Saturday, February 9, 2019

==== දසිස් 29 =====



.
( විසිනව වන කොටස හා සබැඳි )
ඉතින් ඔබට, ඔබම අප ගෞතම බුදුන්ගේ මුචලින්ද නාග දරණය අරභයා කියු කතාව මතකයිද ?
+ කුණ්ඩලීනිය විදහා දැක්වීම නේද ඒ..
එසේය කුණ්ඩලීනි ශක්තිය අවදී වීම හා ඒ ලෝකයට දැන්වීම ඒ නාග පෙන ඉස් මුදුනටත් ඉහලින් පෙන්වීම පෙනය විහිදා සිටීම ඉරියවුවෙන් විදහා දැක්වෙනවා. ඉදින් බොහෝ දේව කොට්ඨාශ වල පිලරූ සිතුවම් වල එසේ නෙලා ඇත්තේ ඒ නිසාවෙන්
+ ඔවුන් සියලු දෙනාගේ කුන්ඩලීනි ශක්තිද ???
එසේය එපමණක් නොව , මේ මිසර රජුන්ගේ පවා ඔටුනු වල නලලත මධ්‍යයේ නාගයෙකුගේ රුවක් නෙලා තිබෙන්නේ ඒ ද විදහා දැක්වීමටයි. !! සූර්යය වංශිකයෝය , නාග හා කුරුලු ගෝත්‍රිකයෝය කුන්ඩලීනි අවදි කරගත්තෝය…. රාවණයන්ගේන් පැවතෙන අපද එසේමය.. !
—————————————– අද එතැන් සිට
+ ඵුස්ස දේව ගැන කෙසේද ?
- ඔහු ද්වි මුක්හි රුද්‍රාව දරන්නාය කුරුලු ගෝත්‍රයේ මේ වන විට සිටින්නා වූ දක්ෂතමයාය. ගුරුලා , ගරුඩ , භේරුණ්ඩ , ඇත් කඳ ලිහිණි , දඩු මොණර, අන්සු , ෆීනික්ස් , බෙනු ආදී ප්‍රභල කුරුලු රජුන් මේ මුන ලොවට පාතිර්භූත කිරීමේ හැකියාව ඇති මේ යුගයේ වසන්නා වූ එකම ශක්ති වන්තයාය. චන්ද්‍ර ශක්තිය බොහෝ කොට හිමි තැනැත්තාය. රජුනි ?
+ කියව අභය
- ඔබ වහන්සේ ඵුස්සදේව දස මහා යෝධයන් අතරට එක් කලේ ඇයි
+ එය සැවොම දන්නා කරුණකි. ඔහු තරම් ඉලක්කයට ඊතල විදින්නෙකු මා මෙතෙක් දැක නැත. ඔහුගේ දුනුදියෙන් මිදෙන හීය අසුරුසණින් ඉලක්කය හඹායයි. එක් නිමේෂයක හීය ඔහු දුනු දියෙහිය ඇහිපිල්ලන් ගැසීමටත් ප්‍රථම එය නතර වන්නේ ඉලක්කය පසාරු කොට ගොස්ය.
- සැබෑවකි. මින් පෙර කිහිප අවස්ථාවක ඔහුගේ දක්ෂතා ඔබ විසින් මැන බලනු දුටිමි. එහෙත් ඔබ වහන්සේ කෙදිනකහෝ ඔහුගේ දුන්න පරීක්ෂා කලේද ?
+ නැත
- ඒ ගැන ඇසුවෙද නැතිද ? ඒ කොහින්ද ? කෙසේ ලැබුනේද කියා ?
+ නැත එය සාමාන්‍ය දුන්නක් නොව්ද ?
- එසේනම් හී තල ගැන ? ඒද ඇසුවේ නැතිද ?
+ ම්... නැත ඔහුගේ දක්ෂතාවයන් අගය කලා පමනි
- රජුනි එසේ නම් මේ පවසන්න ඵුස්සදේව ඔබ වහන්සේ ගේ සේවයට එක්ව දැන් කොපමණ කල්ද
+ ඔහ් ඒ නොසැහෙන කාලයකි. මා මලය දේශයේ සිටිනා කාලයේදි බව මතකය.
- හොදමයි ඒ එක් දිනයක වත් ඔහු තම දුන්න ඔහු හා රැගෙන යනු දුටුවාද ? ඊ තල කොපුව වත් ?
+ නැහැනේ... අභය නුඹ මේ දැන් පැවසුවිටයි ඒ මගේ ත් සිහියට පැමිනියේ . කිසිම දිනක මා ඔහු ඔහුගේ දුන්න ත් ඊතල මිටියත් ඔසවාගෙන යනු දැක නැහැ. නමුත් අවශ්‍ය වෙලාවට ඔහු ඒ බාවිත කරනවා නම් දැක තිබෙනවා.
- හහ් හ් හ්.. එසේය රජුනි.. ඔබ දුටුවේ නැති වූවත් සෑම දාම ඔහු ඒ රැගෙන යනවා. ඔහු නිතරම සිටින්නේ ඔහුගේ දුන්නත් ඊතල මිටියත් සමගයි.
+ අපට නොපෙනන ??
- ම් ඔවු එසේත් පැවසිය හැකියි.එය එහු කුරුලු ලෝකයෙන් ලද්දක්.
+ දුන්න ?
- එසේයි. රජුනි අසන්න . මෙලෛාව මෙතෙක් බලගතුම දුනු දෙකක් ගැන සදහන්. පලමුවැන්න මහා ඊශ්වරයන් සතු " පිනකා " දුන්නයි එය විශ්වක්ර්ම දිව්‍යපුත්‍රයා විසින් සාදාදුන් බවයි සදහන්, එය රාම විසින් කඩා දමනවා ඒ වැරදි අයුරනින් විදීමනේ
දෙවැන්න මහා විශ්නු සතු "ශරංගා " නම් දුන්නයි එයත් විශ්වක්ර්ම දිව්‍යපුත්‍රයා විසින් සාදන ලද්දක්. ඊශ්වරයන් වගේම විශ්නුත් මේ ශාරංගා දුන්න රාම යන්ට ලබා දෙනවා ඒ තමා රාවන යන් නැසීමට විදින ලද්දේ. එය එතරම් බලගතුයි.
අප ඵුස්ස දෙවයන් සතු වන්නේද එවැන්නක්.
+ දෙවියන් විසින් දුන් දෙයක්දැ
- කුරුලු ලෝකයෙන් ලද්දක්. ඵුස්සදේව ගේ උරහිස් දෙක අතර පිටුපිසින් ගෙල හරහා දැක ඇතැයි සිතමි.
+ එසේය . එහි ඇත්තේ හණ තබන ලද සිතුවමකි
- කුමන සිතුමක්ද ඒ පච්චරූපය.
+ රාජාලියෙකු ගේ යැයි සිතමි
- ඒසේය පියාපත් විහිදා සිටින ඔලු දෙකේ රාජාලියෙකි. කුරුලු ලොව රජෙකි. එයින් වෙන්ව අවුත් රාවණ අනින් ඵුස්ස දේව හා වාසය කරයි.
විශ්වාස කරන්න රජුනි " ඒ රාජාලි තෙමේ ඵුස්සදේවයන්ගේ දුනුදියයි ! " රුද්‍රාශක්තියත් මන්ත්‍රශක්තියත් මගින් ඵුස්සදේවගේ පිටට කා වැදී සිටියත් අවැසි මොහොතේ ඉන් මිදි අවුත් ඕනෑම දුරක් හඹා යන නොවරදින
ඉලක්කයක් ඇති මෙලොව බලගතුම දුන්න බවට පත්වේ
+ පුදුමයි ......
- එසේය ඊතලද එසේමය ඒ ඊතල කොපුව තුල කිසිදිනක ඊතල හිස් නොවේ. දුනු දිය ඇදිය හැක්කේ මෑනිය හැක්කේ ඵුස්ස දෙවයන්ටම පමණි. ඒ හැර මේ තුන් ලොව අන් කිසිවෙකුට ඒ දුන්න දැරිය නොහැකිය. දුන්නෙහි වරපට බැදී තිබෙන තාක් කල් කොපුව තුල ඊ තල පිරී පවතී. මොනයම් අයුරකින් දුනු දිය කැඩී ගැය හොත් ඒ සමගම ඊ තලද අවසන්වේ.
+ ආශ්චර්යයකි අපගේ ඵුස්ස දේව..
- එසේය . එපමණක් නොව ඒ ඒ ඊතල සතුව ඒ ඒ බලයන් ගැබ්ව ඇත. සැබෑව නම් ඒ බලය රැදී ඇත්තේ ඊතල පිටුපස ඇති කුරුලු පිහාටු වලය. දුන්නෙන් මිදන ඊතල වළලක ආකාරයට වුවද වක්‍රව ගමන් කරවීමට, ඉලක්කය එකක් නොව දහසක් හඹා යෑමට, ඉලක්කය දක්වා නොපෙනි ගමන් කිරීමට, දුන්නේන් එක් හීයක් මිදුනත් එය දහසක් හී බවට පත් වීම ආදී බොහොමයක් සිදු කල හැකියි, තව දුරටත් මෙහි බලගතු බව කියන්නේ නම් මහා බ්‍රහ්ම විසින් මවන ලද බ්‍රහ්මාස්ත්‍ර නම් මෙයයි.. ඇසි පිය ගසන වේලාවකදී මේ ලෝ තලය දූලි බවට පත් කිරීමේ තරම් හැකියාවක් බලයක් ඒ තුල ගැබ්ව ඇත.
+ ඵුස්සදේව ගැන මා එතරම් සිතා නොසිටියෙමි..
- ඔහු පමනක් නොව අප දස දෙනා තුල ඇති නව යක් වූ ශක්තීන් එලෙසය. ඵුස්ස දේව සතුව තවත් හැකියාවන් ඇත ඒ ඔහු ඉදිරියේම මා දිනයක පවසන්නම්
+ හොදමයි අභය... !
----------------------------------සෙස්ස පස්සට
--- කුරුළු---

==== දසිස් 28 =====


( විසිහත්වන කොටස හා සබැඳි )
නපුර - නුගුන - අශිෂ්ට - අධරෛ්ය- අධර්මික - උදාසීනය - තණ්හාව ආදී දේය...!
එ් නසා දමා මේ ලොව එලිය කිරීමට නම් ශක්තියක් අවශ්‍ය වන්නේමය , ඒ අදුර එලවා දමා සූර්යයා නැග එන්නා සේය.
මේ ලෝකයෙහි පවත්නා අදර නැති කිරීමේ ශක්තිය අප තුල ද ඇත ඔබ තුලද ඇත සෑම මනුශ්‍යකු තුලද අනෙකුත් ලෝ වැස්සවුන් තුලද ඇත .. අවශ්‍ය වන්නේ ශක්තියක් පමණි....
මේ සියල්ල ඉන් ඒකාලෝක කර මුදවා ගත හැකිය...
සෑම මනුශ්‍යයෙක් තුලම දෙවියෙකු හා යක්ෂයෙකු ඇතැයි පිරුලක් පවතියි ඒ මා මේ කියන්නවු අදුර සහ ආලෝකයයි..! ඔබ තෝරාගන්නේ අදුරද ආලෝකයද යන්න ඔබට බාරයි.. එහෙත් අදුර නසා ආලෝකමත් කිරීම මෙලොවටත් එලොවටත් වැඩදායීවෙයි.
+ එයේය අභය එසේය පිළිගනිමි
—————————————– අද එතැන් සිට
+ චන්ද්‍රයා ශක්තිය ගැන මදකට නවත්වා ඔබ විසින් පෙර පැවසු මිසර රාජධානිය හා කුරුලු ගෝත්‍රය ගැන පවසන්න හැකිද අභය.
- රජුනි චන්ද්‍රයා ගැන හැර මිසරරාජධානිය ගැන පැවසිය නොහැකියි. මක්නිසාද චන්ද්‍ර ශක්තිය නිරතුරුව ජලය හා බැදී පවතියි. මිසර රාජධානිය තිබුනේ ද ජලය ආශ්‍රිතවයි. නමුත් මේ වන විට නම් ඒ සියල් සිඳීගෝස් එහෙත් අදටත් ඒ මහා පිරමීඩ ඉදිකිරීම් තුලට ජලය ලැබෙනවා අවැසි තැන් වලට.
+ ඉතින් එසේනම් ඔවුන් චන්ද්‍රයා හා මුසු වීම කෙසේද ?
- රජුනි මා සිහගිරිය ගැන පැවසුවා ඔබට මතකැති. ඒ සිහගිරිය ඉහලට ජලය ගෙන ගිය විද්‍යාවයි
+ එසේය මතකයි
- මේ ඒ විදයාවමයි රජුනි. චන්ද්‍ර ශක්තිය හා බැඳි රැද්‍රාව නියෝජනය කරන්නාවූ කුරුලු ගෝත්‍රය නිබදවම ඒ ජලය හා විද්‍යාවේ කෙලපැමිනිය වුන්ය. ඒ නිසා කොතරම් ශූෂ්ක වූවත් මිසර පාරාවෝන්ට ජල ගැටලුවක් පැන නොනැගේ.
+ ෂහ්...
- රජුනි එපමනක්ද නොව ඔවුන් චන්ද්‍රයාටත් වඩා සූර්යයා මූලිකව කටයුතු කල බැවු මා පැවසූවා. ඒ නම් නාග ලෝකය හා සම්බන්ධ ගෝත්‍රික කණ්ඩායමයි. ඔවුන් නිරතුරුව සූර්යයා වන්දනා කලත් රාත්‍රියට චන්ද්‍රයා වන්දනා කල කුරුලු ගෝත්‍රිකයින්ද එහි විසූවා.
+ දෙපිරිම එකට ??
- සැබවින්ම මිසරය යනු ඒ දෙපිරීසෙම සංකලනයක් ඔවුන් ඉතා හොදින් කල් ගෙවූවා.... හරියට අප හෙලයේ අරනායක ග්‍රාමය වාගේම යි
+ අරනායක ඇයි විශේෂයක්
- රජුනි හෙලයේ අසුරගෝත්‍ර නාගගෝත්‍ර යක් ගෝත්‍ර තුනම එක්ව සාමකාමීව දිවි ගෙවනුයේ අරනායක පමනි. අනෙක් සියලු තැන් හි ඔවුහු තනි තනිව ගෝත්‍ර වහයෙන් බෙදී ජීවත් වෙති. එහෙත් ගැටුම් නැත. මුහුවීමක්ද නැත.
+ හ්ම්... අප ඔවුන් එකඡත්‍ර කරමු . එවිට සියල්ලන්ටම එකට විසූ හැකිය.
- එසෙය... මිසරය ගැන තවදුරටත් කියමි. ඔවුන් සූර්යයා වන්දනා කල නාග ලෝව ගෝත්‍රිකයන්ය. සූර්යයා ගෙන් බෝහෝ වැඩ ගත්හ. නමුත් ඒ හැටි කියා දුන්නේ අපය.
+ ඒ කෙසේද ?
- අහසින් පැමිනි සිංහ මිනිසුන් ගැන සදහනක් එහි වෙයි.
+ කදිමයි.
- රජුනි, එහි විසූ කීර්තමත් පාරාවෝ කිහිප දෙනෙක් ගැන කියන්නමි. මෙනෙස්, තෙවන ටුත්මෝසිස් , අකෙනොතනේ, ඩොජොස', රැම්සිස්, ක්ෆූ, ටූතන්කාමන්, නෙෆර්ටිටි, ක්ලියෝපැට්රා ආදී බොහෝමයකි.
+ අප රාජ පරම්පරාව ආකාරයෙන්මද
- එසේය එහි ද රැම්සීස් නම් ශ්‍රේෂ්ඨ නායකයාගේ කාලයේදී ඉදි වුන සූර්යය දෙවොලක්ද වෙයි. එහි ඉදිපසින් විශාල දේව පිලිම සතරක්ද ඇතුලු වූ පසු විශාල පිලිම ගනනාවකින්ද යුක්තය. එසේම කුඩා දෙවොලක්ද වෙයි එහි ගලින්ම තැනු විශාල පිලිම සයකි. ඒද දෙවියන් එදෙසාය. ඔවුහු රා නම් දෙවි කෙනෙකු ඇදහූහ. ඒ " රා " ලෙස ඔවුන් නම් කර තිබුනේ සූර්යයා යි.
+ අප දන්නේ රා වණ ය!
- එසේය එනිාවෙනි අප සූර්යය ගෝත්‍ර වනුයේ. රා යනු සූර්යයායි වණ යනු ගෝත්‍රය යි. මිසරයේ රාජ්‍යත්වයට පත්වීමේ සිට සියලු කටයුත් සිදු කලේ මේ දොවල තුලයි. එනම් සූර්යය දෙවි වන්දනාවේ ආශිර්වාදයෙනුයි.
+ එසේනම් ඔවුන්යි අපයි අදහනුයේ එකම රා නම් දෙවි කෙනෙක්ද ? අප එකම ගෝත්‍රයකදද ?
- එසේය අප සියල්ලෝම එකම ගෝත්‍රයක වන්නෙමු මිසර පාරාවෝ පමණක් නො නොව තවද සූර්යය ගෝත්‍ර බොහොමක් මේ පොලෝ තලය තුල පවතී.
+ එය ඉතා සතුට දනවන කාරනාවක්
- තවත් නුඹට කියමි රජුනි. ඔබ ට මා දිනක පෙන්වන්ම් මිසර රජුන්ගේ හිස පලදනා හෙවත් ඔටුනු පිලිබඳව. ඔබ වහන්සේගේ ඔටුන්නෙහි ඇත්තේ මානික්‍යකි එ ්පිලිබදව පසුවට කතා කරමු. මිසර පාරාවෝ න්ගේ
ඔටුනු බොහොමයක ඉදිරිපස නාගයෙකු නෙලා ඇත .. රැම්සිස් රජුගේ හිසෙහි නාගයෙකු ද , නෙෆර්ටි රැජිනගේ නාගයෙකුද පමණක් නෙලා ඇති අතර ටූටන් කාමන් රජුගේ නාගයෙකු හා කුරුල්ලෙකු වෙන වෙනම නෙලා ඇත. ක්ලියෝපැට්රා රැජින වෙන වෙනම නාගයෙකු හා කුරුලෙකු සහිත ඔටුනු දෙකක් පැලන්දහ.
+ ඔහ් අලංකාර නිමැවුම් විය යුතුමය
- එසේය දඹ රනින් කල එ්වාය. ඒ අතරම ඒ ඒ ගෝත්‍ර අනුව රාජ සබාවේද පාලක මණ්ඩලද නාග හා කුරුලු වෙස්මුහුනු පැලන්ද
+ ආහ් අප හෙලය වගේද ?
- එසේය රජුනි අප හෙලයෝද යුධයට යාමට වෙස් මුහුනු බාවිත කරති ඒද නාග, ගුරුලු, රාක්ෂ, යක්ෂ, දේව ආදී ගෝත්‍ර නියෝජනය වන පරිදිය. ඔවුහු සැබැ රණකාමියෝය.
+ අභය එසේ බැලු කල අෑත අතීතයේ පටන් මේ දක්වා යම් යම වෙනස් කම් තබුවත් අප සූර්ය වංශිකයන් පැවතේනනෙ එකම අයුරන් බව සිතේ.
- සත්‍යකි. අපට ඉන් බැහර වීමට නොහැක රජුනි ... යක් බෙරයට අපඉබේම නැටවෙන්නේද එබැවිනි. තවත් මතයක් කීමට කැමැත්තේමි
+ පවසන්න අභය
- ඔබ වහ්නසෙ බොහෝ දේව පිලිම දැක ඇතිවාට නිසැකිය
+ එසේය
- ඒවායේ නාගයෙකු පෙන විහිදා සිටිනුද දැක ඇතිවාට සැක සැත
+ එසේය
- ඉතින් ඔබට, ඔබම අප ගෞතම බුදුන්ගේ මුචලින්ද නාග දරණය අරභයා කියු කතාව මතකයිද ?
+ කුණ්ඩලීනිය විදහා දැක්වීම නේද ඒ..
- එසේය කුණ්ඩලීනි ශක්තිය අවදී වීම හා ඒ ලෝකයට දැන්වීම ඒ නාග පෙන ඉස් මුදුනටත් ඉහලින් පෙන්වීම පෙනය විහිදා සිටීම ඉරියවුවෙන් විදහා දැක්වෙනවා. ඉදින් බොහෝ දේව කොට්ඨාශ වල පිලරූ සිතුවම් වල එසේ නෙලා ඇත්තේ ඒ නිසාවෙන්
+ ඔවුන් සියලු දෙනාගේ කුන්ඩලීනි ශක්තිද ???
- එසේය එපමණක් නොව , මේ මිසර රජුන්ගේ පවා ඔටුනු වල නලලත මධ්‍යයේ නාගයෙකුගේ රුවක් නෙලා තිබෙන්නේ ඒ ද විදහා දැක්වීමටයි. !! සූර්යය වංශිකයෝය , නාග හා කුරුලු ගෝත්‍රිකයෝය ... කුන්ඩලීනි අවදි කරගත්තෝය.... රාවණයන්ගේන් පැවතෙන අපද එසේමය.. !
----------------------- කුරුළු

==== දසිස් 27 =====



( විසිහයවන කොටස හා සබැඳි )
+ ඉතින් මේ සිහගිරියේ වූයේද කුරුලු ගෝත්‍රයට අනුව නිර්මාණය කරන ලද්දා වූ මාලිගයකි. එහි වුයේ කුරුලු පිලිරුවකි. ඔබ වහන්සේ ද මාද එහි යන්නාවු දවසක මා මේ කියන්න සිහියේ තබා ගන්න..
සිහ පාද ද කුරුලු පාද ද යැයි අනුමාන කරන්න, මා දන්න තරමින් ඒ පාද කුරුලු පාද ලෙස මේ මනු ලොව කුරුල්ලන් හා පාද සමාන කිරීම අසීරුය මක් නිසාද මේ ඉතිහාස ගත කුරුලු රජු හා සබැදි නිසාවෙනි..
හොදම සැස දීම නම් ලෝක ආම්භයේදී සිට වදවී ගිය ඩයනෝසර නමින් හදුන්වන්නා වු යුගයේ සතත්ව පාද හා මේ සිහගිරි පාද සන්සදනය කිරීමය.
ඒ කවුරුහුද ?
+ හහ් හහ් හහ් එය කල නොහැකකි , මේ ඊට අයත් යුගය නොව මේ ගැමුනු යුගයයි. එහිදී එවන්නක් එලි වන බවට අනාගත සාක්ෂි නැත.. එයෙහින් අප අපට මේ යුගයේ අයිති කාර්යය පමනක් කරමු රජුනි..
එසේය එකඟය, සියල්ල බදා ගතහොත් මාගේ මූලික වෑයමෙන් පිටට පනිනු ඇත .!
—————————————– අද එතැන් සිට
+ අභය දවී මුකී රුද්‍රාව කුරුලු ගෝත්‍රයට අයිති බව නුඹ පැවසුවා ඒසේම මේ රුද්‍රාව පාලනය කරනු ලබන්නේ චන්ද්‍රයා බවද කීවා . චන්ද්‍රයාගේ පාලනය කෙසේද ?
- රජුනි මෙය මහා දීර්ඝ විස්තරයක් වනු ඇත. ඒක් මුකී රුද්‍රාව සූර්යයා පාලනය විසින් පාලනය කරනවා සේම ද්වී මුකී රුද්‍රාව චන්ද්‍රයා පාලනය කරනු ලබන්න සත්‍යකි. එසේම ඒය හෙල නීතියයි
+ ඒ කිමෙක්ද ?
- ඉර හද පවතින තුරු හෙලයද රැකෙන්නේමය. සූර්යයාගේ ශක්තියත් චන්ද්‍රයාගේ ශක්තියත් නිබඳවම හෙල ජාතියට ලබෙනේනේය.
+ අනෙකුත් ග්‍රහයන්ට වඩා මේ ප්‍රභල වනුයේ ඇයි අභය.
- කෙටියනේම කිවහොත් මේ යනු ලෝපාලක ධර්මතා දෙකකි
+ ඒ නම්
- ඒ නම් මේය. චන්ද්‍රයා යනු මේ අපට ලගම අහසහෙි සිටිනා වස්තුවයි. සත්තවයකුගේ සාමාන්‍ය දින චර්යයාව සූර්යයා විසින් පාලනය කරනු ලබන අතර චන්ද්‍රයා විසින් එසේ නොවන අසාමාන්‍ය දින චර්යයාවන් පාලනය කරනු ලබයි.
+ ඒ කෙසේද ?
- රජුනි අප සිටන මේ පොලෝ තලයේ සිදුවන සියලුම වෙනස් කම් වලට මේ හිරු සහ සඳු දෙදෙන සෘජුව බලපාන ලබයි. ඒ නිසාම ඇත අතීතයේ සිටම දේවත්වයෙන් ගෙන පුද සත්කාර සිදු කරනු ලබයි. හෙලයන් විසින් අවුරුද්දක කාලයක් ගනිනු ලබන්නේ සූර්යයාගේ ගමනය අනුව වන අතරම මසක කාලයක් ගනිනුයේ චන්ද්‍රයාගේ කාලය අනුවය. ඒ බුදුන් වහන්සේ හා ද බැඳී පවතින්නකි.
+ ඔහ් ඉපදීම බුදු වීම පිරිනිවන පමණක් නොව අනෙකුත් විශේෂ කාර්යයන්ද සිදු කර ඇත්තේ චන්ද්‍රයා පූර්ණ වන දින වලදීය.
- ඒය බුදු දහමේ නොව මනු ලොව බොහෝ අගම් වල හැටිය. චන්ද්‍රයාට සුවීශේෂී ස්ථානයක් ආගම් වල හිමිව තිබේ.
+ හ්ම්
- ඔබ වහන්සේ සිතනාකාරයට මෙලොව සදාකල් පැවැත්ම අදුරද එලියද ?
+ ඒ කිමෙක්ද
- මේ විශ්වය තුල සදාතනික පැවැත්ම ඇත්තේ අදුරද ? ආලෝකයද ?
+ එහ් මෙතෙක් නොසිතු ගැටලුවකි....
- අඳුරය රජුනි අඳුරය ..! ලොව සදාතනික සත්‍ය එසේත් නැතිනම් මුලු විශ්මයම නිතරම පවතින්නේ අඳුරකය. ඒ අඳුර පලවා හරින්නට තැන් තැන් වල ඇති කුඩා පන්දම් වැනි සූර්යයන් බොහෝ සිටිති . අප සූර්යයාද එකකි. අඳුරෙහි ශක්තියක් නැත .. වරදවා නොගන්න. ශක්තියක් යොදවා අඳරු කල යුතු නැත ඒ නිබදවම පවතී..
එහෙත් එලියක් ලබාදීමට ශක්තියක් උවමනාය.. සූර්යයාද ශක්ති ජනනයකි. ඒ ශක්තිය අපටද ලැබේ එයින් අප ජීවත් වන්නෙමු. මේ පොලෝ තලයේ වන්නා වු භ්‍රමණයක් නිසා අපට හිරු නැග ඒමත් බැස ඒමත් දැනේ .. එහෙත් එසේ කිසිවක් නැත සිදු වන්නේ අප භ්‍රමනය වෙමින් ගමන් කිරීම පමනි. එසේ සූර්යයා අපට මුවාවක් වන විට චන්ද්‍රයාගේ සහය ලැබේ. එනම් සූර්යයාගේ චන්ද්‍රයා මතට වැටෙන ආලෝකයේ පරාවර්තනයක් නිසා විශ්වයේ පවතින සදාතනික ඝන අදුරුන් අප වැසේන්නේ නැත.
+ එසේ නම් අමාවක ?
- රජුනි ඔබ දන්නේදැයි නොදැන්නෙදැයි නොදන්නෙමි. එහෙත් අමාවක , ඉරරාහු ගිලීම - සඳු රාහු ගිලීම ලෙසින් හදුන්වන මේ පොලවට පතිත වන සූර්යය ශක්තිය ගිලිහී යන්නා වූ රැයක් නොව ඉතා කුඩා මොහොතක හෝ පවා තුන් ලොව තුල බිහිසිසු සිදුවීම් සිදුව්නනේමය. බොහෝ විට නපුරු බලවේග , දුුෂ්ට ආත්මයන්, සක්වල යුද්ධ , අවධිවීම් , ආරම්භ වීම් - බලවත්වීම් වන්නේ මේ මොහොතයන් වලදීය.
+ අමාවක දිනට එතරම් භයංකාර නැත .. ඔබ පවසන අන්දමට මහා බියකුරු විශ්වීය අදුරක් නොදැනේ.
- හහ් හහ් හ්හ හ්හ රජුනි ඔබ තවම එය දැක නැත. ඒ ගැන සිතාවත් නැත.
+ කුමක්ද ?
- ඔබට පුලුවනිද මවා ගැනුමට ඔබ සිටිනා ස්ථානයෙන් එහා මෙහා තියා ඔගේ මහපටැගිල්ලක් වත් අතැගිල්ලක් වත් ඔබට නොපෙනෙන කලුවරක්. අදුරේ කෑ ගසන මැඩියෙකු, රැහැයියකෙු නොහඩන හෝරාවක් . හිවලෙකුද හූ නොතියන බල්ලෙකුද උඩු නුබුරන රැයක්, රජුනි කෑ ගැසූවත් පිලිතුරු දීමට කිසිවෙක් නොමැති ගසක කොලයකුදු නොසෙල්වන හූම් හඩක් වත් නැති මොහොතක්....
+ නැත
- අදුර යනු එයයි රජුනි. විශ්වීය අදුර යනු එයයි. ඔනෑම බල සම්පන්නයෙකු - වීර සම්පන්නයෙකු ඒ මහා මූසල අදුරට බියයි රජුනි.. ඔබ වහන්සේටත් කිසිදු දිනයක එවැනි රැයක් උදා නොවේවායි මාගේ පැතුමයි
+ රැය අමාවක වුද මාලිගයෙහි විලක්කු, පන්දම් හෝ මේ කාමරයෙහි ඇති පහන නිසාවෙන් හෝ අදුර ගැන එතරම් බියක් දැනි නැත.
- එසේය ඒ සියල්ලම ශක්තීන්ය.. ඒ අදුර නැසීමටය.. රජුනි නැවත පවසමි ලොව නිබඳවම පවතින සදාතනික සත්‍ය අඳුරය ! එය නැසීමට නම් ශක්තියක් අවැසිමය... ! බිය නොවන්න අප තුලද ඒ ශක්තිය ඇත.!
+ එසේද ?
- එසේය මා පැවසුවාක් මෙන් මේ ලෝ තලයම නිතරම අදුරින් වැසි පවති, ඒ දෑසට පෙනන ආලොකය ලෙසින් වත් දිවා රෑ ලෙසින් වත් නොගන්න, ගුණ හා නුගුන - හොද හා නරක - ශිෂ්ට හා අශිෂ්ට ලෙසින් ලෝ වැස්සක් කෙරෙහි දකින්න.. ආන්න එවිට ඔබ වහන්සේට මේ ලොවහි වැඩි පුරම ඇත්තේ ගුණ ද නුගුදැයි දැක ගත හැකිය. අප කෙසේ සිතුවත් සම විටම සෘනාත්මකය මේ ලොව වසා ගෙන සිිටියි, අප සිත වසාගෙන සිටියි...
එනම් ,
නපුර - නුගුන - අශිෂ්ට - අධරෛ්ය- අධර්මික - උදාසීනය - තණ්හාව ආදී දේය...!
එ් නසා දමා මේ ලොව එලිය කිරීමට නම් ශක්තියක් අවශ්‍ය වන්නේමය , ඒ අදුර එලවා දමා සූර්යයා නැග එන්නා සේය.
මේ ලෝකයෙහි පවත්නා අදර නැති කිරීමේ ශක්තිය අප තුල ද ඇත ඔබ තුලද ඇත සෑම මනුශ්‍යකු තුලද අනෙකුත් ලෝ වැස්සවුන් තුලද ඇත .. අවශ්‍ය වන්නේ ශක්තියක් පමණි....
මේ සියල්ල ඉන් ඒකාලෝක කර මුදවා ගත හැකිය...
සෑම මනුශ්‍යයෙක් තුලම දෙවියෙකු හා යක්ෂයෙකු ඇතැයි පිරුලක් පවතියි ඒ මා මේ කියන්නවු අදුර සහ ආලෝකයයි..! ඔබ තෝරාගන්නේ අදුරද ආලෝකයද යන්න ඔබට බාරයි.. එහෙත් අදුර නසා ආලෝකමත් කිරීම මෙලොවටත් එලොවටත් වැඩදායීවෙයි.
+ එයේය අභය එසේය පිළිගනිමි
--------------------------- කුරුළු--