Saturday, February 9, 2019

==== දසිස් 34 =====




(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
( තිස් තුන්වන කොටස හා සබැඳි )
- ඒ හෙතෙම මේ යැයි පැවසුව නොහැක්කකි. සෛන්ධවයින්ද? ආජානේය යන්ද ඉතා වටිනේයයි පවසමි. එහෙත් මහා දුර්ලභ ය්න වර්ගයක් සිටිති. මේ වන විට නම් ඔවුන් දකින්ට නොමැත එහෙත් මේ අශ්වන් අතර කුලයන්ගේන්ද උස් පහත් කමක් ඔවුන් අතර ඇත..
+ එ කුමක්ද ?
- ඒ කලු අශ්වයාට වෙනමම තලයකි, සුදෝ සුදු ධවල අශ්වයාට වෙනනම තැනකි.. අනෙකුත් අශ්වයන්ගෙන් ඔවුනට ප්රධාන තැනක් හිිමිවේ එයිනුත් එය පදවන්නා අනුවද බලය බෙදි යයි..
+ වඳ වුවෝ කවරුන්ද ?
- කඟ වේනුන් පිළිබඳ අසා ඇත්ද ???
+ කඟවේනුන් ??
—————————————– අද එතැන් සිට
- එසේය ගවයන් වර්ගයක් යැයි කියූවත් අශ්වයන්ට සමාන වේ බොහෝ ශක්තිසම්පන්නයෝය. ප්රමාණයෙන්ද ශක්තියෙන්ද බලයෙන්ද සාමාන්ය අහ්වයන්ට වඩා උසස්ය
+ වෙනස කුමක්ද
- ඔවුනගේ නලලත මැද අඟක් පිහිටා ඇත. ඒ ඉතා වටිනා බවකුයි සඳහන්. එය ඉන්ද්රජාල මයා ශක්තියෙන් යුක්ත වූවක්.
+ එසේද
- එසේමැයි. කඟවේන අඟක් සතුව ඇත්තෙකුට කල හැකි මායා බන්ධන සාස්ත්ර බොහෝමයි. එලෙසින්ම එම කගවේනුන්ද ඉතා පිරිසිදු පවිත්රත්වයෙන්ද සත්ය වෙනුවෙන්ම පෙනී සිටින්නන් ගේ සංකේතයක් ලෙසින් හදුන්වනවා.
+ අප වේළුසුමන යන්ට කඟවේනුන් ප්රාතිර්භුත කල නොහැකිද ?
- මා එය නොදනී ඔබ වහන්සේටම එය අසා දැන ගත හැකියි
+ මා හට පවසාවිද ?
- වේළුට පැවසිය හැකි දේ පවසාවි. අවසර නොමැති දැ පැවසිය නොහැකියි
+ හ්ම්.. ථේරපුත්ථාභයනි
- රජුනි ?
+ මේ වන විටත් මා මැණියන්ගේ පුරවරයේ දේවත්වයෙන් අදහන්නාවූ බලගතු විභීෂණයන් ගේ සත්තවයා ලෙසද අශ්වයන් සලකනු ලබනවා නොවේද ?
- එසේයැ. මා පෙර පැවසූ පරිදි අප සූනියම් අප්පච්චි ගේද විභීෂණ දේවයන්ගේද සතත්වයා ලෙස අශ්වයා සලකනු ලබයි. දෙදෙනාම ධවල අශ්වයන්ය. අජානේය අශ්වයනන්ය.
+ විභීෂණයන් නාග ගෝත්රික නෙවේද ඔහුටත් නේත්ර අදුනට අමතරව අශ්වයන් හා සම්බන්ධයකුත් ඇත්ද ?
- රජුනි , නාග ගෝත්රික වන්නේ විභීෂනයන්ගේ මෑණියන්ය. පියා ණන් වහන්සේ අප රාවණ නිරිඳුන්ගේ යක්ෂ පියාණන්මය.
+ හ්ම් එයත් සත්යක් නේවෙන්නෙම්. වේළු අශ්වයන් පාතීර්භුත කරනවා පමණක්ද ?
- නැත රජුනි පෙර පැවසු පරිදි ඔහු පැලද සිටින මුහුනු තුනේ රුද්රාව නිසාවෙන් ඔහු ලබන්නාවූ තුවාල වලින් ඉක්මනින් සුවපත් වෙනවා ඒ නිසාම ඔහු සතත්වය්න් හීලෑ කිරීමට හපනෙක් අශ්වයන් පමණක් නොව අලි ඇතුන් පවා. සතත්ව ලෝකය තුල වෙසෙන බොහොමයක් වර්ගයන් වේළු ට අවනත ව හිස නමනවා. ඔහු ඔවුන් හා අදහස් හුවමාරු කරනවා.
+ ඔහු සතුන් හා කතා කරනවාද ඒ කියන්නෙ
- කතා කිරීමක් සිදුවන්නේ නැ නමුත් අදහස් හුවමාරුවක් වනවා.
+ අහා අප මේ සිදු කරන්නාක් වාගේ මනසින් , සිතින්
- එසේයත ඒ ලෙසින්ම වේළු ට තමාට යටත්ව සිටින ඕනෑම සතෙකුගේ නෙත් හරහා ලෝකය දැකිය හැකියි.
+ ඒ කිමෙක්ද ?
- මෙසේ සිතන්න.. ඔහු රාජාලියෙකු අවනත කරගතහොත් ඉන් පසු අවැසිනම් ඒ රාජාලියා අහසට මුදා හැර ඔහු පියාසර කරන සියළු ඉසව් ඔහු දකින සියළු දෑ තමන්ගේ දෙනෙතින් දකින්නාක් ලෙසින් දැකීමේ හැකියාව, මෙසේද සිතමු අප මෙහි සිට ඔබ මෑණියන්ගේ පුරයට වේළුගේ අශ්වයකු පමණක් පිටත් කලත් ඒ අශ්වයාගේ මුළු ගමනත් එහි ලගා වු පසු එහි සිදුවන්නා වූ සියළු අශ්වයා දකින අසන සියළු දේ දැකීමත් ඇසීමත් මෙහි සිට වේළු සුමනට කල හැකියි.
+ විශ්මයජනක හැකියාවක් එයනම්..
- එසේය .. ඔහු අවනත කර ගන්නා ඕනැම සතත්වයෙකු හරහා ඔහුට ඒ බලය ක්රියාත්මක කල හැකියි.
+ සතත්වයන් යැයි පැවසුවේ මනුශ්යන්ද ඇතුළුවද ?
- නැත මනුශ්යන් හීලෑ කර අවනත කර ගත නොහැක.
+ ඒ ඇයි..
- ඒ බුදු වරයෙකු පමණක් සතු වන පුරිසධම්මසාරථී ගුණයයි. ඒ අපට පිහිටන්නේ නැත
+ එසේනම් ?
- අපට දමනයක් අමනුශ්යන් පේ්ර්තයන් කුම්භාණ්ඩයන් දමනය කල හැක. සුරයන් අසුරයන් රාක්ෂයන් නාගයන් ආදි අනෙකුත් ලෝ තල සතත්වයන් දමනය කල හැක එහෙත් මනුශ්යන් දමනය කල නොැහැක.
+ සැබැවින්ම එය නොවන්නේද ? එහෙත්මලය රටදී පුද්ගලයන් දමනය කරන්නාවූ මායාකරුවකෙු දුටිමි..
- රජුනි ඒ දමනය කරනුයේ පුද්ගලා නොව ඔහු ඇග තුලට ආවේෂ වී සිටින පේරේතයාය, අමනුශ්යාය..
+ හ්ම් .. මනුෂ්යා දමනය කල නොහැකි එකත් හොදයි..
- රජුනි මනුශ්යකු දමනය කිරීම කල හැක්කේ බුදු වරයෙකුට පමණයි. ඒද ඔහුගේ ම සිතුවිලි දමනය කිරීමට සැලැස්වීමෙන්. එහෙත් අපට වශියක් ඉනාවක් අඳුනක් ගුරුකමක් මගින් නම්මා ගත හැක. ඒ වෙනමම ශාස්ත්රයකි
+ එසේද ?
- එසේත් නැතිනම් වෙනත් තලයක සිටිනා වූ ආත්මයක් ගෙන බන්ධනය කල හැක එයින් පසු මනුෂ්යාව පාලනයක කල හැක. මහා භරණ සතු නාග ඇස් වල ශක්තිය ගැන මා නුඹට පැවසුවා මතකැති
+ ඔහ් එසේය නේත්ර අඳුන
- නේත්ර අඳුන එසේය. එමගින් මනුෂයකු බන්ධනයකට යටත් කල හැකිය. එහෙත් ඒ දමනය කිරීමක් නොවේ. වේළුසුමන සතු හැකියාවේ සීමාව සතත්වයන් තුල නතරවන්නේය. කුඩා පක්ෂියෙකු , මූෂිකයෙකු, මණ්ඩුකයන් පමණක් නොව, දියෙහි සිටිනා මසුන්, උරගයන් වැනි සතත්වයන්ද, අලි ඇතුන්, වලසුන් , දිවියන් ආදීන්ද කී නොකී සතත්වයන් දමනය කර යටත් කර ඔවුන් හරහා ලෝකය දැකිය හැකිය.
+ එය යුද්ධයට නම් ඉතා සහයෝගයක් වනු ඇත
- එහෙත් එහි දුර්වල කමක් ඇත..
+ ඒ කිමෙක්ද අභය
- වේළුසුමන වෙනත් සත්තවයකු හරහා ගමන් කරන්නා වූ වට ලෝකය දකිනා විට ඔහු ලඟ අවට ඇති දෑ නොපෙනේ. නොදැනේ. එබැවින් ඔහුගේ සිරුරට හානි වීම වලකා ගත යුතුය. එවේලෙට වේළු ට බාහිර ලෝකය පිළිබඳ දැනීමක් නැත
+ ඔහ් එය එසේද එසේනම් ඔහු යුද්ධයට සෘජුය සම්බන්ධ කර නොගත යුතුයැයි සිතමි..
- නැත බිය නොවන්න රජුනි .. මා සිතනා අයුරින් එසේ සිදුවන්නේ මේ මනුෂ්ය ශරීරය නිසාවෙන්. මේ සිරුර සෑදී ඇති පංචේනද්රයන් හට දැරිය හැකි සීමවන් තිබේ. ඉන් එහාට දරන්නේනම් ඒ ඒ ඓන්ද්රීන් පුහුණු කල යුතුය.
+ පැහැදිලි නැත
- ම්.... මෙසේ සිතන්න උපතේදී පංචේන්ද්රයන් බොහෝ විට සියල්ලන්ගේම එක හා සමාන වේ, එහෙත් වෙහසෙී වැඩ කරන්නාවූ මනුශ්යන්ගේ ශරීරය හැඩිදැඩිව රලුව වෙනස් වේ, ධාවකයන්ගේ සියළුම ශක්තිය ඇත්තේ දෙපා තුලය අනෙකුත් අවයව සියල්ලටම වඩා පාද ශක්තිමත් වන්නේ ඔවුන් ලබන පුහුණුවෙනි ඊට අනුව හදවත මොලය හා ලේ ගමනය සදහාද අවයව වෙනස් වනු ලබයි, ජලයේ පිහිනන්නෙකු, බර ඔසවන්නෙකු , පොත පත කියවන්නෙකු ආදී ඒ ඒ අයුරින් පුහුනු කරවන්නන් ගේ ඒඒ අවයව වෙන වෙනම ශක්තිමත් වෙයි.
+ සැබෑවකි
- ඕනම මනුශයකුට හුරු අතක් හා පාදයක් ඇත. එය අනෙක් අතටත් පාදයටත් වඩා මදක් ශක්තියෙන් වැඩිය, ප්රමාණයෙන් විශාලය..
+ ඒද නම් සෑබෑවකි මා වමතෙහි වූ මුද්දත් වලලත් දකුණතට නොගැලපේ
- එසේය රජුනි මේ මනුශ්ය සිරුර අපට අවශ්ය අයුරට හැඩගැස්විය යුතයි එවටි අපට අවශ්ය අයුරින් මෙහෙය විය හැකිය
+ එය කල හැකිද ?
- සිදු කල හැකිය, ඒ ඒ දෙට අදාල පුහුණුවීම් පුහුණු කිරීම්, ආහාරපාන ආදී දේ සිරුරට සැපයිය යුතුය. එවිට තමාට තම සිරුර දමනය කල හැකියි අවනත කර ගත හැකියි. ඒ නිසාවෙනුයි වෙනත් අයකෙුට ඒ දමනය කල නොහැක්කේ.
+ බුදුවරයකු දමනය කරන්නේ ??
- රජුනි බුදුවරයකු දමනය කරනුයේ ඔබගේ කය නොව ඔබගේ සිතයි. අප දන්නේ කය අවනත කර ගැනීම පමනි. සිත දමනය කිරීම දන්නේ බුදුන්ය. ඒද පෙර කී ආහාර පාන පුහුණු වීම් ආදී කමටහන් ලබා දීමෙනි මිස බලහත්කාරයෙන් නොවේ.
+ ඔහෝ.. සිත දමනයටත් ආහාර පාන පුහුණුවීම් තිබේද ?
- එසේය රජුනි, එසේය දෙආකාරයටම ව්යායාම තිබේ,
එහෙත්,
" කය තැනීමට කය වෙහෙසිය යුතුය... සිත තැනීමට නම් සිත එක්තැන් කොට නිෂ්චල කල යුතය"
-- සිතට ව්යායාමය භාවනාවයි --
------ කුරුළු------
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් අලලා දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
-----------------------------
දසිස් සියල්ල කියවීමට -
http://www.kurulu.lk/category/%E0%B6%AF%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A/


- කුරුළු Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

==== දසිස් 33 =====



( තිස් දෙවන කොටස හා සබැඳි )
+ එසේය... !
- රජුනි ..! කන්ථක ගැන සඳහන් වන්නේ එම ගිහිගෙයින් නික්මීමේදී වුවත් කන්ථක යනු සිදුහත් කුමරා හා සමගම මනු ලොව ඉපැදුනු එතැන් පටන් කුමරා කුඩා කල සිටම කුමරාගේ සුරතලාය. සිදුත් කුමරාගේ අශ්වයාය..!
යුව රජගේ අශ්වයාය.. කුඩා කල සිටම හැදි වැඩුනේ එකටමය... !!
+ එසේය එසේය...
- ඒ තමා වෙනුවෙන් මහා සේවාවක් අවසාන මොහතේදි ඉටු කල තම උපතේ පටන් තමා හා සිටි මිතුරාය... සිදුහත් කුමරා කුමර, වෙසින් සිටියදී අතහරින ලද අවසාන වස්තුව කන්ථක ය.. !!!!
එයින් පසු හෙතෙම තවුස් වෙස් ගති..!!
+ මා කිසිදිනකවත් ඒ නොසිතුවෙමි..! අහෝ කන්ථක ...! නුඹටත් වේලු සුමන නුඹටත් තුති ..!!
—————————————– අද එතැන් සිට
- නුඹටත් සදා ජය රජුනි. ඒ කන්ථක ගැන කතාන්තරය යි. ඒ හැරෙන්න තවත් අශ්ව ලොව බල සම්පන්නයන් සිටිති.
+ ඒකවරහුද
- අශ්වයන් විසින් ඇදගෙන යන්නාවූ දිව්යමය රථ ගැන අසා නැතිද ?
+ ඇතැමක් අසා ඇත්තෙමි
- ඉන්ද්ර විසින් ගමන් කලා ළුූ රථය ඇදගෙන ගියේද විදුලි වේගයෙන් දිව යා හැකි අසුන්ය, සක්ර දේවේන්ද්රයාගේ රථයේද සිටිනුයේ අශ්වයන් ය. ඒ හැරත් සූර්යය දිව්යරාජයා ගේ රථයත් ඇදගෙන යනු ලබන්නේ මහා බල සම්පන්න අශ්වයන් බවයි සදහන.
+ ඒ නම් නාගයන් කුරුලන් මෙන් ම අශ්වයන්ද දෙවියන් සමග සමීපයෙන් වාසය කරන්නාවු බවද ?
- එසේය බොහෝ දේව තල වල සිටින දෙවිවරු සමග අශ්වයන්ගේ කුලය බැඳී බවතී. බුදු දහමින් වසර පන්සියයකට පමණ පසු බිහි වු කිතුනු නම් දහමේ ද අසරුවන් සතර දෙනෙකු ගැන විස්තරයක් වෙයි. සුදු, රතු, කලු සහ අලු පැහැ අශ්වයන් පිට පිටයන සිවු දෙනා විජයග්රහනය, යුද්ධය, දුර්භික්ෂය / අහේනිය සහ මරණය සංකේතවත් කරනව බවයි සදහන්
+ හ්ම් එසේද
- ඒ හැරත් අප රාවණ නිරිඳුන්ගේ මලනු විභීෂණ දේවා රාජයානන් වහන්සේ රථයද තුරඟෙකි. ඔහුද මහා බල සම්පන්නයෙකි.
ඒ හැර ගම්භාර මුත්තා, අප්පච්චි, කබලෑ මුත්තා, කබලෑ දෙවියෝ ආදී විවිධ නම්වලින් ආමන්ත්රණය කරන්නා වූද "සත් ජන්ම" නමින්ද හැඳින්වෙන දෙමළ ඔඩ්ඩිස (බද්ධකාර යක්‌ෂණියගේ කුසින් උපත ලැබීය ,ගරුඬ ඔඩ්ඩිස (ගරුඬ ලොව ගිරිකණ්‌ඨ යක්ෂණියගේ කුසින් උපත ලැබීය), නාග ඔඩ්ඩිස (මහ කෙළ නාගරාජයා හැරි විෂ ධූමයෙන් උපත ලැබීය) , ගොපළු ඔඩ්ඩිස (වජ්රපානි ගොපළු යක්ෂණියගේ කුසින් උපත ලැබීය) ,වෙළෙඳ ඔඩ්ඩිස (උතුරුකුරු දිවයිනේ හනුමන්ති නම් යක්ෂ කුමාරිකාවගේ කුසින් උපත ලැබීය) , සොහොන් ඔඩ්ඩිස (ආයුපාල බිසවගේ සොහොන් ගැබෙන් උපත ලැබීය) , රාජ ඔඩ්ඩිස (වඩිග රජුට දාව කුසාරි නම් බිසවගේ කුසින් උපත ලැබීය) උපත් සතක් ගැන සදහන් වන්නා වූද
පුර පක්ෂයේදී දෙවියකු ලෙසත් අව පක්ෂයේදී යක්ෂයකු ලෙසත් ගමින් ගම දොරින් දොර සංචාරය කරමින් අසරණ ජනී ජනයාගේ දුක-සැප, නඩු - අවනඩු සොයාබලා ඒ සඳහා නිසි විසඳුම් ලබාදී සිත් සතන් සැපවත් කිරීමේ මාහැඟි බලයක්‌ ඇත්තාවූ ද ලකෙහි පිනට උපන් ගම්බාර දේවතාවුන වහනසෙගේ වාහනය වන්නේද ධවල අශ්වයෙකි.... !
+ වශවත දේවතාවුන් වහන්සේද
-එසේයැ...මෙතුවටත් මතුවටත් උන් වහන්සේ වෙනුවෙන් ලකෙහි සැබෑ යක් හෙලයන්ගේ නිවෙස් ඉදිරිපට පහන් පැලක් දැල් වෙනු ඇත. එසේ ලක තුල දැල්වෙන්නා වූ පහන් ආලෝකය මතින් යදින්නා හෙලයන්ගේ වූ සියලු අණ වින කොඩි වින දෝස බන්ධන මැවුම් පැන්නම් ආදි සියලු දෝස දුක් නසාලීමට සුදෝ සුදු අශ්වයකු මතින් මේ ලකෙහි සැරි සරන්නේය. එය අදටත් මතුවටත් එකලෙසින්ම සිදු වන්නේය...
+ විශේෂයක් ඇයිද ?
- හෙල යකුන්ට ලබැදිම යක්ෂයාය, නිති වැදුම් පිදුම් ලබන්නේමය...
+ සාධු සාධූ සාධූ.. මේ අනුව නම් අශ්වයන්ද ඉතා බල සම්පන්නයෝ යැයි සිතමි..
- එසේය. ධනු ලග්න රාශිය ගැන අසා ඇති
+ එසේය
- එය සංකේත වත් කරන්නේද දුන්නක් අතින් ගත් අර්ධ තුරග අර්ධ මනුෂ්ය සංකේතයකි.
+ එසේය සංකේතය දැක ඇත්තෙමි..
- එවැනි සංකේතයක් එයට යොදා ගත්තේ යැයි නිකමවත් සිතුවේද රජුනි..
+ නැත
- අනෙකුත් රාශීන් ගැන කෙසේද ?
+ මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ. කන්යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යන දොලසයි.
- නිවැරදිය ඒ ඒ රාශීන් වල සංකේත කෙසේද ?
+ ඒවා එළුවකු, ගවයෙකු, මිනිසුන් දෙදෙනෙකු, කකුළුවකු, සිංහයකු, ස්ත්රියක, තුලාවක්, ගෝනුස්සකු, මකරෙකු , කලයක, මාලුවකු ලෙසින් නිරුපණය වේ
- හොදයි එතැනින් ඔබ දැක නැති සංකේත කුමක්ද
+ මා දැක නැත්තේ ධනු රාශි නියෝජනය කරන පෙර කී අර්ධ තුරඟ අර්ධ මනුශ්ය සතත්වයාත් , මකරාත් පමණි
- හහ් හහ් හහ් රජුනි අප ලකට මදක් ඊසාන දිසාවට වන්නට ඇති රාජධානිය මකරුන්ගේ රාජධානියයි. මෙ ලොව තුල සූර්ය වන්දනාව හා අග්නි වන්දනාවේ තවත් එක් ජන ශිෂ්ටාචාරයකි. අප සිංහයන් සේම බලවත් පිරිසකි. අප සේම දැනුමින්ද විද්යාවන්ගෙන්ද පරිපූර්නයන්ය. අතීතයේ වඩා බලම්පන්න රාජධානිය අපද ඔවුන්දැයි සිතා ගත නොහැකි තරමින්ම මකර රාජධානිය නැගි සිටියහ. අද අප කෙමින් වියැකෙමින් ය්නනෙමි එහෙත් තව වසර දෙදහසක් පමණ ගිය කල්හි අප මේ ලක වැනුසුනද ඒ මකරුන්ගේ රාජධානිය ලොවම නතු කර ගනු ඇත.
+ අහෝ අප කුමක් හෝ කල යුතුය..
- එසේය.. ඒ මකර රාජධානිය තුල මකරුන් සුලබය ඔවුන් මත්යාවක් නොවේ රජුනි
+ එසේනම් ධනු රාශීය..?
- එයද මිත්යාවක් නොවේ ඇත අතීතයේ ග්රීක නම් ශිෂ්ටාරය තුල සෙන්ටෝ නැත්නම් සෙන්ටොරස් නමින් අර්ධ තුරග අර්ධ මනුෂ්ය සතත්ව කොට්ඨාශයක් ජීවත් වු බව සදහන්ය ඔවුන් දේව කොටසකටද අයිති වූවන්ය. පසුව ග්රීක ශිෂ්ටාචාරය තුල පමණක් නොව ලොව පුරා විසිරුණු බවත් සදහන්ය එපමණක් නොව මොවුන් සැබැ රණ කාමීන්ය අතිශය ප්රභල කාය බල ශක්තියකින් හෙබි වූවන්ය. ඉදින් ඒ ද මත්යාවක් නොව මේ මනු ලොව පැවතී නැති වී ගිය කොටස්ය..
+ එසේ බලන කල එක් එක් අයුරින් අශ්වයන්ද මේ ලොව හා නොසෑහෙන්න බැඳි පවතින බවක් පෙනේ
- රජුනි අප සියල්ල සතත්වයන්ය. අප සියල්ලන්ම බැඳී පවතින්නෙමු. ඒ හැර ඒ අමතක කර දමා සිටිය නොහැක ඔබ වහන්සේ මේ සියල්ල හා මුහු විය යුතුය.. සියල්ල පිලිගත යුතුය...
+ එසේය එය මමද තීරණය කර අවසන්ය.. හොදමයි මෙයින බලගතුම අශ්වයා කවුරුන්ද ?
- ඒ හෙතෙම මේ යැයි පැවසුව නොහැක්කකි. සෛන්ධවයින්ද? ආජානේය යන්ද ඉතා වටිනේයයි පවසමි. එහෙත් මහා දුර්ලභ ය්න වර්ගයක් සිටිති. මේ වන විට නම් ඔවුන් දකින්ට නොමැත එහෙත් මේ අශ්වන් අතර කුලයන්ගේන්ද උස් පහත් කමක් ඔවුන් අතර ඇත..
+ එ කුමක්ද ?
- ඒ කලු අශ්වයාට වෙනමම තලයකි, සුදෝ සුදු ධවල අශ්වයාට වෙනනම තැනකි.. අනෙකුත් අශ්වයන්ගෙන් ඔවුනට ප්රධාන තැනක් හිිමිවේ එයිනුත් එය පදවන්නා අනුවද බලය බෙදි යයි..
+ වඳ වුවෝ කවරුන්ද ?
- කඟ වේනුන් පිළිබඳ අසා ඇත්ද ???
+ කඟවේනුන් ??
---------------සෙස්ස පස්සට
-- කුරුළු ---

==== දසිස් 32 =====



( තිස් එක්වන කොටස හා සබැඳි )
කාල ගිරි ලෙස දැන් හදුන්වන පසු කලක කොත්මලය ලෙසින්ද හදුන්වන මලය දේශයේ එකකි. පසු කාලින ගුරුළුපොත, වේරගංතොට, තොටුපොල කන්ද සහ උස්සන්ගොඩ හා අනෙක වාතයෙන් ගමන්ගන්නා රථ නැවතුම තේරුම දෙන්නාවූ වා රිය පොල යි.
+ ඔහ් වාරිය පොල…. මේ එසේ මෙසේ තාක්ෂනයක් නොවේ අභය. මේ තිබේ නම් කුජ වෙත ලඟා වීම එක ක්ෂණයකින් කල හැකි නෙවේද ?
එසේය ඊට ඇසිල්ලකුත් ඇතිය. විමාන ගැන එපමණක් ඇතිය.
+ හහ් හ්හ එසේනම් වේළුසුමන ගැන පවසව…..
—————————————– අද එතැන් සිට
- වේළු පිළිබඳව සවිස්තරව පැවසීම පසුවට තබා ගන්නම්. මක් නිසාද රජු මේ අප කිසිවෙකුත් ගැන සවිතරව පැවසීමට කාලය නොවන බැවිනි. මා මේ වනවටිත් නොසැහෙන විස්තරයක් ඔබට ඉදිරිපත් කර ඇත්තමෙි. එහෙත් මා කල යුතුව තිබුනේ මේ කතාව දීර්ථ කොට නොගෙන අප දස දෙනා පිලිබදව ලඝුකොට හදුන්වා දීමය.
+ එසේ නොකරව ... මා නුඹ දස දෙනාට කවදත් ලබැදිය
- එසේමය රජුනි ඔබවහන්සේගේ පෙරැත්තය නිසාම මෙතෙක් විස්තර පැවසීමි. එහතේ මහා විස්තරයක් නොව අප දස දෙනා ගැනත් බලයන් ගැනත් යම් යම් කරුනු මාත්රාවක් ලෙසි්න පවසන්නෙමි. සවිස්තරව පසුව ඔබට දත හැකිය.
+ හොදමයි අද රාත්රිය එලි වීමට ප්රථම ඒ දැන ගත හැකිද ?
- හහ් හහ් හ් හහ් හැිය මා නුඹට ඒ පවසන්නෙමි. නමුත් ඊට පසු අප යා යුතු තැන් වැදිය යුතු තැන් සිදු කල යුතු කාර්යය යන් කිහිපයක්ම ඇත ඒ සිදු කරනාතුර මා සිවිස්තර විස්තරය ඔබ වහන්සේට පවසන්නම් . ඒ හැරත් ඔබ අදින් පසු අප සමග සිටිනා විට නිතැතින්ම දැන ගැනීමට හරකි වේවි.
+ හොදයි නුමට පින්...
- වේලු දරන්නේ රතු කැටයයි නැතින්ම් රතු කොරල් මාණික්යයි.. එහි සංකේතය වන්නේ යුධයට අධිපති කුජ ග්රහයාගේ වීර්රත්වයයි.
+ දැක ඇත්තෙමි වෙලු සතුව අගනා දිලිසෙන රතු පැහැති ගල් ඇමිණු අත් පළදනාවකි. කිහිප විටක්ම මා ඒ පිලිබදව විමසුවත් ඒ මා අතට දීම හේ මගහැරියේය.
- එසේය ඒ ඔහු තමාසතු බලගතුම මානික්යය තවත් රතු කැට සමග අමුනා අතෙහි පැලද සිටින නිසාවෙනි ඒ අතින් ඉවත් කිරීම අන්සතු කිරීම කල නොහැක්කකි.
+ ඉන් වීර්යයයත්වය ලැබේනනෙද ?
- එපමණක් නොව රජුනි වේලු පිළිබදව අතීත කතාව ඔබ වහන්සේ අසා ඇතැයි සිතමි ... ! ලෙස ඔහු තබාගත්තේ
+ අශ්වයන් හා බැදි කතාන්තරයද ? ඒඔහුගේ දස්කම් නිසාවෙන්මයි මාගේ අහ්වාරෝහක සේනාවේ අණ දෙන්නා
- එසේය... ඔවු අහ්වයන් හික්මවීමේ පලමුවැන්නාය, මේ වන විට මනු ලොව ජීවත් වන්නාවූ වේගවත්ම අසරුවාය.
+ එසේනම් ඔහු නාග ලෝකය , කුරුලු ලෝකය මෙන් ම වේලු තුරඟ ලෝකය හා බැඳී සිටීත්ද ?
- අශ්ව යැයි ලෝ තලයක් නැත . එහෙත් ඔහු අශ්වයන් හා බැඳී සිටින්නේය. මහා බල සම්ප්න තුරඟන් ප්රාතීර්භූත කිරීමේ හැකියාව සතුවන්නේය.
+ හ්ම්.. එහෙත් ඔබ පැවසීමට ගියේ එය නොවේයැයි සිතමි..
- අහ් එසේය ඒ ඔහුසතු රතු කැටය ගැනය.. ඔහු අසුන් පමණක් නොව ඕනැම සතෙකු හීලැ කිරීමෙහි සමතෙකි. ඒ සදහා නොබියව ඉදිරිපත්වන්නෝමය. එහිදී සිතුවන තුවාල කැලැල් ගැන ඔහුගේ පසුතැවීමක් නැත බියක් නැත..
+ ඒ කිම..
- ඒ ඔහු දරන්නාවූ රතු කැටයේ ඇති සුව කිරීමේ බලයයි.. ඔහු ඒ අත දරනා තාක් කිසිදු ඖෂධයකින් තොරව ඕනෑම අසනීපයක් / තුවාලයක් / කැලලක් සුවපත් වේ. අසරුවන් හික්මවීමේ ආරම්භයද එසේවිය.අජනීය නම් මහා වටනා සෛන්ධව කුලයේ තුරඟෙකු මෙල්ල කර ගැනීම පිලිබදව ඔබ අසා ඇති එහිදී සතත්වයා මෙල්ල කර හීලැ කර ගත්තද වේලු ශරීර ප්රමාණයෙන් නොසෑහෙන තුවාල ලැබීය. එහෙත් එක් දිනක් පමණක් නිදා සිටීමේන් ඒ සියල්ල සුව වී ගියෙන් ඔහු තමා සතු බලය හදුනා ගත්තෙහිය.
+ එසේද
- ආං එකලය මා ඔහු මුණ ගැසුනේ ...
+ ඔබ මීට පෙර ඔහුව මුණ ගැසී තිබෙනවා එසේනම්.
- එසේය රජුනි මේ යෝධයන් නව දෙනාම ඇතැම් අවස්ථා වල මා මුන ගැසී තිබෙනවා ඒ ඔබ වහන්සේගේ සේවයට බඳවා ගැනීමටත් ප්රථමයෙන් . ඇතැමුන් උපතේදීත් මා එතැන සිටියා.
+ විශ්මයජනකයි
- වේලු සතු ඒ සුව වීමේ හා සුව කිරීමේ ගුණය ගැන මා කිසිවෙකුටත් නොකියන ලෙසත් රහසක්ව පවත්වා ගන්නා ලෙසත් උඵදෙස් දුන්නා එ ්නිසාවෙන්මයි ඒ ඔබ වහන්සේටවත් දැන ගත නොහැකි වූයේ..
+ එක්තරා අතකට එය ඉතා නැනවත් උපදෙසක්. නැතිනම් ඒ බලය ලබාගැනීමටත් වෙනත් අය ඉදිරිපත් වෙනවා ඇති.
- හහ් හහ් හහ් ඔබ එසේ සිතනවාද ? වේලුගෙන් එය බලහත් කාරයෙන් ලබාගත හැකියැයි සිතා ? ඒ ලබා ගත්තත් එය දැරිය හැකියි සිතා.. හහ් හ්හ් හහ් .. අප මේ විස්තර කරනුයේ විශ්වයේ පවතින මහා බල සම්පන්න ශක්තීන් ගැනයි රජුනි ඒවා දැරිය හැකි එක් අයකු පමණයි එක යුගයකට පහල වන්නේ මේ යුගයේ මේ රතු කැටය දරන්නේ වේලු සුමන යි. !
+ හ්ම්.. යුද්ධයට අදිපති රතු කැටයේම සුව වීමේ බලයත් ගැබවී ඇති අයුරු.. එය නම් වීර්රත්වයටම කියාපු බලයක්...!
- එහෙත් අප දස බලයන් එය භාවිතා කරනුයේ යුද්ධයටම නොව විර්රත්වයටම නොව මනු ලෝ වැස්සන්ගේ සෙත උදෙසාය. යුද්ධය හා වීර්යයත්වය ගැන පවසන්නේනනම් එයට රතු කැටයම පමණක් නොව ගෙලෙහි පැලදි මුහුණු තුනක රුද්රාවද ඒ බලපවත්නා අග්නි නම් දෙවියාද මූලික වන්නේමය.
+ අශ්වයන් ගැන කෙසේද ? ඒ කුලය කුමක්ද ?
- රජුනි ඈත ඉතිහාසයේ පටන් විවිධ අවස්ථාවල බල සම්පන්න තුරඟයන් මෙලොව පහල වි ඇත. අනෙකුත් රාජධානි වල කතාන්තර පසෙකින් තබා අදටත් මේ ලක තුල සැරි සරණ බලගතුම අශ්ව කුල අශ්වයන් ඇත.
+ ඒ කවුරුන්ද ?
- රජුනි වේලුට අහ්වන් ප්රාතිර්බුත කිරීමට හැකියාව ඇත්තා මෙන්ම අශ්ව වෙස් ගැනීමේ හැකියාවද පවතී...
+ කුවේණිය වාගේද ??
- නිසැකයෙන්ම.. ඔය ඒ ශක්තිය ගැන අසා තිබීම මට සතුටක්.. කුවේණියත් එක් තරා ඒඅහ්වය කුලය හා බැඳි යකින්නක්..
+ ඉතින් වේලු අශ්ව වෙස් ගත්තේ කුමනාවස්ථාවේද ?
- මා රජුනි මා ඔබට පැවසූ බුද්ධත්වය කරා යන ගමනේ සිදුහත් තවුසානන් අප රැකි අයුරු සිහි ගන්වමි. එකල කන්ථක නම් අජානේය අශ්වයා ලෙස සිදුහත් කුමරා සමගින්ම උපත ලදුයේ මේ වේලු සුමනයි.. රාවණ ශක්තියයි. මහා අභිනිෂ්ක්රමණයේදී සිදුහත් කුමරාණනන්ට ඒ සඳහා ශක්තිය සැපයීම ඔහුගේ කාර්යයි..
" ‘මම උතුම් බුදුබවට පැමිණ ලොකයා එතර කරවන්නෙමි, යහළුව, තෙපි මා මේ ගගෙන් එතෙර කරව යිකීයේය. " ඒ අභිෂේකයෙන් එක පිම්මට එහා ඉවුරට පිනූ කන්ථක යාණන් කසා වත් පෙරවා තමා අතහැර යන සිදුහත් තවුසානන් දැක වැල්ලෙහි වූ ඔහු පා සටහනක් මත හිස තමා ළය පැළී මිය ගියේය. එතනින් වේලු ගේ සේවාව එම භවයට නිමා විය... !
+ ඇදහිය නොහැකියි අභය ඇදහිය නොහකියි. කන්ථක එතරම් වටනේ යැයි නොසිතුවෙමි .. ලය පැලී මිය ගිය බව පමණක් අසා කම්පා වුයෙමි.. සැබැවින්ම එතරම් දුරක් පිනිය හැකි වන්නේ කෙසේද ?
- පියාපත් සහිත අශ්වයන් දැක නැතිද රජුනි..
+ රූප වලින් , කතාන්තරවලින් පමණකි... !
- හ්ම්.. එපමණක් ඇතිය... සිදුහත් කුමරැන් කුමර වෙසින් සියල්ල අත හැර දමමින් මමත්වය දුරු කිරීම පිණිස තවුස් වෙස් ගති. ඒ අනෝමා ගංතෙරදීය..
+ එසේය... !
- රජුනි ..! කන්ථක ගැන සඳහන් වන්නේ එම ගිහිගෙයින් නික්මීමේදී වුවත් කන්ථක යනු සිදුහත් කුමරා හා සමගම මනු ලොව ඉපැදුනු එතැන් පටන් කුමරා කුඩා කල සිටම කුමරාගේ සුරතලාය. සිදුත් කුමරාගේ අශ්වයාය..!
යුව රජගේ අශ්වයාය.. කුඩා කල සිටම හැදි වැඩුනේ එකටමය... !!
+ එසේය එසේය...
- ඒ තමා වෙනුවෙන් මහා සේවාවක් අවසාන මොහතේදි ඉටු කල තම උපතේ පටන් තමා හා සිටි මිතුරාය... සිදුහත් කුමරා කුමර, වෙසින් සිටියදී අතහරින ලද අවසාන වස්තුව කන්ථක ය.. !!!!
එයින් පසු හෙතෙම තවුස් වෙස් ගති..!!
+ මා කිසිදිනකවත් ඒ නොසිතුවෙමි..! අහෝ කන්ථක ...! නුඹටත් වේලු සුමන නුඹටත් තුති ..!!
-------------------------- සෙස්ස පස්සට
-- කුරුළු ---
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් අලලා දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )