Saturday, February 9, 2019

==== දසිස් 31 ===== .



( තිස් වන කොටස හා සබැඳි )
+ නුඹ නිවැරදිය.. අභය මම නුඹට ප්‍රතිඥාදෙමි.. !
" එළාර රජු දැන් වයස් ගතය, යුද්ධයේදී මා අතින් ඔහු මිය නොගියහොත් , මා පියාණන් සේම සළකා ඉතිරි කාලය කිසිදු අඩුවක් නොකරම රැකබලාගමි., එහෙත් මියගියහොත් ,
ඔහුගේ සිරුර රාජකීයත්වයෙන් සලකා මේ භූමියේම මිහිදන් කර මාද හිස නමා වැද ගෞරව කර ලැබිය යුතු සියල්ලන්ගේම ගෞරවයද ලබාදෙන්නෙමි.
- රජුනි ..! වන්නක්ම වේවා ..! ඔබ ශ්‍රේෂ්ට රජෙකි. ඔබ ගැන මේ ලක තුල සදා ලියවෙනු කියවෙනු ඇත. ඕනෑම රජෙකුට මහත් වැර වැයමින් , විය හියදමින්, කූට උපක්‍රමයකින්, යන්ත්‍ර මන්ත්‍රයෙන්, ආයුධයෙන් -
"මේ ලකෙහි යුද්ධයක් දිනිය හැක ..! එහෙත් වඩා වැදගත්වන්නේ ලකෙහි සාමය දිනීමයි ...!!!"
—————————————– අද එතැන් සිට
+ දිනමි මම යුද්ධයද දිනමි සාමයද දිනමි. ඔබ දස දෙනා මා හට ඒ අවස්තා දේකේදීම මග පෙන්විය යුතුමය
- එය අප දස දෙනාගේ කාර්යය යයි රජුනි.
+ හොඳමයි අභය ඔබ පවසමින් සිටියේ රුද්‍රාවන් ගැන හා ඒවයේ අසීමිත බලයන් ගැනයි. තෙවැනි රුද්‍රාව ගැන කෙසේද ?
- මුහුණු තුනක් ඇති රුද්‍රාවේ භාර කරු වේලු සුමන යන්ය. ඔහු ගැන රසවත් කතා ගොන්නක් ඇත. රුද්‍රක්ෂයේ ශක්තිය ගැන පවසන්නේ නම් ඒ පාලනය කුජ ග්‍රහයා සතුය වේ. එනම් යුද්ධයට අධිපති ය. රතු පැහැතිය. පෙර මෙන්ම ස්වාභාවික රේඛා තුනක් මතුපිටට ඇත. ත්‍රිමූර්තිය මූලික වේ බ්‍රහ්ම විශ්ණු ඊෂ්වර ආශිර්වාදය නිබඳවම ලබන්නේය . දෙවුලොව මනු ලොව අපාලොව එමෙ මුල මැද අග නැතිනම් අතීතය වර්තමානය අනාගතය හෙවත් තුන් කල් දැකීම මෙම රුද්‍රාව ලබන්නාට හිමිවෙයි. ඉර හද තාරකා වල ඇති රහස් දැනුම ලැබෙයි.
ඉපදීම පැවතීම නැතිවීම වැනි ධර්මතා පිලිබඳ අවබෝදයද ඒ දේශනා කිරීමේ හැකියාවද ලබයි. කිසිදු ආයුධයකින් හෝගින්නෙන් නොහැකි යැයි කියනු ලැබේ.
ගින්නෙන් නැසිය නොහැකි විමටද හේතුවක් ඇත
+ කුමක්ද ?
- මෙම රුද්‍රාවහි පාලක දේවත්වය යනු අග්නි (ගිනි) විසිනි. කුජ ග්‍රහයා ලෝහිත වර්ණයෙන් සිටම මේ අග්නි හේතුවක් විය හැකිය. කුජ යනු අප පෘතිවිගෝලයට ආසන්නම අනෙක් ග්‍රහයාය. ඒ හා විශාල බැඳීමක් අප පෘතිවි ගෝලය හා බැඳී පවතී. විශේෂයෙන්ම රාවණයන් හා .
+ අහා කදිමයි
- කුජ හෙවත් යුද්ධයට අධිපති රක්ත වර්ණ ග්‍රහයා තුල රාවණයන් ගේ මහා බලගතු ආයුධ ගබඩාව ඇතැයි විශ්වාස කරනු ලබයි.
+ එය එසේමද ?
- මෙ ඒ පිළිබදව පැවසීමට කාලය නෙවේ රජුනි. අනෙක් අතට රාවණයන්ගේ බලගතු ආයුධ යනු සාමාන්‍ය කෙනෙකුට දැරිය නොහැකි ආයුධයි. බාගදා දෙවියන්ගේ ආයුධ විය හැකිය. මනු ලොවට කරදරයක් විය හැකි සියලු දැ රාවනයන් මින් ඉවත් කර තැබීය.
+ හොදයි එසේනම් රාවණයන් කුජ වෙත ගමන් කලේ කෙසේද ?
- පුෂ්පක විමානය ගැන අසා ඇති ඒ එක විමානයකි .
+ පුෂ්පක විමානය ගැනත් වෛමානික ශ‍්‍රාස්ත්‍ර නම් ග්‍රන්ථයක් ගැනත්අ සා ඇත්තෙමි. දැනුමක් නැත
- විමාන යන් යනු අහසින් ගමන් කරන්නාවූ යන්ත්‍රයන්ය. ඒ පිළිබඳ ඉතිහාසය රාවණ යුගයටත් එහා දිවෙයි.
+ එසේනම් සියල්ල තබා ඒ ගැන පවසන්න. පුෂ්පක විමානය හැර තවත් විමාන තිබුනේද ?
- හහ් හහ් හහ් රජුනි මා ඒ කෙටියෙන් පවසන්නෙමි.
මහා රිශි බාරද්වාජ හින්දු ශිෂ්ඨාචාරයේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි.
ප‍්‍රථමයෙන් භාරද්වාජ් සෘෂි විසින් අශෝක රජු සමයේ රචිත ග‍්‍රන්ථයක් ලෙස සලකන වෛමානික ශ‍්‍රාස්ත්‍ර ග‍්‍රන්ථය පන්ඩිත සුබර්යා ශ‍්‍රාස්ත‍්‍රී විසින් අධිමානසින් පනිවුඩ හුවමාරු කර ලබාගත් බවට සඳහන් වේ. එහෙත් රජුනි අශෝක රජු සමයේ ලියවුන ග්‍රන්ථ ගැන සදහනක් කලා මතකැති
+ එසේය ඒ ඔබ නව දෙනා නෙවේද ? රාවණ විද්‍යා දැනුම එක් රුස් කල " නම නොදත් නව දෙනා " ?
- එය එසේයි. හොදයි ඒ එසේ නම් රාවණ යුගයේ පැවති මේ වෛමාන ගැන තොරතුරු එක් ලැස් කරන ලද්දේ කවරුන්දැයි නුඹ සිතන්නේද ?
+ වේළු සුමනද ඒ භාරව සිටියේ ..!
- නැත ඒ මහා සෝන ය ඒ ග්‍රන්ථය සය වැනි ග්‍රන්ථයියි එහි ඇත්තේ වෛමානික ශාස්ත්රි හෙවත් ගුවනින් ගමන් ගන්නා යානා පිළිබද විදයාවන් ද මේ පොලෝ තලය වෙතට අප ඇදී සිටින්නාවූ විද්‍යාව හෙවත් ගුරුත්ව ආකර්ෂන නියමය පිලිබදව සැකසී තිබුනි.
+ අහා දැන් මතකයි ඒ නම් මහා සෝන ඒ ගැන සියලු දැනුම දන්නා කෙනෙක් .
- එසේය මහාසෝන ගැන පසුවට කියන්නම්.
+ හොඳමයි
- රජුනි වෛමාන ප්‍රධාන වශයෙන් කොටස් සතරකි .
පලමුවැන්න ශකුණ විමාන යි.
කුරුල්ලකුගේ හැඩය ඇති මෙම යානය වේගයෙන් යන විට තටු හැකිලිමද සෙමින් යන විට තටු දිග හැරීමද සිදු කරයි. එමගින් යානයේ ක‍්‍රියාකාරීත්වය ඉතාම ඉහල කර්්‍යක්ෂම තාවයක තබාගත හැක.


දෙවැන්න සුන්දර විමාන - වෘත්තාකාර හැඩයෙන් යුතු විමානය එය බොහෝ විට භ්‍රමණය වෙමින් ගමන් කරයි
තෙවැන්න
ත‍්‍රිපුර විමාන - තට්ටු තුනකි කින් යුක්ත විමාන මෙහි පහල කොටස රෝද විස්සකින් සමන්විත අතර, දෙවන කොටස වතුරේ හෝ වතුර යටින් කිමිදීමට හැකිය. උඩ කොටස අහසේ පියාසර කල හැකිය.


සිවුවැන්න රුක්ම විමානය - කේතු හැඩයෙන් නැතිනම් ඊයක හිසක්/ කැස්බැවෙකුගේ ඉදිබුවකෙුගේ කට්ටක අයුරින් නිර්මිත යි


මේ හැර විමාන ය පදවන නියමුවන් රථාචාර්ය නමින් හදුන්වූවා. විමානයක් අහසට නැංවීමට නම් මේ රථාචාර්ය වරයෙකු ක්‍රියාවලින් තිස් දෙකක් දැන සිටිය යුත වෙනවා. විමානයක් නිර්මාණය කරනායුරු, විමාන්‍යක් අදෘශ්‍යමාන කරනායුරු තවත් විමානයක් විනාශකරන අයුරු ආදි ක්‍රමයි.


මේ හැර
කලියුගය වන විට ත්රිටක කාණ්ඩයට අයත් විමාන වර්ග විසිපහක් ගැන සඳහනක් තිබෙනවා
සකුණා,නන්දක,සුන්දර ,කුමද,රැක්ම,මන්දර,මණ්ඩල,හම්ස,වක්‍රතුන්ද, ශුකාබදද්රක,සොටියක,රුචක,කොවුන්චක,විරාජක,පද්මක,බස්කාර, සිමිහික,අජාවර්ථ,පංචබන,පෞෂ්කාල,ඔවිරියායන,විරන්චික,කොඩන්ඩ
නමිනුයි ඒ.
රේඛාපත්ත ප්‍රදේශය තුල ගුවන් මාර්ග 70,300,800ක්
මන්ඩල ප්‍රදේශය තුල ගුවන් මාර්ග 200,800,200ක්, කක්ෂ ප්‍රදේශය තුල 20,900,300ක්, ශක්ති ප්‍රදේශය තුල මාර්ග 1,001,300ක් සහ කේන්ද්‍ර ප්‍රදේශය තුල ගුවන් මාර්ග 3,008,200ක් පවතින බවට සදහන්.
අතීථයේ සදහන් ආකාරයට මේ ගුවන් ප්‍රදේශ පහ තුල වෙනත් ලෝක වලට යා හැකි ගුවන්මාගර්ත් 519,800 ක් තිබිලා තියෙනවා. ඒ ලෝක නම්, භූමලෝක, භූවර්මලෝක, සූවර්ලෝොක, මහෝලෝක, ජනෝලෝක,තපෝ ලෝක,සතයමලෝක නම් සතයි.


+ මා සිතුවාටත් වඩා පුළුල්ය
- එසේය රජුනි ඒ නිසායි මා කෙටියෙන් පවසන්නම් කියුයේ . මේ ද බිඳක් පමණයි මේසාදා ගන්නා ආකාරය පවා විස්තර කරනට හැකිය. ඒ දැනුම මහාසෝන යන් සතුය.
+ ඒසේනම් ඔබ පවසන්නේ මේ සියල්ල රාවණ යුගයේදි සිදු කල බවද ?
- එසේය රාවණයන්ගේ පුත් මේඝ නාද විසින් මෙහෙය වනු ලැබූ අහසින් යුධයට ගිය සේනාවක්ද සිටියහ . ඒ මහා බ්‍රහ්මයන් විසින් මේඝ නාද කුමරුන්ට සහස්ඝ්රති" නම් විමානය ලබා දීමෙන් අනතුරුවය. එහි සිටියදී ඔහුව කිසිවෙකුටත් නසා ලිය නොහැක.
+ ෂාහ්.. අගනේය අපටත් එවැනි සේනාවක් සාදා ගත හැකිනම් .
- අවශ්‍ය වුවහොත් එය සාදන්නෙමු. නමුත් දැනට ඒ අපට අවශ්‍ය නොවේ.
රජුනි අපට ඒ යානා නවත්තන තොටුපලවල්ද තිබුනි
+ ඒ කොහේද ?
- කාල ගිරි ලෙස දැන් හදුන්වන පසු කලක කොත්මලය ලෙසින්ද හදුන්වන මලය දේශයේ එකකි. පසු කාලින ගුරුළුපොත, වේරගංතොට, තොටුපොල කන්ද සහ උස්සන්ගොඩ හා අනෙක වාතයෙන් ගමන්ගන්නා රථ නැවතුම තේරුම දෙන්නාවූ " වා රිය පොල " යි.
+ ඔහ් වාරිය පොල.... මේ එසේ මෙසේ තාක්ෂනයක් නොවේ අභය. මේ තිබේ නම් කුජ වෙත ලඟා වීම එක ක්ෂණයකින් කල හැකි නෙවේද ?
- එසේය ඊට ඇසිල්ලකුත් ඇතිය. විමාන ගැන එපමණක් ඇතිය.
+ හහ් හ්හ එසේනම් වේළුසුමන ගැන පවසව.....
--------------------------------------සෙස්ස පස්සට
---------- කුරුළු --------------
( වෛමානික ශාස්ත්‍ර ගැන විස්තර අන්ත්ජාලයෙනි )
" දසිස් " බුද්ධිමය දේපල නීතියේ ප්‍රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.

==== දසිස් 30 =====



.
( විසිනව වන කොටස හා සබැඳි )
+ ආශ්චර්යයකි අපගේ ඵුස්ස දේව..
- එසේය . එපමණක් නොව ඒ ඒ ඊතල සතුව ඒ ඒ බලයන් ගැබ්ව ඇත. සැබෑව නම් ඒ බලය රැදී ඇත්තේ ඊතල පිටුපස ඇති කුරුලු පිහාටු වලය. දුන්නෙන් මිදන ඊතල වළලක ආකාරයට වුවද වක්‍රව ගමන් කරවීමට, ඉලක්කය එකක් නොව දහසක් හඹා යෑමට, ඉලක්කය දක්වා නොපෙනි ගමන් කිරීමට, දුන්නේන් එක් හීයක් මිදුනත් එය දහසක් හී බවට පත් වීම ආදී බොහොමයක් සිදු කල හැකියි, තව දුරටත් මෙහි බලගතු බව කියන්නේ නම් මහා බ්‍රහ්ම විසින් මවන ලද බ්‍රහ්මාස්ත්‍ර නම් මෙයයි.. ඇසි පිය ගසන වේලාවකදී මේ ලෝ තලය දූලි බවට පත් කිරීමේ තරම් හැකියාවක් බලයක් ඒ තුල ගැබ්ව ඇත.
+ ඵුස්සදේව ගැන මා එතරම් සිතා නොසිටියෙමි..
- ඔහු පමනක් නොව අප දස දෙනා තුල ඇති නව යක් වූ ශක්තීන් එලෙසය.
+ හොදමයි අභය... !
—————————————– අද එතැන් සිට
- ඵුස්ස දේවගේ විදීම ගැන පවසන්නේ නම් රජුනි වැලි පිරුණු ගැල අටගුල් පියා ලැහැල්ල, සොළසාගුල් දිඹුල් ලැහැල්ල, යපට සතරගුල් ලොහොපට හීයෙන් විද එකී දැයින් විනිවිද යවයි. ඔහු දියෙහි ඉස්‌බක්‌ දුර විදින අතර ගොඩදී අට ඉස්‌බක්‌ දුර හී විදියි.
+ ඉස්බක් සහ අට ඉස්බක් කදිමයැ කදිමයැ....
- එසේය ඔහු නොදෙවෙනිය ඔහු සම කරන්නේ අප නවදෙනා ම පමනි.
+ ඵුස්ස දේවයන් කුරුලු ලෝකයෙන් ආශිංසන ලද්දෙක් බව නම් මනාව පැහැදිලි වෙයි.
- ඵුස්ස දේවයනුත් ද්විමුක්හි රුද්‍රාවත් සූර්්‍ය හා චන්ද්‍රයාගේ එකතුවත් ඊශ්වරයන්ගේත් පාර්වතියගේත් බැදියාවත් ගැන ඔබ වහන්සේ තව බොහෝ තේරුම් ගත යුතුය.
+ ඒ හින්දු දහම නෙවේද ? එය බුදු දහමට පරස්පර නොවේද ?
- රජුනි සිහියේ තබාගන්න කිසිවෙකටත් පිරිසිදු ධර්මය පරස්පර නොවේ ඒ අදහන්නෝ පමණක් පර්ස්පර වෙති, ධර්මය පිලිපදින්නෝ එකම මගක ගමන් කරති, ධර්මය මගින් යැපෙන්නෝ පරස්පර විරෝධි අදහස් ඇත්තවුන් වෙති.
+ එ කිම
- පාලනයටය ! ඔබ වහන්සේට ශක්තියක් වීමට අප මෙහි ආයේද එබැවිනි...
+ නොතේරුනි
- රජුනි ඔබගේ අභිප්‍රාය මේ රට එක් සේසත් කිරීම නෙවේද ?
+ එය එසේය.. ඒකචත්‍ර කිරීමටය. බුදු සසුන රැක ගැනීමටය.
- හොදයි ඉන් එහාට සිතුවොත් හින්දුන් ඔවුනගේ දඹදිව යැයි කියා එය ඒකචත්‍ර කිරීමට සැරසෙන යුද්ධයක් ගැන ඔබගේ අදහස කුමක්ද ?
+ ඒ යුද්ධයද ඔවුනට සාධාරණයැයි කියමි, අගයමි. දඹදිව එවුනගේ රාජ්‍ය නම් එය හින්දුන් රැක ගත යුතුය තම කුලගොත සිරිත් විරිත් ආගම දහම ඔවුන් රැක ගත යුතුය.
- හොදයි රජුනි ඔවුන් ඉන් නොනැවතී මේ ලක ත් අල්වා ඒ සියල්ල ඒකචත්‍ර කිරීමට සිතුවෝතින් ඒ ගැන අදහස කිමෙක්ද ?
+ ඔබ ඒ අසත්දීත් ඇග ලොම නැංවේ.. කිසිසේත්ම ඉඩක් නැත. මේ ලක අපගේය මේ ලකත් බුදු සසුනත් රැකීම මාගේ යුතුකමය. එවන් යුද්ධයක් නැගේ නම් සියල්ලටම පෙර අසිපත ගන්නේ ගැමුණුය වන මමය ..
- රජුනි ඉවසා පිලිතුරු දෙනු මැනව. ඔබ වහන්සේ මේ අපගේ රටයැයි කියා මේ ලක එක්සේසත් කරත්තී එය බුදු දහම මින් නහවත්තදී එය යුක්ති සහගතය.
+ නැතිව
- එසේනම් හින්දූන් ඒ ඔවුනගේය කියල ඒ පිලිගැනීම උඩ ඒ රට එක්සේසත් කොට හින්දු දහම වැපිරීම ද යුක්ති සහගතයැයි ඔබ සිත්නනෝය
+ නැතිව
- හොදයි ඔබ වහන්සේ දඹදිව යටත් කර ඒ පුරා බුදු දහමින් නැහැවීඹට නොසිතන්නේ මන්ද ? අප පිලිගැනීමට අනුව බුදු දහම යනු නිර්මල සත්‍යයි ඒ සත්‍යය දඹදිවින් අපට පැමිණියාක් පවසයිනම් ඒ නැවත යටත් කර හෝ ලබා දීම යුතුකම නෙවේද ඒද ඒකඡත්‍ර කිරීමක් නෙවේද ?
+ නැත නැත මට දඹදිවින් පලක් නැත මා ඔවුනගේ රාජ්‍යයට ඇගිලි නොගසමි ඔවුනටද ඒ රැදාවක් නැති විය යුතුය.
- එහෙත් අශෝක රජු කලේ එය නොවේ නේද ? ධර්ම ප්‍රචාරය කරමින් බුදු දහම පැතිරුවා නේද ?
+ අභය ධර්ම ප්‍රචාරය එකක් රටක් අල්වා ඒකඡත්‍රව පාලනය තවෙකක් .
- ඒ ඔබ සිතනා සැටිය. ධර්ම මාර්ගයෙන් උවද පාලනය අල්ලා ගත හැකිය. ධර්මයට අවනත වන්නෝ පාලනයටද පහසුය.
+ මට ඒ උවමනා නැත. මට මේ ඇතිය.. අනෙක මාගේ කාර්යය ධර්මය කියා දීමට වඩා ඒ ඒ කාර්යය කල හැකි ස්ථවිරයන් වහන්සේලාට අවශ්‍ය පහසු කම සමයා දීමය, රට සෑදීමය..
- සාධූ සාධූ මා රජුනි.. තව එක් දෙයක් අසන්නෙමි.
+ අසව අභය.!
- රජුනි දඹදිවින් බුදුදහම පැමැනියේනම් තවමත් එහි බුදුන් සරණ ගියවුන් ඉතිරිව නැතිවේද ? ගෞතම බුදු දහම සරණ ගියවුන් සිටිය නොහැකිද ? එසේනම් හින්දූන්ගේ රාජ්‍යයැකි සිතා ඒකඡත්‍ර කොට ඒ මගින් හින්දු දහම වැපිරීම අනුමත කල ඔබ පෙර පැවසු අයුරින් යුක්ති ගරුවේද ? ඒ බුදුන් සරණ ගිය ඇත්තවුන් ගැන සිතා බලා අප විසින් ඒ දඹදිව අල්ලා ගෙන දහම සුරක්ෂිත කල යුතු නැත..
+ ඒ ගැන නොසිතුවෙමි අභය.. එහෙත් මට මෙසේත් සිතේ..
- ඒ කෙසේද
+ ඔබ පවසනා අයුරින් ම මේ ලක තුලද යම් පිරිසක් බුදු දහම පමණක්ම වැළද ගත්තෝ නොවෙති. ඔවුන් විවිද ඇදහිලි හා දේව විශ්වාස තුල ජීවත්වෙති. ඔබ පැවසු අයුරින්ම මා විසින් රට එක්සේසත් කොට බුදු දහම වැපැරීමට පටන් ගත් විට අනෙකුත් දහම් කරුනු වැලලි යනු ඇත. මාගේ රටෙහිද ඒ ඒ ගම් වල වාසය කරන ගම් වැසියන්ගේ විශ්වාස ඇදහිලි මා නොපිලිගන්නවා ලෙස ඔවුනට ඒ හැගි යනු ඇත එපමනක් නොව බලෙන් බුදු දහම ඔවුන් පිට පටවනවාද විය හැකිය..
- සැබැවින්ම සතුටුයි මහරජුනි... ! මා ඔබ මැන බැලීමක් කලෙමි.. ! ඔබ බලයෙන් උඩගු වී නම් බුදු දහම වැලදගත් ජනයා රැකිමට යැයි කියා ඒ පමනින්නම දඹදිවද අල්ලා ගැනීමට සැරසෙනු ඇත. එහෙත් ඒ වෙනුවට ඔබ නැවත මේ ලක දෙසම එ'ඇසින් බලා ගැටලුව විසැදීය.
සාධූ සාධූ සාධූ !
+ අභය , මට පවසන්න ඔබ නවයක් වූ හක්තින් මා හා රැදෙනුයේ බුදු දහම රැකිම මාගේ බලාපාරොත්තුව නිසාවෙන් බවත් ඒ මහාරාවණයන්ගේ ද අභිප්‍රාය බවත් මුලදී පැවසූවා. එහෙත් දැ්න් අනෙකුත් ධර්මයන් ගැනද ඔබ පවසනවා මා කුමක් කල යුතුද ... ?
- ගැමුනු රජුනි !
කිසිවෙකුට කිසිදු ධර්මයක් බලෙන් හිස මත පැට විය යුතු නැත. ඔවුහු ඒවා තම තම නැන පමනින් අවබෝධ කොට ගෙන ඒ ඒ මාග්යන්හි ගමන් කරනු ඇත. ධර්ම මාර්ග මාර්ගයේදී ඔවුන් බුදු දහම තොරාගතහොත් පමණක් අපට ඔවුන්ට බුුදු දහම කියා දිය හැකිය. නොඑසේව ඔවුන් වෙනත් දහමක් තොරාගන්නේ නම් ඊට ද ඉඩ හල යුතුය. ඒ නැති කිරීමට උත්සාහ නොකල යුතුය මක් නිසාද අප දන්නා කරුණ නම් පිරිසිදු ගෞතම දහම යනු ලොව උතුම්ම දහමයි කෙදිනක හෝ අන් මග ගියෝ මේ මග පැමිනෙනු ඇත. අප මග එල පෙහෙලි කර තැබීම පමණක් කරමු.. !
+ නුඹට පින් අභය මා නිවැරදි කරනවාට.. සැබවින්ම යුද්ධය ගැන අදහසක් මා තුල තිබුනද ඉන් පසු කාරණා ගැන මා නොසිතුවෙමි.
- රජුනි , බලයෙන් උමතු වු පාලනයක් සියල්ලන්ටම අවැඩය. එළාරයන් මැඩලිය යුත්තේ එබැවිනි, එහෙත් ඔහුගේ යටත් විජිත වැසියන්ට අප පෙරටත් වඩා හොදින් සැලකිය යුතුමය.
+ එසෙය ඒ අදිටන් කරගනිමි
- සක්විති රජෙකු වුව කල යුත්තේද මෙුතවක් කල් කලේද එයයි, රාවණයන්ද එසේමැයි, සියළුම සතත්වයන් දම දරුවන් මෙන් සිතා රැක බලා ගත යුතුය. වැසියන් ආගම් මාර්ග වල පවා බෙදී පැවතීම බොහෝ පාලකයන් තම ලාභයට හරවා ගනිති. සිතන්න ඔබ දඹදිව අල්වා ගතහොත් එහි වැසියන්ට බුදු දහම පිලිපැදීමට හෝ බලෙන් පෙරැත්ත කොට හෝ ඉගැන්වීමට කොතරම් කාලයක් ගතවේද ඒ හැරත් ඒ කාට නම් කල හැක්කක්ද ?
+ හ්ම් ................
- කල යුත්තේ වැසියන්ට අවබෝධය ලබා දීමයි. බුදු දහම වැපිරීමට සිතන්නේ නම් ඒ වපුරන්න , අනෙකුත් ආගම් උගුලා නොදමන්න .. !
+ එහෙත් ඒ ආගම් බුදු දහම උගුලත් නම්..මට බලා සිටිය නොහැක
- ඒ නිසාවෙන් මයි ඔබ රට එක් සේසත් කල යුත්තේ . රටක පාලකයා දැහැමි විය යුතුය. මේ වන තුරු ලොව බිිහිවු වූ කිසිදු ශාස්තෘවරයෙක් අනෙක් ශාස්තෘවරයෙකුව පිටුදැකීම උගන්වා නැත. ඒසේ උගැන්වූ ධර්මයක් වේ නම් එය පැවතියේද නැත.
+ නුඹ නිවැරදිය.. අභය මම නුඹට ප්‍රතිඥාදෙමි.. !
" එළාර රජු දැන් වයස් ගතය, යුද්ධයේදී මා අතින් ඔහු මිය නොගියහොත් , මා පියාණන් සේම සළකා ඉතිරි කාලය කිසිදු අඩුවක් නොකරම රැකබලාගමි., එහෙත් මියගියහොත් ,
ඔහුගේ සිරුර රාජකීයත්වයෙන් සලකා මේ භූමියේම මිහිදන් කර මාද හිස නමා වැද ගෞරව කර ලැබිය යුතු සියල්ලන්ගේම ගෞරවයද ලබාදෙන්නෙමි.
- රජුනි ..! වන්නක්ම වේවා ..! ඔබ ශ්‍රේෂ්ට රජෙකි. ඔබ ගැන මේ ලක තුල සදා ලියවෙනු කියවෙනු ඇත. ඕනෑම රජෙකුට මහත් වැර වැයමින් , විය හියදමින්, කූට උපක්‍රමයකින්, යන්ත්‍ර මන්ත්‍රයෙන්, ආයුධයෙන් -
"මේ ලකෙහි යුද්ධයක් දිනිය හැක ..! එහෙත් වඩා වැදගත්වන්නේ ලකෙහි සාමය දිනීමයි ...!!!"


----------------------------------සෙස්ස පස්සට
--- කුරුළු---