් අටවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
- රජුනි ලිංගිකව ඒක්වීම යනුත් අනෙක්වා සේම ස්වාභාවික සංසිද්ධියකි. පුරුෂයෙක් හා ස්ත්රියකු ලිංගිකව ඒක් වීමේදී සුරාන්තයට පත්වන අවස්තාවේ ධාතු පිටවන මොහොත ගැන කල්පනා කාරීවන්න. මුළු සිරුරේම මානසික හා ශාරීරික ශක්තිය ඒක තැනකට කැටි කොට මුදා හරිනු ලබයි. ශරීරයම හකුලුවා ශක්තිය ගොනු කර ඒය මුදු හරිනු ලබයි. ඒවිට මනස වුද වෙහෙසෙන්නෙ ඒ වෙනුවෙනි‍.
+ ඒසේය.
- ඉදින් ඒය වුවද සිහින් සිදු වේ නම් චක්ර අවදි වීම සිදුවේ. සාධූවරුන් යෝගීවරුන් සිදු කරන්නෙ ඒ් පාලනය කිරීම මගින් චක්ර අවධිකරගැනීමයි. ඒහෙත් ලෞකික ජීවිතයේදී ඒ්ය විදීමෙන් වුවද අවධි කර ගත හැක. ඒය හුදක් ස්වාභාවික සිදුවීමක් පමණි. විශේෂයක් නැත.
—————————————– අද එතැන් සිට
+ පැහැදිලිය.. තෙවැනි චක්රය කිමෙක්ද
- තෙවැන්න මණිපුර චක්රය නම් වේ,
මෙම චක්රය පිහිටා ඇත්තේ නාභිය අසලය.මෙම චක්රය ශරීරයේ අග්නිය පාලනය කරනු ලබයි. ආහාර නිසි ලෙස පාලනය කිරීමේ ශක්තිය මේ හරහා ක්රියාත්මක වෙයි. මණිපුර චක්රය ත්රිකෝණාකාර හැඩයකින් සහ පෙති දහයක මලකින් සංකේතවත් කෙරෙයි. වර්ණය වනුයේ කහ පැහැයයි. මෙම චක්රය බල ගැන්වීමෙන් විශ්වීය ඥානය ලැබෙන අතර අන් අයගේ රෝග සුව කිරීම උදෙසා විශ්වීය බලයන් ලබා ගැනීමේ හැකියාව උදා වෙයි.


අනාභාත චක්රය සිවුවැන්නයි ,
ඕනෑම අයෙකුගේ හදවත තුළ පිහිටා ඇති් මෙම චක්රයය මඟින් ශරීරයේ රුධීර සිරුරපුරා ගමන් කරවීම, රුධිරය පිරිසුදු කිරීම මෙන්ම රෝග පාලනයද යහපත් වෙයි. මෙම චක්රය කොළ පැහැයෙන් යුක්තය. ශරීරයේ වායෝ ගුණය පාලනය කරන්නේද මෙම චක්රය හරහාය. සයකොන් තරුවක් ලෙස දිස්වන මෙම චක්රය වටා පෙති දොළසක මලක් දැකගත හැකි වෙයි.
මෙම චක්රය පවතින විශේෂත්වය වනුයේ මෙම චක්ර බල ගැන්වීම හරහා විශ්වයේ ඇති ශබ්ද උකහා ගැනීමටවත් සියුම් ශබ්ද ශ්රවණය කිරීමේ හැකියාවත් ලැබෙයි. අදෘශ්යමාන ආත්මයන් දැකීම හා ඔහුන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව මේ හරහා ලබාගත හැකි වෙයි. එනම් පියවි ඇසට නොපෙනන දේ බැලීමේ හැකියාවයි.


පස්වැනුව විශුද්ධි චක්රය වේ,
රජුනි මෙම චක්රය උගුරු ඇටයට පහළින් ඇති වළ තුළ මෙය පිහිටා අැත. පුද්ගලයකුගේ කතාව මෙන්ම කතාව හරහා අන් අය ග්රහණය කර ගැනීමේ හැකියාව පාලනය කරන්නේ මේ ච්රකුයයි. දුක හා බිය පාලනය වන්නේද මේ හරහාය. පෙති දහසක් ඇති මලකින් මෙම චක්රය සංකේතවත් වෙයි. මෙහි වර්ණය වන්නේ නිල් පැහැයයි. මෙ චක්රය බලගැන්වීමෙන් ඔබ අදහස් අන්යයන් අතර ප්රචලිත වන අතර නිරුත්සාහිකව නවව සත්ය තොරතුරු පැවසීමේ හැකියාව උදාවෙයි.


+ අභය නැවතත් පැණයක් පැන නගී
- විමසුව මැනවි රජුනි
+ ම්.. නැත සයවැන්න හා සත්වැන්නත් පැවසීමෙන් අනතුරුවම ඒ් ඉදිරිපත් කරන්නම්,
- හොදමයි සයවෙනුව ආඥා චක්රයයි,
මෙය පිහිටා ඇත්තේ නළල් තලයේ මැද නැතහොත් අප දෙබැම අතරය. අප තෙවන ඇස ලෙස හඳුන්වන්නේද මෙයයි. ඕම් සලකුණින් මෙන්ම පිරුණු මල් පෙති දෙකකින් මෙම චක්රය හඳුනාගත හැකි වෙයි.මෙම චක්රයේ වර්ණය දම් වන අතර සමහර අවස්ථාවලදී ලා කොළ පැහැයෙන්ද මෙය දැකගත හැකි වෙයි.
මෙම චක්රය අවධි කිරීමෙන් එයට පහළින් ඇති චක්ර පහේම පාලනය අතට ගත හැකි බව වෛදිකසම්ප්රදායේ විශ්වාසයයි. එනම් චක්ර පාලය අැත්තේ මේ තුළයි. මෙම චක්රරය අවධි කිරීම හරහා අන් චක්රරවල පාලනය සක්රිය කිරීමත් තෙවන ඇසින් ලොව දැකීමේ ශක්තිය, සියලූ විෂයන් ගැන දැණුම ද ලැබෙන්නෙය. විශේෂයෙන්ම පිටසක්වළ නැතහොත් වෙනත් ලෝක, දිව්යතල, ජීවයේ ආරම්භය ආදි කරුණු පිළිබඳ දැණුම පහළ වීම සිදුවෙයි. අන් පුද්ගලයන්ගේ කර්මය අවබෝධ කර ගැනීම සහ ඒවාට නිසි පිළියම් යෙදීමේ හැකියාවද මේ හරහා උදා වෙයි. කර්මයේ නිවස්නය ලෙස මෙම චක්රය හඳුන්වන්නේ එබැවිණි,
+ සත්වැනුව ?
- සත්වනුව සහස්සර හෙවත් (සහස්රා) චක්රයයි
මෙම චක්රය අප මොළය තුළ පිහිටා ඇත. එහෙත් මාගේ දැණුමට අනුව නම් මෙය පිහිටා ඇත්තේ හිසට ඉහළ ප්රෙද්ශයේය. පරමාත්මය හා ජීව ආත්මයේ එක්වීම නැතහොත් විශ්වී ඥානය හා ඒ්ක රාශී වීම මෙයින් අදහස් වෙයි. පෙති දහසක මලක් ලෙස මෙය දැකගත හැකි වෙයි. මෙම චක්රරය අවධි කිරීමෙන් අමරණීයත්වයට පත්වන බවත් සිරුර වයසට යෑම පාලනය කළ හැකි බවත් කියවෙයි.
මා දන්නේ ඒපමණකි
+ හ්ම් හොදමයි ඒසේනම් අභය මා මාෙග් ගැටලුව අස්න්නම්
- ඒසේය
+ ඔබ විසින් ධර්මාශෝක රජු කාලයේදි සම්පාදිත යැයි දැනුම ඒකතු කලා යැයි පැවසූ ග්රන්ථ නවයේද , ඉන් පසු නවග්රහ මාණික්යන් ගැනද , නව බුදු ගුන ගැනද අාදීයෙන් විස්තර කලා වූත් ඔබ නව දෙනාගේ ශක්තීන් විස්තර කරගෙන යන්නාවූත් අාකාරයෙනුත් මේ කුණ්ඩලීනි නම් ශක්තිය ලබා ගැනීමෙන් පසු අැති වන්නවූ විශ්වීය ශක්තීනුත් අතර බොහෝ සමාන කම් පෙනේ. බොහෝ විට ඒ් විස්තරයන් ඒකම සමානය.
- ඒසේය රජුනි, ඒසේ වය යුතුය. මා සිතනාකාරයට බුදු රජාණන් වහන්සේ විස්න් " සොබාදහම නම් බුදරජාණන් වහන්සේය - බුදුරජානන් යනු සොබාදහම ය " ලෙසින් අර්ථ දැක්වුයේද ඒයමයැයි හගිමි.
+ ඒසේද ?
- මේ අප විස්තර කරමින් සිටිනුයේ සොබාදහමේ ශක්තීනය, ඒ්වට විවිධාකරයේ නම් ගම් තිබිය හැකි වුවත් ඒ් සියල්ල ඒක මිටකට ගොනු කර හැකිය ඒ් තරම්ම සමානය.
මේ හැකියාවන් අනුවද චක්ර හත තෙවැදැරුම්ව බෙදනු ලබයි.
භෞතික ශරීර පාලනය
මූලාදාර චක්රය, ස්ව අධිෂ්ඨානය චක්රය , මණිපුර චක්රය ත්
ශුද්ධ ශරීර පාලනය
අනාභාත චක්රයත්
ආධාත්මිකත්ව පාලනය
විශුද්ධි චක්රය, චක්රය , සහස්රා චක්රයත් ලෙසය. මේ හැර තවත් චක්ර ස්ථර දෙක්ක පවතී
+ ඔහ් තවත් තිබේද ?
- ඒසේය මේ හත ප්රදාන පාලන මධ්යස්තාන වේ.. යෝග හරහා මුලින්ම උද්දීපනය වන්නේ තෘතික චක්රයන්ය තෘතීක චක්ර විස්සකි. ඒවා පිහිටා ඇත්තේ කකුල්වල ඇඟිල් පුඩුවලය. ඒවා උද්දීපනය වීමෙන් පසු ශරීරයේ පිහිටි ද්විතික චක්ර විසි ඒකින් ප්රධාන චක්ර හයක් වන අත්ල මැද පිහිටි චක්ර දෙක, විලූබ හා දණිස් මත පිහිටි චක්ර හය ක්රියාත්මක වීම සිදුවෙයි. ඉන්පසු ශරීරයේ ඉදිරිපස පිහිටි චක්ර පහ හා ශරීරේ පිටුපසින් පිහිටි ඉතිරි ද්විතික චක්ර දහය ක්රියාත්මක වීම සිදුවෙයි. ප්රධාන චක්ර හත ක්රියාත්මක වීම සිදුවන්නේ අවසානයේදීය.
+ ඔහ් මුලදී දැනුනා මෙන් ලෙහෙසි නැත... සංකීර්න ක්රියාවලියක් සේ හැගේ.
- අප චක්ර බලගැන්වීම යන්න හරහා සිදු කරනු ලබන්නේ මෙම චක්ර මනා ක්රියාකාරීත්වයට පත්කර ගැනීමයි. චක්ර බලගැන්වීමේදී තම මනස මූලිකව මෙම කරුණ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. එනම් ශරීරය සමතුලිත කිරීම හා මනා ක්රියාකාරීත්වයකට පත් කිරීම හැර කුණ්ඩලිණියේ වෙනත් ඉලක්ක උදෙසාම චක්ර බලගැන්වීම නොකළ යුතුය.
පළමු නියමය යැයි කියූ සැණින් දෙවැනි නියමයක්ද ඇතැයි යන්න අමුතුවෙන් කිව යුතු නැත. මිනිස් ශරීරය හා යන්ත්ර සූත්ර අතර ඇති විශේෂත්වය වන්නේ යන්ත්ර සූත්ර මෙන් නොව මිනිස් ශරීරය අනුවර්තනය කළ හැකි වීමයි. එනම් මා පෙර පැවසුවාක් මෙන් කටහඬ පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් ඔහුට මිහිරි ලෙස කතා කළ හැකි වෙයි. දෙපා පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් ඔහුට අන් අය පරදා දිව යා හැකි වෙයි. බාහු ශක්තිය පිළිබඳ වැඩි අවධානය යොමු කළහොත් යකඩ කඩා දමන්නට හැකි වෙයි. මෙලෙසෙ ශරීරයේ ඕනෑම තැනක් කෙරෙහි දක්වන වැඩි අවධානය හරහා අන් අයට වඩා වැටි දෙයක් එම අවයවයෙන් කළ හැකි වෙයි. කුණ්ඩලීනි චක්රය කෙරෙහි වැඩි අවධානය යොමු කරන්නාටද හිමිවන ප්රතිලා්භය එයයි. අන් අයට කළ නොහැකි මූලක කාර්ය හතක් කිරීමේ සරල අවස්ථාව ඔහුනට උදාවෙයි.
( කුන්ඩලීනි යෝගා පිළිබද සටහන් " කුණ්ඩලීනි හෙල යෝගා වෙබ් අඩවියෙනි )
+ හොදයි මේ සදහා මා මූලික භාවනා ක්රම අනුගමනය කලා ඒ් මලය රට දී ලද පුහුණුවෙන්. තව දුරටත් විස්තර සහිතව ඒ ගැනත් කිව හැකිද ?
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු ----
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්්


දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk


- කුරුළු Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

==== දසිස් 38 =====




( තිස් හත්වන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ ඉදින් අභය බුදු දහම ඉන් රැකේද ?
- මා ගැමුනු රජුනි . යුද්ධයෙන් පසු මා කීවාක් මෙන් කර බලන්න. මිනිසුන්ගේ කුස පුරවන්න, බාහිර තුවාල වලට පිලියම් කරන්න..
+ ඒවිට
- ඒවිට ඔවුනට ධර්මය අවෙබා්ධය කරගැනීමට තරම් සැහැල්ලු පැහැදිලි මනසක් ලැබෙනු අැත. ඒතැන් පටන් ඔබ වහන්සේගේ මැදිහත් වීමකින් තොරවම ඔවුන් විහාරස්ථාන වෙත අැදෙනු අැත. ඔවුන් ඒ්වා ගොඩ නගනු අැත රකිනු අැත.. ප්‍රතිසංස්කරණය කරනු අැත.
+ නුඹට පින් අභය, පැහැදුනිමි..
- රජුනි මිනිසුන්ට ජීවත් වීමට නම් අාගමක් අවශ්‍ය ම නැත. අාගමක් අවශ්‍ය වන්නේ ඔවුන්ව යහමගට ගැනීමට ය.
ඒහෙත් අාගමක් ජීවත් කරවීමට නම් " අපට මිනිසුන් අවශ්‍ය මය "
—————————————– අද එතැන් සිට
+ අහා කදිම කියමනකි ඒය..
- ඒ්ය සත්‍යයකි. අාගම ක් රැකෙන්නේ මිනිසුන් රැකුනොත් පමණි. අාගම මගින් ඒ් මිනිසුන් රැකීමට යාව වරදක් සේ හගමි. මිනිසුන් විසින් ඒ් අාගම රකිනු අැත ඔවුනට අවබෝධ වන ප්‍රමාණයටම කිනම් දහමක් වුව රැකෙනු අැත.
+ සත්‍යකි
- අප විසින් රාජ්‍ය අනුග්‍රහය උපරිමයෙන් යොදවා ෙගාඩනැගිලි ඉදිකිරීම් කලද ඒ්වා ඒක් වරක් හෝ දෙවරක් රාජ්‍කීය මැදිහත් වීමෙන් පමණක් බලවත් පෙරැත්තයෙන් මිනිසුන් ගෙන්වා පිරවිය හැකිය. ඒහෙත් ඊට පසු ! ඒ් සියල්ල ගරා වැටෙනු අැත. අවශ්‍ය වන්නෙ වැසියන් වෙතින්ම ඒන බොදු පිබිදීමකි..
+ සැබෑවකි අභය මා ඒය සිදු කරන්නෙමි
- ඒෙස්ය ඔබ වහන්සේ ඒය ඉටු කරන්නෝමය , මා දනිමි..
+ සාධු සාධූ.. ඉතින් අභය ඔබ තාවමත් කුණ්ඩලීනි ගැන පැවසුවේ නැහැ
- අහ්.. ඒය මහා ගැඹුරු විෂයක් රජුනි. අනික කාරණා මෙන්ම සවිස්තරවත් ප්‍රායෝගිකවත් මා ඔබ වහන්සේට ඒය කියා දෙන්නම්.
+ අප කුස තුල නිදා සිටින නාගයකු අප කොදු අැට පෙල දිගේ ඉහලට පැමණී ඉසට ඉහලින් පෙන විහිදා නැගී සිටිම කුන්ඩලීනිය ලෙසින් ඔබ විස්තර කලා මතකයි
- ඒසේයි. ඒය උපමාවකි. අප උදරයට මදක් පහලට වන්න ගබඩා වී අති අසීමිත ශක්තිය අවදිකරවා ගැනීමයි ඒ් ක්‍රමය.
+ ඔබ පෙර පැවසූ ඉද්ධි බල හා වෙනස කුමක්ද
- අැත්තේත් නැත නැත්තේත් නැත. බුදුන් වහන්සේ සෘද්ධි බල ගැන පැවසූවත් ඒ් උපයෝගීකර නොගන්නා ලෙස දැනුම් දුන්නේ ඒ් නිවන් මගට හේතු නොවන නිසාවෙනි. ඒ් හැරත් නිවන කලා යන්නා වූ ඔ්නෑම යෝගී වරයෙකුට නිරායාසයෙන් නිවැරදි මග යන්නේ නම් සෘද්ධි බලත් කුණ්ඩලීනි අවධි වීමත් නැවැත්විය නොහැක.
ඒහෙත් සෘද්ධි බල ලැබීමත් සමගම බොහෝ සත්‍ය සොයායන්නන් ඒතැන ලෞකික තත්වයේම නවතින්නේ බලය හා ධනය ලැබීමේ චේතනාවෙනුයි.
+ ඔබ පැවසූ සෘද්ධි බල පෙන්වා ජනයා මුලා කර ඒමගින් බලය හා ධනය ඉපැයීමද ?
- ඒසේය. ඒකලත් ඒසේ විසුහ. දෙවුදත් තෙරුන් පවා වතුර මත අැවිද්දහ. සෘද්ධිමතෙකි.
+ හ්ම් අසා අැත්තෙමි, ඒහෙත් මුගලන් හිමියන් ඒ් වැලැක්වුවා නෙවේද ?
- ඒහෙමයි. හොදමයි කුන්ඩලීනිය ගැන කරුනු කිහිපයක් පමණක් මා පවසන්නම්. කුණ්ඩලීනියෙන් අවධි වීම ලෙස හදුන්වන්නේ විශ්ව ශක්තිය හා සම්බන්ධ වීමයි. රජුනි භාවනා යෝගී යෝගී වරයෙකුට විශ්වෙය් අැති අසීමිත දැනුමත් ශක්තියත් හා සම්බන්ධය විය හැක. ඒය අධ්‍යනය නොව ධ්‍යානයයි.
+ හ්ම්
- මිනිස් ශරීරය තුළ චක්‍ර හතක් පවතින මුත් ශරීර යාන්රත්‍රණයේ ක්‍රියාකාරීත්වය උදෙසා අවැසි වන්නේ චක්‍ර හයක් පමණයි.
මූලාධාර චක්‍රය
ස්ව අධිෂ්ඨානය චක්‍රය
මණිපුර චක්‍රය/ නාභි චක්‍රය
අනාභාත චක්‍රය
විශුද්ධි චක්‍රය
ආඥා චක්‍රය
සහස්‍රා චක්‍රය /සහස්සර චක්‍රය
නම්වේ..
මෙම චක්‍ර හත පවතින්නේ කොදු ඇට පේළිය ඔස්සේ පහළ සිට ඉහළටය. මෙහිදී කොදු ඇට පේළීයේ පහළින්ම පිහිටා ඇත්තේ මූලාධාර චක්‍රයයි. සහස්‍රා නැතහොත් සහස්සර චක්‍රය ඇත්තේ අපේ ඉස් මුදුනේය. මාගේ අත්දැකීම් අනුව නම් සහස්‍රා චක්‍රය ලෙස හඳුන්වන්නේ අපේ ජීව ශක්තිය චක්‍ර හරහා අවධි වීමෙන් පසු පරමාත්මය හා සම්බන්ධ වීමයි. මෙය පිහිටවන්නේ ශරීරයෙන් පිටතය. ඒ අනුව අපේ ශරීරය තුළ පිහිටා ඇත්තේ චක්‍ර හයකි. මෙම චක්‍ර හුදෙක්ම අධි ඥාන හෝ අධි ශක්ති ලබාගැනීම උදෙසාම භාවිත වන්නක් නොවේ. ඒ ඒ චක්‍රයෙන් අප ශරීරයේ එක් එක් කොටස්හි ක්‍රියාකාරීත්ව පාලනය වෙයි.
+ අභය චක්‍ර නම් මොනවාද ?
- රජුනි චක්‍ර යනු සංස්කෘතයෙන් අපේ ශරීරයේ ව්‍යුහය හෝ අවයවවල කොටසක් නොවේ. වැදගත් ශක්ති ඔවුන් හරහා එවැනි ඉඩ ද ජීවිතය බලවේගයක් ලෙස හඳුන්වනු ලබන,ප්‍රාණ ශක්තිය ලෙසද ගලා එයි. ඔබ වහන්සේ නාඩි සහ මර්මස්ථාන නිල ගැන අසා අැතිවාට සැකයක් නැත .
+ ඒසේය
- ඒ නාඩි හරහා ශක්තිය ගමන් කරන්නකි. අාහාර ජීරන පද්ධතිය, හුස්ම ගන්නා පිට කරන ස්වසන පද්ධතිය වැනිම වූ තවත් ඒක් පද්ධතියකි. විශේෂය නම් මෙ පද්ධතිය හරහා විශ්වීය ශක්ති ගමන් කිරීමයි.
+ හ්ම් ... යාන්තම් පැහැදිලියි කම් නැත පසුවට විස්තර පවසව.
- මූලාධාර චක්‍රය පළමු චක්‍රයි මෙය වර්ණය රතු පැහැයෙන් දැක්වෙන අතර මෙම චක්‍රය පිහිටා ඇත්තේ කොඳු ඇට පෙළේ ය. අප විසින් පිළිබිඹු කරන ජීවිතය හා ශක්තිය පිළිබද වගකීම දරයි, ජීව ශක්තිය සැඟව ඇත්තේ මේ තුළයි. මේ චක්‍රය ත්‍රිකෝණයකින් සංකේතවත් වෙයි. ඒ වටා පෙති හතරක මලකි. ඉඩා නාඩිය, පිංග නාඩිය හා සුසුම්නා නාඩිය නැතහොත් ගින්දර, හිරු හා සඳු යන ශක්තින් එකවර බල ගැන්විය හැක්කේ මෙම නාඩිය හරහාය. මෙය පිහිටා ඇත්තේ ගුදය යට කොදු ඇට පේළියේ මුලය. තුන්කල් දැකීම හා අධි මානසික ශක්තින් මෙම චක්‍රය බල ගැන්වීමෙන් ලබාගත හැකි වේ.
දෙවැන්න ස්වාධිෂ්ඨාන චක්‍රයයි
මෙම චක්‍රය පිහිටා ඇත්තේ ස්ත්‍රී පුරුෂ ලිගේන්ද්‍රයන් මුලය. එක් පුරුෂයකු හා එක් ස්ත්‍රියක් මනා සිහියෙන් යුතුව සිදුකර ලිංගික එක්වීම් හරහාද මෙම චක්‍රය අවධි වෙයි. එවිට ශරීරයේ සියලූ චක්‍ර බල ගැන්වීමක්ද සිදුවෙයි. රවුම් හැඩයකින් හා පෙති හයකින් මෙම චක්‍රය හැඳින්වෙයි. මෙම චක්‍රය තැඹිලි පැහැයෙන් යුක්තය. ලිංගික ශක්ති රඳවා පවතින්නේ මේ හරහාය. මෙම චක්‍රය පාලනය කිරීමෙන් භෞතික ආශාවන්වලින් නිදහස් වේ. අනෙකුත් චිත්තවේගීය සම්බන්ධතා මෙම චක්‍රය සතුය, අභිලාෂයන්, පරිකල්පනය, අන් අයගේ අවබෝධය සහ තවත් බොහෝ දේ වේ.
+ අභය ලිංගිකව ඒකතු වීමෙදි පවා චක්‍ර අවදිවේද ?? ශක්තිය ලැබේද ?
- රජුනි ලිංගිකව ඒක්වීම යනුත් අනෙක්වා සේම ස්වාභාවික සංසිද්ධියකි. පුරුෂයෙක් හා ස්ත්‍රියකු ලිංගිකව ඒක් වීමේදී සුරාන්තයට පත්වන අවස්තාවේ ධාතු පිටවන මොහොත ගැන කල්පනා කාරීවන්න. මුළු සිරුරේම මානසික හා ශාරීරික ශක්තිය ඒක තැනකට කැටි කොට මුදා හරිනු ලබයි. ශරීරයම හකුලුවා ශක්තිය ගොනු කර ඒය මුදු හරිනු ලබයි. ඒවිට මනස වුද වෙහෙසෙන්නෙ ඒ වෙනුවෙනි‍.
+ ඒසේය.
- ඉදින් ඒය වුවද සිහින් සිදු වේ නම් චක්‍ර අවදි වීම සිදුවේ. සාධූවරුන් යෝගීවරුන් සිදු කරන්නෙ ඒ් පාලනය කිරීම මගින් චක්‍ර අවධිකරගැනීමයි. ඒහෙත් ලෞකික ජීවිතයේදී ඒ්ය විදීමෙන් වුවද අවධි කර ගත හැක. ඒය හුදක් ස්වාභාවික සිදුවීමක් පමණි. විශේෂයක් නැත.
+ පැහැදිලිය..
---------------------------------------------සෙස්ස පස්සට
-------------- කුරුළු --------
( රාවණ – ගැමුණු රජු – දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්‍ය විදයා / ඉන්ද්‍රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව ” දසිස් ” නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්
දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/

- කුරුළු Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app