Thursday, July 5, 2018

===== දසිස් 18 =====

( දහයකුත් සතක් වන කොටස හා සබැඳි )
==============================
සත්‍යයෙහි දෙකක් නැත ඇත්තේ එකකි !! විසි අටක් වූ බුදුන් වහන්සේලාගේ සියළු දහම විසි අටක් නැත. ඇත්තේ එකකි . බුදු වරු සියල්ලෝම එකම දහමක් දෙසත් ..!
+ සාධු සාධූ 
- මෛත්‍රී බුදුන් පහල වන සමයේම ඉපැදීමටත් , ධර්මය අවබෝධ කර ගත හැකි භවයක් එ වන විට ලැබීමටත් අප කුසල් වැඩිය යුතුය. නැතහොත් සුදොවුන් රජුගේ ගුරු අසිත තවුසාණන් සේ බ්‍රහ්ම ලොවක සුව විදිය හැක. එහෙත් බුදු බණ නැසේ.... මේ කල්පයේදී බුදුවරු පස් දෙනෙකු පහල වේ.. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම මෛත්‍රී ලෙසය ඒ. දැනටම ත් සිවු දෙනකෙු පහල වී අවසානය. ඉතිිව ඇත්තේ එක් අයෙකු පමණි. අප අතර අටවිසි බුදුවරුන්ගෙන් ම ධර්මාවබෝධය ලැබීමට නොහැකි වූවෛා් සිටිති. මේ ලකෙහි ඉපිද ගෞතම ධර්මය අනුව යමින් ඒ පිලිපදිමින් නොපමාව කුසල් රැස් කරන්න රජුනි රට වැස්සාටද ඒ වපුරන්න...!
අපට ලඟම ඇත්තේ මෛත්‍රී බුදු සමයයි ..!
+ අහෝ... මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨය.. ඒ නිසි මගට යොමු කල යුතුය.. මා හිතාදර ථේරපුත්තාභයනි බුදු දහම මේ ලකෙහි වැපිරීමට මා හට ශක්තිය දෙන්න..
—————————————– අද එතැන් සිට
- ලැබේවා රජුනි පතනාකාරයෙන්ම ලැබේවා. මා සිතනාකාරයට බුදු දහම ගැනද ඔබ තව දත යුතුය ඒ ඔබ රකින්නට යන්නාවූ දේපිලිබදව මනා අවබෝධයක් ලැබීම මැනවැයි මා සිතනා නිසාවෙනි
+ එසේය එය මැනවි වඩා වැඩදායක විය යුතුමය. දැනුවත් කරන්න ඒ ගැන
- මේ විදයාවන් නවය ගැන නිරතුව සැගවුන ඉගි ඔබට ලබා දී තිබේන්නෙ බුදු සමයද ඇසුරෙන්මය. ඒනම් ධර්මාශෝක රජුන් ජම්බුද්වීපය තුල ධර්ම ප්‍රචාරය කිරීමට අප නව දෙනා උපයෝගී කරගත්තා මෙන්ම එතුමා වෙනත් රටවල් වලටද ධර්මය ප්‍රචාරය කිිරීමේ උනන්දු වීයත ඒද අප අනුදැනුම ඇතිවය.
+ අසා ඇත්තෙමි අපටද බුදු දහම ලැබුනේ එහි ප්‍රතිඵලයක් වශයෙනි
- නැත මේ ලක ට බුදු දහම ගෙනආවෝ ගෞතම බුදුන් වහන්සේමය.. ! ඊට ප්‍රථම රාවණයන් ට දහම් දෙසීමට කාශ්‍යප බුදුන් වැඩම කලෝය.. මා පෙර පැවසුවාක් මෙන් සත්‍ය නම් එකක් මය , බුදු වරු එක් සත්‍යයක්ම දේශනා කරති.
+ එතකෙට මිහිඳු මා හිමියන්?
- උන් වහන්සෙ සිදු කලේ ධර්මය රැකීමකි. ඒ හැරත් මහියංගනය - නාගදීපය කල්‍යානය - ශ්‍රී පාදස්ථානය අැතුළු සොළොස්ස්ථානයකට වැඩම කර ධර්මය දෙසීමෙන් ඒ අසා ලකෙහි විසු ජනයා සෝවාන් ළුූ බව නුඹ අසා නැතිද ?
+ අසා ඇත්තෙමි, නාගදීපයේ පමණ් අසූ කෙලක් නාගයනින් සෝවාන් වූ බව අසා ඇත්තෙමි, කල්‍යානි ස්තූපයේ අගනා මැණික් පුටුවක්ද නිදන් කල ඇති බව අසා අත්තෙමි, එපමණක් නොව සුමන සමන් දෙවි අඩවියේ පා සලකුණද ඇති බව දනිමි.
- එසේනම් ඒ දහම වැළද ගත් සියළු දෙනාම මේ වසර පන්සියයකට ආසන්න කාලය තුල වැනසී යත්ද ? සෝවාන් වූවන් එය පවත්වා ගත නොහීද ? විමසන්න රජුනි තිස්ස රජු තම නාමයෙන්ම ආමන්ත්‍රනය කරන්නෝ කවුරුනදැයි බැලු කල කසා වත් පොරවා ගත් ශ්‍රමනයන් දැක දැමුනු හැටි.. එය එසේ නම් බුද්ධ පුත්‍රයන් හදුනා ගැනීමේ හැකියාවක් තිස්ස රජු තුල තිබිය යුතුය ඔහු ඉන් පෙර දැක තිබිය යුතුමය.
+ ඔහ් ඒ මට කල්පනාවට ආයේ නැත.. අනෙක් අතට මා කුඩා කල සිටම මලය රටේදීද යම් යම තොතුරු කතා වෙනවා ඇසීමි. ඇතැමෙක් මේ ධර්ම ප්‍රචාරණයක් නොව ධර්ම ආක්‍රමණයකැයි කියූහ.
- රජුනි ඒ ඇතිය. නුඹ අවබෝධයෙන් කටයුතු කරන්න සිතීම නුඹට බාරය. කේසේ වුවත් වී ඇත්තේ යම් තාක් දුරට හොදක් යැයි සිතන්න. බුදු දහම වුව සදා කාලික නැත. ඒ සදා කාලික වූ වානම් අපට අට විසි බුදු වරුන් ගැන අසන්නට ලැබෙනුයේ නැත. එක් බුදු වරයෙකුගෙන් පසුව කාලයක් අවැමෙන් සත්‍යා සැගවේ.. ඉන් පසු තවත් බුුදු වරයෙකු පහල වේ.
+ හ්ම් එසෛ්ය
- ගෞතම මුනිදුන්ගේ ධර්මය ද ක්‍රමයෙන් පිරිහී යන්නට වෙයි. එය අතීතයේ සිටම වේ වන තුරුත් මින් ඉදිරියටත් වෙමින් පවතින්නකි. එසේ ඉදිරියට ඉදිරියට ගිය තන්හි ගෞතම බුදුන්ගේ දේශානා මේ යැයි සොයා ගැනීමට උගත ගැනමට පවා අපහසු වන තරමට වල් වදිනු ඇත. ඇතුමන් යම් යම් ධර්ම කොටස් කඩා ගෙන ගොස් වෙන වෙන ධර්ම නිකායවල්ද ? නිර්වාණ අවබෝධයේ මග දුරක් සාක්ෂාත් කර ගත්තවනු් තවත් දුරටත් උත්සාහ කරමින් සිටින්නාහ.
එවන් කාලයක මෛත්‍රී බෝසතුන් පහල වන්නාහ.
එතුමන් එකල ලොව පවතින ධර්මයන් උගන ගනු ඇත. උන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු එකල මිනිසුන් පෙර පැවති ධර්මයට මිත්‍යාදෘෂ්ටීන් යැයි කියනු ඇත. දෙසටැක් මිත්‍යාදෘෂ්ටි යයි හදුන්වන්නේ බුදු කෙනෙකුන් සත්‍ය ලොවට හෙලි කල පසුය.ඊට පෙර ඒවා අනුගාමිකයන් සහිත ශාස්තෘෘවරයෙක් සහිත ආගම්ය.
සිදුහත් බෝසතානන් ද බුද්ධත්වයට ප්‍රථම උගත් දෑ ද අනෙකුත් ධර්මතාද සමහරක් ප්‍රතික්ෂේප නොකර තමන්ගේ ධර්මය තුල තිබීමට ඉඩ හැරීය.
“ උපනිෂද් “ ධර්මය බොහෝ සෙයින් ගෞතම බුදු දහම තුල යෙදී ඇත්තේ ඒ නිසාවෙන් යැයි සිතමි. බාගදා ඒ උපනිෂද් යනු කස්සප බුදුරදුන්ගේ දහම කලෙක වල්බිහිවූ පසුවිය හැකිය.
මහා මායා දේවීයද පන්සිල් සමාදන්ව සිටි බවක් ඔබ වහන්සේ දන්නවා ඇති
+ දනිමි, ඇ සිල්වත් කාන්තාවකි
- එසේනම් ඒ ගෞතම බුදුන්ට පෙර දෙයකි
+ හැබෑවටම
- ඒ මිත්‍යා දෘෂ්ටීන් අතර ගෞතම බුදුන් දේශනා කර පසු කලෙක වල් වැදුනු බුදු දහමද තිබෙනු ඇත. නමුත් එය පිරිසිදු සත්‍යම නොවනු ඇත.
මෛත්‍රී බෝසතුන් ඒ සියලු ධර්මයන් අධ්‍ය්‍යනය කොට තම බෝධි මූලයෙහි අවසන මෙනෙහි කරමින් සත්‍ය මේ යැයි අවබෝධ කොට ගෙන “ මෛත්‍රී බුදු දහම “ දේශනා කරනවා ඇත. එයට කැමති නමක් එකලට ජීවත් වන්නන් යොදාගන්නවාද ඇත.
මෛත්‍රී බුදුන්ද ඒ ලෙසින්ම ගෞතම බුදන්ගේ හෝ වේවා මේ වර්තමානයේ පවතින ධර්මයන් ගෙන් සත්‍ය දෑ එලෙසින්ම තිබෙන්නට ඉඩ තබනු ඇත.
+ පැහැදුනෙමි චේරපුත්තාභයනි පැහැදුනෙමි ....
- ඒ කෙසේවතේත ඔබ වහන්සේ අවධාරණය කල යුතු කාරණා කිහිපයක් නැවත මතු කරන්නම් ..!
* විජය රජුන් මෙරටට එද්දි කුවේණිය කියන්නෙ අපේ රටේ රැජින නිකං නෙවෙයි යක් පරම්පරාවක මන්ත්‍ර දන්න තමන්ගේ වේශය වෙනත් එකකට මාරු කරන්න පුලුවන් බල සම්පන්න යක්ෂ රැජිනක්.
* එතුමිය හිටියෙ කපු රෙදි වියමින් ඒ කිය්නනෙ ලකෙහි සියල්ල වස්ත්‍රයෙන් සැරසුන මිනිස්සු.
*එපමණක් නෙවයි විජය හරවා යවන්න උපුලන්වන් විශ්නු දෙවියන් විජය ඉදිියට ගියා ඒ මේ ලකට වන විනාශය වලක්වන්න.
*කුවේණිය විජය එක්ක පැමණිය අනෙකුත් හත්සියයක් දෙනාවම හිරකරගනු ලැබුවා. ඔවුන් නිදහස් කලේ යම් එකග තාවයකට පසුව මිස පරාජයකට පත්ව නොවයෙි.
*විජය රජුගේ මිත්තණිය විවාහ වන්නේ සිංහයෙකු සමඟිනි. ඇය එම සිංහයාට දාව දරුවන් දෙදෙනෙකු වදන අතර සිංහයා විසින් මෙම තිදෙනා ව කැලයේ තිබෙන ගල් ගුහාවක සිර කොට තබයි. දිනක් මෙම තිදෙනා ගල් ගුහාවෙන් පැන යන අතර පසුව කුමරියගේ පුත් සිංහබාහු විසින් තම පියා වන සිංහයා ව මරා දමයි. ගැමුනු රජුනි සිංහයෙකු සමගින් විවාපත් වීම ගැන ඔබගේ අදහස විමසන්න. විජය රජුගේ මිත්තනිය කැලැය තුල යමින් සිටියදීයි මේ සිංහයාට හසු වන්නේ.. ඒ සිංහයකු ම විය හැකිද නැතිනම් සිංහයෙකු මෙන් මිනිසෙකු විය හැකිද ? ඒසේ නම් රජුනි සිංහ මිනිසුන් සිටියෝ කොහිද ?
* ඊට පරෙ බුදුන් වැඩි සමයේ පැහැදිලිවම යක්ෂ නාග - රාක්ෂ- දේව ලෙසින් මහියංගියනය - නාග දීපය - කලයානය - සමනොල ලෙසින් ගෝත්‍ර සිටිය බව සිතට ගන්න
* ඔවුන් ඉතා දියුනු කොටස් බවත් නාග රජුන් දෙදෙනා මැනික් ඔබ්බවා වැඩදැමූ ආසන පවා භාවිතා කල බව සිහියට ගන්න
* බුදුන් වැඩිය පසු ඒ සිහි වීමට ස්තූප ඉදි කල බවත් ඒ සදහා ආවශ්‍ය තාක්ෂණයත් තිබුන බවත් සිතට ගන්න
* එපමනක්ද නොව අපි උපතින් හෙළයො – හෙලයොන්ගෙත් යක්ෂ නම්..
ඒ හැර දේව රාක්ෂ නාග ගෝත්‍ර වලත් වෙන්නත් පුලුවන්.
මුලින්ම යක්ෂ ගෝත්‍රිකයන් සිටිය මහියංගනයට. එහිදි තමයි සමන් කියන දේවතාවා සෝවාන් වුනේ …
ඊටත් පස්සේ නාගයො හිටිය ස්ථාන ද්විත්වයක් නාගදීපය සහ කැලණිය සිවුවෙනියාට දේව ගෝත්‍රය ජීවත් වුනාකියන ශ්‍රිපාදය ට …. !!
ගෞතම කියන්නෙ උන්වහන්සේගේ නාමය..!!
බෞද්ධ බෝ සත් කියන්නෙම බුද්ධිමත් – අවබෝධයට පත් කියන එක, බුද්ධිමත් මිනිස්සුන්ට පමණක් අවබෝධ කර ගත හැකි ධර්මයක් ……
-------------
හොදින් විමසා බලන්න ප්‍රඥාවන්ත වන්න රජුනි..!
බුදුබව ලබන්නේ වෙසක් පුර පසලොස්වකයි,
පොසොන් ඇසල දෙමාසයකට ආසන්න කාලයක් සත් සතියය යැයි අප අසා ඇත්තෙමු. නිකිණි මස වස් කාලය ආරම්භයයි. තෙමසක් එනම් නිකිනි බිනර වප් මාස තවුතිසාවේම වැඩ සිට සංකස්ස පුරයට නැවත වැඩම කරන ලදී.
ඉල් පොහොයේදී ප්‍රථම රහත් හැට නම ධර්ම ප්‍රචාරය ආරම්භ කරන ලදී ඒ උදුවප් පොහොය දක්වාම දිගින් දිගටම පවතිත්දී තවත් දහම් දේශනාව කල යුතු ස්ථාන තිබිය හැකි වුවත්
" බුද්ධිමත් මිනිස්සුන්ට පමණක් අවබෝධ කර ගත හැකි ධර්මයක් " වන ගෞතම බුදු දහම කලගුණ සැලකීම අනුව යමින් තම ගුරුවන් සොයා බලා ඊලගට තම උපස්ථායකටන් ඇතුලු පිරිස නිවන් මග ගමන් කරවා තවුතිසා දිව්‍ය ලෝ තලයට වැඩම කොට බුදු දහම එහි පතුරුවා ඉන් අනතුරුව දඹදිව පුරා හැට නමක් පිටත් කර හැර...
මහා ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඊලග මූලික කාර්යය ලෙසින් තොරාගත්තේ මේ හෙළ ද්වීපයයි. බුදුන් වහන්සේ මේ හෙල ද්වීපයට වැඩම කරන්නෙ බුද්ධත්වයෙන් නව වෙනි මාසයේ..
නවය එතනත් විශේෂයි රජුනි..එතනත් විශේෂයි
ඉදින් මේ හෙළයට , ලකට කාශ්‍යප බුදුන්වහන්සේගේන් පමණක් නොව ගෞතම බුදුන්ගෙන් පවා අගය කිරීමක් ලැබුනා රජුනි..
ධර්මය තෝරා බේරාගෙන අවබෝධ කර ගෙන නිවන් මගට පිවිසිය හැකි විශාල පිරිසක් මේ ලක තුල එදත් සිටියා අදත් සිටිනවා..!!!
+ ඉතාමත් විශ්මය ජනකයි ථේරපුත්තාභයනි !!!! මේ හෙල දෙරණත් ගෞතම බුද්ධ ශාසනයත් රැකීමට මා හට සිතේ පෙරට වටා ශක්තියක් භක්තියක් ගොඩ නැගී තිබේ..! නුඹට පිං ..!
====================== කුරුළු ===

දසිස් විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/04/29/dasis-18/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 17 =====

( දහයකුත් සයක් කොටස හා සබැඳි )
==============================
+ එසේනම් ත්‍රිමූර්තිය යනු රාවණයන්ට ඉහලින් සිටි පාලනාධිකාරියකි..
– ඉහලක් පහතක් නැත.. ඊට සමාන වූ එකම තැනැත්තා රාවණයන් පමණකි. හෙතෙම මනුෂ්‍යයෙකි. කිසි විටකත් දේවත්වයක් නොපැතූවෙකි. නිවන් මග පැතූවෙකි..
+ ඔහ්…… රාවන නිරිදුන්ද නිවන්මාර්ගය පැතුවේද මා ඒ ගැන නොදනිමි..!
– එසේය .. එහෙත් ඒ මේ තුන් ලෝ වැස්සන් සියළුම දෙනා නිවන් දුටු පසු අවසානයට තමන්ට නිවන් අත්වේවායි ඒ පැතුමයි. ඒ අවසාන සත්තවයා තෙක්ම හෙළය රැකීමේ පරම අදිටනයි.
+ ඒ නිසයි එතුමා කාෂ්‍යප බුදුන් වහන්සේ ගෙන් ධර්මය අසා නිර්වාණවබෝධය නොලද්දේ..?
– එසේය .. මතු බුදු බව ලැබීම පත්න්නා සේම ඒද සාදු චේතනාවකි. !
ත්‍රිමූර්තිය වන බ්‍රහ්ම විශ්ණු ඊශ්වර හා උසක් පහතක් නැත එහෙත් මහා දසිස් රාවණයන් පිදිය යුත්තන් පිදූ මහා මනුශ්‍යයෙකි ..!
—————————————– අද එතැන් සිට
+ එසේනම් බුදුන් වහන්සේ ගැන කෙසේද ? මේ හින්දුන් විසින් වදින පුදන මහා දේව ත්‍රිමූර්තිය හා බුදුන් වහන්සේ සමවන්නේද ?
- බුදුන් වහන්සේ සම කිරීමට කිසිවෙකුටත් නොහැක.
+ එසේනම් මේ ත්‍රිමූර්තියක් ??? ලෝක පාලනයක් මට නොතේරේ.
- අන්තොජටා බහී ජටාය
+ ඒ කිමෙක්ද ?
- ඇතුලෙත් ගැටය ඔබ වහන්සේට පිටත් ගැටය..!
+ හහ් හහ් හහ් හ්හ
- මේ අන්ත දෙකක මාර්ග දෙකකි රජුනි. රාවන නිරිදුන් හා විදයා නවය පිළිබදව විස්තර කිරීමේදී ද මා ඒ පටලවා නොගන්නා ලෙස නුඹගෙන් ඉල්ලීමක් කලෙමි. මෙහිදීද එසේමය. බුදුන් වහන්සේ සිටින්නේ තමා මුල් කොට ගත් මමත්වය නැසීමේ යුද්ධයක් නිවීමටය.. ත්‍රිමූර්තිය අනුන් උදෙසාය. බුදුවරයෙකු ලොව පහල වන්නේද මේ ලොව තුල පවතින්නා වූ අසමතුලිතය යම් තරමක් දුරට තුලිත කිරීමටය. එනම් නිවන් මග කියා දීමටය.
+ ඉදින් ඒ මාර්ගය කියා දීමට මහා බඹුන්ට බැරිද ?
- බුද්ධත්වය ලඝු කොට නොගන්න. බොහෝ දෙනා මා පෙර පැවසු පරිදි නවයක් වු විද්‍යා විලින් එක්ක හෝ දෙක තුනක් දැන ඒ තුල ගිලී විජ්ජාවන් පෙන්වමින් ලෝ මුලා කරති. දේව බ්‍රහ්ම ලෝ තල වල පවා එවැන්නවුන් සිටිත්. මහා බඹුන් - මහා විශ්නු - ඊෂ්වරයන් සිටින්නේ ඔවුන්ව පාලනය කිරීමටය. බුදුන් වහන්සේ යනු ද රාවණයන් වැනිම මනුෂ්‍යයෙකි.. දෙවියෙක්, බ්‍රහ්මයෙ හෝ යකෙකු නොනොව ඔබ තුමන් වැනිම මනු ලොව ඉපිද ධ්‍යාන වඩා වීරිය කොට බුද්ධත්වය ලබන්නෙකි. ඒ බ්‍රහ්මයාටවත් ඉගැන්විය නොහැක තමාම කල යුත්තකි.
+ හොඳයි එසේ ත්‍රීමුර්තිය විසින් නිසි අයුරින් පාලනය වන්නේ නම් බුදුවරයකුගේ අවශ්‍යතාවක් වේද ? ඔවුනේගේ පාලනයේ සමතුලිතය බිදී මිනිසුන් දුසිල්වත් වු පසුද බුදුවරයෙකු පහල වන්නේ...
- රජුනි , ඔබ දන්න ඉතිහාසයට අනුව සිදුහතුන් පහල වූ වකවානුවේ ඔබ සිතනාකාරයට බුදු වරයෙකුගේ අවශාතාවයක් පැවතුනේද ?
+ නැත. එකල කිසිදු යුද්ධයක් නැති සස්‍රීක කාලයකි, වාසයට සුදුසුම කාලයකි. ඇරත් සිදුහත් කුමරු තම උපතට පෙර පස්මහ බැලුම් බැලුවා යැයි මා අසා ඇත්තමෙි. ඒ කාලය - දීපය - දේශය - කුලය සහ මව යැයි ද දනිමි.
- ඔබ සිතනා කාරයට බුදුවරයෙකු පහල විය යුත්තේ එසේමනම් එවන් වු කාලයක නොවිය යුතුය. චණ්ඩාශෝක යුධ සමයේය.
+ ඔහ්..
- බෝසතුන් කාලය හා දේශය මැන බලනුයේ ඇයි ද ?
+ බුදුවරයෙකුට පහල විය යුතු හොදම කාලය හා හොදම දේශය ලෙසද ?
- කාලය ද්වීපය දේශය කුලය මව ලඝු කොට නොගන්න ..!
කාලය යනු අප ගෙවාන කාලය නොව බෝසතුන් උපතට පෙර සිටින්නේ තවුතිසා දිවු තලයේය. එහි සිට බලන කල මනු ලොව කාලය ඇසිපිල්ලම් ගසන වේගයෙන් ගතවෙයි. එමනිසා කාලය මැන බලන්නේ මේ චක්‍රාවටයටම අයත් සදෙවු ලොවත් සතර අපායත් ඇතුලු තුන් ලෝකයටම යහපත් කාලයකි..! ඒ එනම් මේ සියළු ලෝක වෙසෙන වල වැසියන් බොහෝ දෙනෙකුට තමන් වහන්සේ අවබෝධ කරන බුද්ධත්වය පිළිගෙන නිවන් දොරටු විවර කර ගැනීමේ හැකියාව පතින්නා වූ කාලයයි !
දීපය හා දේශයද එසේමය.. ඒ මේ අප වෙසෙන ලෝ තලයේ ජම්බුද්වීපය ලෙස නොගන්න ඒද තුන් ලෝකය අනුවම මැන බලන්නකි. කුලයද එසේය මව ලෙස තෝරා ගන්නේ ද තුන් ලොවින්ම මනු ලොව කාන්තාවකි. !
පස් මහා බැලුම් සුලු කොට නොතකන්න .. ! ඒ හුදෙක් ඒ අවස්ථාවේ උන් වහන්සේ සිටි්නේ මෘතෘ දිව්‍යරාජයෙකුව සියළු දෑ පිළිබදව අවබෝධයෙනි. අප අපට තේරුම් ගත හැකි ප්‍රමාණය තුල පමණක් සිටගෙන මැන බැලු විටය බුද්ධත්වය ලඝු වන්නේ....
+ මා කිසිාදවත් සිතා නැත ථේරපුත්ථාභයනි මෙවැනි දැෑ. පුදුම වෙමි. මේ සා වටනා බුදු දහමක් රැකීමට මා ඉදිරිපත් වීම මට ගෞරවයක් ලෙස සලකමි.
- අපද ඔබ වහන්සේ හා එක් වූයේද ඒ නිසාවෙනි රජුනි. බුදුන් වහන්සේ කෙනෙකු මේ ලොව පහල වන්නේ මේ ලොව නරකින් පිරී ගිය විට නොව රජුනි ..
+ එසේනම් ..!
- නරක හා හොද සංඥා ඇති මිනිසුන්ගෙන් - දෙවියන්ගෙන් - බඹුන්ගෙන්
ආදී කොට ගත් තුන් ලෝ වැසියන්ගෙන් බහුතරයක් කුසල් පිරුණු ඇත්තන් වූ විටය. කෙටියනේ කියතොත් බහුතර සක්වල සමාජයේම සතත්වයන් ගුණයෙන් කුසලයෙන් දහමින් පිරුණු විටය. සිදුහත් උපත වූ කාලය හා මැන බලන්න රජුනි. බොහෝ දෙනෙක් සැදැහැතිය. ඇතැමුන් සත්‍ය සොයා අරණ්‍ය ගත වීය. අතැමුන් ධ්‍යානපල ලාභීන්ය. සිදුහත් කුමරුන්ගේ මව වන මහාමායාදේවීන් පවා පන්සිල් සමාදන්ව සිටි බව ඔබ අසා ඇති.
+ හැබෑවක් ම නේවනේනම් ..! එසේ නම් බුදුන් පහල වූ කාලය ඉතා සෂ්‍රීක කාලයක්.. දැහැමි සමාජයක් - මහණුන්ට ගරු කරන්නාවූ - අරථයෙන් ධර්මයෙන් පිරි සමාජයක්.. එවැනි සමාජයකයි බුදුන් පහල වූයේ..!
- එසේය රජුනි.. බුදු වරයෙකු පහල වන්නේ එවන් වකවානුවකයි... බුදු වරයෙකුගේ කාර්යය වනුගේ ඒ ඒ කාලයක තුල දැහැමින් පිරි තුන් ලෝ වැසියන්ට නිවන් මාර්ගය පෙන්වා ඔවුන්ට උදවු කිරීමියි.
+ කුසල් ඇත්තෝ එසේ යත් නම් ඉතිරිය !
- ඉතිරිය කුසල් මඳ ඇත්තන්ය. යලිත් බුදුවරයෙකු පහල වන තුරු මේ සසර ගමනෙහි යෙදී සිටිති. මේ අප වැන්නවුන්ය. නොපමාව කුසල් රැස් කල යුතු බවට ගෞතම බුදුන්ද දේශනා කලේ ඒ නිසාවෙනි.
+ ගෞතම බුදුන් ද යැයි ඔබ සඳහන් කලේ ඇයිද ?
- මහ රජුනි, බුදු වරු විසි අටදෙනෙකු ලොව පහල වූ බව ඔබ දනිත්, ඒ කවර අවස්ථා වල විය හැකිද ?
+ අනිවාරයෙන්ම මේ ලොව සශ්‍රීකව පැවති අවස්ථා වල විය යුතුය.
- නිවාරදි ය. ත්‍රිමූර්තිය විසින් චක්‍රාවාටයම පාලනය කලත් මා පෙර පැවසූ පරදි කුසල් ඇත්තවුන්ට තම ක්ෂාන්තිය ලගා කර ගැනීමට නිවන් දොරටු හරින්නෝ බුද්ධ වංශීකයෝය..! ත්‍රිමූර්තියෙන්ද ඔවුන් වැඳුම් පිදුම් ලබති. එ් ඒ කාලයට පැමිණ ධර්මාවබෝධ මාර්ගය දේශනා කොට යති.
සත්‍යයෙහි දෙකක් නැත ඇත්තේ එකකි !! විසි අටක් වූ බුදුන් වහන්සේලාගේ සියළු දහම විසි අටක් නැත. ඇත්තේ එකකි . බුදු වරු සියල්ලෝම එකම දහමක් දෙසත් ..!
+ සාධු සාධූ
- මෛත්‍රී බුදුන් පහල වන සමයේම ඉපැදීමටත් , ධර්මය අවබෝධ කර ගත හැකි භවයක් එ වන විට ලැබීමටත් අප කුසල් වැඩිය යුතුය. නැතහොත් සුදොවුන් රජුගේ ගුරු අසිත තවුසාණන් සේ බ්‍රහ්ම ලොවක සුව විදිය හැක. එහෙත් බුදු බණ නැසේ.... මේ කල්පයේදී බුදුවරු පස් දෙනෙකු පහල වේ.. කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම මෛත්‍රී ලෙසය ඒ. දැනටම ත් සිවු දෙනකෙු පහල වී අවසානය. ඉතිිව ඇත්තේ එක් අයෙකු පමණි. අප අතර අටවිසි බුදුවරුන්ගෙන් ම ධර්මාවබෝධය ලැබීමට නොහැකි වූවෛා් සිටිති. මේ ලකෙහි ඉපිද ගෞතම ධර්මය අනුව යමින් ඒ පිලිපදිමින් නොපමාව කුසල් රැස් කරන්න රජුනි රට වැස්සාටද ඒ වපුරන්න...!
අපට ලඟම ඇත්තේ මෛත්‍රී බුදු සමයයි ..!
+ අහෝ... මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨය.. ඒ නිසි මගට යොමු කල යුතුය.. මා හිතාදර ථේරපුත්තාභයනි බුදු දහම මේ ලකෙහි වැපිරීමට මා හට ශක්තිය දෙන්න..
=================
--- කුරුළු -----

දසිස් විඳන්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/04/28/dasis-17/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 16 =====


( දහයකුත් පහක්වන කොටස හා සබැඳි )
==============================
– රැද්‍රාවක ට මුහුණු ඇත. ඒ එකෙහි සිට විසි එකක් දක්වා තිබේ.එ හෙත් එකෙහි සිට දහය දක්වා මහා බලයක් පිහිටනු ලබයි. බොහොමයක් රුද්‍රාවන් දුලබය. එක් එක් මුහුණකින් ඒ ඒ රුද්‍රාවෙහි බලය කියැවේ..
+ ඔහු එසේ නම් මා සතුව… ගැන බලන්නෙමි… දහයකි..! හරියටම මුහුණු දහයකි..!
– මා සිතූ සේමය…. ! නව ගුන වැල පිළිබදව නුමට මතකැතැයි සිතමි.. අප නව දෙනා දොසොස් වතාවක් මෙලොව පහල වන්නාහුය ඒ සිද්ධි කිරීමට පහලවීම් ගුණාකාර අනුව එකසිය අටක රුද්‍රාමාලාවක් රාවණය්න් නිපදවීය. එහි සැබැවින්ම රුද්‍රාවන් එකසිය අටක් නොව නවයකි. එනම් එකසිය අට එකතු වන තැන අලලා ඒ සියල්ල එක් කොට ඇති බලගතු රුද්‍රාවයි. ඒ නුඹට ලැබී ඇත..! ඉදින් අප ශක්තීන් සියල්ල එක් කිරීමේ ශක්තිය නුඹට ලැබී ඇත්තේ මීට බොහෝ කලකට පෙරය. නුඹ විසින් සිදු කල ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙමින් පවතී.. එය එසේම වේවා ..!
+ එසේනම් ඒ පැමිණියේ කවුරුන්ද ?
– අන් කවරකුත් නොව ත්‍රි මූර්තියේ මේ ලොව නිර්මාණකරු ලෙස හදුන්වන්නා වූ දසිස් රාවණ මහ රජාණන් වහන්සේගේ මුත්තනුවන්ගේ පියා වූ ද මහා බඹුන් ම ය ..!
—————————————– අද එතැන් සිට
+ මහා බ්‍රහ්මයන් වහන්සෛ්ද ? එ් භාවනාවත් හින්දුන්ගෙන් පැවතගෙන ආවක් තමා. සැබැවින්ම තේරපුත්ථාභයනි මේ ලෝකයෙහි ඇතිවීම පැවතීඹ නැවතීම තීරණය කරන්නුයේ ත්‍රිමුර්තිය වන මහා බ්‍රහ්ම - විශ්නු - ඊශ්වරයන් විසින්මද ?
- රජුි ඒ තමා දුරට මාගෙ අවබෝධයක් නැත එහෙමත් මෙපමණක් දනිමි එනම්, සමාජයක පාලනය විවිධාකාරව බෙදී පවතී. මුලින්ම පවුලක පාලනය, කුඩා ගම් මට්ටමින් ප්‍රාදේශිය වද , නගර පාලනය, රැහුනු මායා පිහිට පලාත් පාලනය ගැන උඹ දතැයි සිතමි ඉන් එහාට ඔබ වහන්සේ පතන්නා වු හෙලය ඒකත් ඡත්‍ර කිරීමෙන්ද එකම පාලනයකට යටත් වේ, ඊට අමතරව මේ ලෝකයම එක අණකට ගෙන චක්‍රවර්තී / සක්විති පාලනය ද, ඉන් එහාටත් ගියහොත්, මහා සම්මත මනු, හිරන්‍ය කාෂ්‍යප භිම කාශෂ්‍යප, බලි තරු රාවණ ආදී තුන් ලොව පාලනය කල පාලන ක්‍රමයන්ද තිබේ..
+ එසා විසාලව නොසිතුවෙමි.. ඒ ලෙස බැලු කල්හි රාවණයන් තරම් වීමට සීතිමට පවා බිය විය යුතුය. තුන් ලොව පාලනය යනු මනුස්ස ලෝකය දිව්‍ය ලෝකය හා අපාය යන්නද ?
- වන්නෙද නැත නොවන්නෙද නැත. ඒ විවිධාකයෙන් හදුන්වයි. ගෞතම බුදු දහමේ අයුරින් ගත් කල සත්ත්වලෝකය, සංස්කාරලෝකය, අවකාශ ලෝකයයි .. එය තව දුරටත් හදුන්වන්නේනම්..
කාම ලෝක එකොලහකි.
මිනිස් ලෝකය
තිරිසන් ලෝකය
නිරය
ප්‍රේත ලෝකය
අසුර ලෝකය
චාතුර් මහා රාජික දිව්‍ය ලෝකය
තාවතිංස දිව්‍ය ලෝකය
යාම දිව්‍ය ලෝකය
තුසිත දිව්‍ය ලෝකය
නිම්මානරති දිව්‍ය ලෝකය
පරනිම්මිතවසවර්ති දිව්‍ය ලෝකය
ඔබ වහන්සේ දන්නා ලෝක අයිති වන්නේ මේ ලෝක වලටය. එහෙත් ඒ සියල්ලම එකම කුලකයක් ලෙස දැක්වේ . ඊට අමතරව තමත් ලෝ කුලක දෙකක් ඇත.

රූප ලෝක දහසයයිකි
බ්‍රහ්මපාරිසජ්ජය
බ්‍රහ්මපුරෝහිතය
මහාබ්‍රහ්මය
පරිත්තාභ
අප්පමාණභ
ආභස්සරය
පරිත්තසුභ
අප්පමාණසුභ
සුභකිණ්ණ
වෙහප්ඵල
අසඤ්ඤසත්තය
අවිහ
අතප්ප
සුදස්ස
සුදස්සී
අකනිටිඨ

එමෙන්ම ,
අරෑප ලෝක හතරයකි
ආකාසානඤ්චායතනය
විඤ්ඤාණඤ්චායතනය
ආකිඤ්චඤ්ඤායතනය
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය
+ හහ්.. හහ් .. හහ්.. හහ්.. හහ්.... මා මිතුරු ථේරපුත්ථාභයනි නුඹ නම් දැනුම් ගබඩාවකි. එහෙත් මට මේ ටිකත් දැන්ම බර වැඩියැයි සිතමි. මේ රෑ බෝ සේ දිගු වේ යැයි සිතමි..
- අසන්න ඔබ මාගෙන් විමසන ලදුයේ බ්‍රහ්ම විශ්නු ඊශ්වර ගැනය ඔවුන් මේ තුන් ලෝකයටත් ඉහලින් මහා චක්‍රාවාට පරිමාණයෙන් පාලනය කරන්නෝ යැයි සිතමි.
+ ඒ කෙසෛ්ද තවත් පාලනයක් ? පෙර කී කාම ලෝක තුල ඇතුලත් දිව්‍ය ලෝක වල මේතුන් දෙනා නොසිටිත්ද ?
- නැතැයි සිතමි ඒවායෙහි පවතින්නේ මොවුන්ගෙන් පවතින්නන්ය. මා හැදින්වුවාක් මෙන් රාවණ නිරිදුන්ගේ මුත්තා වන පුලස්ති රිෂිතුමාගේ පියා වන්නේ මහා බ්‍රහ්මයි. එපමණක් නොව පුලස්ති ඍෂි හැරුනු කොට ඔහුට තවත් පුතුන් විස්සක් පමන සිටි බවට අසා ඇත්තෙමි.
+ එසේනම් පුලතිසි ඍෂි ගෙන් විශ්‍රව යන්ද රාවණයන්ද ආදී කොට ගෙන අප බිහිවුවාක් මෙන් අනෙක් පුතුන්ගෙන් අනේක් පිරිස් බිහි වූ බවද ඔබ පවසන්නේ..
- ඒ මේ මනු ලොව පමණක් නොව පෙර කී තුන් ලොව වසන සියළුම සතත්වයන් ගේ ඇතිවීමද විය හැකිය.. බාගදා තවෙකක් විය හැකිය,
+ තවෙකක් ,
- එසේය, මේ අප වැන්නවුන් සේම මේ ලොව හෝ වෙන යම් ලොවක ඉපිද මේ ඔබ වහන්සේ හෙලය එක්කොට පාලනය කරීමට වෙහෙසනවා සේම පිලිවලින් ගොස් තුන් ලෝකයත් අභිබවා ජය ගත් තිදෙනුකු විය හැකිය. ඔබ වහන්සේද මේ හෙළය එක්ඡත්‍ර කල පසු බුදු දහම වපුරන්නෝය, යහපත වපුරන්නෝය, නුඹ යටතේ සිටින්නාවූ සියලුම ජාති, කුල වලට අයත් මනුෂ්‍යන් සේම සත්ත්වයන්ද රැක බලා ගන්නාහුය දුකට පිහිටවන්නාහුය. ඔවුනගේ රැක වලා වීම ඒ බලාපොරොත්තුවයි. ඒ වෙනුවෙන්ම ඔබ වහන්සේද කැප වන්නේය. ඒ එලෙසින්ම ඊට ඉහලින් සිතන්න. තුන් ලෝකයටත් ඉහලින් සිට ඒ දිනා ගත් පසු ලෝකය පාලනය කරන්නාවු තිදෙනෙකු ගැන. ඔවුනට අනෙක් සියල්ලෝම ඔවුනගේ දරුවන්ය.
+ මහානිකුම්භිලා දේවී ???
- මැනියන් ගැන පැහැදිලි අවබෝධයක් හෝ ඇය සිටියා යැයි පැවසෙන කාල නිර්නයක් නැත. මාගේ අදහස නම් මේ ත්‍රිමූර්තියේ ශක්ති ප්‍රභවය ඇයයි. ඇගේ දරුවන් තිදෙනාට මේ බෙදි ගියා විය හැකියි. එයින් පසු මේ චක්‍රාවාට දිනූ වා විය හැක. නැති නම් මවගේ පසු මේ තුන් ලෝකය තුල හටගත් විෂමය නැති කර දැමීමට බ්‍රහ්ම විශ්ණු ඊශ්වර ඉදිරිපත් වී දින්නා ද විය හැකිය..
+ ඔවුන් තිදෙනා දීනුවෙක් නැතිද ??
- අප රාවණ මහ නිරිදුන් දෙවැනි වන්නේ බ්‍රහ්ම විශ්ණු ඊශ්වර ත්‍රිමුර්තියට පමණකැයි අසා තිබේ. එහෙත් රාවණ නිරිදුන් දෙවියෙකු ලෙස වන්දනා මානා නොකරන්නේ ම ය. මා දන්නා අයුරින් මේ මහා දෙවි ත්‍රිත්වයටම ඇතැම් අවස්ථාවල අභියෝග කිරීමට , කරදරයක් වීමට පවා රාවණා තේජස විහිදුනි. බ්‍රහ්මස්රයත් විශ්ණු චක්‍රය හෙවත් සුදර්ශන චක්‍රයත් ඊශ්වර ත්‍රිෂූලයත් එකවර දැරිය හැකි හැසිරවිය හැකි තුන් ලොව කෙනෙකු වේ නම් ඒ රාවණ පමක්මය. එපමණක් නොව බොහෝ දෙවු ලොව දෙවි නමස්කාර පවා ලැබූ අසුරයෙකි.
+ හ්ම්... බ්‍රහ්ම ඇති කිරීමත් විශ්ණු පවත්වාගනෙ යාමත් ඊශ්වර නැති කිරීමත් යැයි අසා ඇත්තමෙි. ඇති කිරීම හා රැකීම ගැන සිතිය හැක එහෙත් නැති කිරීම? ඒ පාලනයද ??
- රජුනි හොද සේම නරකත් එකම කාසියක දෙපැත්තය. නැති කරනුයේ නරකයි.. මවන්නේ චිත්ත පරම්පරාවකින් යුතු සතත්වයන් සමූහයකි.
එහෙත් ඒ ලෝක න්‍යායන් අනුව හොද හා නරක ලෙස බෙදී ජීවත් වේ. පැවැත්මට හොද හා නරක දෙකම අවශ්‍යය. විසක් නැසීමට විසක්ම උවමනාය. හොද වැඩි වීමත් නරකක් විය හැක . යම් කිසිහෙයකින් නරක ම ඉස්මතු වී හොද යටපත්ව යා නම් ඒ ද අප වැනි රාවණ බලයන්ටත් පාලනය කර ගත නොහැකි තත්වයක් නම් ත්‍රිමූර්තිය එලි බසින්නෝය.
+ එසේනම් ත්‍රිමූර්තිය යනු රාවණයන්ට ඉහලින් සිටි පාලනාධිකාරියකි..
- ඉහලක් පහතක් නැත.. ඊට සමාන වූ එකම තැනැත්තා රාවණයන් පමණකි. හෙතෙම මනුෂ්‍යයෙකි. කිසි විටකත් දේවත්වයක් නොපැතූවෙකි. නිවන් මග පැතූවෙකි..
+ ඔහ්...... රාවන නිරිදුන්ද නිවන්මාර්ගය පැතුවේද මා ඒ ගැන නොදනිමි..!
- එසේය .. එහෙත් ඒ මේ තුන් ලෝ වැස්සන් සියළුම දෙනා නිවන් දුටු පසු අවසානයට තමන්ට නිවන් අත්වේවායි ඒ පැතුමයි. ඒ අවසාන සත්තවයා තෙක්ම හෙළය රැකීමේ පරම අදිටනයි.
+ ඒ නිසයි එතුමා කාෂ්‍යප බුදුන් වහන්සේ ගෙන් ධර්මය අසා නිර්වාණවබෝධය නොලද්දේ..?
- එසේය .. මතු බුදු බව ලැබීම පත්න්නා සේම ඒද සාදු චේතනාවකි. !
ත්‍රිමූර්තිය වන බ්‍රහ්ම විශ්ණු ඊශ්වර හා උසක් පහතක් නැත එහෙත් මහා දසිස් රාවණයන්න පිදිය යුත්තන් පිදූ මහා මනුශ්‍යයෙකි ..!
-----------------කුරුළු ------
.
දසිස් විඳන්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/2018/04/26/dasis-16/
.
- Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

===== දසිස් 15 =====

( දහයකුත් හතර වන කොටස හා සබැඳි )
==============================
+ පවත්නා හෝ පැවතිය හැකි වන්නාවූ සමාජය පිළිබදව හැදැරීමේ විද්යාවව සමාජය පාලනය , වෙනස් කිරීම සමගින් එම සමාජයේ පරිනාමය පිලිබදව දැන හැකි ශාස්ත්රද ඇතුලත් මේ උගත් තැනැත්තාට දිවැස ලැබී ඉන් අනාගතය පිළිබදව ශාස්ත්රප – අනාවැකි කියැවීමේ හැකියාව ලැබෙනු ඇතැයි කී නව වන විදයාව විය හැක.

-අට වැන්න බුද්ධෝ නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්යබ තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන, ලෝකයාට ද අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

නව වැන්න භගවා නම් ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.
+ පැහැදුනි ථේරපු්තථාභයනි පැහැදුනෙමි
—————————————– අද එතැන් සිට
+ මේ නවයක් වූ විද්‍යාවන් පිළිබදව යම් පමණක අවබෝධයක් ලැබූවෙමි. මහා නිකුම්බිලා දේවියන් පිළබදවද – රාවණයන් පිළිබඳවද – ගෞතම බුදුන් වහන්සේ ගැනද – අශෝකයන් පිලිබදවද පෙර තිබුනාට වඩා අවබෝධයක් මා හට දැන් ඇත. හොදයි මේ විද්‍යාවන් මා දැන ගන්නෙ කෙසේද
– ඒ සදහා පළමුව ඒ මොනවාදැයි දත යුතුය
+ ඇයි ඒ පෙර සදහන් කල දැ නොවේද
– ශක්තීන් නවය එක එක කාලයන් තුල වෙනස් ආකාර ගනිති. මෙවර ඒ භාවිතාව සදහා ඒ හැසිරෙන්නාවු ආකාරය ගැන උගත යුතුය.
+ හොදයි මා කෙසේද ඒ හදනා ගන්නේ
– අප නව දෙනා අනුදක්නා විද්‍යාවන් නවයත් ඒ ශක්තීන් තුල නියෝජනය කරන්නාවු වෙනත් බලවේගත් සංකේතත් තිබේ. නුඹ ඒ සියල්ල දත යුතුය. වන්දනා මාන කල යුතුයි පිලිගත යුතුය.
+ ඒවා කිමෙක්ද ?
– රුද්‍රාක්ෂ ගැන කුමක් දනිත්ද ?
+ අසා තිබේ
– ගැමුණු රජුනි ඔබ සතුව ඇති රැද්‍රාව කොහින් ලැබුනක්ද ?
+ ඒ මා මලය රටදී ලැබුණකි
– කාගෙන්ද ?
+ ඒ මා නොදනිමි භාවනාව පුහුණු කල කාලයේදීයි. ඒද මා සිතුවේ සිහිනයක් සිතායි නමුත් භාවනාව අවසන්ව දෑස හරිත්දී රුද්‍රාව මා ඉදිරියේ විය.
– හොදමයි සිහිනය කුමක්ද ?
+ ම්.. භාවනාවෙන් සිත සැහැල්ලු වන ආකාරයක් පලමු වෙනි වතාවට දැනුනේ එදිනයි. සුදු පැහැති ආලෝකයක් තිබුනු සෞම්‍ය ලෝකයකට පිවිසුනාක් මෙන් දැනුනා. ගතින් නම් නොවෙයි සිතින්.. මනසින්. වළාකුල් වලටත් ඉහල් අහසෙහි සිට නොපෙනෙන පොලව දෙස බලා සිිටියා මතකයි. එවේලෙහි මා දෙස තවෙකුන් බලා සිටිනු මා දුටුවා.
– හ්ම් කවුරුන් වාගේද
+ මින් පෙර දැක නැති අයෙක්. වයෝවෘද වුවත් දෑස් ත්‍රීව්‍රයි. අතෙක පැන් කෙන්ඩියක් තිබෙනු දුටුවා අනෙක් අතෙහි නව ගුණ වැලක් බඳු මාලයක් තිබුනා මතකයි. එහෙත්..
– ඇයි එහෙත් ..
+ එහෙත් ටික වෙලාවකින් පැන් කෙන්ඩිය තිබුන අතෙහි තිබුනේ සියපතක්.. අනෙකෙහි කුමක් හෝ පුස්තකයක්. ඔවු ඒ වා මාරුවෙමින් තිබුනා. ඒ නිසාවෙනුයි මා ඒ සිහිනයක් යැයි වඩාත්ම සිතා ගත්තේ
– එයින් පසු ?
+ එයින් පසු ඔහු මා සමීපට පැමිනියා. මුහුනෙහි සුදු රැවුලක් තිබුනා .. අහා ඒම සිහිනය.. ඔහු හිස සොලවත්දී මා දැක්කේ හරියටම ඉස් හතරක් වගේයි හතර දිශාවට යොමු වුන. යෝගී වරයෙක්. නැති නම් තපස්වරයෙක් විය යුතුයි. මා භාවනාවෙන් යම් කිසි තලයකට පැමිණ ඇතැයිද සිතුනා එහෙත් දකින සියල්ල සිහිනයක් මයි.
” කුමරුනි නුඹට අවශ්‍ය කුමක්ද ” ඔහු මගෙන් අසා සිටියා.
– අසා සිටියා … !
+ නැත නැත වදනුකුදු පිට කලේ නැත එහෙත් සිතුවිලි වලින් අප අතර කතාබහක් තිබුනා..
– ඉදින් ඔබ ඉල්ලුවේ කුමක්ද ?
+ සැබැවින්ම මාගේ සිතෙහි තුබුනේ එකම බලාපොරොත්තුව රට එක්සේසත් කර ගැනීමයි.. ඉදි්න් එය පැවසුවා..
” මා හට අවශ්‍ය වන්නේ මාගේ මේ හෙළය ඒකඡත්‍ර කොට බුදුදහම නැවත නගා සිටුවීමටයි. ඒ හැර මාගේ ජීවිතයේ වෙනත් කිසිදු ප්‍රාර්ථනාවක් නැත”
– ඉන්පසු
+ ඔහු සිනාසී..! එය එසේම වේවා යි පතන්නෙමි දරුව ….!යි පවසා අතෙහි වු රුද්‍රා මාලගේ ගැටය ලිහිල් නොකටම එහි ඇට එක් කොට තිබුන ප්‍රධාන ම රුද්‍රාව මා හට ත්‍යාග කලා.. එය ගෙලෙහි පළදින ලෙසත් සිව නම් දෙවියකු මූලිකව විශ්වාසය තබන ලෙසත් පැවසුවා..
– මා ඔබට පැවසුවක් මෙන් .. ම…
+ ඔහ් හෝ… දැන් මට පැහැදිලියි ථේරපුත්තාභයනි.. දැන් මට පැහැදිලියි ඔබ පැවසුවාක් මෙන් හරියටම රුද්‍රාක්ෂ එකසිය අටක් වූ මාලයයෙහි ඒ එකසිය අට එකට අමුණා ගැට ගසනා ප්‍රධාන රැද්‍රාව ….! ඔවු ඒය තමා මා හට දුන්නේ..
– හ්ම්. ඒ පැමිණියේ කවුරුන් කියාද සිතන්නේ.. තවමත් සිහිනයක්ද රජුනි.
+ නැත මා පෙර පැවසුවක් මෙන් ම , මා එහිදී දෑතින්ම වැද එය පිලි ගතිමි. එහෙත් සිහිනයකැයි සිතා දෑස් හැර බැලීම්.. රුද්‍රාව මා ඉදිරියෙහි විය.
– මුහුණු කීයක රුද්‍රාවක්ද ?
+ මුහුණු ??
– ඔබ නොදනිත්ද එය.
+ කුමක්ද ? නොදනිමි
– රැද්‍රාවක ට මුහුණු ඇත. ඒ එකෙහි සිට විසි එකක් දක්වා තිබේ.එ හෙත් එකෙහි සිට දහය දක්වා මහා බලයක් පිහිටනු ලබයි. බොහොමයක් රුද්‍රාවන් දුලබය. එක් එක් මුහුණකින් ඒ ඒ රුද්‍රාවෙහි බලය කියැවේ..
+ ඔහු එසේ නම් මා සතුව… ගැන බලන්නෙමි… දහයකි..! හරියටම මුහුණු දහයකි..!
– මා සිතූ සේමය…. ! නව ගුන වැල පිළිබදව නුමට මතකැතැයි සිතමි.. අප නව දෙනා දොසොස් වතාවක් මෙලොව පහල වන්නාහුය ඒ සිද්ධි කිරීමට පහලවීම් ගුණාකාර අනුව එකසිය අටක රුද්‍රාමාලාවක් රාවණය්න් නිපදවීය. එහි සැබැවින්ම රුද්‍රාවන් එකසිය අටක් නොව නවයකි. එනම් එකසිය අට එකතු වන තැන අලලා ඒ සියල්ල එක් කොට ඇති බලගතු රුද්‍රාවයි. ඒ නුඹට ලැබී ඇත..! ඉදින් අප ශක්තීන් සියල්ල එක් කිරීමේ ශක්තිය නුඹට ලැබී ඇත්තේ මීට බොහෝ කලකට පෙරය. නුඹ විසින් සිදු කල ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වෙමින් පවතී.. එය එසේම වේවා ..!
+ එසේනම් ඒ පැමිණියේ කවුරුන්ද ?
– අන් කවරකුත් නොව ත්‍රි මූර්තියේ මේ ලොව නිර්මාණකරු ලෙස හදුන්වන්නා වූ දසිස් රාවණ මහ රජාණන් වහන්සේගේ මුත්තනුවන්ගේ පියා වූ ද මහා බඹුන් ම ය ..!
====================
– කුරුළු -

===== දසිස් 14 =====

( දහතුන් වන කොටස හා සබැඳි )
==============================
+ එසේනම් බුද්ධත්වයට පත්වන්නේ කුමක් සම්පූර්ණ වූ පසුද ?
- කුමක් වත් නැත. තමන්ද මෙසේ බුදුවරුන් මුණ ගැසීත් නිවන් අවබෝදයට ඉඩ නොතබා සසර ගමන සැරි සරන්නේ හුදෙක්ම මේ බුදුවීම යන සාධු චේතනාවෙන් බව සිතා ඒ චේතනාවද අතහරින්නාවූ යම් මොහොතක් වේද ... ඒ ඇසිල්ලෙහි හෙතෙම සත්‍යාවබෝධයට පත්වන්නාහුය. සොබා දහමේ නවයක් විද්‍යා නිසඟයෙන් අවබෝධ වන්නේමය. මේ සසර ගමනෙහි මෙත්ක් පැමිනි මග පිළිබද මනා දැනුමක් පිහිටන්නේම.. සාරාසංක්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් පිරීමට වුව එක් සාධු චේතනාවක් සැහෙන බවත් ඒ ද නැතිව අනෙකුත් ක්ලේෂයන් පසු පස දුවන්නන්ගේ සසර ගමන කොතරම් දුක්ඛ දුර ගමනක්දැයි අවබෝධ වන්නේමය.. නිවන යනු දෑස් පියා නිදා ගැනීම නොව ..
රජුනි ..!
" නිදා සිටි මහා නින්දෙන් අවදි වීමයි ." ..!
----------------------------------------- අද එතැන් සිට
+ සාධු ථේරපුත්ථාභයනි සාධූ... එසේනම් මේනව විදයාවන් යනු පරම පිරිසිදු හක්තීන් පිළිබඳව එක් තැන් වුන දැනුමයි. ඒ යුද්ධයට බාවිත කිරීම කෙසේද ?
- එය නුඹ නුදුරේම උගෙනු ඇත. එහෙත් ඒ ශක්තීන් සියයට සියයක් සම්පු්ණ වහයෙන් ඔබට නොලැබෙන්නෙමය. මක් නිසාද ඒ දැරිය නොහැකි තත්වයකි. දැරිය හැක්කෙ මහා නිකුම්බිලා දේවීන්ටත්. දසිස් රාවණයන්ටත් පමනි..
+ එසේනම් බුදුන්
- බුදුවරයෙකු මේ විදයා නවය කිසිවිටෙක අනුන් උදෙසා යුද්ධයකට නොයොදයි. තමන් තුල යක්ෂයා ජය ගැනීමට පණක් යොදවයි.
+ නවයක් වූ විද්‍යා ඇවෑමෙන් දසිස් නම්.. ඒ සදහා නුඹලා විදයා නවයක් එක් කොට අශෝක සමයේදී ග්‍රන්ථ රචනා කලේත් නම්.. ඒ ඒ ලෙසම බුද්ධත්වයේත් හැදින්වේද ? නැතහොත් ඒ නවයක් වු ශක්තීන්ට වෙනත් නම් යෙදේද ?
- රජුනි මෙවර අප නන්දිදමිත්‍ර, සුරනිර්මලය, මහාඝොණය, ගොඨයිම්බරය, භරණය, වේළුසුමණක, එසේම ඛඡ්ච දේව, ථූස්ස දෙවය, ලභිය වසභය ලෙසෙින පහල වී සිටින්නෙමු, කලෙක අප සතර වරම් දෙවි වරු ලෙස පහල වූවෙමු, අශෝක සමයේදි නමක් නැත.විදයාවන් නවයට නමක් දීම ඒ ඒ කාලයට අනුව සිදුවන්නෙකි. නාමය කෙසේ වුවත් ශක්තිය නොසිදි පවතින්නෙමය.
+ හොදයි බුදුන් වහන්සේ සතු ඒ නවයක් විදයාවන් එසේත් නැත්නම් නවයක් ශක්තීන් කෙසේ හදුන්වමුද
- ඒ නවයක් වූ ගුණ හෙවත් " නව අරහාදී බුදු ගුන " නම් වේ.. !
+ අසා ඇත කියා ඇත, වැඩි දුර විස්තර දැනගත හැකිද ?
- මේ අරහං - සම්මා සම්බුද්ද - විජ්ජාචරණ සම්පන්න -සුගත - ලෝක විඳු - අනුත්තරෝ පුරිස ධම්ම සාරථී - සත්තා දේවමනුන්සානං - බුද්ධෝ සහ භගවා නම් වන නව අරහාදි බුදු ගුණයන් මා පෙර පැවසූ අප විසින් එක් කොට ලියා තබන්නාවූ නවයක් විද්‍යාවන් දැනුම අනුව සසඳා බල්න්න රජුනි. මා මේ ගුන නවය විස්තර කරන්නම් එකින් එක. යම් යම තැන් වල වෙනසක් පවතින්නේ
බුදුන් වහන්සේ තුල ඇති මේ විදයාවන් තමන් තුලටම එල්ල වූ දැකීමක් බැවින් යැයි නැවත කියමි.
+ එහෙමයි
- අරහං
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ බැවින් ද, සියළු ක්ලේශයන් දුරු කළ බැවින් ද, මිනිස් දෙව් බ්‍රහ්ම යන සියල්ලන්ගේ පූජාසත්කාර පිළිගැනීමට සුදුසු බැවින් ද, අරහං නම් වන සේක

දෙවැන්න සම්මා සම්බුද්ධෝනම්ය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූ ද, අයත් නොවූ ද සියල්ල උපදෙස් රහිතව, තමන්වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

තෙවැන්න විජ්ජාචරණ සම්පන්නෝ නම්ය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් ද, පසලොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සිවුවැන්න සුගතෝ නම්ය
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිලිවෙත අනුගමනය කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන බැවින් ද සුගත නම් වන සේක.

පස්වැන්න ලෝක විදූ නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට, සියල්ල දැන ගත් බැවින් ලොක විදූ නම් වන සේක.

+මේ ලෝක තලයෙත් ඉන් එපිට සක්වාතලයෙත් යා කරමින් අදහස් අත් දැකීම් දැනුම හුවමාරු ක්රටම අයත් සන්නිවේදනය නම් න්රකඹ විසින් පස්වෙනියට මා හට විස්තර කල විදයාව යැයි සිතමි...

- සයවැන්න අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ, ජාතිමාන, බලමාන, ධනමාන ආදියෙන් මත් වූ, මුළා වූ සත්වයින් දමනය කොට, ඔවුන් සුමගට පමුණුවන්නන් අතරින් අග්ර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.

+ ජනයා එක් කිරීම ඇමතීම පණිවුඩ නිසියාකාරව ගෙනයාම විධිමත් ක්ර මෝපාය හා මානසික විද්යාාව සමග යුධ උපක්රම සමඟ කටයුතු කරන ආකරය පිලිබද දැනුම එක්රැස් කිරීමයි. ඒ “සියලු විද්යාරවන්ගේ වඩාත් භයානක වන්නේ මහජන මතයේ හැඩගැස්වීමි ඇතුලත් . මුළු ලෝකයම පාලනය කිරීමට යමෙකුට ඉඩ සලසන්නා වු ලෙස ඔබ විසින් මා හට පවසන ලද ප්රාථම විද්යාාව නම් යැයි සිතමි.

- සත්වැන්න සත්ථා දේවමනුස්සානං නම්ය
භාග්ය වත් බුදුරජාණන් වහන්සේ දෙව් මනිසුන්ගේ මෙලොව, පරලොව යහපත පිණිස හා නිර්වාණ ප්ර තිලාභය පිණිස අනුශාසනය කළ අපගේ ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

+ පවත්නා හෝ පැවතිය හැකි වන්නාවූ සමාජය පිළිබදව හැදැරීමේ විද්යාවව සමාජය පාලනය , වෙනස් කිරීම සමගින් එම සමාජයේ පරිනාමය පිලිබදව දැන හැකි ශාස්ත්රද ඇතුලත් මේ උගත් තැනැත්තාට දිවැස ලැබී ඉන් අනාගතය පිළිබදව ශාස්ත්රප – අනාවැකි කියැවීමේ හැකියාව ලැබෙනු ඇතැයි කී නව වන විදයාව විය හැක.

-අට වැන්න බුද්ධෝ නම්ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්යබ තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන, ලෝකයාට ද අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

නව වැන්න භගවා නම් ය
භාග්යනවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.
+ පැහැදුනි ථේරපු්තථාභයනි පැහැදුනෙමි
====================
- කුරුළු -